Monday, June 10, 2013

දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය -

ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි. මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්‍ය දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්. හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. 

මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි. ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.




ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.

තවත් දෙයක් නම් මෙම යාත්‍රාවේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.

මෙන්න මේ වෙබ් අඩවියේ මේ ආකාරයේ හැඩරුවක් වගේම තවත් වෙනස් ආකාරයේ හැඩ රුව ගන්නා බෝට්ටු නිර්මාණය කරනා බව ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි.
http://www.yachtislanddesign.com/

Wednesday, June 5, 2013

සමහර විට මේ වාහන තිබෙන්නට ඇත්තේ ලෝකයෙන්ම එකක් විය යුතුය...

ඔබට අද මා පෙන්වන වාහන අමුතුය. බොහෝවිට ලෝකයේ මේ ආකාරයේ වාහන තිබෙන්නට ඇත්තේ එකක් වන්නටත් පුළුවන. බොහෝවිට නිර්මාණාත්මක අදහසක් එළිදැක්වීමට හෝ තමන් ජීවත්වන්‍
පළාතේ පරිසර තත්ත්වයන්ට ඔබින ආකාරයට නවීකරණය කළා වන්නටත් පුළුවන්.

කොහොමවුනත් දුර්ලභ ගණයේ මෙන්ම ඇතැම්විට විකාරරූපී ආකාරයක් ගත් මෙම වාහන පසුකාලීනව වෙනත් ආකාරයේ වාහන බිහිකිරීමටත් උපකාරී වන්නටත් ඇති යයි සිතේ.



















තවත් දෙයක් නම් මෙවන් ඇතැම් නිර්මාණ ප්‍රදර්ශනාත්මකව යොදාගන්නට මිස ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාවන් අවම වීමද බොහෝවිට වන දෙයකි. උදාහරණයක් ලෙස මිනිසා විසින් සිදුකර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හෙවත් Big Ivan ද එසේ ප්‍රදර්ශනයට මිස ප්‍රායෝගිකව භාවිතය අපහසු නිපැයුමකි.