Saturday, September 8, 2012

"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults)

මිනිසුන්ගේ ජීවිතය විවිදාකාරය ඇතමෙකුගේ ජීවිතය සාමාන්‍ය බව පිටත ලෝකයට පෙනෙන අතර එය සැබැවින්ම ඒ ආකාරයෙන්ම මෙන්ම අප නොදන්නා රහස්ද ඔවුන්ගේ ජීවිත තුල වේ. තවත් අයකුගේ ජීවිතයේ රහස් කියා දෙයක් තියා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවේ. මේ ලිපියේ පළමු අර්ධය වෙන්වන්නේ එසේ රැක ගැනීමට තරම් වටිනා කමක් ඔවුනට නොමැති එහෙත් බාහිර ලෝකයේ ‍යම් පිරිසකට අමුතුයයි හැගෙන පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙනි. එනම් තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සිලිකන් බෝනික්කන් කරකාර බැදි මිනිසුන් පිළිබදවයි.

මා මේ පිළිබදව සවිස්තරාත්මකව දුටුවේ මෙන්න මේ වීඩියෝ තුලිනි.
Guys and Dolls (BBC Real Doll Documentary) part 1
Guys and Dolls (BBC Real Doll Documentary) part 4
එසේම ඊට ප්‍රථම CSI NY රහස් පරීක්‍ෂක කතා මාලා‍වේදීද එක් කතාංගයක මෙම අධික මිලෙන් යුතු සිලිකන් ‍බෝනික්කන් ගැන සදහන්වූවත් එය මෙතරම් ගැඹුරට විහිදුන කාරණයක් ලෙස එදා වැටහීමක් නොලැබුනි.
ඇත්තෙන්ම පුදුමාකාරය. සිය කායික අවශ්‍යතාවය වෙනුවෙන් කාන්තාවක් හෝ පුරුෂයකු වෙනුවට මෙවන් කෘත්‍රීම ප්‍රභවයක් යොදා ගැනීම පිළිබදව එතරම් පුදුමවිය යුතු නැතිවූවත් මෙවන් වූ මිල අධික බෝනික්කන් හිමිකරගෙන සිටිය අය එම ‍බෝනික්කන් සමග ගෙවන ජීවිතය අපට නම් එක්තරා අරුමය උපද්වනා දෙයක් ලෙස හැගුනි. ඔවුන් එම බෝනික්කන් යනඑන ‍තැන සිය "බෝනික්කි" සහකාරිය (මෙම බෝනික්කන් වැඩිපුරම භාවිතා කරන බව දැක්වුනේ පුරුෂ අය නිසා මෙලෙස හැදින්වීය) කැටුව යති. ඇයව පිරිසිදු කරති, කොණ්ඩය පීරති, හැඩවැඩ කරති, ඇය සමග එක් එක් ආකාරයේ ඉරියව්වල සිට සේයාරූද ගනිති. තව අනේක විද කටයුතු කරති. වෙකකක් තබා ඇතැම් අයට මෙවන් සහකාරියන් කිහිප දෙනෙකුම සිටිති. එය ඔවුන් ආඩම්බරයක් ලෙසද සලකති.



ලෝකයේ දශක කිහිපය සිටම මේ ආකාරයේ සජීය මිනිසකුගේ ප්‍රමාණයට බෝනික්කන් නිපදවූවත් දැන් මේ සදහා ප්‍රසිද්ධියක් හා වැඩි වටිනාකමක් උසුලන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ Abyss Creations නම් ආයතනය විසින් නිපදවන PVC සැකිල්ලක, ලෝහමය සන්ධි සහිතව සිලිකන් ශරීරයේ මාංශය ලෙස භාවිත කර නිපදවන බෝනික්කන්ය. මේ බෝනික්කන් ලෝකය පුරා සිටින බෝනික්කන්ට පෙම්බැදි මිනිසුන් මිලයට ගන්නා අතර දළ වශයෙන් මිල පවුම් 3000 ක් පමණ වෙතැයි පැවසේ. 
මනුස්ස දුවක‍ගේ බාහිර ස්වරූපයට සෑම අතින්ම සමාන කමක් ගන්නා RealDoll

මේ ‍බෝනික්කන් වෙනුවෙන් විවිද කොටස්ද අදාල ආයතනය විසින් බෝනික්කන් සමග ලබා ‍දේ. උදාහරණයක් ලෙස ගතහොත් රාත්‍රියේදී නිදාගන්නා විට දෑස්වසා ගෙන සිටින ආකාරයේ මුහුණක් පවා මෙම බෝනික්කන්ට සවිකිරීමට ලබාදී තිබුන බව මෙම වීඩියෝ වලදී දැක ගන්නට ලැබුනි.එසේම විවිදාකාර බොරු කොණ්ඩද ලබාදී තිබූ අතර ඇතැම් බෝනික්කියන්ට, මනුස්ස දුවකගේ මෙන් ශරීරය, ශරීර උෂ්නත්වයේ පවත්වාගැනීමට තැනූ යාන්ත්‍රණයක්ද එක්කොට තිබීම තවත් සුවිශේෂ කරුණකි. එසේම බෝනික්කන්ගේ සිරුරේ කොටස් අඩපණ හෝ හානියකට ලක්වූ විට එය යථාතත්ත්වයට පත්කරදීමට බාසුන්නැහේලාද ඇමරිකාවේ සිටින බව දැක්වුනි.

තවත් කරුණක් වන්නේ ඇතමෙකු මෙම බෝනික්කන් තබා ගන්නා සිය ලිංගිත සහකාරියන් ලෙසම නොවේ. 
ඡායාරූප ශිල්පයේ යෙදෙන අය සිය සේයාරූ ගැනීමේදී හෝ කලාත්මක දේවල් වලට ප්‍රියකරන අය කලාත්මක නිර්මාණයක් ලෙසද බෝනික්කන් මිලට ගෙන තිබුනහ. 

තවද මෙම බෝනික්කන් නිපදවන ආයතන මෙම බෝනික්කන්ට රොබෝ තාක්‍ෂනය හා ඉලෙකට්‍රොනික ආම්පන්න එකතු කිරීමටද අත්හදා බලමින් සිටින අතර ටික කලකට පෙරතුව අදාල ආයතනය උකුලෙහි, බෙල්ලේ සහ සිරුරේ යම් කම්පනයන් ඇති කරලීමට හැකි සහ කථන සංවේදී ‍බෝනිකක්න් වෙළඳ පොළට නිකුත්කර නමුත් ඒ අවධියේ එය එතරම් ජනප්‍රිය ‍නොවූවද ඉදිරියේ වඩාත් සාර්ථක ලෙස නව්‍යකරණයකට ලක්කිරීමට බලාපොරොත්තුවන බවද සමාගම පවසා තිබුනි.
www.youtube.com/watch?v=Vdm5aAfprm0 

තවත් අපූරු කරණක් වන්නේ දෙවන ලෝක යුදසමයේදී හිට්ලර්ගේ නියෝගයෙන් නාසින්ද සිය සොල්දාදුවන් සදහා මෙවන් බෝනික්කන් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් අරඹා තිබුනි. එම සිද්ධිය සැකෙවින් දක්වන්නේ නම්; නාසින් ප්‍රංශයේදී සටන්කරන්නට වූයේ මිත්‍ර හමුදාවේ යුද යාන්ත්‍රණය සමග පමණක් නොවේ. ඔවුන් හා හඹයට "සිෆිලස්" රෝගයද පෙරටවිත් තිබුනි. එයට හේතුව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදුන කතුන් ඇසුර නිසා නාසි සොල්දාදුවන්ට සිෆිලස් වැ‍ළදෙමින් තිබූ නිසා එය ක්‍රමයෙන් තම හමුදාවේ ශක්තිය අඩපණ කිරීමට බලපෑමක් ඇති කරනු ඇති බව SS හමුදා ප්‍රධානී හිම්ලර් විසින් හිට්ලර් හට දැනුම් දෙනු ලැබීය.
"The greatest danger in Paris is the widespread and uncontrolled presence of whores," Himmler reportedly wrote.

මේ අනුව හිට්ලර් විසින් "the Borghild Project" නම් ව්‍යාපෘතිය ඇරඹූ අතර මෙයින් සිය සොල්දාදුවන් මනුස්ස කාන්තාවන්, ප්‍රංශයේදී ඇසුරු කිරීමෙන් සමාජ රෝග වැලදීමෙන් වලකා ගැනීම උදෙසා මනුස්ස දුවකට වඩා ප්‍රමාණයෙන් කුඩා බෝනික්කන් නිපදවූයේ සොල්දාදුවන්ගේ පිටේ එල්ලා ගෙන යන පැසට සරිලන පරිදිය. 


මුලින්ම මෙම බෝනික්කන් සදහා ආදර්ශය සපයා ගැනීමට හංගේරියානු නිළියක වූ Kathy von Nagy
හට ඇරයුම් කළත් ඇය පසුව එය ප්‍රතික්‍ෂේප කළ නිසා හිට්ලර් ප්‍රමුඛ නාසින් විසින් ආර්යය මිනිසුන්ගේ ආකෘතිය ලෙස සැලකූ තඹ කොණ්ඩය හා නිල් දෑස් ඇති බෝනික්කන් තැනීම ඇරඹූ අතර මුලින්ම බෝනික්කන් 50 ක් සොල්දාදුවන්ට ලබාදී තිබේ. කෙසේවෙතත් වසර දෙකක් යන තැන මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවන්නේ සොල්දාදුවන් මෙම බෝනික්කන් රැගෙන යාම ප්‍රතික්‍ෂේප කරන නිසාය. ඒ ප්‍රංශ ගණිකා ඇසුරෙන් සිෆිලස් බෝකර ගැනීම වඩාත් නම්බුකාර නිසා නොව තමන් මිත්‍ර හමුදාවන්ට අසුවුවහොත් මෙවන් බෝනික්කෙකු තබා ගැනීම නිසා විදින්නට වෙන ලැජ්ජාව ඊටත් වඩා වැඩි යයි සැලකූ නිසාය.
සමාජ රෝග එකළ සෑම හමුදාවකටම තිබූ හිසරදයක් විය
අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters

ලෝකයේ සිදුවන ඇතැම් දේ අමුතුය. මෙයද එවන් දෙයක් ලෙස මට සිතේ. මේ ගැන වැඩි විස්තර සහ පින්තූර පහත දැක්වෙන සබැඳියන් තුලින්ද දැන ගැනීමට, දැක ගැනීමට හැකි බව සදහන් කරමින් ලිපිය අවසන් කරමි...

45 comments:

  1. විවාහ නොවූ අයට නම් හොදයි.පාළුවට

    නියම ලිපියක්.ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! හැබැයි ඉතින් තමන්ටම තමයි මේ බෝනික්කන්ගේ සාත්තුසප්පායම් ඔක්කොම කරන්න වෙන්නේ...

      Delete
  2. මේ වගේ දෙයක් මේ ඇහුවමයි........
    බොහොම ස්තූතියි දිනේෂ්.
    හැබෑ අයගෙන් තියෙන කරදරේ නම් මෙයාලගෙන් නැතුව ඇතිනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මූලික වියදම සහ තමන්ටම ආවතේවකම් කරන්න වෙන එකයි සමාජයේ මිනිස්සු පිස්සෙකු ලෙස හංවඩු ගහන එකයි සිද්දවේවි. හැබැයි මනුස්ස දුවක් වගේ එක එක දේවල් ඉල්ලන එකනම් සිදුවෙන එකක් නැහැ...

      Delete
  3. hm hm...honda trend ekak...bala aparada walak wa ganna thibba podi dols la godak haduwa nam :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබේ කතාවත් ඇත්ත තමයි අසීමිත ලෙස ලිංගික නිදහස අහිමිවී ගෙන යන ලංකාව වගේ රටවලට මේක හොද විකල්පයක් තමයි එක අතකට...

      Delete
  4. මෙවන් දෙයක් ගැන ළිපියක් ළිවීමට ඉදිරිපත් වීමම ඉතා ලොකු දෙයක්. අපේ රටේ බොහෝ දෙනෙක් මේවා ගැන දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් මේ පිළිබදව අපේ රට ඉතා සුළු පිරිසක් පමණක් වෙන්න ඕන දන්නේ...

      Delete
  5. එක අතකට බැළුවම මහ පිස්සුවක්නේද?. හමුදාවල අවශ්‍යතා වෙනුවෙන් ඒ කාලයට සාපේක්‍ෂව එය විසඳුමක් විය හැකි වුනත් මේ වර්තමානයෙදි සාමාන්‍ය මිනිස්සු සම්බන්ධයෙන් නම් ඇත්තටම පිස්සුවක්. මටනම් තවමත් ඒ මිනිස්සුන්ගෙ මානසිකත්වය කොයි වගේද කියල තේරුම්ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි මේ ගැන බලන කෝණයේදී එය එක්තරා පිස්සුවක් වගේ තමයි. ඒත් විවිදාකාරයේ ලිංගික ප්‍රියතාවය තියෙන අය ලෝකයේ සිටිනවානේ...

      Delete
  6. හරි පුදුම ලෝකේ නොවෙන්නෙ මොනවද ... මිනිසා හැම අතින්ම ස්වාභාවිකත්වයට එරෙහිව යමින්, ඊට අභියෝග කරමින් විනාශය කරා යන හැටි තමා මේ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපි සිටින කාලයට වඩා තව අවුරුදු 100 ක් විතර ගියාම ලෝකය මීට වඩා‍ බොහොම අමුතු තැනක් වේවි. ඒවගේම අපිට ඒ කාලය වෙන කොට ජීවත්ව සිටීම නම් විරල දෙයක් වේවි. යම් හෙයකින් අපි ජීවත්ව සිටියත් එදා ලෝකයට නම් අපි ගැලපෙන එකක් නැහැ...

      Delete
    2. @සෙන්නා
      ඔබට ඇත්තේ ජනප්‍රිය පටු ලාංකීය වැරදි ආකල්පයකි. ස්වාභාවිකත්වය හොඳයි මිනිස් නිශ්පාදිත නරකයි යන්න ඉඳිකට්ටක් වත් නිශ්පාදනය නොකරන රටක ජනප්‍රිය ආකල්පක් වීම අරුමයක් නොවේ. මිනිසා සතුන්ගෙන් වෙන්වී මිනිසකු වන්නේ ස්වාභාවිකත්වයට එරෙහි වීම නිසාමය.ඇත්ත වශයෙන්ම ස්වාභාවිකත්වයේ විරුද්ධ වචනය වන්නේ සංස්කෘතිය යන්නයි. මේ ලිපියෙන් විස්තර වන්නේ මිනිස් ලිංගික සංස්කෘතියට අදාල නිශ්පාදිත භාණ්ඩයක් ගැනයි. ස්වාභාවික ලිංගිකය(sex) යනු කැලේ සතුන් පවා කරන දෙයකි මිනිසුන්ට ඇත්තේ ලිංගිකත්වය(sexuality) නම් සංස්කෘතිකාංගයකි .ලාංකිකයන් දැන්වත් ස්වාභාවිකත්වයෙන් මිදී කැලෙන් එලියට ආ යුතුය. සංස්කෘතිය යනු වැව් දාගැබ් අනුරාධපුර පොලොන්නරුව නොවේ. මේ වැරදි වැටහීම පැමින ඇත්තේ සිංහලයා ස්වාභාවිකත්වය හා සටන් වැද නිශ්පාදන කර ඇත්තේ ඒ කාලයේ පමනක්සහ ඒ වැව් දාගැබ් පමනක් වීම නිසාය. ලිංගික නොවන උදාහරණයකින් කියන්නේ නම් බඩගින්නට සතෙක් මරා කෑම ස්ව්භාවිකත්වයයි තරු පහේ ගල්කිස්ස හෝටලයේ පබිලිස් හදන කෑම ආහාර සංස්කෘතියයි. ඔබ කියන්නේ ස්වභාවික කැලේ ලිංගික ක්‍රියා ඊට අභියෝග කරමින් වෙන මිනිස් ලිංගික සංස්කෘතියට වඩා හොඳ දෙයක් කියාද?

      Delete
    3. @උදිත - සිතන්නට යමක්ද එකතු කරමින් වඩාත් සංවාදාත්මක අදහසක් ලබා දී ඇති බවක් පෙනී යයි...

      Delete
    4. @ උදිත,

      අපූරු විග්‍රහයක්...උදාහරණයත් හරියටම ගැලපෙනවා...100% ඔබ හා එකඟයි...

      Delete
  7. ඇත්තටම ලිංගික නිදහස කියන ඒක නැති නිසා රටේ කොච්චරක්නම් අපරාද වෙනවද ..

    ReplyDelete
  8. මා දන්නා එක් කරුණක් නම් මාස ගණන මුහුදේ ගමන කරන වෙළඳ නැව් වල නාවිකයන් අතර තමයි මේ බෝනික්කන් මුලින්ම ජනප්‍රිය වුනේ. ඒවා කටින් හුළං පුම්බා සකස් අරගත හැකි ඒවා. අවශ්‍ය විට හුළං යවා නවා තැබිය හැකියි.මෙය සමහර රටවල ප්‍රසිද්ධියේ වාහනයක ගෙනයාම (ඉහත පින්තුර වල තිබෙන පරිදි) තහනම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් මේ ගැන මුලින් දැන සිටියේ මුහුදේ දිගු කලක් ගමන් ගන්නා නාවිකයන් මේවා භාවිතා කරන බවක් තමයි. හැබැයි මේ තරම් සියුම් ලෙස නිපැයූ ඒවා නම් නොවෙයි. ඒ එක්කම මේවා ප්‍රසිද්ධියේ ගෙනයාම නම් තහනම් බව දැන සිටියේ නැහැ...

      Delete
  9. ගෑණු ළමයි තවුරුවත් කමෙන්ට් කරලා නෑ ද කොහෙද...
    මට හිතුන දේ කියන්නද...?

    දැං අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්‌ෙන් බෝනික්කෝ වගේ ඉදගෙන හැමදේම අම්මා හරි වයිෆ් හරි කරලා දෙනකම් ඉන්නනේ... වැඩ රාජකාරි ටිකක් පුරුදු වෙන්නත් එක්ක මේ වගේ බෝනික්කෙක් ගෙනත් දුන්නනම් හොදයි කියලා හිතුනා.... ( ලිංගික කාර්යයන් ගැන නම් සාර්ථක වෙයිද දන් නෑ... මොකද ගොඩක් අපේ රටේ පිරිමි ඒකෙදි ගෑණුන්ට සලකන්නේ බෝනික්කොන්ට වගේ කියලායි ගෑණු අය කියන්නේ..)

    මම මොකක් හරි ඉංග්‍රීසි ෆිල්ම් එකක මේක දැක්කා.. හැබැයි ඒ‌ෙක් හිටියේ අදහස් හුවමාරු කරගන්න පුලුවන් රෑපයක්.. මට නම මතක නෑ....

    ReplyDelete
    Replies
    1. ගැහැණු ළමයින්ට ටිකක් චකිතයක් වගේම ඉරිසියාවකුත් ආවද දන්නෑ මේ බෝනික්කියන් දැක්කම. හැබැයි මට නම් වැටහුනේ නැහැ අර //මොකද ගොඩක් අපේ රටේ පිරිමි ඒකෙදි ගෑණුන්ට සලකන්නේ බෝනික්කොන්ට වගේ කියලායි ගෑණු අය කියන්නේ..// කියන එකනම්...

      Delete
    2. පොඩි පහේ ඊරිසියාවක් ආවේ නැතුවා නෙමෙයි.... චකිතයක් නම් නෑ... ගණුන්ගෙ ලිද ළඟ සමිති වලදිනේ මේ වගේ දේවල් කියවෙන්‌නේ.. මට අදහස්කලේ ලිංගික කාර්යයේදි ලංකාවේ පිරිමි වැඩි වශයෙන් හිතන්නේ තමන්ගෙ සතුට ලබා ගැනීම ගැන පමණයි කියලා... ( බෝනික්කෙක් එක්ක නම් ඉතිං අනිත් පාර්ශවය ගැන හිතන්න ඕනෙ නැ නේ..) සංස්කෘතිය එක්ක වැඩි වශයෙන් හිර වෙලා ඉන්න කාන්තාවෝ එක් පැත්තකින් නොදැනුවත්කම නිසා හෝ අනිත් පැත්තෙන් මේ වගේ දෙයක් ගැන සැමියා සමඟ හෝ කතා කිරීමට ඇති ලැජ්ජාව සහ බය නිසා සයනයේදි කතා නොකර හිටියත් ගෑණු ගෑණු අතරදි නොදැනුවත්වම මේ වගේ දේවල් එළියට එනවා.... ඇත්තටම තම බිරිද‌ෙග් අඩුපාඩුවක් නිසා වෙනත් ගැහැනියක් කරා යාමට හෝ දික්කසාදයක් ලබා ගැනීමට පිරිමියා පෙළඹුනත් ගැහැනියක් එවන් හේතුවක් ලෝකයට හෙලිදරවු කිරීමට තියා සැමියා සමඟ කතා කිරීමට පවා පැකිලෙනවා අපේ සමාජයේ... එක් පැත්තකින් තමන්ට නරක නාමයක් ලැබේවියැයි බියෙන් හෝ සැමියාගේ හිත රිදේවි යැයි සිතා.... මට මතක් උනේ ඒකයි.... අනිත් ටික නම් තේරෙන්න ඇතිනේ.....

      Delete
    3. ඔබේ කතාවේ ඇත්ත. ඒත් මේ බෝනික්කියන්ට මේ මිනිස්සු සලකන්නේ මනුස්සයෙකුට සලකනවටත් වඩා හොදට කියල ‍පේන නිසා තමයි ඇත්තටම මට ඔබ කිව්ව දේ එක් පැත්තකින් ව්‍යාකූල බවක් ඇතිවුනේ. අපේ සමාජයේ තියෙන කොටුවීම් හා ගතානුගතිකත්වය නිසා මිනිස්සු ජීවිතය විදිනවා නෙමෙයි විදවනවා. ඒක කොළඹ වගේ නාගරික පරිසරයක යම් තාක් දුරකට හෝ අඩු ඇති. රටේ අනිත් ප්‍ර‍දේශ වල ඇසට පෙනුනට භෞතිකමය දියුණුවක් ඇතිවෙලා තියෙන බවක් ඒත් මිනිසුන් තවමත් එම වේගයෙන් ඉදිරියට ගිහිල්ල නැහැ...

      Delete
    4. There are male dolls for lonely women too.

      Delete
  10. මට කියන්න දෙයක් හිතෙන්නේ නෑ... හැබැයි අකුරක් නෑර කියෙව්වා. මට නිකන් තෝන්තුව වගේ.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් මේ වීඩියෝ බලපු දවසේ නම් ටිකක් ඔළුව හොල්මන් වෙලා තමයි තිබුනේ...

      Delete
  11. ඉතාලියට ආපු මුලම දවසක කතානියා වල ඔවා විකූණන කඩයක් ලගින් යද්දි මේ බොනික්කෝ දැක්කම මමත් ටිකක් පුදුම උනා.. ඒ මම මෙහෙම දෙයක් දැක්ක පළවෙනි සැරේ.. මේ විස්තරේ නම් ගොඩක් වැදගත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉතාලිය වගේ රටවල තියෙන නිදහස එක්ක මේ ‍වගේ දේවල් යම් ප්‍රමාණයකට භාවිතයේ ඇති...

      Delete
  12. ස්තූතියි දිනේශ්, වෙනද වගේම අපූරු මාතෘකාවක්....

    මම කියවපු විද්‍යා ප්‍රබන්ධයක තිබුණා අනාගතයෙදි වර්ගයා බෝ කිරීම ක්ලෝනීකරණයෙන් පමනක් සිදුවන යුගයක් ගැන...හැමෝටම දරුවො හදන්ට දෙන්නෙ නෑ...තෝරාගත් ලක්ෂණ සහිත බුද්ධියෙන් පරිපූර්ණ මිනිසුන්ගෙන් පමනයි එතකොට ඊළඟ පරම්පරාව ඇතිවෙන්නෙ...ඒත් ක්ලෝනීකරනයෙන්

    ඒ වෙනකොට ලිංගිකත්වය, විවාහය ආදරය මේ සංකල්ප ඔක්කොම කිසිම වැදගැම්මක් නැති නිකම් වචන විතරයි....

    අපිට අද ඒ වගෙ ලෝකයක් ගැන හිතන්නත් අපහසු වෙන්නෙ ඒ සංකල්ප අපේ සමාජයේ පදනම විදිහට අපි සලකන නිසා....ඒ වෙනකොට මිනිස්සු හිතන මතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් නිසා ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ මම හිතන්නෙ...

    හුළං ගහපු බෝනික්කො නැවියන්ට ලබාදෙන කතාව මම කලින් අහල තියනව..කර්තව්‍යය කරගෙන යද්දි ඇබේ ගැලවිල බෝනික්කගෙ හුලං ගියොත් තමයි හැබැයි වැඩේ...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. 1993 දී තිරගත වූ Demolition Man (මෙහි ප්‍රධාන චරිතයන් රඟපෑවේ Sylvester Stallion,Sandra Bullock සහ Wesley Snipes) චිත්‍රපටියෙත් ඔබ කියූ විද්‍යාප්‍රබන්ධයේ සිදුවීමට සමාන දෙයක් තිබෙනවා. මිනිසුන් මානසිකවයි එම සුවය විදින්නේ. ශාරීරික එකතුවීම පිළිකුල් සහගත දෙයක් ලෙසටයි ඔවුන් සලකන්නේ.

      හැබැයි මේ බෝනික්කන්ගේ නම් හුලං බැසීමේ ගැටළුව ඇතිවෙන එකක් නැහැ...

      Delete
  13. තමන් කැමති නම් ඉතින් වරදක් නැහැ . ස්ත්‍රී දුෂණ බාලපචාර වෙනවට වඩා බෝනික්කෙක් තබා ගැනීම හැම අතින්ම හොඳයි.. අනික මේ ගොල්ල වාදක බාරියක් වෙයි කියල බයකුත් නැහැනේ . පොඩි කාලේ සමහර පිරිමි ළමයි බෝනික්කන්ට කැමතියි. ඒ වුනත් අනෙක් අය හිනාවෙන නිසා බයයි . යුද්ධ කාලවලදී ලොකු ප්‍රශ්නයක් වෙච්ච කාරණාවක් සමාජ රෝග . හිට්ලර් හොඳයි වගේ ජපනාට වඩා . අඩු ගානේ එයා හිතුවේ බෝනික්කෝ ගැන . ඒ වුනාට ජපනා කලේ යටත් කොරියන් කෙල්ලෝ ලිංගික වහලුන් ලෙස අරන් යාම . මේ දිනවල ඒ ගැන කොරියාවේ කතා බහක් පවතිනවා .

    ReplyDelete
    Replies
    1. කොහොමද කාලෙකට පස්සේ, නෙළුම් විලෙත් මොනවත් පිපිල තියෙනවා දැක්කෙත් නැහැ. ඔව් ඔබ කියන කතාව ඇත්ත ජපානය කොරියාව, පිලිපීනය, බුරුමය, චීනය වගේ රටවල කාන්තාවන් තම සොල්දාදුවන්ගේ මනදොල පිනවීමට භාවිතා කිරීම එක්ක ගත්තම හිට්ලර් එක අතකින් හොදයි...

      Delete
  14. මමත් ඔය සෙක්ස් ඩොල්ස්ලා ගැන දැනගෙන නම් හිටියා. සිලිකන් වලින් එහාට ගිය ඇන්රොයිඩ් රොබෝස් ලා දැන් ජපානේ හදලා තියෙනවා. කෘතිම බුද්දිය හා කෘතිම ස්නයු ජාල (අර්ටි‍ෆිශල් නියුරල් නෙට්වර්ක්) තාක්ශනය භාවිතයෙන්. අදහස් හුවමාරු කරගත හැකි සන්වේදන දැනෙන රොබොස් ලා හදල තියෙනවා. තවම මහා පරිමාන නිස්පාදනයට පටන්ගෙන නැහැ මෙන්න ඒ අන්ඩ්‍රොයිඩ් රොබො කාන්තාවක් ප්‍රතිචාර දක්වන ආකරය.
    ඇගේ මුහුනේ හැගිම් ප්‍රකාශ වීම අති විශිශ්ටයි. තව ස්ටෙප් කීපයයි තියෙන්නේ සැබැ මනුස්ස දුවකගේ හැගීම් ප්‍රකාශයට. ආදරෙත් හිතෙනවා.
    http://www.youtube.com/watch?feature=fvwp&NR=1&v=zIuF5DcsbKU

    http://www.youtube.com/watch?feature=endscreen&v=MaTfzYDZG8c&NR=1
    දෙවැනි වීඩියෝ එකේ රොබෝ කොල්ලෙකුත් ඉන්නවා.
    ඒ නිසා හිරු නන්ගිට ව්තරක් නෙමේ. අපිටත් ඉරිසියා හිතෙන්න පුලුවන්. මුන් ආර්නොල්ලා, වැන් ඩැම්ලා වගේ රොබොල හදලා විකිනුවොත් අපිට හුලන් තමයි.

    මම මේකේ පැති දෙකක් දකිනවා. හොද පැත්ත තමයි සහකරිය/ සහකරුවෙක් අහිමි වෙලා හුදකලාව පාලු තනිකඩ ජීවිත ගත කරන අයට යම් සහනයක් මේවැන්නකින් ලබා ගන්න පුලුවන්. පුද්ගලයන් ගනිකා ඇසුරු කිරිම් වලට යොමුවීම වලක්වන්න පුලුවන් වෙවි. ඒ වගේම සහකරු/සහකාරියගෙන් දිර්ග කාලිනව වෙන්වි සිටිමට සිදුවු අයට (සැමියා/බිරිද විදේශ ගතවී වැනි) වෙනත් පුද්ගලයෙක් හා අනියම් ලෙස ලින්ගික ඇසුරු කිරිමට යොමුවෙනවාට වඩා මෙවැනි දෙයක් ස්වයන් වින්දනය සදහා යොදාගැනිම හොද වේවී. හරියට සෙක්ස් ටෝයි එකක් වගේ.
    නරක පැත්ත තමයි මෙකට ඇබ්බහි වෙලා පහසුවෙන් සෙක්ස් ලැබෙන්න ගත්තම මිනිහෙක් සැබැ සහකාරියක් සොයා ගැනීමට මහන්සි වෙන්න කම්මැලි වෙනවා.අපි ගැනු ලමයෙක්ට ආදරය කරනකොට කොච්චර වෙනස් වෙනවද? අපි අදින පලදින විදිහ? පිරිසිදු කම පිලිවෙල, එයත් එක්ක සාර්තක විවාහයක් ගතකරන්න හොද ‍රැකියාවක් හොයාගන්න, ඒ සදහා මහන්සිවෙලා ඉගෙනගෙන විහාග පාස්කරන්න. කොටින්ම එයාගේ "හිත දිනා ගැනීම" කියන අරමුන කරා ලගාවෙන්න කොල්ලෙක් නොකරන දෙයක් නැ. ඔහේ හාල්පාරුවෙක් වගේ ඉන්න කොල්ලෙක් අදරය දිනාගන්න ඔන තැනදි සැබැ වෙනසකට පත්වෙනවා.
    කොච්චර වුනත් තමන්ගේ ආධ්යාත්මය හා බැදුන තමන්ගේ සිතුම් පැතුම් සමග අදහස් සමග කොටින්ම තමන්ගේ ලොකය බෙදාහදා ගැනිම්කට එන සැබැ සහකාරියකගෙ අඩුව ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක්ට පුරවන්න බැ. අනෙක් දේ තමයි දරුවන් හැදිම. දරුවෙක්ට සැබැ පියෙක් හා සැබැ මවක් යන දෙදෙනාම අවශ්යයි. එතනදිත් ඇන්ඩ්‍රොයිඩ්ලා ෆෙල් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ්ලා නිසා මිනිස්සු සැබැ සම්බන්දතා හදාගන්න වෙහෙස නොවී නිකම්ම ලැබෙන සෙක්ස් වලට ඇබ්බහි වෙලා උදාසීන දිනාගන්න අරමුනක් නැති පුද්ගලයන්(නිකම්මු) වෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තවත් තොරතුරු එකතු කරාට. මමත් ඔබ එක්ක එකඟයි. යම් සීමාවකදී සීමිත පිරිසකට මේ තාක්‍ෂනය හා නිපැයුම ලැබීම හොදයි. එහෙම නැතුවුනොත් ලෝකයේ බොහෝමයක් ස්වභාවධර්මයට අනුකූල දේවල් විකෘති වෙලා යාවි. ඒක නම් මිනිසාගේ මෙන්ම ලෝකයේ පැවැත්මටත් හොද ප්‍රතිඵලයක් ගෙන දෙන එකක් නැහැ..

      Delete
  15. මම නම් මෙගැන මීට අවුරුදු 4 කට විතර කලින් දැන ගන්න ලැබුනා ජපානයේ ඉන්න මිතුරකුගෙන් හැබැයි මිලනම් තරමක් ඉහලයි... හැබැයි මම නම් මෙකේ හොඳ පැත්තකුත් දකිනව මොකද සාමන්‍ය ගැහැනු කෙනෙක් එක්ක විවාහ ජිවිතයකට වඩා පහසු බව ( මොකද බොනික්කො බනින්නේ, රන්ඩුවෙන්නේ, ආඩම්බර පෙන්නනෙ, නැහැනේ...හි හ් හිහ්), නමුත් අදහස් හුවමාරු කරගන්න බැරිනිසා පුංචි අඩුපාඩුවකුත් තියෙනව, එත් තනිකම පාලුව, හුදෙකලාව නැතිකරගන්න හොඳයි...

    ReplyDelete
  16. කලකට ඉස්සර මෙහේ පෙන්වපු ඩොක්‍යුමෙන්ට්‍රි එකක ගියා ජපානයේ ඔය ජාතියේ බෝනික්කො පාවිච්චි කරන ජපන් තරුණයො ගැන... ඒකෙදි කිව්වෙ ඔවුන් වැඩි දෙනෙක් තමුන්ගෙ රැකියාවල් එක්ක කාර්ය බහුල වෙලා ඉන්න නිසා එවැනි බෝනික්කන් මිළදී ගන්න ප්‍රවණතාවය දැන් දැන් වැඩිවෙමින් යනවලු... කුෂි කියල තියෙනව වගේ මිළ නම් ඉහළයි... ඒත් සමහරුන්ට කිහිප දෙනාත් ඉන්නව...
    ලංකාවට ඔය හුළං පුරවන අය ගෙන්නුවෙ ඊයෙ පෙරේද නෙවේ... දැනට අවුරුදු නවයක දහයක කාලෙ ඉඳල.... ඇස් දෙකටම දැකල තියෙන නිසයි කියන්නෙ.... හැබැයි පෞද්ගලික මට්ටමෙන්... වාණිජ මට්ටමෙන් නෙවෙයි...

    ReplyDelete
  17. ඔය දේ වැඩිපුරම වටින්නේ කසාද බැඳලා නැති අයට
    කෝරලේ වලව්ව

    ReplyDelete
  18. Also there are male sex dolls available for women too.

    ReplyDelete
  19. මාත් එකක් ගන්නවා.

    ReplyDelete
  20. Lingika nidahasa nathi kama nisa kochchara nam aparada wenawada appa

    ReplyDelete
  21. ウダラトの
    一日5千万
    ぴったりの

    ReplyDelete
  22. わたしはも
    さくらのはなみ
    たのしんだ

    ReplyDelete
  23. There is nothing to do when you are trapped in an unsuccessful relationship, you cannot retire your sexual life nor put your life in danger with unprotected sex with strangers. Buy sex doll, its the most healthy and sane way to lead a good sexual life. https://www.my-doll.com/difference-between-sex-dolls-and-real-women/

    ReplyDelete
  24. කොහොමද බෝනික්කෝ ගෙන්වා ගන්නේ

    ReplyDelete