මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා රජු පිළිබදව ලිපි මතුපිටින් බැළු විට විහිළුවක් හෝ මානසික රෝගයක් ඇති අය විසින් ලියන්නේදැයි හැඟුනත් ගැඹුරින් බැළුවිට අතීතකාමයේ ගිලී මනංකල්පිත ලෝකයක හෝ ඇත්ත තත්ත්වයෙන් ඔබ්බට සිතන්නට යන අයට මෙම ලිපිය ගෝචර වෙන්නේ යයි සිතමි.මේ ලිපියෙන් කිසිවිටක අපගේ හෙළ මුතුන්මිත්තන් අපහාසයට හෝ අවමානයකට හෝ හෑල්ලු කිරීමකට ලක්කිරිමට අදහස් නොකරන අතර යථාර්තය පිළිබදව යම් පණිවිඩයක් දීමට පමණක් අදහස් කරමි.
මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වන කරුණක් නම් රාවණා රජු පිළිබදවයි. අපගේ කුඩා කාලයේ මෙතරම් හාහුවක් මේ ගැන නොතිබුන අතර දැන් යුද්දයත් ඉවරවුන පසුව කතාකිරිම දෙයක් නැති කමටදෝ බොහෝ මෘධිත හා බ්ලොග් වැනි විද්‍යුත් මාධ්‍ය වලද රාවණා රජු පිළිබදව කතා කරනවා බොහෝ විට දැකිය හැකිය. අප සාමාන්‍යයෙන් දන්නේ රාවණ නමින් ඉතා ඈත අතීතයේ ලක්දිව රජකම් කළ බවත් ඔහු සතුව දඬුමොනරය නම් ගුවනින් ගමන් කළ හැකි යානාවක් තිබූ බවත්, එම යානයෙන් ඉන්දියාවට ගොස් එහි සිටි රාම කුමරුගේ බිරිය වූ සීතා කුමරිය පැහැරගෙනවුත්, අඩම්තේට්ටම් කිසිවක් නොකර රඳවා ගෙන සිටි බවත්, ඉන්පසු හනුමා නම් දැවැන්ත වදුරු රාජයා මෙරටට පැමිණ මහත් අලකලංචියක් කොට ගිය පසුව දැවැන්ත හමුදාවක්ද රැගෙන පැමිණෙන රාම කුමරු හා යුද්දයෙන් රාවණා රජු පැරදුන බවත්ය.
එහෙත් දැන් දැන් ඊටත් වඩා එහා යමින් රාවණා රජු විසින් නොකරන ලද නිර්මාණයක් නැත. ලංකාවේ කිසිදුවිටෙක රාවණා රජු සිටි බවට ලිඛිත සාක්‍ෂියක් හමුවී නැත. එහෙත් එයින් රාවණා නම් රජකෙනෙකු ලංකාවේ නොසිටි බවටද ස්ථීරවම කිව නොහැක. උදහරණයක් ලෙස අපගේ ඉතිහාසය ගැන කියවෙන ප්‍රධානම ලේඛණය සේ සැලකෙන මහාවංශය ගතහොත් එය ලිවීමට පෙර ශතවර්ශ කිහිපයකට පෙර කරුණු එහි ඇත. ඒවා නිසි අයුරින්ම දැන ගැනීමට එකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් හෝ ඉතිහාස කටයුතු පිළිබද ආයතනයක් නොතිබූ අතර මහානාම හිමි විසින් සිංහල අට්ඨකතා, ජනවහර ආදියෙන් ලබා ගත් තොරතුරු වලින් මහාවංශයේ තමන් සිටි කාලවකවානුවට පෙර කාලයේ තොරතුරු සම්පිණ්ඩනය කර තිබෙන බව මහාවංශය පදනම් කරගෙන ලියූ මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේද සදහන්ය.
උක්ත ග්‍රන්ථයේ සදහන් පරිදි ඉන්දියාවේ පවා මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථයක් නොමැති අතර එරටේ ඇති පුරාණ රාජවලින් ගැන සදහන් ග්‍රන්ථයක් ලෙස සැලකෙන්නේ "රාජතරංගණී" නම් ග්‍රන්ථයයි. එහිද ලියවී ඇත්තේ කාශ්මීරයේ රජකම් කළ රජවරුන් කිහිපදෙනෙකු ගැන පමණි.
මෙවන් කරුණු සැලකිල්ලට ගත් කළ පුරාතණ ඉන්දියාවේ විසූ වාල්මිකී නම් ඍශිවරයා විසින් රචිත රාමායණය ගුරු කොට ගනිමින් රාවණා සංකල්පයන් මෙන්ම පිළිගත හැකි නිශ්චිත සාක්‍ෂි නොමැතිව රාවණා සංකල්පයන් පුන පුනා පැවසීමෙන් සමාජයට අත්වන වාසිදායක ප්‍රතිඵලයක් පිළිබදව නම් සැක සහිතය.
අනේකවිද ආගම්, ජාතීන් අදත් සිටින ඉන්දියාවේ රාමායණය වැනි කෘති අතිශෝක්තිය, දේවභක්තිය, මිත්‍යාවන් පදනම් කර ගනිමින් පුරාවෘත්තයක් ගොඩනගන්නට ඇත්තේ පුරාතන ඉන්දියානු මනුෂ්‍ය මනසට ගැලපෙන ආකාරයෙන් විය යුතුය.
ඔබගේ පහසුව පිණිස 2012 ජූනි 02 දා දිවයින බදදා අතිරේඛයේ පළවූ "වාල්මිකීගේ රාමායණය ඉතිහාස විරෝධී ග්‍රන්ථයකි" ලිපියේ මෙම කොටස පළ කරන්නේ හුදෙක් මා ලියන ලිපියේ කරුණු එකහෙලාම පිළිගත යුතුයි කියන මතයේ සිට නොවේ.
උපුටා ගැනීම : වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක් වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක් නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක් ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක් බැවිනි. එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. ප්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක් දැයි හඳුනාගත යුතුය. මුල් අවස්‌ථාවේ ග්‍රන්ථයක් ලෙස නොපැවති මෙය සංස්‌කෘතික ශ්ලෝක 24000 කින් සැකසී තිබුණි. සමස්‌ත රාමායණයට අනුව වාල්මිකී යනු සොර දෙටුවෙකි. ඔහු වනාන්තරයේ මං පහරමින් සිට පසුව සෘෂිවරයෙක් බවට පත්විය. මෙය වාල්මිකී නම් සොරදෙටුවා රාජ වරප්‍රසාද ලබා ගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්‌වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවකු පහළ කර දෙයි. මෙවැනි ප්‍රකාශ, මනස්‌ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතකු පිළිගනී. රාමායණයට අනුව එම දරුවන් දෙදෙනා ලව, කුස නම් වේ. මින් එක් දරුවෙක් වාල්මිකීගේ බව ඊතණ ගසකින් සීතාවට දරුවකු ලබාදීමෙන් තහවුරු වී ඇත. ස්‌ත්‍රියක් වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සති පූජා පැවැත්වූ මිලෙච්ඡ ජන කොට්‌ඨාසයකි. ලක්‌දිව හෙළ කාන්තාව කිසි විටෙකත් තම සැමියා මියගිය පසු ගිනිමැලයට ඇද දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. එබැවින් වික්‍රමතුංග මහාචාර්යවරයා රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් නම් තැනැත්තෙකුගේ බිරිඳ සැමියාගේ වියෝවෙන් පසු ගිනිමැලයට පැන්නේ කුමන පරිච්ඡේදයේ දැයි හෝ සංස්‌කෘතික ශ්ලෝක පාඨයක් රාමායණ තුළින්ම පෙන්වන ලෙස ඉල්ලා සිටිමි. : උපුටා ගැනීම අවසන්.
(මෙම ලිපියද රාවණා රජු සම්බන්ධයෙන් ඊට පසුකාලෙක එම පුවත් පතේ පළවූ ලිපියකි - ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!
රාවණා රජු හෝ වෙනත් රජෙකු ලක්දිව විජයාවතරණයට පෙර මෙහි සිටින්නට ඇත. අනිවාර්යයෙන්ම සමස්ථ හෙළයට හෝ ප්‍රාදේශීය වශයෙන් පාලනය ගෙන ගිය රජෙකු සිටින්නට ඇති බව පිළිගැනීමට සිදුවේ. එහෙත් කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් නොමැතිව ඒ රජු විසින් මේවා නිර්මාණය කළාය. ඔහු මේ මේ විශයන්ට දක්‍ෂයෙකු යයි කීම එම රජුටද කරන නිග්‍රහයකි.
විශේෂයෙන් ලෝකයේ පුනරුදයෙන්, කාර්මික විප්ලවයෙන් පසුකාලීනව මිනිසුන් තුල යමක් පිළිගන්නට විද්‍යාත්මක පදනමක් ඇතිවූවායින් පසුව ඉතිහාසයේ පැවසූ බොහෝ කාරණ "තාරබර" හැරදමා පිළිගත යුතු හෝ අතිශෝක්තිය ඉවත ලා පිළිගත යුතු තත්ත්වයකට පත්විය. උදාහරණයක් ලෙස ගත් කළ යුරෝපීය මධ්‍යතන යුගයේදී රාක්‍ෂයන්, මන්තරකාරියන්/කාරයන්, මකරුන්, අද්භූත සතුන් පරදවා කුමාරිකාවන් ගලවා ගන්නා නයිට්වරුන් යනාදීය ගැන එකළ බුද්ධියෙන් උගත්කමින් අරාජිකව තිබූ මිනිස් මනසට තකටතක විය.
ඈත අතීතයට ගිය ඇමරිකානුවා - A Connecticut Yankee in Kin Arthur's Court වැනි පොත් වල උපහාසය හා ගැඹුරු පණිවිඩයක්ද සහිතව මේ බව පැහැදිලි කර තිබුනි.
ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ඉතා ගරුත්වයෙන් අදහන පුරාවෘතයන් තිබේ. එය දියුණු යයි සම්මත රටවලට පවා පොදු කාරණයකි. උදාහරණයක් ලෙස එංගලන්තයේ වැසියන් විශ්වාස කරන, කවදා හෝ නින්දෙන් අවධිවනවා යයි සිතන මහා ආතර් රජුගේ පුරාවෘතයද එවන් එකකි.ඇතැම් දෙනෙකු මෙම පුරාවෘත්තය සත්‍ය චරිතයක් ලෙස පිළිගත්තත් තවත් අයෙකු මෙවන් අයෙකු සත්‍ය ලෙස නොපිළිගන්නා අතර ඇතැමෙකු පවසන්නේ ඉතිහාසයේ මවා ඇති අයුරින් ආතර් රජු මුළු එංගලන්තය පුරා බලය විහිදවූ බලසම්පන්න රජෙකු නොව ප්‍රාදේශීයව සිටි පාලකයෙකු බවයි.
තවෙකක් තබා මධ්‍යතන යුගයේ චරිතයක් වන රොබින් හුඩ් පවා සත්‍ය චරිතයකට වඩා මිනිසුන්ගේ හිත් පිණවන පුරාවෘත්තයක් බවද පවසයි. (මෙයින් ඔබ රාවණා රජු යනු රොබින් හුඩ්ට සමාන පුද්ගලයෙකු ලෙස අර්ථයක් මනසේ රෝපණය නොකරගත යුතු අතර අදහස් කරනු ලැබුවේ අතීත පුරාවෘත්ත ගොඩ නැගීමේදී සත්‍යයට වඩා එහා ගිහ යමක් එම කතා ගෙතීමේදී එවායේ නිර්මාතෘවරු විසින් කාලයත් සමග යොදා ගෙන ඇත බවයි.)
හෙළ ගවේෂන බ්ලොග් අඩවියේ,"මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට"ලිපිය සම්බන්ධයෙන්ද යමක් කීමට සිතුනේ බොහෝ දෙනා මහාවංශ කතුවරයා විසින් රාවණා රජු පිළිබදව නොසලකා හැරි බවට චෝදනා නගන නිසයි. මහාවංශයේ යම් යම් දුර්වලතා තිබිය හැකිය. එහෙත් අපගේ රටේ ස්වෛරීත්වය බිදින්නට පසුගිය කාලයේ යුදමය වශයෙන් මෙන්ම න්‍යයාත්මක, සෛධාන්තිකව සිදුකළ කටයුතු වලදී අපට යම් තාක් දුරට පිළිගත හැකි ඉතිහාසය පවා විකෘති කිරීමට උත්සහ දැරීමේදී එය වලකා ගැනීමට බොහෝදුරට උපකාරී වූ යේ මෙම මහාවංශයම වේ. මේ ඒ පිළිබදව මහාවංශය හා සිංහල ජනජීවිතය නම් ග්‍රන්ථයේ සන්සෝනි කොමිස පිහිටුවා එහි කටයුතු සිදුවූ අයුරු සදහන් වන කොටසේ සදහන් වන කරුණු වලින් බිදකි.
(උපුටා ගැනීම - මහාවංශය හා සිංහල ජනජීවිතය පිටු අංක xxvi සහ xxvii -)
උපුටා ගැනීම අවසන්.
ලිපිය අවසන් කරමින් කියන්නට ඇත්තේ සමහර විට රාවණා රජු මෙරට සිටින්නට ඇත. සමහර විට නොසිටින්නටත් ඇත. සමහර විට ඔහු ඉතා බලසම්පන්න වෙන්නට ඇති අතර ඇතැම් විට ඔහු ප්‍රාදේශීයව ලක්දිව රජකළ පාලකයෙකු වන්නටත් ඇති. ඒ කවර අයෙකු වූවත් ඔහු හා ඔහු හා සබැඳුන අනෙකුත් කරුණු කාරණා ගැන විද්‍යානුකූල හා පිළිගත හැකි සාක්‍ෂි වලින් තොරව කරුණු හුවා දැක්වීම තර්කානුකූල නොවනාසේම ඔහුට කරන අගෞරවයක් බවද සලකමි.
එවන් අගෞරවයක් කීරීමෙන් වලකිනවා සේම, ඔහු ගැන ලියා ඇති http://vargapurnikava.blogspot.com/ වැනි බ්ලොග් අඩවියක් කියවීම අතීතකාමයේ ගිලී වර්ථමානය හෝ අනාගතය රාවණා රජ්ජුරුවන්ට බාරදී සිටිනවාට වඩා අපගේ ලේ පිරිසිදු කර ගැනීම තුලින් සෞඛ්‍ය වර්ධනය කර ගැනීමටවත් හේතුවනවා ඇත.






Dear Friend,
ReplyDeletePlease read "Dr Sooriya Gunasekara - Lanka Itihasaye Helayugaya"
there are lot of facts regarding Rawana. Great book...
You will change your mind...!!
Already I have read the book. If you want, you could download it from my own blog post comment by whom published it. Any one could write on Rawana or any other human or non human being. But it hasn't any scientific proof I could not belive until solve it.
Deletehttp://sathsamudura.blogspot.com/2011/01/blog-post_4175.html
//lot of facts//
Delete:D
Not only lots of facts but also including unbroken archeological proofs.
Deleteරාවන යනු හින්දු විර කාව්යක් වන රාමායනය තුල ඇති මන්ස්කල්පිත චරිතයකි. රාවන චරිතය ජිවත් වන්නේ හින්දු ආගම නිසාය. හින්දු භක්තිකයන් ඔවුන්ගේ දෙවියන් ලෙස සලකන රාමා එකල ලොකයේ දුස්ටයාව සිටි රාව්නගෙන් ඔවුන් ගලවා ගත් බව අදහති. ඔවුන්ට නම් රාවන ප්‍රතික්සේප කිරිම කල නොහැක්කේ රාමද ඉන් අහෝසි වී යන නිසාය. ඇත්තෙන්ම රාමයානය, මහාහාරතය වැනි පෙරදිග විර කාව්ය රචනා කලා සේම යුරොපයේද හොමර් වැනි කවියන් විසින් ඉලියඩ් , ඔඩ්සි වැනි ග්‍රික විර කාව්ය රචනා කෙරුනි.
ReplyDeleteදැන් අලුත්ම ෆැන්ටසිකරන පැතිරෙමින් තිබේ. ඒවාට අනුව අතීත හෙලයන් සතුව සතුව අබ්යවකාශ තාක්ශනය, න්යශ්ටික අවිද තිබි ඇත.පිටසක්වල ජීවින් සමග යුද්ද කර ග්‍රහලෝක පවා අල්ලාගෙන ඇත. ඔවුන් කියන පරිදි නාසා එකෙන් දැන් ඔය අගහරුවෙත යානා යැවිම කරන්නේ සොරා ගත් පුස්කොල පොත් වල ඇති තාක්ශනයෙන් යන්තම් අටවාගෙනලු. අපි වහාම කොපි රයිට් ඉල්ලා නඩු දමා ඩොලර් බිලියන ගනනක් ඇමරිකාවෙන් ලබා ගත යුතුය.
මගේද මතය ඔබ පවසනා දෙයමයි. අතීත පුරාවෘතයක් 100% ක් විශ්වාස කරමින් තමන්ගේ සිත ඇතුලේ තිබෙන ෆැන්ටසි කතාව ඇත්ත ලෙස කීම තමයි බොහෝ දෙනෙකු කර ඇත්තේ...
Deleteඅරිසෙන් අහුබුදුවන්ට අනුව ,...
Deleteඅප්‍රිකාව යනු තාරක රජතුමාගේ යටත් විජිතයකි. හේතුව, අප්‍රි=අප්‍රිය වූ, පා=කාපිරියන්.
වාරියපොළ යනු ඉපැරණි ගුවන්තොටුපොළකි. හේතුව, වා=වායු, රිය=රථ, පොළ=නැවතුම්පොළ. වාතයෙන් යන රථ නැවතුම් පොළ.
සූරිය ගුණසේකරයන්ට අනුව ඊජිත්තුවේ ගීසා පිරමීඩ හැදුවේ හෙළයින්ය. හේතුව එම පිරමීඩ හැදුවේ අහසින් ආ සිංහ මිනිසුන් යැයි ලියා තිබීමත් (අහසින් ආ සිංහ මිනිසුන් හෙළයින් පමණක් විය යුතුය) එම පින්තූර වල හෙළිකොප්ටරයක පින්තූරයක් තිබීමත්ය.
එසේම රාවණා රජතුමාට න්‍යෂ්ඨික අවි තිබී ඇත. හේතුවනම් මහා භාරතයේ න්‍යෂ්ඨික පිපිරීම් ගැන සඳහන්ව තිබීමයි.
මිරැන්ඩෝ ඔබේසේකරයන්ට අනුව රාවණ රජතුමා මේ වසර අගදී නින්දෙන් අවදි වෙයි.
ඔය ආකාරයට අප දක්වා ඇති මතවාද වලට පදනම් වූ මූලාශ්‍ර හෙළ නැයුවන්ගෙන්ම අරගෙන ඇත. ඒ අනුව ඒවා බොරුයි යැයි කවූරුන් හෝ කිව්වොත් හෙළ ගවේශක තුමන්ලාද බොරුකාරයින් වෙයි.
ආචාර්ය ජයරත්නයාණෙනි, මන්ද රාවණ රජතුමාට ඔයතරම් නිදිමත, එතුමාට මේ වසර අවසන් වන තෙක් නොයිද දැන්ම නැගිට ගන්නට නොහැකිද?
Deleteඒකනේ මී ජයෝ මාත් කියන්නේ මු ඔච්චර නිදිනම් අයිස් වතුර බාල්දියක් ගහලා හරි ඇහරවපන්කෝ...
Deleteමී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
Deleteඅරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.
++++++++++
ReplyDeleteමේ වගේ දෙයක් ගැන මතයක් පළ කරන්න තරම් දැනුමක් මට නැති උනත් මගේ අදහස නම් රාමයනය හො මහාවංශය පුරාවිද්‍යා මූලාශ්‍ර වශයෙන් යොදා ගන්න පුළුවන් සුළු කරුණු ප්‍රමාණයක් අඩංගු විරකතා දෙකක් විතරයි කියන එකයි.... රාමායනය කියන්නේ තනිකරම ඔය කියනවා වගේ වන්දිභට්ට වීරකතාවක්.... මහාවංශය උනත් ලියවිලා තියෙන්නේ ජනකතා වැනි දේ මූලාශ්‍ර කරගෙන අවුරුදු දහස් ගාණකට පස්සේ....
ReplyDeleteඉතිං වීරකතාවලදි සාමාන්‍යයෙන් කරුණු අතිශයෝක්තියෙන් දක්වන අවස්ථා වැඩියි.... මේ රාවණා සිද්ධියත් ඔය වගේ කියලා මට හිතෙන්‌ෙන්...
රාමායණය කෙසේවෙතත් මහාවංශයේ යම් කිසි පුරාවිද්‍යා මූලාශ්‍රයක් ලෙස ගත හැකියි. උදාහරණයක් ලෙස කියනවා නම් මහාවංශයේ යම් ඉදිකීරීමක් මේ මේ අය විසින් කළා කියනවා නම් අඩුම තරමින් ඒ දේවල් අපිට අදටත් ඇහැට දකින්නට වගේම සමහර විට ඒ ආශ්‍රිතව ලැබෙන ශිලා ලේඛණ වලින් හෝ මේ දේ මේ අය කළාය සහ මේ දෙය පවතිනවා යන පදනම මත හෝ පිහිටා පිළිගැනීමට පුළුවන්. ඒත් රාමායණයේ කියනා දේවල් කොහිද තිබෙන්නේ? එහි පැවසෙන දේවල් යම් විදියකින් පිළිගන්න කොහේවත් ලේඛණ ගත කිරීමක්, ඒවා හමුවූ බවක් අසා නැහැනේද?
Deleteඉස්සර නම් නිකමට හරි රාවණා කියල කෙනෙක් හිටියයි කියල මාත් පිළිගත්ත. ඒත් දැන් දැන් මේ ඇහෙන මනස්ගාත හින්ද ඒ ගැන කියන්නත් ලැජ්ජයි වගේ.......
ReplyDeleteම්..ම්.. ඒක තමයි මටත් තියෙන ගැටළුව...
Deleteඅපි හැමදාම කළේ වංසෙ කබල් ගාපු එක විතරනෙ දිනේශ්.. රාවණා කියලා රජ කෙනෙක් හිටියා කියමුකො.. අඩු ගානේ එතුමා කලායි කියන විශ්මිත ක්‍රියා, කළේ කොහොමද කියලා සොයා බැලීමක්වත්, ඒවා නැවත මතු කරගැනීමට උත්සහයක්වත් අපේ නෑනේ.. අපී එතුමගේ පංපෝරිය ගගහ බටහිරින් එන තාක්ශණයට වැඳ වැඳ ඉන්නවා.. සමහර විට ඔය කියනවත් අගේ බටහිරයො පරීක්ශන මගින් ඒ තිබුන මොකක් හෝ රහස් දැනුමක් මතුකරගත්තා වෙන්ඩත් පුලුවන්... අපේ ජාතික ආදායමෙන් පරීක්ශණ සඳහා වෙන් වන්නේ කීයද.
ReplyDeleteවැඩක් නැහැ සෙන්නා පරීක්‍ෂන සදහා වෙන්වුනත් ඕවා ලංකාවේ හැදෙන්නේ නැහැනේ. බලන්න ඉතාම සීමිත සම්පත් ප්‍රමාණයක් තිබිලත් නව නිර්මාණකරුවන් විසින් සොයා ගන්නා කිසිම දෙයක් මෙහේ වාණිජ මට්ටමෙන් නිශ්පාදනය වෙනවද? නැහැනේ.
Deleteරාවනා රජු ගැන කියන්න හදන ඒක විකාරයක් කරගත්ත වරිග පූර්ණිකාවෙන් නම් කෙරෙන්නෙ යහපතකට වඩා අහයපතක්. ලංකාවේ සමස්ත ඉතිහාසයම ඔවුන් දවසක විහිලුවකට ගනීවි
ReplyDeleteවරිග පූර්ණිකාව කරන්නේ මොරටුව සරසවියේ සිසු පිරිසක්ලූ කියලා ආරංචියක් තියෙනවා! (භෞතිකවාදී මනසකින් ඔද්දල් වුණු) - සත්‍යය දැයි නොදනී
ඕක කරන්නේ මේ බ්ලොග් අවකාසෙම ඉන්න එකෙක්. ඒ කවුද කියා මාරයා ඇතුළු පිරිසක් දන්නවා.
Deleteඑයට ඔවුන්ට පමණක් දොස් කීමෙන් ඵලයක් නොමැතිය. එයට හේතුව ඉතිහාස ගත පුරවෘතය කෙසේවෙතත් හරිහැටි ඒ ගැන පුරාවිද්‍යාත්මක නිරීක්‍ෂනයක් නිගමනයක් නොමැති උගතුන්, විද්වතුන් ඇතුළුව සියළු දෙනා තාත්වික යථාර්තවාදී ලෝකයෙන් ඔබ්බට ගිය "ෆැන්ටසි" නිගමනයන් ඉදිරිපත් කිරීමයි.
Deleteඅපේ රටේ මිනිසුන් බොහෝමයක් සිතන්නේ කියන්නේ අපගේ රටට තරම් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්, ආගමක් නොමැති බවයි. අනෙක් රටවල සිටින මිනිසුන්ගේ ආගම, ඉතිහාසය හෙළා දකිමින් කටයුතු කරනවා විනා තමන්ගේ වැරදි හදා නොගනිමින් අතීත කාමයෙන් වර්ථමානයට හෝ අනාගතයට වැඩ දායි වැඩක් නොකරමින් රාවණා හෝ අනාගතයේ පහළවෙන දියසේන කුමාරයා සොයමින් හෝ අතීත රජදරුවන් කළ වෙහෙර විහාර වැව් ගැන කතා කරමින් සිටිනවා මිස අළුත් දෙයක් ගොඩනගන්නේ කීයෙන් කීදෙනාද?
ඉතිහාසයට අප ගරු කළ යුතුයි. ඒ පිළිබදව මීට වඩා ප්‍රතිපාදන වෙන්කොට සෙවිය යුතුයි. ඒ එයින් අපගේ සැගවී ඇති යටගියාව ඉස්මතු කරගැනීමටත්, ඒවා අනාගත පරපුරට දැකගැනීමටත්, එයින් ගත හැකි අරුත්බර යමක් වර්ථමානයට හා අනාගතයට එකතු කර ගැනීමටත්ය. නැතුව ඉස්සර කරපු දේවල් ගැන කියමින් කාලය මැරීමට නොවේ...
මේක නම් නියම බ්ලොග් එක අය්යේ. ඔක්කොම ටික කියවල ඉවර වෙලාම කොමෙන්ටුවක් දාන්නම්. දිගටම මෙහෙම ලියන්න.
ReplyDeleteස්තුතියි මල්ලී!
Deleteමේ වගේ මාතෘකා ගැන ලියවෙන ලිපි වලට කොමෙන්ට් දාන එක මම වැඩිය කරන්නෙ නෑ.. ඔබේ ලිපි ගොඩක් වෙලාවට යම් පදනමක් සහිතව ලියවෙන නිසා කොමෙන්ට් කරන්න හිතුනේ..
ReplyDeleteගොඩක් වෙලාවට කැම්පස් කාලෙදි සහ කැම්පස් අවුට් වෙලා(කැම්පස් කිවේ පොදුවේ තේරෙන්නෙ. නොගිය අයත් අදාළයි) ඕවගේ දේවල් ගැන හෙවීමේ ආසාව සහ ඒවාගේ (රැඩිකල්)මත පිළිගැනීමේ ආසාවක් එනවනේ.. මට හිතෙන්නේ මේ දිනවල තියෙන්නෙ අන්න ඒවගේ කට්ටියක් විසින් සොයා ගත් සහ ඒ ඒ අය විශ්වාස කරන දේවල් පතුරවා හැරීමේ පොඩි වැඩක්.. ඒක වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ.. ඇත්තටම අපි හැමෝම ඔය ෆැන්ටසි කතාවලට කැමතියිනේ..ෆැන්ටසියේ වීරයා අපේ කියන්න කවුද අකමැති.. හික්.. පුරාවිද්‍යාව හරි ඉතිහාසය හරි ගැඹුරට හදාරන්නේ නැති බොහෝ හුදී ජනතාවට ඒවගේ රසයක් දෙන එක වරදක් නෑ කියලයි මට හිතෙන්නේ
ඔබ මේ ඉදිරිපත් කරල තියෙන දේනුත් අන්තිමට රාවණා කියන්නේ කවුද කියන එක පැහැදිලි කරන්න බෑ නේ.. නමුත් රාවණා කියන චරිතය යොදාගෙන හොඳ ෆැන්ටසි නිර්මාණයක් කරන්න කාට හරි මේ මඟින් හොඳ අවස්තාවක් හැදෙයි.. අනිත් එක ඉතිහාසයේ චරිත ඇත්ත වුණත් බොරු වුණත් ඇත්තටම එයලා අපිට ෆැන්ටසි ලෝකයක චරිත විතරයි.. ලෝක පූජිත වුණ බොහෝ සිනමා නිර්මාණ වල ඉන්නේ අපේ රාවණා වගේ ෆැන්ටසි වීරයෝ නේ.. අපිටත් අපේම කියල එහෙම කෙනෙක් ඉන්න එක ගැන මට නම් සතුටුයි..
නැහැ. මට කිසිසේත් කියන්න බැහැ රාවණා කියල රජ කෙනෙක් හිටියද? නැත්ද? කියලවත්. මොකද මම ඒ ගැන කිසිම පරීක්‍ෂනයක් කරලා නැහැ. මටත් කාලෙකට ඉස්සෙල්ලා රාවණා රජු ගැන ලිපි ලියන්න කියලා පෙර යම් ලිපියක් පළ කළ වෙලාවේ ගොඩක් දෙනෙක් ඉල්ලා සිටියා. ඒත් එහෙම කෙනෙක් සිටි බවට ජනවහරෙන් හා අනෙකුත් නිල නොවන මූලාශ්‍ර (නිල නොවන සේ අදහස් කළේ උදාහරණයක් විදියට දුටු ගැමුණු රජු සිටි බවට මහාවංශය හෝ සාක්‍ෂි දරනවානේ) වලින් මිස කිසිදු පැහැදිලි නිර්ණායකයකින් තොරව ඔප්පු කර ගන්න බැහැනේ.
Deleteමගේ අදහස මේකයි පැහැදිලිව මෙහෙම කෙනෙක් සිටි බවට ඔප්පු කරන්න බැරිනම්, එහෙම කෙනෙක් ජීවත්වූ හෝ නොවූ බවෙන් ගැටළුවක් නැහැ.එම කෙනාට අපගේ ගරුත්වය හිමිවිය යුතුයි. ඒත් ඒ පිළිබදව දන්නෙත් නැතුව ඔහු විසින් අරක හැදුවය, මේක හැදුවය, ඔහු මේ ක්‍ෂෙත්‍රයේ නිපුණත්වය තිබුන කෙනෙක්ය කියන එක සම්ප්‍රප්පලාපයක් විතරයි. අන්තිමේ මේ ඔප්පු කරගන්න බැරි පුද්ගල චරිත ක්‍රමයෙන් මෙරට මිනිස් සමාජය තුල අනිවාර්ය ජීවමාන සාධකයක් බවට පත්කරල ඒවා ඉස්මතු කරල මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න යටපත් කරන්නට යොදාගැනීමයි පසුව ගැටළුවක් වෙන්නේ. උදාහරණයක් කියනවානම් පේනවානේ අද මෙරටේ ශීලාචාරකම, විනය කියන එක කොච්චර පිරිහිලාද? ඒත් ඒවා පිළිබදව තීන්දු තිරණ ගන්න පුළුවන් බලධාරීන් ඒ ක්‍රියාමාර්ගය ගන්නේ නැතුව අතීත රජදරුවන්ගේ කාලයේ මෙච්චර ශිෂ්ඨය, අපිට තියෙන්නේ මෙච්චර පෞඩ ඉතිහාසයක් කියල කියනවා මිසක් වර්ථමානයේ ජීවත්වන අපගේ ජීවිත යහපත් කරන්නවත්, අනාගතයේ බිහිවෙන්න ඉන්න දරුවගේ ජීවිතය යහපත් කරන්නවත් මූලික වෙන්නේ නැහැ. පේනවානේ අද කී දෙනෙක් දුටු ගැමුණුල වෙන්න යනවද? අන්තිමට රාවණත් වෙන්න ගියොත් මනස්ගාත මිසක් රටට වැඩදායක දෙයක් ඉතිරි වෙන්නේ නැහැ...
මිතුරු මට මේ කරුණු කලින් මඟහැරුනා. ලංකාවේ ෆැන්ටසියකට ඉඩක් තියෙනවද කියන ගැටළුව තියෙනවා. සාමන්‍යයෙන් ඉන්දියාව වගේ රටක ෆැන්ටසියක් මවන්න ලේසියි කියන එක මගේ අදහස. එයට හේතුව තමයි ඔවුන් උග්‍ර ආගම් භක්තියකින් පෙළීම වගේම අන්ත දිළිදුබාවයත්. ආගමික උන්මාදයකින් සිටින කෙනා ෆැන්ටසියකින් හෝ තම ආගමේ කියවෙන දේවල් අත්විදින්න කැමතියි. ඒවගේම දුප්පතා තමන්ගේ දුක මදකට හෝ නිවා ගන්න ෆැන්ටසිය පිහිටක් වේවි.
Deleteඒත් බටහිර දියුණු සමාජයේ ෆැන්ටසිය කියන්නේ හුදු විනෝදයක් හා කලාවක්. ඒ වුනාට අනාදිමත් කාලයක ඉදල බෞද්ධ පදනම ඉතා පහළම ස්ථරය දක්වා ස්ථාපනය වූ ලංකාවට ෆැන්ටසියකට ඉඩක් නැහැ. පේනවනේ පසුගිය කාලයේ ෆැන්ටසි උපකල්පන ඉදිරිපත් කළ වදුරඹ අළුත් බෝසත් තුමාටයි, සකෘදාගාමීයයි කිව්ව සමන්තභද්‍රටයි බෞද්ධ සමාජයෙන් එල්ලවුන පීඩනය.
ෆැන්ටසියක් බෞද්ධාගමිකව යහපත් චේතනාවෙන් හෝ සමාජගත කරන්න යන බොහෝ දෙනෙකුට අත්වන ඉරණම ඒකයි. ඒත් සෝම හාමුදුරුවෝ ෆැන්ටසියකින් තොරව සමාජ යථාර්ථය,ඇත්ත තත්ත්වය මුල් කරගනිමින තම කාර්යය ඉටු කළ නිසා තමයි උන්වහන්සේගේ නික්මයෑමෙන් පසුවත් ලංකාවේ සමාජය තුළ ඉහල පිළිගැනීමකට ලක්වී තිබෙන්නේ.
@ දිනේශ්,
Delete100% එකඟයි.
ඒ කාළේ ඒවා කළාය, මේවා කළාය කිය කිය ඉන්නවා මිසක් මේ කාලේ කරන මගුලක් නෑ.. ලේකෙ තෙල් ඉවර වෙච්චදට අපි විනාසයි.. බේත් පෙත්තෙ ඉඳන් හැමදෙයක්ම පිටින් එනකම් කට බලියන්නේ ඉන්නෙ.. නැව් වලටයි, ප්ලේන් වලටයි එන්ඩ බැරි වෙච්ච දාට ඔක්කොවන්ටම මුහුදට පනින්ඩ තමා වෙන්නෙ.
ඒක තමයි සෙන්නා. අපි වැටී සිටිනා තත්ත්වය තේරුම් ගත යුතුයි. ජාතියක් වර්ණවත් කරන ඉතිහාසමය කරුණු හැකිනම් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සොයා බලා අනාගත පරපුරටත් ඒවා දැනගැනීමට මාර්ග සලසනවා මිස වර්ථමානයටත් අනාගතයටත් වැඩක් නොමැති හිස් වචන කියා කාලය නාස්ති කිරීමෙන් ඵලක් නොවන්නේමය...
Deleteදිනේෂ්, මම ඔබගේ කතාවට විරුද්ධ නෑ නමුත් අපි හැමදාම කරල තියෙන්නෙ සහ කරන්නෙ එකම දේ... අපි අපේ ඉතිහාසය,ආගම,කලාව සහ සංස්කෘතිය රැක ගෙන ඒවාට ගෞරව කරගෙන ඉන්න එක තමා හැමදාම කළේ... ඒ ඉතිහාසයේ තියෙන්නෙ මොනවද? ආගමේ(අපි අපේ කියන බෞද්ධ ආගම ගැන)කියල තියෙන්නෙ මොනවද කියල කවදාවත් හිතන්නෙ නෑ..
Deleteඒ අපි ඒවට ගරු නම්බු දීල ආරක්ෂා කරන එකට තමයි ප්‍රමුඛතාව දීල තියෙන්නේ..දැනටත් මේ හෝ ගාල කට්ටිය ගහ මරා ගන්නේ බුද්ධාගම රැක ගන්න කියල මිසක් ඒක තේරුම් ගන්න නෙවෙයි නේ.. (රැක ගත යුත්තේ ඒව නිවැරදිව තේරුම් ගෙන ක්‍රියාවේ යොදවා මිස හතර වටේට බැන බැන යන එක නෙවෙයි නේ)
ඔයා පසු ගිය දිනවල ඩාවින්සි ගැන අපූරු ලිපියක් ලිව්වා.. ඒවගේ තව පුද්ගලයෝ ගැන බොහෝ විස්තර ඔබ සහ වෙනත් අය ඕනෙතරම් ලියනව.. ඒ චරිත මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච චරිත.. ලෝකෙම මිනිස්සු ඒ අය ගැන කතා වෙනවා.. ඒ මිනිස්සුන්ට ගරු කරනව.. ළමයින්ට උගන්නනවා..
අපේ රටේ හිටපු එවැනි චරිත ගැන අපේ රටේ ඇර ලෝකේ වෙන මොන රටවල් වලද කතාවෙන්නේ? ක්‍රිකට් කණ්ඩායම ගැන නෙවෙයි මේ කියන්නේ.. ලෝකයේ රටවල් තම්න්ගේ රටේ හිටිය මිනිස්සු ගැන තමන් විසින් ම හොයල බලල ඒ මිනිස්සු කළ කී දෑ ගැන ප්‍රචාරය කරල ඒ ඒ අයට ලැබිය යුතු නිසි ගරුත්වය සහ සැලකීම ලබා දීල තියෙනවා. අපි හැමෝම ඒ අය ගැන දැන ගෙන ඒ ඒ අය කළා යැයි පිළිගන්නා දේවල් අගය කරමින් මේ මහ ලොකුවට පිට රටවල් ගැන කතා කරන්නේ ඒ මිනිස්සු ඒ දේවල් වලට නිසි ප්‍රචාරයක් දීපු නිසා..
මම පිළිගන්නවා රාවණා ගැන අපි දන්න කෙහෙල්මලක් නැතුව බොරු වලින් ප්‍රචාරයක් දෙන එක නෙවෙයි කරන්න ඕනේ හරි දේ හොයල ඒ දේ ප්‍රචාරය කරන්න ඕනේ කියන එක(ප්‍රචාරය කරන්න තරම් දෙයක් කරල තියෙනවනම්). දැන් එංගලන්තෙ හිටපු ආතර් රජ්ජුරුවො ගැන ඔයාල අපි දන්නෙ කොහොමද? එයා ලෝකෙටම සේවයක් කරපු කෙනෙක් ද? කැම්ලට් කියල (ඇත්තද බොරුද නොදන්නා) රජ්‍යයක් නියම විදියට පාලනය කරපු යහපත් රජෙක් විදියට අපි එයා ගැන දන්නවා..එයාට වීර නයිට් වරු හිටිය කියලත් අපි දන්නවා.. ඒ රජ්ජුරුවන්ගෙයි නයිට්ලගෙයි නිදන කාමර වල වෙච්ච දේවලුත් අපි දන්නවා.. හික්.. අපි විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල තරුණ ළමා වැඩිහිටි ගොඩක් අය ඒ ගොල්ලො ගැන දන්නවා.. ඒ දේවල් ඇත්ත වුණත් බොරු වුණත් වීරයෝ විදියට හැමදාම ඒ චරිත ලොවපුරා මිනිසුන්ගේ සිත්වල ඉන්නවා..
දැන් අපි දුටුගැමුණු හරි වළගම්බා හරි රජකෙනෙක් ගැන හිතල බැලුවොත් තව අවුරුදු 20-30කින් ඉන්න පොඩි උන් ෂුවර් එකටම ආ ඒ කවුද කියල අහයි.. අපි ඒ ඒ රජවරු කළා යැයි සළකන සියලලට වන්දනා මාන කරමින් මාර ගරුත්වයකින් පොත් පත් කීපයක් ඇතුළට හිරකරගෙන ආරක්ෂා කරගෙන ඉන්නව..දැන් මේ ටිකෙන් ටික විනාශවෙමින් යන 2500 වසරක් පැරණි සංස්කෘතියට අයත් රාමුව ඇතුළෙ හැදිච්ච පරම්පරා කීපෙකින් පස්සේ මේ දේවල් මේ විදියට රැකිල තියෙයි කියල හිතන්න පුළුවන් ද? ඒක අපි කාගෙවත් වැරද්දක් නෙවෙයි ඒ ඒ දේවල් සිද්ධ වෙන්නෙ එහෙමයි.. අර පරිණාමවාදයේ එන ප්‍රසිද්ධ කියමනට අනුව වෙනස් වෙන දේවල් වලට අනුව ක්‍රමානූකූලව වෙනස් වෙච්ච (තමන්ගේ විදිය රැක ගෙන වෙනස් වීම) අය හැමදාම පවතිනවා..
ඉස්සෙල්ල කොමෙන්ට් එක දිග වැඩි වුණා.. මේ ඉතිරි ටික..(මෙච්චර දිගට මම බ්ලොග් පෝස්ට්වත් ලියන්නෙ නෑ හික්..)
Deleteමම කියන්නෙ නෑ මේ දවස් වල මේ හැමෝම බනින වර්ගපූර්නිකාව කියන බ්ලොග් එකේ කියන දේවල් (බහුබූත) ඇත්ත කියල පිළිගන්න එක සහ ඒවා ඒ විදියට සමාජගත වෙන්න අරින්න ඕනේ කියල.. නමුත් මේ විදියට ගොතා කියන බොරු නිසා හරි මිනිස්සු ඒ දේවල් ගැන හොයන්න පෙළඹවීම වටින්නෙ නැද්ද නිකන් වංසෙ කබල් ගගා ඉන්නවට වඩා..
ඉතිහාසය දෙස නිර්මාණශීලීව බලල අලුත් දේවල කරන එකේ කිසි වරදක් මා නම් දකින්නෙ නෑ.. මා වර්ගපූර්නිකාව කියවූ පාඨකයෙක් පමණි වෙන කිසි සම්බන්ධයක් නැත.. නමුත් එහි ඇති සමහර නිර්මාණශීලි කරුණු වලට මා පෞද්ගලිකව කැමතියි.. සමහර මෝඩ ආතල් හුදෙක් විනෝදයට මිස වෙන වැඩකට ගත නොහැක..
අපි දැන් පිළිගන්නා අපේ වීර චරිත කළ කී දේ අප පිළිගන්නේ ඉතිහාසයේ සිදුවූ කරුණු අනුව ඒ දේවල් හැදෑරූ අය විසින් පොත්පත් වල සටහන් කරතැබූ කරුණු නිසානේ.. ඒවායේ අතිශයෝක්තියෙන් එබ්බවූ කරුණු නෑ කියල අපට කියන්න බෑ නේද.. එහෙම එබ්බවූ දේවල් බෞද්ධ සාහිත්‍යයෙත් ඕනෙ තරම් තියෙනවා (බුදුහාමුදුරුවෝ කිව්වෙ එකක් අපි කරන්නේ තව එකක් වෙලා තියෙන්නෙ ඒක නිසා කියලයි මම හිතන්නේ)
සරල උදාහරනයක් කියන්නම් අපේ වර්තමාන රජතුමා ලංකාව තිස්වසරක යුද්දෙන් නිදහස් කළා කියන දේ ඉතිහාසයේ ලියවෙන දෙයක්..ඒක කලේ කොහොමද? සධාරණකම් අසාධාරණකම් වුණ හැටි වලට වඩා ඒ ඉතිහාසය කියවන මිනිසුන්ට වැදගත් වෙන්නේ මෙයා මේක කලා කියන එක.. ඊට පස්සේ රාජ්‍ය පාලන කාලය තුල පාරවල් ටික හැදුවා ලොකු ලොකු බිල්ඩිං හැදුව කියල ඉතිහාසයේ ලියවෙයි.. කලේ කොහොමද වංචා දූෂණ තිබ්බද නැද්ද 100% හරිද කියන එක කාටවත් වැදගත් වෙන්නෙ නෑ..
ඉස්සර රජවල මහ දාගැබ් වැව් හදදිත් ඕනෙ තරම අසාධාරණ කම වෙන්න ඇති.. අහිංසක මිනිස්සු මැරෙන්න ඇති.. වංචා දූෂණ කරපු ඇමතිලා මන්ත්‍රීලා ඕනෙ තරම් ඉන්න ඇති.. අපිට ඒව වැඩක් නෑනේ.. අපිට පෙන්නන්න දෙයක් තියෙනවනම් රහ කර කර කතා කරන්න දෙයක් තියෙනවනම් ඉතිහාසේ හරියටම වෙච්ච දේ වැදගත් වෙන්නෙ නෑ නේ.. අන්න ඒ වගේ.. ඔය විදියට හිතල බලනකොට අපි දැන් ඇත්ත යැයි සලකන කිසිම දෙයක් 100% ඇත්ත කියල පිළිගන්න අපිට බෑ නේ..
රාවණා ගැනත් එහෙමයි.. අපි දන්න දේවල් ටිකක් තියෙනවා.. ඒ ටිකට තව ටිකක් අතින් දාල ඒක ලස්සන/කැත කිරීම කවුරුහරි කරනවා..
අනිත් එක ඉතිහාසය සොයා ඒවා ජනතාව වෙත/ලෝකයට ලබා දීම පත්වන ආන්ඩුවේ වගකීමක් යැයි සිතන තාක් අපේ ඉතිහාසය නම් කවදාවත් එළියට එන එකක් නෑ.. එහෙම මිනිසුන් පාලකයින් විදියට එනකම් බලාගෙන ඉන්න අපි තමයි මෝඩ වෙන්නේ..
ඔබ මට කියන්න යමක් ඉතිරි නොකරම තර්කානුකූලව හා සාක්‍ෂි සහිතවම ඉදිරිපත් කර ඇත. රාවණා හා අනෙකුත් රජවරුන් අතර ගැටළුව අචේතනික හා සචේතනික ගට්ඨනයයි.
Deleteයමෙකුට වලගම්බා සහ අනෙකුත් රජවරුන් වුවද අනාගතයේ විහිළුවක විය හැක. නමුත් වෙනස ඇත්තේ වලගම්බා යනුවෙන් රජෙකු අපට සිටි බව අපගේ ඉතිහාසය ග්‍රන්ථ කිහිපයකම හෝ සටහන් වීමත් අඩුම තරමින් ඔහු ඉදි කළා යයි සමාජ සම්මත එක් ඉදිකිරීමක් හෝ තිබීමයි.
අපට කිසිම දෙයක් 100% පිළිගැනීමට බැහැ. ඒවගේම ඉතිහාසය පුරාවටම සුදු චරි තයයි වර්ග කළ චරිත පිළිබදව ගැඹුරින් සොයා බැළුවහොත් ඇතැම් විට සුදු බව නැති වන තරමටම කළු චරිත ඒ තුල සැගව තිබේ.
මමත් වර්ගපූර්ණිකාවට අළුතින් එකතුවූ පාඨකයෙක් වන අතර මෙම ලිපිය ලිවීමට උත්තේජනය සැපයුවේත් වර්ගපූර්ණිකාවයි. එසේම මා බ්ලොග් අවකාශයේ දුටු හොදම වින්දනාත්මක බ්ලොග් අඩවිය බවට නම් කරන්නේත් වර්ගපූර්ණිකාවයි. එසේම මෙහි තාක්‍ෂිකව ඇති බාදකයන් නිසා ලිවීමට අපහසු පිළිතුරක් ඉදිරි ලිපියේදී ලබාදෙන අතර අවස්ථාවක් ලද හොත් එයටද සහභාගී වන ලෙස ඉල්ලමි...
http://akila-helayek.blogspot.com Web adaviya kiyawanna.
DeleteItha gunathmaka lipi atha. Mama mema web adaviya vargapoornikawe thibu lipiyakin danagathimi. Meme mathrukawa sandaha adala viyauthu nomuth awdhanaya aduwen youmu wee athi blog 1k nisa sandahan kireema sudusu yai hanguni.
ස්තූතියී! එම අඩවිය ගැන දැනුවත් කළාට හා මෙහි පැමිණියාටත්...
Deleteහෙල බස , හෙල අතීතය විහිළුවකට බඳුන කරමින් , ශ්‍රී ලාංකීය ඉතිහාසය පවා විකෘති කරමින් මුද්‍රිත මාධ්‍ය පවා විනෝදය සපයමින් තමන්ගේ වෙළඳාම කරගන්නට උත්සුක වෙන සහ ඒ ඔස්සේම ඇරඹී “රාවණා රැල්ලකින්“ සිංහල බ්ලොග් පරිශ්‍රයත් , ඒ ආශ්‍රිත අන්තර්ජාල පිටුපවා හිස් වදන් වලින් පුරවමින් , හිමි රස තිබියදි “කුණූ රසක් “ විඳින්නට පොළඹවන කාළෙක ඔබේ සටහන නම් අනර්ඝයි , මේ ලෙසින් ගියොත් තව ටික දවසකින් , දෙවනපෑතිස් රජුත් , දුටුගැමුණු රජුත් කවටයන් ගණනට වැටෙනවා ස්ථීරයි .
ReplyDeleteඉතිහාසය ගැන නොදත් , තම බස ගැන නොදත් ජාතියක අනාතගය අනාථ නොවේයැයි කෙසේ නම් කියන්නද ? .....
ස්තුතියි ඔබේ වෙහෙසට
සහතික ඇත්ත මහේෂ් මහත්මයා, සහතික ඇත්ත. පුරාවෘත හෝ ඉතිහාසයේ ඉදුරාම දන්නා චරිත ගෞරවනීය ලෙස පැවතීමට ඉඩදිය යුතුයි. ඒවාට අනවශ්‍ය වර්ණනා, ඌනපූර්ණ එකතු කරන්නට යාමෙන් වන්නේ එම චරිත තවත් බැබලීම නොව තිබෙනා තත්ත්වයෙනුත් පහලට වැටීමයි...
Deleteවිජය රජු හා ගෞතම බුදුන් අතර නෑදෑකම මගින් සිංහලයින් යනු ශුද්ධ ථේරවාදී බෞද්ධයින්ය යන මතය කාවැද්දීමට හා බුද්ධාගම වෙනුවෙන් මෙරට රජවරුන් කළ උදව් උපකාරයන් උලුප්පා දැක්වීම සඳහා මහානාම හිමියන් ලියූ "මහාවංශය" පාදක කරගෙන හෝ ඉන්පසු ඉංග්‍රීසි යුගයේ ලංකා ඉතිහාසය අධිකරණමය දෘෂ්ඨිකෝනයකින් විමසා බැලූ කොඩ්රින්ටන්- පරණවිතාන ගුරුකුලයේ පැහැදිලි කිරීම් ඉස්මුදුනින් පිළිගන්නා අයෙකු වෙත්නම් ඔවුන් "රාවණා" පිළිනොගන්නවා ඇත. නමුත් කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදු සමයන් තුළද මෙරට ශිෂ්ඨාචාරයන් පැවැති බවට මහාවංශයම දක්වන අවස්ථාවන්, දිවයිනේ තැන් තැන්වලින් හමුවූ සෙල්ලිපි හා මහායාන සම්ප්‍රදායේ කාශයප බුදුන්ගේ "ලංකාවරණ සූත්‍රය" ආදිය සලකා බලන්නෙකුට මහාවංශයට පෙර පැවැති මෙරට පාලන තන්ත්‍රයන් ගැන අවබෝධයක් ලබාගත හැක.නමුත් බටහිර මනඃකල්පිත වීර චරිත වලට වන්දනා මාන කරන අපේම සමහරුන් අපේ උරුමයන් අවතක්සේරුවට
ReplyDeleteපහසුවෙන්ම පවසනුයේ "රාවාණා" කිසිදිනෙක නොසිටි ෆැන්ටසි චරිතයක් බවය. සැබැවින්ම ඉන්දියානුවන් විසින් රාමායනය ලීවේම රාවණා නම් බෞද්ධයා නිසා රාමචන්ද්‍ර නම් හින්දුවාට සිදුවූ අවමානය වසා ඔහු වීරත්වයට පත්කිරීම සඳහාය.අපට රාවණා පිළිබඳ සාක්ෂය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ මහසෙන් රජු දවස හෝ ඊට පසු සිදුවූ මහා විහාරයේ බිඳවැටීම නිසාය. එදවස ථේරවාදීන් විසින් විනාශ කළ පුස්තකාල වල පැවැති සියළු රාවණා නම් මහායානික බෞද්ධයාගේ මූලාශ්‍ර විනාශ විය. ඉතිරි වී සුරැකී
තැන් තැන්වල හුදකලාවූ යමක් ඇත්නම් බ්‍රිතාන්‍ය පාලකයන් දවස එම ග්‍රන්ථ බොහෝමයක්ද විදෙස් කෞතුකාගාර කරා සංක්‍රමනය විය.අද වන විට රාවණා ගේ පාලන සමයේ ඉතිරි වී ඇති සාක්ෂ්‍ය වන්නේ සීගිරිය,නාලන්දා ගෙඩිගේ,ඉසුරුමුනියේ කැටයම්,රන්මසු උයනේ සක්වළ චක්‍රය, තිවංක පිළිමගෙය, පොළොන්නරුවේ පුලස්ති (පුලතිසි නොවේ) පිළිමය වැනි (මේවා එකකට වත් කොඩ්රින්ටන් - පරණවිතානට හෝ ඔවුනගේ පසු විශ්ලේශකයින්ට අර්ථ ගැන්වීම් නැත.)ශෛලමය නිර්මානයන්ය. එසේම බොල්තුඹේ සමන් දෙවොලේ ඇති දඬුමොණරය , මඩබාවිට විහාරයේ ඇති විමාන යන්ත්‍ර රූපය ආදියද ඊට සාක්ෂ්‍ය කර ගත හැක. එසේම අංගම්පොර සටන් ක්‍රමය, කොහොඹා කංකාරි ශාන්තිකර්මය,හෙළ වෙදකම, නිල වෙදකම ආදිය සියුම් විමසා බලන්නෙකුට රාවණාගේ දක්ෂතාවයන් හා ක්‍රමෝපායයන් පිළිබදව අවබෝධ කර ගත හැක.
එහිදී හෙලයන් හෝ ලාංකිකයින් ලෙස අප මුලින්ම කළයුතු වන්නේ මහානාම හිමියන් සේම කොඩ්රින්ටන් - පරණවිතාන සුසංයෝගයද ඉන්පසු කාලයේ අපේ ගුරුවරුද අපට පෙන්වා නොදුන් එහෙත් තවමත් සාක්ෂ්‍ය සහිතව අප හමුවේ ඇති විජයාගමනයට පෙර යුගය නිසි පරිදි පෙළ ගස්වා ගැනීමය.නමුත් මෙයට ඊනියා රාජ්‍ය නොවන සංවිධාන වල මොළ ශෝදනයට ලක්වූ ඊනියා ඉතිහාසඥයින් මැදිහත් කර නොගැනීමට අප විමසිලිමත් විය යුත්තේ එය අනාගතයේදී හෙළයට, සිංහලයින්ට සිය උරුමය නසන පාරාවළලක් කරවීමට ඔවුන්ගේ ප්‍රෝඩාකාරී සැලැස්මක් මේ මොහොතේද ක්‍රියාවට නැංවෙමින් පවතින බැවිනි.
ඉන් අනතුරුව අද දිනයේ "රාවණා" සමච්චලයට ලක්කරන්නන්ට නිසි පිළිතුරු දීමට අපට හැකියාවක් ලැබෙනු ඇත.අප අද දිනයේ සමච්චලයට ලක්කරන ඒ උතුම් මිනිසාගේ බල පරාක්‍රමයන් හොදින් දන්නා ඇමරිකානුවෝ (රාවණාගේ බසින් පාතාලයෝ)ඔවුනගේ රටේ විශේෂ කලාපයක් තුළ අපේ ඉතිහාස සාධක පැරණි ශිෂ්ඨාචාරවල ඉතිහාස හා සසඳමින් වෙනත් ග්‍රහලෝකයන් හා සම්බන්ධ වීමට තොරතුරු
සෙවීමට,පණිවුඩ යැවීමට උත්සහ ගනිමින් සිටී.ඒ බව සිහියේ තබා ගනිමින් ෙමරට වැසියාගේ රාවණා උනන්දුව උත්ප්‍රාසයට ගනිමින් ක්‍රියාකරන ,වර්ගපූර්ණිකාව" වැනි බ්ලොග් අඩවි මෙහෙයවන්නන්ද සිදුකරන්නේ තම හිට්ස් ප්‍රමාණය වැඩිකරගැනීමේ බොළඳ බොරදියේ මාළු බෑමක් බවද පෙන්වා දෙමි.
මහත්මයාණනි ඔබ දක්වා ඇති තොරතුරු බොහොම සිත් ගන්නා සුළු බව අවංකවම පවසමි. එසේම යම් පුරාවස්තුවක් පස් යට වැලලී ඇත්නම් නිසි ලෙස එය සංරක්‍ෂනය කරනා තුරාවටම එලෙසම පස් යට තිබෙන්නට හැර සුදුසු කල්හි එය ගොඩ ගෙන මතු පරපුරටද ආදර්ශයට ගත හැකි අයුරින් සංරක්‍ෂනය කිරීම නිසි ක්‍රමවේදයයි සිතමි. රාවණා රජුගේ මෙම සංසිද්ධියද එලෙසමය.නිසියාකාරයෙන් ඒවෙනුන්ම පත් කල පුරාවිද්‍යාක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ට මෙය පවරා ඔවුන් ඇත්ත තතු පහදන තෙක් ඉවසා සිටීම කළ යුතු අතර එයට පෙර රාවණා රජු පිළිබදව අතිශෝක්ති කාරණා ඇතුලත් වර්ණනා, ඌනපූර්ණ එකතු නොකොට ඔහු පිළිබදව ගරුත්වය එලෙසම පවත්වාගෙන යාමට වගබලා ගත යුතුයි.
Deleteදිනේෂ් මහතාණෙනි, ඔබගේ අදහස නිසි කල් එළැඹෙන තුරු රාවණා පුරාවෘත්ත ,සාක්ෂ්‍ය සැඟවී පැවතීම නිවැරදි බවයි. එහෙත් ඒ නිසි කළ
Deleteඑළැඹෙන්නේ කවදාද යන්න තීරනය කළ යුත්තේ ජාතියක් වශයෙන් අපම මිස වෙනත් පාර්ශවයක් නොවේ.මායාවරුන්ගේ කැලැන්ඩරයේ අවසානයක් ගැන හුවා දක්වමින් වසර පහළොවකට පමණ පෙර සිට බටහිර මාධය විසින් උලුප්පා දැක්වූ ලෝක විනාශයක මිත්‍යාව කෙමෙන් ලංකාව කරාද පැමිණීම "රාවණා" පුනරාගමනයකට කාලය බව කියන්නට මෙරට අනාවැකිකරුවන් උනන්දු වූයේ වසර 5000ක් දක්වා මෙරටදී බුදුසසුන රැකෙන බවට ගෞතම බුදුන්වහන්සේගේ ප්‍රකාශයද සිහියේ තබාගනිමිනි.රටක් තුළ ඇතිවන සංස්කෘතික හෝ දේශපාලනික ප්‍රවණතාවයන් වසර 20-50 අතර කාලය තුළ වියැකී යන්නා සේම ලෝකය තුළ ඇතිවන සංස්කෘතිකමය හෝ දේශපාලනික බලපුළවන්කාර කම් වසර 500-2500 අතර කාලය තුළ බිඳවැටී අළුත් තත්වයන් මතුවීම ඉතිහාසගත සත්‍යයකි.පිළිගන්නට සතුටු වුවද නොවූවද රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් ඇරඹුණු බටහිර අධිරාජයවාදයේ අවසානය දැන් ක්‍රමයෙන් එළැඹෙමින් තිබේ.වසර 2000දී පමණ මතුවූ මෙම තත්වය මත 2007න් පසු කිසිම බටහිර / යුරෝපීය රටකට ආර්ථික වර්ධන තත්වයක් ළඟාකර ගැනීමට හැකිවී නැත.ඒ වෙනුවට මතුවෙමින් පවතින්නේ හුදු භෞතිකවාදී පදනමින් තොරව මානව හිතවාදී හා ස්වභාවිකත්වය පිළිබඳ වැඩිදුර විශ්වාස කරන චීනයේ හා ඉන්දියාව මුල්කරගත් ආසියානු අධිරාජ්‍යවාදයක ලකුණුය.චීනය,ඉන්දියාව,තායිවානය,මැලේසියාව වැනි රටවල ආර්ථික ප්‍රබලත්වය ඊට හොඳ සාක්ෂ්‍යයන්ය.ආසියාවේ රටක් වුවද බටහිරට ගැතිකම් කළ ඔවුන් අනුගමනය කළ ජපානය ආර්ථික අවකාශය තුළ සංකෝචනය වීම අරඹා ඇත.ලාංකිකයන් හැටියට මඩේ සිටවූ ඉන්න සේ වැනෙමින් සිටින අපද මේ තත්වය තේරුම් ගෙන අප විසින් වුවමනාවෙන් අමතක කළ අපේ අතීත ආර්ථික ක්‍රමෝපායයන් අදට ගැලපෙන පරිදි සකස් කර ගත යුතුය.තවදුරටත් බටහිර වන්දිභඨ්ටවාදී චින්තනයක නොඇලෙමින් ඔවුනගේ ඊනියා උපදෙස්
නොසලකමින් අපට ගැලපෙන ගමනක් ආරම්භ කළ යුතුය.
රාවණා නම් පුද්ගලයෙකු නැවත පැමිණේ යැයි මම විශ්වාස නොකරමි. නමුත් ඉහත තත්වයන් මත ඉදිරිකාලයේදී රාවණා යුගයේ දී භාවිතා කළ සරල තාක්ෂණය කරා යාමට අපට පමණක් නොව ලෝකයටම සිදුවනු ඇත.පොසිල ඉන්ධන දහනයෙන් ඒවා ක්ෂය වූ දිනෙක දැනට භාවිතා වන යකඩ කඳන් කම්මලකදී උණුකරවා යළි සරල යන්ත්‍ර යුගයකට යාමට අප සූදානම් විය යුතුය. යළි පරිසර හිතකාමී වාතය,ජලය, හිරු රැස් උපයෝගී කරගෙන ක්‍රියාත්මක කළ දඬුමොණර,විමාන තාක්ෂණයට යාමට දිනයක් ලෝකයේ ඉතුරු බිතුරු වන පුද්ගල ශිෂ්ඨාචාරයන්ට සිදුවනු ඇත. ඉතින් ඒ රාවණ යුගය නොවේද?
එයට පෙර 1991දී ඉන්දියවේ ඇරඹුවා සේම අප විසින් අපේ ඉතිහාසය හෙළි පෙහෙළි කර තබාගැනීමෙන් අද දක්වා ශ්ලෝක, ජනශ්‍රැති වෙනත් සංකල්ප ඇසුරෙන් හා ශිලා ලේඛණ බටහිරට ගෙනගිය පොත්පත් ඇසුරේ ඇති අපේ පැරණි ශිෂ්ඨාචාරයේ තාක්ෂණ හැකියාවන් , අධයාත්මික හැකියාවන් ඇසුරෙන් ඒ අඳුරු අනාගතය ජය ගැනීම් හැකියාවක් අපට ලැබෙනු ඇත.
මහත්මයාණනි, ඔබට ලබාදිය යුතු පිළිතුර දීර්ඝ බැවින් තාක්‍ෂනික ගැටළු මත එය මෙම ස්ථානයේ සටහන් කළ නොහැකි තත්ත්වයක උද්ගතව ඇති නිසා එය වෙනමම ලිපියක් ලෙස කඩිනමින් ඉදිරිපත් කරමි...
Deleteරාවණ ගැන අපි කුඩා කාලයෙ අසා තිබුණු කරුණු කිහිපය අනුව ඔහු මෙරට පුරාතන යුගයක විසූ රජෙකු බවත් ගුවනින් යාමේ ශිල්ප ක්‍රමය පවා ඔහු සතුව තිබූ බවත් කුඩා කාලෙදි මම විශ්වාස කලා...ඊට පස්සෙ ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මයා ලියූ වාල්මිකී රාමායණය මම ඉතාම ආශාවෙන් කියවූ පොතක්..එහි සඳහන් වෙනවා රාවණ දෙවියන් පවා පැරදවූ බව...ඇත්තටම රාවණ කියල පුද්ගලයෙක් හිටියද නැද්ද කියන එක පැත්තක තිබුණාවෙ..ඒ ෆැන්ටසිය අපේ උරුමය ගැන හිතට ගෙනාවෙ ලොකු අභිමානයක්.
ReplyDeleteඒත් මේ මෑතක පටන් ගත්තු රාවණ උන්මාදය නිසා ඇත්තටම උනේ රාවණ කියන ප්‍රපංචය විහිළුවක් බවට පත් වුණු එකයි. ඔය ගවේසකයො රැල කොහොමින් කොහොමින් හරි අන්තිමට කලේ මේ ලෝකෙ තියන ඔක්කොම හොයාගත්තෙ රාවණ කියල කිසිම පදනමකින් තොරව කරුණු ඉදිරිපත් කරල රාවණ කියන නමත් අප්පිරිය කරල දාපු එකයි.
ස්තූතියි දිනේෂ්, හැමදාම වගෙ අගේ ඇති ලිපියක්...:)
ස්තූතියි රවී, ඇත්ත මේ අළුතක පටන් ගත්ත අගක් මුලක් නැති රාවණා උන්මාදය නිසාවුනේ රාවණා කියන දැවැන්ත චරිතය හාස්‍යයකට ලක්වීමයි. ඒ පිළිබදව ලියන්නට සුදුසු අය මෙන්ම නුසුදුසු අයද රාවණා පිළිබදව ලියන්නට යෑමෙන් සිදුවූයේ අවමානයක් මිස ගරුත්වයක් නොවේ. රාවණා රජුගේ දඩු මොණරයට අමතරව තවත් විශ්විස කල නොහැකි දේ පවා ඔහු විසින් නිර්මාණය කරන ලදුවැයි පැවසීමෙන් සිදුවූයේ මේ කාරණා වල විශ්වාසනීයත්වය පළුදුවීමයි. මේ කාර්යය නිවැරදිතාවයකින් තොරව තවත් කාලයක් සිදුවුවහොත් අවසානයේ උපත් පාලන කොපු, උපත් පාලන පෙති වැනි දෑද රාවණා රජු විසින් සොයාගනු ලැබූ ඒවා යැයි පවසනු නිසැකය...
Deleteරාවණා ගැන හුඟක් ලිපි වගේ ම මේ ලිපියත් කියවන්න ඕනා. ඒත් මාතෘකාව කියවලා මේ ටික කියන්නම්. අයියේ මේ ජනප්‍රිය සංස්කෘතිය තුළ රාවණා කියන්නේ හොදම තේමාවක්. මේක ඉන්දියාව උනා නම් මහා බ්‍රහ්මයා ගැන කියලා කොච්චර දේවල් ලියයි ද? අනික ග්‍රීක ඉතිහාසය ගන්න. දෙවිවරු කොච්චරක්ද?. අනික ඔය කීප දෙනෙක් බොරු කිව්වා කියලා සමහර අය බ්ලොග් ලියාගෙන ඒ කියපු අයවත් ඉතිහාසයත් ජාතියත් හාසයට ලක්කරනවා. අතීතය ගැන පැත්තක තියන්න මෙහෙම බොරු කී දෙනෙක් මේ වන විටත් කරමින් සිටිනවාද? සමහර ස්වාමින් වහන්සේලා ගේ උසස්පෙළ ප්‍රථිපල වලට නර්ථන ප්‍රථිපලත් ඇවිත්. මේවා ගැනයි කතා කරන්න ඕන. ඒත් කැමැත්ත කියන එක විවිධයිනේ. නිදහසත් එහෙමයි. ඒනිසා කරන්න දෙයක් නෑ.
ReplyDeleteමෙහෙමයි නංගී කෙනෙකුට තමන් කැමති ඕනම දෙයක් මේ බ්ලොග් අවකාශයේ ලියන්නටත් පුළුවන්, ඒ ලියන දේ යම් කෙනෙකුට කැමති නම් කියවාවි, නැත්නම් අතහැර දමාවි. ඒත් ලියනා දෙයින් ඇතිවිය හැකි බලපෑම ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතිහාසය තුල හාස්‍යයට ලක්කරන්න වැඩිම අවධානම ගන්න වෙන්නේ ආගමික නායකයෙක් ශාස්තෲවරයෙක් වගේ කෙනෙක්. එහෙමත් නැත්නම් රට ජාතිය වෙනුවෙන් ඉතාම කැපවූ කෙනෙක්. ඔබ දැකලා තියෙනවාද දුටු ගැමුණු රජතුමා, එහෙමත් නැත්නම් මෑත ඉතිහාසයේ පහළවූ වීරයන් අතර දැවැන්තම පෞරශය තිබූ කැප්පෙටිපොළතුමාව විහිළුවට ලක්කරනවා කවුරුවත්. එතුමන්ලා ගැන නිරායාසයෙන්ම ගෞරවයක් සමාජය තුල ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් පිළිබදව බහුතරයක් තොරතුරු නිරවද්‍ය නිසා කවුරුවත් ඒ වගේ තොරතුරු ඇති අය සම්බන්ධයෙන් විහිළු කරන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්න අවධානම ගන්න සුදානම් නැහැ. ඒකයි මම කලින් කමෙන්ටු කිහිපයකම කිව්වේ තමන් නොදන්නා පුද්ගලයන්, සංසිද්ධි, වස්තු සම්බන්ධයෙන් විච්චූර්ණ කතා කියන්න ගිහිල්ල ඒ සජීවි හෝ අජීවි දේවල් වල වටිනාකම අඩු කරන්න හොද නැහැ කියලා.
Deleteඔබ පවසා ඇති පරිදි විභාග ප්‍රතිඵල විශමතාමයන් ගෙන් යුතු වීම පිළිබදව වැනි සමාජ ගැටළු ගැන කතා කිරීමෙන් ඵලයක් තිබේද කියා සිතන්නට වෙනවා. ඔබත් අසා ඇති නේ "බිරි අලින්ට වීණා වාදනයා කළා වගේ" කියලා කතාවක්. පුළුපුළුන් වෙලාවට මොකක් හරි පොදු ගැටළුවක් පිළිබදව මමත් ලියනවා. හැබැයි ඒ මොකක් හරි හිතට නැගුන දුකක්, කණගාටුවක්, ආවේගයක් දැනුනොත් පමණයි. ඒවා ප්‍රායෝගිකව නිවැරදි නොවන්නේ නම් කොතෙකුත් ලිව්වාට වැඩක් තිබෙනවාද?
දුටුගැමුණු චරිතය විහිළුවකට ආවා.ඒත් නතර උනා. රාවණාට මේ දේ කළේ මේ උගත් සාමාජය විසින්මයි. නොදන්නා කෙනෙක් අන්තර්ජාලයේ සත්සමුදුර වගේ වටින තරන ආශ්‍රය කරලා අර ගල් පැළෙන බොරැත් විශ්වාස කළොත්? මොකද්ද අයියේ වෙන්නේ!. මං මේ හුණු ගානවා නොවේ.ඒත් මේ චරිතය ගරහුම් ලබනවා වැඩියි. මේ දේ නතර විය යුතුයි කියන තැන මං ඉන්නේ. අන්තර්ජාලය කියන්නේ විකාර දේවල් තියෙන තැනක් වෙන්න ඇති. එත් සිංහල ලිපි වල අන්තර්ගතය ගැන යම් ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුයි. ඉතිහාසය කියන්නේ අද අපි කරන දේ නිසා හෙට දිනයේ ගොඩනැඟෙන දෙයක්. මං දන්නවා ඉතිහාසය විකෘති වෙලා ඇති. ඒත් පදනමක් නැතුව මෙහෙම විකෘති කරන එකට යම් හිත් අමනාපයක් තිනෙවා.අපිට තියෙන්නේ එච්චරයි නේ. කවදාක හරි අපි ඉතුරු කරන්නෙත් ඉතිහාසයක් විතරයි. මං හිතන්නේ බ්ලොග් ලියන කියවන අය කවදා හරි අනාගතයේ ඉතිහාසය කියවන්නන්ට හාසයක් විතරක් ගොඩනඟන තැනක් වේවි.අපරාදේ. පත්තර පොත් දවසක නැසිලා යාවී. එත් මේ අතිව්‍යාප්ත ජාලයේ හත් පණ කවදා නැසේවිද. ඒ අස්සේ බොරු ලියලා එයලා මඩ ගහන්නේ දකුණු ආසියාවේ/ ලංකාවේ ඉතිහාසයට.ඒක පුද්ගලිකයි කියලා හිතන්න එපා අයියේ. ඉතිහාසය කියන්නේ පොදු දෙයක්. එක හුදෙක්ම කෙනෙකුට විහිළුවට ගන්න පුළුවන් නම් ඒක බරපතල කරැණක්. රටකට අයිතිවාසිකම් කියන ආක්‍රමණිකයෝ දවසක අර ගොඩ ගහපු බේගල් වලින් තර්ක කරාවි, හරියට සේතු සමුද්‍රම් නවත්තන්න ඉන්දියානුවෝ තර්ක කළා වගේ. ඒ නැතත් අපරාදේ මගේ රට. ආර්ථිකය/ මුදල/ දේහපාලනය කියලා මොකා කොහොම තම්බන් කෑවත් ඉතිහාසේ හරි අපිට ඉතුරුයි කියලා හිතන්න අපට බෑ. ඒකත් කලා දාලා තව ටික දවසකින්.මේ පිළිබඳ කතා කිරීමෙන් පලක් නෑ. මොකද මට මේ විනාසය බලා ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. ඇත්තටම වර්තමානය සේම අතීතය ගැන කතා කිරීමත් දැන් බීරි මැමත්ලාට වීණා වැයිල්ලක්.
Deleteමෙහෙමයි ගැරහුම් කියන එක, හෑල්ලුවට ලක්කරන එක ඒ ඒ කෙනාගේ මතය හෝ තමන්ට ඒ දේ වටිනාකම මත සිදුවන්නක් ලෙසයි මා දකින‍්නේ. මම ඔබට වරදක් කියනවා නෙමෙයි. ඔබට රට, ජාතිය, ඉතිහාසය ගැන කැක්කුමක් ඇති ඒ නිසා වෙන්නට ඕන ආවේගශීලි බවක් ඇතිවෙලා තියෙන්නේ. මේ කරුණු සම්බන්ධයෙන් හැගීම් ඔස්සේ යාම නුවණට හුරු නැහැ. බුදු හාමුදුරුවොන්ටත්, ඒවගේම ජේසුස් වහන්සේටත් ගැරහුම්, අපහාස එතුමන්ලා ජීවත්ව සිටි කාලයෙත් ඇතිවුනා, මොලොවින් නික්මුනාට පසුව අද වෙනතුරාවටත් සිදුවෙනවා. එහෙම වුනා කියලා එතුමා කෙරේ මිනිස්සුන්ගේ භක්තියේ අඩුවක් වුනේ නැහැනේ. භක්තිමත්ව අදහන කෙනා ඒ දේවල් තමන්ට සුදුසු විදියට අදහාවි. ඉතින් අතිශයින්ම ශ්‍රේෂ්ඨ මෙලොව සිටියායැයි අප හොදින් දන්නා බුදුන් වහන්සේ, ජේසුන් වහන්සේ ආදින් හා සලකන කළ ජීවි හෝ ඇතැම් විට අජීවි හෝ විය හැකි රාවණා රජුගැන කවර කතාද? අනෙක ඉහත සදහන් කළ ශාස්තෘන් වහන්සේලා සමාජයට අධ්‍යාත්මිකව මෙන්ම ලෞකිකව හැඩගස්සවා ගැනීමට කළ මෙහෙවර අපමණයි. එහෙම සැලකුවාම රාවණා රජු කළ දේවල් භෞතිකව නැසෙන දේවල් මිසත් අර උතුමන්ලා කළ දේවලට සමාන කරන්න බැහැනේ. අනික රාවණා රජ්ජුරුවෝ සීතා පැහැර ගෙන ඒම අද නීතියට බැළුවත් බොහොම ක්‍රිමිනල් වැඩක්. ගැහැණියක් උස්සගෙන එනවා තියා නීතියට අනුව ස්පර්ශකරන්නවත් බැරි බව ඔබත් දන්නවා ඇතිනේ කාන්තාවක් නිසා. ඉතින් රාවණා රජුට කරන්න තිබුනේ හරිනම් ගැහැනියක් උස්සගෙන මේ රටට ගේන එක නෙවෙයි. තමන්ගේ සේනාවයි, අවි ආයුදයි අරගෙන භාරතයට ගිහිල්ල රාමටයි, හනුමටයි දුවන්න ගහන එක. ඉතින් ඒ දේ නොකර ගැහැනියක් උස්සගෙන ඇවිල්ල තියාගෙන ඉන්න කොට පිරිමිකම තියෙන ඕනම පිරිමියෙක් ඇවිල්ල අර නසරානියට දෙන්න ඕන බැටේ දීලා අරගෙන යන එක පුදුමයට කාරණයක් නොවෙයි. ඒක ලෝක ධර්මතාවයක් හෝමර් ගේ the Iliad කියන කාව්‍යයෙත් තියෙන්නේ ඒවගේ දෙයක්. ඉතින් මේ රාවණා රජු වගේ ශ්‍රේෂ්ඨ චරිත ශ්‍රේෂ්ඨත්වයෙන් වැජබෙන්නට ඉඩ හැරිය යුතුයි. නිවැරදිම තොරතුරු විද්‍යානුකූලව ඔප්ප කරන්නට බැරිනම් විවිද දේවල් ගොතා එල්ලන්නට යෑමෙන් සිදුවන්නේ එම චරිත හෑල්ලුවීම වගේම ඒ චරිතවල අදුරු පැති ගැනත් කතා කරන්නට සිදුවීමෙන් එම චරිතවලට අගෞරවයක් සිදුවීමයි.
Deleteදෙවැන්න තමයි බ්ලොග් වලින් මේ ඉතිහාසය විකෘති කරනවාය කියන එක. මෙහෙමයි මේ දේවල් ගැන ලියන ඇතැම් බ්ලොග් බොරු ලියන බව හොදටම පේනවා. අර කතාවක් තියෙනවානේ චිත්‍ර ශිල්පියෙක් ගෙන රජකෙනෙක් ඇහුවළු ඔබට අදින්න ලේසිම චිත්‍රය කුමක්ද? කියලා එතකොට චිත්‍ර ශිල්පියා කිව්වලු මට අදින්න ලේසිම චිත්‍රය තමයි අවතාර ගැන කියලා. මොකද අවතාර කියන්නේ කවුරුවත් දැකලා නැති දෙයක් නිසා මට ඕන විදියට අදින්න පුළුවන් කියා. ඉතින් සමහර බ්ලොග් වල දැකලා තියෙනවා රාවණා රජු අරක හැදුවය, මේක හැදුවය කියලා කියා තිබෙනවා. ඒකත් හරියට අර චිත්‍ර ශිල්පියා අදින්න ලේස චිත්‍ර ගැන කිව්ව දේ වගේ දෙයක් තමයි. ඒක නිසා නිසිලෙස අධ්‍යයනකින් තොරව විද්‍යාත්මකව ඔප්පු කරන තෙක් මේ දේවල් ගැන විවිද කාරණා කියන්න යාම ඒ චරිතයකට කරන අගෞරවයක්. අනෙක කවුරු හරි ඉතිහාසය ගැන විහිළු කරනවා නම් විහිළු කැමති අය ඒ දේවල බලල රස විදලා එතනින් එහාට හොයන්න කැමති කෙනා මේ දේවල් හරිද කියල හොයයි. අනුවනයෙක් නම් මේ දේ හරිදේ කියලා හිතයි. අපිට කාටවත් දැනුම කියන එක තලල මිරිකල උරච්චිකරල පොවන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. මට කුතුහලය කියන දේ තියෙන නිසා මම ඒ දේ කිහිප තැනකින්, කිහිප ආකාරයකට ගැඹුරට හොයල සුදුසුනම් මේ බ්ලොග් එකෙත් ලියනවා. එච්චරයි. අර කතාවක් තියෙනවානේ "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා, ඒක "ලියන්නා කුමක් ලිවුවත් කියවන්නා සිහිනුවණින් කියවිය යුතුයි" කියලා වෙනස් කරගත්තත් වරදක් නැහැ. සමහර විට හාස්‍ය කියල පෙනෙන දෙයිනුත් වක්‍රමාර්ගයෙන් යම් වටිනා පණිවිඩයක් දෙන්නටත් පුළුවන්. ඒ නිසා හැගීමට වඩා බුද්ධියට මුල් තැන දෙන එක හොදයි...
එහෙම තමයි අයියේ දැන් හිතන්නේ.ඒ වෙන කරන්න දෙයක් නැති නිසා. ස්තූතියි මට පැහැදිලි කළාට. අපි හිතන හැටියට තමා අපිට පේන්නේ. පේන දේ වෙනස් කරනවාට වඩා අපේ සිතිවිලි හදා ගත්තනම් හරි තමා. චින්තනය පුද්ගලිකයි. දකින දේ දැකලා හිතන දේ හිතන්න අපි හැමෝටම සමාන නිදහසක් තියෙනවා.
Deleteමට බොහොම සතුටුයි නංගි ගැන. ඒ අවශ්‍ය අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමට ඇති හැකියාව අද බොහෝදෙනෙකුට අහිමි දෙයක් නිසා හා ඔබට ඒ හැකියාව ඇති නිසාත්. නංගී, අපි පොඩි කාලේ ලෝකෙ හදන්න යනවා, ඊට ටිකක් වයසින් වැඩිවෙන කොට රට හදන්න යනවා. තවත් වයසට යනකොට ඉන්න පළාත, නගරය හා පසුව ගම දක්වා එය සංකෝචනය වෙනවා. අවසානයේ වයසින් මුහුකුරා යෑමත්, විවාහයක් කර ගෙන දරුවන් කාරිය ලැබුනට පස්සේ අපි හිතන්නේ ඒ වපසරියට අයත් වන මගේ නිවස හදන්න පමණයි. ඒක තමයි ඇත්ත.
Deleteඅනෙක තමයි නංගී අපිට මේ ලෝකෙ තියෙන හැමදේම වෙනස්කරන්න බැහැ. එයට හේතුව ඇතැම් ඒවා සම්බන්ධයෙන් කතාකරන්නට ලියන්නට යෑම තළු ගසේ ඔළුව ගහගැනීම හා සමානයි. ඔබට තේරෙනවා ඇතිනේ වක්‍රමාර්ගයෙන් මා මොකක් ගැනද කියන්නේ කියලා. අන්න ඒ නිසා අපි වීරයෝ වෙනවට වඩා හොදයි කර බාගෙන ඉන්න එක අවස්ථාව, කාලය එනකම්. අර කතාවක් තියෙනවානේ වීරකම් මෝඩයොත් කරනවා වීරයොත් කරනවා කියලා. මෝඩයා කරන්නේ එයින් ඇතිවන ප්‍රතිඵලය නොදැනයි. වීරයා කරන්නේ එහි අවසන් ප්‍රතිඵලයත් දැන, එයට මුහුණ දීමේ සියළු අභියෝගයන් හා අවධානම භාරගෙනයි. ඒ වගේම එහි අනිටු ප්‍රතිඵල අවම කර ගැනීමේ ක්‍රමවේදයත් වීරයා සතුයි. ඉතින් අපි වීරයෝ වෙමුද? මෝඩයෝ වෙමුද?
මම කොහාටවත් නැතුව ප්‍රශ්නයක් අහන්නම්.
ReplyDeleteමොකද ගොඩක් දුරින් තියන විවිධ වූ සංස්කෘති වල සමාන ලක්ෂණ තියන දේවල් දකින්න ලැබෙන්නේ? චීනේ ගිනි පිඹින මකරු දකිද්දී බටහිරින් එන්නෙත් ඒ වගේම දේවල් නේද?
ඒ වගේමයි යුරෝපීය කාර්මික විප්ලවය ගැන කියද්දී ඒ යුරෝපීයන් අහලකවත් නැති කාලේ කිසිම විදියක සම්බන්ධයක් නැති ලංකාවේ මාදුරුඔය සොරොව්ව හැදෙන්න ආව තාක්ෂණය?
මිසරයේ පිරමීඩ හදනකොට ගීසා හි පිරමීඩයේ පාදමට සමානම අගයකින් දකුණු ඇමරිකාවේ පීරු හි තියන හිරු දෙවොල (නම් පිරමීඩය) සැකසුනේ කොහොමද?
මේවා වෙන්න නම් කිසියම් සම්බන්ධයක් තියෙන්න ඕනේ නේද?
ඔබ අසා ඇති දේවලට වෙන වෙනම මාගේ දැනුම ඇතිව උත්තර දෙන්නෙමි.
Deleteමුලින්ම මකරු ගැන කියනවා නම් චීන වැසියන් මකරා අදහන හේතුවත් යුරෝපීයන් මකරු ගැන දක්වන ආකල්පයත් විවිදයි. චීනයේ මකරා සැලකෙන්නේ සුභ සංකේතයක් ලෙසයි. ඔවුන් මකරා විසින් ජලයේ පාලනය, දිය ඇලි, සුලි සුලං, ඒ වගේම ගංවතුර ආදිය පාලනය කරන බවට සලකනවා. ඒවගේම ශක්තියේ සහ වාසනාවේ සලකුන ලෙසත් මකරා සලකනවා. ඒ වගේම රාජකීයත්වයේ සලකුන ලෙසත් මකරා සලකනු ලබනවා. සමහර විට ඒක වෙන්නත් ඇති ඉස්සර වංශවත් චීන වැසියන් රැවුල පවා මකරාගේ රැවුල් වගේ නිරූපණය කරන්නට ඇත්තේ.
එහෙත් කතෝලික පදනමක් තිබෙන යුරෝපයේ එහෙමත් නැත්නම් බටහිර සමාජයේ මකරා සැලකුනේ අදුරේ බලවේගය හෙවත් යක්‍ෂයාගේ සංකේතයක් ලෙසයි. මෙම යක්‍ෂයා තමයි සාතන්, ලුසිෆර් යනාදී නම් ගණනාවකින් ඔවුන් හදුන්වන්නේ. එහෙම ගත්තම ඔවුන්ට මකරා යනු අසුභ සංකේතයක්. මොකද අදුරේ බලය හෙවත් යක්‍ෂයා ඇදහීම යුරෝපියානු සමාජයේ හොද දෙයක් විදියට සලකන්නේ නැහැනේ. ඒනිසා චීනයේ සහ බටහිර සමාජයේ මෙම මකරා යොදා ගන්නා සංකේතාමකබව හාත්පසින් වෙනස්. එහි එකිනෙක සම්බන්ධතාවයක් නැති සේම එසේ යොදා ගැනීම අහඹු සිදුවීමක් පමණයි ලෙසයි කියන්නට පුළුවන්.
ඊලඟට මම දෙන්නම් උත්තර ඔබ මාදුරුඔය සොරොව්ව ගැන අසා තිබෙන ප්‍රශ්නයට. මේක අපේ පෞඩත්වය, ආදි දියුණුව ගැන කතා කරන කොට නිතැතින්ම නැගෙන සංසිද්ධියක්. මම ඔබට ලංකාවේ වැව් ඉදිවූ ආකාරය හා ඒ ඒ කාල වකවානු මුලාශ්‍ර ගැනද සටහන් කරමින් මගේ අදහස ලබා දෙන්නම්.
Deleteමෙන්න මුලාශ්‍ර ගත තොරතුරු කිහිපයක් -
අදින් වසර 6000කට පමණ පෙර වැව් තැනීම යුප‍්‍රටීස් ශිෂ්ඨාචාරයේ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පසුව එය ඉන්දියාවට පැමිණි අතර ආර්යයන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව වැව් තැනීම ආසියාවේ එක් තැනක ආරම්භ වී අනෙක් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වුණා. රජරට මානව ජනවාස බිහි වීමෙන් පසුව කෘෂිකර්මාන්තයේ නියැලූණු ජන කොටස් දිගු කලක් තිස්සේ මෝසම් වැහි රටාව මෙන්ම වියළි කලාපයේ භූ විෂමතාව පිළිබඳව අධ්‍යයනය කළා. එහි ප‍්‍රතිඵලය වූයේ වියළි සමයේ දී ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැසි සමයේ ලැබෙන ජලය ගබඩා කිරීමට උත්සාහ කිරීමයි. ඒ අනුව නිම්න හරහා මැටියෙන් බැමි බැඳීමෙන් වැව් තැනීම ආරම්භ වුණා.
ලංකාවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි. ලංකාවේ මුලින්ම වැව් නිර්මාණය පිළිබඳ වංශකථාවල සඳහන් වන්නේ කි‍්‍ර. පු. 4 වැනි සියවසේ පණ්ඩුකාභය රාජ්‍ය කාළයේදීය. (http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලාංකීය_ඉතිහාසය සහ අපේ ශිෂ්ඨාචාරයේ පදනම වැටුනු වැව් පද්ධතිය -http://lankacnews.com/sinhala/miraculous/28229/)
ඒවගේම කියනවා නම් ඔබ දක්වා ඇති මාදුරු ඔය සොරොව්ව ඉදිවන්නේ කූටකණ්‌ණතිස්‌ස රජුගේ කාලයේ. ඒකියන්නේ ක්‍රි.පූ. 44-22 අතර කාලයේදී ඔබට පැහැදිලියිනේ මෙයින් ආර්යයන්ගේ පැමිණීමෙන් සෑහෙන්න කාලයකට පස්සේ තමයි මාදුරුඔය ජලාශය හා සොරොව්ව හැදෙන්නේ. මෙන්න එයට අදාල මූලාශ්‍ර ගත තොරතුරු ඔබගේ වැඩි අවධානයට -
සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මහවැලි ගඟ සහ මාදුරුඔය අතර ප්‍රදේශය අන්තර ගඟ නම් වූ අතර මෙහි ජලාශයක් ඉදිකරනු ලැබ ඇත්තේ කූටකණ්‌ණතිස්‌ස (ක්‍රි.පූ. 44-22) රජු විසිනි. මේ කාල වකවානුව නිවැරැදි බව කාබන්-14 පරීක්‍ෂණ මගින් තහවුරු කෙරී ඇත. (මාදුරුඔය සොරොව්ව - http://www.vidusara.com/2010/05/19/feature5.html)
ඒ කියන්නේ ආර්යයන් මෙරටට රැගෙන ආ වාරි තාක්‍ෂනය තවදුරටත් සංවර්ධනය විමෙන් තමයි මාදුරුඔය සොරොව්ව වගේ විශ්මිත ඉජිනේරු නිපැයුම් ඇතිවෙන්නේ. මේක ආර්යයන්ගෙන් ලැබුන ශිල්පීය දැනුමත් එක්ක ඒ අවධියේ විසු ඉජිනේරුවන්ගේ චින්තනයත් ඉවහල් වෙන්නට ඇති. මොකද යුරෝපයේ තාර්මික විප්ලවය ඔවුන්ට වැදගත් යන්ත්‍ර සූත්‍ර හා අනෙක් කර්මාන්තවලට අදාලව සොයාගත් තාක්‍ෂනයත් ඒ ගැන වැඩිදුර තම සිත මෙහෙයවූ නිර්මාපකයන්ගේ සුසංයෝගයෙන් විවිද නිපැයුම් බිහිවුනා. ඒවගේම අපිට වැදගත් වුනේ කෘෂීකාර්මිකව වැදගත් වාරිකර්මාන්තයයි. ඒ අනුව යුගයෙන් යුගයට ඒ තාක්‍ෂනය වැඩි දියුණු කරගන්නට එදා සිටි ඉංජිනේරු මහතුන් තම සිත යොදවන්නට ඇති...
අවසානයේ ඔබ අසා ඇති පිරමීඩ සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ පිරමීඩ පමණක් නොවෙයි. ලෝකයේ අති දැවැන්ත නිර්මාණ බොහෝමයකට අහසේ තාරකා මණ්ඩල වල පිහිටීම භාවිතා කර තිබෙනවා. මට හරිහැටි මතක නැහැ සත් සමුදුරේම පළවූ කමෙන්ටුවක හෝ වෙනත් ලිපියකත් මා දුටුවා රුවන්වැලිසෑය, ඡේතවනාරාමය හා අභයගිරිය යන චෛත්‍ය ත්‍රිත්වය පවා පිහිටා තිබෙන්නේ ඔරියන් තරු පිහිටා ඇති ආකාරයට බව. ඒ ආකාරයටම බව පැවසෙනවා මිසරයේ මහා පිරමීඩ පිහිටා තිබෙන්නෙත්. ඉතින් පෙර කාලයේ සිටි මිනිසුන් තම ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී නක්‍ෂස්ත්‍රය, වාස්තුවිද්‍යාව වගේම අහසේ තාරකා පිහිටීමේ රටා පවා තාක්‍ෂනයට අනුකූල පදනමකින් යොදා ගන්නට ඇති. මොකද මෙම ලිපියට අනුව පැවසුවත් රාවණා යනු අචේතනික දෙයක් නිසා තමයි ගැටළුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් දැන් පිරමීඩ ගත්තොත් ඒවා සචේතනික වස්තු. එහි තාක්‍ෂනික අංග තවමත් විශ්ලේෂනය කරමින් පවතිනවා. අනෙක කාරණා කිහිපයක් කියන්න ඕන. මිසරය වගේ රටවල ඒ කාලයට ඔබින දියුණු තාක්‍ෂනයක් තිබෙන්නට ඇති. එම තාක්‍ෂනය එම ශිෂ්ඨාචාර බිද වැටීමත් සමග මෙලොවින් තුරන්ව යන්නට ඇතැයි සිතිය හැකියි. ඒවගේම ඊට පසුකාලීනව ඇතිවුන දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාරයට අනුව ඔවුන්ගේම නිර්මාණ තාක්‍ෂනයක් තිබෙන්නට ඇති. අනෙක සමහර විට අප නොදන්නවා වුනාට මුහුදු මාර්ගයෙන් හෝ ගොඩබිම් මාර්ගයක් භාවිතා කර ඇලස්කාව හරහා රුසියාව ඔස්සේ ඊජිප්තුවට ආවද? ඇවිල්ලා ඔවුන් එහි පිරමීඩ අධ්‍යයනය කරාද කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අවදානම, අභියෝග භාරගන්න මිනිසුන් ඒ කාලෙත් සිටින්නට ඇති නිසා එවැන්නක් නොවෙන්නටම ඇතැයි කියා කියන්නටත් බැහැ. අනෙක ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමරිකාවේ දොරකඩට එන්නට පෙර චීන ජාතිකයන් ඇමරිකාව සොයා ගෙන තිබුනාය කියලා මතයක් තියෙනවා. මොකද විජයාවතරණයට පෙර ලංකාවේ බුද්ධාගම තිබුනාය කියලා මතයක් තිබෙනවා. මේ නිසා නිල පිළිගැනීමෙන් පරභාහිර දේවල් තියෙන්නට පුළුවන්. යම් අවස්ථාවක නිල පිළිගැනීමත් සමග ගරුත්වය නිලවශයෙන් ලබා ගත් කෙනාට යාම මත තමයි බොහෝ දේවල නිර්මාතෘ වරයා බවට එම පුද්ගලයා පත්වන්නේ.
Deleteඅනෙක තමයි දැන සුලභව කියන Alien ලාගේ උදව්වෙන් මේ දේවල් කරාය කියන එක. මොකද ලෝකයේ අති පැරණි ස්ථාන රැසක නූතන අභ්‍යවකාශගාමීන්, අභ්‍යවකාශයානා, සහ පිටසක්වල හා සම්බන්ධ දේවල් වල කැටයම් හා සිතුවම් හමුවීම. ඒ එක්කම සමහර ගොඩනැගීම්වල ඇති පාශාන වල කැපුම් වර්ථමානයේ අති සූක්‍ෂම යන්ත්‍රවලින් කළ යුතු ඒවා වන අතර ඒ අවධියේ මේවා එදා තාක්‍ෂනය ඔස්සේ කෙසේ කළාද යන්න උභතෝකෝටික ගැටළුවක් වීම. මේ දේ ගැනනම් ඉක්මනින් සත් සමුදුරේ සාක්‍ෂි සමගම කතා කරන්නට බලාපොරොත්තුවෙනවා.
දිනේෂ් මල්ලී ඔක්කොම ටික කියවල ඉවර වෙලාම කොමෙන්ටුවක් දාන්නම්. දිගටම මෙහෙම ලියන්න. මේ ගැන ටිකක් ගැබුරින් හොයලා බලන්න ඕන.
ReplyDeleteහොදයි අයියේ...
Deleteඅදමයි බොලේ මේ පැත්තේ ගොඩ වැදුනේ. අගෙයි... අගෙයි. ලිපියනම් හොඳයි. හිතන්න දෙයක් දීල ලියල තියෙනවා. ආයෙම එන්නම්කෝ......
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයෝ. එහෙනම් විවේකපාඩුවේ මේ වැයික්කියටත් යන්න එන්න ආයිබොවං...
Deleteදිනේෂ් ඔයාගේ මේ ලිපිය නම් කාලින වශයෙන් ඉතාමත් වැදගත් එකක් කියල කියන්න ඕනේ..
ReplyDeleteඔය කියනවා වගේ ගොඩක් ය අනවබෝදය.. එහෙමත් නැත්නම් අතීත කමය කියන මානසික තත්ව නිසා දුර්මත
ගොඩක ඉන්නවා. මේ රාවනා කියන මනක් කල්පිත කතන්දරයත් ඒ වගේ දෙයක් තමා. මමත් මේ දුර්මතයේ ඉන්න අයගේ මානසික තත්වය
වෙනස් කරන්න ගොඩක් උත්සහ කළා. එත් මී කට්ටිය ඉන්නේ පුදුම විදිහේ දැඩි මානසික තත්වයක.
මොනවා උනත් පුරාවිද්‍යාත්මකව රාවනා කියන සංකල්පය තහවුරු කරන්න කිසිම සාධකයක් මේ වෙනකන් කිසිම තැනක හමු වෙලා නෑ.
පුදුම වැඩේ තම සමහර පුරාවිද්‍යා විෂයක් වශයෙන් හදාරපු කට්ටියත් මෙම මතයට එකඟ වෙන එක.
කෙසේ වෙතත් මෙම රාවනා සංකල්පය කිසිම පදනමක් නැති නිකම්ම නිකන් සංකල්පයක් විතරි කියල නම් කියන්න පුළුවන්.
ස්තූතියි! මමත් ඔබ විසින් දක්වා ඇති අදහස් බොහෝමයකට මධ්‍යස්ථව එකඟ වෙනවා. ඒ එක්කම මෙම ලිපියට අදාල පිළිතුරු ලිපියක් ඉදිරියේ පළ කරනවා. හැකිනම් එයටද පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා...
Deleteමම මෙතන තියෙන ප්‍රතිචාර කියවන විට මට නම් හිතෙන්නෙ අපි පබ ගාලක පැටලී තියෙනව කියලයි.
ReplyDeleteඔබගේ කතාවෙත් ඇත්තක් තිබේ. මෙවැනි ලිපියක් ලිවීමට සිදුවුනේත් විද්‍යානුකූල නොවන පසුබිමක සිට ඉතිහාසගත කරුණු පිළිබදව තමන්ගේ සිතට දැනෙන සුරංගනා කතා කීමට යාමයි...
Deleteරාවණා රජතුමා ඇත්තටම සිටියාදැයි විමසමින් ලියා ඇති මේ ලිපියට මහන්සියෙන් කරුණු ගොනු කර ඇති බව පෙනේ. රාවණා රජතුමා කියා කෙනෙක් සිටින්නට ඇතැයි මාත් සිතන නමුත් ඔහු අද මේ කියවෙන ආකාරයේ මහා බ්‍රහ්මයා හෝ ආදම් හෝ නොවන බව මගේ විශ්වාසයයි. ලංකාව, ඉන්දියාව, තායිලන්තය ආදී කලාපීය රටවල් ගණනාවක් තුළ එකම කතාවක් ප්‍රබන්ධය වන්නට යම් මූලාශ්‍රයක් තිබිය හැකියි. ඒත් ලෝකය ආරම්භ වුනේ සිංහලයන්ගෙන් කියා කීම ලැජ්ජා නැති පුරාජේරුවකි.
ReplyDeleteරාවණා ගැන මගේ ලිපි පෙළත් කියවන්නැයි ආරාධනා කරමි.
ස්තූතියි! ඒ ඇරයුම සතුටින් භාර ගන්නවා...
Deleteයමක් නිවැරදි අධ්ය!යනයකට ලක් කිරීම සඳහා අප තුල තිබිය යුතු අත්යා්වශ්ය ම අවශ්යනතාවයක් තියනවා. ඒ තමයි එය සතරවන මානයක ඉඳල අධ්ය යනය කරන එක. ඒ කියන්නෙ මොකක්ද ? ඒ පිළිබඳව තමාගේ ඇති බැඳීම් වලින් නිදහස් වෙන එක. මේ කාරණය හිතන තරම් ලේසියෙන් අවභෝධ කරගන්න පුලුවන් වෙයිද කියල සැකයි.
ReplyDeleteඋදාහරණයක් වශයෙන් දිඝ නිකායෙ පළමුවන සුත්රලය (මම අන්ත ආගමික වාදියෙක් නම් නෙමෙයි. ඒත් මේ කරුණු පිළිබඳ ඉගන ගන්න ඕනෙ තරම් සම්පත් තියන බව පෙන්වන්න ඕනෙ) අපිට පෙන්වල දෙන්නෙ සියලු දේවලට මුලික හේතුව. මුලපරියාය සුත්රනය. ඒ කියන්නේ මගේ කියල හිතෙන යම් කිසි දෙයක් අධ්යෙයනය කිරීමේදි, අපේ බැඳීම නිසා, මනස තුල ඇති වන පක්ෂපාත බව විසින් අපි අධ්යියනයේ අතරමන් කරනවා.
මේක අපි තවත් කෝණයකින් තේරුම් ගන්න උත්සහ කරමු.
අපි යම් කිසි නිර්මාණයක් කරනකොට (උදාහරණයක් වශයෙන් බ්ලොගයක් ලියන එකම ගමු) අපි ඒක කරන්නෙ අපේ අවභෝධයෙන්. එතකොට ඒකෙ අඩංගු වෙන දේවල් අපිට සාපේක්ෂව නිවැරදියි. නමුත් නිරපේක්ෂ වෂයෙන් වැරදි විය හැකියි. ඒත් සාපේක්ෂ කෝණයකින් පරීක්ෂා කරන අපි දන්නෙ නැහැ අපි යන්නෙ වැරදි මාර්ගයක කියල. යම් කිසි දවසක දැනගත්තට පස්සෙ තමයි දන්නෙ, එදාට වඩා නිවැරදි දෙයක් අද දන්නවා කියල.
මේ ලෝකෙ සියලු දේවල් අපි මනින්නෙ, ගවේෂණය කරන්නෙ මනසින්. ඒක අසම්පුර්ණයි කියන එක මනසින් තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි, අපි වගේ මිනිසුන්ට ඒ කාරණය කියල දෙන්න ලෝකය පුරා විටින් විට උගතුන් පහල උනේ. බුදුහාමුදුරුවෝ, ජේසුස් වහන්සේ, නොයෙක් සෘෂිවරුන් ආදිය. ඒක මේ ස්වභාව ධර්මයේ නිතියක්. ස්වභාවයක් !
මේ ලෝකෙ පවතින්නෙ සත්ය විතරමයි. යම් කිසි සත්යෂයක් අවුරුදු දහස් ගණනක් පවතින්නේ ඒ නිසා. අසත්යර කියන එක සත්යතයේ අවජාතක උපතක්. ඒ නිසා අසත්යන කියන එක විටින් විට ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් සත්යේය පවතිනවා. මේ ආගමික ඉගැන්වීම් අදටත් තව වසර දහස් ගණනක් ඉදිරියටත් පවතිනවා. ඒ ඉගැන්වීම් දුර්වල වෙන වෙලාවට නැවතත් විශිෂ්ඨ චරිතයක් සමාජයේ පහල වෙලා ඒව කියල දෙයි.
බුද්ධිය කියන එක සහ ප්රිඥාව කියන එක එකක් නෙමෙයි දෙකක්. ප්ර ඥාව කියන එක මනසේ බැඳීම් වලින් තොර නිවැරදි දේම දකින ස්වභාවය. බුද්ධිය කියන්නේ මනසින් සහ අත්දැකීම් වලින් කාලයක් තිස්සෙ ගොඩනගාගන්නා දැනුම. ඒක අසම්පුර්ණයි. ඒ නිසා ඒක නැවත නැවත වෙනස් වෙනවා. බුද්ධිමත් කෙනා බොහොම කරුණු දන්නවා. බුද්ධිය වැඩි වෙන්න වෙන්න දන්නා ප්රොමාණයත්, දන්නා ප්රුමාණය වැඩි වෙන්න වෙන්න වැරදෙන ප්රඩමාණයත් වැඩියි.
බුද්ධිය අපේ අනනන්යාතාය වැඩි කරනවා. ශක්තිමත් කරනවා. උදාහරණයක් වශයෙන් මගේ නමට යටින් යටින් දාන උපාධි අකුරු පේලි ටික කරන්නෙ මගේ අනන්යුතාවය ශක්තිමත් කරල, අන් අයගෙන් වෙන්වෙලා කැපී පෙනෙන එක. තවත් විධිහකින් කියනවනම් මාන්නය. ඒව වැඩි වෙන්න වෙන්න, ඒව ආරක්ෂා කරගන්න අපි ස්වභාවයෙන්ම වෙහෙසෙනවා.
ප්රභඥාව එහෙම දෙයක් නෙමෙයි. ඒක අපේ සැබෑ අනන්යකතාවය හඳුනාගන්න මග පාදනව. සෑබෑ අනන්ය්තාවය හඳුනා ගන්න බැහැ, අපේ බැඳීම් වැඩි උනහම. උපරිම ප්රනඥාව තුල අනන්ය්තාවය ශුන්ය යි. ප්රීඥාව ශුන්ය වනවිට අනන්යපතාවය උපරිමයි. මෙන්න මේ නිසා උපරිම ප්රනඥාවන්තයේ වු ශාස්තෘන්ලට කිසි දිනයක තනතුරු නම්බුනාම තිබුනෙ නැහැ.
සතරවන මානය කියන්නේ මනසින් අධ්යහයනය කරන එක නෙමෙයි. ප්රරඥාවෙන් අධ්යනයනය කරන එක. බැඳීම් වලින් තොරව අධ්යසයනය කරන එක. ඒක කරන හැටි තමයි සේරම ශාස්තෘන් ල අපිට කියල දිල තියෙන්නේ. ඒ ඉගැන්වීම් තමයි අපි ආගම් කියල අදහන්නෙ. මෙතන අපි කරන්නේ ඒ අය කියපු විධිහට අධ්ය්යනය කරන එක නෙමෙයි. ඒව කියල දුන් අය අදහනවා. ඒක හරිද වැරදිද කියන එක මම දන් නැහැ.
ඔබේ අදහස තවත් දිශාවකට අප යොමු කරනවා. ස්තූතියි අළුතෙන් යමක් සිතන්නට දුන්නාට...
Deleteමේ ලෝකය පැවතීමට සත්යත වගේම බොරුවත්, විද්යාවව වගේම අවිද්යතවත්, ආලෝකය වගේම අන්ධකාරයක් එක හා සමානව දායක වෙනවා. පළමු අවශ්යවතාවය තමයි මේ ලෝකෙ සමබර විධිහට ආරක්ෂාකාරීව පැවතීම. යම් කිසි කෙනෙක් ලෝකයේ අවිද්යාබව නැති නම් අන්ධකාරය නැති කරන්න උත්සහ කලොත් සමබර තාවය බිඳෙනවා. ඒක ඉතාමත් භයානකයි.
ReplyDeleteමෙන්න මේ නිසාම සියලු ශාස්තෘන්ල, තමාගේ ඉගැන්වීම් විවෘත කලේ සීමිත කොටසකට විතයි. උදාහරණයක් වශයෙන් තමා අවට ගොඩක් දෙනෙක් හිටියත් බුදුන් වට පිට බලල දවසකට එක්කෙනෙක් තෝර ගත්ත. නැති නම් ජේසුස් වහන්සේ තමා පසු පස ආපු විශාල අනුගාමිකයන් පැත්තක තියල තමා බලන්න ගහට නැගල හිටපු පොලී කාරයා තෝරා ගත්ත.
ශාස්තෘන්ල තමා විසින් සොයාගත් කරුණු ලෝකයට හෙලි කලේ යම් කිසි පෙරණයක් හරහා. සීමිත කොටසකට විතරයි ඒක ග්රෙහණය කරගන්න පුලුවන් උනේ. අනිත් අය ඒව තමන්ගේ "ආගම්" කරගන අදහනවා, මරා ගන්නවා, ඒවගෙන් යැපෙනවා. ඒ සඳහා උන් වහන්සේලා භාවිත කළ ශිල්ප ක්රහම අතරින් එකක් තමයි, ඒව ලියල තියන ආකාරය.
උදාහරණයක් වශයෙන් "දෙවියන් වහන්සේ ලෝකය මැවු සේක" කියල තිබුන ගමන් "බුද්ධිමතුන්ට " එන ගැටලුව, එහෙනම් දෙවියන් වහන්සේ මැවුවෙ කවුද කියන එක. ඒක තමයි බුද්ධියේ ලකෂණය. නමුත් ප්රැඥාවන්තයා තමාගේ බුද්ධියෙන් ප්ර ශ්ණ කරනවා. ඔහු එම බාධකය ජය ගත්තොත්, සමහර විට ඒ වචන කිහිපයෙන් තමාගෙ මනස විසින් කාලය සරල රේඛාවක් වශයෙන් තිබෙන බව හෝ, අතීතයත් අනාගතයත් මනස විසින් ඇති කරන ලද මායාවක් වශයෙන් හෝ තේරුම් ගැනීමේ අවස්ථාව ලබනවා.
දැන් මම මාතෘකාවට එන්නම්.
ඉන්දියාව කියන්නේ ආධ්යා ත්මික පරාදිසයක්. ඉන්දියාවේ ඉපදුන ප්රමඥාවන්තයින් අතරේ පරාශර, වෙද ව්යාස, වාල්මිකී කියන්නේ ආධ්යානත්මක ඉගැන්වීම් විශාල ප්රේමාණයක් මේ ලෝකයට දායාද කරපු ගුරුවරු. පුරාණ 18ක්, මහාභාරතය වගේම රාමායණයත් ඒ අතරින් ඉතාමත් වැදගත් කෘති.
මේ අය මේ කාව්යරයන් තුලින් දිල තියෙන්නෙ විශේෂ ආධ්යාේත්මික ඉගැන්වීම්. හැබැයි ඒ අය පරිස්සම් වෙලා තියනවා, අර කියපු මුලික නිති මෙම ඉගැන්වීම් වලදි අනුගමණය කරන්න.
සමහර විට ඔබල අහල ඇති Microcosm සහ Macroccosm කියන බටහිර ආධ්යා්ත්මික සංකල්පය.
මනුෂ්යයයා කියන (හෝ වෙනයම්) ඒකකයක් , විශ්වය කියන ඒකකයෙම කුඩා ප්රෂතිමුර්තියක් කියන එකත්, ඒ කුඩා ඒකකය සහ විශාල ඒකකය අතර පවතින සබඳතාවයත් තමා මෙහි අධ්ය්යනය කෙරෙන්නේ. මේක ගැන බුදුන්ගෙ ඉගැන්වීම් වලත් තියනවා.
රාමායනය කියන්නේ මෙන්න මේ ඉගැන්වීම් තිබෙන පොතට. නොයෙක් ආකාරයේ කර්ම වලට මුහුණ දෙමින්, ආත්මයක් ආත්මයක් පාසා මිනිසා මුහනු දෙන පාප කර්ම සහ ඒවායින් ජය ගෙන අවසාන වශයෙන් මේ ජීවිතයෙන් විමුක්තිය ලබන එක පිළිබඳව තමයි ඔය පොත ලියවිලා තියෙන්නේ.
මේ ලෝකෙ ජයගන්නවා කියන්නෙ සටනක්. ආධ්යානත්මික සටනක්. මනසේ මතුවන අවිද්යා ව කියන යක්ෂයා ජය ගන්නවා කියන එක පහසු නැහැ. ඔහුට ඔලු දහයක් තියනවා. එක ඔලුවකට වේෂ ලක්ෂගණනක් තියනවා. එකක් කපන කොට තව එකක් එනවා.
මෙන්න මේ සටන තමයි රාම රාවණ යුද්ධය. අමිහිරි සත්ය.යක්.
වර්තමාන වර්ගපුර්ණිකාව, රාවන වංශිකයෝ, හෙලු යක්කු, රාවණ ගවේෂකයෝ කියන්නෙ කවුද ? වසර 30 යුද්ධයකින් මානසික ආතතියක් මත ගත කරන ගමන්ම, ආගමික සංස්කෘතික ගැටලු, දේශපාලන වශයෙන් රුවටීමට, වාගේ ගොඩක් අතවර වලට මුහුණ දිල, යුද්ධය අවසාන උනහම එකපාරටම මනසේ හිස්තැනක් ඇති වුන සමාජයකින් මතුවුන "බුද්ධිමත් " කොටසක්.
ඔවුන් මේ තත්වයට පත් වෙන්නේ ආගමික සහ දේශපාලන වශයෙන් බලහත් කාරයෙන්. ඒකට නිදහසින් පස්සෙ වගේම බිහිවුන නොයෙක් "චින්තකයො " දායක උනා. මීවනපළානේ ජයරත්න කියන්නේ පුද්ගලිකව එක්කනෙක් නෙමෙයි. ඔහුගෙන් නිරුපනය කරන්නේ මුලු මහත් සාමුහික චින්තනය කෙතරම් අවිචාරවත්ද කියන එක.
මේ යන ක්රරමය තුලින් තවත් අවුරුදු 25-50 ක් ගියාට පස්සෙ අපේ සමාජය කොතන තිබිය හැකි ද යන්න ඔබම සිතා බලන්න.
විසඳුමක් තිබේද ? එය කුමක්ද ?
පසුවට කල් තබමි.
රාවන සිද්ධම් !!!!
//වසර 30 යුද්ධයකින් මානසික ආතතියක් මත ගත කරන ගමන්ම, ආගමික සංස්කෘතික ගැටලු, දේශපාලන වශයෙන් රුවටීමට, වාගේ ගොඩක් අතවර වලට මුහුණ දිල, යුද්ධය අවසාන උනහම එකපාරටම මනසේ හිස්තැනක් ඇති වුන සමාජයකින් මතුවුන "බුද්ධිමත් " කොටසක්.// මෙන්න සියල්ල සමස්ථයක් ලෙස ගත් කල යථාර්තය...
Deleteවර්ග පූර්ණිකාවේ මීජයා අපගේ කමෙන්ට් දමන්නේ නැත. මීජයාගේ අදහස් වලට හා ඒවා හෙලිකිරීම නිසා මීජයා ලැජ්ජාවී ඇත.
ReplyDeleteරාවන ඉතිසාසය වනසන මීජයාට
ශ්‍රී රාවන සිද්ධම්.....
ඔබගේ කලින් කමෙන්ටුවට සහ මෙම කමෙන්ටුව වන දෙකටම එකවර පිළිතුරු දෙන්නෙමි. වර්ගපූර්ණිකාවේ ඇත්තේ ඔවුන්ට ගැලපෙනවායයි සිතන තේමාවන් සහ වාග් විලාශයකි. එහි ඇති ඉතිහාසයමය කරුණු නොව එය ලියා ඇති ආකාරය නම් විනෝදාත්මක බව නොසගවා අවංකවම කිව යුතුමයි. මෙහි එනම් සත් සමුදුරේ බ්ලොග්කරණය කෙරෙනුයේ යමක් තර්කානුකූලව, විද්‍යානුකූලව හා යථාර්තවාදීව හා මධ්‍යස්ථව, මොළය වෙහෙසවා විසදිය යුතු නිර්ණායක මත පිහිටායි. ඉතින් ඒ කාර්යයේ එදත් යෙදුනෙමි. අදත් යෙදුනෙමි. හෙටත් යෙදී සිටීමට බලාපොරොත්තුවෙන්නෙමි...
Deleteහෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි.
ReplyDeleteකවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක් බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක.
පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක් ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි. මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?
ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද? තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර, සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි. වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද? මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි? වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි.
Reference: http://akila-helayek.blogspot.com/2011/07/blog-post_3187.html
ඔබේ අදහස් 99% ක් ඇත්ත..නමුත් ඔබේ අදහස රාවනා රජු, දෙමල රජකෙනෙක් කියල..එය අමුලික බොරුවක්..රාවනා රජු, සිංහලේ පහල උන ඇති ශ්‍රේෂ්ට හෙළ රජ කෙනෙක්..රාවනා රජු කාලේ මේ රටේ දෙමල පුළුටක් ඉදල නෑ..
Deleteවැඩි විස්තර දැනගන්න මේ පොත් 2 ත් කියවල බලන්න.. අපිට අපි දන්නේ නැති උනාට ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා..විජය එන්නත් අවුරුදු 2,500 කට කලින් ලංකාවේ ඉතිහාසය තමයි මේ පොතේ කියල තියෙන්නේ..
Koggala Nilame- Book 1 (22mb)
http://www.mediafire.com/?6wpswpdm1oph3yk
Koggala Nilame- Book 2 (14mb)
http://www.mediafire.com/?ga1l37lqzbkkjcc
මොනවා උනත් මෙතන මොකක් හරි jimix එකක් තියෙනවා.... මොකද වාල්මිකී කියන හොරට ඔච්චර ලස්සනට කතා ලියන්න පුළුවන් වෙන්න බෑ... ඌ අඩුම ගැනේ ලංකාව ගැන සහ ලංකාවේ හිටපු රාවණ කියන දේවල් ගැන අහල හරි තියෙන නිසා එම චරිත ඇසුරින් මෙවැනි ප්‍රබන්දයක් ගොඩනැගුව වෙන්න බැරිද..... රාවණ ඔය කියන තරම් බුවෙක් නොවුනට යම් තරමක පොරක් වෙන්න ඇති නැත්තම් ඉන්දියාවේ ඉන්න වාල්මිකී වගේ හොරෙක් කොහොමද රාවණ ගැන දැන ගන්නේ ...... මොනවා උනත් අනික හනුම වගේ චරිත ඉන්නත් බැරි නෑ පරිනාමයේ වෙච්ච mistake එකකින් .. හැබයි ඔය කියන වැඩ දාන්නේ නම් නැතුව ඇති ...... හැබැයි මට පෞද්ගලිකව හිතෙනවා රාවණ නමින් හොර නායකයෙක් හරි ඉදල තියෙනවා ලංකාවේ ...
ReplyDeleteකතාව ඇත්ත..මේ පොත කියවල බලන්න..
DeleteKoggala Nilame- Book 1 (22mb)
http://www.mediafire.com/?6wpswpdm1oph3yk
Koggala Nilame- Book 2 (14mb)
http://www.mediafire.com/?ga1l37lqzbkkjcc
මේ වගේ සංවේදී මාතෘකාවක් පටන් ගන්න කලින් , ඒ ගැන මීට වඩා අධ්‍යනය කළා නම් නරකද කතෘතුමෝ?
ReplyDeleteමේකේ කොමෙන්ටු දාල තියෙන කිසිම කෙනෙක් වත්, අඩුම තරමේ මේ ලිපිය ලියපු කෙනාවත්, කොග්ගල නිලමේ කියන පොත කියවල නෑ කියල මට තේරෙන්නේ.. එහෙම උනා නම් මේ ලිපිය , මීට වඩා වෙනස් වෙන්න තිබුන.. කරුණාකරලා හැමෝම මේ පොත කියවල බලන්න..
Koggala Nilame- Book 1 (22mb)
http://www.mediafire.com/?6wpswpdm1oph3yk
Koggala Nilame- Book 2 (14mb)
http://www.mediafire.com/?ga1l37lqzbkkjcc
ශිව තාන්ඩවයෙහි රාවණ නාමය සිහිපත් කරයි... එම චරිතය හුදෙක් වාල්මිකී ගේ මනස්ගාතයක් නම්... ඉන්දියානු පුරාන වල මෙම නම පිටපත් වූයේ ඇයි ද යන්න විශාල ප්‍රශ්නයකි....
ReplyDeleteඅවුරුදු 8000ක් තරම් වූ විකිරණශීලී මල සිරුරු දහස් ගණනක් වැළලී තිබූ ප්‍රදේශයක් ඉන්දියාවෙන් සොයා ගනිද්දී, රවනයන් ට අපහාස කල ය කොහෙද සිටියේ යන්නද ප්‍රශ්නයකි... http://rense.com/general3/8000.htm
ඉන්දියාවට කුඩු වන්නට ගැසූ රාවණයන් ව ඉන්දියානේ මහා ගත්කරුවෙක් කණපිට ගැහුවා වෙන්නටද පුළුවන.. කිමද ඉන්දියානු බමුණන් අතිශෝක්තියේ ඇති දක්ෂයෝ වෙති... උන් අපේ රටේ ඉතිහාසය සහ ත්‍රිපිටකය කෑවේ ද එලෙසිනි !