ලෝකයේ මෙතරම් දියුණු තත්ත්වයකට යුරෝපීය ජාතීන් පත්වීමට මූලිකම හේතුවක් නම් බ්‍රිතාන්‍ය තුල පළමු කොටත් ඉන්පසුව බටහිර යුරෝපයේ සහ පසුකාලීනව ජපානයට හා ලෝකයේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ කාර්මික විප්ලවය නම් සංසිද්ධිය බව ප්‍රථම කොටම කිව හැක.
එය සිදුවීමට පෙර යුරෝපයේ තත්වය ගත්විට දැවැන්ත රෝමානු අධිරාජ්‍ය බිදවැටී නැවතත් කුඩා කුඩා තනි තනි රාජ්‍ය බිහිවීමට පෙර Barbarians යන පොදු නාමයෙන් හැදින්වූ විවිද ආක්‍රමණිකයන් රැසකගේ අක්‍රමණයන්ගේ බලපෑමට නතුව රෝමානු අධිරාජ්‍ය කැබලිවලට බිදීයන්නට විය.
ඇත්තෙන්ම යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවූ මධ්‍යතන හා පුනරුද යුගයන්ගේ සැකැස්ම නිර්මාණයටද රෝමානු අධිරාජ්‍යයේ ගතිපැවතුම්ද ඉවහල්වූ නිසා රෝමානු අධිරාජ්‍යය ගැන මුලින්ම ඉදිරිපත් කල යුතුයයි සිතමි.
ඉතිහාසඥයන්ගේ මතය අනුව නම් රෝම අධිරාජ්‍ය ආසන්න වශයෙන් සියවස් පහකින් පමණ අවසන්වූවායැයි සැලකෙන අතර ඔවුන් මෙම දැවැන්ත අධිරාජ්‍යයේ ආරම්භක කාලය ලෙස ලබාදෙන්නේ ක්‍රි.පූ. 27 වේ. මානව ශිෂ්ඨාචාරය තිබෙනා තුරා මෙම අනගිභවනීය අධිරාජ්‍යයේ අසහාය ආරම්භකයා ලෙස ගැනෙන්නේ රෝම සෙනෙට්සභාවෙන් Augustus ලෙස නම් තැබූ Gaius Octavius බව සැලකේ.
දැන් ඔබට උභතෝකෝටික ගැටළුවක් පැනනගින්නට ඇති අපි නම් දන්නේ Julius Caesar නේ රෝම අධිරාජ්‍යයේ සුප්‍රසිද්ධම තැනැත්තා. ඔහු නොවේද රෝම අධිරාජ්‍යය ගොඩ නැගුවේ. ඔව් එහි යම් ගැටළුවක් තිබෙනවා තමයි. ක්‍රි.පූ. 44 දී තම සෙනෙට් සභාවේ නියෝජිතයන් අතින් ඝාතනයට ලක්වෙනතෙක් ඔහු තමයි රෝමයේ පාලකයා. ඒවගේම ඒකාධිපති පාලනයක් ඔහු ගෙනගිය බවත් කියනවා.
හැබැයි ඔහුගේ පාලන සමයේ සත්‍ය වශයෙන්ම රෝමය ගැනෙන්නේ සමූහාණ්ඩුවක් ලෙසයි. එය හැදින්වෙලා තිබෙන්නේ Roman Republic ලෙස. මෙම රෝම සමූහාණ්ඩුව ක්‍රි.පූ.509 සිට ක්‍රි.පූ.27 තෙක් පැවතිලා තිබෙනවා. මධ්‍යධරනී කලාපයේ සිය බලය පුළුල් ලෙස පතුරවාගෙන සිට රෝම පාලන තන්ත්‍රයේ ඉතාලිය හා එයට යාබද ප්‍රදේශ ඈදා ගැනීම සමූහාණ්ඩු පාලන කාලයේදී සිදුවුවත් තවත් වඩා පුළුල් ලෙස එය සිදූවූ බව කියන්නේ අධිරාජ්‍යයක් ලෙස එය ස්ථාපිත වූ පසුවයි.
කෙසේවෙතත් Barbarians ලෙස හැදින්වේන පොදු නාමයට අයත් ජර්මානුවන්ගේ ආක්‍රමණ එහෙමත් නැත්නම් Germanic invasion ලක්වීමෙන් පසුව වගේම ආර්ථික වශයෙන් පරිහාණිය සහ අභ්‍යන්තරිකව හටගත් ගැටුම් නිසා රෝම අධිරාජ්‍යය ක්‍රි.ව. 4 සහ 5 අතර කාලයේ තවදුරටත් ව්‍යාප්තවීම නතරවී එහි කඩාවැටීම සිදුවීම ඇරඹී තිබෙනවා. කොහොමවුනත් මෙම රෝම ශිෂ්ඨාචාරය ගත්විට එහි සමූහාණ්ඩු ක්‍රමය ලෙස වසර 500 ක් පැවතුන බව කියන අතර තවත් වසර 500 ක් එය අධිරාජ්‍යයක් ලෙස පැවතුන බව තමයි පැවසෙන්නේ.
මෙම Augustus කියන අද්විතීය පාලකයා ක්‍රි.පූ. 27 සිට ක්‍රි.පූ. 14 දක්වා පාලනය කල බව කියන අතර ඔහු රෝම අධිරාජ්‍යය සමාජීය හා දේශපාලනික යන දෙඅංශයෙන්ම බොහොම ස්ථාවර හා ශක්තිමත් පදනමක් තනන්නට සමත්වෙලා තිබෙනවා විතරක් නෙමේ ඔහු විසින් ගොඩනැගූ එම අත්තිවාරම ශතවර්ශ දෙකක් යන තුරාවටම බොහොම සාර්ථකව ක්‍රියාත්මකවෙලත් තියෙනවා. මෙම සෞභාග්‍යමත් කාලය Roman Peace (Pax Romana) ලෙස හැදින්වෙනවා.
මෙම ශතවර්ශ ද්විත්වය අතර කාලපරාසයේදී මහා බ්‍රිතාන්‍ය, අරාබියේ ප්‍රදේශ හා Dacia ලෙස එකල හැදින්වූ දැන් Romania ලෙස හැදින්වෙන ප්‍රදේශත් අත්පත්කරගන්න රෝම හමුදාව සමත්වෙලා තිබෙනවා. මෙම අත්පත්කරගත් ප්‍රදේශවල රෝම සමාජීය, දේශපාලනික හා සංස්කෘතික ලක්‍ෂන මුල් බැස ගත් බවත් රහසක් නොවේ.
කොහොමවුනත් තෙවන ශතවර්ශයේ සිට මේ සාර්ථකත්වය බිද වැටීම සිදුවෙලා තියෙනවා. ඒකට සමහර පාලකයන් පවා වගකිව යුතුබව තමයි පැවසෙන්නේ. විශේෂයෙන් Caligula සහ Nero වගේ කෲර හා සභ්‍යත්වයෙන් ඔබ්බට ගිය ක්‍රියාකාරකම් කල පාලකයන් මෙම දැවැන්ත රෝම අධිරාජ්‍යයට හානියක් වූවා පමණක් නොව ඔවුන්ගේ ඉරණම අකාලයේ විසදා ගැනීමටද මෙම අධම පාලනය හේතුවක් වුනා. විශේෂයෙන් Caligula ගේ පාලන කාලය ගතහොත් නිරපරාදේ සුළු හේතුවකට පවා දක්‍ෂ සොල්දාදුවන් හා සෙන්පතියන් මරණයට නියම කල ඔහු සහෝදර ආචාරධර්ම පද්දතීන් පවා කෙලෙසා දැමූවකු ලෙස සැලකෙනවා.
රෝම කිරීටයට යටත්වීමෙන් යහපත් මෙන්ම අයහපත් බලපෑමද ඇතිවූ බව අමුතුවෙන් කිවයුතු නැහැ. කෙසේවුවත් රෝමානුවන්ගේ පැත්තෙන් ගත්විට ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ අභිවෘද්ධියට තමන් අල්ලා ගත් රටවල තිබූ සංස්කෘතිකමය ලක්‍ෂන එක්වීමෙන් එය තව තවත් ඔප්නැංවුන බවත් කියන්නට ඕනෑ. කලාව, සාහිත්‍ය හා දර්ශනය වගේ මූලිකාංග ග්‍රීක සම්ප්‍රධායෙනුත්, ආගම හා ආචාර ධර්ම යුදෙව්වන්ගෙනුත්, විවිදාකාර දෙවිදේවතාවුන් රැසක් අදහමින් සිටි ඔවුන්ට ක්‍රිස්තියානි ආගමත්, බැබිලෝනියන්වරුන්ගෙන් තාරකා විද්‍යාව හා ජ්‍යෙතිශයත් දැන් ඉරානය ලෙස හැදින්වෙන පුරාන පර්සියාවෙන් හා ඊජිප්තුව යනාදී රටවලින් ලෝකයේ නැගෙනහිර කලාපයේ සංස්කෘතියත් එක් කර ගත්තා. එසේම යටත් වූ රටවලට රෝමයේ දිගු කලක් පිළිවෙලකට සකසාගෙන තිබූ ආණ්ඩුක්‍රමය, නීතිය හා ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ලතින් භාෂාවද එක්කරනු ලැබුවා. Greco-Roman synthesis ලෙස හැදින්වෙන මෙම සංකල්පය අද බටහිර සම්ප්‍රධාය ලෙස හැදින්වෙන ආකෘතිය සහස්‍රකයන් දෙකක් තිස්සේ පෝශනය කරන්නට හා තවමත් නොනැසී පවතින්නට රෝමානුවන් නිසා ගොඩනැංවී තිබෙන බව කියන්නට හැකියි.
ක්‍රි.ව. 476 දී ජර්මානු ආක්‍රමණ මගින් Romulus Augustulus රෝම අධිරාජ්‍යයා බලයෙන් පහ කිරීමෙන් පසුවවුවත් රෝම අධිරාජ්‍ය පරිහානියට පත්වෙමින් වුවත් තවත් වසර 1000 කට ආසන්න කාලයක් පැවති අතර රෝම අධිරාජ්‍යයේ සමෘධිමත්ම නගරය ලෙස සැලකෙන කොස්තන්තිනෝපල් නුවර ක්‍රි.ව. 1453 දී තුර්කින්ගේ බලයට නතුවෙන තුරු රෝම අධිරාජ්‍යයේ පැවැත්ම තහවුරුව තිබී ඇත.
රෝම රාජ්‍යය මුලින්ම Tiber නදියට ආසන්නයේ කදුකරයේ තිබූ කුඩා ජන සමූහයක් ලෙස පැවත පසුකලෙක මධ්‍යධරනී ලෝකයේ දැවැන්ත අධිරාජ්‍යයක් දක්වා බිහිවීමට ඔවුන් වැඩි දියුණු කරගත් හමුදා ශක්තිය මූලිකවම හේතුවූ බව තවදුරටත් කිවයුතු නැතැයි සිතමි. මෙම හමුදාව legions ලෙස හැදින්වූහ.
කෙසේවෙතත් ජූලියස් සීසර්ගේ ඝාතනය බෲටස් ප්‍රමුඛ සෙනෙට් සභිකයන් අතින් සිදුවූ පසු මෙම කුමන්ත්‍රණයට හවුල් නොවූ සීසර්ගේ හොදම හිතවතෙකු වූ Mark Antony සමග සීසර් ගේ බෑනා වූ Octavius හෙවත් (පසුව Augustus) අතර වසර 10 ක් පමණ සිවිල් යුද්දයක් හට ගැනුනි. මෙම සටනින් ජයගත් Octavius, 60 ක් පමණ වූ legions සංඛ්‍යාව 28 ක් දක්වා අඩුකල අතර මෙම පිරිස අතර සිට 100,000 කට වඩා වැඩි පිරිසකට විශ්‍රාම වැටුපක් ලෙස ඉඩම් ලබා දෙන ලද බවත් පැවසේ. මෙම රෝම අධිරාජ්‍යයට නතුව පැවති සියළුම රටවල් ආවරණය වන සේ ලබා දෙන ලද අතර ඔහුගේ තවත් යටි අරමුණක් වූයේ රෝම ජනාවාස ඒවායේ ඇති කිරීමෙන් ඒවායේ පසුකාලීනව ස්වදේශිකයන් ගෙන් ඇතිවිය හැකි අභ්‍යන්තරික සිවිල් යුද ගැටුම් කළමනාකරණය කර ගැනීමයි.
තවද Augustus අධිරාජ්‍යයා යටතේ හමුදාව ප්‍රතිව්‍යුවහගත කිරීම සිදුකල අතර කලින් සමූහාණ්ඩුව යටතේ සිටි කැරලිකාර ජනරාල්වරු හමුදාවෙන් ඉවත් කොට විධිමත් පාලනයක් හමුදාව තුල ඇති කරන ලදි. එසේම සොල්දාදුවන්ට වැටුප් ගෙවීමට වෙනම මධ්‍යගත යුද භාණ්ඩාගාරයක් ස්ථාපිත කල අතර හමුදාවේ වෘත්තීය මට්ටම ඉහල නැංවීම සදහා යුද අභ්‍යාස විද්‍යාල බිහිකිරීම හා හමුදාව තුල විවිද තනතුරු මට්ටම් ජ්‍යෙෂ්ඨත්වය හා දක්‍ෂතාවය මත ඇති කිරීමත් ඒ ඒ තනතුරුවලට අදාලව වැටුප් මට්ටම් ඇති කිරීම හා විවිද දීමනා ලබාදීමත් හමුදාව තුල ධෛර්යය හා නිපුනත්වය වර්ධනය කිරීමටත් අධිරාජ්‍යයා කෙරේ පක්‍ෂපාතිත්වය දිගටම පවත්වාගැනිමටත් හේතුවක් විය. එය ඉතාමත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් වූ අතර ඊට පෙර සොල්දාදුවන් අතර ඇති කළකිරීම හේතුවෙන් යම් හෙයකින් ඔවුන්ගේ අනදෙන්නා ආණ්ඩු විරෝධියෙකු බවට පත්වූයේ නම් ඔහු ගිය මග ගනිමින් සොල්දාදුවන්ද ඔහු සමග රජයට විරුද්ධව කැරලි ගැසීමටත් එයින් නිරතුරු සිවිල් යුද්ද ඇතිවීමටත් හේතුවක් වී තිබින. මෙවැනි උපක්‍රම නිසා මෙම පළමු රෝම අධිරාජ්‍යයා වන Augustus යටතේ පැවති සිවිල් යුද්ද කෙලවරවීමත් සිවිල් යුද්ද ඇතිවීමේ ප්‍රවණතාව අඩුවීමත් හේතුකොට ගෙන ස්ථාවර පාලනයක් දිගුකලක් රෝමයේ ස්ථාපනය කිරීමට හැකිවූ බවද සදහන්ය.
අල්ලා ගන්නා රටවලින් ගෙනෙන ලද වහලුන් අලෙවි කිරීමද ජයට කෙරුනු අරත රෝම ප්‍රභූන් සතුව එසේ මිලදී ගත් වහලුන් රැසක් සිට තිබෙනවා. මෙය කොතරම් දැඩිව සිදු කර තිබේද යත් එක් නගරයක් ගත්විට එහි රෝම වැසියන්ටත් වඩා වහල් ජනගහනය වැඩි බවත් පැවසෙනවා. වහල් ශ්‍රමය නිසා රෝම ශිෂ්ඨාචාරයේ ප්‍රගමණය සදහා හේතුවූ විවිද කර්මාන්ත ඉතා පහසුවෙන් සිදුකරගත හැකිවූ බවද සදහන්.
එසේම මෙම වහලුන්ට නිදහස ලැබීමද අතිවිරල කටයුත්තක් වූ අතර ඇතැම් මූලාශ්‍රවල සදහන් පරිදි වහල් හිමියා හදිස්සියේවත් මියගියහොත් ඔහු සතුව සිටි වහලුන් සියල්ලද මරණයට පත්කරන ලද බවත් සදහන්ය. වහල්භාවයෙන් මිදීමට ප්‍රධාන ක්‍රම තුනක් තිබූ බව කියන අතර වහල් හිමියා විසින් නිදහස ලබාදීම, ඔහුට මුදල් ගෙවා නිදහස් වීම හෝ මරණයයි.
ගොවිතැන රෝමයේ මූලිකවම ආර්ථිකයේ පදනම විය. සමූහාණ්ඩුවේ සිට සෙනෙට්සභිකයන් රටේ ඉහලම පැලැන්තිය වූ අතර ඔවුන් විශේෂයෙන් ඉතාලි භූමියේ මෙන්ම පසුකාලීනව අත්පත් කරගත් යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ භූමිවල කෘෂිකර්මාන්තය සදහා ආයෝජනයන් සිදුකර ඇත. විවිදාකාරයේ බෝග වගා කර ඇති අතර එක් ප්‍රභූ අයෙකු සතුව තිබූ භූමි ප්‍රමාණයද අතිවිශාල බව පැවසේ. මෙම විශාල එක් භූමියක් හදුන්වා ඇත්තේ villas යනුවෙනි.වහල් ශ්‍රමය බහුල ලෙස හා පහසුවෙන් යොදා ගැනීමට තිබූ ශක්‍යතාවය නිසාම කම්කරු වැය ශීර්ෂය ඉතා අඩු මට්ටමක තිබී ඇත.

මහාපරිමාණයේ කර්මාන්ත රෝම අධිරාජ්‍ය තුල නොපැවති බව පැවසෙන අතර කුඩා පරිමාණයේ වැඩබිම් වල මැටි භාණ්ඩ, ලෝහ භාණ්ඩ හා වීදුරු ආදිය තනා තිබේ. ගොඩනැගිල කර්මාන්තයට අත්‍යාවශ්‍ය ගඩොල් ආදිය එම ගොඩනැගිල්ල තනන භූමියේදීම තැනූ බව කියන අතර පිටත ස්ථානයක සිට ප්‍රවාහණයට වියදම වැඩි නිසා මෙසේ කිරීම වාසිදායක වු අතර බොහෝ කර්මාන්ත එක් ස්ථානයක කේන්‍ද්‍රගත කරනවාට වඩා විවිද ස්ථානවල කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යෑම වාසිදායක වූ බවද පැවසේ. හමුදාවට අවශ්‍ය ආම්පන්නද ප්‍රාදේශීයව එවැනි මෙවලම් තැනූ ස්ථාන වලින් මිලට ගන්නා ලද බවද වැඩිදුරටත් පවසයි.
සශ්‍රිකත්වය සදහා ආරක්‍ෂිතම ආයෝජනය ලෙස සැලකිනි. ඒනිසා භූමිය අත්පත් කරගැනීමට පාලකයෝ කවුරුත් පිඹුරුපත් සකස්කලෝය. කෙසේවෙතත් ඉක්මනින් හා නීත්‍යානුකූලව ධනවතෙකු වීමේ මග වෙළදාමේ යෙදීම විය. ගොඩබිම් මාර්ග වලින් වෙලදාමේ යෙදීමට වඩා මුහුදු මාර්ගිකව යෙදීම ලාභදායිව තිබේ. රෝමන්වරු සිය බලයට නතුවූ දේශයන්ගේ ප්‍රධාන නගරයන් අතර මාර්ග පද්දතිද තනා තිබූ බව ඉතිහාසඥයන් පවසයි.
මුහුදු ගමන් ආර්ථිකව අවධානමක් ගත යුතු කාර්යයක් මෙන්ම යෙදෙන්නන්ගේ ජීවිතද පැවතියේ අවධානමකය. එහෙත් එවැනි කාර්යයන්ට නිර්භිත ඇත්තන් මුහුදු මගෙන් වෙලදාමේ ගොස් මධ්‍යධරනී කලාපයෙන් ආහාර සහ වර්ණගැන්වූ පිගන්ද, කඩදාසි සදහා ඊජිප්තුවෙන් පැපිරස් පත්‍රද, සිරියාවෙන් ඩයි වර්ගද, පලස්තීනයෙන් වීදුරු සහ ස්පාඤයෙන් ලෝහ භාණ්ඩද සිය දේශයට ආනයනය කර තිබේ.
කෙසේවෙතත් රෝමවරු අරාබිය, අප්‍රිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් හෝ ප්‍රදේශ සමග ඍජුව වෙළඳ ගනුදෙනු නොපැවැත්වූ බව කියන අතර එම දේශවලින් ගෙන එන ලද ඇත්දල, සිල්ක් හා ගම්මිරිස් ආදී කුළුබඩු අතරමැදියන් හරහා රෝමයට රැගෙන ආ බව පැවසේ.
යටත් වැසියන්ගෙන් බදු අය කිරීම සාමාන්‍යයෙන් සිදුවී ඇති අතර ආර්ථික වශයෙන් පිරිහුණ කාලසමයන්හීදී බදු අය කිරීම වැඩි ප්‍රමාණයෙන් සිදුකර ඇති අතර දේපල පවරා ගැනීමද සිදකර තිබේ. තවද එවැනි කාල සමයන්හිදී භාවිතා වූ කාසි උණුකර නැවත එවායේ ප්‍රධාන වශයෙන් යොදා ගත් රිදී ප්‍රමාණය අඩුවන සේ එහෙත් මූනත වටිනා කම එසේම පවතින කාසි තනා තිබේ. එකල භාවිතා වූ මුදල් ඒකක denarii ලෙස හදුන්වනු ලැබේ.
මහද්වීප කිහිපයකටම අයත් විවිදාකාර රටවල් රැසක් රෝම අධිරාජ්‍යයේ තිබූ නිසා ගෝත්‍රික විවිදත්වයද ඇතිව එකි ජනයා කතාබහ කල හා භාවිතා කල භාෂාවන් සහ ආගම්ද කිහිපයක් විය. Celts, Italians, Berbers, Jews, Egyptians, and Greeks ආදී ජාතීන් රෝම පුරවැසිභාවය ලබා තිබූ අතර රෝම පුරවැසිභාවය ලැබීම නෛතිකමය හා ආර්ථිකව වාසිදායක සාධකයක්ව පැවති බවද පැවසේ.
රෝම ශිෂ්ඨාචාරය ගැන කතාකල හැකි දේවල් තව අතිවිශාල වූවත් අපගේ මාතෘකාවට ප්‍රවිෂ්ඨයක් ලබා ගැනීමට රෝම ශිෂ්ඨාචාරය ගැන යමක් කතා කල යුතුව තිබුනි. තවත් මෙහි සදහන් නොවූ දේද ඉදිරි ලිපි තුල ලියවී තිබෙන්නටද පුළුවන. එසේනම් දෙවන ලිපියේදී නැවත හමුවෙමු.
itha wadagath liyak bohoma stuti......
ReplyDeleteතවත් වටිනා සීරීස් එකක්...! කමෙන්ට් කරලා ප්‍රශ්ණ ඇහුවට ඒක පෝස්ට් එකකින්ම දමාවි කියලා මම හිතුනේ දීපාල් සහෝ... කොහොම වුනත් මගේ දැනුමට වගේම සත් සමුදුර බලන හැමෝටමත් මේ ලිපි පෙල ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
ReplyDeleteමගේ ප්‍රශ්ණ තුනටම උත්තර ඕනේ හොඳේ...!!!:D :D :D
මට හිතුණු විදිහටම මේ අත ගහලා තියෙන්නේ වැඩේට...
ReplyDeleteඊළඟ එකත් ඉක්මනටම දාන්න.
එල එල තවත් වැදගත් ලිපි මාලාවක් , ඔක්කොම ලිපි ටික කියවලම යමක් කියන්නම්
ReplyDeleteObata shakthiya meka digatama liyanna
ReplyDeleteVipul
harima watinawa info tika.. thnx mcn
ReplyDelete"මෙම සටනින් ජයගත් Octavius, 60 ක් පමණ වූ legions සංඛ්‍යාව 28 ක් දක්වා අඩුකල අතර " maeka mcn lakhsda?
thank you
ReplyDeleteඑල නියමයි....
ReplyDeleteවෙනදා වගේම ගොඩක් හොද ලිපියක්....ඒ වගේම නිරවුල්ව ලියලා තියෙන නිසා කියවගෙන යන්නත් ආසයි..ස්තූතියි මේ වගේ ලිපි පලකිරීම ගැන..මන් නම් කියන්නේ සත් සමුදුර කියවන්න වැය කරන කාලය බුද්දියට කරන හොද ආයෝජනයක් බවයි..
ReplyDeletethanx a lot
ReplyDeleteඉතිහාසය..විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසය ...මම කැමතිම මාතෘකාවක්.
ReplyDeleteස්තූති කරන්න වචන නැහැ දිනේශ්. ගොඩක් වැදගත් ලිපි පෙළක් වෙයි.
සියළුම ලිපි ඉතා ආශාවෙන් කියවමි. ඔබගේ මහන්සියට අපට දිය හැකි අනගිම ත්‍යාගය එයයි. අවසාන ලිපියේදී මගේ අදහස ඉදිරිපත් කරන්නම්.
ReplyDeleteහිතවත් දීපාල් සහෝ... මේ මාතෘකාව ගැනම ලියැවුනු හොඳ ලිපියක් පහත සබැඳයේ තියෙනවා... මුළු ලිපියම කියවන්න... වීඩියෝ දර්ශණ හා පාඨක ප්‍රතිචාරත් එක්කම...
ReplyDeleteසුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද?
හැමෝටම ස්තූතිකරන අතරේම හොද සබැදියක් ලබාදීම ගැන Chathuranga Perera ටත් ස්තූතිවන්තවෙනවා.
ReplyDeleteඑක Roman Legion එකක සොල්දාදුවෝ 5000-6000 ක් අතරේ සිට තිබෙනවා...
කැමතිම ලිපි මාලාවක්. පින්තුරත් තියෙන එකටත් කැමතියි
ReplyDeletehttp://simple.wikipedia.org/wiki/Denarius
ReplyDeleteරොමන් කාසි ....... denarius.
එල කිරි විස්තරාත්මක පොස්ටුවක්.
ReplyDelete