අපේ රටේ මීට මාස කිහිපයකට පෙර මෙම දෙමුහුන් වාහන වලට අඩු කරල තිබුන බදු නැවත ඉහල දාල තියෙනබවත් ඔබ දන්නවා ඇති. අපේ රටේ මෙනැනි වාහන වලට තවම එතරම් නැඹුරුවක් නැති නිසා ඒක එතරම් ගැටළුවක් නොවේ කියල සිතුනත්, මෙවැනි පරිසර හිතකාමී වාහන ගන්න සිතා සිටින අයට නම් ඒක ඒ අදහස අධෛර්යමත් කරන්න හේතුවීම වලක්වන්න බැරිවේවි.
දෙමුහුන් වාහන කියන්නේ මොනවාද? What is a Hybrid Vehicles?
මෙම වාහන වලට බලය සපයා ගැනීමේ මුලංශ්‍ර ලෙස අභ්‍යන්තර දහන එන්ජිමක් (mechanical energy)සහ විදුලි මෝටරයක් මගින් අරෝපන ක්‍රියවලිය සිදුකරනු ලබන නැවත ආරෝපනය කල හැකි කෝෂ පද්දතියක් (electrical energy) යන උපාංග දෙකේම සුසංයෝගයක් තමයි තිබෙන්නේ. ඊට අමතරව මෙම වාහන වල ප්‍රධාන කොටස් ලෙස දැක්වෙන්නේ:
Power split device - සරලව දක්වනවා නම් මෙමගින් තමයි එන්ජිමෙන්ද එසේත් නැතහොත් කෝෂ පද්දතියෙන් බලය ලබා ගන්න බව තීරණය කරන පද්දතිය.
Regenerative Braking system (ප්‍රතිආරෝපක තිරිංග පද්දතිය) - මෙම පද්දතිය මගින් වාහනයේ තිරිංග යෙදවීමේදී අපතේ යන තාප ශක්තිය විදුලි මෝටරයකට ලබාදී එය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකර එම බලයෙන් කෝෂ ආරෝපනය කර ගනු ලැබේ.
Inverter (අපවර්ථකය) - මෙයින් බැටරියේ DC power, මෝටරය සදහා අවශ්‍ය AC power බවට පරිවර්ථනය කරයි.
දෙමුහුන් වාහනත් ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට වර්ග කර තිබේ.
ඉන් පළමුවැන්න Mild Hybrid ආකාරයයි. මෙම Mild ආකාරයේ දෙමුහුන් වාහන වල විදුලි මෝටරයෙන් සිදුකරන්නේ අභ්‍යන්තර දහන එන්ජිමට සහය වීමයි. මෙහිදී ප්‍රධාන කාර්යය සිදුකරන‍්නේ අභ්‍යන්තර දහන එන්ජිම වන අතර අතිරේඛ බලය අවශ්‍යවූ විට විදුලි මෝටරයෙන් ශක්තිය ලබාදෙන අතර එයට තනිව පමණක් ක්‍රියාකර වාහනය ධාවනය කල නොහැක.
Mild Hybrid |
තෙවැන්න Plug-in Hybrid මාදිලියයි. මේවා PHEVs නැතහොත් Plug-in Hybrid Electric Vehicles ලෙසද හැදින්වේ. මේවායේ සැකැස්ම නම් සාමාන්‍ය දෙමුහුන් වාහනවලට අධි ධාරිතාවයකින් යුතු කෝෂ යෙදීමෙන් මේවා නිපදවා ඇති අතර මෙම කෝශ අපගේ නිවසේ විදුලිය භාවිතා කර නැවත ආරෝපණය කල හැක. එසේම සාමාන්‍යයෙන් දෙමුහුන් වාහනවල කෝෂ ආරෝපණය කරන පහසුකමද මේවායේ අන්තර්ගතය. එසේම මේ කෝෂවල ආරෝපණය ප්‍රමාණවත් නොවුවහොත් සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමේ බලය ලබා ගැනීමේ හැකියාවද ඇත.එසේම මේවායේ භාවිතා කරන අධි ධාරිතාවයකින් යුතු කෝෂ නිසා සාමාන්‍ය දෙමුහුන් වාහන කෝෂය ආරෝපණයෙන් ගමන් කරන දුරට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාවද ඇත.)
එහෙත් ඇතැම් මූලාශ්‍රවල මෙම වර්ගීකරණයන්ට අමතරව තවත් ආකාරයේ දෙමුහුන් වාහන ක්‍රම ගැනත් වර්ගීකරණයන් ඇත.
මේ ඒවායෙන්ද කිහිපයක් වන අතර ඉන් එකක් වන්නේ Series Hybrid ක්‍රමයයි. මෙහිදී අභ්‍යන්තර දහන් එන්ජිම ඍජුවම වාහනය ධානයට සම්බන්ධ නොවන අතර එය භාවිතා වන්නේ විදුලිය උත්පාදනයටයි. මෙම එන්ජිම යෝග්‍ය එසේත් නැතහොත් ප්‍රශස්ථ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර එය කෝෂ නැවත උපරිම මට්ටමට ආරෝපණය වන තුරු ක්‍රියාකරයි. වාහනය මුළුමනින්ම ධාවනය වන්නේ එසේ ආරෝපිත කෝෂවල ශක්තියෙනි. කෝෂ නැවත විසර්ජනය වීම ආසන්න වන විට එන්ජිම නැවත පන ගැන්වේ. REEV (range-extended electric vehicles) ලෙස හැදින්වෙන්නේද මෙම series hybrid ක්‍රමයේ වාහන වලටම වේ. එසේම දෙමුහුන් නොවන විදුලි මෝටර් රථ වලද ඛණිජ තෙල් භාවිතා කරන එන්ජිම යොදා ගන්නේ අභ්‍යන්තර කෝෂ ආරෝපකයක් ලෙසයි.
අනෙක් වර්ගය තමයි Parallel hybrid කියන මාදිලිය මෙහිදී තනි විදුලි මෝටරයක් හා අභ්‍යන්තර දහන එන්ජිම (internal combustion engine - ICE) යන බල සැපයුම් ක්‍රම දෙක වෙන වෙනම හෝ දෙකම එක්ව බලය ලබාදේ. තවත් දෙමුහුන් ආකාරයක් micro hybrid ක්‍රමයයි. මෙය start-stop technology නැත්නම් stop-start system ලෙසද හදුන්වන අතර මෙහිදී වාහන තදබදයක් වැනි අවස්ථාවක වාහනයේ එන්ජිම ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිතවේ. මෙනිසා 10% ක් හෝ ඊටත් වැඩියෙන් ඉන්ධන වැයවීම ඉතිරියක් වන අතර 20% කින් පමන පරිසරයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීමද වලකින බව පැවසේ.
ඇයි අපිට දෙමුහන් එහෙමත් නැත්නම් ව්‍යවහරයේදී කියන Hybrid වාහන වලට යොමුවෙන්න සිදුවෙන්නේ?
ඒකට හේතුව තමයි ඉදිරියේදී පොසිල ඉන්ධන ලෝකයෙන් තුරන් වීම වගේම දිනෙන් දින අධික ලෙස ඉහල යන ඛණිජ තෙල් මිල මෙන්ම එම ඉන්ධන දහනයේදී සිදුවන අධික පරිසර දූශණය වගේම පොසිල ඉන්ධන දහනය නිසා නිකුත් කරන හරිතාගාර අචරණයට හේතුවන වායු නිසා ගෝලීය උශනත්වය ඉහල යාම වගේ අහිතකර ප්‍රතිඵල හමුවේ මෙවැනි විකල්පයක් කරා මුළු ලෝකයටම පූර්ණවම ඉක්මනින් යොමුවීමට සිදුවීමත් වලක්වන්න නොහැකි දෙයක් කියල පවසන්න සිදුවෙනවා.
දෙමුහුන් වාහන වල වාසි මොනවාද? Advantages -
මෙම වාහන වල ප්‍රධානම වාසිය විදියට ඕනෑම අවස්ථාවක කියවෙන්නේ මෙහි ඇති ඉන්ධන පිරිමැස්මයි (Fuel economy). ඕනෑම වාහනයක ඉන්ධන පිරිමැස්ම තීරණය වෙන්නෙ රියදුරාගේ වාහන පැදවීමේ විලාශය මත කියන එක ප්‍රකට කාරණයක්. ඒ අනුව සැලකීමේදී සාමාන්‍ය ඉන්ධන වන පෙට්රල් හෝ ඩීසල් භාවිතාවන වාහනයකට වඩා මෙම දෙමුහුන් වාහන වල 30% සිට ඉහල අගයකට ඉන්ධන පිරිමසා ගන්න හැකි බව පැවසෙනවා. මේ එක්කම තවත් වාසියක් අත්වන බව රහසක් නොවේ. ඒ තමයි මුදල් ඉතිරියකුත් සිදුවීම (Fuel Cost Savings).
ඒවගේම එන්ජිමෙන් වගේම විදුලි මෝටරයෙනුත් යන ක්‍රම දෙකෙන්ම වාහනයට ජවය සපයන නිසා සාමාන්‍යයෙන් වාහනයකට භාවිතා කරන එන්ජිමට වඩා කුඩා එන්ජිමක් භාවිතා කිරීමේ හැකියාවත් මෙම වාහන වලට තිබෙන අතර එයින් වාහනයේ එන්ජිමයට යන අමතර ඉඩ ප්‍රමාණය තව අඩු වනවා සේම එන්ජිමේ බර අඩුවීම හේතුවෙන් වාහනය බර අඩුවීමත් එමනිසා ඉන්ධන දහනය අඩු වීමත් විශේෂයි.
(relying on both the engine and the electric motors for peak power needs, resulting in a smaller engine sized more for average usage rather than peak power usage. A smaller engine can have less internal losses and lower weight.)
කල් පැවැත්ම (Durability) කියන ගුණාංගයත් මෙම වාහන වල තිබෙන වාසියක් තමයි. ඒක සිදුවෙන්න හේතුව තමයි මෙම වාහන වල අභ්‍යන්තර ඉන්ධන එන්ජිම වාහනය ධාවනය නොවී පවතින අවස්ථාවල ස්ව්‍යංක්‍රීයවම ක්‍රියාවිරහිතවීම (The hybrid vehicle automatically shuts off its combustion engine when idling.)
මේ කාරණය නිසා ඉන්ධන ඉතිරියක් සිදුවෙනවා පමණක් නොවෙයි, එන්ජිම භාවිතයත් අඩුවීම සිදුවෙනවා. එය එන්ජිමේ කල්පැවැත්මට හොදයි වගේම මෙම වාහන වල තියෙන ප්‍රතිජනක තිරංග පද්දතිය මගින් වාහනය තිරිංග භාවිතයේදී අපතේ යන ශක්තිය නැවත ග්‍රහණය කරගැනීමත් සිදුකර ගැනීම තුලින් තිරිංගවල කල්පැවැත්මත් තවදුරටත් තහවුරු කරල තියෙනවා. (Also, the regenerative braking system that recaptures the lost energy when braking reduces the wear on the brakes.)
ඒ වගේම වාහනයට තිරිංග යොදල වේගය අඩුකිරීමේදී ඇතිවන හා එහිදී අපතේ යන තාප ශක්තිය මෙම ප්‍රතිජනක තිරංග පද්දතියට සවි කරල තියෙන විදුලි මෝටරයකට යෙදවීම මගින් එම මෝටරය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකරල ඒ ශක්තිය මෙම වාහනයේ කෝශ ආරෝපණයට යොදා ගැනීමත් විශාල වාසියක්.
දැන්නම් මෙම වාසිය ටිකක් අඩුවෙලා තිබුනත් කලින් මෙම වාහනවලට බදු සහන (Tax credit reward) වගේම විවිද ප්‍රතිලාභ මෙම වාහන භාවිතා කරන්නන්ට ලබා දී තිබේ.
ඒ වගේම තව දෙයක් තමයි මෙවැනි දෙමුහුන් වාහන නිෂ්පාදනයේදී ඒවායේ කාර්යයක්‍ෂමතාව වැඩි කරන්න වගේම ඒවා නෙත් ආකර්ශනය වන හැඩයකිනුත් (Sophisticated design) නිපදවන්න නිෂ්පාදකයන් පෙලඹීලා ඇති බවත් පැවසිය යුතුයි. එතනදී කාර්යක්‍ෂමතාව වැඩි කරන්න aerodynamics නැතහොත් වායුගති විද්‍යාවට අදාලව වාහනයේ ආකෘතිය තනන්න නිෂ්පාදකයන් යුහුසුළු වීම නිසා එතනදී වාහනය ධානයේදී වාතයෙන් එන ප්‍රතිරෝදය අවම කිරීමත් ඉන්ධන පිරිමැස්මට බලපාන බව සැලකිය යුතුයි. මෙය දෙමුහුන් වාහනවලටම විශේෂිත වූ වාසියක් නොවේ. ඒ කියන්නේ වෙනත් වාහන තැනීමෙදිත් මෙය දැන් සලකල තියෙනවා. ඒත් දෙමුහුන් වාහන වලදී මෙය ඕනෑකමකින් අවධානය යොමුකරල තියෙන බවත් අමතක කල යුතු නැහැ. (මෙම වචනය මඟහැරී ගොස් තිබී පසුව ඇතුළු කරන ලදි).
තව දෙයක් තමයි දෙමුහුන් වාහන වල කාර්යකමතාව වැඩි කරගන්න භාවිතා කරන low-rolling resistance tires ගැනත් සදහන් කල යුතුයි. මෙම ටයර් මගින් සුමට හා ඝෝශාවන් රහිත ධාවනයක් වගේම විවිද කාලගුණ තත්ව යටතේ ආරක්‍ෂිතව ධානයට අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේ.
තව දෙයක් තමයි වාහනය සෑදීමට ගන්න අමුද්‍රව්‍යයත් සැහැල්ලු ඒවා ගන්න නිරන්තරයෙන්ම අවධානය යොමුකරල තිබීමත්.මේනිසා වාහනය ධාවනයට අවශ්‍ය බලය අඩුවීම හා එයින් ඉන්ධන පිරිමැස්මත් සිදුවෙනවා. මෙනිසා මෙම වාහන හදන්න සංයුක්ත සංයෝග වන carbon fiber හෝ අඩුබර ලෝහ වන aluminum සහ magnesium යොදා ගෙන තිබේ.
දෙමුහුන් වාහන වල අවාසි - Disadvantages
අපේ රටේදී මූලිකවම මතකයට නැගෙන්නේ මෙවැනි වාහන වල බැටරිය සම්බන්ධ ගැටළුවයි. එනම් බැටරියේ මිල පිළිබදවයි. සාමාන්‍යයෙන් වසර 3 කට පමණ පසු නව බැටරියක් හෙවත් කෝෂ සවිකිරීමට සිදුවෙතැයි පැවසෙන අතර අඩුම තරමෙන් ලංකාවේ මුදලින් ලක්‍ෂ දෙකකට වඩා වැඩිවීම දැඩි ගැටළුවක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය එකවර වැඩි මිලක් ලෙස පෙනුනත් ඉන්ධන පරිභෝජනයට වැයවන මුදල අඩුනිසා බැටරිය එවැනි මිලකට වුවත් ලාභ දායක බව මෙම වාහන පිළිබද විශේෂ්‍යඥයන්ගේ මතයයි.
තවත් චෝදනාවක් වන්නේ hybrid වාහනවලට සාමාන්‍ය වාහන වලට තරම් ඉක්මනින් accelerate කර ගැනීමට නොහැකියි යන ගැටළුවයි.
දෙමුහුන් වාහන වල අවාසි - Disadvantages
අපේ රටේදී මූලිකවම මතකයට නැගෙන්නේ මෙවැනි වාහන වල බැටරිය සම්බන්ධ ගැටළුවයි. එනම් බැටරියේ මිල පිළිබදවයි. සාමාන්‍යයෙන් වසර 3 කට පමණ පසු නව බැටරියක් හෙවත් කෝෂ සවිකිරීමට සිදුවෙතැයි පැවසෙන අතර අඩුම තරමෙන් ලංකාවේ මුදලින් ලක්‍ෂ දෙකකට වඩා වැඩිවීම දැඩි ගැටළුවක් බව පෙනේ. කෙසේ වෙතත් මෙය එකවර වැඩි මිලක් ලෙස පෙනුනත් ඉන්ධන පරිභෝජනයට වැයවන මුදල අඩුනිසා බැටරිය එවැනි මිලකට වුවත් ලාභ දායක බව මෙම වාහන පිළිබද විශේෂ්‍යඥයන්ගේ මතයයි.
තව ගැටළුවක් වන්නේ මෙම වාහන වල මිලයි. එනිසා මෙම දෙමුහුන් වාහන බොහෝමයක් තවමත් භාවිතා කරන්නේ දියුණු සංවර්ධිත රටවල වන අතර අතලොස්සක් අඩු සංවර්ධිත රටවල භාවිතා වේ. එයට එක් හේතුවක් වන්නේ මේවායේ අමතර කොටස් වල මිල වැඩිකම, මෙන්ම වාහන තැනීමට ගන්නා අමුද්‍රව්‍ය මිලද අධිකවීමයි. එසේම සමහර දුර්ලභ ඛනිජ වර්ග මෙම වාහන වල කොටස් වල කාර්යක්‍ෂමතාව හා ගුණාත්මකබව වර්ධනයට යොදා ගැනීමද මිල අධික වීමට හේතුවකි. උදාහරණයක් ලෙස මේවායේ මෝටර් පද්දතිවල කාන්දම් වල ශක්තිය වැඩි කිරීමට යොදා ගන්නා Neodymium ලෝහය පෘතුවියේ දුර්ලභ ලෝහයක් ලෙස සැලකේ.
එසේම සාමාන්‍ය වාහනයකට වඩා වෙනස් නඩත්තු කිරීම් මෙවැනි වාහන වලට අවශ්‍ය අතර ඒ සදහා දැනුම සහිත කාර්මිකයන් හිඟවීමද තවත් ගැටළුවකි. උදාහරණයක් ලෙස මේවායේ විදුලි මෝටර් හා කෝශ අතර වින්‍යඥාසගත කිරීම් (configuration) සාමාන්‍ය වාහනයකට වඩා ව්‍යාකූල බව පැවසේ. එනිසා යම් හෙයකින් වාහනය දෝශයකට ලක්වී එම ප්‍රදේශයේ මේ පිළිබද නිපුනත්වය ලත් කාර්මික ශිල්පියෙක් නොසිටියහොත් ඔබට අපහසුතාවයට ලක්වීම වලක්වන්නට නොහැකි කරුණකි.
එසේම මෙවැනි වාහන වල අධිවොල්ටීයතාවයක් භාවිතා වන නිසා යම් හෙයකින් වාහනය අනතුරකට ලක්වී එම අධිවෝල්ටීයතාව ඇති කොටස් නිරාවරණයවුවහොත් අනතුරු සිදුවීමටද ඉඩඇත.
බහුලවම මෙම වාහන වලට යොදාගන්‍නා බැටරි වන්නේ nickel metal hydride සහ lithium ion කෝෂයි. මේවා භාවිතාකර කල් පැන ඉවත් කල පසු නිසි ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය නොකල හොත් මේවායේ රසායණික පරිසරය සමග මුසුවී එයින් දැඩි අහිතකර ප්‍රතිඵල අත්වීමද බරපතලම ගැටළුවක් ලෙස සැලකේ.
එසේම ලිපිය අවසානයට පැමිනෙන මොහොතේ තවත් ගැටළුවක් සමහරවිට ඔබට ඇතිවන්නට ඇති. ඒ තමයි දැන් අප රටේත් ප්‍රචලිත වෙමින් පවතින විදුලි වාහන හා සැසදීමේදී මොනවගේ වාසි අවාසි ඇත්ද යන්නයි.
ඒ ගැනත් කෙටියෙන් දක්වන්නේ නම්;
විදුලි වාහන පූර්ණ වශයෙන්ම ආරෝපිත කෝශ මත යැපෙන නිසා එයින් කිසිදු දුමක් ඇති නොවන නිසා ඒ ආකාරයෙන් පරිසර දූශනයක් සිදුනොවන අතර මේවායෙන් නිකුත්වන ශබ්දය අඩුවීමද ශබ්ද දූශනය වැලකීමට හේතුවකි. එසේම අඩු වේගයකදී වාහනය නිෂ්ශබ්දතාවයෙන්ම ධාවනය වන බවද පැවසේ.
මෙම වාහන එකලස් කිරීමද පහසුබව පැවසෙන අතර එන්ජින් පද්දතිය සරල බවද සදහන් කරයි. එසේම මේවායේ එන්ජිමේ චලනය වන කොටස් හා අනෙකුත් කොටස්ද අඩු බව හා මේවායේ නඩත්තු කටයුතු අවම වීමද වාසියකි.
එසේම ගෘහස්ත විදුලිය භාවිතයෙන් වුවද ඕනෑම ස්ථානයකදී කෝශ ආරෝපණය කර ගැනීමට හැකිවීමද වාසියකි.
මේවායේ අවාසි ගැනද සදහන් කල යුතුය.
දෙමුහුන් වාහන වල මෙන් මේවායේද බැටරි භාවිතයෙන් පසු නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.
අනෙක මේවායේ බැටරි ආරෝපණය කල පසු යා හැකි දුර සීමා සහිත දුරකි. එනම් දල වශයෙන් 160 Km පමණ වේ. ඒනිසා එම දුරට පසු බැටරි ආරෝපණය කර ගත හැකි ස්ථානයක් සොයාගැනීමටද සිහිතබා ගත යුතුවේ.
බැටරි ආරෝපනයට ගතවන කාලය හා වැයවන මුදල වැඩිවීමද තව ගැටළුවකි. එනම් බැටරිය ආරෝපනයවීමට පැය 6 ක් හෝ 8 ක් යන අතර ක්‍ෂනිකව බැටරිය ආරෝපනය කරගෙන ඔබගේ ගමන යාමට සිතා සිටින්නේ නම් එය සිදුකල නොහැකි බව පැවසිය යුතුය. අනෙක් කරුණ නම් මෙවැනි කාලයක් ගෘහස්ථ විදුලි පද්දතියට වාහනය සම්බන්ධකර ඇති නිසා ඔබට ගෙවන්නට සිදුවන විදුලි බිලද වැඩිවීම නොවැලැක්විය හැකි කරුණකි.
මෙවැනි වාහන වල ජවසම්පන්න බව අඩුවීම හා තවමත් මෙම තාක්‍ෂනයන් දියුණුවෙමින් පැවතීමද ගැටළුවකි.
එසේ නම් දැන් මෙම ලිපිය අවසන් කරන අතරම ඔබට මේ ගැන වැඩි දුර දැන ගැනීමට පහත සදහන් වෙබ් අඩවිවලට පිවිසීමෙන් ඉතාමත් හොදින් හැකි බවද දන්වමි...
හොඳ ලිපියක්. Aerodynamic කතාවට නම් එකඟ වෙන්න බෑ. මොකද වර්ථමානයේ මෝටර් රථ නිෂ්පාදකයින් සියල්ලම වගේ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද ඒක ඉන්ධන පිරිමැස්මට විතරක් නෙවෙයි, ඉහල වේග වලදී වාහනයේ stability එකටත් බලපාන නිසා...
ReplyDeleteදෙමුහුන් වාහන වල තවත් අවාසියක් වන්නේ දීර්ඝකාලින නිෂ්පාදනය සමස්ථයක් ලෙස සාපේක්ෂව සැලකුවොත් එය සාමාන්‍ය වාහනයක් නිපදවීමේදී සිදුකරන පරිසර හානියට වඩා වැඩි හානියක් සිදු කිරීම...
ජය...!
@රොබින් - ස්තූතියි! Aerodynamic ගැන කියද්දී එක වචනයක් මඟහැරිලා. එය "මෙය දෙමුහුන් වාහනවලටම විශේෂිත වූ වාසියක් නොවේ. ඒ කියන්නේ වෙනත් වාහන තැනීමෙදිත් මෙය දැන් සලකල තියෙනවා." ලෙස වෙනස් විය යුතුයි. (එම "නොවේ" යන්න ලිපියටත් එකතු කරනු ලබනවා." මට තරමක් අපහැදිලියි කෙසේද දෙමුහුන් වාහන නිපදවීමේදී සිදුවන අධික පරිසර දූෂනය පිළිබදව දක්වා ඇති කරුණ ගැන. කරුණාකර එය පැහැදිලි කරන්න හැකිද?
ReplyDeleteහොද ලිපියක්....
ReplyDelete@MaRLaN - ස්තූතියි!
ReplyDeleteහොද ලිපියක්..
ReplyDeleteමේවාගේ ප්‍රදාණම අවාසිය තමා..
තාම මේවා රෙපයාර් කරන්න බාස්ලා ලංකාවේ නැ..:D ටොයොටා එකෙන් 10 දෙනෙක් යවන්නලු ඉන්නේ.. මේ ගැන ඉගෙන ගෙන එන්න..
ඒ වගේම ලංකාවේ කරන කෑලි බට් කිරිලි මේවාට හරියන්නැ..ජෙනුයින්ම දාන්ට වෙනවා... :-) සුලු ලාබයක් බලලා.. ගත්තාම.. අපේ රටේ උන්දැලාට පට්ට කට්ටක් කන්න වෙන්නෙ..
මං දන්න විදියට නම් බැට්රිය ලක්ශ 4 ගානක් ලු..!
පට්ටයි අය්යේ...
ReplyDeleteමම නම් වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හැබැයි... :)
සෑහෙන්න වටිනා ලිපියක්. බොහොම ස්තූතියි!
ReplyDeleteඔබේ සිංහල පරිවර්තන සහ භාවිතා කර ඇති සිංහල වදන් මාලාව විශිෂ්ටයි.
වැදගත් ලිපියක්.
ReplyDelete@Bunny - ඔබ කියන එක සත්‍යයක් ලංකාවේ මේවා අළුත්වැඩියාකරන්න බාසුන්නැහැලා නැතුව ඇති තමයි. අනිත් එක සමහර විට කොළඹ හා ඒ ආසන්නයෙන් සොයා ගන්න පසුකාලෙක පුළුවන්වුනත් වෙනත් පලාත් වල ඇත්තෙම නැතුවා ඇති වගේම ඒවාට සුදුසු Workshop,garage වගේ උනත් සොයා ගන්න එක ලේසි වෙන එක නැහැ. බැටරිය නම් මිල අධික බව මම මුලින් පවසපු ගුවන් විදුලි වැඩසටහනෙදිත් පැවසුවා. හැබැයි ඒකෙදි කියපු තව දෙයක් තමයි කාලයක් යන කොට බැටරිය 100,000/= කට වගේ ගන්න කාලයකුත් ඉදිරි අනාගතයේ යම් දිනක පැමිනෙන බව...
ReplyDelete@රත්ගමයා - ස්තූතියි! අළුත් තාක්‍ෂනයක් නිසා ඒ ගැනත් දැනගෙන සිටින එක හොදයි...
ReplyDelete@ධනික | Dhanika - ස්තූතියි!නැවතත් සත් සමුදුරට එන්න...
ReplyDelete@Praසන්ன - ස්තූතියි! හැකියාවක් ලැබෙන ආකාරයට තව මෙවැනි ලිපි පල කරන්න බලාපොරොත්තුවෙනවා...
ReplyDeleteඑක මුහුන් වාහනයක්වත් ගන්න සල්ලි නැතුව දෙමුහුන් වාහන කොහෙන් ගන්නද?
ReplyDeleteBunny said...
ReplyDeleteමං දන්න විදියට නම් බැට්රිය ලක්ශ 4 ගානක් ලු..!
ලක්ෂ 4ට කාර් එකක්ම ගන්න පුලුවන්නේ. එතකොට පොඩි පුරස්නෙකට තීන්නෙ වාහනයෙන් බැහැල ටික වෙලාවක් යනකම් හෙල්ලි හෙල්ලි තමා ඇවිදින්න වෙන්නෙ. ඒක ගානක් නෑ :D
හදන්න බාස්ල නැති එක නම් තව ටික කාලයක් යද්දි හරි යයි. ඉස්සර ඔටෝ ගියර් වාහන ආවහමත් හදන්න දන්න අය නෑ කියල ගොඩක් අය ගන්න අදි මදි කලානෙ. ඒත් දැන් ඒක හරිනෙ.
ReplyDelete@තාරක Dilsh@n & Anonymous1&2 - කාලය සමඟ ඒ ගැටළු නම් විසදේවි. ඒත් දැන් මේවායේ මිල නම් පසුගිය දිනවල වැඩි කරන ලද බදු නිසා ලක්‍ෂ ගණනකින් වැඩි වුනා. ඒ නිසා ඉතින් ගන්න අය නම් ටිකක් අඩු වේවි...
ReplyDeletegood work
ReplyDelete@parakrama - Thanks!!!
ReplyDeleteඉතාම කාලීන ලිපියක්..!! සිංහල භාවිතයත් විශිෂ්ටයි.
ReplyDeleteපොඩි ඉල්ලීමක් තියෙනවා.
ඔයා සඳහන් කරල තියෙනවා දෙමුහුන් වාහන වර්ග ගැන. Prius, Honda civic/Fit වැනි වාහන මෙයින් කවර වර්ගයට අයිතිද කියල උදාහරණ සහිතව දක්වන්න පුළුවන්ද?
@පැණියා - ස්තුතියී! ඔබ සදහන් කර තිබෙන වාහන කුමන ගණයකට අයත්දැයි සොයාබලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී සටහන් කරන්නම්...
ReplyDeleteසත්සමුදුර ගැන කියන්න තියෙන්නෙ මම මුලින්ම කිව්ව වගේම සත්සමුදුරක්ම තමයි. වැදගත් ලිපියක්, මේ වර්ගයේ වාහනයක්නම් තවම ගන්න බැරි උනා, පසුකාලීනව ඒකට අවැසි පසුබිමක් හැදෙයි කියල හිතනව, තරමක වැඩ අඩු උනාවගේම කාලයක් තිස්සෙ ගන්න හිටපු ලැප්ටොප් පරිඝණකය ගත්ත, කලින් තිබුන එක නැතිකමින් තමයි ගොඩක්ම සත්සමුදුරට එන්න වගේම ලිපි ලියන්නත් බැරි උනේ, දැන් හෙමින් හෙමින් ආයෙමත් එන්න ඕනි, ඇත්තෙන්ම ගොඩක් ලිපි තියෙනව එකතුවෙලා කියවන්න, එහෙනම් නැවත් වරක ආපු මට දුන්න welcome එකට ගොඩක් ස්තූතී, හැමදාම කියනව වගේ සත්සමුදුර චිරාත් කාලයක් පවත්වාගෙන යන්න ඔබතුමාට අවැසි ශක්තිය ලැබේවා කියා පතනවා.
ReplyDelete@සංහිඳ පාමුළ - ස්තූතියි! මිතුර ඔබගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවායිද මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉඩ ලැබෙන අයුරින් මඟහැරුන ලිපි කියවන්න....
ReplyDeletegood one...thanx dude
ReplyDeleteවටින ලිපියක්
ReplyDeleteThanks.
ReplyDeleteබොහොම හොඳ ලිපියක්. බොහොම ස්තුතියි.
ReplyDeleteMy Professor Kushida Sensei car walata hari kemati.Dr. Navaratna also.
ReplyDeleteහොඳ ලිපියක් ස්තුතියි ..
ReplyDeleteහොද ලිපියක් mamath hybrid gana shl project ekak karanawa tnx mata me lipya ekata godak udawak una
ReplyDelete