-->

About Me and Blog

මම දිනේශ් දීපාල්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විදුහලට. දැන්නම් පදිංචිය නුවර. මේ සත් සමුදුර බ්ලොග් එක නම් මම බලාපොරොත්තුවෙන්නේ කාටත් සරලව තේරුම් ගන්න පුළුවන් විදියට කරන්න. ඒක නිසා මෙයට භාවිතා කරල තියෙන් භාෂාව නම් ටිකක් සරල බවක් දැනේවි. විටෙක ලියන භාෂාවෙනුත්, තවත් විටෙක කථා කරන භාෂාවෙනුත් තියේවි. ඒවගේම සිංහල, ඉංග්‍රීසි භාෂා මුසු වීමකුත් දක්නට ලැබේවි. නණලළ භේද සහ ව්‍යාකරණ දෝශ සහ වෙනත් අතපසුවීම් තිබුනොත්, ඒව ගැන ඔබලා මා කෙරෙහි කාරුණිකවෙන්න කියලත් ඉල්ලනවා.


මම තවත් දෙයක් කියන්න ඕන මේකේ මාතෘකා විවිද ඒව දාන්න හිතාගෙන ඉන්නවා. හැබැයි කාගෙවත් හිත රිදෙන දෙයක් නම් දැනුවත්ව දාන්න කිසිදු අදහසක් නැහැ. ඒ වගේම මේ‍කේ ලියල තියෙන සමහර මාතෘකා මම ලියන්න ඉස්සරවෙලා තව කෙනෙක් වෙන බ්ලොග් එකක පල කරල තියෙන්නත් පුළුවන්. ඒකත් සැලකිල්ලට ගෙන මම ටිකක් වෙනස් කෝණයකින් මෙහි පලකරන දේවල් සකස් කරන්න තමයි බලාප‍රොත්තුවෙන්නේ.

ඒ වගේම ඔබලාටත් ඕනෑම අදහසක් සත් සමුදුර බ්ලොග් එක ගැන මට දන්වන්න සෑම විටකම ඉඩකඩ ලබා දීල තියෙනවා. ඒක විවේචනයක්, ප්‍රශංසාවක් වගේම අළුත් අදහස්, එහෙමත් නැත්නම් මොනවද තව එකතු කරන්න ඔන වගේ දේවල් හෝ ඔබට හිතෙන ඕනෑම දෙයක් comments විදිය‍ට හරි මගේ පහත දැක්වෙන email ලිපිනවලට හරි නාමිකව හෝ නිර්නාමිකව දන්වන්න. ඒක මට ඔබලා විසින් ලබාදෙන විශාල සහයෝගයක්.

Email : dguruge@yahoo.com  හා  dguruge@gmail.com

මේකේ පලකරන තාක්ෂනික ලිපි වලදී මම ඊව අදාලවන එය භාවිතා කරණ ආකාරය වගේ දේවල් වැඩිය මේකේ විස්තර කරල නැත්තේ ප්‍රායෝගිකවම ඔබම එය භාවිතා කරල තව අළුත් දෙයක් ඔබටම සොයා ගැනීමේ ඉඩප්‍රස්තාවක් ලබා දීමටයි. කොසේ වෙතත් ගැටළුවක් පැන නැගුනොත් මට ඉහත දැක්වුලෙස දන්වන්න.

අවසාන වශයෙන් තව කාරණ කිහිපයක් කියන්නම් මගේ බ්ලොග් කරණයට මම ගුරුහරුකම් ගත්තේ මා මිතුරු ප්‍රියන්ත මහතාගෙන්. ඔහු තමයි මගේ මතක බ්ලොග් එක ලියන්නේ.ඒ වගේම මම මුලින් මෙම බ්ලොග් එක වෙන නමකින් Register කරල වසරක් විතර එක බ්ලොග් එකක් වත් ලියන්න කිසිදු උත්තේජනයක් නැතුව ඉන්නකොට, ඒ දෙය ලැබුනේ Hackrish ගේ බ්ලොග් එකක් දැකල. ඒ වගේම මගේ බ්ලොග් එක බලන්න මුලින්ම ආවෙත් ඔහුයි. ඒ දෙපලටම මගේ විශේෂ ස්තූතිය හිමිවන අතරම සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදී සිටින සියළු දෙනාටමත් ස්තූතිය පුද කරන්න කැමතියි. මන්දයත් විවිද මාතෘකා පිළිබදව මම ඔවුන් ලියූ බ්ලොග් වලින් ලද දැනුම පෝශනය ඉහලයි. ඒවගේම මට හිතෙන දේ තමයි ඉදිරියේදී නවකතාකරුවන්, කෙටිකතාකරුවන්,කවියන් ලොව වටා පුවත් අපට ලබාදෙන්නන් හා විවිදාකාරයේ ලේඛකයන්ගේ තිඹිරිගෙය බ්ලොග්කරණය වේවි කියලයි.

ස්තූතියි, පසුව තව වැදගත් කරුණු මතක්වුන වහා දන්වන්නම්.