-->

Tuesday, December 30, 2014

වසර දෙදහසකට පෙර සල්ලාලයන්ගේ පාරාදියක් වූ පොම්පේ නගරයේ සිෆිලස් තිබුනාදැයි සැකයක්? - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - දෙවන කොටස

යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද?  එසේත් නැතිනම් 1493 වසරට පෙර යුරෝපයේ සිෆිලස් රෝගීන් නොසිටියේද?  යම් හෙයකින් ඇමරිකානු මහද්වීපයේ ස්වදේශිකයන් සිෆිලස් රෝගී වාහකයන් නම් කොලොම්බස්ගේ නාවික ගමණයට වසර දසදහස් ගණනකට පෙර තිබුනායැයි විශ්වාස කෙරෙන Beringia පාලම නැතහොත් අද දේශපාලනිකව පසමිතුරු වෙසින් සිටිනා රුසියාවේ Chukotka අර්ධද්වීපය හා ඇමරිකානු ප්‍රාන්තයක් වන ඇලස්කාවේ Seward අර්ධද්වීපය යා කරමින් පැවතුන අයිස්වලින් නිර්මාණයවී තිබූ පාලම ඔස්සේ ආසියාව හා ඇමරිකාව අතර අයිස්යුගයේ මිනිසුන් සංක්‍රමණය වීම ඔස්සේ යුරෝපය වෙතට රෝගය පැමිණීමට ඉඩක් තිබෙන බව කොලොම්බස්ගේ නාවිකයන් විසින් රෝගය යුරෝපයට රැගෙන ආ බවට ප්‍රතිවිරුද්ධ මත පළ කරන්නන් සංකල්පයක් ගෙනහැර දක්වයි.බොහෝවිට සිෆිලස් රෝගීන් යුරෝපයේ සිටියත් එය කොලොම්බස් යුගයේ තරම් අධික නොවීම. රෝගී ලක්‍ෂන පහලවීමත් සමග සමාජයට මුහුණ දී ගත නොහැකිව මුළුගැන්වී සැඟව සිටීම වැනි කාරණා සහ පුනරුද යුගයේදී මෙන් නොව මිනිසුන් ස්ථික ජීවන රටාවකට එනම් තමන්ගේ හුරු පුරුදු පරිසරයෙන් ඔබ්බට නොයා ජීවත කාලය පුරා එක් පෙදෙසකට පමණක් කොටුවීම වැනි කරුණු නිසා රෝගය ව්‍යාපතවීම වැලකී තිබෙන්නටද ඉඩ තිබේ.

කෙසේවෙතත් කොලොම්බස්ගේ නාවික ගමනට පසු මෙසේ සිෆිලස් යුරෝපයට රැගෙන ආ බවට වූ මතයට ප්‍රතිවිරුද්ධ මතය ගොඩනැගෙන්නේ ඉතාම මෑත කාලයකදීය. ඒ මතය බොහෝ අවස්ථාවල රූපවාහිනී වාර්තාමය චිත්‍රපටි හරහා වීමද විශේෂිතය.

PBS නාලිකාවේ Secret of Dead වාර්තා චිත්‍රපටි මාලාවේ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ  සහ BBC රුපවාහිනි නාලිකාවේ "Pompeii : Life and Death in Roman town" වාර්තා චිත්‍රපටියේ මෙම කරුණු අන්තර්ගතවිය.

මුලින් පැවසූ Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මෙම සංකල්පයට ප්‍රධාන සාක්‍ෂියක් ලෙස එංගලන්තයේ Hull උසාවි සංකිර්ණය ඉදිකිරීමට යාමේදී කැනීම්වලදී හමුවූ ඉපැරණි තාපාසාරාමයක නටඹුන් හා ඒ ආශ්‍රිතව තිබූ ඇටසැකිලි වල හිස්කබල් වල ඇති සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත කඩතොළුද, ග්‍රීක අධිරාජ්‍ය සමයේ ක්‍රි.පූ. 580 - 250 අතර කාලසමයේදී ඔවුන්ගේ කොලොනියක් වූ ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රද්‍ෙශයේ තිබූ නටඹුන් අතර තිබූ හිස්කබල්වලට මෙම සිෆිලස් රෝගී ලක්‍ෂන ඇතැයි සැක සහිත ලක්‍ෂන හමුවූ බව පැවසූහ.  එසේම "Pompeii : Life and Death in Roman town“ චිත්‍රපටියේදී විධාරණය වූ විසුවියස් ගිණිකන්දට යටවූ සිරුරු අතරින් හමුවූ නිවුන් දරුවන් යයි සැලකුන ඇටසැකිලි වල හිස්කබල් දෙකක දත්වල තිබූ Hutchinson's Teeth ලක්‍ෂන නිසා වසර 2000 කට පෙරද  (විසුවියස් යමහල විධාරණය නිසා පොම්පේ නගරය ලාවා වලින් යටවූයේ ක්‍රිි.ව. 2070 දී යයි සැලකෙන නිසා) යුරෝපයේ වැදගත්ම ශිෂ්ඨාචාර සමයක එනම් රෝම ශිෂ්ඨාචාර සමයේද සිෆිලස් තිබූ බවට මතයක් ඉදිරිපත් විය.

Syphilis Enigma වාර්තා චිත්‍රපටියේ මූලිකව හිස්කබල් හතරක් සම්බන්ධයෙන් මෙම මතය ඉදිරිපත් කරයි. කෙසේවෙතත් එම සාක්‍ෂි දුටු පමණින් මෙසේ කොලොම්බස්ගේ ගමණට පෙර සිෆිලස් මතයක් තිබූ බවට ඉදිරිපත් කරන බවටත් ඇති චෝදනා බොහෝමයකි.හිස් කබල් අංක. 1216 දරන හිස්කබල තරුණවියේ වැඩිහිටි පිරිමි හිස් කබලක් ලෙස සැලකෙන අතර එහි ඇති කඩතොළු සිෆිලස් රෝගය උත්සන්න වීමෙන් ඇතිවන ලක්‍ෂන වලට සමාන බව වැඩසටහන නිමවූවන් පවසති. කෙසේවෙතත් මෙම රෝගී ලක්‍ෂනම තවත් බැක්ටීරියා ආසාදනයෙන් වැලදෙන yaws සහ bejel යන රෝග වලදීද ඇති වන බව සැලකේ. තවද 805, 932, 1121 අංක දරන හිස් කබල් වලද සිෆිලස් රෝගයට සමාන ලක්‍ෂන තිබෙන බව පැවසුනද ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නොසපයති.

ඉහත පැවසූ 1216 දරන හිස් කබල කාබන් කාල නිර්ණයට අනුව ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව මුල් අවස්ථාවේදී පවසන ලැබූ අතර තවදුරටත් මතය සනාථ කරනු පිණිස අදාල භූමියෙන් හමුවූ මිනීපෙට්ටිවල ලී කැබලි පරීක්‍ෂෙවන් ලද තොරතුරු චිත්‍රපටියේ දක්වයි. ඒ අනුව මෙම ලී කැබලි ක්‍රි.ව. 1340 - 1369 අතර කාලයට අයත්ය. ඒ එලෙස නම් චිත්‍රපටියේ තොරතුරුවලට අනුව සිෆිලස් රෝගය යුරෝපයේ කොලොම්බස්ගේ ඇමරිකානු ගමණට වසර 150 කට පෙර සිටම පැවත තිබේ.

එහෙත් චිත්‍රපටියට අවශ්‍ය වී ඇත්තේ තම මතය එලෙසම ප්‍රේක්‍ෂකයන්ට ඒත්තු ගැන්වීමට දැයි සැක මතුවන අවස්ථා රැසක් ඇත.

1216 දරන හිස් කබල දෙවරක් කාබන් කාල නිර්ණපරීක්‍ෂනයට ලක් කළේයත ඒ 2000 වසරේදී සහ නැවත 2003 වසරේදීය. කෙසේවෙතත් මෙම තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබුවේ එයිනුත් කාලයක් ඉක්ම ගිය තැන වූ අතර ඒ 2011 වසරේදීය. මුල් අවස්ථාවේ පෙර පැවසූ මෙන් ක්‍රි.ව. 1310 - 1435 අතර කාලසීමාවකට අයත් බව පැවසුන අතර දෙවන අවස්ථාවේ ලද කාලය එයට හාත්පසින්ම වෙනස්විය. එනම්  ක්‍රි.ව. 1428 - 1611 අතර කාලසීමාවකට අයත් බව පැවසීය. මෙසේ කාලසීමා දෙකකට අයත්බව පැවසීම කාලනිර්ණ යාන්ත්‍රණයේ දෝශයකට ලෙසටද සැකකෙරුන අතර පසුව මෙම පලාතේ සාමජීය හා භූවිශමතා ලක්‍ෂන අනුව මෙම ව්‍යාකූල තත්ත්වයට යම් හේතු සාධක අනුමාන කළ හැකි තත්ත්වයක් උදාවිය.

අතීතයේ පටන් හල් යනු හල් ගංඟාව ආශ්‍රිතව තිබෙන නගරයක් වන අතර එහි බොහෝ නිවාස මතස්‍ය පරිභෝජනයෙන්ද ඉහලය. කරදිය හෝ මිරිදිය සංඝටක අධිභාවිතයට ගෙන තිබීම මෙසේ කාබන් කාල නිර්ණය වෙනස්කම් වලට බලපෑම් කිරීමට හේතුවිය හැකි බවද දැක්වේ. කෙසේවෙතත් මේ කාරණා සියල්ල විවාදසම්පන්නය.

(In The Syphilis Enigma, Roberts is quoted as saying that since Hull was a port city, many of its residents may have consumed a lot of fish, “and that high marine content in the diet can affect the accuracy of the radiocarbon results.” That is, a diet high in marine or lacustrine content can generate radiocarbon dates for the organism that can be hundreds or even thousands of years older than its actual age. This effect is caused by delayed exchange rates between atmospheric CO2 and ocean biocarbonate and the dilution effect caused by the mixing of surface waters with upwelling deep water that contains ‘old carbon’.  To correct for this effect, the relative proportion of marine content in the organism’s diet is assessed, typically using δ13C values, as marine foods are typically enriched in δ13C (relative to terrestrial protein sources)., Correcting for the effect is complicated, as δ13C values yield only rough approximations of marine dietary content;e.g., ,,however, a very conservative adjustment suggests that approximately 30% of Skeleton 1216’s diet came from marine sources. Corrections for the marine reservoir effect yield adjusted date ranges of AD 1408–1611, for the first date, and AD 1492–1657 for the second, more recent date. Both corrected dates include a span of over 100 years after the return of Columbus and the first recorded syphilis epidemic in Europe.)

අතීතයේ හල් තාපසාරාමය, මධ්‍යතන යුගයේ අනෙකුත් කිතුනු ආගමික ස්ථාන මෙන් ධනයෙන් ආඪය වූ ස්ථානයක් නොවූ අතර දිළිඳු ලෙස දිවි ගෙවූ පූජකයන් සිටි ස්ථානයක් විය. ඔවුන් සිය දිවිසරි කරගත්තේ හිඟමන් යැදීමෙන් ලෙස බව දැක්වෙන අතර ඔවුන් විවිද රෝග ආදියෙන් පීඩාවට පත්වූ අසරණයන්ට පිහිට වූ බවද පවසති. මේ නිසා ඇතැම් අවස්ථාවල භයානක ලෙඩරෝග වලට ඔවුන්ද ගොදුරුවී තිබේ. මේ අනුව මෙහි තිබූ ඇටසැකිලි එසේ මියගිය පූජකයන්ගේ හෝ ඔවුන් විසින් ඇපඋපස්ථාන කරන ලද රෝගීන්ගේ විය හැකි යයි සැක කෙරේ.

අතීත සිෆිලස් සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කරන තවත් සිදුවීමක් නම් ක්‍රි.පූ.580-250 අතර කාලයේ ග්‍රීක කොලනියක්ව පැවැති ඉතාලියේ මෙටාපොන්ටෝ ප්‍රදේශයෙන් හමුවූ ඉපැරණි හිස්කබල් කොටස්වලද දකින්නට ලැබුන කඩතොළුවීම් සිෆිලස් නිසා ඇතිවන කඩතොළු වලට හැම අතින්ම සමානකමක් ඉසලීය.එක් පිරිසක්, එනම් කොලොම්බස්ගේ ඇමරිකානු ගමනට පෙර යුරෝපයේ රෝගය තිබූ බව පිළිගන්නා පිරිසට තවත් සුභවාදී තොරතුරක් වූවත් අනෙක් පිරිස එනම් මෙම මතයට ප්‍රතිවිරුද්ධ පිරිස දරන මතය නම් මෙම හිස්කබල් සියවස් ගණනාවක් පුරා පැවති අනාරක්‍ෂිත හා විවිද උපද්‍රව වලට මුහුණදීමට ඇති ප්‍රභලතම අවස්ථාවන් මත වෙනත් බාහිර කරුණු හේතුවෙන් මෙම කඩතොළු හිස්කබලේ ඇතිවන්නට ඉඩ ඇති බවයි.


However, as they acknowledge, the poor preservation of the remains prevent definitive diagnosis (of caries sicca) in the cases of cranial thickening, and the other types of lesions are not specific to syphilis.

මෙවැනි පරස්පර විරෝධී කරුණුකාරණා නිසා නිල පිලිගැනීම ලෙස තවමත් පවතින්නේ කොලොම්බස්ගේ ඇමරිකානු සංචාරයෙන් පසුව යුරෝපයට හා අනෙකුත් මහද්වීප වෙතට සිෆිලස් සංක්‍රමණය වූ බවටයි.

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3413456/

එසේ සිදුවුනි නම් එනම් සිෆිලස් නොදැනුවත්ව යුරෝපයට රැගෙන ආවාට වඩා අගෞරවයක් ඇමරිකානු රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින්ම සිදුකරගෙන තිබුනි. එනම් 1932 සිට 1972 දක්වා වසර 40 ක කාලයක්

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක් වන ටස්කගී නගරයේ ඇමරිකානු-අප්‍රිකානු නීග්‍රෝ කළු ජාතිකයන් යොදවාගෙන සිදුකළ අපකීර්තිමත් සිෆිලස් පර්යේෂන හා ඇමරිකානු සෞඛ්‍ය සේවය ප්‍රමුඛවම මැදිහත් වී 1946 සිට 1948 දක්වා දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාවේ සිදුකළ සිෆිලස් පර්යේෂන ඉතාමත් ශෝචනීය හා පිළිකුල් සහගත වූහ. ඔවුන් ග්වාතමාලාවේදී මෙම පර්ශේෂන සදහා යොදවාගෙන තිබුනේ සොල්දාදුවන්, සිරකරුවන්, වෛෂ්‍යාවන් සහ අසරණ තත්ත්වයට පත්ව සිටි අනාථයන්ය‍. මෙම පිරිසට සිෆිලස් එන්නත් කිරීම මගින් ආසාධිතයන් බවට පත්කොට ඔවුන් හරහා සමාජයේ තවත් පිරිස් වෙත රෝගය ව්‍යාප්ත වීමට සලස්වා විවිද පර්ශේෂන සිදුකිරීම උක්ත ක්‍රියාදාමයේ අරමුණ විය. සිෆිලස් වලට අමතරව ගොනෝරියා රෝගයද එලෙස කෘත්‍රිමව ව්‍යාපත්වීමට සලසා පර්යේෂන සිදුකළ බව පැවසේ.

ටස්කගීහී තත්ත්වය මෙයට වඩා වෙනස් විය. එහිදී අඩු අධ්‍යාපනයක් ලද කළු ජාතිකයන් 600 ක පිරිසත් යොදවාගෙන ඔවුනට ඇමරිකානු රජයේ අනුග්‍රහයෙන් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන මුවාවෙන් සිෆිලස් රෝගයේ බලපෑම නිසා රෝගීන්ට අත්වන ඉරණම පියවරෙන් පියවර අධ්‍යයනය කරන ලදි. මෙහිදී මෙම පිරිසගෙන් 399 දෙනෙකුට පර්යේෂනයට සම්බන්ධවීමට පෙරාතුවම සිෆිලස් වැලදී තිබූ අතර අනෙක් 201 දෙනාට රෝගය වැලදී නොතිබුනි. පිරිමි නිග්‍රෝ අය පමණක් මෙම කාර්යයට යොදවා ගත් අතර ඔවුනට සිෆිලස් රෝගයට අදාලව නොව අනෙකුත් රෝගාබාද සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලැබූ අතර ආහාර සහ මිය ගිය පසු අවසන්කටයුතු සිදුකරදීමේ කාර්යයද නොමිලේ රජය විසින් කර දීමට වගබලාගන්නා ලදි. කිසිවිටක උක්ත පර්යේෂනයට යොදවා ගත් අසරණයන්ට තමන්ට සිෆිලස්  වැලද තිබූ බව හෙළි නොකළ අතර එවකට මෙම මිනිසුන් අතර සිෆිලස් හා ඊට ආසන්න ලක්‍ෂන ඇති රෝගාබාදයන් වන Anemia සහ Fatigue වැනි රෝගාබාදයන් පොදුවේ හැදින්වීමට භාවිතා “නරක ලේ“ නැතහොත් "Bad Blood" සදහා ප්‍රතිකාර ලබා දෙන බව අඟවන ලදි. තවත් අතකින් මෙම මිනිසුන්ට සැඟව සිටින සතුරෙකු බදු සිෆිලස් පිළිබව කිසිදු අවබෝදයක් නොවීය. රෝගය වැලද තිබුනද එය ක්‍රියාත්මක වන්නේ පියවරෙන් පියවර මන්දගාමීව නිසා තමන්ගේ කටයුතු සිදුකරගැනීමට එයින් මුල් අවස්ථාවේ බාධාවක් වනු නොවන නිසාත් ඇතැම් විට රෝගය තමන්ට වැලඳී තිබෙනවාදැයි දැනගැනීමේ අවශ්‍යතාවයක් වත් ඔවුන්ට නොවූ බව පැවසේ. 

මානව සදාචාරය, වෛද්‍ය සේවයේ නීතිරීති හා එහි ඇති සංවේදී ගුණාංග සහ සම්මතයන් යන සියල්ල දරුණු ලෙස හා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙම පර්යේෂන, සිෆිලස් රෝගය සුවපත්කිරීමට සොයාගත් සාර්ථකම ඔසුව වූ පෙනිසිලීන් 40 දශකයේදී භාවිතයට ගත් අවස්ථාවේ පවා අදාල රෝගීන්ට එය ලබා නොදෙමින් සිදුකළ අතර ඒ අවස්ථාවේවත් පෙනිසිලීන් එම රෝගීන්ට ලබාදුනිනම් රෝගීන් බොහෝ සංඛ්‍යාවක් රෝගයෙන් ගලවා ගැනීමේ අවස්ථාව පැහැදිලිවම තිබූ බව පැවසේ. රෝගයට ප්‍රතිකාර කොට රෝගීන් සුවපත්වීම සිය පර්යේෂනයට සිදුවන හානියක් ලෙස සැලකූ බලධාරීන් රෝගීන් රෝගයෙන් පීඩාවිදින අයුරු නිරීක්‍ෂනය කරා පමණක් නොව රෝගයෙන් මිය ගිය පසුව සිරුර අභ්‍යන්තරයට රෝගයේ බලපෑම කෙසේවුනිදැයි මරණ පරීක්‍ෂනයේදී නිරීක්‍ෂනය කොට සිය පර්යේෂනය සාරථක කර ගැනීම පමණක් ඒකායන අරමුණ වන්නට ඇත. මෙම ආසාධිත රෝගී මනුශ්‍යන්ගේ රුධිරය, සුෂුම්නා තරලය යනාදිය විද්‍යාගාර පරීක්‍ෂනවලට ලක්කළ අතර රෝගීන්ගේ සිරුරේ බාහිර ස්වරූපයේ ඇති වන වෙනස්කම් මෙන්ම X-Ray ඡායාරූප ගැනීමෙන් සිරුර අභ්‍යන්තරයද පරීක්‍ෂාවට ලක්කරන ලදි.

සත්‍ය ලෙසම ඔවුන් මෙම රෝගීන් පිළිබදව සිදුවේ මිනිසුන් ලෙස නොව පරීක්‍ෂනාගාර ගිනිපිග් මීයන් ලෙසය. තවත් අතකින් වර්ණභේදවාදයේ හෙවනැල්ල නිසාම මෙම මිනිසුන් පිළිබදව ඇස යොමුකළේ වාර්ගික දෘෂ්ඨිකෝණයකින්වීමත් පැවසිය යුතුය.

අදාල පරීක්‍ෂනයට සම්බන්ධ වූ රෝගීන් පමණක් නොව ඔවුන්ගේ භාර්යාවන්ටද ඔවුන්ගෙන් රෝගය වැලඳුන අතර මෙම අයට ලැබුන දරුවන්ටද සිෆිලස් වැලද තිබීම නිසා සිදූවූ මරණ හා සදාකාලික රෝගී තත්ත්වයන් නිසා ඇතිවූ ඛේදවාචකය කිසිසේත් ලඝුකොට දැක්විය නොහැකිය.

මිනිසුන්,යක්‍ෂයන් සහ දෙවියන් යන සියල්ලම සිටින්නේ අප ජීවත්වන ලෝකයේම බව ඉතිහාසය පුරාවටම සාක්‍ෂි ලබාදෙයි. මෙම සම්මතය එක් රටකට හෝ මහද්වීපයකට හෝ දේශසීමා අතර සිරකළ නොහැකි යථාර්තයකි. මිනිසුන්ගේ ජීවිත සමග මිනිස් ආත්මය ලැබූ යක්‍ෂයන් ක්‍රීඩා කරන විට නොබියව ඉදිරිපත් වන දේවියන්ට උරුම වූ ගුණාංග ඇති මිනිසුන් වසර තිස් ගණනක් හෝ මෙම ටස්කගී පරීක්‍ෂන සිදුකරගෙන යන අවස්ථාවේ පහල වීම භාග්‍යයකි. පීටර් බක්ස්ටන් නම් මහතාද එවැනි දෙවියෙකු ලෙස හැදින්වීම වරදක් නැත. ඔහු මෙම ව්‍යසනය අවසන්කීරීමට මුලින්ම දෙබරයට ගල්ගැසූ තැනැත්තා ලෙසත් හැදින්විය. හැකිය‍. 

1965 දී වයස 27 ක තරුණයකුව සිටියදී සමාජ සේවයකයෙකු ලෙසත් රෝගාබාද ව්‍යාප්තිය පිළිබදව පර්යේෂකයෙකු ලෙසත් ක්‍රියාකාරිකයෙකු ලෙස සැන් ෆ්‍රැන්සිස්කෝවේ සේවය කරමින් සිටියදී ඇමරිකානු මහජන සෞඛ්‍ය සේවය විසින් ඔහුව සේවයට බදවා ගන්නා ලදි. එහිදී ඔහුට පැවරුණ කාර්යය වූයේ ලිංගිකව වැලඳුන රෝග ඇති රෝගීන් සමග සම්මුඛ සාකච්ඡා කොට වැඩිදුර තොරතුරු එක්රැස් කර ගැනීමයි. එහිදී ඔහු සමග සේවය කරමින් සිටි අනෙකුත් කාර්යය මණ්ඩලය වෙතින් අප මෙම කතා කරනු ලබන ටස්කගී පරීක්‍ෂන පිළිබදවද දැනුවත්භාවයක් ලැබූ අතර එය ඔහුට අදහා ගත නොහැකි දෙයක් විය. මහජන සෞඛ්‍ය සේවය විසින් මෙවැන්නක් සිදුකරගෙන යාම කිසිසේත්ම අනුමත කළ නොහැකි සහ පිළිකුල් සහගත බව ඔහු තරයේ ඇදහූ අතර මෙම පරීක්‍ෂන සිදුකරගෙන යාමට තරයේ විරුද්ධත්වය පළ කරමින් 1966 නොවැම්බරයේදී නිල වශයෙන්ම මහජන සෞඛ්‍ය සේවයේ බෝවන රෝග අංශයට ලිඛිතව දැනුවත් කළත් එම අංශය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ තවමත් පරීක්‍ෂන අවසන්ව නොමැති නිසා මෙම කාර්යයන් නතර කළ නොහැකි බවටයි. එහෙත් මෙම ගුණගරුක මිනිසා නැවතත් ක්‍රියාත්මක වෙමින් 1968 නොවැම්බරයේදී නැවත වරක් අදාල බලධාරීන් වෙත මෙම අමානුශික ක්‍රියාව නවතා දමන ලෙස ඉල්ලා සිටින ලදි.

එහෙත් බීරි අලියාට වීනා වාදනයට වඩා වෙනස් නොවූ ප්‍රතිඵලයක් ඇති තැන පීටර් බක්ස්ටන් විසින් වසර තිස් ගණනක් පුරා කරගෙන යන මෙම නින්දාසහගත ක්‍රියාදාමය පිළිබදව තොරතුරු වොෂින්ටන්ස්ටාර් පුවත්පතේ මාධ්‍යවේදීනියක වන Jean Heller වෙතට ලබාදුන් අතර 1972 ජූලි 25 වනදා මෙම ආන්දෝලනාත්මක පුවත වොෂින්ටන්ස්ටාර් පුවත්පතේත්, ඉන් දිනක් ඉක්මගිය තැන එනම් ජූලි 26 වනදා මෙය මුල් පිටුවේම පළවන ප්‍රමුඛතම පුවත ලෙස ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදි. 

එම වසරේම එනම් නොවැම්බර් 16 දා එරට සෞඛ්‍ය අමාත්‍යාශය විසින් නිකුත් කළ නියෝගයක් මගින් අදාල පරීක්‍ෂන අත්හිටුවීමටත් මෙම පරීක්‍ෂනයට බදුන් වූ අසරණ රෝගීන්ට කඩිනමින් පෙනිසිලින් හා අනෙකුත් ඔසු ලබාදීමටත් උපදෙස් සපයන ලදි.

තවද මෙම පුවත ලැව්ගින්නක් සේ පැතිරයාමත් සමග ඇමරිකානු බලධාරීන්ටද ඇස්කන් වසාගෙන සිටීමේ අවස්ථාව තුරන් කරනු ලැබූ අතර එරට කොන්ග්‍රස් සභාවේ අනුකමිටුවක් විසින් බක්ස්ටන් ඇතුළු මෙම කාර්යයට සම්බන්ධවූ සියළුම දෙනාගෙන්ම සාක්‍ෂි විමසීම ආරම්භකරන ලදි. 

සාක්‍ෂි විමසීමෙන් අනතුරුව මානවයන් යොදාගනිමින් සිදුකරන ලබන පර්යේෂන නීතිවිරෝධී හා සදාචාර අචාර ධර්මවලටද පටහැනි බව කොන්ග්‍රස් අනුකමිටුවක් විසින් තීරණය කරනු ලැබූහ. තවද 1974 දී සම්මත කරගත් පනතක් මගින් මෙම පර්ශේෂන නිසා අගතියපත් රෝගීන්ගෙන් ඒ වන විට ජීවත්ව සිටින්නන්ට US$ 37,500 ක වන්දි මුදලක් සෑම රෝගියෙකුටම ලබා දීමට නියෝග කෙරුණ අතර අදාල පර්යේෂනය තුළ මියගිය රෝගීන්ගේ යැපෙන්නන්ට US$ 15,000 ක් බැගින් වූ වන්දි මුදලක් ලබාදීමට රජයට නියෝග කරන ලදි. එහෙත් මෙම පරීක්‍ෂන සිදු කළ කිසිවෙකු දණ්ඩනයට ලක්කළ බවක් නම අසන්නට නොලැබුනි.

කෙසේවෙතත් ඇමරිකානු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය පිළිබදව ඇමරිකානු කළු ජාතිකයන් තුල ඇතිවූ සැකමුසු හැඟීම එයින් දශක දෙකක් ඉක්මගිය තැන පවා තැන්පත්ව තිබූ බවට ඇති හොදම සාක්‍ෂිය 1996 දී වර්ජීනියා සරසවියේ මූලිකත්වයෙන් නිකුත් කළ වාර්තාවක් වූ The Tuskegee Syphilis Study and Its Legacy” මගින් සිදුකළ නිර්දේශයයි. එනම් මූලිකවම එවකට ජනපතිව සිටි බිල් ක්ලින්ටන් මහතා විසින් පැරණි රජයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයන් නිසා අගතියට පත් පාර්ශවයන් වෙතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිම සහ සිදූවූ හානිය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් තවදුරටත් කඩිනම්ව හා කාර්යක්‍ෂව භාවිතයට නැඟිය යුතු බවත්ය.

1997 මැයි 16 වනදා ඇමරිකානු ඉතිහාසයේ තවත් සංවේදී දිනයක් වූවාට සැකයක් නැත.එදින ධවල මන්දීරයට ඒ වන විට ටස්කගී පරීක්‍ෂනවලට මුහුන දුන්  කළු ජාතිකයන් අතරින් ජීවත්ව සිටි අටදෙනකු පමණක් වූ පිරිස අතරින් පස් දෙනෙකු ගෞරවනීය ලෙස ධවල මන්දීරයට කැඳවූ අතර ඔවුන් ඒ වන විට වයොවෘදව ජීවිතයේ සැදෑසමයේ අවසාන භාගය ගතකරමින් සිටියහ. මෙම පිරිස ජනපති ක්ලින්ටන් මහතා විසින් කැඳවූයේ ඇමරිකානු රජය විසින් 30 දශකයේ සිට 70 දශකයේ මුල දක්වා සිදුකරන ලද ටස්කගී අධ්‍යයනය නිසා අගතියට ලත් පාර්ශවය ලද හානියට සමාව ගැනීම සදහායි. මෙහිදී ඔහු "සිදුවූ හානිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි නමුත් මෙම අපරාධය පිළිබදව නිහඬව සිටීම අවසන් කළ යුතු බව පැවසුවේය. එසේම ඇමරිකානු රජය විසින් සිදුකළ මෙම ලජ්ජා සහගත ක්‍රියාව සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවද පවසා සිටියේය.“

"What was done cannot be undone. But we can end the silence. We can stop turning our heads away. We can look at you in the eye and finally say on behalf of the American people, what the United States government did was shameful, and I am sorry ... To our African American citizens, I am sorry that your federal government orchestrated a study so clearly racist."

http://en.wikipedia.org/wiki/Peter_Buxtun
http://www.issues4life.org/blast/2012177.html

ටස්කගී අධ්‍යයනයන් පිළිබදව තැනුන වාර්තාමය චිත්‍රපටියකි Miss Ever's Boys චිත්‍රපටිය එදා සමාජයේ මෙම රෝගය පිළිබදව තිබූ දැනුවත් භාවය, මෙම රෝගීන් උපක්‍රමශීලී ලෙස පරීක්‍ෂනවලට යොමු කළ ආකාරය, සංවේදී ලෙස එම රෝගීන් තවදුරටත් අපහසුතාවයට ලක්වන ආකාරය සහ තවත් කාරණා රැසක් දැන ගැනීමේ අවස්ථාව සලසනු ලබයි.
(The true story of the US Government's 1932 Tuskeegee Syphilis Experiments, in which a group of black test subjects were allowed to die, despite a cure having been developed.)


http://en.wikipedia.org/wiki/Tuskegee_syphilis_experiment#Study_termination
http://en.wikipedia.org/wiki/Guatemala_syphilis_experiment

ග්වාතමාලාවේ තත්ත්වය ගත්විට එහිදී සමාජයේ අඩුවටිනාකමක් ලබාදී තිබූ ගණිකාවන්, මානසික රෝහල්වල වල නේවාසිකව ප්‍රතිකාරගත් මානසික රෝගීන්, අනාථයන්, සිරකරුවන්සේම රාජ්‍ය මෙවලමකට වඩා දෙයක් නොවූ සොල්දාදුවන් ඉතාඅඩු වටිනාකමක් ලබාදෙමින් තම පරීක්‍ෂනවලට ලබාගැනීම ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණවිය. මෙයටම සමානකමක් ටස්කගී පරීක්‍ෂනවලදීද දක්නට ලැබුනත් එහිදී තිහේ දශකය වනවිට රෝගයට තිබූ වියදම් අධික හා වේදනාකාරී ප්‍රතිකර්ම රෝගීන්ට ලබාදෙමින් සිටියත් තිහේ දශකයේ මුල්භාගය වන විට ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අවපාතයත් සමග රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වැඩි මුදලක් වැයකිරීමට වඩා අඩු මුදලක් වැය කරමින් එම රෝගීන්ම පරීක්‍ෂන සදහා යොදා ගැනීම අරමුණ විය.

ග්වාතමාලාවේදී වසර දෙකක් වැනි කුඩා කලායකදී ඇමරිකානු සෞඛ්‍යය බලධාරීන් සිදු කළ පර්යේෂන එයින් වසර ගණනාවක් යනතුරුපරම්පරා කිහිපයකටම බලපාන හානිකර තත්ත්වයක තිබේ. අසාධනයට ලක්කළ මිනිසුන් වෙතින් තවත් මිනිසුන් ගණනාවකට රෝගය වැලදුන අතර කණගාටුදායකම තත්ත්වය වන්නේ ඔවුන්ගේ දරුවන්ටද රෝගය වැලදී උපත ලැබීම තුලින් අන්ධභාවය, මොලය හරිහැටි නොවැඩීම සහ තවත් ශාරිරික ආබාධ රැසක උරුමකරුවන්ව ජීවිත කාලය පුරාවටම දුක්විදීමයි. 

සිරකරුවන්, අනාථයන් හා ගණිකාවන් හැරුණ කොට සොල්දාදුවන් පවා ගත් කළ ඔවුන්ද අන්ත දුගී පවුල්වල සාමාජිකයන් වූ අතර රෝගයට ප්‍රතිකර්මයක් කර ගැනීමට ඔවුන්ට මුදල්හදල් නොවූවා සේම ඔවුන්ගෙන් නොදැනුවත්වම රෝගය වැලදුන පවුල්සාමාජිකයන්ටද ප්‍රතිකර්මකර ගැනීමේ හැකියාවක් නොවීය. අඩුතරමින් පසුකලෙක මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාකරකම්සිදුවන අවස්ථාවල පවා ඒවා සිදුවන බවක්තරම්වත් ඔවුන් නොදැන සිටිහය. තවත් විටක මේ සොල්දාදුවන් බැරැක්කයෙන් රැගෙන ගොස් අදාල රෝග කාරකයන් සිරුරට ඇතුළුකිරීම‍, රෝගය සිරුර තුල ක්‍රියාකාරීවන අයුරු නිරීක්‍ෂනය වැනි කටයුතු වලට රැගෙන ගියවිට ඔවුන්ට ගෙවූ මිල වූයේ සිගරට් පැකට්ගණන් ලබාදීම පමනි. ඇතැම් සොල්දාදුවන් දුම්පානය නොකරන්නන් වුවද ඔවුන්ගේ සාක්කු පුරවා තිබුනේද සිගරට් වලිනි. මාරන්තික රෝග කාරකයක් සිරුරට ඇතුළු කර ඔවුන්ගේ ජීවිත සමග සූදුකෙලිනවාට අමතරව ලෝකයටම ව්‍යවසනයක්ව පවතින දුම්පානයටද ඇබ්බැහිකරවීමට ප්‍රයත්නදැරීම හෝ එහි නිරතවන්නන්නට තවත් උඩගෙඩි දීම තුලින් ද්විතිකව පිළිකා සහ තවත් බෝනොවන රෝග ව්‍යාප්තියටද මෙම සිෆිලස් පර්යේෂකයන් අතගසා සිටීම කෙබදු ආකාරයේ දඩුවමකට යටත් කරන්නටදැයි සිතාගන්නටත් නොහැකිය. 

එසේම ග්වාතමාලාවේ තත්ත්වය තවත් අහිතකරබවකට හේතුවූයේ එරට ලිංගික කටයුතු සදහා කාන්තාවන් ඉතාම අඩුමුදලකට ලබාගැනීමේ හැකියාව තිබූ නිසා රෝගය ව්‍යාප්තවීමේ ශීඝ්‍රතාවයද ඉහලවීමයි.

අද ඒඩ්ස් වැනි දරුණු රෝග වලින් සිෆිලස් රෝගය යටපත් කර තිබුනත් සියවස් කිහිපයක් පුරා ලෝකය භීතියට පත්කළ ප්‍රධානම ව්‍යාධිය ලෙස සැලකීම නිවැරදිය. කෙසේවෙතත් මානව හැගීම් වල ඇති අසමතුලිත බව මෙන්ම නොදැනුවත්බව නිසා මෙම රෝගයෙන් පීඩාවිදි හෝ මරණයට පත් වූ ජනගහණය කෙදිනකවත් ගණන් බලා නොමැති විය යුතු අතර තවත් අතකින් එය අසීරු කාරණයකි. 

මූලාශ - The Deadly Deception Documentary Movie

මෙහි පළමු ලිපිය - යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස

පසුවදන : 2014 වසරේදී ලියා පළ කරන්නට ලැබුන ලිපි සංඛ්‍යාව ඉතාමත් අල්පයක් බව මේ මොහොතේ කණගාටුවෙන් වුවත් පවසා සිටින්නට සිදුව තිබේ. පෞද්ගලිකව හා වෘත්තීය ජීවිතයේදුන යෙදුන වැඩ රාජකාරීවල බහුලවීම මෙන්ම ඇතැම් අවස්ථාවල ලියන්නට තරම් උද්යෝගයක් නොතිබීමත් මෙලෙස අල්ප ලිපි සංඛ්‍යාවකින් වසර නිම කරන්නට සිදුවීම සතුට ගෙනදුන්නක් නොවූවත් පළ කළ අල්ප ලිපි ගණන වුවද කරුණු අතින් පොහොසත් ලිපි වීම මම මෙන්ම ඔබද පිළිගනු ඇතැයි සිතමි. කෙසේවෙතත් ලබන වසරේදී මෙයට වඩා සංඛ්‍යාත්මක අතින්ද වැඩි අගයක ලිපි පළ කරන්නට උත්සහ දරණ බව මේ මොහොතේ පවසමි. බොහෝවිට කාලය ගත්විට මේ වසර ගෙවෙන්නට ඇත්තේ තවත් දිනයක් පමණක් නිසා මේ ලිපිය මෙම වසරේ අවසාන ලිපිය වීමට ඉඩ කඩ වැඩි බවද පවසමින් ලබන්නා වූ 2015 නව වසර අසත්‍යයෙන්තොර, යහපත් දේවල් අසන්නට දකින්නට ලැබෙන හා ප්‍රායෝගිකව අත්විදින්නට ලැබෙන සහ අතමිට සරු සුභ නව වසරක් වේවායි පතමි.

ස්තූතියි!

Friday, October 3, 2014

යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - පළමු කොටස

ක්‍රි.ව. 1492 දී ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස්, ස්පාඥය රජුවූ  ෆර්ඩිනැන්ඩ් රජුගේ හා ඉසබෙලා රැ‍ජිනගේ අනුග්‍රහය ඇතිව නව ලොව හෙවත් ඇමරිකානු මහද්වීපය සොයා යන්නට ප්‍රථම යුරෝපීයයන් තම බටහිර දිශාව දුටුවේ අඳුරු ලෝකයක් ලෙසටයි. වෙනකක් තබා ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා සොයා ගියේ නව ලෝකයක් නොව ආසියාවට යා හැකි කෙටිම මාර්ගය කුමක්දැයි කියාය. තවද එකල මිනිසුන් ලෝකයේ හැඩය ගැන සිතා සිටියේ තැටියක් ලෙස වූ අතර මේ තැටියේ කෙලවරට නොදැනුවත්ව හෝ ගියහොත් නැවත එන්නට නොලැබෙන බියකරු ප්‍රපාතයකට වැටෙනු ඇතැයි බියකින්ද පසුවූ බව අප අසා තිබේ.

මෙවන් වූ අභියෝග රැසක් අතැතිව නැව් තුනකින් යුතු කණ්ඩායමක් ලෙස ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇතුළු පිරිස ගොඩබැස්සේ සැබැවින්ම ආසියාවට නොව සුවිශාල ඇමරිකානු මහද්වීපයේ දොරකඩ වෙතටයි.  නැතහොත් ඇමරිකානු ප්‍රධාන භුමියට ආසන්නයේ පවතින දූපත් සමූහයක් වන වර්ථමානයේ බහාමාස් ලෙස හැදින්වෙන සමූහය වෙතටයි. ඔහු එදා එම දූපත් සමූහය සැන් සැල්වදෝර් ලෙස හදුන්වනු ලැබීය.

කොලම්බස් විසින් ආරම්භකරනු ලැබූ මෙම නව ලොව සොයා ආ ගමන ඔහු විසින්ම තවත් අවස්ථා තුනකදීද, ඊට අමතරව Hernan Cortez, Fransisco Pizarro වැනි තවත් පුද්ගලයන් රැසකගේ නායකත්වයෙන් මෙම භූමිය කරා ආ බලපෑම එහි වාසයකළ ස්වදේශිකයන්ට නම් රැගෙන ආවේ ශුභාරංචියක් නම් නොවීය. ඇමරිකානු සවදේශිකයන්ගේ  මිනිස්කමට නොගැලපෙන ඇතැම් ම්ලේච්ඡ චාරිත්‍රවාරිත්‍ර රැසක් යුරෝපීය ආගමනය සමග තුරන්ව ගියා සේම ඇස්ටෙක්, මායා, ඉන්කා සහ තවත් උප ගෝත්‍ර ගණනාවක් යුරෝපීයන් සමග යුද්ධයට එළඹීමෙන්, තවත් අතකින් වහළුන් ලෙස යුරෝපයට රැගෙන යාමෙන් හෝ එතෙක් එම භූමියේ ‍නොතිබුන නිසා සහ ඒ නිසා ඔරොත්තු දී‍මේ හැකියාවද නොතිබීමෙන් පැපොල, සරම්ප, වසූරිය වැනි රෝග මෙම නාවිකයන් මාර්ගයෙන් ස්වදේශිකයන්ට වැලදීමෙන් ස්වදේශික ජනයාගේ අවසානය ඉක්මන් කරවූහ. 

එතෙක් නොදුටු නොදත් මඟක් සොයා ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ඔහුගේ පිරිස පැමිණි ගමන සැබැවින් නිර්භීතය. එහෙත් තවත් අතකින් කියන පරිදි  මෙම පිරිසෙන් බොහෝමයක් සමාජ විරෝධී ක්‍රියාවලද නිරත වූ අනුකම්පා විරහිත පුද්ගලයන් පිරිසක්ද වූ බවයි. ඔවුන් නැවත ස්පාඥය වෙත යන ගමනේදී තමන් ගොඩබට දිවයිනේ තිබූ සම්පත්, සතුන් හා ස්වදේශිකයන් සාම්පල ලෙස රැගෙන ගියා සේම පුනරුද සමයේ මරණ බොහෝමයකට වගකියන්නාවූ රෝගයක්ද රැගෙන ආ බව ඉතිහාසඥයන්, ව්‍යාධි පිළිබදව පර්යේෂකයන් බොහෝමයකගේ මතයයි. ඒ  එතැන්සිට වසර 450 ක පමණ කාලයක් නිසි ප්‍රතිකර්මයක් සොයා ගැනීමට නොහැකිව ලක්‍ෂ සංඛ්‍යාත ලෝක ජනතාවකට මරුවා කැඳවාගෙන ආ සිෆිලිස් නම්වූ බියකරු රෝගය රැගෙන ආ බවට වූ විශ්වාසයයි. එ්‍ කොලම්බස් සමග පැමිණි නාවිකයන් බලහත්කාරයෙන් හෝ කැමැත්තමත එහි සිටි මෙම රෝගය ආසාධිත කාන්තාවන් සමග පැවැත්වූ ලිංගික සබඳතා වල ප්‍රතිඵල ලෙසය.

විවිද වූ ව්‍යවසනයන්ට ලක්ව ව්‍යපාර්යාසයන්ට ලක්වෙමින් තිබූ යුරෝපය එසේත් නැත්නම් පසුකලෙක පැරණි ලෝකය ලෙස නම්කළ භූමි ප්‍රදේශයේ මෙම රෝගය ව්‍යාපත්තියට වගකිව යුත්තේ කොලොම්බස්ගේ නාවිකයන් යන ‍චෝදනාවට හේතු වී ඇත්තේ ඇමරිකානු මහද්වීපය වෙත ගොස් පැමිණි නාවිකයන් ඇතමෙකුට මෙම රෝග ලක්‍ෂන තිබූ නිසා සහ මෙම ගමනෙන් පසුව වාර්තාගත ලෙස මෙම ගුප්ත රෝගයෙන් වැඩි වශයෙන් යු‍රෝපය පුරා මිනිසුන් ගැහැණුන් මිය යන්නට, හෝ රෝගය නිසා විරූපීභාවයට, විවිද දුබලතාවයන්ට හෝ ස්නායු පද්දතියට කරනු ලබන බලපෑම නිසා මානසික වශයෙන්ද රෝගී වූ පුද්ගලයන් වැඩිවශයෙන් බිහිවන්නට පටන් ගැනීමයි. (එහෙත් මුල් අවස්ථාවලදී නිසි ප්‍රතිකාර ලදහොත් මාරාන්තික නොවන බවද පවසා සිටිය යුතුය. නමුත් කණගාටුවට කාරණය වන්නේ එම අවධියේදී මෙම රෝගයට සාර්ථක නිසි ප්‍රතිකර්මයක් නොවීමයි. -  It progresses in stages. Syphilis is easy to cure in its early stages. But without treatment, it can hurt your body's organs, leading to severe illness and even death.)

Treponema pallidum නම් බැක්ටීරියාව නිසා ඇති වන රෝගයක් වන මෙය ප්‍රධානකොටම ආසාධිත අයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීම නිසා වැලදෙන සමාජ රෝගයක් ලෙස සැලකේ. ඊට අමතරව රෝගී පුද්ගලයෙකුගේ රෝගය නිසා ඇතිවුන තුවාල හෝ වෙනයම් වෙනස්කම්වලට ලක්වූ ස්ථාන වල ඇති ශ්‍රාවයන් ස්පර්ශය තුලින්ද බෝවිමට ඉඩ තිබෙන බව පැවසේ. අවාසනාවන්තම කරුණ වන්නේ රෝගය ආසාධිත මවකගෙන් සිය නොඉපදුන දරුවාටද රෝගය වැලදීමට ඇති වැඩි ප්‍රවණතාවයයි..

(Syphilis is spread through direct contact with a syphilis sore or rash during vaginal, anal, or oral sex. The bacteria can enter the body through the penis, anus, vagina, mouth, or through broken skin.An infected pregnant woman can also pass the disease to her unborn child. )

එහෙත් සැනසීමට ඇති කාරණයක් වන්නේ ආසාධිතයෙකු භාවිතා කළ වැසිකිලි භාවිතයෙන්, එම අයෙකු ස්පර්ශ කළ දොර අඟුලක් ඇල්ලීමෙන්, පිහිණුම් තටාක භාවිතය හෝ නාන තටාක භාවිතය සේම,  ඇඳුම් හවුලේ භාවිතය හෝ ආහාර ගන්නා පිඟන් භාජන ආදිය එකිනෙකා භාවිතා කිරීම තුලින් රෝගය ව්‍යාපත්ත නොවීමයි.


(Syphilis is not spread by contact with toilet seats, doorknobs, swimming pools, hot tubs, bathtubs, shared clothing, or eating utensils).


ඇත්තෙන්ම මෙම ලිපියෙන් රෝගය පිළිබදවට වඩා රෝගයේ ඉතිහාසය හා එහි ඇති ඇතැම් අවිනිෂ්චිත තැන් මෙන්ම මෑත ඉතිහාසයේ මෙම රෝගය නිසා සිදුවූ අපකීරිතිමත් පර්යේෂනයන් පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවූවත්, සුවසේවය පිළිබදව විශේෂඥ දැනුම ඇති අයෙකුට තවදුරටත් පැහැදිලි කිරීමට අවකාශයක් ලබාදෙනුවස් සුළු වශයෙන් හෝ රෝගය පිළිබදව තවදුරටත් පවසා සිටීම යෝග්‍ය යයි සිතමි.

මෙම රෝගය අවස්ථා හතරකින් යුතු බව පැවස‍ේ. තවද එම අවස්ථා හතරදී පෙන්වන ලක්‍ෂනද එකිනෙකට වෙනස් වීම විශේෂිතය. තවද එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ ආසාධිත පුද්ගලයා පළමු හෝ දෙවන අවස්ථාවල පසුවන්නෙකු පමණක් නම් වන අතර තෙවන හෝ සිව්වන අවස්ථාව පසුවන්නෙකු තුලින් තවත් අයෙකුට රෝගය බෝනොවන බවද පැවසේ.

(Each stage of syphilis has different symptoms. A person infected with syphilis can pass it to others during the first two stages.)

පළමු අවස්ථාව - Primary stage
රෝගය ආසාදනය වී දින 10 ත් 90 ත් අතර කාලයකදී (සාමාන්‍යයෙන් දින 21 ක පමණ කාලයකදී) සිෆිලස් ‍රෝගය ශරීරයට ආසාදනය වූ ස්ථානයේ වේදනාවක් නැති රවුම්, කුඩා තුවාලයක් හෝ ඇතැම්විට කිහිපයක් හට ගනී. මෙම තුවාල සති 3 ත් 6 ත් අතර කාලයක් ප්‍රතිකර්ම කළද, නොකලද සුවවූ බව පෙන්වන අතර නිසි ප්‍රතිකර්මයක් ලදහොත් එය යහපත් වන අතර නැතහොත් දෙවන අවස්ථාවට ගමන්කිරීම සිදුවේ.

(Primary stage - A single sore, called a chancre, appears in the first, or primary stage. Sometimes, more than one sore appears. The time between infection with syphilis and the start of the chancre can range between 10 to 90 days (21 days average). The chancre is usually firm, round, small, and painless. It appears at the spot where the infection entered the body, such as the vulva, vagina, cervix, tongue, lips, or other parts of the body. In this stage, syphilis can be passed to others through contact with the chancre during vaginal, anal, or oral sex. The chancre lasts 3 to 6 weeks and heals with or without treatment. If the infection is not treated, it moves to the secondary stage.)

දෙවන අවස්ථාව - Secondary stage
පෙර පැවසූ වේදනාවක් නැති තුවාල ප්‍රතිකර්මයක් නොලැබ සුවවන අවස්ථාවේදීම හෝ සති කිහිපයක් ඉක්මගිය තැන මේ අවස්ථාවට පත්වීම සිදුවිය හැකිය. සාමාන්‍යයෙන් සිරුරේ  එක් ස්ථානයක හෝ කිහිපයක ඇතිවන කුෂ්ඨයක් ලෙස දෙවන අවස්ථාව පෙන්නුම් කිරීම සිදුවන අතර පහත දැක්වෙන රෝග ලක්‍ෂන එකක් හෝ කිහිපයක්ද පෙන්නුම් කළ හැකිය.


  • දෑතේ අල්ලේ හෝ පිට අල්ලේ හෝ පාදයේ  රළු, රතු හෝ රතු-දුඹුරු පැහැයට හුරු පැල්ලම්. 
  • උගුරේ හෝ මුඛයේ ඇතිවන වේදනා.
  • උණ.
  • කුද්දැටි මතුවීම
  • කොණ්ඩයේ තැනින් තැන ඇතිවන වෙනස්කම්.
  • හිසරදය සහ මස්පිඩු වේදනා
  • බර අඩුවීම
  • වෙහෙස


මෙම අවස්ථාවේ මෙම රෝග ලක්‍ෂන (තුවාල, කුෂ්ඨ හෝ ලප ආදිය) ස්පර්ශ වීම තුලින් අනෙක් අයටද රෝගය බෝවීම සිදුවිය හැකි අතර ප්‍රතිකර්මයක් නොලදද ඉබේම මෙම ලක්‍ෂන ඉවත්වීම සිදුවිය හැක. එහෙත් තෙවන අවස්ථාවට රෝගය ගමන් කිරීමද සිදුවේ.

(Secondary stage - The secondary stage can start as the chancre is healing or a few weeks after it has healed. It typically starts with a rash on 1 or more areas of the body. Some or all of these symptoms can appear:
  • Skin rash with rough, red, or reddish-brown spots both on the palms of the hands and bottoms of the feet. The rash usually does not itch. Rashes on other parts of the body may not look the same.
  • Sores on the throat, mouth, or cervix
  • Fever
  • Swollen glands
  • Sore throat
  • Patchy hair loss
  • Headaches and muscle aches
  • Weight loss
  • Tiredness.
In this stage, the infection can be passed to others through contact with open sores or rash during vaginal, anal, or oral sex. Rash and other symptoms will go away with or without treatment. But without treatment, the infection will move to the latent and possibly late stages of disease).



තෙවන අවස්ථාව - Latent stage
තෙවන අවස්ථාව සැඟවුන එසේත් නැතහොත් ගුප්ත අවධියක් ලෙස හැදින්වූවත් වරදක් නැත. පළමු සහ දෙවන අවස්ථාවල සිරුරේ දක්නට ලැබෙන ලක්‍ෂන පහව ගිය පසු මෙම අවධිය එළඹුනි යයි සැලකේ. අවසානවන්ත කරුණ වන්නේ මෙම අවධිය වසර ගණනක් පුරා සිරුරේ සැඟව තිබෙන්නට ඇති හැකියාවයි. පළමු සහ දෙවන අවස්ථාවේ මෙන් සිරුරේ කිසිදු ලක්‍ෂනයක් නොපෙන්වන අතර රෝගය තිබෙන ‍අයෙකුගෙන් වෙනත් අයෙකුට බෝවීමක් සිදුනොවීම එක් අයුරකින් සැනසිල්ලට කාරණයකි. එහෙත් ඇතැම් අවස්ථාවල ඇතැම් රෝගීන්ට දෙවන අවස්ථාවේ ඇති රෝග ලක්‍ෂන මතුවෙන්නට ඉඩ කඩ තිබෙන අතර එවන් අවස්ථාවක එම ලක්‍ෂන බැහැරව යන තෙක් දෙවන අවස්ථාවේ මෙන් වෙනත් නිරෝගී අයෙකුට රෝගය වැලදීමට ඉඩකඩ තිබේ. මෙම අවස්ථාවේදී ප්‍රතිකර්මයක් ‍නොලද හොත් අවසාන අවස්ථාව කරා ගමන් කිරීම සිදුවිය හැකිය.

(Latent stage - The latent, or hidden, stage starts when symptoms from the first and second stages go away. The latent stage can last for many, many years. During this stage, the infection lives in the body even though there are no signs or symptoms. The infection cannot be passed to others during the latent stage. Sometimes, symptoms from the secondary phase come back. If this happens, the infection can be passed to others until the symptoms go away again. Without treatment, the infection will advance to the late stage in some people).

අවසාන අවස්ථාව - Late stage
රෝගය වැලඳුන 15% ක පමණ ප්‍රතිකර්මයක් නොලද පුද්ගලයන් මෙම අවස්ථාවට පත්වන බව පැවසේ. මෙම අවස්ථාවට පත්වීම රෝගය ආසාදනය වී වසර කිහිපයකින් හෝ ඇතැම් විට වසර 20 ක් හෝ ඊටත් වැඩි කාලයක් ගතවූ පසුව විය හැකිය. මේ අවසාන අවස්ථාවට එළඹුන හොත් සැබැවින්ම එම පුද්ගලයාගේ අවසානය සනිටුහන් කිරීමටද එය හේතුවක් විය හැකිය. මන්ද එවිට සිරුරේ ප්‍රධානතම අභ්‍යන්තර අවයව මොලය, ස්නායු පද්දතිය, ඇස්, හෘදය, රුධිර නාල, අක්මාව, අස්ථි සහ අස්ථි එකනෙක සම්බන්ධ වන ස්ථාන වේදනාකාරී අකර්මන්‍ය තත්ත්වයකට පත්කරනු ලබනු ඇත. මේ නිසා ස්නායු ආබාද, අංශභාග තත්ත්වයන්, අන්ධභාවය, සහ වෙනත් ශාරීරික දුර්වලතා මෙන්ම ඔබව මානසික රෝගියෙකු නැත්නම් තේරෙන බසින් පවසනවා නම් "පිස්සෙකු" බවටද පත් කර තිබෙන්නට පුළුවන. මෙයට හොදම උදාහරණයක් නම් ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං දැක්විය හැකිය. ඔහු මිය ගියේ මානසික රෝහලකදී වන අතර ඔහු එවන් රෝහලකට ඇතුළු කිරීමට සිදුවූයේද සිෆිලස් රෝගය වැලදීම හේතුකොට ගෙන ඇතිවූ මානසික රෝග තත්ත්වය නිසාය.(In his later years he developed a constant desire for solitude, an obsession for self-preservation, and a fear of death and paranoia of persecution caused by the syphilis he had contracted in his youth 

මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් රෝගය නිසා ජීවිතක්‍ෂයටද ලක්වන අතර නිසි ප්‍රතිකර්ම මුල් අවස්ථාවල ලද හොත් මෙම සිව්වන අවස්ථාවට පත්වීමට වැලකීමට හැකියාව ලැබේ.

(Late stage - About 15 percent of people with untreated syphilis will advance to the late stage. This can happen within a few years or as many as 20 years or more after first becoming infected. In the late stage, the disease can hurt your organs, including the brain, nerves, eyes, heart, blood vessels, liver, bones, and joints. This damage can lead to nerve problems, paralysis, blindness, dementia, and other health problems. Some people may die from the disease. You will only reach the late stage if you do not receive treatment earlier. If you have syphilis, get treated as soon as possible to avoid these problems.)

Congenital Syphilis - ගර්භනී අවස්ථාවේ දරුවන්ට වැලදෙන සිෆිලස් මෙලෙස හදුන්වනු ලැබේ. මේ තත්ත්වය නිසා නොඉපදුන දරුවන්ට මෙන්ම ඉපදුන පසුව පවා දරුවන් අවධානමට ලක්වේ. ඉපදීමට පෙර ගත්විට නොමේරු දරුඋපත්, කළල අවස්ථාවේදීම මියයාමට, අඩුවයසින් ඉපදීම හැරුණ කොට ප්‍රසූතිය අවස්ථාවේදීම මිය යාම, අන්ධ භාවයට පත්වූ දරුවන් ඉපදීම සිදුවිය හැකිය. තවද ඉපදුන දරුවන්ට ඉපදුන අවස්ථාවේ හෝ වසර කිහිපයක් ඉක්ම ගිය තැන රෝග ලක්‍ෂන පෙන්නුම් කළ හැකිය.  රෝග ලක්‍ෂනයන් සදහා උදාහරණ ලෙස Saddle Nose අවස්ථාව මෙන්ම දත් කුඩා වීම සහ දත් අතර පරතරය වැඩි අවස්ථාවක් වන Hutchinson's Teeth ලක්‍ෂන දැක්විය හැකිය. මීට අමතරව තවත් රෝග ලක්‍ෂන ගණනාවක් තිබේ.

Hutchinson's Teeth ලක්‍ෂන

Saddle Nose අවස්ථාව

Saddle Nose අවස්ථාව

සිෆිලස් හඳුනාගැනීම
ප්‍රධානතම හා සුලභම ක්‍රමය සිෆිලස් තමන්ට වැලඳී ඇතැයි සැකකරන යමෙකු තම රුධිරය පරීක්‍ෂාකර ගැනීමයි. එය මූලික සිෆිලස් රෝග ලක්‍ෂන පහලවීමට කලින්ම වුවද සැකයක් තිබේනම් පරීක්‍ෂාකර ගැනීම නුවණක්කාර බව වෛද්‍ය මතයයි. 

තවත් ක්‍රමයක් නම් පළමු සහ දෙවන අවධි වල හටගන්නා තුවාල වල ස්‍රාවයන් පරීක්‍ෂාවෙන්ද සිෆිලස් වැලදී ඇත්දැයි නිශ්චිතවම දැන ගැනීමට අවස්ථාව ලැබෙන බව පැවසේ.

සිෆිලස් සුව කරගන්නේ කෙසේද?
සුප්‍රකටම ප්‍රතිජීවකයක් වන පෙනිසිලීන් සිෆිලස් අවස්ථා හතරම සදහා භාවිතා කළ හැකිය. ඖෂධ මාත්‍රාව සහ එය දිය යුතු කාල සීමාව රෝගියා සිෆිලස් රෝගයේ පසුකරන අවධිය සහ රෝගී ලක්‍ෂන මත රදා පවතින බව පැවසේ. යම් අයෙකු පෙනිසිලීන් සදහා ආසාත්මික වේ නම් වෙනත් ප්‍රතිජීවකයක් උවත් පළමු අවස්ථා දෙක සදහා භාවිතා කළ හැකි බව පැවසුනත් ඒම වෙනත් ඖෂධ ගර්භනී මාතාවන් සදහා භාවිතය නිර්දේශ නොකෙරේ. සිෆිලස් රෝගයේ සිව්වන හෙවත් අවසාන අවධිය සදහා උවද ප්‍රතිජීවක භාවිතා කළ හැකි අතර එයින් ඉන්පසුව ඇතිවිය හැකි දරුණු තත්ත්වයන් මැඩ පැවැත්විය හැකිය. එහෙත් ඒ වන විට සිදුව ඇති ශරීර අවයව වලට සිදුවූ හානි නම් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකිය. එසේම ප්‍රතිකර්ම මගින් සිෆිලස් සුව කළද නැවත වරක් සිෆිලස් වැලදීමේ අවස්ථාව වැලකීමක් එයින් සිදු නොවන අතර යම් හෙයකින් සිෆිලස් රෝගියෙකු සමග රෝගය සුව වූ පසුව වුවද සබඳතා පැවැත්වීම රෝගය නැවත වැලදීමේ අවධානයට මුහුණ දීමට සිදුවන බවද මතක තබා ගත යුතු කරුණකි.

සිෆිලස් සදහා ප්‍රතිකාර නොකර සිටියොත්?
ප්‍රතිකාර නොකර සිටීමෙන් බරපතල ශාරීරික දුබලතාවල සිට මරණය පවා හිමිකර ගැනීමේ අවස්ථාව උදාවිය හැකිය. තවත් අතකින් සිෆිලස් සදහා ප්‍රතිකාරයක් නොලබා සිටීම HIV ආසාධිතයෙකු බවට පත්වීමේ අවස්ථාවද වැඩිකර ගැනීමකි. මන්ද සිරුරේ සිෆිලස් නිසා හටගන්නා තුවාල හරහා සිරුර චර්මය නිරාවරණය වීම හරහා අනාරක්‍ෂිත ලිංගික සබඳතා නිසා සාමාන්‍ය අවස්ථාවලට වඩා දෙගුණයක සිට පස් ගුණයක් දක්වා HIV වැලඳ ගැනීමේ අවස්ථාවද වැඩිකර ගැනීමකි. තවද සිෆිලස් සම්බන්ධයෙන් මෙයද වෛද්‍යවරුන් පවසනා දෙයකි. එනම් ආරක්‍ෂිතව ලිංගිකව හැසිරීම ලෙස හදුන්වන කොන්ඩමයක් භාවිතය තුලින්ම සිෆිලස් වලින් ආරක්‍ෂාවීමට නොහැකිය. එයට හේතුව ලිංගික අවයව එයින් එකිනෙක ස්පර්ශවීම වැලකුනද සිෆිලස් නිසා සිරුරේ හටගන්නා තුවාල ගැටිති ආදිය තිබුනහොත් එහි ස්‍රාවයන් ආදිය නිරෝගී පුද්ගලයාගේ සිරුරේ ස්පර්ශවීමෙන් එයින්ද රෝගය හටගැනීමට ඇති හැකියාවයි. එසේම අවධානම් සහගතම කාරණාව වන්නේ නිසි ප්‍රතිකර්මයක් නොලද සිෆිලස් රෝගී තත්ත්වය ගර්භනී අවස්ථාවේදී නොඉපදුන දරුවාටද කරණු ලබන හානියයි.

ගර්භනී කාන්තාවන්ටද සිෆිලස් සදහා සුදුසුම ප්‍රතිකාරය ලෙස සලකන්නේ පෙනිසිලීන් ලබාදීම උවත් යම් කාන්තාවක එයට ආසාත්මික වේ නම් ඇයට වෙනත් ඖෂධයක් නිර්දේශ නොකරන බවද පවසයි. වෛද්‍යවරුන් මෙම අවස්ථාවලදී පෙනිසිලීන් වලින් ඇතිවන ආසාත්මිකතාවය අවම කිරීමට කටයුතු යොදන අතර පෙනිසිලීන් මවට ලබාදීමෙන් දරුවාට සිෆිලස් සම්ප්‍රේශනය වීම වලකාලයි.

සිෆිලස් සැඟවුන රකුසෙකු වැනි යයි හැදින්වූවත් වරදක් නැත. සිෆිලස් හි මූලාරම්භය මේ යයි පැවසීමට කිසිවෙකුට තවමත් හැකියාවක් නැත. එහෙත් මේ රෝගය පිළිබදව පිළිගන්නා ලේඛණගතවීමක් සිදුව ඇත්තේ කොලොම්බස් සහ පිරිස සිය පළමු නව ලොව සොයා ගිය ගමණින් පසුව වීම නිසා නිල පිළිගැනීමක් තිබෙන්නේ යුරෝපයේ එතෙක් නොතිබූ සිෆිලස් රෝගය ඇමරිකානු මහද්වීපයේ සිට යුරෝපයට පැමිණි බවයි.  කොලොස්ම්බස්ගේ මෙම මුහුදු ගමණින් පසුව සිදුවූ වෙනස්කම් (මෙම රෝගය පමණක් නොව වෙනත් අංශයන්ගෙන් පවා) පැහැදිලි කිරීම සදහා විද්වතුන් යුගයන් දෙකක් සෛදාන්තිකව නිර්මාණය කළ අතර කොලොම්බස්ගේ ගමණින් පසු යුගය "Columbian" ලෙසත්, ඊට පෙර යුගය "pre-Columbian" ලෙසත් හදුන්වාදෙනු ලැබුවෝය.

පුනරුද යුගයේ යුරෝපය නිරතුරු ඇතිවූ යුද තත්ත්වයන්ද සිෆිලස් ලැව්ගින්නක් සේ ව්‍යාප්තවීමට ප්‍රධාන වශයෙන්ම දායක වූ කරුණක් වූ අතර මේ රෝගය නිශ්චයට, රෝගය හරියාකරව හදුනාගැනීමට හා එයට ප්‍රතිකර්මයක් සොයාගැනීමට කොලොම්බස්ගේ ගමණින් පසුව මේ රෝගය යුරෝගපය පුරා ව්‍යාපත්වූ යයි සැලකුවේ නම් වසර 400 ක්ම ගතවී ගියේය. එතෙක් මිනිසුන් මිලයන ගණනක් මේ රෝගය නිසා බොහෝදුක්විදීමට මෙන්ම මරණය කරා ඉක්මනින් ගමන් ගැනීමටද හේතුවක් විය.

යුරෝපයේ සිෆිලස් රෝගය තිබූ බවට ප්‍රථම ලේඛණමය සාක්‍ෂිය හමුවන්නේ ඉතාලියේ නේපලස් වලින් වන අතර ඒ 1494/1495 කාලයේදී සිදුවූ ප්‍රංශ ආක්‍රමණය අතරතුරය. මෙම ආක්‍රමණයට පැමිණි ප්‍රංශ සෙබළුන් වෙතින් වන්නට ඇති බව විශ්වාසයක් තිබේ. එයට හේතුව ප්‍රංශ රජුවූ අටවන ච‍ාර්ල්ස්ගේ හමුදාවේ සිටි කුලී හේවායන් ඇතමෙක් ස්පාඥය ජාතිකයන් වූ අතර ඔවුන්ගෙන් සමහරෙක් කොලොම්බස්ගේ ඇමරිකානු සංචාරයට සම්බන්ධ වූ නාවිකයන් වීමට ඉඩ ඇති නිසා ඔවුන් හරහා ‍රෝගය ව්‍යාප්තවීමට හේතුවන්නට ඇති බව සැලකේ. මෙම හමුදාව සමග පමණක් නොව ඒ අවධියේ සන්නද්ධ ඒකක සමග කෝකියන්, වෛද්‍යවරුන් මෙන්ම ගණිකාවන්ද අදාල ප්‍රදේශ වෙත ගිය අතර යුද්ධය අතරතුර මෙන්ම යුධ වැදී ජයග්‍රහණය කළ පසු සමූහ වශයෙන් මෙම වෛශ්‍ය ඇසුර ලබමින් සතුටු වීම සාමාන්‍ය දෙයක් වී තිබී ඇත. එසේම යටත් කරගත් ප්‍රදේශයේද සිටි ගණිකාවන් සහ බලහත්කාරයෙන් හෝ අතවරයට ලක්වූ කාන්තාවන්ටද රෝගය බෝවීම නතර කළ නොහැකි අභාග්‍යයක් වූහ. එකල සිෆිලස් යුරෝපයේ සියළුම හමුදාවන් සමග ගොඩබිමින් ගමන් කළ අතර මුහුදේදී සියළු නෞකා සමගත් යාත්‍රා කළහ. විශේෂිතම කාරණයක් වන්නේ මෙම යුද්ධයේදී ජයග්‍රාහී කණ්ඩායම ප්‍රංශය වුවත් ඔවුන්ට පසුව නේපල්ස් අතහැර යන්නට සිදුවීමයි. එයට එක් ප්‍රධාන හේතුවක් ලෙස දක්වන්නේ හමුදා ‍සේවයේ බොහෝමයකට ‍‍මෙම රෝගය වැලදීමෙන් දුර්වලභාවයට පත්වීමයි.

ඒ අනුව 1495 වන විට ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා ජර්මනිය පුරා රෝගය ව්‍යාප්ත වී තිබූ බව සැලකෙන අතර එංගලන්තයේ සහ ස්කොට්ලන්තයට 1497 වන විට රෝගය සංක්‍රමණය වී තිබුනි. 1500 වන විට ස්කැන්ඩිවේනියානු රටවල් වලට සහ හංගේරියාව, ග්‍රීසිය, පෝලන්තය සහ රුසියාව වෙතටද රෝගයේ අඳුරු සෙවනැල්ල වැටී තිබුනි. මුහුදු ගමන් සහ ගවේශන ආදියේද කඩිනම් බවක් මේ අවධිය වන විට තිබූ නිසා 1498 වන විට ඉන්දියාවේ කල්කටාවටද රෝගය පැමිණ තිබූ අතර 1520 වන විට අප්‍රිකාව, චීනය, ජපානය හා ඈත ඔස්ට්‍රේිලියානු මහද්වීපයටද රෝගය පා තබා තිබුනි.

(By the end of 1495 the epidemic had spread throughout France, Switzerland and Germany, and reached England and Scotland in 1497.   In August 1495 the Holy Roman Emperor Maximilian I proclaimed that nothing like this disease had been seen before and that it was punishment from God for blasphemy.  By 1500 syphilis had reached the Scandinavian countries, Britain, Hungary, Greece, Poland and Russia.  It was a time of world exploration and Europeans took the disease to Calcutta in 1498, and by 1520 it had reached Africa, the near East, China, Japan and Oceania.)


එදා සිෆිලස් ලෙස මේ රෝගය හැදින්වීමක් සිදුනොවූ අතර තමන්ගේ සතුරන්ගේ නමින් මේ රෝගය හැදින්වීමට යුරෝපීයන් යුහුසුළු වූහ. ඒ අනුව "French disease" ලෙස සහ තවත් විටෙක "Spanish Pox" ලෙසද ඉතාලියානුවෝ මෙම රෝගය හැදින්වූහ. බ්‍රිතාන්‍යයන්ද මේ නමින්ම හැදින්වූ අතර ප්‍රංශ, ජර්මානු හා පොලන්තයේ වැසියන් මෙම රෝගය හැදින්වූයේ "Italian disease" නමිනි. ඕලන්ද ජාතිකයෝ මෙම රෝගය "Spanish disease" ලෙසත් රුසියානු‍වෝ "Polish disease" ලෙසත්, තුර්කියේදී මෙම‍ රෝගයට ආගමික සතුරු මුහුනවරක් ලබා දී "Christian disease" or "Frank (Western European) disease" ලෙසත් හැදින්වූහ. තම දේශපාලනික සතුරන් නමින් රෝගය හැදින්වීම එකල යුරෝපයේ රටවල් අතර තරඟකාරීත්වය තිබූ යටත්විජිත අත්පත්කර ගැනීමේ මූලෝපායන් අතර ප්‍රමුඛ තැනක් ගෙන තිබුනි.

පුනරුද යුගයේ පමණක් නොව ඉන්පසුව ඇතිවූ යුද්ධයන් බොහෝමයකම සියළු රාජ්‍යයන් වල සොල්දාදුවන් බොහෝමයක් අඩපණ කරලීමට ස‍ිෆිලස් සමත්ව තිබුනි. වෙනකක් තබා විසිවන සියවසේ පළමු සහ දෙවන ලෝක යුද්ධය තුලදීද ඇතැම් සොල්දාදුවන් සංග්‍රාම භූමියෙන් ඉවත්කර ලීමට සිදුව තිබුනේ යුද්ධයෙන් ඇතිවූ තුවාල හෝ ආබාධ නිසා නොව කලින් හෝ යුධ වදින අවස්ථාවන්හිදී සිෆිලස් වැලදීම නිසා ඇතිවූ රෝගී තත්ත්වය හෝ අකර්මන්‍යතාවයන්ට ලක්වීමයි. වියට්නාම යුද්ධය අවස්ථාවේ පවා ඇමරිකානු සොල්දාදුවන් බොහෝමයකට රෝගය වැලදීම කැපීපෙනුනි. එහෙත් 19 වන සියවස අගභාගය වන විට යුරෝපයේ ඇතිවූ සංවර්ධනය, එනම් විද්‍යාත්මකව, වෛද්‍යවිද්‍යාත්මකව මෙන්ම අධ්‍යාපනිකව දැනුවත්භාවය සහ ආකල්පයමය වෙනස්කම් නිසා මුල් සියවස් වලට වඩා රෝගය ව්‍යාප්තවීම සහ රෝගයෙන් අකර්මන්‍ය වීම සහ මරණයට පත්වීම ඉතා අඩු තත්ත්වයකට පත්ව තිබුනේය. 

තවත් විටෙක මීට වෙනස් නම් වලින්ද රෝගය හැදින්වීම සිදුව තිබේ. සිෆිලස් රෝගයේ මුල් අවධියේ හටගන්නා තුවාල ආදිය වසූරිය (Small-pox) ලක්‍ෂන වලටද සමානකමක් දැක්වූ නිසා ‍සිෆිලස් රෝගය Great-pox ලෙසද 16 වන සියවසේදී හදුන්වාදී තිබේ. ස්කොට්ලන්තයේදී අපූරු නමක් රෝගයට ලැබී තිබේ ඒ අනංගයාගේ රෝගය නම් අර්ථය ඇති "Cupid's disease" ලෙසටයි.

යුරෝපයට පමණක් නොව පසුව ලෝකයටම වසර 400 ක් පුරාවටම හිසරදයක් වූ මෙම රෝගයට නම තැබුනේ ඉතාලි ජාතික කවියෙකු, වෛද්‍යවරයෙකු, ගණිතඥයෙකු, භූවිද්‍යාඥයෙකු  සහ ජ්‍යෙතිශ විද්‍යාව පිළිබදව නිපුණත්වයෙන්ද යුතුවූ Girolamo Fracastoro විසින් රචිත කල්පිත කාව්‍යයක් අඩංගු පොත් ත්‍රිත්වයක තිබූ  Syphilis sive morbus gallicus කාව්‍යය ඇසුරෙනි. එහි අන්තර්ගතයට අනුව "Syphilus එ‍ඩේර කොළුවා ග්‍රීක දෙවියෙකු වූ ඇපලෝ හට අපහාස කර තිබේ. එයට දඬුවමක් ලෙස දෙවියන් විසින් ඔහුට දරුණු අසනීපයක් ලබාදී ඇත. එයට ප්‍රතිකර්මය ලෙස දක්වා ඇත්තේ රසදිය රෝගයෙන් හටගන්නා තුවාල,ලප අාදිය මත ආලේප කිරීම බවද දක්වා තිබේ". 1530 දී රචිත මෙම කාව්‍යයට අනුය රෝගයද සිෆිලස් ලෙස පසුකලෙක හදුන්වාදෙනු ලැබුවා පමණක් නොව හදුනානොගත් මෙම රෝගයට මුල් අවධියේ ප්‍රතිර්මයක් ලෙස භාවිතා කළේද රසදිය ඒ මත ආලේප කිරීමයි.එහෙත් රසදිය ආලේපය වේදනාකාරී අත්දැකීමක් වූවා පමණක් නොව ඇතැම් අවස්ථාවල රසදිය විශ වීමෙන් මරණය පවා හිමි වූහ.

(Fracastoro blended the writings of the historian Gonzalo Hernandez de Oviedo y Valdez with a fable Metamorposes from the ancient Roman poet Ovid. In his poem Syphilis, sive morbus gallicus, Fracastoro tells of a mythical shepherd named Syphilus who kept the flocks of King Alcithous. When a drought affected Syphilus’ people, he insulted the Sun-God by blaspheming against him and blaming the god for the drought, and as punishment the Sun-God struck Syphilus and his people down with a disgusting and odorous new disease.)


මෙලෙස විවිදාකාරයේ නම් වලින් හැදින්වූ මෙම අද්භූත රෝගය පිළිබදව රාජ්‍ය පාලකයන්ටද නොසලකා හැර සිටීමට හැකි දෙයක් නොවන බව හොදින්ම පෙනී ගිය අතර තම රාජ්‍යයේ සිටි ප්‍රධාන පෙලේ නිලධාරීන්ට සහ බුද්ධිමතුන්ට, මෙම රෝගය කුමක්ද? එය වැලදෙන්නේ කෙසේද? එය වලක්වා ගන්නේ කෙසේද? හා ප්‍රතිකර්මය කුමක්දැයි සොයා බලන ලෙස නියෝග නිකුත් කෙ‍රුනි ජ්‍යෙතිශය අනුව පවා මෙම රෝගය පිළිබදව සොයන්නට නියෝග නිකුත් කෙරුණ අතර  ඔවුන්ට අනුව 1484 වසරේ අහසේ තරුවල පිහිටීම අවාසනාවන්ත පිහිටීමකට ඒකරාශී වීම මෙම රෝගයට හේතුව විය.
This woodcut, “The French Disease,” is dated to August 1st 1496 and is attributed to Albrecht Dürer. It represents one of the earliest known depictions of the disease now recognized as syphilis. The illustration was originally accompanied by a text commentary written by Theodoricus Ulsenius, city physician of Nuremburg, remarking on the recent emergence of the syphilis epidemic in Europe and attributing the origins of the new disease to the conjunction of Jupiter, Mars, and Saturn in 1484 (as indicated by the signs of the zodiac above the figure). The close temporal proximity of the production of this illustration to the return of Columbus and his crew provides support for the Columbian Hypothesis.

එහෙත් එකල සිටි විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට එසේ නිගමනයකට ඒමට තරම් තත්ත්වය සරල නොවූහ. ඔවුන් තම රෝගීන්ගේ රෝග ලක්‍ෂන සහ විවිද ඖෂධ ඒ සදහා යෝග්‍යදැයි අත්හදා බැලූහ. තවද තුරන්ව තිබූ පුරාණ ග්‍රීක වෛද්‍ය ක්‍රම පවා සොයා බැලීමට විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන් යනාදීන් යුහුසුළු වූහ. තවද රෝගය ව්‍යාප්තවීමේ ප්‍රධානම ක්‍රමය ලිංගිකව බවද සොයා ගත්හ. සිෆිලස් රෝගයේ ස්වභාවය, එනම් රෝග ලක්‍ෂන පහල වී එය ප්‍රතිකර්මයක් නොලැබුවද අතුරුදහන්වීමද එකල වෛද්‍යවරු මුලා කිරීමට හේතුවක් විය. එනම් ප්‍රතිකර්මයක් නොලදද රෝග ලක්‍ෂන නැතිවී යාම ඔවුන් නොදැන සිටි නිසා තමන් විසින් අත්හදා බැලූ වෛද්‍ය ක්‍රමය රෝගය ප්‍රතිකර්මය ලෙස ‍ඔවුන් වැරදි විනිශ්චයකට ඇද දැමීමටද හේතුවූහ. ඇතමෙක් පෙර කියූ ලෙස රසදිය ආලේපය ප්‍රතිකර්මය ලෙස සැලකූහ. තවකෙකු තම රෝගීන් සීතල හෝ උණුජලයේ හොදින් බැස ස්නානයද රෝගයට ප්‍රතිකර්මයක් ලෙස සිතා සිටියහ.එසේම පෙරදිගින් රැගෙන ගිය තේ බීමෙන්ද රෝගය සුවවන බව සිතා සිටි පිරිසක්ද වූහ.

කිසිදු ප්‍රතිකාරයක් නොලදද සිෆිලස් ලක්‍ෂන පහව යන නිසා තම රෝගීන් සුවවූ බව සිතූ වෛද්‍යවරු ඔවුන්ව නිවසට යාමට අවසර දුන් අතර රෝගීන්ට කිසිදු අපහසුතාවයක්, දුර්වලකමක් නොදැනුන නිසා සුපුරුදු පරිදි තමතමන්ගේ රැකියා කටයුතු කරන්නට වූහ. එහෙත් සිරුරේ සැඟව සිටින සිෆීලස් බැක්ටීරියාව වසර 10 කට හෝ 20 කට පසුව නැවත මතුවී දරුණු අකර්මන්‍යතා ඇති කරන විට මෙය සිෆිලස් රෝගයේම තෙවන හෝ සිව්වන අවධි ලෙස හදුනාගන්නට තරම් හැකියාවක් එකල වෛද්‍යවරුන්ට නොතිබූ නිිසා මේ තවත් අළුත් රෝගී තත්ත්වක් ලෙස වෛද්‍යවරු සැලකූහ.

ඊලඟ සියවස් කිහිපයේදී රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගත්තාදැයි පවා නොදැන ගතවූ අතර ඇතැම් විටෙක රෝගය වැලදුන කාන්තාවන් තමන් දන්නා අත්බෙහෙත් කරගනිමින් රෝගය සුවවූවායැයි සිතා සිටියෝය. එපමණක් නොව සභ්‍ය අසභ්‍ය සීමා මායිම් අතර ව්‍යාකූලත්වයක් තිබූ එකල යුරෝපයේ රෝගය ඇතැයි සැකකළ කාන්තාවන්ව අල්ලා සිරගත කොට රෝගය හේතුකොට ගෙන හෝ වෙනත් යමකින් මිය යනතෙක් සිර කර තැබීමද සිදුව තිබේ. ඔවුන්ට කිසිදු පිළිසරණක් වීමට කිසිවෙකුට අවශ්‍යතාවයක්ද තිබී නැත.

19 වන සියවසේදී වික්ටෝරියානු සම්ප්‍රධායන් කරපින්නා ගත් "විනීතවත්" යුරෝපයේ සිෆිලස් යන නමවත් රෝගය සදහා භාවිතා නොකිරීමට එකල විසූවන් වගබලා ගෙන තිබේ. විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයින් ඉදිරියේ මෙම නාමය භාවිතා නොකිරීමට තරයේ වගබලා ගෙන ඇත.

යමෙකුට සිෆිලස් නොවූවද එයට සමාන රෝග ලක්‍ෂන වේ නම් එය ඕපාදූප වලට එකල හොද මාතෘකාවකි. යමෙකුට චර්ම රෝගයක් නිසා හෝ තුවාල යනාදිය තිබේනම් ඔහුගේ මිතුරන් පවසා ඇත්තේ නගරයේ ඇති ෆාමසියට ගිය විට කිසිදු ප්‍රශ්නයක් නොකරම මෙම රෝගයට උවමනා බෙහෙත ලබාගත හැකි බවයි. පුවත් පත් වලද දැන්වීම පිටුපුරා විවිද නම් වලින් රෝගය හදුන්වමින් විවිද ප්‍රතිකර්මද පෙන්වා තිබුනහ. එහෙත් මේ කිසිවකින් සිෆිලස් රෝගය නිට්ටාට සුව කළ හැකි නොවීය.





එකල පුවත්පත් දැන්වීම්

19 වන සියවසේ අගභාගය වන විට මෙම සඟවා ගෙන සිටීමේ ප්‍රතිපත්තියට වඩා යථාර්ථය වටහා ගෙන අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම දුටු වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, විද්වතුන්ගෙන් යුරෝපය පොහොසත්වීම සිෆිලස් ව්‍යාපත්තිය ඊලඟ වසර 75 ක පමණ කාලයකදීවත් අඩපණ කිරීමටද මහඟු පිටිවහලක් විය. 1876 දී වියානාවේ කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ Hermann Von Zeissl සිෆිලස් රෝගීන් 30,000 ක් පමණ නිරීක්‍ෂනය මගින් ලද අත්දැකීම් තුලින් රෝගයේ භයානක බව හා කඩිනමින් ස්ථිරව පිළියම් නොයෙදීමෙන් මානව වර්ගයාටම අත්විය හැකි ඉරණම කල්තියාම දුටුවේය‍. ශ්‍රීමත් විලයම් ඔස්ලර් වැනි වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ගේ දැක්මද මෙයටම සමාන විය.

තවත් අතකින් අන්වීක්‍ෂ වල සිදූවූ වැඩි දියුණුවද සිෆිලස් රෝග කාරක බැක්ටීරියාව හදුනාගැනීමට වූ සේවය පවසා සිටිය යුතුමය. 1905 දී Fritz Schaudinn සහ Erich Hoffmann විසින් Treponema pallidum බැක්ටීරියාව පළමු වරට හඳුනාගන්නා ලදි.

බෙල්ජියම් ජාතික වෛද්‍යවරයෙකු වූ Jules Bordet විසින් Complement Fixation සිද්ධාන්තය සොයා ගනු ලැබූ අතර එය ඉවහල් කර ගනිමින් සි‍ෆිලස් රුධිර පරීක්‍ෂාව මගින් හදුනාගැනීමේ හැකියාව ජර්මානු ජාතික විද්‍යාඥයෙකුවූ August Paul Von Wassermann විසින් 1906 දී සොයා ගන්නා ලදි. මෙම පරීක්‍ෂාව Wassermann පරීක්‍ෂාව ලෙසද හදුන්වනු ලැබේ. 

Sahachiro Hata සහ Paul Ehrlich යන විද්‍යාඥයන් දෙපල විසින් සිෆිලස් රෝගීන්ට ප්‍රථම අස්වැසිල්ල ගෙන දෙමින් ලොව ප්‍රථම විශ්වාසනීය ප්‍රතිකර්මය ආසනික් රසායණිකය භාවිතයෙන් සොයා ගත් අතර 1909 දී ප්‍රථම වරට මනුශ්‍යයන් සදහා එය යොදා ගනු ලැබීය. 1910 දී නිල වශයෙන් මෙම ඖෂධය භාවිතය ඇරඹූ අතර එය Salvarsan නමින් හැදින්වූ අතර වැඩිදෙනෙක් මෙම ඔෟෂධය හදුන්වනු ලැබූවේ "Magic Bullet" නමිනි.

මෙම ප්‍රතිකර්මය සම්පූර්ණයෙන් නිම කිරීමට මාස 18 ක් ගතවූ අතර වියදමද අධික විය.වෙහෙසකර හා කල්ගතවූ මෙම ප්‍රතිකාරය ඇතැම්විට රෝගීයාට මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ටද වදයක් වූ අවස්ථාවිය. ඇකැම් අවස්ථාවල ඔවුන්ද මෙම ප්‍රතිකාරය පිළිබදව රෝගීන් අධෛර්යමත් කළ බව පැවසෙන අතර සිෆිලස් රෝගයේ ස්වභාවය හා ප්‍රතිකාර කරගෙන යන විට රෝග ලක්‍ෂන පහව යනවිට ඉදිරි ප්‍රතිකාර සදහා රෝගීන් යොමු නොවන අවස්ථාද තිබී ඇත. ප්‍රතිකාරය නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා තවත් කලක් ගතවන විට නැවත රෝගී ලක්‍ෂන මතුවන අවස්ථාවේ ඔවුන් ප්‍රමාවී ඇති නිසා නැවත යථා තත්ත්වයට පත්වීමද සිදුනොවන තත්ත්වයට පත් වී ඇත. 

Salvarsan එතෙක් භාවිතා කළ ඖෂධ වලට වඩා විශ්වාසනීයත්වය සහ ක්‍රියාකාරීත්වයෙන් වැඩි වූවත් වැඩිකාලයක් ගතවීම, මිල අධිකකම සහ වේදනාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වූ හෙයින් සිෆිලස් මර්ධනය තවදුරටත් කල්ගතවන ක්‍රියාදාමයක් වූහ.

මේ නිසා තවදුරටත් රෝගීන් වැඩිවීම, නිරෝගිමත් ජනතාවක් රටේ අඩුවීම යනාදී කරුණු මෙන්ම එතෙක් තිබූ ප්‍රතිකර්ම සදහා රජයට පවා වැඩි පිරිවැයක් දරන්නට සිදුවීම ඉක්මනින්ම විසදුමක් සෙවීම තවතවත් ඉක්මන්කළ යුතු කරුණක් වූවේය.

අඩුම තරමින් මහජනතාව මේ රෝගය පිළිබදව දැනුවත් කිරීම තුලින්වත් රෝගයට ගොදුරුවන්නන් එයින් වලකා ගැනීම හා ප්‍රතිකාර පිළිබදව නොදන්නා අය ඒ පිළිබදව දැනුවත් කිරීමට හා ධෛර්යමත් කිරීමේ අරමුණින් හා ආක්පයමය වෙනසක් අපේක්‍ෂාවෙන් ඇමරිකාවේ මහජන සෞඛ්‍ය සේවය මිනිසුන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් 1936 දී ඇරඹූහ. මෙයට ජනතාව තුලින්ම ප්‍රශංසාව මෙන්ම විරුද්ධත්වයද බලාපොරොත්තුවූ අතර සැබැවින්ම එයම සිදුවිය. ඇතමෙකු මෙය ප්‍රසිද්ධියේ කථා නොකළ යුතු මාතෘකාවක් ලෙස හැදින්වූ අතර ඇතමෙකු ප්‍රතිකාරයක් ගැනීමට ගොස් ලැජ්ජා වනවාට වඩා වේදනාව ප්‍රියවිය. තවත් අයෙකුට තමන්ගේ දරුවන් මේ පිළිබදව ප්‍රසිද්ධියේ දැනුවත් කර ඇති ප්‍රකාශන දැකීම අකමැති දෙයක් විය. ගුවන්විදුලි මාධ්‍යයේදීද සහ පුවත්පත් ආදියේදී ඇතැම් ආයතන මේ පිළිබදව ප්‍රසිද්ධියේ කථා කිරීමට මැලිවිය. මහජනතාව දැනුවත් කිරී‍ම්‍ෙ වැඩපිළිවලද අධෛර්යමත් කරන ලදි.




එහෙත් ඇමරිකාවේ මහජන සෞඛ්‍ය සේවය මෙයින් යටපත් කළ නොහැකි විය. රෝගයේ භයානකත්වය වටහා ගත් ඇතැම් සේවා ස්ථාන තම සේවකයන්ට රුධිර පරික්‍ෂව සිදු කරගැනීම අනිවාර්යය කරන ලදි. එසේම රජය විසින් නීති සම්පාදනයද සිදුකළ අතර විවාහයට පෙර දෙපාර්ශවය රුධිර පරීක්‍ෂාවකට ලක්වීම අනිවාර්යය කරන ලදි. මවක්වීමට බලාපොරොත්තුවන කාන්තාවන්ටද රුධිර පරීක්‍ෂාව අනිවාර්යය කරන ලදි. සිෆිලස් සදහාම ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානද ඇති කළ අතර ඒවා Rapid Treatment Center ලෙස හැදින්වීය.

ඇලෙක්සැන්ඩර් ෆලෙමින්ග්, මේ නාමයට සිෆිලස් රෝගීන් සහ අනාගතයේ රෝගීන් බවට පත්වීමේ අවධානම ඇති මිනිසුන් ණයැගතිය. ලන්ඩන් රෝහලේදී බැක්ටීරියා සම්බන්ධයෙන් කළ පර්යේෂන වලින් පෙනිසිලීන් නම් වූ අනර්ඝතම ප්‍රතිජීවකය සොයා ගත් අතර 1928 දී ප්‍රථම වරට සිය වාර්ථා අතරට මේ පිළිබදව එක් කළහ. එහෙත් ඉන්පසුව වසර 12 ක් යනතුරාවට මේ පිළිබදව වැඩිදුර අධ්‍යයනයක් සිදුනොවීය.

එහෙත් සිෆිලස් රෝගයේ ව්‍යාපත්තිය සහ එහි බරපතලකම නිසා මෙම අමතකව තිබූ මහඟු ඖෂධය පිළිබදව තවදුරටත් අධ්‍යයනය කිරීමට වසර 12 කට පසු විද්‍යාඥයන් පෙළඹුන අතර ප්‍රතිඵල සාර්ථක හා විශ්වාසනීයත්වයෙන් යුතුවිය.1943 දී පෙනිසිලීන් විසින් සිෆිලස් සදහා නිශ්චිතිම ඖෂධය ලෙස භාවිතය ආරම්භ විය. ඒ  John Mahoney, Richard Arnold සහ AD Harris වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙනි.

සිෆිලස් අප රටේදී හදුන්වනු ලැබූවේ උපදංශ රෝගය නමිනි.

ඊලඟ ලිපියෙන් තවදුරටත් මේ පිළිබදව කතා කරමු....

මූලාශ්‍ර - 
http://www.womenshealth.gov/publications/our-publications/fact-sheet/syphilis.html#a
http://en.wikipedia.org/wiki/History_of_syphilis
http://en.wikipedia.org/wiki/Penicillin
http://en.wikipedia.org/wiki/Syphilis
http://jmvh.org/article/syphilis-its-early-history-and-treatment-until-penicillin-and-the-debate-on-its-origins/



Tuesday, September 9, 2014

Windows වලදී ඇතිවන ඇතැම් දෝශ පටිගත කරගැනීම...

Windows භාවිතයේදී පැන නගින කුඩා දෝශ එනම් Boot නොවීම වගේ ලොකු දෝශ නොවන ඒවා ඔබට නිරාකරණය කරගැනීමට නොහැකි වන අවස්ථාවල ඒ පිළිබදව ප්‍රවීනයෙකුගේ සහය බලාපොරොත්තුවන අවස්ථාවල දෝශය කුමක්දැයි නිවැරදිවම ඔහුට පැවසීමට ඇතැම් විට ඔබ අපොහොසත් වන අවස්ථා තිබෙන්නට පුළුවන්. සමහරවිට එම දෝශ පිළිබදව ඔහුට පෙන්වන අවස්ථාවේ පරිගණකයේ ඇති නොවීම නිසා හරිහැටි පිළියමක් යෙදීමට නොහැකිවන අවස්ථාත් තිබෙන්නට පුළුවන්. 

මේ වගේ අපහසුතා අවම කිරීමට Windows 7 සංස්කරණයේ සිට "Problem Steps Recorder" නම් වූ මෘදුකාංගයක් ඇතුලත් කොට තිබෙනවා. දෝශය ඇතිවන අවස්ථවේ මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර දෝශය ඇතිවන ආකාරය සහ එයින් අත්වන ප්‍රතිඵලය පටිගත කර ගැනීම සහ එය අදාල දෝශ නිවාරකයාට යොමු කිරීම තුලින් ඔහුට දෝශය සදහා නිසි ප්‍රතිකර්මය යෙදීමට පහසුවනවා ඇති. 

මෙන්න මෙහෙමයි එම මෘදුකාංගය ක්‍රියාත්මක කරවා ගන්නේ Windows 7 තුලදී RUN Window එක තුලදී PSR යන විධානය ලබාදීමෙන් හෝ Command Prompt තුලදී PSR ලෙස විධානය ලබාදීමෙන් අදාල මෘදුකාංගය ක්‍රියාත්මක වනු ඇති. එසේම Windows 8 තුලදීද දෙවන ක්‍රමයටම මෘදුකාංගය ක්‍රියාත්මක කළ හැකි අතර Start Menu තුලදීද PSR විධානය ලබාදීමෙන් මෘදුකාංගය ක්‍රියාත්මක කළ හැක. 

මෙසේ විධානයන් කුමන හෝ ආකාරයට ලබාදුන් විට මෙසේ මෘදුකාංගය ක්‍රියාත්මකව තිබෙනු ඇති අතර එහිදී Start Record කොටස Click කිරීමෙන් අදාල දෝශය හෝ ඔබ කරනා ක්‍රියාකාරකම් පටිගත වීම ඇරඹෙනු ඇත. 


මෙසේ මෘදුකාංගය ක්‍රියාත්මක කළ පසුව අවශ්‍ය වුවහොත් එහි Pause Record කොටස තේරීම මගින් ඔබ කරනා ක්‍රියාකාරකම් තාවකාලිකව පටිගත කිරීම නවතා දැමීම හෝ Stop Record මගින් පටිගත කිරීම එම අවස්ථාව වන තෙක් පමණක් සිදුකිරීමට මෙන්ම අවශ්‍ය අවස්ථාවල ඔබට ‍දෝශය පිළිබදව හෝ ක්‍රියාකාරකම පිළිබදව වැඩි දුර විස්තර සටහන් කර ගැනීමට Add Comment කොටසද උපකාරී වනු ඇත.

Tuesday, August 26, 2014

Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?

Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh  සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.





මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදී DVD Writer තුලට අැතුළු කරන්න.

දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු අැති අතර එය ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Troubleshoot" තෝරන්න.

ඉන්පසුව "Advanced Options" තෝරන්න.

අවසානයේදී "Command Prompt" තෝරන්න.

දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න.

bootrec /fixmbr
bootrec /fixboot
bootrec /RebuildBcd

ඉන්පසුව ස්වල්ප‍ වේලාවක්  විනඥාස ගතකිරීම සදහා ගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක් Windows ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර එක් ස්ථාපනයක් පමණක් නම් Y අකුර පමණක් යොදා Enter කළ යුතුය.

අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න.

ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුව Automatic Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ.

Monday, June 30, 2014

යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි‍‍‍...

ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී මෙම යානා විශේෂයන් ඔත්තු බැලීම සදහා පමණක් යොදා ගත්තද ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව දියත් කළ සංග්‍රාම වලදී ඩ්‍රෝන යානා සතුරන් නැසීමේ මෙවමක් ලෙසද භාවිතා කරනු ලැබුවා. 

හැබැයි මෙම UAV ඉතිහාසය අද ඊයෙක එකක් නොවෙයි. 1916 දී තමයි මුලින්ම නියමුවන් රහිත ගුවන් යානායක් ගුවන් ගත කරන්න බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් විද්‍යාඥයකු වූ Archibald Montgomery Low විසින් උත්සහ දරලා තිබෙන්නේ. එහෙත් එම වෑයම සාර්ථක වෙලා නම් නැහැ.
http://en.wikipedia.org/wiki/Archibald_Low

කෙසේවෙතත් එයින් වසර 35 කට පමණ පසුව ජෙට් තාක්‍ෂනයෙන්ද යුතු නියමුවන් රහිත යානා නිපදවීමට Ryan Aeronautical සමාගම සමත් වූවා. ඔවුන්ගේ එම සාර්ථක නිපැයුම Ryan Firebee ලෙස හැදින්වූ අතර එය එක් නිපැයුමක් නොව විවිද අංගවලින් දියුණු කරන ලද නිපැයුම් පෙලක් ලෙස හැදුන්වනු ලබනවා.
http://en.wikipedia.org/wiki/Ryan_Aeronautical_Company
http://en.wikipedia.org/wiki/Ryan_Firebee

1973 දී ඊශ්‍රායලයේ Tadiran Electronic Industries විසින් නිපවනු ලැබූ Tadiran Mastiff නම් වූ නියමුවන් රහිත යානය අද භාවිතා කරන යානාවල ආකෘතියේ මූලාරම්භකයා කියුවත් වරදක් නැහැ. මුලින්ම Data-link එකක් යොදාගත් යානා විශේෂය මෙය වූවා. ඒ නිසා  real-time video streaming පහසුකම ලබාදීමේ හැකියාවද මේ යානාවල යුතු වූ නිසා ඔත්තු බැලීමේ කාර්යයටද ඉතාමත් යෝග්‍ය වූවා.
http://en.wikipedia.org/wiki/Tadiran_Mastiff

UAV යානා ‍ ක්‍ෂෙත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1994 දී General Motors ආයතනය විසින් නිපදවනු ලැබූ General Atomics MQ-1 Predator යානා විශේෂයට AGM-114 Hellfire මිසයිල දෙකක් රැගෙන යාමට පමණක් නොව ඒවා අදාල ඉලක්කය වෙත නිවැරදිව එල්ල කරමින් විනාශයටද ලක් කිරීමේ හැකියාවද ලබාදී තිබූ අතර මෙම මිසයිල දෙකට අමතරව වෙනත් ගිනිඅවිද සවිකර තිබූ නිසා ඇමරිකාවේ උදහසට ලක්වූ සතුරන්ට භීතියක් ගෙන දුන්නාට සැකයක් නැහැ. එසේම මෙහි කැමරා උපාංග සහ සංවේදක උපකරණද පෙර තිබූ යානාවට එම උපකරණ වලට වඩා තවත් දියුණු තත්ත්වයට පත් ඇති බවත් පැවසෙනවා. මෙම යානා ඇමරිකානු ආරක්‍ෂක විසින් පමණක් භාවිතා කරනු ලබන අතර 1995 සිට ඔවුන් සටන් වැදුන සෝමාලියා, බොස්නියා හා සර්බියා, ඇෆ්ගනිස්ථාන, ඉරාක, යේමනය හා ලිබියාව තුලත් පකිස්ථානයේ තලෙයිබාන් හා අල්කයිඩා සාමාජිකයන් සොයා සිදු‍කළ මෙහෙයුම් සදහාත් භාවිතා කළ බව පැවසේ.
http://en.wikipedia.org/wiki/General_Atomics_MQ-1_Predator
http://en.wikipedia.org/wiki/AGM-114_Hellfire


එයිනුදු නොනැවතී මේ වන විටත් භාවිතා කෙරෙන F-16 ප්‍රහාරක ජෙට් යානාද නියමුවන් රහිත භූමියේ සිට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන යානාබවට පරිවර්ථනය කරන්නට ඇමරිකානු ගුවන් යානා විශේෂඥයන් කටයුතු යොදමින් සිටින බව ඇමරිකානු සතුරන්ගේ සිත් නොගන්නවා අැති.

මුලින් සාග්‍රාමික කටයුතු පමණක් ඉලක්ක කර තැනුන මෙම නියමුවන් රහිත යානා අදවන විට කුඩාවට මෙන්ම බහුවිද කටයුතු සදහාද භාවිතා කිරීමට හැකි සේ නිරායුද කොට නිපදවා තිබීමත් සතුටින් පැවසිය හැකිය.  

භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව සිදුවූ අවස්ථාවල මිනිසුන්ට පිවිසිය නොහැකි ස්ථාන හා ගලවා ගැනීමට යන පිරිස් වලද ජීවිත වලටද තර්ජනයක් විය හැකි අවස්ථාවල නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කරන අතරම හරිකේන් වැනි අවස්ථාද ආසන්නයේ සිට නිරීක්‍ෂනයටද යොදා ගනී. ගිනිකදු විදාරනය හා වෙනත් විද්‍යාතමත තොරතුරු ගවේෂන කාර්යයන් හිදී මනුෂ්‍ය ජීවිත අවධානමේ යොදනවාට වඩා මෙවන් යානා යොදා ගෙන එම අවස්ථා නිරීක්‍ෂනයටද අදවනවිට විද්‍යාඥයන් පෙළඹී තිබේ. එසේම වදවී යන වන ජීවින් පිළිබදව නිරතුරු නිරීක්‍ෂනයටද මෙම යානා දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රටවල් යොදා ගන්න බව දැනුවත් වීම වැදගත්ය.


මාධ්‍යවේදීන් සිය මාධ්‍යකරණයේදී  ගුවන් මගින් එය නිරීක්‍ෂනයට සහ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද නියමුවන් රහිත යානා යොදා ගන්නා අතර ක්‍රීඩා තරඟ වැනි අවස්ථාවලදීද වර්ථමානයේ මෙම යානා මහෝපකාරීවන බව පැවසේ.

ඩ්‍රෝන යානා විවිදාකාර ප්‍රමාණ‍යන්ගෙන් යුතු වන අතර ද්‍රව හයිඩ්‍රජන් මෙන්ම සූර්ය බලයද බලශක්තිය ලෙස යොදා ගනිමින් පැය 24 කට වඩා වැඩි කාලයක් (ඇතැම් ඒවා දින කිහිපයක් වුවත්) නැවත භූමියට නොපැමිණ ඉහල අහසේ රැදෙමින් සිය කාර්යය සිදු කිරීමට හැකි අයුරින් නිපදවා තිබේ. 



මේ වාසිය සංග්‍රාමික අවස්ථාවල සතුරන්ගේ ඔත්තු බැලීමට සේවා සිවිල් කටයුතු වලදීද ‍යොදා ගැනීමට ගූගල් හා ෆේස්බුක් වැනි සමාගම් දැන් සිටම ක්‍රියාකරගෙන යයි. ඒ මීටර් 20,000 තරම් ඉහල අහසේ දීර්ඝ කාලයක් රඳවා තබමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපහසු භූවිද්‍යාත්මක ප්‍රදේශයන් හිදී සහ තවමත් අන්තර්ජාල පහසුකම් ලබාදී නොමැති සහ ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් යොදවා යටිතල පහසුකම් සැකසිය යුතු ප්‍රදේශයටන්ට අන්තර්ජාලය ව්‍යාප්ත කිරීම තුලින් සිය සේවාවන් සදහා පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට ඔවුන් සැරසේ. එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ලොව මේ වන විට නිපදවා ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා තමන් වෙත නතු කර ගැනීමටද උක්ත සමාගම් විසින් කටයුතු යොදා අවසන්ය.

Saturday, June 21, 2014

රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ බිඳවැටීම පිළිබදව නිර්මාණය වූ දීර්ඝ වාර්තාමය චිත්‍රපටි මාලාවක් පිළිබදවයි....

ඔබට සමහර විට මතක ඇති සමුදුරේ මීට වසර දෙකහමාරකට පමණ පෙර ලියවුන රෝම ශිෂ්ඨාචාරයේ නැගීසිටීම සහ සහ බිඳවැටීම ගැන ලියවුන ලිපි පෙල. මතක නැතිනම් මෙන්න ඒ ලිපි පෙළේ පළමු වැන්න

අද මේ කියන්න යන්නේ එම ලිපි පෙලට කදිමට ගැලපෙන වාර්තාමය චිත්‍රපටි මාලාවක් ගැනයි. මෙය කොටස් 13 කින් යුතු දීර්ඝ චිත්‍රපටි මාලාවක්. මෙහි රෝම ශිෂ්ඨාචාරය සමූහාණ්ඩුවක සිට මහද්වීම කිහිපයක් පුරා අධිරාජ්‍යයක් ලෙස විහිදුන ආකාරය, කොතරම් අසීරුලෙස රෝම ශිෂ්ඨාචාරය පවත්වාගෙන ගියාද යනාදී කාරණා ඇතුළුව වැදගත් කාරණා රැසක් දැනගැනීමට හැකියාව ලබදී තිබෙනවා. 

නැවත වරක් මතක් කරනවා නම්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් යනාදී විද්වතුන්ගේ මතය අනුව අද තිබෙන බටහිර ශිෂ්ඨාචාරය ගොඩනගන්න පදනම වුනේ මේ රෝම ශිෂ්ඨාචාරයයි.

History Channel ආයතනය විසින් නිමවා ඇති මෙම චිත්‍රපටි මාලාවේ නම තමයි ROME Rise and fall of an empire.

ඔබට අන්තර්ජාලය පුරාම සොය සොය මේ චිත්‍රපටි මාලාව සොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් Youtube හරහා පහසුවෙන්ම සියළුම කොටස් නැරඹීමේ හැකියාව තිබෙනවා.

Thursday, June 12, 2014

ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

පළමුවෙන්ම කියන්න කැමතියි මේ තමයි 400 වැනි බ්ලොග් පෝස්ටුව. කාලයක් බොහෝම වේගයෙන් බ්ලොග් පෝස්ට් ලියමින් කඩයිම් පසුකළත් ගතවූ වර්ශයේ වගේම මේ වර්ශයේ මුල් භාගය ගෙවී යන මේ මොහොතේත් ඉතා මන්දගාමීව මේ කටයුතු කෙරුණ නිසා තමයි මේ කඩයිම පසුකරන්න මෙතරම් කාලයක් ගතවුනේ. මෑතකාලයේ සාමාන්‍යෙයන් දීර්ඝ ලිපි රැසක් ලියවුන නිසා වගේම වෙනත් කටයුතු වල යෙදෙන්නට සිදුවීමත්, මේ ලිපි පෙල ලිවීමේදී මූලාශ්‍ර රැසක් හැදෑරීමට විශාල කාලයක් ගතවීමත් මේ දිනවල ලිපි පළවීමේදී එක් ලිපියක් ලියා තවත් ලිපියක් ලියන්නට කාලය ගතවීම ලෙස දක්වන්නට පුළුවන්. එසේනම් අපි සුපුරුදු ලිපි පෙලේ ලිපියට දැන් යොමුවෙමු.

පොලිස් නිලධාරියාට වෙඩි තැබූ පසු හිස් පතරොම් කොපු අසල පිහිටි තණබිස්සට විසිකරන ඔස්වල්ඩ් අළුතින් තම පිස්තෝලයට පතරොම් පුරවා ගන්නා අයුරු අසළ පිහිටි නිවසක සහෝදරියන් දෙදෙනෙකු දුටු  බවත්  පසුව එම හිස් පතරොම් කොපුද සොයා ගන්නා ලද බවත් බලධාරීන් විසින් පවසනු ලැබූහ. මෙයින් පසුව ඔස්වල්ඩ් යාබද නාගරික ප්‍රදේශයට කලබලයෙන් ගිය බව දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම වූහ.

Johnny Brewer ලී ඔස්වල්ඩ් හාවිගේ මෙම නොසන්සුන්කම හොදින් වටහා ගත්තෙකු විය. ඔහු සපත්තු වෙළඳසැලක කළමනාකරු වශයෙන් සේවය කළ අතර දැඩි කළබලයට ලක්ව, පොලිස් වාහන එම ස්ථානයෙන් ගමන් ගනිද්දී මුහුණ සැඟවීමට තැත්කරන ඔස්වල්ඩ්ව දුටු ඔහු, ඔස්වල්ඩ්ට නොදැනෙන්නට ඔහු පසුපසින් ලුහුබැදීමට වූ අතර ඔස්වල්ඩ් සපත්තු අලෙවිසැලට තරමක් දුරින් පිහිටි ටෙක්සාස් සිනමා ශාලාවට ඇතුළුවූයේ ටිකට් පත් ලබාදෙන්නාටද නොදැනෙන අයුරිනි. මේ බව Johnny Brewer විසින් දුටු අතර ඔහු ඒ බව ටිකට් පත් නිකුත්කරන්නාට දැනුම්දුන්පසු මෙම සැකකටයුතු පුද්ගලයා පිළිබදව පොලීසියට දැනුම් දෙනු ලැබීය.

ඒ වනවිට මෙම සිනමා ශාලාවේ චිත්‍රපටි කිහිපයක්ම ප්‍රදර්ශනය කරමින් පැවති අතර පොලීසිය විසින් Johnny Brewer ගේ සහයද සහිතව එයින් එක් චිත්‍රපටියක් නරඹමින් සිටි ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අත්අඩංගුවට ගන්නට යෑමේදී ඔස්වල්ඩ් විසින් ඔහු අසලම සිටි පොලිස් නිලධාරියාගේ මුහුනට පහරක් එල්ල කර සිය කලිසම් සාක්කුවේ තිබූ පිස්තෝලය රැගෙන වෙඩි තබන්නට සැරසෙනු දුටු අනෙක් නිලධාරීන් ඔහුට වෙඩි පහර එල්ල කිරීමට නොහැකිවන සේ තදින් අතින් අල්ලා ගෙන සිනමා ශාලාවෙන් පිටතට රැගෙන ආ අතර එම අවස්ථාවේ පොලිසියට බැනවදිමින් තමන් වරදකරුවෙකු නොවන බවට පුන පුන පවසා සිටි බව පැවසුනි.

ජනපති ඝාතනය කළ ඝාතකයා මෙම සිනමා ශාලාවේ සිටින බවට දූශමාන ආරංචි කණවැකුනු ජනතාව රැස්කමින් සිනමාශාලාව අවට සිටින්නට වූ නිසා ඔවුන්ගෙන් හානියක් සිදුවීම වැලැක්වීමද පොලීසියට පැවරුනු භාරදූර වගකීමක් විය.

පොලිස් මෝටර් රථයක පිටුපස අසුනේ මැදින් ඔස්වල්ඩ්ද දෙපසින් පොලිස් නිලධාරීන් දෙදෙනාද අසුන්ගෙන ඩලස් පොලිස් මූලස්ථානය වෙත යන අතරතුරේදී ඔවුන් ඔස්වල්ඩ්ගේ නම කුමක්දැයි? ඇසූ විට “එය තමුන්විහින්ම සොයා ගන්න එකයි ඇත්තේ!“ යනුවෙන් ඔහු පැවසූ අතර එක් පොලිස් නිලධාරියෙකු ඔස්වල්ගේ මුදල් පසුම්බිය ගෙන නම පරීක්‍ෂාකළ විට එහි හැඳුනුම්පත් දෙකක් වූ අතර එයින් එකක් අප දන්නා පරිදි ලී ඔස්වල්ඩ් හාවි නමින් වූ අතර අනෙක වූයේ Alek James Hidell නමිනි. අපූරුම කාරණය වූයේ මෙම දෙවන හැඳුනුම්පත වෙනත් අයෙකුට අයත්වූවක් නොව එයද අයත්වූයේ ලී ඔස්වල්ඩ් හාවි බවට වූ සාක්‍ෂිය වූයේ එහි වූ සේයාරුවද ලී ඔස්වල්ඩ් හාවිම වූ බැවිනි.

එතනින් එහාට කිසිදු දෙබසක් ඇති නොවුන අතර ඔස්වල්ඩ් ඩලස් පොලිස් ස්ථානයට රැගෙන ආ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම භාරවූයේ එවකට ඇමරිකාව පුරාවටම පොලිස් සේවයේ කීර්තිමත් නමක් හිමිකර ගෙන සිටි හා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාර්යයේදී සාර්ථකම  ප්‍රවීණ පොලිස් නිලධාරියෙකු වූ John Will Fritz වෙතයි. මුලදී ඔහුගේ කාරුණික හා සන්සුන් ප්‍රශ්න කිරීම හමුවේද සහයෝගයක් නොපෙන්වූවද. පසුව ක්‍රමයෙන් සන්සුන් බවක් පෙන්වීය. 

ලී ඔස්වල්ඩ් හාවිගෙන් ප්‍රශ්නකරණා කිසිම කරුණකට සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වූ අතර බොහෝ විචාරකයන්ගේ මතයන්ට අනුව ලී ඔස්වල්ඩ් හාවිට CIA හෝ FBI හෝ වෙනයම් රහස් ආරක්‍ෂක ආයතනයක් මගින් ලබා දී තිබූ පුහුණුව අනුව මෙවන් ප්‍රශ්න කිරීමකදී ගැලවී යන අයුරුද මනාව පුරුදු කර තිබූ නිසා මෙවන් තත්ත්වයක් ඇතිවන්නට ඇති බව පවසා සිටිති්‍.

පොලිස් කපිතාන් Fritz සමග ඔස්වල්ඩ් පිළිබදව නිරීක්‍ෂන කටයුතු වල යෙදී සිටි FBI නිලධාරියා වූ විශේෂ නියෝජිත James.P. Hosty ද පසුව සම්බන්ධ වූහ.  මේ කිසිදු අවස්ථාවක ඔස්වල්ඩ්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව පැවසුනහ.

එසේම නීතිඥ සහය ලබාදීමට තැත් කළද එයටද ඔස්වලඩ්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ, තමන් නීතිඥයෙකුගේ පිහිට ලබා ගන්නේ නම් ඒ ඇමරිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ නීති උපදේශක John Abt ගෙන් හෝ එසේ නොවේනම් ඇමරිකානු සිවිල් නිදහස් සංගමයෙන් පමණක් බවයි. ඔස්වල්ඩ්ගේ මෙම ඉල්ලීමට අනුව නීතිඥ John Abt සම්බන්ධ කර ගැනීමට කොතෙකුත් උත්සහ දැරූවද එය සඵල නොවූයේ මෙම සිදුවීම් සිදුවූයේ සති අන්තයක් බැවින් මෙම නිතිඥයාද සිය රාජකාරී කටයුතු වලින් බැහැරව සිටීමයි. වීඩියෝ මූලාශ්‍ර වලදීද ඔස්වල්ඩ් විසින් නීතිඥයකුගේ සහය ඉල්ලා සිටින ආකාරය දැක්වේ.

ඔස්ල්ඩ් හා ඔහුගේ මව වූ මාගරීටා ඔස්වල්ඩ් අතර සම්බන්ධයද කුඩා කල පටන් දුරස්ථර වූ එකකි. ඔස්වල්ඩ් නොදැන සිටියද ඇමරිකානු මාධ්‍ය විසින් ඒ වන විටත් ජනපති ඝාතනයේ ප්‍රධානම සැකකරු බවට ඔහුව පත් කර තිබූ අතර මේ පිළිබදව රූපවාහිනියේ ඒ වන විට නිරතුරුවම විකාශය වූ ජනපති ඝාතනයේ තොරතුරු අතරදී කියවුන අතර එමගින් ඔස්වල්ඩ්ගේ මව සිය පුත්‍රයා මුහුණපා සිටි තත්ත්වය දුටුවාය. ඇය වහාම කිට්ටුවෙන්ම පිහිටි තැපැල් කාර්යාලය වෙතට දුව ගොස් ඩලස් පොලිස් මූලස්ථානයට තමන් රැගෙන යන ලෙස පැවසු අතර කිසිදු පැකිලීමකින් තොරවම අදාල තැපැල් කාර්යාලයේ නිලධාරීන් පවසා සිටියේ “මෙය  ටැක්සි සේවාවක් ලබා දෙන ස්ථානයක් නොවන බවයි“. එවිට තමා ජනපති ඝාතනයට සැකයට පාත්‍රවූ මෙම රුපවාහිනියේ පෙන්වන තැනැත්තාගේ මව බව පැවසූ වහා තැපැල් කාර්යාලය විසින් ඇයව ඩලස් පොලිස් මූලස්ථානය වෙතට රැගෙන එන ලදි.

මාගරීටා ඔස්වල්ඩ් නිරතුරුවම පවසා සිටියේ තමන්ගේ පුතා ඇමරිකානු CIA ආයතනයට සම්බන්ධ අයෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවයි. ඇය පොලිස් ස්ථානයට පැමිණි විට ඔස්වල්ඩ් හා මරියාගේ අළුත උපන් දරුවා ප්‍රථම වරට දුටු අතර මේ පිළිබදව තමාට නොදැන්වූ නිසා කණගාටුවටද පත්වූවාය. මෙම කාන්තාවන් දෙපොල ඔස්වල්ඩ් හා කතා කිරීමට ගිය විටදී තම මව දුටු ඔස්වල්ඩ් කෝපයට පත්ව ඇයට මේ පිළිබදව පැවසුවේ කවුරුන්දැයි තදින් විමසා සිටියේය. මේ වන විට ඔස්වල්ඩ්ගේ වැඩිමහල් සොයොයුරාද පොලිස් ස්ථානයට පැමිණ තිබූ අතර සහෝදරයන් අතර එතරම් සමීපතම බවක් නොතිබු අතර ඔවුන් අතර ගැටුමක් නොතිබුනි. එනමුත් මව සහ බාල පුතු (ලී හාවි) අතර සම්බන්ධය කෙදිනකවත් බැදීමකින් යුතු යහපත් එකක්  නොවූහ‍.

එදින රාත්‍රි 7.45 පමණ වන තෙක් ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවේ සහ සාක්‍ෂිගොනුකරනු ලැබුවේද පොලිස් නිලධාරියා ඝාතනයා සම්බන්ධයෙනුයි. මෙයින් පසු නැවත ප්‍රශ්න කරනු ලබන අවස්ථාවේ කැප්ටන් ෆ්‍රිට්ස් විසින් ජනපතිවරයා ඝාතනය කර ඇති බවත් එයට එය කළේ ඔබනේදැයි කෙලින්ම විමසූ විට ලී ඔස්වල්ඩ් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. එසේම ඔස්වල්ඩ්ට විරුද්ධව තිබූ එකම සාක්‍ෂියද ජනපතිවරයාට වෙඩි තැබූ බවට සැක කළ අවිය පමණක්ම විය. 

එහෙත් ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ශන් රයිෆලය පමණක් නොව එහි තිබී තවත් ගිනිඅවියක් ටෙක්සාස් පොත් ගබඩාවේ 6 වෙනි මහලෙන් හමුවූ බව deputy sheriff, Seymour Weitzman විසින් සිය වාර්තාවේ සටහන් කළහ. ඒ ජර්මනියේ නිෂ්පාදිත 7.65 Mauser ගිනි අවියකි. මේ බව මෙම අවස්ථාවට සම්බන්ධ වූ තවත් deputy sheriff වරෙයෙකු වන Roger Craig විසින්ද තහවුරු කරනු ලැබූහ. එහෙත් මෙම අවිය හා එයට සම්බන්ධ වාර්තා සියල්ලද සැගවී ගියෝය. 
ජනපති ඝාතනයට යොදා ගත්තේ යයි නිතර පැවසෙන අවිය මෙයයි

පොලිස් නිලධාරී J.D.Tippit ඝාතනයට යොදා ගත්තේ යයි පැවසෙන අවිය

(ජනපති කෙනඩි ඝාතනය, එයට ඈඳුන කුමන්ත්‍රණ කසුකුසුව යනාදිය පිළිබදව තොරතුරු අතිශයින්ම විශාලය. මේ පිලිබදව සාකච්ඡා කිරීමටම පමණක් වෙනම් බ්ලොග් අඩවියක් වුවත් පවත්වාගෙන යාමට තරම් තොරතුරු තිබෙන නිසා මෙතැන් සිට මෙම ලිපි පෙළේ අවසානයක් දකින්නට කරුණු සංක‍්‍ෂිප්තව ගෙනහැර පාන්නට අදහස් කරමි. ) 

මෙම තුවක්කුව සොයා ගැනීම සේම මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ ආසන්නයේම සිටි අයගේ සහ වෙඩි තැබීමෙන් පසුව අවට සිටි පිරිස හැසිරුන ආකාරය අනුව එක් තුවක්කුකරුවෙකු නොව දෙවන හෝ තෙවන අයෙකුද සම්බන්ධ වූ බවට සැකයන් මෙන්ම සාක්‍ෂිද බොහෝ හමුවිය. වෙඩි තබන අවස්ථාවේ  ජනපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ  Jean Hill ගේ ප්‍රකාශය ඉතා වැදගත්ය. ඇය පාසල් ගුරුවරියකද වූ අතර ඇය පැවසුවේ තමන්ට වෙඩි තැබීම් 3 සිට 6 දක්වා අතර වූ සංඛ්‍යාවක් ඇසුන බවත්ය. ඇයව අත්අඩංගුවටද ගැනුනා පමණක් නොව එහෙත් ඇයගේ එම ප්‍රකාශ ඉවත් කර ගන්නා ලෙස දැඩි ලෙස බලකෙරුනි. වෙඩි තැබීම් 3 ක් මිස ඉන් එහාට වෙඩි තැබීමක් ගැන ප්‍රකාශ නොකරන ලෙස තරයේ අවවාද/තර්ජනය කෙරුනි. තවද ඇයට නිරතුරුවම මේ සම්බන්ධයෙන් දුරක‍ථනයෙන් පවා තර්ජන ගර්ජන ලැබුන අතර මරණිය භය නිසාම වොරන් කොමිසමටවත් ඇය දැන සිටි කරුණු පිළිබදව සාක්‍ෂිදීමට ඇය ඉදිරිපත් නොවුනාය.

ඇයට අමතරම මේ අවස්ථාවේ ආසන්නයේම සිටි තැනැත්තියක වූ Beverly Oliver නම් නාට්‍යාංගනාවද පැවසුයේ තමන්ටද වෙඩි ශබ්දයන් ඇසුනේ ටෙක්සාස් පොත් ගබඩාව දෙසින් නොව නිරතුරුවම සැකයට පාත්‍රවූ Grassy Knoll නම් ස්ථානයේ සිට බවයි. එපමණක් නොව ED Hoffman නම් ගොළු පුද්ගලයා මෙමGrassy Knoll ස්ථානයේම සිටි අයෙකු වූ අතර ඔහු සිය අංගචලන ආදිය මගින් සිය අදහස් පවසමින් පවසා සිටියේ එහි සිට වෙඩි තැබූ අයෙකු වෙඩි තැබීමෙන් පසුව කාර්මික සේවකයෙකු සේ හැදගෙන සිටි තවත් අයෙකුට එම ගිනි අවිය විසිකරමින් ලබාදී එතනින් වහා ඉවත්ව ගිය බවත් ගිනි අවිය ලබාගත් තැනැත්තා සිය කාර්මික මෙවලම් පෙට්ටිය තුල එය තැන්පත් කරගෙන කිසිවක් නොවුනා සේ අසලින්ම තිබූ දුම්රිය මඟ ඔස්සේ ගමන් කළ බවටයි. එහෙත් මෙම කිසිවක් වොරන් කොමිසම හමුවේ විමර්ශනය නොකෙරුනි.

ඔස්වල්ඩ් කුප්‍රකට ටෙක්සාස් පොත් ගබඩාවේ සිට වෙඩි තැබුවේ නම් ඔහු සිය වෙඩි තැබීම ලේසියෙන්ම කරන්නට තිබූ මෝටර් රථය හුස්ටක් වීදියෙන් පැමිණීමෙන් තිබියද සිදු නොකර ගස් ආදියෙන්ද බහුල සහ එල්ලය ලබා ගැනීමට අපහසු Elm වීදිය තෝරාගත්තේ ඇයි? කෙනඩිගේ රථ පෙරහැර ගොඩනැගිල හා වංගුවලින් බහුල මෙවන් නාගරික පෙදෙසක් හරහා ගමන් කරවීමට සංවිධාකයන් ක්‍රියාකළේ මක් නිසාද?
මෙහි Revised Parade Route ලෙස දක්වා ඇත්තේ Houston වීධියයි 

මෙම අවාසනාවන්ත ඝාතනයට මාසයකටත් අඩු කාලයකට පෙර පැහැදිලිවම ඝාතන සැලැස්මක් තිබූ නිසා අවලංගුකළ ජනපතිවරයාගේ මයාමි සංචාරය පිළිබදව පූර්ව ආදර්ශය පවා ලබා තිබියදී දැන දැනම ජනපතිවරයාගේ ජීවිතය අවධානමට ලක් කළේ ඇයි? 

ජනපතිවරයාගේ ආරක්‍ෂක කටයුතු පිළිබදව ප්‍රධානියා වූ ගුවන් හමුදා කර්නල්වරයෙකු වූ Colonel Fletcher Prouty ව මෙම සංචාරයට පෙර නවසීලන්තය වැනි ඈත රටකට පිටත්කර දැමීමට ආරක්‍ෂක බලධාරීන් හිටිහැටියේ කටයුතු කළ අතර මෙවන් ක්‍රියාමාර්ගද ජනපතිවරයාගේ ඝාතනය කුමන්ත්‍රණයකට බවට සැක කිරීමට හේතු බවට මත පළවේ. 

ජනපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් ජනපතිවරයා ඩලස් වෙත පැමිණීමට දිනකට පෙර එනම් 1962 නොවැ.21 වනදා සිය නායකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරිමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම කෙසේවෙතත් එදින රැය පුරාවටම සමාජ ශාලාවල ගැවසෙමින් බීමතින් හා කාන්තාවන් ඇසුරුකරමින් සිටිබවටද තොරතුරු හෙළිවිය.

Dealy Plaza වට ආසන්නයේ පිහිිටි ගොඩනැගිල්ලක සිටි නිවාස අහිමි පුද්ගලයන් තිදෙනෙකුද පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් තිදෙනා පසුව මෙයට සම්බන්ධ නැති බවට පවසමින් නිදහස් කෙරුනි. විශේෂත්වය වන්නේ මෙයින් එක් පුද්ගලයකු CIA අංයතනයටද සම්බන්ධ අයෙකු බවට කරුණුකාරණා හෙලිවන්නට වුවා පමණක් නොව මෙම පුද්ගලයන්ගේ ඇදුම් පැලදුම් ගත්කළ නිවාස අහිමි අය සේ දිස්නොවීය.
අත්අඩංගුවට ගත් අදාල පුද්ගලයන්

කෙනඩි ඝාතනය විමර්ශනයට පත්කළ වොරන් කොමිසමේ ක්‍රියාකාරීත්වයද ගැටළු සහගත විය. එහි සියළු ක්‍රියාදාමයන් මාස 3 ක් තුල සිදුකළ යුතුබවට ජනපති ලින්ඩන් ජොන්සන් විසින් කොන්දේසියක්ද පනවා තිබූ අතර කොමිසමේ සාමාජිකයෙකු ලෙස කෙනඩි පාලනයේදී ඉවත් කළ CIA ප්‍රධානී ඇලන් ඩලස්ද ඇතුලත්වීම ගැටළු සහගත විය. තවද ඔස්වල්ඩ් ඝාතනයට සම්බන්ධ වූ ජැක් රූබිද කොමිසමේ සාමාජිකයන් තමන් වෙත පැමිණි කල තමන් සතුව මේ පිළිබදව සියලු තොරුතුරු ඇති බවත්, ඒවා මෙහි සිට හෙළි කිරීම තම ජීවිතයට අනතුරු දායක නිසා වොෂින්ටනය වෙත රැගෙන ගිය පසු තමන් එම තොරතුරු හෙළිකරන බව පැවසුවත් එයට කොමිසම එකඟ නොවූ සේම තොරතුරක් ඇතොත් එය මෙහිදීම හෙළි කරන ලෙසට බලකෙරුනි.

ජැක් රූබි ගත් කළ චිකාගෝ මාෆියාව හා සම්බන්ධතාද තිබූ ඩලස් හි රාත්‍රී සමාජ ශාලා දෙකක අයිතිකරුවෙකි. ඔහු යමෙකුගෙන් යමක් විමසන්නේ නම් පළමු කොටම වාචිකව විමසනවාට වඩා පළමුව පහර දී දෙවනුව විමසන අයෙකු ලෙසට තද පුද්ලයෙකු ලෙස නම්දරා සිටි තැනැත්තෙකි. ඔහු ඩලස් පොලිස් ස්ථානයේ නිලධාරීන් සමගද සමීප සබඳතාවයක් පැවැත්වූ අතර නිරතුරුවම එම නිලධාරීන්ද ඔහුගේ සමාජ ශාලාවලදී ජැක් රූබිගේ කාරුණික අනුග්‍රහය ලැබූවන් බවට සදහන්ය. මේ නිසාම ඩලස් පොලිස් ස්ථානය තුල සාමාන්‍ය ජනතාවට ගැවසිය නොහැකි ස්ථ්න වලට පවා  විශේෂ අවසරයකින් තොරව ගමන් කළ හැකි අයෙකු විය. කෙනඩි ඝාතනය සිදුවූ අවස්ථාවේදී පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල පිටතද ඔහු සිටිනු පසුව නිරීක්‍ෂනය කෙරුන සේයාරූ වල දිස්වූ අතර පොලිස් ස්ථානය තුලදීද ඔහු නිරතුරු රැදී සිටි බව වීඩියෝ සහ ඡායාරූප නිරීක්‍ෂනයේදී පෙනී යයි. 

48 Hours to Live වාර්තාමය චිත්‍රපටියේ ලී ඔස්වල්ඩ් හාවිගේ ජීවිතයේ අවසාන පැය 48 සහ ජැක් රූබි මෙම ලිහා ගත නොහැකි ගැටළුව තවත් සංකීර්ණ කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරය කෙටියෙන් දක්වමි.

කෙනඩි ඝාතනය පිළිබදව කෝපවන්නන්ගෙන් සේම මෙම ඝාතනය සැඟවීමට අවශ්‍ය යමෙකු වේ නම් එම අයගෙන් ඔස්වල්ඩ්ගේ ජීවිතයට විය හැකි හානිය නිසා එය වලකා ගැනීමට ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙතට මාරුකර යැවීමට ඩලස් පොලිස් බලධාරීන්ට අවශ්‍ය වූ අතර 23 වනදා සවස වන විටම එම කාර්යය ඉටුකිරීමට ඩලස් පොලිස් ප්‍රධානී Jesse Curry හට අවශ්‍යතාවය තිබුනත් තවදුරටත් යමක් ඔස්වල්ඩ් වෙතින් දැනගැනීමට හැකියාවක් ලැබේ යයි යන විශ්වාසයක් කපිතාන් ෆ්‍රිට්ස් තුල විය. මේ හේතුවෙන් ඊට පසුදින එනම් නොවැ. 24 වනදා  උදෑසන ඔස්වල්ඩ් ප්‍රාන්ත සිපිරිගෙය වෙත මාරු කර යැවීමේ කර්තව්‍යය කල් තැබින. තවද මේ සදහා ආරක්‍ෂිත රථයක්ද යොදාගැනීමට තීරණය විය.

24 වන දා උදෑසන ඔස්වල්ඩ්ගෙන් අවසන් වරට ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර ඒ අවස්ථාවට ඩලස් තැපැල් ප්‍රධානියාද පොලිස් මූලස්ථානයට පැමිණ ඔස්වල්ඩ්ගෙන් ප්‍රශ්න කිරීමට සහභාගී විය. මීනිමැරුම් සැකකරුවෙකු වූ ඔස්වල්ඩ්ගෙන් තැපැල් ප්‍රධානියද පැමිණ ප්‍රශ්න කිරීමට හේතුවූයේ නම් දෙකක් භාවිතා කිරීම තැපැල් සේවාව ලබා ගැනීමේදීද නීති විරෝධි කාර්යයක් වීමයි. තවද ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයට සැකයට ලක්වූ 6.5 mm Carcano carbine රයිෆලය සහ ටිපිට් පොලිස් නිලධාරියා ඝාතනයට යොදා ගත්තේ යයි සැක කටයුතු රිවෝල්වරයද ගෙන්වා ගෙන තිබූ තැපැල් ලිපිනයේ හිමිකරුගේ නමද ලී ඔස්වල්ඩ් හාවි නොව Alek James Hidell  විය.

මේ අවස්ථාවට මදක් බාධා කරමින් ඩලස් පොලිස් ප්‍රධානීයා පැමිණ පැවසූවේ උදෑසන 10 ට හෝ ඊට පසුව ආසන්නතම කාලයකදී ඔස්වල්ඩ් මෙම ස්ථානයෙන් රැගෙන යාම සිදුකරන බවයි.

මෙම අවස්ථාව වන විට ජැක් රූබි සිය නිවසට වී සිය සුරතල් සුනඛයා වන ශීබාද සුරතල් කරමින් රූපවාහිනිය නරඹමින් සිටියහ. උදෑසන 10.19 ට පමණ ඔහුට දුරකථන ඇමතුමක් ලැබුන අතර ඒ ඔහුගේ එක් සමාජ ශාලාවක නළඟනකගෙනි. ඇයට මුදල් අවශ්‍ය වී තිබින. එයට හේතුව ජනපතිවරයාගේ ඝාතනය පිළිබදව ඔහුට ඇතිවූ කම්පනය හේතුවෙන් සති අන්තය පුරාවටම සිය සමාජ ශාලා වසා තැබීමට තීරණය කිරීමයි. මේ නිසා ඔහුගේ සමාජ ශාලාවල සේවය කරන අයටද වැටුප් ගෙවීමක් සිදු නොවීය. ඔහුගෙන් ඩොලර් 25 ක මුදලක් ඇය ඉල්ලා සිටි අතර මුදල් Western Union සේවාව ඔස්සේ ලබාදෙන බව පවසා බැංකුව වෙත යෑමට ඔහු ස්නානය කිරීමට ගොස් කලබලයකින් තොරව හැදපැලද ගෙන සිය රිවෝල්වරය කලිසම් සාක්කුවකටද දමා ගැනීමට අමතක නොකළේය. ඒ මුදල් රැගෙන යන අවස්ථාවල ආරක්‍ෂාවට එම පියවරද අනුගමනය කරන නිසාය.

උදෑසන 10.58 ට පමණ සිය  සුරතල් බලුපැටවාද රැගෙන කාරයට ගොඩවූ ජැක් රූබි අදාල සේවාව ලබාදෙන බැංකුව කරා ගමන් ගැනීම ඇරඹුවේය.

මේ අවස්ථාව වන විටත් ඔස්වල්ඩ් නම් දෙකකින් පෙනී සිටීම, ගිනි අවි එම ලිපිනයට ගෙන්වා ගැනීම යනාදිය ගැන ප්‍රශ්න කළත් ඒ කිසිවකට ඔස්වල්ඩ්ගෙන් සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. උදෑසන 11.15 ට පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම පළක් නොවන බව හා තමන් සිතනවාට වඩා මෙම පුද්ගලයා අමාරුකාරයෙකු බව වටහා ගත් කපිතාන්වරයා අසල සිටි නිලධාරියෙකු අමතා පවසා සිටියේ තවත් විනාඩා පහකින් ඔස්වල්ඩ්වත් රැගෙන බිම් මහලට තමන් පැමිණීමට හැකිබව දන්වන ලෙසටයි.

මේ අවස්ථාවේ ජැක් රූබි මුදල් ගෙවීමට Western Union කාර්යාලයට පැමිණ තිබූ අතර තමන්ට ඉදිරියෙන් සිටින තැනැත්තා එම කාර්යය ඉටුකරගන්නා තෙක් ඉවසීමෙන් සිට අදාල මුදල් ගෙවා එළියට පැමිණ මෙම කාර්යාලයට නුදුරින් පිහිටි ඩලස් පොලිස් ස්ථාන‍ය දෙසට ගමන් ගනී. ඔහුට කිසිදු හදිස්සියක් නොමැති බව පෙනේ.

ඔස්වලඩ් ප්‍රාන්ත සිපිරි ගෙය වෙත රැගෙන යාම සදහා යොදා ගැනීමට මුලින් තීරණය කෙරුණේ මුදල් ගෙනයන ආරක්‍ෂිත රථයකි (Armed Car). එහෙත් එම රථය පොලිස් මූලස්ථානයේ බිම්මහල තුලට ගැනීමට එහි දොරටුවේ උස ගැටළුවක් වූ නිසා මෙම ප්‍රවාහන කටයුත්තට කපිතාන් ෆ්‍රිට්ස්ගේ පෞද්ගලික රථයම යොදා ගැනීමට තීරණය විය.

ඔස්වල්ඩ්ගේ එක් අතක මාංචුව ගලවා එය තවත් පොලිස් නිලධාරියෙකුට පලදවා කපිතාන් ෆ්‍රිට්ස් ඇතුළු පිරිස බිම් මහලට පැමිණෙමින් සිටින අතර බිමි මහල පාරදෙසින් මුරකරමින් සිටි පොලිස් නිලධාරියාගේ අවධානය වෙනත් අතකට යොමුවේ. එම අවස්ථාවේදීම ජැක් රූබිද පොලිස් ස්ථානයේ බිම් මහලට කිසිවෙකුත් නොදැනීම ඇතුළුවේ. (එහෙත් ඇතැම් මූලාශ්‍රවල පවසන පරිදි පොලිස් නිලධාරියා නොදැන නොව, ජැක් රූබි හා ඩලස් පොලිස් මූලස්ථානයේ නිලධාරීන් අතර ඇති මිතුදම නිසා දැනුවත්වම මෙම ස්ථානයට ඒමට ඉඩ සැලසූ බවටද මතයක් තිබේ.)

මේ අවස්ථාවේ රථයට නංවා ගැනීමට ලී හාවි ඔස්වල්ඩ්ද බිම්මහලට රැගෙන විත් තිබූ අතර කපිතාන් ෆ්‍රිට්ස්ගේ රථය දෙසට යන්නට සැරසෙනවාත් සමග වහා ක්‍රියාත්මක වූ ජැක් රූබි සිය රිවෝල්වරය ඔස්වල්ඩ්ගෙන් උදරයේ වම්පසට ආසන්නම කර වෙඩි තබනු ලබයි. ඔස්වල්ඩ් වේදනාවෙන් ඇද වැටෙන අතර පොලිස් නිලධාරීන් රොත්තක්ම පැන ජැක් රූබි අල්ලා බිමට අල්ලා තද කර ගෙන අල්ලා ගෙන සිටියි.

ලී හාවි ඔස්වල්ඩ්ට වෙඩි වදින අවස්ථාව

මේ අවස්ථාවේම ඔස්වල්ඩ්ගේ  අසලටම පැමිණෙන එක් පොලිස් පරීක්‍ෂකවරයෙක් “මොනවා හෝ දෙයක් කියන්නට තිබේනම් මේ වෙලාවේ එය කියන ලෙස ඉල්ලා සිටි“. මෙය හොදින් වැටහුනත් ඔස්වල්ඩ් කිසිවක් නොකියා සිටියි. විනාඩි හතරක් ඇතුළත ගිලන් රථයට ඇතුළුකරන ඔස්වල්ඩ් වහා පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත රැගෙන යනු ලැබේ. මීට දින දෙකකට පෙර කෙනඩි ජනපතිවරයා නිල වශයෙන් මිය ගිය බව පැවසුනේද මෙම රෝහලේදීමය.

පාර්ක්ලන්ඩ් රෝහලේදී මුලින් ශල්‍යාගාර අංක 1 වෙත ඔස්වල්ඩ්ව ඇතුළු කරන්නට සැරසුනද රෝහල් කාර්යය මණ්ඩලය එයට විරුද්ධ වන්නේ ජනපතිවරයා අවසන් හුස්ම හෙලූ එම ශල්‍යාගාරය වෙත ඔහුගේ ඝාතකයා ලෙස සැලකුන පුද්ගලයා ඇතුළු කිරීමට තමන් කිසිසේත්ම කැමති නැති බව පවසමිනි. මේ නිසා සිහිසුන්ව සිටින ලී හාවි ඔස්වල්ඩ්ව ඇතුළු කරනු ලබන්නේ ශල්‍යාගාර අංක 2 වෙතයි.

මේ වන විට ජැක් රූබි පූර්ණ ආරක්‍ෂා සහිතව පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ඩලස් පොලිස් නිලධාරීන් බොහෝමයක් ඔහුගේ හිතවතුන් නිසා ඔහුගෙන් පුන පුන විමසා සිටියේ  “ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ?“ එවිට ඔහු “මට මීට වඩා හොද දෙයක් කරන්න සැලසුම් කරගන්න කාලයක් තිබුනේ නැහැ. දැන් තේරේවි කාටත් යුදෙව්වෝ කියන්නේ හොද ධෛර්යයක් තියෙන මිනිස්සු බව“. ජැක් රූබිද යුදෙව්වෙකි. 

ජනපතිවරයා ඝාතනයට ලක්වූ නොවැ. 22 දා උදෑසන සිය සමාජ ශාලා පිළිබදව වෙළඳ දැන්වීමක් පල කර ගැනීමට The Dallas Morning News ආයතනයට ගොඩවැදුන ඔහු සිය කාර්යය ඉටුවන තුරු එදින පුවත්පත කියවන විට දුටුවේ කෙනඩි ජනපතිවරයාට විරුද්ධව පළ කර තිබූ දැන්වීමකි. විශේෂත්වය නම් එම දැන්වීම පළ කර තිබූ The American Fact-Finding Committee නම් ආයතනයේ සභාපතිවරයා ලෙස නම් කර තිබූ පුද්ගලයාද යුදෙව්වෙකු වීමයි.

ජැක් රූබිගේ අදහස අනුව මෙවන් දැන්වීමක් පළ කර දිනම ජනපතිවරයා ඝාතනයට ලක්වීම යුදෙව්වන් කෙර් සමාජයේ වෛරයක් ඇතිවීමටද හේතුවක් වීමට ඉඩතිබූ බවයි. එමෙන්ම ඩලස්හි ජනතාව අතරටද ජනපතිවරයා කෙරේ වෛරය උපදවන තවත් පත්‍රිකාවක් බෙදා හැර තිබින.

අපූරුම කාරණය නම් මෙම පත්‍රිකාව බෙදා හරින ලද සංවිධානයේ ප්‍රභලතමයෙකු වූ විශ්‍රාමික Maj. Gen. Edwin Walker යන උග්‍ර දක්‍ෂිනාංශික පුද්ගලයාගේ නම පසුකලෙක වොරන් කොමිසම හමුවේද කියවුන නමක් වීමයි. ඒ ලී හාවි ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ වසරේදීම එම ඝාතනයට සැකයට පාත්‍රවූ ගිණි අවියෙන්ම මෙම හමුදා නිලධාරියාටද වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකයක් තිබීම නිසයි. ඒ විශ්‍රාමික මේජර් ජනරාල්වරයා උග්‍ර කියුබන් විරෝධියෙකුවීම සහ තවත් දක්‍ෂිනාංශික හා කොමියුනිස්ට් විරෝධියෙකු වීම හේතුකොටගෙනයි.



ලී ඔස්වල්ඩ් හාවි රෝහලට ගෙන ගිය විගසම මිය නොගිය අතර ඔහුගේ දිවි රැක ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. මෙම කාර්යයද ඉටුකිරීමට කැපවූයේ වෙනත් පිරිසක් නොව ජනපතිවරයාගේද ජීවිතය රැකගැනීමට වෙහෙසුන වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සහායක කාර්යය මණ්ඩලයම වීමද දෛවෝපගතය. කෙසේවෙතත් 1962 නොවැ. 24 වනදා දහවල් 1.07 ට පමණ ලෝකයටම අභිරහසක් එකතු කරමින් සිය ජීවිතයේ අවසන් හුස්ම වාතලයට මුද හැර අවසන් ගමන් ගියේය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 24 මාස 1 සහ දින 6 ක් පමණකි.  ඔහුගේ උදරයේ අභ්‍යන්තර අවයව බොහෝමයක් උක්ත වෙඩි තැබීමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ බව පැවසුනි.

ජැක් රූබි විසින් ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය සම්බන්ධයෙන් කියවෙන කතා ගණනාවකි. ඉන් එකක් නම් කෙනඩි ජනපති ආර්යාව ලී ඔස්වල්ඩ් හාවිව හදුනාගැනීමේ පෙරට්ටුවට ඒමට පෙර ඔහුව දැක ගැනීමට වැලැක්වීමට ඝාතනය කළ බවයි. තවත් වරෙක කියවෙන්නේ ජැක් රූබිද ජනපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරුවන් අතර අයෙකු වූ අතර මේ පිළිබදව ඔස්වල්ඩ්ද දැන සිටි නිසා එය හෙළි වීම වැලැක්වීමට මෙය සිදු කළ බවයි. තවත් විටෙක ජැක් රූබි යනු චිකාගෝ මාෆියා සංවිධානයන් සමග ඍජු සබඳතා තිබූ අයෙකු නිසා මෙම ජනපති ඝාතන කාර්යයේදී කිසියම් කාරණා සම්බන්ධයෙන් ඔස්වල්ඩ්ගේ සම්බන්ධයන්ද ඇති නිසා මතු දිනෙක ඔහු සත්‍ය එළිදරව්කරාවි යන අදහස මත ජැක් රූබි ලවා ඉක්මනින් අවසාන මොහොතේ කරනු ලැබූ නියෝගයකින් මෙම ඝාතනය සිදුකළ බවයි. 

එක් යථාර්තයක් තිබුනි. එනම් ජැක් රූබි එක් දිනක් හෝ සිරකුටියක වසන්නට වෙතැයි නොසිතන්නට ඇති බවයි. ඇයි? ඔහු සිතුවේ ජනපතිවරයා ඝාතනයට සැකයට ලක්වූ තැනැත්තා මරා දැමීම, තමන් වීරත්වයකින් සලකනු ඇති බවටයි එහි සත්‍යයත් තිබුනි. මෙම සිදුවීමෙන් පසු ඔහුට ප්‍රශංසා කරමින් සුභපැතුම් පත් විශාල සංඛ්‍යාවක් ඔහු වෙත ලැබුනි. එහෙත් ඔහුට අවසානයේ සිය ජීවිතයෙන් සමුගැනීමටද සිදුවූයේ සිර දඩුවම විදිමින් සිටියදීමයි. ඔහුට සමාජයෙන් වීරත්වයක් ලැබුනත් නීතියෙන් ලැබුනේ වීරත්වය නොව ඔස්වල්ඩ් ඝාතනයට වරදකරු කරමින් මරණිය දණ්ඩනයයි. එය ලැබීමට ප්‍රථම ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවූවේ පෙනහැල්ලක ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙනි. ඒ 1967 ජනවාරි 03 වනදායි. ඔහු මිය යන විට ජනපති කෙනඩිගේ ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනය සිදුවී වසර 3 කුත් මාසයකට මදක් වැඩි කාලයක් පමණක් ගෙවී තිබූ අතර ජනපතිවරයා සහ ඔහුගේ ඝාතකයා ලෙස සැකකළ ලී ඔස්වල්ඩ් හාවිගේ දිවි අවසන් වූ පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේදීම ජැක් රූබිගේ අවසානයද සිදුවිය. 

කෙනඩි ඝාතනය රජයේ මතය පිළිබදව සැක කරන අයගේ අදහස වන්නේ ජැක් රූබි වැනි ශක්තිමත් නිරෝගී පුද්ගලයෙකු මෙලෙස හදිස්සියේ පිළිකාවක් වැලදී මිය යාමද මෙම අභිරහස හෙළිවීම ගැන අකමැති බලවත් පුද්ගලයන් විසින් හිතාමතා සිදුකරන ලද්දක් විය හැකි බවයි. එයට සාක්‍ෂි ගණනාවක්ද ඔවුන් සපයති. Judyth Vary Baker නම් තරුණ විද්‍යාඥවරිය සමග ලී ඔස්වල්ඩ් හාවි ආදර සම්බන්ධයක් 1963 අප්‍රේල් මස සිට ඔහු මිය යාමට අාසන්න කාලය දක්වා තිබූ අතර ඇය සම්බන්ධ ආයතනය විවිද රෝග කාරකයන් නිර්මාණය හා ඒවා පිළිබදව පර්යේෂන සිදු කළ ආයතනයකි. ඇයගේ ප්‍රධානියා ඍජුලෙසම ඇමරිකානු ආරක්‍ෂක අංශ සමග ජීව විද්‍යාත්මක අවි හා මෙවන් රෝග කාරක නිර්මාණය  සම්බන්ධයෙන් කටයුතු කළ අතර කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ඝාතනයටද රෝග කාරකයක් (පිළිකාවක් වැනි) යොදවා ගැනීම ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුවක් විය. ඇය, ලී ඔස්වල්ඩ් හාවි අතර සබඳතාවය නිසා ඇයට, කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිව් ඕර්ලියන්ස් දිස්ත්‍රික් නීති නිලධාරී ජිම් ගැරිසන්ගේ නීති කටයුතුවලදී කියවුන කියවුන ඩේවිඩ් ෆෙරි සමගද හදුනාගැනීමට හැකිවූ අතර ඔහුගේ නිවස පර්යේශනාගාරයක් කර ගනිමින් මේ පිළිබදව පර්යේෂනය කිරීමද සිදුවූ බව කෙනඩි ඝාතනය පිළිබදව වැඩි දුර තොරතුරු සොයා බැලීමේදී හෙළිවන කරුණකි.
http://jfkmurdersolved.com/judyth.htm

ඩේවිඩ් ෆෙරිද අභිරහස් ලෙස 1967 පෙබරවාරි 22 වනදා මිය යන අතර ඔහුගේ මරණය හෘදයබාදයක් ලෙස වෛද්‍ය වාර්තාවේ තිබුනද එය ස්වභාවික හෘදයාබාදයක් නොව හෘදයාබාදයක් ඇති විය හැකි යමක් ඔහුට බලහත්කාරයෙන් ලබා දෙන්නට ඇති බවට සැක කරනු ලැබේ. තවත් විශේෂත්වයත් වන්නේ ඔහු මිය යන විට ජිම් ගැරිසන් කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර එයට තමන් දන්නා දේ අකමැත්තෙන් වුවත් පැවසීමට ඩේවිඩ් ෆෙරි කැමති වී සිටිමයි.

ලී හාවි ඔස්වල්ඩ් මිය යාමට ප්‍රථම ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔහුගෙන් ජනපතිවරයාට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් ගැනීමට නොගත් වෙහෙසක් නොමැත. ශල්‍යාගාරයක සිටිය යුත්තේ වෛද්‍යවරුන්, හෙදියන් ආදී සෞඛ්‍යය අංශයට සම්බන්ධ අයවළුන් වුවත් ඔස්වල්ඩ් ශල්‍යාගාරයට ඇතුළු කළ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමට දුසිමකට වැඩි ආරක්‍ෂක අංශ නිලධාරීන් රැදී සිට "Did you shoot it? Did you shoot it?" යනුවෙන් නිරතුරු ප්‍රශ්න කළ බව රෝහලේ වෛද්‍යවරුන් පසුව පවසා සිටියහ.

ඔස්වල්ඩ් විසින් ජනපතිවරයා ඝාතනය කළ දින උදෑසන අඩි දෙකහමාරක් පමණ දණ්ඩක් වැනි යමක් එදින උදෑසන ඔස්වල්ගේ අසල්වැසි සහ ඔහු සමග එකම සේවා ස්ථානයේ සේවය කළ Lesley Frazier ද සනාථ කළ අතර ඔස්වල්ගෙන් විමසූ විට එය තිර රෙදි දැමීමට යොදා ගන්නා දඬුවක් (Curtain rod) බව පවසා තිබේ. අඩි දෙකහමාරක පමණ දිගක් නම් එය කෙනඩි ඝාතනයේ සැක කටයුතු ගිනි අවිය වන ඉතාලියේ නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් රයිෆලයට වඩා කුඩා බව තහවුරු වේ. එහෙත් පරිශීලනය කළ කිසිදු මූලාශ්‍රයක මෙම තිර රෙදි දඬුව ඝාතනයෙන් පසුව දුටු අයෙකු හෝ ඒ පිළිබදව පැවසීමක් සිදුනොවන නිසා ඔස්වල්ඩ් එදින රැගෙන ගියේ මෙම කියනා දඬුවද එසේත් නැතහොත් අදාල ගිනි අවිය හෝ වෙනත් ගිනි අවියක්ද යන්න 100% සනාථ කළ නොහැක්කා සේම,  Lesley Frazier  ද ඝාතනයෙන් පසුව අත්අඩංගුවටද ලක්වූයේ ඔහු පිළිබදවද සැක කරමිනි.

කෙසේවෙතත් අපූරුම කාරණයක් වන්නේ අදාල ගිනි අවිය ඔස්වල්ඩ් විසින් පත්තු කළ බවට ඇති සාධකද නොමැති තරම්වීමයි. එහි සටහන්ව තිබූ ඇඟිලි සලකුණු සහ අල්ලේ සටහන ව්‍යාකූල වූ අතර එය ඔස්වල්ගේ යයි සනාථ කිරීමට ඔස්වල්ඩ් මිය යන අවස්ථාවේ පවා නොහැකිව තිබූ කාරණයක් විය. තවද ගිනි අවියක් පත්තු කළේ නම් එයින් විසිරෙන වෙඩි බෙහෙත් ඉතා කුඩා ප්‍රමාණයෙන් අදාල වෙඩික්කරුවාගේ අතේ මැනික් කටුව පෙදෙසේ ගෑවී තිබිය යුතු මුත් ඔස්වල්ගෙන් එවන් සාක්‍ෂියක්ද ලැබී නොතිබුනි.

පශ්චාත් මරණ පරීක්‍ෂනයෙන් පසුව සිරුර ඩලස්හි තිබූ Funeral Home ආයතනයක් වෙත ගෙනගොස් පැයක් යන්නට ප්‍රථම ඇමරකානු රහස් ආරක්‍ෂක අංශයක හෝ අංශ කිහිපයකට අයත් නිලධාරීන් පැමිණ ඔස්වල්ඩ්ගේ මළසිරුරේ අත්ලේ සටහන් ලබාගත් බව එම ආයතනයේ හිමිකරු පසුව පවසි සිටි අතර පසුකලෙකද පැමිණි නිලධාරීන් පිරිසක්ද ඔහු හමුවී පවසා සිටියේ  එදා Fort Worth සුසාන භූමියේ භූමදානය කළේ පොලිස් ස්ථානයේදී වෙඩි වැදී මිය ගිය තැනැත්තාමදැයි තමන්ටද සැකයක් පවතින බවයි.

ලී ඔස්වල්ඩ් හාවිගේ බිරිඳ වූ මරීනා හටද සිය ස්වාමියාගේ සිරුර මෙම ස්ථානයේ නොතිබෙන්නේදයි සැකයක් මතුව තිබින. ඇයගේ ඉල්ලීම පරිදි ඔස්වල්ඩ් මියගොස් වසර 18 කට පසුව එනම් 1981 දී සිරුර නැවත ගොඩගත් අතර උක්ත සොහොන කිසියම් පිරිසකගේ සෑරීමකට ලක්ව තිබෙන බවට සාක්‍ෂිසේම මල සිරුරින් හිස වෙන්කර තිබෙන බවක් දුටු අතර ඉහත පැවසූ Funeral Home ආයතනයේ හිමිකරු පැවසූ පරිදි මුලින් මළසිරුර තමන් හට භාරදෙන අවස්ථාවේ හිසෙහි පශ්චාත් පරීක්‍ෂනයක් නොපැවැත්වූ බවක් තිබුනද මෙවර එහි එවන් ලක්‍ෂනද දුටු බව පැවසූහ.දැන් තිබෙන හිස සහ අනෙකුත් කොටස් ඔස්වල්ඩ්ගේමදැයි දැන ගැනීමට ඔහුගේ දන්ත වාර්තා හා සසදා බැළු අතර එවිට එය ඔස්වල්ඩ්ගේම බවට සනාථ විය. පසුව තවත් ආරක්‍ෂක විදිවිධාන සහිතව සිරුර වලලා දමන ලදි. අදටද මරීනා පවසන්නේ තම ස්වාමියා ජනපති කෙනඩි ඝාතනයේ වරදකරු නොවන බවයි.


කෙනඩි ඝාතනය, පොලිස් නිලධාරී Tippit ඝාතනය හා ඔස්වල්ඩ්ගේ ඝාතනයද අභිරහස් ගොන්නකින් පිරී පවතින්නකි. කෙනඩි ඝාතනය පිළිබදව ඇගිල්ල දික්වුන කිහිප දෙනෙකුම සිටිති. ලී ඔස්වල්ඩ් හාවි හා ඔහුගේද සම්බන්ධතාව තිබූ කියුබන් කස්ත්‍රෝ විරෝධීන් සේම, ෆිදෙල් කස්ත්‍රෝගේ මෙහෙයවීම යටතේ කස්ත්‍රෝ හිතවාදීන් මෙය කළ බවට සමහරු සිතති. තවත් අය සෝවියට් දේශයේ මෙහෙයවීමෙන් මෙය කළ බව සිතති. තවත් අය මෙය මාෆියා සංවිධාන වල මෙහෙයවීමෙන් මෙය සිදුකළ බවට ප්‍රභල සැකයක් තිබේ. එයට හේතු ගණනාවකි. කෙනඩි පවුලට දීර්ඝ කලෙක පටන් මාෆියා සංවිධාන සමග සබඳතා තිබු බවට සාක්‍ෂි බොහෝ වේ. වෙනෙකක් තබා ජෝන් එෆ් කෙනඩි හට ජනපති පුටුවට යන්තම් ජයකින් හෝ පැමිණීමට මාෆියා සංවිධානද ඉතා පිටුවහල් වූ බවට සාක්‍ෂි ඇත. එහෙත් ජනපති පුටුවට පැමිණි පසු කෙනඩි පාලන තන්ත්‍රයේ නීතිපති තනතුරට පත් වූ ජනපති කෙනඩිගේ බාල සොහොයුරු රොබට් එෆ් කෙනඩි මාෆියා හා සංවිධානාත්මක අපරාධ කෙරෙහි දැක්වූ දැඩි පිළිවෙත නිසා 1962-1963 අතර කාලය වන විට ඇමරිකානු මාෆියා ව්‍යාපාරයන් නැත්තටම නැතිවෙන තත්ත්වයට පත්ව තිබුනේය. 

කෙනඩි පවුලට බොහෝවිට උදව් උපකාර කළ මෙවන් පාතාල සංවිධානවලට එරෙහි වීම බියකරු අත්දැකීමක් ගෙන දෙන්නටද යම්විටක හේතුවන්නටද ඇත. තවෙකක් තබා නිව්ඕර්ලියන් මාෆියා නායක Carlos Marcello යන අයව 1961 දී ග්වාතමාලාවට පිටුවහල් කළ අතර පසුව ඔහු නැවත ඇමරිකාවට පැමිණීමට අවස්ථාව ලබා ගත්තේය. එහෙත් ඔහු පැමිණුනේ දැඩි වෛරයක් කෙනඩි සොහොයුරන් කෙරේ හිතේ තබාගෙනය. මාෆියා සංවිධානවලට ප්‍රභලම සතුරා වූයේ රොබට් එෆ් කෙනඩි වූවත් ඔහුව ඝාතනය කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි ලෙස පළිගනු ඇති බව වටහා ගත් මොවුන් ජනපතිවරයා ඝාතනය කිරීම හරහා රොබට් එෆ් කෙනඩි අඩපණ කර දැමීමට සිතුවා වන්නට ඇති බව ඇතමෙකුගේ මතයයි. තවත් අපූරුම කාරණයක් වන්නේ ඇමරිකානු මාෆියා සංවිධාන හා CIA ආයතනය අතර නිහඬ සබදතාවයක් එකල තිබූ බව පැවසෙන අතර විශේෂයෙන් කියුබාවේ කස්ත්‍රෝ පාලනය ඉවත් කිරීමට CIA ආයතනයට තිබූ එකම “සම්පත“ මාෆියා සංවිධාන බවට මතයක් තිබේ. මන්ද කස්ත්‍රෝ පාළනයට පැමිණෙන විට කියුබාවේ කැසීනෝ, ගණිකා ව්‍යාපාර, මත් ද්‍රව්‍ය වෙළඳාම යනාදිය බොහෝමයක් පවත්වාගෙන ගියේ ඇමරිකානු මාෆිවා සංවිධාන විසිනි. ඉතින් කස්ත්‍රෝ පාළනයත් සමග එම මුදල් ඉපැයීම් අහිමිවීම ගැන එම සංවිධාන තුල තිබුනේ බලවත් නොසතුටකි. මේ නිසා මාෆියා සංවිධාන, එමෙන්ම CIA ආයතනය හා ඔවුන් අතර තිබූ නිහඬ සබඳතාවය කෙනඩි ඝාතනයේදී ප්‍රභල සැකකාරකයකි.


කෙනඩි ඝාතනය සමග ඈදෙන තවත් නමක් නම් උපජනාධිපතිධූරය හෙබවූ ලින්ඩන් ජොන්සන් නාමයයි. ලින්ඩන් ජොන්සන් යනු කෙනඩිට සාපේක්‍ෂව අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. ඔහු කෙනඩිට වඩා වසර 10 කින් දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙකු විය. එහෙත් කෙනඩි මෙන් ධනවත්, බලවත් හා ප්‍රභූ පවුල් පසුබිමක් නොවුනා සේම දේශපාලන දිවය සඵල කර ගැනීමට විවිද යටිසූත්තර වැඩද ඔහු දියත් කළ බව සදහන්ය. කෙනඩිට ජනාධිපතිධූරයට පත්වීමට ඇතැම්විට මොහුගෙන් ලද සහය නොවූවානම් ඉඩක්නොවන්නටද ඉඩ තිබෙන්නේ ජොන්සන් නියෝජනය කළ ටෙක්සාස් ප්‍රාන්තයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ජොන්සන් කළ මෙහෙය සහ ඔහුගේ මිතුරන් වූ ටෙක්සාස් හි තෙල් නිධි හිමිකරුවන් වෙතින් ලද සහයද සැලකිය යුතුවේ. 

එහෙත් ජනපති කෙනඩි සිය දෙවන ධූර කාලය සදහා තරඟ වැදීමේදී සිය උපජනපතිවරයා ලෙස ජොන්සන් නම් නොකිරීමට බොහෝ ඉඩක් තිබූ බව සදහන් වන අතර එයට හේතු ලෙස ජොන්සන්ගේ වත්කම් ඉපයීම පිළිබදව තොරතුරු සොයා බැලීමට මෙන්ම ජොන්සන්ගේ දේශපාලනයේ රහස් සහ ක්‍රියාකාරකම් විමර්ශනය කළ හා හෙළිකළ ඇතැම් පුද්ගලයන්ගේ අභිරහස් මිය යාම් සමග ජොන්සන් පිළිබදවද සැක මතුව තිබීමයි. යම් හෙයකින් මේ කරුණු කාරණා පිළිබදව සොයා බැලීම දිගටම සිදුවූයේ නම් ඔහුගේ දේශපාලන දිවිය අවසන් වනවා පමණක් නොව සිරභාරයටද පත්වීමට ඉඩකඩ තිබූ නිසා සිය ප්‍රදේශයේදීම (ටෙක්සාස්) කෙනඩි ඝාතනය ලේසියෙන්ම කරවූ බවට සැක මතුවේ. එසේම ඔස්වල්ඩ් රෝහලට රැගෙන ආ පසුව ගර්ජනාවක් වැනි කටහඬකින් “මම ජනාධිපති කථා කරන්නේ, කෝ රෝහලට ගෙනා මිනිහගෙන් පාපොච්ඡාරණයක් ගත්තාදැයි“ වෛද්‍යවරුන්ගෙන් විමසූ බව සදහන්වේ. කෙනඩි ඇවෑමෙන් පත්වූ ලින්ඩන් බී ජොන්සන්ට එවැනි හදිස්සියක් ඇතිවූයේ මන්ද? මේ පිළිබදව වඩාත් තොරතුරු The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාවේ නමවැන්න වන "The Guilty Men" හි අන්තර්ගතවේ.

ජනපතිවරයා මිය ගිය පසු ඒ බව පාර්ක්ලන්ඩ් රෝහලේදී මාධ්‍යයට දැන්වූ ජනපති මාධ්‍ය ප්‍රකාශකයා ජනපති මියගියේ ඔහුගේ දකුණු පස නළල හරහා ගිය වෙඩි උණ්ඩයකින් බව පැවසුවත් පසුව ඇමරිකානු බලධාරීන් එය හිසේ පසුපසින් එල්ල වූ වෙඩි උණ්ඩයකින් බව පැවසූහ. එයද ප්‍රහේලිකාවකි. තවද ඇමරිකාවේ පළපුරුදු  සහ කීර්තිමත් අධිකරණ වෛද්‍යවරුන් සිටියද අත්දැකීම් අඩු සහ නිපුනත්වයෙන්ද අඩු නාවික වෛද්‍යවරයෙකු හරහා පශ්චාත් මරණ පරීක්‍ෂනය සිදුකිරීම වැනි කාරණා ලිහාගත නොහැකි ගැටවැනිය.

අනිත් පැත්තෙන් වෙඩි තැබීම සිදුවූ පසු ඔස්වල්ඩ් ටෙක්සාස් පාසල් පොත් ගබඩාවෙන් කලබලයෙන් නික්මීම, එදින උදෑසන සිය මඟුල් මුදුව නිවසේ තබා පැමිණීම, ඔස්වල්ඩ් අත්අඩංගුවට ගන්නා විට මෙක්සිකෝවට යෑම සදහා වූ Greyhound බස් සමාගමට අයත් ටිකට් පතක් සහ මුදල් සතුවීම යනාදී කාරණා නිසා ලී හාවි ඔස්වල්ඩ්ටද මෙම ඝාතනයේ කොතනැක හෝ තැනක සම්බන්ධයක් තිබෙන බවක් පෙනෙයි.

කෙනඩි ඝාතනය සමග මෙම පැවසූ අයගේ නම් සේම ජනපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ගේ නම මෙන්ම හිටපු ජනපතිවරයෙකු සේම කෙනඩි ඝාතන සමයේ CIA ප්‍රධානියෙකු වූ ජෝර්ජ් බුශ්ගේ නමද ඍජු හෝ වක්‍රාකාරයෙන් ගෑවී තිබුනි.

කෙනඩි ඝාතනය, ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය යනාදිය තවමත් ලිහා ගත නොහැකි ගැටළු සහගත කාරණාය.

මෙම ලිපිපෙලේ අවසානය සනිටුහන් කිරීම මේ අවස්ථාවේ සුදුසු යයි සිතමි. විශාල මූලාශ්‍ර සංඛ්‍යාවක් මේ ලිපි ලිවීම සදහා පරිශීලනය කළ අතර මේ ඒවයින් කිහිපයකි.

The Men Who killed Kennedy වාර්තාමය චිත්‍රපටි මාලාව
"The Coup D'Etat" (25 October 1988)
"The Forces Of Darkness" (25 October 1988)
"The Cover-Up" (20 November 1991)
"The Patsy" (21 November 1991)
"The Witnesses" (21 November 1991)
"The Truth Shall Set You Free" (1995)
"The Smoking Guns" (2003)
"The Love Affair" (2003)
"The Guilty Men" (2003)

National Geographic Conspiracy  - Jack Ruby
48 Hours to Live
Executive Action Movie
JFK: 3 Shots That Changed America
Beyond JFK: The Question of Conspiracy (1993)
Dark Legacy George Bush and the murder of John Kennedy
JFK - Beyond the Magic Bullet
Parkland (2013) Movie
THE JFK CONSPIRACY: THE FINAL ANALYSIS
BBC Documentary - The Killing of President Kennedy
The Warren Commission
Frontline Documentary - Who was Lee Harvey Oswald
JFK - Oliver Stone's Movie
Thirteen Days Movie