Tuesday, September 20, 2016

සැඟවී ගිය සහ මා සිත් ගත් ලිපි වලට අළුතින් යමක් මෙන්ම පසුගිය ලිපි කිහිපයක් ගැන පසුවිපරමක් ....

මෙම ලිපියෙන් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙතෙක් පළ වූ ලිපි රැසක සාරාංශගත පසුවිපමරක් නැත්නම් ආවර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙමි. එහිදී පාඨක ප්‍රතිචාර බෙහෙවින් ලද හා බලපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණ ලිපි ගැන මෙන්ම  එම ලිපි ලියූ මාගේ සිත් ගත් ලිපි කිහිපයක් ගැනද මෙහි සදහන් කරමි. 

මුලින්ම බලමු මීට කාලයකට පෙර මෙම බ්ලොග් අඩවියේ වැඩිපුරම කියවපු ලිපි මොනවාදැයි කියා.  (මෙම රතුපැහැයෙන්/අළු පැහැයෙන් දක්වා ඇති සබැඳියන් හරහා ඔබට අවශ්‍යනම් ඒ අදාල ලිපියට ප්‍රවිශ්ඨවීමේ හැකියාවද තිබෙන බව සදහන් කරමි).

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion) - අවුරුදු 100 කටත් වඩා ඈත කාලයේදී සිදුවූ අභිරහස් පිපුරුමක් ගැන ලියවුන ලිපියට ඉතා හොද ප්‍රතිචාරයක් ලැබුනා. මිනිසුන් ස්වභාවයෙන් තමන් මෙවන් අනතුරුවලට ලක්වෙන්නට අකමැතිවුනත් පිපිරුම්, අවි ආයුද වලට ඇති කැමැත්ත මේ වගේ ලිපි ඉක්මනින් ජනප්‍රියවන්නට හේතුවක් වන්නට ඇතුවාසේම ඒ වන විට නොදැන සිටි කාරණයක් නිසාත් ලිපියට හොද ඉල්ලුමක් තිබුනා.මේ ආකාරයේම තේමාවක් තිබුන ලිපියක් තමයි
කාලයක්ම සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩි කාලයක්ම වැඩියෙන්ම කියවූ ලිපිය,  එක් දිනකදී වැඩියෙන්ම කියවූ ලිපිය, මුල් වරට එක් දිනකදී වැඩිම පාඨකයන් ප්‍රමාණයක් පැමිණි දිනය සටහන් වූ ලිපියත් මෙයයි.

ඒ වගේම මුල් වරට සත් සමුදුර අඩවියේ 100 දෙනෙකු කියවූ ලිපිය ගැනත් කියන්නම් ඒ තමයි කෙවින් කොස්ට්නර් රඟපෑ චිත්‍රපටි කිහිපයක් ගැන සදහන් කළ වැඩිය හිනා වෙන්නේ නැති නළුවෙකුගේ ‍හොද පික්චර් කිහිපයක්..... ලිපිය.

පේරු රටේ නස්කා රේඛා ගැන ලියවුන් මහ‍ පොළොව මත ඇදි අබිරහස් සිතුවම් ලිපියත් හොද ප්‍රතිචාර සේම මාගේද සිත් ගත් ලිපියක්.

සුන්දර ටජ් මහලේ නොදත් තතු, මේ ලිපිය සත් සමුදුර බ්ලොග් අඩවිය පවතින තාක්කල් කෙසේ අමතක කරන්නද? සුන්දර ටජ් මහලේ නිර්මාණය පිළිබදව සහ සංකේතාත්මකව කුමන සංස්කෘතියකට අයත් දැයි ගවේෂනාත්මකව සොයා බැළු කරුණු පිළිබදව ගෙන ආ ලිපිය කොටස් හතරකින් යුතුවූ අතර දිගුකලක් හොද ප්‍රතිචාර ලද සහ මා සිත් ගත් ලිපි අතර ප්‍රමුඛස්ථානයේම තිබෙන ලිපියකි.

කෘතහස්ථ සිනමාවේදියෙකු වූ මාලන් බ්‍රැන්ඩෝ ගැන සහ ඔහුගේ නම සමග නිතැතින්ම කියවෙන The God Father චිත්‍රපටි ත්‍රිත්වය ගැන ලියවුන ලිපි හතරක් වන The Godfather - “The Greatest Movie of all time” ලිපි හතර ගැනත් මේ මොහොතේ කිව යුතුයි.

සෝවියට් දේශයේ ස්ටාලින් යුගයේ පැවතුනා යයි පැවසෙන මිනිසුන් රදවා බලහත්කාරයෙන් කටුක ලෙස වැඩගත් කඳවුරු වන ගුලාග් කඳවුරු ගැන ලියවුන ලිපි ත්‍රිත්වය ගැන සදහන් කරනවා නම්, මේ ලිපි ත්‍රිත්වය එතරම් පාඨක සිත්ගත් ලිපි වූයේ නැහැ. කෙසේවෙතත් මේ ලිපි ලිවීමට නම් මා සෑහෙන්න පරිශ්‍රමයක් දැරූ බව නම් පවසමි. මේ එම ලිපි ත්‍රිත්වයේ පළමුවැන්නට සබැඳියයි - Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy a.k.a. ගුලාග් (GULag)

එසේම මෙම ගුලාග් ලිපියේ සදහන් කළ ඇතැම් කරුණු පිළිබදව යම් දෝශ සහගත තත්ත්වයන් වසර දෙකකට පමණ පසු දුටු විට එය නිවැරද කර මෙම ලිපිය පළ කළෙමි. කලකට පෙර පළ කළ ගුලාග් ලිපියේ කරුණක් නිවැරදි කිරීම සදහායි

මේ ලිපි ත්‍රිත්වයට පසුව සයිබීරියාව පිළිබදව ලියවුන Sibir හෙවත් Sleeping Land ලිපියටත් හොද පාඨක ප්‍රතිචාර ලැබුනා.

සුප්‍රකට බොක්සිං ක්‍රිඩක මොහොමඩ් අලි ගැන ලියවුන ලිපි ද්විත්වයක් වන "Float like a Butterfly, Sting like a Bee" ලිපි එදාට වඩා අද වටිනාකමක් තිබේ යයි සිතන්නේ මෙම ශ්‍රේෂ්ඨ මිනිසා අද අපි අතර ජීවතුන් අතර නොමැති නිසාවෙනි. තවද මේ ලිපියට එදා මා භාවිතා කල මාතෘකාව එතරම්ම සාර්ථක නොවූ බවක් පසුව හැඟුනි. මන්ද ලිපියක ජනප්‍රියතාවයට හෝ එය වඩාත් පාඨක ආකර්ශනය දිනා ගැනීමට එයට යොදන මාතෘකව දැනෙන එකක් විය යුතුය. ඒත් එදා මට වඩාත් සුදුසු යයි සිතුන මෙම "Float like a Butterfly, Sting like a Bee" යන්න ලිපියට වඩාත් ගැලපුනත් එය පාඨකයන් එතරම් සිත්ගත් මාතෘකාවක් යයි මා හට නොසිතේ.

විසිවන සියවසේ බිහිවූ අද්විතීය දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ සිරුරු මමිකරණයට ලක්කිරීම ගැන කියවුන විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century ලිපි දෙක ගැනද පවසමි. සුන්දර මාතෘකාවක් නොවූවද සැඟවුන කාරණා රැසක් පිළිබදව පවසන්නට ලැබුන මෙම ලිපි දෙක මා ඉතා කැමැත්තෙන් ලියූ ලිපි දෙකකි.

ඇමරිකාවේ රෂ්මෝර් කන්නේ නෙලා ඇති එරට ජනපතිවරුන් කිහිපදෙනෙකුගේ පිළිරූ ගැන ලියවුන 
රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද???? ලිපිය ගැනද යමක් පවසමි. සිත්ගත් කාරණාවක් පිළිබදව මෙම ලිපිය පසුව සඟරාවක් කරණා මහතෙකුගේ ඉල්ලීමට එම සඟරාව වෙනුවෙන් ආකෘතිය වෙනස්කොට ඒ අවධියේ ලබාදුනෙමි. මිලට අලවිකරණ ලද එම සඟරාවේ කතුවරයා ඒ අවස්ථාවේ එම ලිපියට සාධාරණ මුදලක් ලබාදෙන බව පැවසුවත් අදටත් ලැබුන මුදලක් නොමැතිය.

පිරමීඩ ගැන ලිපි හතර මේ මොහොතේ මතක් නොකර සිටීනම් එය ඉතා අඩුවකි.  පිරමීඩ ඉදිකරන්නට සේම මේ ලිපි හතර ලියන්නටද සෑහෙන්න වෙහෙසක් දැරූ බව පවසමි - පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි... (Lets we talk about the Pyramids)

මා සිත් ගත් තවත් තේමාවක් නම් රටවල් පිළිබදව හැදෑරීමයි. ඒ නිසා ඒ පිළිබදව ලිපි දෙකක් පළ කළෙමි. එහෙත් ඉන් අනතුරුව මේ පිළිබදව ලිපි ලිවීමට නොහැකිවූවත් අනාගතයේදී තවත් රටවල් ගැන ලිපි ලිවීමට බලාපොරොත්තුවෙමි. ලිබියාව සහ ඊශ්‍රාලය ගැන එසේ ලිපි දෙකක් ලියා තිබේ. මේ ලිපි දෙකට හොද පාඨක ප්‍රතිචාරයක්ද ලැබුනි.

ඉතාම අමිහිරි සහ නැවත ආවර්ජනය කිරීමත් සංවේගදනවන මාතෘකවක් වූ පොල්පොට් (ආසියාවේ හෘදසාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් හෙවත් Cambodian guerrilla (the Khmer Rouge) commander Pol Pot)ගැන ලිපියත් කරුණු සෑහෙන්න සොයා බලා ලියූ ලිපියකි.

මා බෙහෙවින් ප්‍රියකළ ලිපියකි රහස් පරීක්‍ෂකයෝ පාවිච්චිකරපු Gadget - The Most Interesting Spy Gadgets ලිපියත්

මෙය නම් මා කැමැත්තෙන්ම සඟරාවක් වෙනුවෙන්ද පසුව ලබා දුන් ලිපියකි. ඒ රේඩාරය සොයා ගැනීමට පෙර ගුවන් යානා හදුනාගත් හැටි - (Locating Device Before Radar Invented) ලිපියයි. මෙම ලිපිය ගුවන් හමුදාව විසින් සම්පාදනය කරන සඟරාවක් වෙනුවෙන් ඉල්ලා සිිිටි අතර එය මා එහි සම්පාදක මහතාට නොමිලයේම ලබා දුනිමි පසුව එහි මෙම ලිපිය පළවූ පසු එහි පිටපතක් මා වෙත තැපෑලෙන් එවා තිබූ බව සතුටෙන් මතක් කරමි. තවද රේඩාරය පිළිබදව ලියූ ලිපිය ගැනද නොපවසා ගියොත් අඩුවක් නිසා එම ලිපිය ගැනද සදහන් කරමි - රේඩාරය සොයා ගත්පසු - After Radar Invented...

මේ ලිපිය පළකළේ සෑහෙන්න පාඨක ප්‍රතිචාරයක් ලැබේවි යන් බලාපොරොත්තුවෙනි. එහෙත් එතරම් ප්‍රතිචාරයක් නොලැබුනද මා සිත්ගත් ලිපියක් ලෙස ගෑස් මුහුණු ගැන ලිපියද මෙහි සටහන් කරන්නෙමි.
ගෑස් මුහුණු ගැනත් මොන මොනවහරි දැනගමු - Something know about GAS MASKS

මා වෙහෙසක් නොදැරූ ලිපිය  දෙකක් ලෙස ලෝකයේ ඇති දර්ශනීය ස්ථාන සියල්ල එකම තැනකදී දැක ගන්න ජපානයේ "Tobu World Square" theme park in Nikko වෙත යන්න ලිපිදෙක හැදින්විය හැකි අතර මා ප්‍රියකළ ලිපිය දෙකකි.

මේ ලිපියටත් හොද ප්‍රතිචාර සෑහෙන්න කලක් යනතුරු ලැබුනි - ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර් - Top Military Helicopters in Battlefield.

පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city of mysteries) ලිපිය මා ඉතා සිත් ගත් ලිපියක් සේම පාඨක ප්‍රතිචාරද ඉහළින් ලැබුනි. තවද ඕස්ට්‍රේලියාවේ නොමිලේ බෙදාහරින සඟරාවක් වෙනුවෙන් එහි සම්පාදක මහතාගේ ඉල්ලීම පරිදි නොමිලේ ලබා දීමටද එවකට කටයුතු කළෙමි. තවද මේ වසරේදී මේ පෙට්රා නිර්මාණය පිළිබදව තවත් නව තොරතුරු කිහිපයක්ම මා හට ලැබුන අතර අවස්ථාව ලද විටෙක ඒවාද ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි.

මාගේ රථවාහන පිළිබදව දැනුම ඉතා අල්ප යුගයකදී එහෙත් මූලාශ්‍ර රැසක් පරිශීලනයෙන් පසුව ලියවුන 
දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Vehicles - 'Car of the Era' ලිපිය එදාටත් වඩා අද ගැලපෙන්නේ යයි සිතමි.

දෙවන ලෝක යුද්ධයේ වර්ණ සේයාරූ කිහිපයක්ද සමග පළ කළ වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War Pictures ලිපිය මා කිසිදු අයුරකින් පාඨක සිත්ගත් ලිපියක් වෙතැයි නොසිතුවෙමි. එය දහවල් දොලහේ කෑම පැයට ඔන්න මෙන්න තියා පළ කළ අතර දහවල් එක වන විටත් සෑහෙන්න පිරිසක් නරඹන්නට පටන්ගෙන තිබුනි. එය කාලයක් යනතුරුම සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩියෙන්ම නරඹන ලිපි අතරට එක්ව තිබූ අතර මෙයට වඩා සවිස්තරාත්මකව දෙවන ලෝක යුද්ධය ගැන ලියවුන ලිපි මෙහි ඇතිමුත් මෙය මෙතරම් පාඨක සිත්ගත්තේ ඇයි දැයි තවමත් නොවැටහේ.

ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana ලිපියෙන් කියවුනේ අප කවුරුත් අකමැති, එහෙත් ජීවිතේ කවදාහෝ අන්තිමයටම සැතපෙන්නට සිදුවන මිනිපෙට්ට් විශේෂයක් පිළිබදවයි. අසුන්දර තේමාවක් වුවත් අප්‍රිකාවේ ඝානාවරුන්ගේ නිර්මාණාත්මකබව පිළිබදව මෙයින් කියවුනි.

පාසල් යන කාලයේදීම කුතුහලයෙන්, ත්‍රාසයෙන් යුතුව කියවා දැන සිටි ඊශ්‍රායලයේ වීර සෙබළුන් පිරිසත් තම රටවාසීන් පිරිසක්, උගණ්ඩාවේ ප්‍රාණ ඇපකාරයන් ලෙස රඳවා ගෙන සිටියදී තම දක්‍ෂතාවයත්, උපක්‍රමශීලීත්වයත්, ධෛර්ය යනාදී සියළු ගුණාංග ඒකරාශී කොට සිදුකළ මෙහෙයුමක් පිළිබදච ලියූ ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල විශිෂ්ඨතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම - Operation Entebbe - Israel’s Lightning Strike ලිපියද මා ලියන ලද ලිපි අතර මා සිත් ගත් ලිපියකි.

දුම්වැටි පිළිබදව මේ අවධියේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාවකි. එහි ඇති අනිටු ප්‍රතිඵල ජාතික වශයෙන්ම අත්විදින්නට සිදුව ඇති අභාග්‍යයකි. වර්ථමානයේ පරපුර විශාල වශයෙන් දුම්වැටිවලින් බැහැර වීම එක් අතකින් සතුටට කාරණයකි. කෙසේවෙතත් දශක කිහිපයකට පෙර දුම්වැටි සමාගම් කෙතෙක්දුරට සිය ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියේද යන්න මේ ලිපිය හොද උදාහරණයකි - පි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙළද දැන්වීමක් - Days when the doctors suggested to smoke!


ඇමරිකාවේ ලිබර්ටි පිළිරුව ගැන ලියූ ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty Enlightening the World අදටත් මා ප්‍රිය කරණ ලිපියකි.

සමාජ රෝග පිළිබදව 30/40/50 දශක වල ප්‍රචාරයට ලක් කළ පෝස්ටර් රැසක් පිළිබදව වූ ලිපියක් වන 
අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters ලිපිය හා පසුව බෙහෙවින් කරුණු පරිශීලනය කොට ලියූ සිෆිලස් රෝගය පිළිබදව ලියූ  ලිපි දෙකක් වන යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - ලිපි පිළිබදවද මෙහිදී සදහන් කරමි. නොදත් කරුණු රැසක් මෙම ලිපි දෙකේදී ඔබ මෙන්ම මාද මෙම ලිපි සම්පාදනයේදී දැනකියාගත් අතර ඉහල පාඨක ප්‍රතිචාරයක්ද ලැබුනි.

අසාර්ථක වූ පරිභෝජන උපකරණ රැසක් පිළිබදව වූ සේයාරූ ඇති මෙම ලිපියද බොහෝදෙනෙකු කියවා බැළු ලිපියකි  මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල, සුනඛ එන්ජින් යෙදූ වාහන, වැකුම් ක්ලීනර් පියානෝව..

මෙය ලිපි පෙලක් කියුවත් වරදක් නැහැ. ලිපි පහක් පමණ පළ කළ මෙයින් යුද තත්ත්වයන් සදහා නිර්මාණය වී පසුව අපගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට ඉතා වැදගත්වූ උපකරණ රැසක් පිළිබදව මෙයින් අපදැනුවත් කළා.
සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime -

එක් අවස්ථාවක් පැමිණීයා කිසියම් තාක්‍ෂනික දෝශයක් හේතුවෙන් සත් සමුදුර බ්ලොග් අඩවිය ඇතැම් විට මියයන්නට පවා හේතුවිය හැකි තත්ත්වයක් උදාවූ එදා ඒ පිළිබදව ඔබට මා දැන්වූ ලිපිය මෙයයි. 
එසේම  මේ අසීරු අවස්ථාවේ මා සමග සිටි සහ එය නිරාකරණය කරන්නට උදව් උපකාර කළ සියල්ලන්ටම නැවතත්තු අදද තුති පුද කරමි.

2012 වසරේ සිදුවිය හැකි යයි විශ්වාස කළ ලෝක විනාශය ගැන ඔබට මතකද? මේ එය සම්බන්ධයෙන් ලියවුන ලිපි පෙළ පිළිබදවයි. සත් සමුදුරේ ඉහළම පාඨක ප්‍රතිචාරයක් ලද මෙම ලිපි පෙළ කාලයක් යනතුරුම වැඩියෙන්ම කියවූ ලිපි අතර පෙරමුණේද පසුවූ බව මතක් කරමි.
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු
මෙයට සියවසකට පමණ පෙර පවා මිනිසුන් ජීවත්ව සිටියදී සේම මරණය සිදූවූ අවස්ථාවේ නිර්මාණය කරවා ගත් සිය මුහුණේ වෙස් මුහුණ පිළිබදව පැවසූ අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask වෙනස් ආකාරයක අත්දැකීමක් ලබාදුන්නකි.

ඡායාරූප වලින් රැගෙන එන පණීවිඩයට එදා අද සහ හෙට යන කවදටත් මම කැමතියි.  වචන අකුරු වලින් කියන දේ වගේම මේ සේයාරූවලින් ක්‍ෂනිකව ලබාදෙන නිහඬ කථනය මා ඉතා සිත්ගත් දෙයක්. ඒත් මෙවැනි ලිපිවලට පාඨක මිතුරන් කිහිපදෙනෙකුම එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. මේ එවැනි ලිපියක්.
ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers . වචන නොමැතිවූවත් බ්ලොග් අඩවියේ ඒකාකාරීබව නැති කරන්නට මෙම ලිපි උපකාරීවූ බවක් මම සිතනවා. කොහොමවුන්. මේ ලිපියත් සමග පළවු අදහස්වලට යමක් කියන්නට මටත් සිදුවුනා.මේ එම ලිපියයිකතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්...

ඉන් අනතුරුව ලිපි 6 කින් පමණ යුතුවූ දීර්ඝ ලිපි පෙලක් ලියුවා ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් හා එම සමාගම පිළිබදවත් - හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව

රෝම යුගය පිළිබදව ලියූ මෙම ලිපියත් දැන්නම් අමතකවූ ලිපියක් ලෙස මා දකිනවා - යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

අදටත් මෙම බ්ලොග් අඩවියේ සයවැනි ස්ථානයේ වැඩියෙන්ම කියවූ ලිපි අතර රැදී තිබෙන්නේ වසර 5 කට ආසන්න වශයෙන් පැරණි යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israel ලිපියයි. මෙයට ඇමුණුමක් ලෙස පෙර ලිපියට තවත් ඇමුණුමක්... Iran Vs Isrel - Part 2 ලිපිය ගෙන ආවත් එය පෙර ලිපිය තරම්නම් ආකර්ශණයට ලක් වූයේ නැහැ.

ඉන්දියාවේ සාමන්‍ය මිනිසුන්ගේ ජීවිතය, සමාජ මට්ටම්, ඇදහිලි සහ විශ්වාස, නොදැනුවත්කම්, මුග්ධබව යනාදී කරුණු රැසක් පිළිබදව කෙටියෙන් කථාකල මෙම මේ ශාරුක් ඛාන් හෝ අයිශ්චර්යාගේ නොව ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීවිතයයි - This is not about Sharuk Khan. This is the life-style of Indian non privilege people. +18 ලිපියට විවිදාකාරයේ අදහස්, විවේචන, වාදවිවාද යනාදිය ලැබුනා. අදටත් බ්ලොග් අඩවියේ වැඩියෙන්ම කියවූ ලිපි අතර අටවන ස්ථානයේ පසුවන්නේ වසර 5 කට ආසන්මෙන වශයෙන්ම පැරණි ලිපියයි.

ලිපි කිහිපයකින්ම යුතු මධ්‍යතන යුගය පිළිබදව ලියූ රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages ලිපිද මා ඉතා කැමැත්තෙන් ලියූ ලිපි පෙලක්.

2012 පෙබරවාරියේ මා ලියූ හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII? ලිපිය පිළිබදව මා හට වඩාත් මතකයට ආවේ මීට මාස කිහිපයකට History නාලිකාව ඔස්සේ පැය කිහිපයක් පුරා විකාශය කළ Hunting Hitler වාර්ථාමය වැඩසටහන නරඹන අවස්ථාවේදීයි. හිට්ලර් හා ඔහුගේ අනුගාමිකයන්ට දකුණු ඇමරිකාවේ විශේෂයෙන් ආර්ජන්ටිනාවේ තිබූ ප්‍රභල තත්ත්වය හිතා සිටියාටත් වඩා කෙතරම්ද යන්න මේ වැඩසටහන නැරඹූ පසු තේරුම් ගත්තෙමි. එහෙත් ඔවුන්ටද 100% ක්ම හිට්ලර් එහි සිටි බවට පැවසිය නොහැකිවූයේ අදටත් එම තොරතුරු වසන් කරන්නන් එම රටවල වාසය කරන නිසාය.

2012 වසර වන විටම දෙවන ලෝක යුද්ධය පිළිබදව ලිපි පෙලක්  ලියන්නට ආරම්භ කර සිටියත් එය අවසන් කරන්නට තවම මා සමත්ව නොමැතිබව කිව යුතුයි. අනාගතයේදී නැවත එම ලිපි පෙළ අරඹන්නට අදහස් කරගෙන සිටින බවද පවසමි. මේ එම ලිපි පෙළේ ආරම්භය සනිටුහන් කළ ලිපියයි -  දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර 

එසේම මෙම ලිපි පෙලට පෙරාතුව පළ කළ හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler ලිපිටත් හොද ප්‍රතිචාරයක් ලැබුන අතර සෝවියට් සොල්දාදුවන් පැලදි ඔරලෝසු පිළිබදව පැවසීමත් සමග සමාජවාදී හිතවතුන්ගේ "ලිඛිත ප්‍රහාරයටද" ලක්වන්නට මෙම ලිපියේදී මාහට සිදුවූවා. අදටත් සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩියෙන්ම කියවූ ලිපි අතර 10 වන ස්ථානයේ පසුවන්නේ මෙම ලිපියයි.

මෙයට වඩා හොදින් මැඩම් තුසාඩ් කෞතුකාගාරය ගැන ලිපියක් ලියන්නට සිතා සිටියත් කුමක්දෝ නොහැකියාවකින් මෙපමණකින් මෙම තේමාව ගැන ලියා තබන්නට සිදුවූවා. මේ එලෙස එම කලාගාරය පිළිබදව ලියූ සටහනයි ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය.

අර කාලයක් සැරට තිබුන මුස්ලිම් ජාතිකයන්ගේ කඩවලින් බඩුමුට්ටු ගන්න එපා කියන මතය ගැන ලියපු 
මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands??? ලිපියත් මොකට සඟවනවාද? විශාල කමෙන්ටු ගණනක් ලැබුන ලිපියක් තමයි මෙය. මධ්‍යස්ථ අදහස්, කොහාටවත් නැති අදහස්, බැණුම්, අවලාද, අපහාස, ප්‍රශංසා යනාදී සෑම ආකාරයේම ප්‍රතිචාරවලින් පිඳුම්ලද මෙම ලිපිය මා සිත්ගත්තක් නොවූවත් මෙහි සටහන් කරන්නට සිතුවා.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල තිබෙන අවස්ථාවේ ලියූ ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets ලිපිය මේ අවධියේත් වඩාත පරිශීලනය වන ලිපියක්. බොහෝවිට එයට හේතුවන්නට ඇත්තෙ 2016 රියෝ ඔලිම්පික් උළෙල පැවති නිසා වෙන්නට ඇති. ඊට ආසන්න කාලයක ලියූ මෙම ලිපියට නෑකම් කියන ලිපියක් තමයි ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනුනම ඇමරිකානු ක්‍රීඩකයන් - Remarkable American athletes in Modern Olympic History ලිපිය.

ලියනාඩෝ ඩාවින්චි සහ ඔහුගේ නිර්මාණ ගැන දීර්ඝ ලිපි කිහිපයක්ම ලියු බව ඇතැම් මිට ඔබගේ මතකයේ ඇති. මේ එම ලිපි පෙළ ආරම්භකරන්නට මූලිකවන අවස්ථාවේ ලිපියයි. ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18

සිරියානු අර්බුදය අදටත් ලියාගත නොහැකි ගැටයක් වී හමාරයි. මේ එම අර්බුදය මුහුකුරා වැඩෙමින් පවතිද්දී 2012 වසරේදී තැබූ කුඩා සටහනක්. ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද?

තවත් විවාදාත්මක ලිපියක් වූ මෙයටද පාඨක ප්‍රතිචාර මිශ්‍ර ලෙස ලැබුණි. වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

කොරියන් යුද්ධය පිළිබදව ලියු ලිපි පෙළත් මා සෑහෙන්න වෙහෙසී කරුණු සොයා බලා ලියූ ලිපි පෙලක් බව සදහන් කරණු කැමැත්තෙමි. නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට.

බර්ලින් තාප්පය ඉදිකිරීම හා එයින් පසුව සිදුවූ අනුවේදනීය සහ ලෝක දේශපාලනය ඇතැම් විට වෙනස් කළ සිදුවීම් පිළිබදව ලියවුන ලිපිය ගැන මටත් අමතක වෙලයි තිබුනේ. එය ලිපි දෙකක් ලෙස පළ කළ අතර මේ එහි පළමුවැන්නයි - ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර

බර්ලින් තාප්පය පිළිබදව කියවෙන විට අමතක කළ නොහැකි ඇමරිකානු ජනපති කෙනඩි මහතා ගැන ලියූ දීර්ඝ ලිපි කිහිපයත් අහක දැමිය නොහැකියි. මා ලියූ බ්ලොග් ලිපි අතරින් වැඩිම මූලාශ්‍ර ප්‍රමාණයක් හැදැරීමෙන් අනතුරුව ලියූ ලිපි මාලවක් ලෙසද මෙය හැදින්විය හැකිය. එය සත්‍යයක් දැයි ඔබම මෙම ලිපි පෙළ කියවුවහොත් තේරුම් ගනීවි යයි සිතනවා. මෙහ එහි පළමු ලිපියයි. අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... කෙනඩි ජනපති පිළිබදව මෙන්ම, කියුබාවට එරෙහිව දියත් කළ රහසිගත මෙහෙයුම් පිළිබදව, කියුබානු මිසයිල අර්බුදය,  ඔහු සතුරන් ඇතිකරගැනීම, ඔහු තුල අනෙක් ඇමරිකානු ජනපතිවරුන්ට සාපේක්‍ෂව තිබූ සාමකාමී බව යනාදී කරුණු රැසක් මෙම ලිපි පෙලට මා එක් කළා.

අවසාන වශයෙන් මේ දවස් වල වැඩියෙන්ම බලන ලිපි සහ ඒවා එසේ වැඩි අවධානයක් යොමුවෙනවා ඇත්තේ මන්දැයි මට හිතෙන විදියට සුළුවෙන් සදහන් කරමි.

වැඩියෙන්ම පසුගිය මාස කිහිපයේම බලලා තියෙන ලිපිය තමයි මීට අවුරුදු 4 කට පමණ පෙර එනම් 2012 අගෝස්තුවේ මම ලියන ලද රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? කියන ලිපිය. ඊට පස්සේ විවිදාකාරයේ ලිපි ගණනාවක්ම ලියවුනත් අදටත් දිනපතාම වැඩියෙන්ම බලන්නේ එච්චර දීර්ඝ නොමැති මෙම ලිපියයි. ගතවූ වසර පහක පමණ කාලය තුල අප රටේ රාවණා රජු පිළිබදව සහ රාවණා සංකල්පය පිළිබදව බොහෝදෙනෙක් කතාකරන්නට, ඒ වෙනුවෙන් සංවිධාන බිහිකරන්නට, සහ ඇතැම්විට අනාගතයේ හෝ සියළු දුක්කරදර වලින් ගලවා ගන්නට රාවණා රජු පහළවේදෝ යන සැකය නිසා වෙන්නට ඇති රාවණා රජ්ජුරුවෝ ගැන ඔයතරම්ම සොයා බලන්නේ. කොහොමවුනත් කමෙන්ටුත් සෑහෙන්න ලැබුන ඒ ලිපිය වාදවිවාද, අළුත් අදහස්, මැදහත් අදහස්, එල්බ ගත් මතයන්වලින් නොමිදුන අදහස් යනාදී විවිද අදහස් ලබාදී තිබුනා. එයට පිළිතුරු දෙන්නට තවත් ලිපියක්ද ලියන්නට වුනා. ඒ තමයි රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? ලිපියට නම් එතරම් අවධානයක් ලැබුන බවක් පෙණුනේ නැහැ.

මට තවදෙයක් හිතෙනවා. ඒ තමයි ලෝකයේ ගොඩක් රටවල අදටත් අතීතයේ සිටියා යැයි විශ්වාස කරණ පාලකයෙකු දීර්ඝ නින්දකින් අනතුරුව නැවත වර්ථමානයේ විද්‍යාමාන වනු ඇතැයි විශ්වාසය. එබදුම විශ්වාසයක් මහා බ්‍රිතාන්‍යයේ තිබෙන බව අසා තිබේ. ඒ තමයි මහා ආතර් රජුගේ නින්දෙන් අවදිවීමයි.

මා රාවණා රජුගේ ලිපියේදී කියුවා වගේම  ලෝ ප්‍රකට ඇමරිකානු කතුවරයෙකු වන Mark Twain විසින් ලියපු A Connecticut Yankee in Kin Arthur's Court කියන පොතෙත් තියෙන්නේ නයිට්වරුන් සතුරන් මවාගෙන ඔවුන් සොයසොයා මැඩලන්න ගියාවගේ තමයි මේ කාරණයටත් වෙනත් වෙනත් පසුකාලීන භෞතිකමය ද්‍රව්‍ය මෙයට ඈදාගනිමින්, සිතින්මවාගත් උපකථා යනාදිය තනාගෙන නොපෙණෙන අනුමාන කරන දෙයක් පසුපස ගමන් කිරීම ගොඩක් වෙලාවට පෙනෙන්නට තිබෙනවා.

ඒ එක්කම තවත් දෙයක්, ඒ තමයි රාවණා රජු සත්‍ය වශයෙන්ම සිටි පුද්ගලයෙකු හෝ පුරාවෘත්තයක් හෝ කුමක් වූවත්, රාවණා පිළිබදව ඇත්තේ අපිට ඔහු වීරයෙකු වුවත්  ඉන්දියානු ජනජීවිතය තුලදී රාවණා සැලෙකෙන්නේ දුෂ්ඨයෙකු ලෙසටයි. එහි යම් සමානබවක් කියනවා නම් සිටුවර ඩ්‍රැකියුලාගේ තොරතුරුවලටයි. එනම් පිටස්තර ලෝකයට ඔහු දුෂ්ඨයෙකු, නපුරෙකු, ඇසූ විට බිය දනවන්නා වූ කෙනෙකු වූවත් ඔහු විසූ රුමේණියානුවන්ට නම් වීරයෙක්. අප ඔහුගැන සාමාන්‍යෙයන් අසා තිබෙන්නේ දහවල් මිනීපෙට්ටියක නිදා රාත්‍රියේ වවුලෙකුගේ වෙස්ගෙන සැරිසරමින් ලේ උරාබොන රාක්‍ෂ ගති ඇති නපුරු පුද්ගලයෙකු ලෙසයි. එහෙත් රුමේනියාවන්ට ඔහු වීරයෙකු වන්නේ ඔහු එදා යුරෝපයේ වැඩි ප්‍රදේශයක් රුමේණියාවද ඇතුළුව යටත් කරගෙන සිටි ඔටෝමන්වරුන්ට එරෙහිව සටන් කළ බව සැලකෙන නිසයි. ඔහු සතුරන් මැඩලන්න භාවිතා කළ ක්‍රමවේදයන් ඉතා කුරිරු යයි සැලකෙන අතර උදහරණයක් ලෙස ඔහු සතුරන් නසන්නට ගත් සුලභම ක්‍රමයක් ලෙස උලහිදුවීම සැලකෙනවා. මෙසේ උලහිදුවන ලද්දන් එලෙසම තිබෙන්නට හැර තිබෙන අතර එය ඔහුගේ සතුරන්ගේ ධෛර්යය වට්ටවා භීතියට පත් කිරීමේ උපක්‍රමයක් ලෙසද භාවිතා කර තිබේ. ඒ ඔහුගේ බලකොටුව අවට මෙලෙස උලහිදුවන හතුරන් එලෙසම තිබෙන්නට හැර බලකොටුවට පහර දීමට පැමිණෙන සතුරු සෙබළුන්ට එය පෙනෙන්ට හැරීමෙන් ඇතිකරන මානසික පසුබෑම තුලිනුයි.

මම පසුව මෙම රාවණා ලිපි වලට පිළිතුරු සපයන්නට නොගියේ ඇතැම්විට වෙනත් ලිපි සකස් කරන්න කාලය වැයකරන්න සිදුවීම වගේම මම කියන්න ඕන දේ කියලා තියෙන නිසා තවතවත් ඒ වෙනුවෙන් කාලය වියදම්කරන එක් තේරුමක් නැහැ කියලා හිතුන නිසයි. ගිය මාසේ වෙනකම්ම පාඨක මිතුරන් රැසක් මේ ලිපියට කමෙන්ටු ලියා තිබෙන බව මා පසුව දුටුවා. ඉදිරියේදී නිමේෂයක් ලදහොත් ඒවාට පිළිතුරු දෙන්නම්.

(මෙන්න මේදේත් කිව යුතුයි. මා වරෙක මේ ලිපියේ සහ පැරණි ලිපි කිහිපයකම දුටුවා අසභ්‍ය වෙබ් අඩවිවලට යා හැකි සබැඳියන් පවා එහි කමෙන්ටු තුල සටහන් කර තිබෙන බව මා එසේ දුටු ඒවා ඉවත් කළා. කරුණාකර එවැනි සටහන් නම් නොයොදෙන මෙන් ඉල්ලා සිටිනවා)

බ්ලොග් අඩවියේ මෙතෙක් ලියූ ලිපි අතරින් සමස්ථයක් ලෙස දෙවන ස්ථානයේ තමයි මෙම රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපිය තිබෙන්නේ. වැඩියෙන්ම බලා තිබෙන ලිපිය තමයි මෘදුකාංගයක් ඇසුරෙන් ඉංග්‍රීසි බස ඉගන ගැනීමට හැකි ක්‍රම ගැන කියන ලද ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English ලිපිය. බොහෝවිට අපි කාටත්හැ ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න තිබෙන ඕනෑකම නිසාම මේ ලිපියට ගොඩක් දෙනෙක් අැළුම් කරන්නට ඇති යයි සිතනවා.භැබැයි මේ ලිපිය පරදවා ඒ තැන නොබෝ දිනකින්  රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපිය විසින් උදුරාගනු ඇතැම් අනාවැකියක් වගේ කියන්න පුළුවන්.

තුන්වන හා පස්වන ස්ථානයේ දැනට රැදී සිටින ලිපි දෙක ගැන එකවරම කියන්නම්. ඒ ලිපි දෙක නම්, 

"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults) සහ අශ්ලීල ‍චිත්‍රපටි හෙවත් නිල් චිත්‍රපටි කර්මාන්තයේ සැඟවුන අදුරු පණිවිඩයක් - Dark Message Hidden in Pornography - Adults only +18. මේ ලිපි දෙකම ස්ථානගත වන්නෙ ලිංගිකත්වය කියන තේමාව යටතේ නිසා බොහොම ඉක්මනින්ම ඉදිරියට එන්න ඇතියයි සිතනවා. මේ ලිපි දෙක ගැන වැඩිපුර යමක් කියන්නට යන්නේ නැහැ.

හතරවන ස්ථානයේ තිබෙන මිනිසුන්ට ඉතිහාසය පුරා දුන් දණ්ඩනයන් පිළිබදවයි. අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න) එ වගේම මේ ලිපිය පළමු කොටස ගැන කියනවා නම් ඒ මේ ලිපියයි, පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods).

මිනිස්සු තමන් වද බන්ධනයට ලක්වෙන්න අකමැතිවුනත් අනෙකා වදබන්ධනයට ලක්වීම නරඹන්න අසන්න කැමතියි. ලෝකයේ බොහෝ රටවල දැන් ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය හෝ වෙනයම් දඬුවම් මානුෂිකත්වය මත ලබා නොදුන්නත්  මෙම සියවසෙත් මුල් දශක වල ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දුන්නා පමණක් නොව එය නරඹන්නට හා විත්තිකරුවා වාචිකව හෝ ශාරිරිකව තලාපෙළා දමන්නට එක් රැස් වූ පිරිසත් බොහෝමයි.

ඉතින් දැන් මෙම ලිපිය අවසන් කරන්නම්. මේ පැවසූ ලිපි පමණක් නොවේ, තවත් විවිද තේමා ඔස්සේ ලියවුන ලිපි ගණනාවක් තිබෙනවා. ඒත් ඒ සෑම එකක් ගැනම නැවත නැවත කියන්න සිතුවේ නැහැ. කොහොමවුනත් මගේ දේ මම හොදයි කියන එක නොවෙයි මෙම ලිපිය ලිවීමෙන් අදහස් කළේ. ගතවූ වසර කිහිපය පුරා ලියු ලිපි ගණනාවක් සැඟව තිබෙන බවක් දුටු නිසා ඒවා ගැන සුළු මතක් කිරීමක් පමණයි මෙයින් සිදුකළේ.

ස්තුතියි!

15 comments:

  1. ඔයාගේ ලිපි ඔක්කොම වගේ මම කියවලා තියනවා. මම වැඩියෙන්ම කැමති ලෝක යුද්ධ ගැන ලියවුනු ලිපිවලටයි ටාජ් මහල් ගැන ලියවුනු ලිපිවලටයි. තව විශේෂයෙන්ම මම බලන්නැතුව අතහැර හැර තිබුන ගෝඩ්ෆාදර් විත්‍රපට මාලාව බලන්න ආස හිතුනෙත් ඔයාගේ ඒ සම්බන්ධ ලිපිමාලාව කියෙව්වට පස්සේ. දිගටම ලියන්න සුභ පැතුම්.
    ආ තව එකක් පුළුවන්නම් සයිමන් වීසෙන්තාල් මධ්‍යස්ථානය ගැනත් ලිපියක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මම ඔබ කියූ සයිමන් වීසෙන්තාල් මධ්‍යස්ථානය ගැනත් කරුණු සොයාබලනවා...

      Delete
  2. මමත් බෙහෙවින් ප්‍රිය කරන බ්ලොග් එකක්.ඔබේ සමහර ලිපි වරකට වැඩියෙන් කියවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි. යම් බ්ලොග් ලියන්නෙකු තමන් ලියනා දෙය බැළුවත් එකයි නැතුවත් එකයි යනුවෙන් පවසනවා නම් එය බොරුවක්. ඔීනෑම කෙනෙක් ලියන්නේ ගොඩක් දෙනෙක් තමන් ලියනා දෙය කියවන්නට බලන්නට පැමිණෙනවා යන බලපොරොත්තුව හා එයින් ලබනා සතුටද සමගයි...

      Delete
    2. අනිවා ඩෙෆා මේක පට්ට වටින බ්ලොග් එකක්.

      Delete
  3. නිවාඩු ලැබෙන ලැබෙන විදිහට කියවන්න ඕන ගොඩක් ඒවා මිස් වෙලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර, මේ අඩවිය සඟරාවක් වගේ නිසා කවදා හෝ කියවන්න පැමිණි විටකත් පැරණි ලිපියක් වුවත් එදාටත් ගැලපේවි...

      Delete