-->

Tuesday, February 5, 2013

නිදහස.... ඇමරිකානු කල්ලන් වහල්භාවය තුල කොටුවී සිටි ආකාරය හොදින්ම පෙන්වූ චිත්‍රපටිය මෙයවත්ද?

දිනකට දෙකකට පෙර නැරඹූ චිත්‍රපටියක් තුළ නිදහස යනු කොතරම් වටිනා දෙයක්දැයි පෙන්වන නිසා එය පිළිබදව ඔබට පැවසීම අතීතයේ නිදහස විවිද ජාතීන්ට, විවිද රටවල ජීවත්වූවන්ට කෙසේ බලපෑමක් ඇති කරන්නේද යන්න හොදට දැනෙනු ඇතැයි සිතුනා. මේ චිත්‍රපටිය තමයි Django Unchaine. 

ගියවසරේ එනම් 2012 වසරේදී තිරගතවූ මෙම චිත්‍රපටිය පසුබිම් කරගෙන ඇත්තේ ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹීමට වසර දෙකකට පෙරාතුව එරට ව්‍යාපතව තිබූ ඇමරිකානු කළු වහල් වෙළදාමේ අමිහිරි මතකයයි. වහළුන්, වහලියන් තමන්ගේ චංචල දේපලක් ලෙස සැලකූ සුදු ජාතික හාම්පුතුන් ඔවුන්ව මරා දැමුවද නීතියෙන් ඔවුන්ට දඩුවම්‍ නොපැනවුන අතර සුළු වරදකට පවා කසපහර ලැබීමට හෝ තම හාම්පුතාගේ අභිමතයට ලක්වීම හැරෙන්නට වෙනයහ් ප්‍රතිරෝදයක් එල්ල කිරීමට කළු වහලුන්ට නොහැකිවූ බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. 

ඔස්කාර් සම්මාන පහකට පවා නිර්දේශ වූ මෙම දිගු චිත්‍රපටියෙන් එකළ වහල් වෙළදාම, වහළුන් විදි වද වේදනා ආදිය පිළිබදව යම්තාක් දුරකට අපට දැක ගැනීමට හා සංවේදී ලෙස ඒ පිළිබදව කල්පනා කිරීමට අවස්ථාව ලබා දෙන බව පැවසිය යුතුයි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් ලෙස ඔස්කාර් සම්මානලාභී Jamie Foxx සහ තවත් ඔස්කාර් සම්මානලාභීයෙකු වන Christoph Waltz රඟපාන අතර අපට හුරු පුරුදු කිහිපවිටක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත වූ Leonardo DiCaprio සහ Samuel L. Jackson දුෂ්ඨයන්ගේ භූමිකාවට පණ පොවනවා.

අධ්‍යක්‍ෂනයද ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්‍ෂකවරයෙකු වන Quentin Tarantino විසින් සිදුකර තිබෙන අතර ඔහු ඔස්කාර් සම්මානයට පාත්‍රවූ Pulp Fiction චිත්‍රපටියේද අධ්‍යක්‍ෂකවරයායි. එ‍සේම මේ චිත්‍රපටි ද්විත්වයේම කතාව ලිවීමේ ගරුත්වයද ඔහුට හිමිවනවා.

මෙය බලන්නට වටින චිත්‍රපටියක් ඒ බව පවසන අතරේම මෙයට වඩා වෙනස් තේමාවක් ඇතත් මිනිසුන් තුලට පැටවෙන පීඩනh, යුද්ධයේ කටුක අමිහිරබව, ප්‍රියයන් ඇස්පනාපිට අහිමිවීම, වේදනාව අපට දැනෙනා අයුරින් නිපදවූ ‍දැන් වසර විසිහයක් පැරණි චිත්‍රපටියක් පිළිබදව සහ එහි අධ්‍යක්‍ෂකවරයා පිළිබදව කෙටියෙන් යමක් පවසා මෙම ලිපිය අවසන් කරන්නට සිතුවා. මෙම චිත්‍රපටිය තමයි 1987 දී තිරගතවූ Full Metal Jacket. 
 
වියට්නාම යුද සමය පසුබිම්කරගෙන තැනූ මෙම චිත්‍රපටියේදී ජයග්‍රාහකයා පරාජිතයා පිළිබදව කතාවක් නොව මිනිසුන් තමන් තුලම හිරවී සිටිනා ආකාරය පෙන්වන චිත්‍රපටියක් ලෙස දැක්විය හැකියි. ඔස්කාර් සම්මානයක් සදහාද නිර්දේශිත වූ මෙම සිනමා නිර්මාණය දැන් වියෝවී සිටින ප්‍රතිභාපූර්ණ දක්‍ෂ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්‍ෂකවරයෙකු වන Stanley Kubrik අතිනුයි.


 1951 සිට 1999 දක්වා ඔහු මිය යනතෙක් ඔහු අතින් බිහිවූ සිනමා නිර්මාණ ප්‍රමාණය නම් අතලොස්සක් වන අතර මුළු සිනමා නිර්මාණ (වාර්තාමය චිත්‍රපටියද සහිතව) 16 ක් වේ. එයින්ද පහලොස්වන සිනමා නිර්මණය මෙය වන අතර මෙයින් පසුව වසර 12 කට පසුව තැනූ Eyes wide shut ඔහුගේ අවසාන නිර්මාණයද වනවා.

 මා නරඹා ඇති ඔහුගේ අනෙකුත් චිත්‍රපටිවන 2001: a Space Odyssey හැරුන කොට

A Clockwork Orange,

The Shinning,

Eyes wide shut 

යන චිත්‍රපටි සියල්ලම අමුතුම ආකාරයේ චිත්‍රපටි කිහිපයක් බව නම් කිව යුතුමයි. ඒවා සාමාන්‍යයෙන් අප දකිනා චිත්‍රපටිවලට වඩා මිනිස් සිත පිළිබදව ගැඹුරින් නිරාවරණය කරනා නිර්මාණ බවයි මගේ හැගීම.

7 comments:

  1. ඬි'ජැන්ගෝ මමත් මෑතකදී බලපු වෙනස් තාලේ චිත්‍රපටයක්. ඒ වගේම එහි පසුබිම් සංගීතය ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. චිතරපටියේ සමස්ත ධාවනකාලය පුරාම කම්මැලිකම ක් නෙතිව බලන් ඉන්න පුළුවන් වුණත් ප්‍රබල කතාවසතුවක් නම් චිත්‍රපටයේ නැහැ. අවස්ථා සම්බන්ධතා දුර්වලයි.

    ReplyDelete
    Replies
    1. මගේ මතය අනුව ලෝකයේ මේ දක්වා නිපවපු කිසිම චිත්‍රපටියක් සෑම අංශයකින්ම අංගසම්පූර්ණ නැහැ. ඒක සමහර විට අධ්‍යක්‍ෂක නොදැනුවත්ව හෝ සමහර විට කාලරාමුව ඔස්සේ චිත්‍රපටිය නිමාකරන්නට දැනුවත්ව හෝ සිදුවන දෙයක්. ඒ නිසා තමයි සමහර චිත්‍රපටි ආරම්භය මැද හොද වුනාට අවසානය ගන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් Western Cowboy චිත්‍රපටියක තේමාව හා කතාවට ගත්විට සමහරක මුල මැද අග නැහැ වගේ තිබෙනවා. කතාවත් මොකක් කියනවාද කියා තෝර ගන්න බැහැ. Eastwood ගේ ප්‍රධානම ගොපළු චිත්‍රපටි ත්‍රිත්වයේ වුනත් ඒ ගතිය තිබෙනවා. එහෙත් ගොපළු චිත්‍රපටිවලට වගේම ඔහු තුල තිබෙන පිරිමි පෞරුශය නිසා අපිට ඒ අඩුපාඩුව එතරම් දැනෙන්නේ නැහැ. ඒ අතින් ගත්තහම මේ චිත්‍රපටියේ ඔබ කියනා ඍන ලක්‍ෂන අඩුබවයි මගේ හැගීම. එකම දේ මේ චිත්‍රපටි හොද අවධානයෙන් බලන්න ඕන. එහෙම නැතිවුනොත් නම් ඔබ කියනා ආකාරයට අවස්ථා සම්බන්ධතාවය අඩුයි වගේම ප්‍රභල කතාවක් නැතිවුනා වගේ පෙනේවි...

      Delete
  2. මේක මම කොහෙන් හරි කියවපු කතාවක්.

    “සුද්දා වරද්ද ගත්තේ ඔය කළු එවුන් වහල්ලු හැටියට උන්ගේ රටට ගෙනල්ල. මොකද සුද්දා වැඩට ගියාම සුද්දියො ඔය ගෙනාපු වහල්ලු එක්ක නිදියල තමයි ඔය ඇමරිකාවේ දැන් ඉන්න කළු ජාතික පරම්පරාව හැදිල ඉන්නේ.“

    ReplyDelete
    Replies
    1. මම නම් අහලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත සුදු ජාතික පිරිමින්ගේ කෙලිබඩු වුන කළු වහල්ල ලදුන්ට ලැබුන දරුවන් තමයි අප්‍රිකානු කළු ජාතීන්ට වඩා සෞම්‍ය ලක්‍ෂන සහිතව ඇමරිකාවේ සිටන්නේ...

      Delete
    2. ඔව් එහෙමත් වෙන්න පුළුවන්. දැනුයි ජැන්ගෝ බලල ඉවර වුනේ. හොඳ චිත්තර පටියක්. ස්තූතියි දැනුවත් කළාට.

      Delete
  3. කුබ්රික්ගේ සිනමාපට නැරඹීම ම දිනේෂ්ගේ රහ ඉහළ මට්ටමක තියෙන බවට දෙන හොඳ ඉඟියක්.බර්ග්මාන්,කිසලොව්ස්කි,හිච්කොක් ආදීන් ගැනත් පුළුවන් නම් සටහනක් තියමු.
    උඩින් ම කියල තියෙන 2012 ෆිල්ම් එක මාත් බලන්න හිතාගෙනයි ඉන්නේ. කොහොමවුණත් ෆිල්ම් එක හදපු මහත්තය කිව්වෙ නම් එයා ඔය ෆිල්ම් එකෙන් පස්සෙ සිනමාවෙන් සමුගන්න බවයි. එහෙම වුණොත් අපිට තවත් විශිෂ්ටයෙක් අහිමි වන බව නම් නිසැකයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මම චිත්‍රපටියක් බලන්නේ ඇගට දැනෙනවා නම් විතරයි. ඉන්පසුව තමයි මම බොහෝවිට අධ්‍යත්‍ෂකවරයා සහ අනෙකුත් පාර්ශව ගැන සොයන්නේ (හැබැයි ඒ තියරිය ස්පිල්බර්ග් සහ කැමරන්ට සහ තවත් නමගිය නිර්මාණකරුවන්ට අදාල නැහැ. බොහෝවිට ඔවුන්ගේ චිත්‍රපටි බලන්නේ ඔවුන් නිසාමයි). ඉතින් බොහෝවිට මගේ රසයට ගැලපෙන්නෙත් ටිකක් නම්දරාපු අධ්‍යක්‍ෂකවරුන්ගේ චිත්‍රපටි තමයි....

      Delete