අද තවත් අළුත් විශේෂාංගයක් ආරම්භ කරනවා. මේකට ලබා දෙන ලේබලය විදියට නම් කලේ සිතියම් පොත කියලා. අපි නමින් දන්නා හා තවත් සුළු කාරනා ටිකක් පමණක් දන්නා රටවල් රැසක් පිළිබදව කතා කිරීමට තමයි බලාපොරොත්තුවෙන්නේ.
මුලින්ම මේ ලිපි පෙල අරඹමින් කතා කරන්නට සිතුවේ මාතෘකාවේ විදියටම මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන ලිබියාව (Libya)කියන රට පිළිබදව.
හැදින්වීම
ලිබියාව ගතහොත් එය උතුරු දෙසින් මධ්‍යධරනී මුහුදට (Mediterranean Sea) මායිම් වෙලා තියෙන උතුරු අප්‍රිකාවේ තියෙන විශාල රටක්. රටෙන් විශාල ප්‍රමාණයක් වසා ගෙන සිටින්නේ සහරා කාන්තාරයයි. ලිබියාව අප්‍රිකානු මහද්වීපයේ රටවල විශාලත්වය අතරින් සිව්වනස්ථානය අත්කරගන්නවා. නැගෙනහිර මායිම ඊජිප්තුවෙන්ද, ගිනිකොන මායිම සුඩානයෙන්ද,චැඩ් හා නයිජර් යන රටවල් දකුණු දෙසින්ද, ඇල්ජීරියාව බටහිර දෙසින් හා ටියුනීසියාව ඊසාන දෙසින්ද පිහිටා තිබෙනවා.
ලිබියාවේ ධජය |
ලිබියාව තුල ජනතාව වැඩිපුර වාසය කරන්නේ උතුර දෙට වන්නට එනම් වෙරල තීරයට ආසන්නයේ වන අතර එරට විශාල මෙන්ම අගනුවරද වන ට්‍රිපොලි (Tripoli) නගරයද පිහිටා ඇත්තේ මධ්‍යධරනී වෙරළ තීරයට ආසන්නවයි.
බහුතරයක් ලිබියානු වැසියන් පැවතෙන්නේ Berbers යන ජන කොට්ඨාශය, ලිබියාවේ ස්වදේශික ජනතාව හා හත්වන සියවසේ ලිබියාවට පැමිණි අරාබිවරු මිශ්‍ර වීමෙන් යයි පැවසෙනවා. එසේ වූවත් Berbers ජන කොට්ඨාශයේ සුළු පිරිසක් තවමත් දකුණු දිග ප්‍රදේශයේ වාසය කරනවා.
එසේම ලිබියාවේ බහුතරයක් සුන්නි මුස්ලිම් ජාතිකයන් වන අතර නිල රාජ්‍ය ආගම ලෙස ඉස්ලාම් දහමත්, නිල භාෂාව ලෙස අරාබි බසත් යොදාගන්නවා. Tamazight යන භාෂාව Berbers ජනතාව වැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ. ඉංග්‍රිසි හා ඉතාලි භාෂා වෙළද කටයුතුවලදී යොදාගත්තත් එය රජය විසින්ම එතරම් ධෛර්යමත් නොකෙරේ.
කෙසේනමුත් තවමත් වැඩි පිරිසකගේ රැකියාව ගොවිතැන හා සත්ව පාලනය වන බවද පවසන අතර එරට භූගොලීය පිහිටීම අනුව හොද ගොවිබිම් ඇත්තේද සුළු වශයෙන් බව කියනවා.
පුරාණයේ ලිබියාව Phoenician, රෝම, සහ අරාබි ජාතීන්‍ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi) පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ගඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි. කෙසේනමුත් විදේශිකයන් බොහෝදෙනෙකු ගඩාෆිව දකින්නේ ඒකාධිපතිපාලකයකු ලෙසයි.
භූමිය සහ සම්පත්
මුලින් කී ලෙසම භූමියේ වැඩි ප්‍රමාණයක් සහරා කාන්තාරයෙන් වැසී තිබෙනවා මෙන්ම රටේ වැඩි ප්‍රදේශයක් නිසරු, ගල් අධික තැනිතල බිම් සහ වැලි සහිත භූමිවලින් සමන්විතයි. වයඹ සහ ඊසාන දිග කොටසේ සුළු පෙදෙසක පමණක් කදු දැකිය හැකි අතර Tibesti කදු බැවුමක් දකුණු දිග මායිමට වන්නට පිහිටනවා. ලිබියාව තුල ස්ථිර වශයෙන් ගලා බසින ගංඟ නොමැති බවද පැවසෙනවා.
දේශගුණය
ලිබියාවේ ඇත්තේ වියලි කාන්තාර දේශගුණික තත්වයක් වන අතර මෙය වසර පුරා පවතින බවද කියනවා. කෙසේනමුත් වෙරලාසන්න ප්‍රදේශවල මධ්‍යධරනී දේශගුණය උශ්න, වියලි ගිම්හානයක් සහ සෞම්‍ය බවක්ද, තෙත්ගතියකින් යුතු ශිත ඍතුවකටද හිමිකම් කියන බව කියනවා. ට්‍රිපොලි නගරයේ ජනවාරි මාසයේ සාමාන්‍ය දෛනික උශ්නත්වය 8° සිට 16°C (47° සිට 61°F) ගන්නා අතරම ජූලි මාසයේ 22° සිට 29°C (71° සිට 85°F) ගන්නා බව පැවසෙනවා. වාර්ශික වර්ෂාපතනයනම් 380 mm (15 in) පමණ වෙතැයි පවසනවා.
ස්වාභාවික සම්පත්
ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස්, ජිප්සම්, ලුණු, පොටෑශ් සහ natron (sodium carbonate) වනවා.
ගස්වැල් හා සත්තු
ලිබියාවේ දේශගුණික තත්වයන් නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය නම් එතරම් සාර්ථක නැතිබව කියන අතරම ගස් වැල් පවා පිහිටා ඇත්තේ අතරින් පතර බවත් සමහර ප්‍රදේශවල එක දිගටම ගස් වැල් නොමැති බවද කියනවා.රටඉදි ගස් හා ඔලිව් සහ දොඩම් ගස් කාන්තාරයේ ක්‍ෂෙමභූමිවල වැවෙන බවද කිවයුතු අතර සදහරිත ගස් හා මාස්ටික් ගස් (junipers and mastic trees) උස් බිම්වලදී දැකිය හැකි බව පැවසෙනවා.
විශාල ක්‍ෂිරපායි සතුන් නම් ලිබියාවේ හිඟබව කියන අතරම කාන්තාර ආශ්‍රිතව වසන හයිනා, gazelles, කැලෑ බළළුන්, රාජාලීන්, උකුස්සන් හා ගිජුලිහිනියන් දැකිය හැකිබව පවසනවා.
පාරිසරික ගැටළු
ලිබියාව ජල සම්පතින් නම් හිඟපාඩු ඇතිබවයි කියන්නේ මේ නිසාම වාරිමාර්ග ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කර ඇතිබව පැවසෙන අතරම එයි ප්‍රධානම එකක් වන්නේ මහා මිනිසා ඉදිකල ගංඟාව (Great Man-Made River (GMMR))ලෙස හැදින්වූ වසර 25 ක දීර්ඝ කාලීන ව්‍යාපෘතියයි. මෙය 1984 දී ආරම්භකරන ලදි.
ප්‍රධාන නගර
විශාලම නගරය වන ට්‍රිපොලි හැරුනකොට දෙවන විශාලම නගරය වන්නේ Banghāzī නගරයයි. මීට අමතරව අනෙකුත් වැදගත් නාගරික Tripolitania හි Mişrātah (Misurata) හා Darnah සහ Cyrenaica හි Tobruk.
විශාලම නගරය වන ට්‍රිපොලි හැරුනකොට දෙවන විශාලම නගරය වන්නේ Banghāzī නගරයයි. මීට අමතරව අනෙකුත් වැදගත් නාගරික Tripolitania හි Mişrātah (Misurata) හා Darnah සහ Cyrenaica හි Tobruk.
අධ්‍යාපනය හා ඊට අනුබද්ධ ආයතන
ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යය සහ නිදහස් එකක් වන අතර එරට වැඩිහිටි ජනගහනයෙන් 84% කට සාක්‍ෂරතා හැකියාව ඇතිබව කියයි. එරට විශ්වවිද්‍යාල 5 ක් ඇති අතර ට්‍රිපොලි හි ඇති Al-Fateh විශ්වවිද්‍යාලය විශාලම සරසවියවේ.
රාජ්‍ය පුස්තකාලයද ට්‍රිපොලි හි පිහිටා ඇති අතර එහි 300,000 කට අධික පොත්පත් තිබෙන බව කියයි. එය Garyounis විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයකි.
ලිබියාවේ පෞරානික කෞතුකභාණ්ඩ හා විවිද නටඹුන් ඇති කෞතුකාගාරයක් ලෙද Al Khums හි Lepcis Magna කෞතුකාගාරය දැක්වේ.
ආර්ථිකය
මුල් කාලයේ එරට සාම්ප්‍රධායික කෘෂිකර්මාන්ත කටයුතු සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්‍රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියාව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්‍ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.
1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.
කෙසේ වෙතත් 1992 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියාවට සම්භාදක පණවන අතර ඒ ඔවුන් ත්‍රස්තවාදයට අදව් උපකාරය කලා යන චෝදනාව මතයි. 1999 දී එය ඉවත් කරන අතර ඇමරිකාවද 2004 දී එරටට පණවා තිබූ සම්භාදක ඉවත් කරන ලද අතර ඉන්පසු ඇමරිකානු සමාගම් ලිබියාව තුල සිය කර්මාන්ත ඇරඹීමේ ඉඩකඩ සොයා බලන ලදි.( In 1992 the United Nations (UN) imposed economic sanctions on Libya in response to its support of international terrorism. Those sanctions were lifted in 1999, opening the way for foreign investment. In 2004 the United States lifted its economic sanctions, and U.S. companies began seeking investment opportunities in Libya).
විදේශිය ශ්‍රමිකයන් රැසක්ද ලිබියානේ රැකියාවල නියැලෙන අතර 1990 වන විට එරට වැඩ කරන ජනතාවගෙන් 11% ක් කෘසිකාර්මික, ධීවර කටයුතුවලද 23% ක් කර්මාන්ත ආශ්‍රිතවද 66% ක් සේවා සපයන රැකියාවලද නිරතවී ඇත.
ලිබියා භූමියෙන් 95% ක් පමණ කාන්තාර තත්වයක් තිබුනත් වාරිමාර්ග ව්‍යාපෘති නිසා සහ රසායණික පොහොර භාවිතය නිසා කෘෂිකාර්මික පලදාවද වැඩිකරගැනීමට සමත් වී ඇත. ඔවුන් සිදු කරන වගා නම් අර්තාපල්, තිරිඟු, තක්කාලි, කොමඩු, දොඩම්, රටඉදි හා ඔලිව් වන අතර සත්ව පාලනය ලෙස බැටළුවන්, එළුවන්, ගව පට්ටි, ඔටුවන් හා කුකුළන් ඇති කරනු ලබයි.
ධීවර කර්මාන්තයද යහමින් සිදුකරන බව කියන ලිබියව ආශ්‍රිත මධ්‍යධරනී මුහුදේ විශේෂයෙන් ටූනා සහ සාඩින් මසුන් බහුලව වසන බවද කියයි.
වර්ථමානයේ ප්‍රධානම අපනයන ද්‍රව්‍ය ඛණිජ තෙල් හා ඒ ආශ්‍රිත අනෙකුත් නිශ්පාදන හා ගොඩනැගිලි දුව්‍ය බව කියන අතර සාම්ප්‍රධායික අත්කම් නිර්මානද එරට ආර්ථිකයට සුළු දායකත්වයක් සපයයි. එරට භාවිතා කරන බොහෝ පරිභෝජන ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන බවද කියයි.
ලිබියාව ප්‍රධාන වශයෙන් සිය නිෂ්පාදන අපනයනය කරනු ලබන්නේ Italy, Germany, Spain, France, සහ Tunisia යන රටවලට බව පැවසෙන අතර Italy, Germany, the United Kingdom, සහ France යන රටවලින් සිය රටට අවශ්‍යකරන ද්‍රව්‍ය ආනයනය කරනු ලබයි.
ලිබියාවේ ව්‍යවහාරික මුදල් වර්ගය ලිබියන් ඩිනාර් (Libyan dinar) වේ
සංචාරක කර්මාන්තය
ලිබියාව සතුව ඇත්තේ ලෝකයේ දර්ශනීයම වෙරල තීරයක් බව කියන අතරම විශිෂ්ඨ රෝම හා ග්‍රීක් පුරාන නටඹුන් රැසක්ද ලිබියාවෙන් හමුවේ.
ලිබියාව සතුව ඇත්තේ ලෝකයේ දර්ශනීයම වෙරල තීරයක් බව කියන අතරම විශිෂ්ඨ රෝම හා ග්‍රීක් පුරාන නටඹුන් රැසක්ද ලිබියාවෙන් හමුවේ.
ප්‍රවාහණය
හොද මාර්ග පද්දතියකින් වෙරල තීරයේ ඇති Tripoli සහ ටියුනීසියාවේ Tunis නගර සම්බන්ධවන අතර Banghāzī සහ Tobruk නගර ඔස්සේ ඊජිප්තුවේ Alexandria නගරයටද සම්බන්ධවී ඇති බව කියයි.එරට ගුවන් සේවය වන Libyan Arab Airlines මගින් රටින් පිටත මෙන්ම ඇතුලතද ගුවන් සේවා සපයන අතර Tripoli සහ Banghāzī නගර වල අන්තර්ජාතික ගුවන් තොටුවල පිහිටා ඇතිබවද පැවසේ. Tripoli, Banghāzī, Tobruk, සහ Mişrātah යන නගර වල පුධාන වරායන් පිහිටා ඇත.
හොද මාර්ග පද්දතියකින් වෙරල තීරයේ ඇති Tripoli සහ ටියුනීසියාවේ Tunis නගර සම්බන්ධවන අතර Banghāzī සහ Tobruk නගර ඔස්සේ ඊජිප්තුවේ Alexandria නගරයටද සම්බන්ධවී ඇති බව කියයි.එරට ගුවන් සේවය වන Libyan Arab Airlines මගින් රටින් පිටත මෙන්ම ඇතුලතද ගුවන් සේවා සපයන අතර Tripoli සහ Banghāzī නගර වල අන්තර්ජාතික ගුවන් තොටුවල පිහිටා ඇතිබවද පැවසේ. Tripoli, Banghāzī, Tobruk, සහ Mişrātah යන නගර වල පුධාන වරායන් පිහිටා ඇත.
සංනිවේදනය
තැපැල් හා විදුලි සංදේශ යන සේවා රාජ්‍ය ඒකාධිකාරය යටතේ පවත්වාගෙන යන අතර පුවත් පත් ආයතනද රජය සතුවන බව කියයි. එරට රජයට විරුද්ධව පුවත් පල කිරීමට අවසර නොමැති අතර දෛනිකව පුවත් පත් හතරක් පලවන බවද කියයි. ඒවා අරාබි මෙන්ම ඉංග්‍රිසි සංස්කරණයෙන්ද පල කරයි.
තැපැල් හා විදුලි සංදේශ යන සේවා රාජ්‍ය ඒකාධිකාරය යටතේ පවත්වාගෙන යන අතර පුවත් පත් ආයතනද රජය සතුවන බව කියයි. එරට රජයට විරුද්ධව පුවත් පල කිරීමට අවසර නොමැති අතර දෛනිකව පුවත් පත් හතරක් පලවන බවද කියයි. ඒවා අරාබි මෙන්ම ඉංග්‍රිසි සංස්කරණයෙන්ද පල කරයි.
නීති පද්දතිය
ලිබියාවේ අධිකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, courts of first instance, සහ summary courts ලෙස උසාවි වර්ග හතරක් ඇත. නිදහසෙන් පසු සිවිල්, සාපරාධි සහ ව්‍යාපාරික යන නඩු ඊජිප්තු ක්‍රමයකට ඇසූවද ගඩාෆි (Qaddafi) පාලනයට ආපසු එය ඉස්ලාමික නීතිය හෙවත් ෂාරියා නීතිය (Sharia, or Islamic law) බවට පත් කෙරින.
ලිබියාවේ අධිකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, courts of first instance, සහ summary courts ලෙස උසාවි වර්ග හතරක් ඇත. නිදහසෙන් පසු සිවිල්, සාපරාධි සහ ව්‍යාපාරික යන නඩු ඊජිප්තු ක්‍රමයකට ඇසූවද ගඩාෆි (Qaddafi) පාලනයට ආපසු එය ඉස්ලාමික නීතිය හෙවත් ෂාරියා නීතිය (Sharia, or Islamic law) බවට පත් කෙරින.
ආරක්‍ෂාව
ගඩාෆි එරට හමුදාව නවීන ආයුධ වලින් සන්නද්ධ විශාල හමුදාවක් බවට පත් කල අතර එය ඔහු පාලනයට ආ කල තිබූ රාජකීය ලිබියානු හමුදාවත් ප්‍රාදේශීය පොලිසි සහ අනෙකුත් ආරක්‍ෂක අංශ ඒකාබද්ධ කොට ගොඩනැගූවක් බව පවසයි. 2003 ඇස්තමේන්තු අනුව එරට හමුදාව 45,000 කින් සමන් විත වූ අතර නාවික හමුදාව 8,000 කින් සහ ගුවන් හමුදාව 23,000 ක සොල්දාදුවන්ගෙන් සමන්විතය.
ගඩාෆි එරට හමුදාව නවීන ආයුධ වලින් සන්නද්ධ විශාල හමුදාවක් බවට පත් කල අතර එය ඔහු පාලනයට ආ කල තිබූ රාජකීය ලිබියානු හමුදාවත් ප්‍රාදේශීය පොලිසි සහ අනෙකුත් ආරක්‍ෂක අංශ ඒකාබද්ධ කොට ගොඩනැගූවක් බව පවසයි. 2003 ඇස්තමේන්තු අනුව එරට හමුදාව 45,000 කින් සමන් විත වූ අතර නාවික හමුදාව 8,000 කින් සහ ගුවන් හමුදාව 23,000 ක සොල්දාදුවන්ගෙන් සමන්විතය.
ඉතිහාසය
ලිබියාව ඉතිහාසය පුරාවටම විවිද ජාතීන්ගේ ආක්‍රමණවලට බදුනවු රටක් ලෙස සැලකේ මුලින් මධ්‍යධරනී රටවල ආක්‍රමණවලටත් පසුව අරාබින්ගේ ආක්‍රමණවලටද ලිබියාව නතුව තිබේ.
ලිබියාව ඉතිහාසය පුරාවටම විවිද ජාතීන්ගේ ආක්‍රමණවලට බදුනවු රටක් ලෙස සැලකේ මුලින් මධ්‍යධරනී රටවල ආක්‍රමණවලටත් පසුව අරාබින්ගේ ආක්‍රමණවලටද ලිබියාව නතුව තිබේ.
ක්‍රි.පූ. 6 වන සියවසේ ග්‍රීක ආක්‍රමනයටද, ක්‍රි.පූ. 2 වන සියවසේ රෝම පාලනයටද ලිබියාව යටත්ව ඇත.
කෙසේ නමුත් ග්‍රීක පාලන කාලයේදී Cyrene නගරය කේන්‍ද්‍රගතව බුද්ධිමය වර්ධනයක් සිදුව ඇති අතර වෛද්‍ය විද්‍යාල හා දර්ශනය පිළිබදව එහිදී උගන්වා ඇත.
එසේම වසර 500 ක් පමන පැවතුනායයි කියන ලිබියාවේ රෝම පාලන කාලය තුල කෘෂිකර්මාන්තයේ නව වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර වාරිමාර්ග පද්දති හා නගර යා කෙරෙන මංමාවත් ඔවුන් තනා ඇත.
11 වන සියවසෙන් පසු ලිබියාව ඉස්ලිමීය කරණයවීමට පටන් ගත් අතර 16 වන සියවසේදී ලිබියාව තුර්කි ඔටෝමාන් අධිරාජය විසින් තමන් යටතට ගන්නා ලිබියාව විසිවන සියවසේ මුල දක්වාම එය පවතිනවා.
තුර්කිය 19 වන සියවස වන විට සාර්ථකව පාලනය ගෙන ගියත් 1911 දී ඉතාලිය තුර්කියට විරුද්ධව යුද වැදී ලිබියාව තමන් සතු කර ගැනීම ඇරඹුවා. කෙසේ නමුත් මුළු ලිබියාවම තමන් සතු කර ගැනීමට වසර 21 ක කාලයක් ගතවූ අතර 1932 දී ඒ අරමුන සාක්‍ෂාත් කර ගත්තා.
දෙවන ලෝක යුද්‍දයේදී ලිබියානු කාන්තාරය යුද පිටියක් වූ අතර 1943 දී ජර්මානු සහ ඉතාලි හමුදා පලවා හැර ලිබියාවේ පාලනය තමන් සතු කර ගැනීමට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමත් වූ අතර 1947 දී අත්සන් කල සාම ගිවිසුමදී ඉතාලිය, ලිබියාවට තමන් සතුව තිබූ හිමිකාරීත්වය මුළුමනින්ම අත්හල අතර 1952 ජනවාරි 01 වනදා ලිබියාවට නිදහස ලැබුනා.
ලිබියාව පසුකරන ලද සැතපුම් කනු නම්, 1950 දී එරට පාලකයා නැතහොත් රජු ලෙස Emir Sayid Idris al-Sanusi පත්වූ අතර එය 1951 ඔක්තෝබර් 07 වනදා ව්‍යවස්ථාවකින් තහවුරු කරන ලදි. එම වසරේ දෙසැම්බර් 24 වන දින Emir Idris විසින් the federal United Kingdom of Libya නිදහස ප්‍රකාශ කරන ලදි. මහමැතිවරණය 1952 පෙබරවාරියේ පැවැත්වූ අතර මාර්තුවේ එරට ප්‍රථම වරට පාර්ලමේනුතව රැස්වන ලදි. ලිබියාව 1953 දී අරාබි ලීගයටත්, 1955 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සාමාජිකත්වය ලබා ගන්නා ලද අතර 1963 දී කාන්තාවන් සදහා ඡන්ද බලය ලබා දෙන ලදි.
ලිබියාවේ සිටි අවසාන බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් හමුදා කණ්ඩායම් 1970 දී එරටින් පිටව ගිය අතර 1967 දී ඊශ්‍රායලය සමග අරාබි රටවල් සිදුකල සයදින යුද්ධයට සම්බන්ධනොවූවත් අරාබි ලීගයේ රටවලට සහයෝගය දුන් අතර යුද්ධයෙන් පසු අරාබි රටවල් වන ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවලට ආර්ථික සහයද දුන් අතර ඊජිප්තුවද සිය ආර්ථිකය නැවත යථා තත්වයට පත් කර ගැනීමට ලිබියාවේ සහය පතන ලදි.
රාජාණ්ඩුව පෙරලා දැමීම
ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.
ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.
ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.
බිදවැටුන හොදහිත
කෙසේ නමුත් ඇමරිකාව සමග නම් ලිබියාවේ හිතහොද 1980 මුල් භාගයේදීම පලුදු වෙන්නට පටන් ගත් අතර 1981 දී ඇමරිකානු නාවික හමුදාවට අයත් ජෙට් යානා මගින් ලිබියානු ප්‍රහාරක ගුවන් යානා අන්තර්ජාතික මුහුදු සීමාවට පැමිණීම වලකමින් ප්‍රහාර එල්ල කොට බිම දමන ලදි. 1986 මාර්තුවේදී ලිබියානු නැව් දෙකකටද ඇමරිකානු නාවික හමුදා විසින් ප්‍රහාර එල්ල කොට අලාභහානි සිදුකල අතර ඒ වසරේ අප්‍රේල් වලදී, ලිබියාව විසින් යුරෝපය තුල ඇමරිකානුවන්ට එරෙහිව සිදුකල ත්‍රස්තක්‍රියාවලට චෝදනා නගමින් රේගන් පාලනය විසින් ලිබියාවේ ත්‍රස්ථ මධ්‍යස්ථාන (“terrorist centers”) යයි පැවසූ ස්ථාන වලට බෝම්බ හා මිසයිල එල්ල කරන ලද අතර එයින් ගඩාෆි විසින් අරන් හදාගත් දියණිය මරණයට පත්වූ අතර හමුදාමය ස්ථාන රැසකටද හානි සිදුවිය.
කෙසේ නමුත් ඇමරිකාව සමග නම් ලිබියාවේ හිතහොද 1980 මුල් භාගයේදීම පලුදු වෙන්නට පටන් ගත් අතර 1981 දී ඇමරිකානු නාවික හමුදාවට අයත් ජෙට් යානා මගින් ලිබියානු ප්‍රහාරක ගුවන් යානා අන්තර්ජාතික මුහුදු සීමාවට පැමිණීම වලකමින් ප්‍රහාර එල්ල කොට බිම දමන ලදි. 1986 මාර්තුවේදී ලිබියානු නැව් දෙකකටද ඇමරිකානු නාවික හමුදා විසින් ප්‍රහාර එල්ල කොට අලාභහානි සිදුකල අතර ඒ වසරේ අප්‍රේල් වලදී, ලිබියාව විසින් යුරෝපය තුල ඇමරිකානුවන්ට එරෙහිව සිදුකල ත්‍රස්තක්‍රියාවලට චෝදනා නගමින් රේගන් පාලනය විසින් ලිබියාවේ ත්‍රස්ථ මධ්‍යස්ථාන (“terrorist centers”) යයි පැවසූ ස්ථාන වලට බෝම්බ හා මිසයිල එල්ල කරන ලද අතර එයින් ගඩාෆි විසින් අරන් හදාගත් දියණිය මරණයට පත්වූ අතර හමුදාමය ස්ථාන රැසකටද හානි සිදුවිය.
1991 දී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම මෙන්ම ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සේනාංක විසින් ඉරාකය ආක්‍රමණය කිරීමද ගඩාෆි හෙලා දකින ලදි. කෙසේවෙතත් 1991 දීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුත් 1996 දී ඇමරිකාව විසිනුත් ලිබියාවට එරෙහිව සම්බාදක පනවන ලද්දේ, ලිබියානුවන් 1988 දී ස්කොට්ලන්තයේ, ලොකර්බි ඉහල අහසේදී Pan American Flight 103 පුපුරවා හැරියා යන චෝදනා යටතේයි.
කෙසේනමුත් 90 දශකයේ මැද භාගය වන විට ගඩාෆිගේ පෙර පැවති දැඩිමතධාරී රැඩිකල්වාදී ගතිය අඩුවෙන්නට පටන්ගත් අතර පසුව ඔහු ත්‍රස්තවාදයට එරෙහිව ගන්නා ලද යම් යම් ක්‍රියාමාර්ග නිසා සම්බාදක ලිහිල් වීමටත් 2004 දී නැවත ඇමරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබදතා යථා තත්වයට පත් කරගැනීමටත් සමත්විය.
ලිපිය අවසන් කරමින් එරට ජාතික සංකේතාමක දේවල්ද කියන්නම්.
ජාතික සත්වයා - සිංහයා.
ජාතික පක්‍ෂයා - අරාබි රාජාලියා.
ජාතික පුශ්පය - Pomegranate blossom
(වර්ථමානයේ මෙම තත්වයන් සෑහෙන්න වෙනස් වී ඇති අතර ඒ පිළිබදව සාකච්ඡා කිරීමට තව ටික කලක් ඒ ගැන අධ්‍යයනය කල යුතුවේ).
ONNA MAMA UDEMA OBE BLOG EKATA GODAUNA.BOHOMA WATINA LIPIYAK.RATAWAL GENA TORATURU LEBUNOT OBATA EWANNAM.MAMA BALAPU BLOG WALIN OBE BLOG EKA PALAMU WENI STANAYE TIYANA EKAK.MAMA SINHALEN TYPE ARALA COMMENT KARANNA DANNE NO.OHOMADA COMMENT ARANNE.OBA DIGATAMA LIYANNA.
ReplyDelete@bandara - ඔබට මමත් බොහෝම ස්තූතිවන්ත වෙනවා. මට නම් හිතෙන්නේ ඔබට සිංහලෙන් ටයිප් කිරීම ඉක්මනින් ඉගන ගන්න එක සුළු දෙයක්. මොකද ඔබ මට මුලින්ම දාපු කමෙන්ටුවේ සිංහල හරියටම type කරල තිබුනා. මම ඒ තිබුන අකුරුම තමයි සිංහල යුනිකෝඩ් වලින් type කරන කොට ඔබ ලියල තිබුන කමෙන්ටුව මතුවුනේ. එතන මට හිතෙන්නේ වෙලා තියෙන්නේ ඔබ Unicode වලට මාරුවෙන්නේ නැතුව type කරල වගේ. ඔබට හැකියාවක් තිබේනම් හා අකමැත්තක් නැත්නම් මට email එකක් එවන්න පුළුවන්ද dguruge@gmail.com ලිපිනයට ඔබගේ පරිගණකයට යුනිකෝඩ් ස්ථාපනය කරලද නැද්ද කියල, එහෙම ඔබගේ email ලිපිනය දෙන්න පුළුවන් නම් මට පහසුවෙන් ඔබට සිංහල ටයිප් කරන හැටිත් හදුන්වාදෙන්න පුළුවන්...
ReplyDeleteනියමයි... නියමට විස්තර කරලා තියනවා...
ReplyDeleteකෙටියෙන් සහ උපරිමයෙන් විස්තර කියවෙලා තියෙනවා.
ReplyDeleteකොහොමත් මේ දිනවල ලෝකයේ වැඩිම අවධානය යොමුවෙලා තියෙන රට පිළිබඳ අවබෝධයක් ලබා දීමට කරපු උත්සාහයටත් හැමදාම වගේ ස්තූති කල යුතුමයි.
ඒ වගේම එරටෙහි පවතින දේශපාලනික තත්වයන් විග්‍රහ කිරීම අසීරු තත්වයක් යටතේ ඔබ විසින් එය බාහිර පාර්ශ්වයක වාර්තාකරණයක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම අගනේය.
@MaRLaN - ස්තූතියි! ඔබගේ සහයෝගය මා තව තවත් ධෛර්යයමත් කරනවා...
ReplyDelete@``` Outsider``` - ස්තූතියි! ඔබ කියන එක හරි මොන රටක වුනත් දේශපාලනික දේවල් නම් කතා කිරීම ටිකක් ප්‍රවේශම් සහගත වුය යුතුයි...
ReplyDeleteකොහෙන්ද අයියා මේ විස්තර
ReplyDeleteවිමල් ඇමතිතුමා කොන්ඩම් එක ලිව්ව වගේ ලිබියාව්ත් වරද්දලා ලියන කාලේ ගඩාෆි උන්නැහේ උල තියාගනීවි
@රත්ගමයා- සඟරා, පුවත්පත්, රූපවාහිනි වාර්තා, විශ්ව කෝෂ, අන්තර්ජාල තොරතුරු පරිශිලනයෙන් තමයි. (මල්ලි, Big match එක අද නේද? බලන්න යන්නේ නැත්ද?)(මුලින් දාපු කමෙන්ටුවේ රත්ගමයා වෙනුවට මම දාල තිබුනේ ගඩාෆි කියල ඔන්න මම ඒක වෙනස් කරල දැම්මා)...
ReplyDeleteනියම ලිපියක් තොරතුරු බොහොමයක් දැනගත්තා.දිගටම ලියන්න සුභ පතනවා.!
ReplyDelete@සසික නානායක්කාර - ස්තූතියි! හැකි සෑම විටකම සත් සමුදුරට පිය නගන මෙන් මම ඔබටත් ආරාධනා කරනවා...
ReplyDeletedinesh mata computer gena denuma madi.mama win7 dala tiyenne.
ReplyDeletemage email eka-sbkekulawala@live.com
mage laga 2012 loka winasaya gena liyapu lipi keepayak tiyanawa.boho toraturu tiyanawa.mama obata e tika ewanne kohomada.wisatara mata email karanna.
@bandara - මම ඔබට email එකක් එවනවා, එකේ අදාල තොරතුරු ඇතුලත් කරන්නම්..
ReplyDeleteඑල එල ඔහොම යන් ඔහොම යන්..
ReplyDeleteවර්තමානයේ පල වන පුවත්පත් සගරා ආදියේ බහුලව දක්නට ලැබෙන අංගයක් ඔබගේ බ්ලොගයේ ද දක්නට ලැබීම ප්‍රථමයෙන් ම මගේ හිතට ඈතුලු කළේ යම් ආකාරයේ කණගාටුදායක සිතුවිල්ලකි. සමහර විට ඒ මෙතෙක් කලක් මා දුර්ලභ දෑ ම මේ බ්ලොගයෙන් දුටු නිසා විය හැකියි. එහෙත් ලිපියේ ඈති සවිස්තරාත්මක බව පසුව මගේ සිතුවිල්ල වෙනස් කළේය. රටවල් කිහිපයක් ගැන විස්තර මා සතුව ද පවතින අතර ඉදිරියේ දී මා ඒවා ඔබට මේල් කරන්නම්. ඒවගේම ඔබ සිනමාව ගැන ලියන එක අඩු කරන්න එපා කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි.
ReplyDelete@සුදර්ශන බංඩාර හේරත් - ස්තූතිය! ඔහොමම ආයෙත් එන්න...
ReplyDeletegoda kalekin sathsamudurata goda une, aththata kalayak wena rataka indala gedara awa wage danenawa, amuthuwen kiyannna deyak na sathsamudura gana sanhindapamulata, nupurudu thanak nemeine, gedara wage, godagahila thiyena lipi itka mama kiyawannath epai dan, kawadathwagema sathsamudurakma thamai, jeewithakalayama unath sarisaranna puluwan, ithin sahodaraya sinhala thawama dagaththena, ikmanatama damme sathsamudarata mama kawadath kamathi nisa, ithama wadagath deyak thamai sithiyam potha, godak duragamanak yanna puluwan, eaka pahadili, ithin chirath kalayak sinhala bolg awakashaye wajambenna pathanawa. obata jaya.
ReplyDelete@Ami - ස්තූතියි! ඔබ පැවසූ දැනුම් ගබඩාව සත් සමුදුරේ දිනෙන් දින පිරී පවතීවි. ඔබට එයින් නොමිලේ අවශ්‍ය ප්‍රමාණයක් දැනුම ගැනීමටද හැකියාව ඇති බව දන්වමි...
ReplyDelete@උදාර - මම ඔබ සමග කොන්දේසි විරහිතව එකඟවෙනවා. ගොඩක් පුවත් පත් වල හා සඟරාවල රටවල් ගැන අතිරේඛය නම් වරදින්නේ නැහැ. මමත් ලිපිය ටිකක් ලියාගෙන යනකොටත් හිතුවා මේක දානවද? නැත්ද? කියලත්. කොහොම නමුත් ලිබියාව ගැන නම් නොවෙයි මුලින්ම කියන්න හිටියේ. ඒත් අද වන කොට වැඩියෙන්ම කතාකරන රට ලිබියාන නිසා ඒක තෝරාගත්තා. හැබැයි ලිපිය සකස් කරන්න කරුණු එක් රැස් කරන කොටනම් මටම හිතුනා මම මොනවද ලිබියාව ගැන දැනගෙන හිටියේ කියලා. අවංකව කියනව නම් ලිබියාන ගැන දැනගෙන හිටියේ පාලකයා ගඩාෆි බවත්, අගනුවර ට්‍රිපොලි බවත්, ලිබියාවේ තෙල් තිබෙන බවත්, ඇමරිකාව ඉස්සර ඉදන්ම ලිබියාවට පහර දෙන්න දතකට මැදගෙන ඉන්නබව හා තව සුළුකාරනා කිහිපයක් පමණයි. මේකත් සාරාංශයක් පමණයි. ඉදිරියේදිත් අප වැඩියෙන්ම දන්නා රටවල් ගැන ලිවීමට වඩා අදහස් කරන්නේ අප අඩුවෙන් දන්නා රටවල් ගැන ලිවීමටයි.
ReplyDeleteසිනමාව ගැන ලිපි ලියන එක නොකඩවා කරනවා. මොකද මගේ හොදම විනෝදාංශයත් චිත්‍රපටි නැරඹිම තමයි. අනිත් එක ඒ ගැන ලියන එකත් පහසුවගේම හරි සැහැල්ලුබවකුත් තියෙනවා. දැනුත් ලිපියක් සකස් කරල තියෙන්නේ. බොහෝවිට හෙට උදේ ඒක සත් සමුදුරේ තියේවි...
@සංහිඳ පාමුළ - ඉතින් කොහොමද මිතුරේ සැපදුක්. ඔබ ටික කලක සිට සත් සමුදුරේ නොසිටිමේ අඩුව සෑම විටකම දැනුනා. සත් සමුදුර දරා සිටින දැවැන්ත කුළුනු එහෙමත් නැත්නම් සහෝදර බ්ලොග් මිතුරන් කිහිප දෙනෙකුම සිටින අතර සංහිද පාමුල යනු සත් සමුදුර දරා සිටින ස්ථම්භ කිහිපය අතරින් දැවැන්තම ස්ථම්භයක්. එබදු දැවැන්ත ස්ථම්භයත් නැතිවීමේ අඩුව අමුතුවෙන් කිවයුතු නැහැ. 50 වන බ්ලොග් සටහනෙන් පසු සත් සමුදුරේ රළ පහර එසේත් නැතහොත් සත් සමුදුරට ලිපි එකතුවීමේ වේගයද වැඩිවුන බව කිවයුතුයි. ඔබට මම තව තවත් ස්තූතිවන්ත වෙනවා සත් සමුදුරට දෙන අවංක නොමසුරු සහයෝගයට. අපි හැකි සෑම විටකම සාකච්ඡාකරමු...
ReplyDeleteනියමයි
ReplyDeleteඑළකිරි මචං නියමයි..
ReplyDeleteමමත් මෙහෙම සීරිස් එකක් ලියන්න හිතේ තියන් හිටියා ඉස්සර කම්මැළි කම නිසා ඒක අතපහු වුනා.. ඒත් උඹ නියමෙට විස්තර කරල ලියලා තියෙනවා..
ජය වේවා..!!
සරලයි. සමාජ අධ්‍යනය පාඩමක් වගේ . වැදගත් කරුණු සාරාංශ ගත කර ඇති අයුරු හරිම අපුරුයි. ඔබේ අනිත් ලිපිත් කියවන්නට හිතුනා.
ReplyDeleteචමිලා
තාරක Dilsh@n - Thanks! හෙට සිනමාව ගැන පොඩි ලිපියක් ඇති බලන්න...
ReplyDelete@සෝරෝ - තෑන්ක්ස් මචං! ඔව් බං මටත් ටිකක් මේ ලිපිය නම් ලියන කොට කම්මැලිකමකුත් ආවා.ඒවගේම හිතුනා මේක දැම්මට වැඩක් වෙයිදැයි කුහුලකුත්. හැබැයි ඇවිල්ල තියෙන ප්‍රතිචාර අනුව නම් වැඩේ ටිකක් අල්ලල යයි වගේ. බලමුකෝ නේ???
ReplyDelete@චමිලා - ඔබ කියපු දේ දැක්කම මට හිතුනේ ඔබ මගේ පාසල් දිවිය ගැන දැන ගෙනවත් කතා කරනවද කියල. ඔව් ඔබ හරි මේක ටිකක් සමාජ අධ්‍යයන ලිපියක් වගේ තමයි. ඒවගේම මගේ පාසලේ සාමාන්‍ය පෙල කරන කාලේ හොදම සහ මට වැඩියෙන් ලකුණු ගන්න හැකිවුන විශයකුත් ඒකයි. ඒ වගේම මගේ මවත් සමාජ අධ්‍යයන ගුරුවරියක්. ඒනිසාත් මේ විශයට යම් නැඹුරුවක් තිබුනා. අනිත් ලිපිත් කියවන්න. ඒ වගේම ඔබගේ යම් අදහසක් වේ නම් වෙනස් විශය ධාරවක ලිපිත් සත් සමුදුරට එකතු වුනා නම් හොදයි කියා ඒකත් කිවුවොත් තව වෙනස් දේවල් සත් සමුදුරේ දැකගත හැකිවේවි...
ReplyDeleteගොඩාක් මහන්සිවෙලා ලියලා තියෙනවා එල
ReplyDelete@මෝල්ඩර් ෆයිල්ස් - ස්තූතියි! ටිකක් මහන්සිවෙන්න වුනා...
ReplyDeleteithama wedagath lipiyak, stuti obata,
ReplyDeleteWasantha Perera, Rome
ඔන්න මගෙනුත් මනාපයක්,
ReplyDeleteදැනුම බෙදා ගන්නවා කියන්නේ ලොකු පිනක්.
මගෙනුත් ඕන ම උදව්වක්.
ගයාන් ගයා ශ‍්‍රී ගමගේ.
නෙත් එෆ්.එම්.
@Wasantha Perera, Rome - ස්තූතියි! ඉදිරියේදිත් සත් සමුදුරට ගොඩවෙන්න...
ReplyDeleteගයාන් ගයා ශ‍්‍රී ගමගේ (නෙත් එෆ්.එම්.) - ස්තූතියි! ඔබට හදුනාගන්න ලැබීමත් සතුටුයි.ඉදිරි ලිපි බලන්නත් සත් සමුදුරට එන්න. අපි ඉදිරියේදිත් කතා කරමු...
ReplyDeleteලිබියාව ගැන ලොකු විස්තරයක් දැනගත්තා. ස්තුතියි වෙනදා වගේම. ගඩාෆි ඇත්තටම ලිබියාවට වැඩ කරලා කියලා තේරෙනවා මේව කියවද්දි. ඒත් ගඩාෆිව අර විදිහට මරලා දාන්න තරම් එයා කරපු වැරදි මොනාද කියලා පැහැදිලිව කොතනකවත් නෑ. ඒ ගැනත් දැන ගන්න ඕනේ. ඇමරිකාව ඇතුලු රටවල් වල ඇම කන්න තරම් අර මිනිස්සුන්ට ගඩාෆි එපා උනේ ඇයි?
ReplyDelete@බුද්ධි - ස්තූතියි! ගඩාෆි ලිබියාවේ දියුණුව වෙනුවෙන් වැඩකලා.ඇත්තටම ලිබියාව යම් දියුණුවක් අත්පත්කරගෙන සිටිනවා නම් එහි ගරුත්වය හිමිවියයුතුවන්නේ ගඩාෆිට කියන එක මගේ නම් හැගීම. හැබැයි ඔහු ඒකාධිපති පාලනයක් ගෙන ගිය බව තමයි කියන්නේ. කිසිදු ආකාරයකින් ජනතාවගේ මතයකට ඉඩ නොදුන්බව කියන අතරේම ලෝකයේ 70/80 වගේ දශකවල මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානවලට නොමසුරුව ආධාරකල බවත් කියනවා. ඉතින් ඒ වගේම බටහිර රටවල් කිසිසේත් නොතකන වගේම හිතුවක්කාරී පාලනය තමයි බටහිර රටවලට ලිබියාවට අතපොවන්නට හේතුවුනේ. ඔවුන්ට ඒ නිසා ගඩාෆි අරහං වුනා වගේම ඒ රටේ මිනිසුන්ට ඔහු විකාර වැඩ කරමින් තමන් පාග ගෙන සිටින එක එපාවෙලා තිබුනේ. මේ අකමැතිකම් දෙක එකට එක්වීමෙන් තමයි ඔහු මුලින් බලයෙන් නෙරපා දමන්නත් දෙවනුව ඔහුගේ මරණය සිදුකරන තැනට තල්ලුවෙන්නටත් හේතුවුනේ. ඒක මගේ අදහස. සමහරවිට වෙනස් අදහසුත් තියෙන්න පුළුවන්...
ReplyDeleteඔබට බොහොම ස්තුතියි..........
ReplyDeleteමමත් මේ ලිපියෙන් ලිබියාව ගැන ගොඩක් දේවල් දැන ගත්ත.දිනේශ් අයියට ස්තුතියි.මටත් තියෙන්නේ බුද්ධි අයියට තියන ප්‍රශ්නයම තමයි....ලිබියාවේ මිනිස්සුන්ට ගඩාපිව මේ තරම් එපා උනේ ඇයි...?
ReplyDeleteGreat work nice an d nice
ReplyDeletemama thama lipiya kiyewwe nehe ....comment tika nam kiyewwa ...lipiya passe kiyawanna bookmark ga gannawa .....gigatama liyanna ....tc
ReplyDeleteVery good..keep it up
ReplyDeleteqwer
ReplyDeleteගඩාෆිව මරා දැමුවේ ඇයි? මෙතරම් සේවයක් කල ගඩාෆි සිය රටේම කැරැල්ලක් මගින් කෲර ලෙස වධබන්ධනයට ලක්වී මිය ගියේ ඇයි සහ ගඩාෆිගේ අවසන් කැමති පත්‍රය ගැන වැදගත් ලිපියක් මෙන්න.
ReplyDeletehttp://www.divaina.com/2011/10/28/feature02.html
අහම්බෙන් වගේ මේ බ්ලොග් එකට ආවෙ. ගොඩාක් වටින තොරතුරු තියනව කියල හිතෙනවා. දිගටම මෙවෑනි ලිපි පලකිරිමට ශක්තිය ධෙයිර්ය ලබේවා !!!!!
ReplyDelete@දිනේශ්,
ReplyDeleteඉතාම සාරගර්භ ලිපියක්. ලිබියාව ගැන බොහෝ දේ මෙතනින් දැන ගත්තා. සිංහල විකිපීඩියාවට මේ ලිපිය අතුළු කරන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම බුද්ධි ඉහතින් දැක්වූ දිවයින විශේෂාංග ලිපියෙන්, ගඩාෆිව ලිබියානු ජනතාවට එපාවුනේ ඇයි කියන කරුණ මනාව පැහැදිලි කරනවා.
මට වැටහී යන අකාරයට නම් ගඩාෆි තමන් ගැන අධිතක්සේරුවක ඉඳලා තියෙනවා. ඔහුගේ අනම්‍යශීලී රාජ්‍ය ප්‍රතිපත්ති සහ අනතුර පෙනි පෙනීත් ඒගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොපෙළඹීම නිසා ඔහුට මේ ඉරණම අත් වුණා කියලයි මට නම් හිතෙන්නෙ. නො එසේනම් යුරෝපීය රටවලත් බුද්ධි අංශ මෙහෙයුම් හා ඔත්තු සේවා ක්‍රියාත්මක කළ, 45000 ක හමුදා බල ඇණියක් පාලනය කළ ලිබියානු නායකයෙකුට, අවසානයේදී ජීවිතාරක්ශාව සඳහා උමගක් තුළ සැඟවීමට සිදුවන්නේ නැහැ.
bohoma sthuthie yaluwa oya mee wage lipi pelak dana eka gena
ReplyDeleteඅද තවත් අළුත් විශේෂාංගයක් ආරම්භ කරනවා. මේකට ලබා දෙන ලේබලය විදියට නම් කලේ සිතියම් පොත කියලා. අපි නමින් දන්නා හා තවත් සුළු කාරනා ටිකක් පමණක් දන්නා රටවල් රැසක් පිළිබදව කතා කිරීමට තමයි බලාපොරොත්තුවෙන්නේ. home textile sourcing , buying agents for home textiles ,
ReplyDelete