Tuesday, July 23, 2013

ඉතිහාසය, යුද ශිල්පය, සංවේදීබව සහ තවත් බොහෝ දේ කැටිවූ චිත්‍රපටියක් පිළබදවයි...

යම් තාක්‍ෂණික ගැටලුවක් හේතුවෙන් මාතෘකාව හැරෙන්නට අනෙක් දේවල් සියල්ල save වී නැති බවක් තමයි පෙනෙන්නේ. ඒ නිසා ඔබට යම් අපහසුතාවයක් ඇතිවූවා නම් කනගාටුව ප්‍රකාශකරන අතරේම මේ ලිපියෙන් පවසන්නට ගියේ 2005 වසරේ තිරගතවූ 12 වන සියවස  සමයේ කුරුස යුද්ධය පදනම් කරගනිමින් තැණුන Kingdom of Heaven චිත්‍රපටිය පිළිබදව පවසන්නටයි. 

ආරම්භය තරමක් ව්‍යාකූල වුවත් කතාව ක්‍රමයෙන් ඉදිරියට යද්දී එදා සමාජ තත්ත්වය හා දේශපාලනයට අදාළව මැනවින් ගැළපෙමින් ගලා යන කතා තේමාවක් බවත් පැවසිය හැකියි. මධ්‍යතන යුරෝප සමයට මෙන්ම මැදපෙරදිග කලාපයයේ එදා තිබු තත්ත්වයට අදාළව සංගීතය නිර්මාණය වී පැවතුන ආකාරය චිත්‍රපටියේ ඒ ඒ කලාපවලදී යොදාගෙන ඇති ආකාරයත් චිත්තාකර්ශනීයයි.

ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සහ මෙම යුගයට අදාළව චරිතයකට ඉතා සුදුසු ඔස්කාර් සම්මානලාභී Jeremy Irons ගේ රංගන දායකත්වය ලැබීමත් පැය 3 කට අධික කාලයක් ධාවනය වන මෙම චිත්‍රපටියට ප්‍රශංසාත්මක ඇඟයුමක් ලබන්නට හේතුවූවා නිසැකයි.

කෙසේවෙතත් දැවැන්ත හා කලාත්මකබවකින්ද යුතු නිර්මාණයක් වූ මෙයට එක් ඔස්කාර් සම්මානයක් සදහා හෝ නිර්දේශ නොලැබීම නම් විශ්මයජනක කාරණයක් බවත් අවසන් වශයෙන් පැවසිය යුතුයි.