Saturday, May 14, 2011

ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana

මිනී පෙට්ටියක් කියූ සැනින් ඔබටත් මටත් මරණය හා සමානම චකිතයක් සිතට දැනෙනවා නිසැකයි. එය ‍‍බොහෝවිට මානසිකව අප මරණයට දක්වන බිය නිසාම ඇතිවන්නක්වන්නටත් ඇති. ඒනීසා එහි ලස්සනක් අපිට නොපෙනෙනු නිසැකයි.ඒවගේම ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන මිනී පෙට්ටිය පෙට්ටියක් ආකාරයේ එකක් වුවත් ඒවායේ මිල ගණන් නම් ඒ ඒ තරාතිරමේ අයට සරලන ආකාරයෙන් ඒවා නිෂ්පාදනය කරන්නන් දක්වන බවත් ඔබ සැම දන්නවා ඇති.

එහෙත් අප්‍රිකානු රටක් වන ඝානාවේ Ga කියන ජන කොට්ඨාශය සිය අවසන් නින්දට වැටුන සහෘදයා වෙනුයෙන් භාවිතාකරන්නාවූ මිනී පෙට්ටිය, මෙම පොදු සාධකය වන පෙට්ටියක හැ‍ඩයෙන් පරිභාහිරව වෙනස් වෙනස් හැඩයන් එසේත් නැත්නම් අප ජීවත් වන ලෝකයේ අප භාවිතා කරන හෝ වෙනත් සත්ව රුවකින් එසේත් නැත්නම් පළතුරක හැඩයකින් හෝ වෙනයම් විවිද විවිද හැඩයන්ගෙන් මිනී පෙට්ටි නිපදවන බව ඔබ දන්නවාද? ඔවුන් එසේ කරන්නේ නිකම්ම ආවාට ගියාට කැමති හැඩයකින් එම මිනි පෙට්ටි තෝරා ගැනීම නොව ඔහු හෝ ඇය ජීවත්ව සිටින විට කරන ලද්දා වූ වෘත්තිය පදනම් කොට ගෙන හෝ එම මිය ගිය අයගේ සිහිනයක්ව තිබූ දෙයක්, විනෝදාංශයක් හෝ එම මලගිය ප්‍රාණකාරයාට යම් සම්බන්ධතාවයක් තිබූ දෙයක් මත එම මිනී පෙට්ටිය තෝරා ගනු ලබයි. ධීවරයෙකුගේ නම් මාළුවෙකුගේ හැඩය ඇති මිනී පෙට්ටියක් වන්නට හෝ බෝට්ටුවක හැඩය ගන්නට බොහෝවිට ඉඩකඩ තිබෙන අතර දඩයම්කරුවෙකුගේ නම් ඔහු වැඩියෙන්ම දඩයම් කල සතාගේ හැඩය ඇති මිනී‍ පෙට්ටියක් වන්නට පුළුවන. ගොවියෙකුට ඔහු ජීවත්ව සිටින විට වගා කල බෝගයේ හැඩය ඇති මිනී පෙට්ටියක් ලැබෙනු ඇත. රියදුරෙකුට ඔහු පැදවූ රථයේ හැඩය ඇති පෙට්ටියක් බොහෝවිට ලැබෙනු ඇත.

එහෙනම් අපි ‍එම මිනී පෙට්ටි කිහිපයක රූප දකින අතරේම ඒ ගැන තව ටිකක් කතා කරමු.

t is believed that the unusual coffins originated in Teshi, a fishing community on the outskirts of the capital Accra. A fisherman would be buried in a fish coffin, a design inspired by the hulls of fishing boats and canoes in the area.

මෙම උකුස්සාගේ හැඩය ඇති මිනී පෙට්ටිය ඔවුන්ගේ ජන නායෙකුයකුට තනන ලද්දකි.
Ghanaians are well known for their elaborate coffins, such as this one prepared for a chief. The tradition is especially strong among the south-eastern Ga people. An exhibition of their coffins has just opened at the Jack Bell Gallery in London.
සොහොයුරන් දෙපලක් විසින් 1951 දී මෙම ගුවන් යානය තනා ඇත්තේ  සිය 91 හැවිරිදි මිත්තනිය වෙනුවෙන් වන අතර ඇය කිසිදා ගුවන් ගමනක යෙදුන තැනැත්තියක් නොවේ. එහෙත් ඇගේ සිහිනයක්ව තිබී ඇත්තේ කවදා හෝ ගුවන් ගමනක නිරතවීමයි. නමුත් ඇයට ජීවතුන් අතරදී එය සිදුකර ගත නොහැකිවූ සිහිනයක් නිසා ඇය වෙනුවෙන් මෙම තනා ඇත.

The earliest example of these types of coffins was made in 1951 by two carpenters, Kane Kwei and his brother Adjetei. They made this coffin for their 91-year-old grandmother, who had never flown in a plane but told them she had often day-dreamed of flying.


Burials are seen as part of ancestral worship. The Ga people believe that a spirit cannot join the celestial family until it has undergone the appropriate burial rites.
එරට ධනවත් ව්‍යාපාරිකයන් බොහෝමයකගේ දේහය බහා තබන්නේ මෙවැනි සුකෝපභෝගී බෙන්ස් රථ ආකාරයෙන් තැනූ මිනී පෙට්ටිවල බව පවසයි.
Businessmen are often buried in a luxury Mercedes coffin. For a Ga, it is better to incur a lifetime of debts than cut back on funeral expenses. Photos by Richard Hamilton and Guy Lowndes

















කෙසේවෙතත් මෙම අලංකාර මිනී පෙට්ටි දැන් නම් එරට අවමංගල්‍ය කටයුතු වල මෝස්තරයක් බවට පත්ව තිබෙන අතර සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගන්නා කරුණක් බවද පැවසිය යුතුය. මිල කොපමණ වේදැයි දන්නවාද?  මෙම ලස්සන මිනී පෙට්ටියක මිල $ 400 ක් පමන වන අතර එය එරට වැසියෙකු‍ගේ වාර්ශික වැටුපට සමාන බවද අවසන් වශයෙන් කිව යුතුය...

11 comments:

  1. මේක නම් නියමයි.මොකද්ද තෝරගන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ මම්.හ්ම්ම්...සෙල් ෆෝන් එක හොදා.:)

    ReplyDelete
  2. මරු පෙට්ටි ටික අප‍රාදෙ වල දාන්නෙ...

    ReplyDelete
  3. මේවා වල දාන්න දුකයි ගෙනල්ල ගෙදර තියා ගන්න හිතෙනව

    ReplyDelete
  4. මේ වගේ දෙයක් මේ ඇහුවමයි...

    ReplyDelete
  5. රසවත් ලිපියක්. මේ පෙට්ටියක් හදන්න කීප දවසක් යනවා ඇති. එතකම් මිනිය තියා ගන්නවද මන්ද.

    ReplyDelete
  6. @නදී...,``` Outsider``` ,buwa, prasanna86k & Bindi - මේක ඔවුන්ගේ සංස්කෘතිකමය අංගයක් ‍වෙන්නට ඇති. කෙසේවෙතත් ඝානාව ලෝක ප්‍රසිද්ධියක් මේ සම්බන්ධයෙන් උසුලනවා...

    ReplyDelete
  7. මටත් ඔයින් එකක් ගන්න ඕනා...ඊබේ එකේ තියේද දන්නේ නෑ

    ReplyDelete
  8. @රත්ගමයා - බැරිවෙන එකක් නම් නැහැ. හැබැයි මොන හැඩේ එකක්ද ගන්නේ...

    ReplyDelete
  9. වටින ලිපියක්. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete