Tuesday, November 13, 2012

කැමරන් ලොක්කා ටයිටනික් හැදුවේ මෙහෙමයි...

ජේම්ස් කැමරන් හදපු ටයිටනික් චිත්‍රපටිය නරඹා නැත්තේ ඉතාමත් අතලොස්සක් විය යුතුයි. අද වෙනතුරුම හොද ජනප්‍රියත්වයක් වගේම ආකර්ශනයක් මෙම චිත්‍රපටියට තිබෙන බව හංගන්න බැරි දෙයක්. ඒකාලේ අපි මේ චිත්‍රපටි බැළු‍වේ අද වගේ DVD වලින් නොවෙයිනේ VCD වලින්. ඒකාලේ කොල්‍‍ලෝ අතරේ කතාවක් තිබුනා  අර ජැක් (ජැක් කියන චරිතය නේද අර ලියනාඩෝ රඟපෑවේ? ) චිත්‍රයක් අදින අවස්ථාව හරිය නම් VCD වලින් බලන කොට හිරවෙන කතාවකුත්. මොකද ඒ හරියමළු වැඩියෙන්ම බලල තියෙන්නේ. ඇත්තද දන්නේ නම් නැහැ. හැබැයි එහෙම වුනා නොවෙන්නත් බැරි නැහැ. D: 

ඒ කොහොමවුනත් අපි දැක්කේ තිරයේ ඉස්සරහ දර්ශන වුනාට ඊයේ පෙරේදා ලැබුනා චිත්‍රපටියේ තිරයෙන් පිටුපස කොහොමද මේ දේවල් වුනේ කියල දැනගන්න පුළුවන් පින්තූර කිහිපයක්. එයිනුත් හොදයි කියල හිතුන ටික ඕන්න මම දැන් දානවා..






















33 comments:

  1. අපූරැ පින්තූර ටික... ඒ දවස්වල මටත් ලාවට වගේ ලියනාඩෝ පිස්සුව තිබ්බා... හි හි... තාත්තා ගෙනත් දීපු පෝස්ටරේකුත් තාම තියෙනවා...

    මට මතකයි මොකකද මන්දා තිබ්බා ඔය නැවෙ රෑගත කිරීම් ඔක්කොම කළේ අක්කර 4ක ලොකු ටැංකියක කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතක හැටියට ආර්ජන්ටිනාවේ වගේ ඔය රූගත කිරීම් අක්කර හතරකටත් වඩා වැඩි කෘත්‍රීමව හදපු මුහුදක (ජල තටාකයක) තමයි කරල තිබුනේ...

      Delete
  2. අයියෝ ඕවත් ෆිල්ම්ස්ද ? ඕගොල්ල දැක්කද ජැක්සොන් හදපු පාබා ?

    ReplyDelete
  3. ලංකාවේ නං හදයි ඔහොම එකක්! පිස්සු හැදෙනවා බං!!

    ReplyDelete
  4. වැඩ්ඩෝ තමයි ඉතින්

    ReplyDelete
  5. මාත් බලපු ලස්සනම චිත්‍රපටියක් . ලඟදි ත්රිමානත් ආවා . ඒ වුනාට බලන්න බැරි වුනා. ටි වී එකේ හතර පස් පාරක් බැලුව . ආයේ වුනත් බලන්න ආසයි.

    ReplyDelete
  6. සෑම සාර්තක දෙයක් පිටු පසම විශාල කැප කිරීමක් තියනවා..

    මේ පින්තූර ටික බෙදා ගත්තට ස්තූතියි දිනේශ්.. තව විස්තර ටිකක් හොයලා කියන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා මේ පින්තූර සමග කිසිම තොරතුරක් නම් තිබුනේ නැහැ. ඉදිරියේදී යම් තොරතුරක් ලැබු‍නොත් ඒ ගැනත් ලියන්නම්...

      Delete
  7. ෆිල්ම් එක බලල තිබුණට මෙව්ව දැක්කෙ අදනේ......
    මේ වටින පිංතූර ටික අපි එක්ක බෙදාගත්තට බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
  8. කෝ මේකෙ අර සීන් එක හදපු විදිය දාල නෑනේ.. :).. මමත් කාමරේ ලොකූ පෝස්ටරයක් ගහගෙන හිටියා ටයිටැනික් නැවේ..

    ReplyDelete
    Replies
    1. පෝස්ටරය කිව්වේ ටයිටනික් නැවේ සීන් එකද? :D

      Delete
    2. ඒක තමා චිත්‍ර අඳින විදිහ කියලා දෙන සීන්ස් එක කෝ...:) කොහොම උනත් පිංතුර ටික ‍හොයලා දැම්මට ස්තුතියි. අර නැව කොච්චර පුංචිවට ද හදලා තියෙන්නෙ.... නැවේ ආකෘති දෙක තුනක් ම හදලා වගේ නේද?

      Delete
  9. මගේ ආසම චිත්‍ර පටියක්.

    ReplyDelete
  10. ඔලුවක් තියෙන මිනිස්සු කරපු දේවල් ගොඩක් කල් මතක හිටිනවා.

    ReplyDelete
  11. අර චිත්‍රය අඳින්නෙත් කැමරන් ලු නේද දිනේෂ් අය්යේ. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කියල මං කොහේදී හරි කියෙව්ව මතකයි.
    නියමයි පින්තුර ටික.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව නම් මාත් අහලා තියෙනවා. ලියනාඩෝ ඩිකැප්‍රියෝ වමත්කාරයෙක් නිසා කැමරන්ලු අර චිත්‍රය අඳින්නේ

      Delete
    2. ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ. ඉදිරියේදී මේ පින්තූර වලට අදාලව සිදුවීම් පිළිබදව සොයා ගැනීමට ලැබුනොත් ඒවාත් ලියන්නම්...

      Delete
  12. ඒ දවස්වල පිස්සුවෙන් වගේ හිටියෙ ඕක බලන්න. කොහෙද අපි පුංචියි කියල බලන්න දුන්නයැ, ෆිල්ම් එක ඇවිල්ල අවුරුදු කීපෙකට පස්සෙ තමයි මම නම් බැලුවෙ. බැලුවට පස්සෙ හිතුන මේකෙ ඒ තරම් හංගනන් තිබුනෙ මොනවද කියලත්.

    ඔය ෆිල්ම් එක හදපු හැටි ගැන වැඩසටහනක් කොහෙදි හරි බැලුව මතකයි.

    ReplyDelete
    Replies
    1. නැතුව, මේක 97 දි නේද ආවෙ.

      Delete
    2. ඒකනේ, එතකොට මම 9 වසරෙ. ඔව්ව බලන්න පුළුවන් වාතාවරණයක් තිබුනෙ නෑ ඒ දවස්වල. මම ඒලෙවල් කරද්දි තමා මේ ෆිල්ම්එක බැලුවෙ.

      Delete
  13. මේ පින්තූරව වලින් පේනවා සාර්ථක නිර්මාණයක් කරන්න ඔවුන් ලබා දෙන කැපවීම. ලංකාවේ සිනමාව අගාදයට යෑමට එක් හේතුවක් තමයි කැපවීම අඩුවෙන් ලාභය වැඩියෙන් බලාපොරොත්තුව බාල නිර්මාණ බිහිවීම. 70 දශකයේ සිංහල චිත්‍රපටි විවිදත්වයක් වගේම නළුනිළියන්ගේ වගේම අනෙකුත් අංශවල දස්කම් ඇතුව අදටත් ඉහළම තැනක තිබෙන බව කියන්න පුළුවන්. ඒත් අදනම් ඒ තත්ත්වය දැකගන්නට නැහැ. මුදල් තිබීමම නෙවෙයි චිත්‍රපටියක් දුවන්න තියෙන්න ඕන. හොද නිර්මාණශීලීත්වයක් වගේම එයට දායක වන කාගෙත් උපරිමය එයට ලබා දිය යුතුයි. මම මෑතකදී දැකපූ නිර්මාණාත්මක හා මතක හිටින නිර්මාණයන් ලෙස අග්නිදාහය හා මචං චිත්‍රපටි දැක්විය හැකියි...

    ReplyDelete
  14. ෆොටො ටික නම් නියමයි.

    ReplyDelete
  15. එතෙක් මෙතෙක් බලපු ෆිල්ම් වලින් මම ආසම ෆිල්ම් එක ගැන විස්තර දුන්නට ස්තුතියි
    :)

    ReplyDelete
  16. පංකාදු පෝස්ටුව. ඕක මුලින්ම බලද්දී මට වයස 9යිද කොහේ. මුලින්ම ආවේ VHS

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා - පගාව දීල නේද ඔය කෝරලේ පට්ටම ගත්තෙ. මම හිතුවෙ මේකා හොඳ එකා කියල.

      කෝරලේ මහත්තයාට දාපු reply එක comment එකක් උනා. ඒකයි පහල comment එක මැකුවේ.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ලස්සන බ්ලොග් එක ගොඩක් වටින පොස්ට් තියෙ මෙ කියවන ගමන් මමත් 1995 ජනවාරි මසෙ මේ ෆිල්ම් එක බැලුව කටුගස්තොට එරීන එකෙන් ස්කෝලෙන් එක්ක ගියෙ

    ReplyDelete