මේ Sibir කියන්නේ ඔබ දන්නා තැනක් හැබැයි මේ නමින් නෙවෙයි. ඔබ මීට පෙර සත් සමුදුරේ තිබුන ගුලාග් කදවුරු ලිපිය කියෙව්වානම් මෙම Sibir ගැනත් ඇහැගැහැන්න ඇති. තවත් ඔබ වෙහෙසන්නේ නැහැ. මේ Sibir කියන්නේ සයිබීරියාවට රුසියන් බසින් කියන නමයි.
දැන් ඔබ දන්නවා සයිබීරියාව ගැන මම කියන්න හදන්න බව. සයිබීරියාව කියන්නේ මොන රටක තියෙන, මොන වගේ තැනක්ද කියල ඇහැවොත් ඔබ කියාවි රුසියවේ තියෙන, එහෙමත් නැත්නම් 1991 ට පෙර සෝවියට් සමූහාණ්ඩුවේ තිබුන ඉතා කටුක ප්‍රදේශයක් කියලා. ඒ වගේම ඔබ මීට පෙර කියවූ ගුලාග් ලිපි ත්‍රිත්වයේ තිබු ආකාරයට හිරකරුවන් සුලභව රදවා තියෙන කිසිකෙනෙක් යන්නට අකමැති ජනශුන්‍ය ඉසව්වක් හැටියටත් ඔබ ඉතාමත් පහසුවෙන් කියාවි. එහි යම් සත්‍යතාවයක් තියෙනවා. ඒත් මේ ලිපියෙන් ඊට වඩා වෙනස් දේවළුත් ඔබට දැනගන්නට ලැබේවි කියල මම විශ්වාස කරනවා.
ඇත්තෙන්ම සෝවියට් දේශය පැවති සමයේ මෙම සයිබීරියා පෙදෙස අපරාධකරුවන් හො විවිද කරුණු අරඹයා සිර භාරයට ගත්තවුන් පිටුවහල් කිරීමට කදිම තෝතැන්නක් වුනු බව නම් ප්‍රසිද්ධ කරුණක්. හැබැයි මෙම පලාත වැඩකට නැති තැනක් නම් නොවේ. මෙම ප්‍රදේශය ධන ආකරයක් එහෙමත් නැත්නම් ස්වාභාවික සම්පත් ගබඩාවක් ලෙස කීවත් වරදක් නැහැ. මෙම සයිබීරියාව තුල දැවැන්ත ඛනිජ තෙල් නිධි, ගෑස් නිධි, ඛනිජ ද්‍රව්‍ය වගේම දැවලබා ගත හැකි විශාල ශාක වලින් අනූන බිම්කඩක්.
පස්සේ විශාලම රට හෙවත් දෙවන විශාලම රටවන කැනඩාවටත් වඩා විශාලයි කිව්වොත් පිළිගන්නවද? මෙන්න හරියටම එම ප්‍රමාණය සංඛ්‍යාවලින්ම කියනවනම් වර්ග කිලො මීටර් 13,488,500 sq km හෙවත් වර්ග සැතපුම් 5,207,900. ඒ එක්කම කියන්න ඕන රුසියාවේ ආසියවට අයිති කොටසේ විශාල කොටසක් සයිබීරියාව අත්පත් කරගෙන ඇතුවා වගේම උතුරු කසකස්ථානයේ කොටසකුත් සයිබීරියාන සතු කරගෙන තිබෙන බව. මේ අතිදැවැන්ත භූමි පුදේශයකට හිමිකම් කියන සයිබීරියාවට එම නම ලැබී ඇත්තේ Tatar භාෂාවෙන බිදි ආ term "sleeping land" කියන අර්ථය රැගෙන Sibir ලෙසයි.
විශාලත්වය දැන ගත්ත වගේම සීමා මායිමුත් දැන සිටීම හොදයි. බටහිර කොටස මායිම් වෙලා තියෙන්නේ යූරල් කදුවැටිවලින්. උතුර ආක්ටික් සාගරයෙන්. නැගෙනහිර පැසිපික් හෙවත් ශාන්තිකර සාගරයෙන් සහ බීරිං සමුදු සන්ධියෙන්ද, දකුන මායිම් වී ඇත්තේ චීනය, මොන්ගෝලියාව හා කසකස්ථානයේ උතුරේ පිහිටා ඇති කදු වලින්.
අති විශාල ගංඟා තුනක් සයිබීරියාවතුල දැක ගන්නට පුළුවන්. මේවා දකුණේ සිට උතුරු දෙසට ගලන අතරම විශාල ගසක අතුවිහිදී ඇති අයුරින් අතු බෙදෙන බවත් කිව යුතුයි. මේ ගංඟා තුන තමයි Ob’, Yenisey, සහ Lena.මේවා ආක්ටික් සාගරයට වැටෙන අතරම සෑම වසරකම මාස හයක් හෝ නවයක් මේවායේ ජලය මිදී හිම බවට පත්වෙන බවද කිව යුතුමයි. මීට අමතරව එකම එක ගඟක් පමණක් බටහිර සිට නැගෙනහිර දෙසට ගලමින් පැසිපික් සාගරයට වැටෙනවා. එය තමයි Amur කියන ගංඟාව.
බයිකල් විල |
දේශගුණය, උශ්නත්වය වගේ දේවල් නොකිව්වොත් එය විශාල අඩුවක්. සයිබීරියවේ දකුණු කොටස හැරෙන්නට අනෙක් ප්‍රදේශ සියල්ලම පාහේ වසරකට මාස හතක් නැත්නම් අටක් දීර්ඝ ශීත ඍතුවකට මුහුණදෙනවා. ග්‍රීස්ම ඍතුව කෙටි අතර එය විවිද අවස්ථාවල සුළු වශයෙන් වෙනස් විය හැකිබවද කිව යුතු අතර බටහිර කොටසේ ඇති Tomsk කලාපයේ ජනවාරි මාසයේ උශ්නත්වය සාමාන්‍යයෙන් -21° C (-6° F) ද, ජූලි මාසයේ 18° C (64° F) ක්ද ගන්නා බව පැවසිය හැකියි. ඒවගේම ඊසාන කොටසේ දුරින් පිහිටා ඇති Verkhoyansk කලාපයේ ජනවාරි මාසයේ උශ්නත්වය සාමාන්‍යයෙන් -51° C (-60° F)ද, ජූලි මාසයේ 14° C (57° F) ද බව කිව හැකියි. ඒවගේම සයිබිරියාට නිරතුරුවම සුළුවශයෙන් හෝ හිම පතනයක් පතිත වන බව කිව හැකියි.
Taiga Forest |
siberian tiger |
freshwater seals |
මේ ප්‍රදේශයේ ඇති දැවැන්ත පොසිල ඉන්ධන සහ ගෑස් නිධි වගේම රන්, තඔ, ගල් අගුරු වගේම යකඩත් එරට ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ගන්නවා. උදාහරණයක් කියුවොත් සල්ෆර් අඩු ගල් අගුරු පමණක් මෙට්රික් ටොන් බිලියන 600 ක් පමණ ඇතැයි කියන අතරම දුඹුරු ගල් අගුරු වර්ගයෙන් ඉහත කිව් අගයෙන් දෙගුණයක් පමණ ලබා ගත හැකි බවට ගණන්බලා තියෙනවා. මීට අමතරව යුරේනියම්, ප්ලැටිනම්. නිකල්, කොබෝල්ට් වගේම තවත් ඛණිජ වර්ග රැසක් දරා ගෙන සිටින්නේ සයිබීරියාවයි. ඒ අමුද්‍රව්‍ය පදනම් කොට ගෙන පවත්වාගෙන යන කර්මාන්තශාලා රැසක්ද මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒ එක්කම රන්, රිදී සහ දියමන්ති ආකරවලින්ද මෙම කලාපයම පොහොසත්.
විශාල තෘණ භූමි ඇති නිසා සත්ව පාලනය යහමින් සිදුකෙරෙනවා වගේම සුවිශාල සයිබීරියාවේ ඒ ඒ ප්‍රදේශ වල පවතින දේශගුණික තත්වයන්ට අනුකූල වන ලෙස තිරීඟු, රයි, ඕට්ස්, බාර්ලි, අර්තාපල් ආදිය මහා පරිමාණයෙන් වගා කෙරනව වගේම ධීවර කර්මාන්තයද හොදින් කරගෙන යන පලාතක් තමයි සයිබීරියාව කියන්නේ.
ඒ වගේම කියන්න ඕන මේ සයිබීරියාව කියන කලාපයට මානව ඉතිහාසයේත් හොද ස්ථානයක් තිබෙන බවත්. ඒ කියන්නේ ක්‍රි.පූ. 10000 ටත් කලින් තමයි මානව ජනාවාස මෙම පෙදෙසේ ඇතිවෙලා තියෙන්නේ. කෙසේ නමුත් විවිද හේතුමත විටින් විට ජනාවාස ඇතිවූ ප්‍රදේශ අත්හැර දැමීම හෝ වෙනස් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම සිදුවී ඇති අතර විවිද ජාතීන්ගේ ආක්‍රමණවලටද (හන් වරුන්ගේ, මොන්ගෝලියනුවන්ගේ) මෙම පෙදෙස නතුවී ඇත.
16 වන සියවස වන විට රුසියනුවන් සයිබීරියාව දෙසට හමුදාව යොමුකර ඇති අතර, 1582 දී tsar Ivan IV Vasilyevich හෙවත් Ivan the Terrible රජු යටතේ මූළු සයිබීරියාවම රුසියානු ධජය යටතට පත්ව ඇත.
16 වන සියවස වන විට රුසියනුවන් සයිබීරියාව දෙසට හමුදාව යොමුකර ඇති අතර, 1582 දී tsar Ivan IV Vasilyevich හෙවත් Ivan the Terrible රජු යටතේ මූළු සයිබීරියාවම රුසියානු ධජය යටතට පත්ව ඇත.
Ivan the Terrible |
සයිබීරියාව ශීඝ්‍රයෙන් ජනාවාසවීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන ට්‍රාන්ස් සයිබීරියා 1880 න් පසුව ගොඩනැගෙන්නට පටන් ගැන්ම. ඒ සමගම කම්කරුවන් , ගොවීන් ආදිය සහ තවත් විවිද වෘතිකයන් මෙම දුම්රිය මග හා සම්බන්ධව පදිංචිවීම. වර්තමානයේ වුනත් වැඩි ජනගහනයක් වෙසෙන්නේ මෙම දුම්රිය මග ආශ්‍රිතව වීම කෑපී පෙනෙනවා. දළ වශයෙන් සයිබීරියාවේ වෙසෙන ජනගහනය මිලියන 25 ක් 30 ක් අතර වෙතැයි කියනවා.
කෙසේ නමුත් මෙය භූමියට සාපේක්‍ෂවනම් ඉතා කුඩා අගයක්. ඒ එක්කම වර්තමානයේ මෙම පෙදෙස මෙසේ ජන ගණත්වය හීන වීමට බලපා ඇති තවත් කරුණක්වන්නේ සයිබීරියාවේ බොහෝ ප්‍රදේශ න්‍යෂ්ඨික අපද්‍රවය බැහැරකිරීමට භාවිතාකිරීමයි. මෙනිසා භූමිය වගේම පිරිසිදු මිරිදිය ජල ප්‍රවාහ බොහෝමයක් දූෂනයට පත්වී තිබෙනවා. ඒ එක්කම ඒවායේ විකිරණශීලතාවයද අධික බව පැවසෙනවා. මෙය කොතෙක්ද කිවහොත් සයිබීරියාවේ සමහර ප්‍රදේශවල විකිරණශීලතාව, සුප්‍රකට චර්නෝබිල් බලාගාරය පුපුරා යාමේදී නිකුත්වූ විකිරණශීලතාවය මෙන් විසි ගුණයක් ගන්නා බව කණගාටුවෙන්වුනත් කියන්න ඕන.
ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන ට්‍රාන්ස් සයිබීරියා ගැනත් කතා නොකරම බැහැ. 1880 දී ඒ සදහා සැලසුම් සම්පාදනය ආරම්භකර ඇති අතර Moscow නුවරින් ආරම්භවෙන මෙම දුම්රිය මග සයිබීරියානු ස්ටෙප්ස් භූමි හරහා පැසිපික් වරායක් වන Vladivostok කරා ගමන් ගන්නවා. මෙම අන්ත දෙක අතර දුර කිලෝමීටර් 9,297 හෙවත් සැතපුම් 5,578 ක් වෙනවා. මෙම දුර ගමන් කිරීමට සාමන්‍ය වහයෙන් දින හතක් ගන්න අතර මෙහි ගමන් ගන්නා දුම්රිය තුල පල්ලියක්, පුස්තකාලයක්, සංගීත ශාලාවක් වගේම හෙදියක් සහ කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්ද ගමන් ගන්නා බව කිව යුතුයි. මෙම දුම්රිය මාර්ගය අද වන විට මොන්ගෝලියව හා මැන්චූරියව හරහා චීනය දෙසටත් අතුබෙදී පවතින බව කිව යුතුයි.
ඒ එක්කම මෙම මග තැනීමත් සමග සයිබීරියාවේ ඈත කෙලවරේ තිබෙන නොයිදුල් බිම් කරාද පැමීනීමට මිනිසුන්ට පහසුවූ අතර මෙම කලාපයේ සැගවී පැවති වටිනා ස්වාභාවික සම්පත් ගවේශනයටද එය මහත් රුකුලක් වුනා. ඒ අනුව ට්‍රාන්ස් සයිබීරියා දුම්රිය මග සයිබීරියානු ප්‍රවාහණයේ කොදුනාරටිය ලෙසද සලකන අතර මෙහි ඇති ගුවන් තොටුපලවල් සහ වරායවල්ද දුම්රිය මග හා සමගාමීවම පැවතීමද කිවයුතුයි.
කෙසේ වෙතත් සයිබීරියාවට අපකීර්තියනම් ලගා කරදුන්නේ මනුෂ්‍ය වර්ගයාමයි. එයට හේතුව මිනිස්කමට නිගා දෙන වහල් කදවුරු සිර කදවුරු සහ මිනිසුන් පිටුවහල් කිරීමේ භූමියක් ලෙසද සයිබීරියාව යොදා ගැනීමයී. මෙය රුසියානු විප්ලවයට පෙර සිටම පැවතුනක් වන අතර සාර් රාජ්‍ය කාලය තුලදී 1890 – 1900 අතර කාලයේදී ස්ටාලින්, ලෙනින් සහ රුසියනු විප්ලවයේ පතාක යෝදයෙකු වන ලියොන් ට්‍රොස්කිද පිටුවහළුන් ලෙස සයිබීරියාවේ ගත කරතිබෙනවා. කෙසේ වෙතත් විප්ලවයෙන් පසු වහල් විසිවන සියවසේ මහා පරිමාණ වහල් කදවුරු ඇති කිරීමේ පුරෝගමීත්වය ලෙනින් ඇරඹූ අතර ස්ටාලින් අය වේගවත්, ශක්තිමත් සහ කෘර ලෙස ඉදිරියට ගෙන ගියා. ඔබ මීට පෙර පල කල ගුලාග් කදවුරු පිළිබද ලිපිය කියෙව්වානම් හොදින් තේරුම් ගන්නට ඇති.
සයිබීරියවේ ශීඝ්‍ර සංවර්ධනය වූ කාල සමය නම් ස්ටාල්න්ගේ සමය කියන එක නම් කියන්න වෙනවා. පෙර ගුලාග් කදවුරු පිළිබද ලිපියේද සදහන් කල අයුරින් 1927-1932 අතර කාලයේ ක්‍රියාත්මක කල පස් අවුරුදු ආර්ථික සැලැස්මේදී අති දැවැන්ත කාර්මික ව්‍යාපෘතී මෙම ප්‍රදේශය තුල ස්ථාපිත කල අතරම ගුලාග් කදවුරු වලින් බලහත්කාරයෙන් ඒවාට සේවය ලබා ගත්තාට අමතරව ඉහල වැටුප් යටතේ සයිබීරියාවේ කර්මාන්ත ශාලා සහ ඒ අශ්‍රිත රැකියාවල නියුතුවීමට දිරි ගන්වනු ලැබුවා. සයිබීරියානු කලාපයේ සමහර නගර 600% කින් වර්ධනයවූබවද පැවසෙනවා. ඒ එක්කම දෙවන ලෝක යුද්‍ද සමයේදී යුක්රේනයේ තිබූ මහාපරිමාණ කර්මාන්ත රැසක්ද සයිබීරියාවට රැගෙන ගිය බව පැවසෙනවා.
සයිබීරියාව ගැන කිවයුතු බොහෝ කරුණු සහ සංසිද්ධි තව තියෙනවා. ඒවා බොහොමයක් අන්තර්ජාලය පිරික්සීමෙන් ඔබටත් දැනගත හැකියි. මමත් මෙම ලිපිය ලිවීමට පෙර සයිබීරියාව ගැන සිටි කරුණු අල්පයි. නමුත් මෙම ගුලාග් කදවුරු ගැන ලිවීමේදී සයිබීරියාව ගැන කියවුන නිසා ඒ ගැන සොයාබැළු අතර එවිට දැනගන්නට ලැබුනු කරුණුතමයි මම මේ ලියා දැක්වූයේ.
මේලිපියට නෑකම් කියන ගුලාග් කදවුරු ලිපි ත්‍රිත්වයචද ඔබට ඉඩක් ලැබුනොත් බලන්න.
මෙන්න ඒ සදහා මාර්ගය -
මෙන්න ඒ සදහා මාර්ගය -
පට්ට පොස්ට් එක ගොඩක් වටිනවා ලෝකේ ගැන දැනගන්න තවත් ලෝකේ තියෙන ස්ථාන ගැන ලියන්න පුලුවන්නම්
ReplyDeleteස්තූතියි! ඔබගේ ඉල්ලීම මම ඉදිරියේදීත් ඉටුකරන්නම්. නැවතත් සත් සමුදුර බලන්න එන්න.
ReplyDeleteගොඩක් වටින ලිපියක්... මේ වගේ තවත් හොද ලිපි ලියන්න
ReplyDeleteඔබට ජය..
නියමයි. වටිනා ලිපියක්..
ReplyDelete@outsider & Other - ස්තූතියි!
ReplyDeleteමම එදත් comment එකක් දැම්ම සහෝ මතකද, හරිම වැදගත් සහෝ, ලස්සන ලිපියක්, මම එක වතාවක් වසන්ත නිවාඩුවට ලංකාවට එන්නෙ නැතුව ගියා සිබීර්, යන්න එන්නම දවස් 9 විතර ගියා, යද්දි ගියේ කොටස් විදිහට එද්දි ගුවන් යානාවකින් තමයි ආවෙ, සමාන්‍යයෙන් මේ ප්‍රදේශයට සංචාරකයො යන්නෙ නෑ මොකද පවතින අදික සීතල නිසා, එමෙන්ම, ගමනාගමනයට වැයවන කාලය බැලුවම විශාල කාලයක් වැය කරන්න සිදුවීම, හරිම සුන්දර පෙදෙසක් වගේම ආගන්තුක සත්කාර වලින් ඉතා පොහොසත් ජනතාවක්, අපිට භාෂාව කතාකිරීමට හැකිවීම පහසුවක් උනා වගේම, අපි නැවතුන තැන දන්න කියන රුසියානු මිතුරෙකුගෙ නෑදෑ වෙන කෙනෙකුගෙ, හරිම සුන්දර වගේම නියම නිවාඩුවක්, ගෙදරම හදන "සමගොන්" (අපේ කසිප්පු වගේ වොඩ්ක වලට සමාන, නමුත් ඒක එහේ ගෙදර හදන්න නීතියෙන් අවසර තියෙනව, අපේ කසිප්පු වගෙ නෙමෙයි ප්‍රමිතියකට සාම්ප්‍රදායකට හදන්නෙ ) වලින් "සැලොනි අගුර්සි, පමිදෝර්, චොර්නියේ හලේබ්. කල්බසා, ශෂ්ලීක් (මේ සියල්ල රුසියානු සාම්ප්‍රදායික ආහාර) වලින් අඩුවක් උනේම නෑ, ඉතාම ඉහලින් අපිට සැලකුව. සුන්දර අතීත් සටහනක් නැවත මතක් උන නිසයි දිගට comment කලේ, comment එකේ දිගට අමනාප වෙන්න එපා. ලස්සන ලිපියක්. අවසානයට කියන්න තියෙන්නෙ වචනයේ පරිසමාප්තියෙන් සුන්දරයි. තවම කියන තරම් හානියක් නෑ සහෝ මොකද ජනගහනයට සාපේක්ශව භූමි ප්‍රමාණය අතිවිශාල නිසා. ලිපියේ නිර්මානාත්මක බව ගොඩක් ඉහලයි.ජය.
ReplyDelete@සංහිද පාමුල - ගොඩක්ම ස්තූතියි සහෝදරයා ඇත්තෙන්ම නොදන්න කාරණ රැසකින් මාව සහ මේ ලිපිය බලන්න එන අයවත් දැනුවත්කරාටත් මාව ධෛර්යයමත් කරාටත්. මොකද මම ලියන්නේ කියවල පමණයි. ඔබවගේ සැබෑ අත්දැකීම් ලබලු කෙනෙක්ගේ අදහස් සහ මඟහැරුනදෙයක් තිබේ නම් පෙන්වා දීම ඉතාමත් ප්‍රශංසනීය කරුණක් Comment එක කොච්චර දිගවුනත් ගැටළුවක් නැහැ. එය මුළුමනින්ම ඔබගේ අදහස්වලට විවෘත තැනක්. ඔබගේ අදහස් සහ සහය ඉදිරියටත් දෙන්න.
ReplyDeleteහරිම වැදගත් ඒ වගේම හුඟක් දේවල් ඉගෙන ගත්තු ලිපියක් පොඩි අඩුපාඩුවක් පෙන්නල දුන්නට තරහ වෙන්න එපා, හොඳේ,
ReplyDelete/අති විශාල ගංඟා තුනක් සයිබීරියාවතුල දැක ගන්නට පුළුවන්. මේවා උතුරේ සිට දකුණ දෙසට ගලන අතරම ..../
මේ ගංගා ගලන්නේ දකුණේ සිට උතුරට විය යුතුයි නේද?
/මීට අමතරව එකම එක ගඟක් පමණක් නැගෙනහිර සිට බටහිරට ගලමින් පැසිපික් සාගරයට වැටෙනවා. එය තමයි Amur කියන ගංඟාව./
මේ ගංගාව ගලන්නේ බටහිර සිට නැගෙනහිරට විය යුතුයි මම හිතන්නෙ,
@Ravi - ඇත්තෙන්ම වැරැද්ද පෙන්වා දුන්නාට මම ඔබට ස්තූතිවන්ත වෙනවා. මම එම කරුණු දෙක නිවැරදි කරන්නම්.
ReplyDeleteනියමයි දිනේෂ්. තව හොද හොද දේවල් දාන්න.
ReplyDelete@Shammika N. Abeysinghe - ස්තූතියි!
ReplyDeleteanargayi...!!!
ReplyDeleteස්තූතියි!
ReplyDeleteදිනේෂ්, ඔයාගේ පුංචි වරදක් පෙන්නලා දිපු රවීටයි මේ ලියන්නේ,
ReplyDeleteහිතවත් රවී මම ඔයාවත් අගය කරනවා. පළවෙනි කාරනය හොද විමසිල්ලෙන් මේ ලිපිය කියවීම ගැන, දෙවැන්න ඒ දැක්ක අඩුව කාරුණිකව පෙන්වාදීම. ඕක තමයි වෙන්න ඕන.
ඔබ දෙදෙනාටම මගෙන් සුබ පැතුම්..
@ගයාන් ගයා ශ‍්‍රී ගමගේ - ස්තූතියි! ඇත්තෙන්ම තිබෙන කාර්යයබහුලබවත් එක්ක ලිපිය ලිවීමේදී ඒ කාරණා එකිනෙක පැටලී ගොස් තිබුනා...
ReplyDeleteමෙන්න මේ වගේ ලිපි මම ගොඩක් ආශාවෙන් කියවනව,තව තවත් ලිවීමට හෑකියාව ලෑබේවා කියල ප්‍රාර්ථනා කරනව,හෑකිනම් ලෝක සිතියම දිගටම කරගෙන යන්න.
ReplyDeleteබොහොම වටිනා ලිපියක්. නොදන්නා තොරතුරු බොහොමයක් අඩංගුයි.
ReplyDelete