-->

Thursday, July 5, 2012

දෙව්ලොව අසිරිය මිහිපිටට රැගෙන ආ සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය

සත් සමුදුරේදී බොහෝ විට ඔබ දැක ගත්තේ විදේශීය රටවල ඇසට ප්‍රිය දසුන්. එහෙත් අද ලිපියෙන් ඔබට දැක ගැනීමට සලස්වන්නේ අපේ රටේ ඉදිකරන ලද අතිශයින්ම අලංකාර බෞද්ධ පූජනීය ස්ථානයක සේයාරූයි. මෙම පින්තූර අයත්වන්නේ පොල්ගහවෙල, මහමෙව්නා භාවනා අසපුවේදී පසුගියදා විවෘත කරන ලද සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගයටයි.

අලංකාර බුද්ධ ප්‍රතිමා, අලංකාර හැඩයක් ඇති ‍ගොඩනැගිල්ලක් වගේම ඇසට ප්‍රිය උපදවන මල්කම් කැටයම් මෙන්ම විවිද දේවරූප සහ සත්ත්ව රූප වලින් යුත් කැටයම් වලිනුත් මෙම ගොඩනැගිල්ල ආකර්ශනීය බවක් ගෙන තිබෙනවා.




අපේ රටේ පෙර රජදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් හා දායකත්වයෙන් ඉදිකරන ලද රජමහා විහාර ඇතත් වර්ථමානයේ විහාර පන්සල් ඉදිවන්නේ ඉතාම අඩුවෙන්. එවන් වකවානුවක කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මගපෙන්වීමෙන් මෙවැනි අතිඅලංකාර වගේම ශ්‍රද්ධාව හිතට ඇති කරන විහාර මන්දීරයක් තැනීම ප්‍රශංසනීයයි. මෙම පෙන්වන අලංකාර පින්තූර වලට අමතරව මහමෙව්නාව වෙබ් අඩවියේත් තව පින්තූර රැසක් තිබෙනවා. ලිපියේ අවසානයේ එම පින්තූර මෙන්ම මෙම විහාර මාලිගාව පිළිබද තොරතුරු වලට පිවිසිය හැකි මගත් සටහන් කරන්නම්...



















http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/
http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/ssrm_opnc/?nggpage=6
http://sinhala.mahamevnawa.lk/sri_sambuddha_raja_maligawa/gallery-c-p-06/

38 comments:

  1. සාධු!! සාධු!!
    මහමෙව්නා අසපුවෙන් බුද්ධාගමේ චිරස්තතියට ඉටුවෙන්නේ වැදගත් මෙහෙයක් කවුරු කොහොම දැක්කත් .සමහරුන්ට ඒක බලන් ඉන්න අමාරුයි.

    ReplyDelete
  2. ස්තූතියි දිනේෂ්. හරිම ලස්සනයි.

    මේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය ටිකක් වෙනස් නේද? මට මේ ෆොටෝ ටිකෙන් ලැබෙනවට වැඩිය නිවැරදි අදහසක් ඔබට ඇති ඒ සම්බන්ධයෙන්. ඒකයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ දේම හිතුනා .

      Delete
    2. මගේත් සිත මෙතරම් මේ පිළිබදව ඇද ගන්නට හේතුවුනේත් මේ වෙනස් ආකාරයේ ගොඩනැගිල ආකෘතියයි. ඒ වගේම මට හිතෙන විදියට නම් තායිලන්තය වගේ රටවල තිබෙන්නෙත් මෙවැනි ආකාරයේ පන්සල් නේද? මම මේ අහිතකට කියනවා නෙමෙයි. මේ ගොඩනැගිල හා අනෙකුත් අලංකාර කටයුතු දේවල් මහායාන පන්සලක හැඩරුව ටිකක් ගන්නවා වගේ කියලා හිතෙනවා. කොහොම වුනත් මොන ආකාරයේ සම්ප්‍රධායක් වුනත් මිනිසුන්ගේ සිත් සුවපත් කරන, අනෙකා ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් හිතනපතන මිනිසුන් බිහිකරනවා නම් ථෙරවාදීද, මහායානද කියලා වර්ග කළ යුතු නැහැ...

      Delete
    3. මාත් නොකිව්වට දැක්ක ගමන් මතක් වුනේ තායිලන්තේ . මන් පුද්ගලිකව අකමැතියි රත්තරන් පාටට .අපේ වගේ තද හිරුරැස් ඇති රටකට ගැලපෙන්නේ නැහැ . අනික චිත්ත සමාධියක් ඇති වෙන්න සෞමය වර්ණ ඕන . මගේ පුද්ගලික අදහස.

      Delete
  3. මේක ටී වී එකේ දැකපු වෙලාවෙම හිතුවා බලන්න යනව කියලා. ඔයාගෙ පෝස්ට් එකෙන් ඒ ආසාව තවත් වැඩි වුණා. න්ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  4. අනේ වාසනාවන් !

    ගෘහ නිර්මාණ ශිල්පය සාම්ප්‍රදායෙන් මිදිලා නේද ? ඒකත් හොඳයි එක අතකට..

    ReplyDelete
  5. හොදා හොදා හොරක0 කරන දේසපාලනයයි සෑපවිදින ආගමයි ඵකට ඵකතුවෙච්ච වටිනා මොහොතක්.
    බුදුදහමට විතරක් නොවෙයි ලෝකේ කොයි ආගමේ හරයකට උනත් මේවගේ වෑඩ ගෑලපෙන්නෑ.
    නමුත් දෑන් තියෙන්නේ ඵ් ඵ් ආගමීක සාස්තෘවරුන් දෙසූ දහමවල් නෙවෙයි නිසා ඔයවගේ වෑඩ තමා ඉස්මතුවෙලා තියෙන්නේ.
    දෑන් තියෙන්නේ සෑම ආගමකම බඩගෝස්තරවාදී හා බලලෝබී ගෝත්‍රවාදී ආගමීක නායකයන්ගේ හා උන්ගේ හාම්පුතුන් වන කපටි දේසපාලුවන් විසින් උන්ගේ වාසියට නිර්වචනය කරහදාගත් උන්ගේ ආගමකි!!!!!!!!
    දෑන් සමහර අන්දබක්තිකයන් හම්බයෙක් ක්‍රිස්තියානියෙක් කියලා බනීවී,
    ඈත්තටම ආගම කියන ඵක ලෝකයේ මුලින්ම හොදටම ගනිකාවෘතියේ යෙදෙව්වේ ක්‍රිස්තියානීන් හා මුස්ලිමුන් තමයි.ඵ්ක දෑනටත් ඵහෙමයි.
    අපේ නිර්මල බුදුදහමත් ඵ් තත්වේයට වෑටීම ගෑන දුකයි.
    -චාලි

    ReplyDelete
    Replies
    1. මමත් ඇනොගේ කතාව සමග එකගයි ...

      Delete
    2. ඇනෝ: සිය නැණ පමණින් දකින්න. සන්සුන් වන්න. ඔබට බැනවැදීම් අනවශ්‍යයි.

      Delete
    3. ඇතුලට ගිහින් බලන්න. ඇත ඉඳං නොදකින බොහොම දේවල් දකින්නට පුළුවන් වේවි. ඈත ඉඳං බනිනවට වඩා සියසින් දැකල කියන දේ නේද ඇත්ත වෙන්නේ...

      Delete
    4. ඔබේ කතාවෙ බොහො දෙවල් වලට මම එකගයි.."හොරා කන දෙශපාලනය හා සැප විදින ආගම එකට එකතු වීම" හොද උපමාවක්. අපේ මිනිස්සුන්ව රවට්ටන්න හරි ලෙසියි. පන්සල නම් ලස්සනයි. බුදු පිලිම හා අනෙකුත් කැටයම් අලන්කාරව කර තිබෙනවා. එත් මේක දිනේශ් කිව්ව වගේ මහායාන සම්ප්‍රදායට බරවු නිර්මානයක්. අපෙ රටෙ සමහර හාමුදුරුව‍රැ උත්සහ කරනවා මහායාන සම්ප්‍රදායට යන්න. මහයාන සම්ප්‍රදාය අනුව හමුදු‍රැ නමකට විවාහ වෙන්න උනත් පුලුව්න් කියල මම අහල තියෙනවා. දැන් බහුතරයක් හමුදුරුව‍රැ බුදුන් දෙශනා කර මද්යම ප්‍රතිපදාව හා ජිවත් වීමට අවශය මට්ටමෙ සැප සම්පත් පමනක් භුක්ති විදීම අතහැර ඉමහත් ලෙස සැප විදිමටම ලොල් වෙලා ඉන්නේ. මට මේ පන්සල දැක්කම ඇති වෙන්නෙ මිශ්‍ර හැගිමක්.

      Delete
    5. .අපිට මහායාන බුදුදහම ගැන තියෙන්නේ හරිම දැනුමක්ද කියල මට හිතුනේ නැගෙනහිර ආසියාවේ කරක් ගහන්න ගත්තට පස්සේ . කියන තරම් යකා කළුත් නැහැ . හැබැයි අපේ අය මෙහි තියෙන ලෞකික පත්ටැහැ විතරක් බාර ගත්තොත් නම් වැඩේ වරදියි

      Delete
    6. මුදිත ඒකනායකJuly 10, 2012 at 4:59 PM

      AnonymousJuly 5, 2012 3:52 PM කමෙන්ටුව සම්භන්ධයෙනි අපි හිතමු ඔබ බෞද්ධ කියලා. ඔබ තුමා යන තැනකට දෙයක් කරගෙනද ඉන්නේ අනුන්ව විවේචනය කරන්න පෙර තමා දිහාම බලන්න. තමන් කල කුසල කර්ම තුනක් සිහි කරගන්න. දැන් මේ ටිකත් කියවලාබලන්න.

      මම ඇත්තටම මහමෙවුනා අසපු අනුගාමිකයෙක් නොවේ. නමුත් බෞද්ධයෙක්. මම මහමෙවුනා අසපුව මගින් සංවිධානය කල පුන්‍යකර්ම කිහිපයකටම සහභාගී උනේ මගේ මිත්‍රයන්ගේ දැඩි ඉල්ලීම මතයි. එතන වැඩක් කරන විට ඇතිවන ස්‍රද්ධාව වචනයෙන් විස්තර කරන්න අපහසුයි.

      පුළුවන්නම් ඔබගේ වටිනා කාලයෙන්, එක් දිනක් කැපකර මහමෙවුනා අසපුවේ භාවනා වැඩසටහනකට හෝ සීල වැඩසටහනකට සහභාගී වී උපේක්ෂා සිතින් ඉන්න. එය මාගෙන් ඔබට අභියෝගයකි.
      (දොදොල් කළු කැත තෙල් බෙරේන දෙයක්, ඒ පළමුව ආහාරයට ගැනීමට පෙර)

      ප.ලි

      ඔබ විවේචනය කල ආකාරයට මට හැගෙන්නේ ඔබ අන්‍ය ආගමිකයෙන් නොවේ නම් හැමදේම විවෙචනය කරන නමුත් කිසිවක් කල නොහැකි අන්තවාදියෙකු බවයි.

      Delete
  6. ඇනෝ කියන දේ ගෑන නම් මට එතරම් පෑහෑදිලි නෑ,ඒත් මේක කියන්න ඕන බුදු සසුන වෙනුවෙන් රුපියක් හරි පුජා කිරිමට හෑකිනම් එය පිනක්,
    වර්තමානයේ අප කල යුත්තේ නොමග යන මිනිසුන්ට ගරහා ක්‍රෝද සිත් ඇතිකරගෙන අපද පවුපුරවා ගන්නේ නෑතුව,අප නිවෑරදි මග ගමන් කිරීමයි,යමෙක් වෙහෙර විහාර සාදයිද හෑකිපමන අප උප කරකිරීම මෑනවි,යමේක් ඒ මාර්ගයෙන් දනය සොරකම් කරයිද ඔහු කරන ලද කර්මයට ඔහු විපාක ලබනු ඇත,කෙනෙක් වෑරදි කලා කියා අප දඩුවම් කල යුතු වන්නේ නෑත,ස්බාවිකවම එය ලෑබෙනු ඇත.

    ReplyDelete
  7. සාදු සාදු සාදු ! නමෝ බුද්ධාය...

    ReplyDelete
    Replies
    1. නමෝ බුද්ධාය...

      Delete
  8. මෙවැනි පිංකම් දැකීමෙන් ආකාරවතී ශ්‍රද්ධාවත් එයින් ප්‍රඥාව ඇතිකරගැනිමේ මාර්ගයට අවතීර්ණ වීමටත් උත්සුක විය යුතුයි. මෙවැනි පිංකම් හරහා ලක්වාසී ලෝකවාසී බෞද්ධයන් ආමිෂ පූජාවට නැඹුරු කරවීම වටිනවා. ඒකෙන් ප්‍රතිපත්ති පූජාවට යොමු වෙනවා නම් තවත් හොඳයි

    ReplyDelete
    Replies
    1. මගේ පෞද්ගලික අදහස ප්‍රතිපත්ති පූජාවෙන් තොර ආමිස පූජාව ඵලරහිත බවයි

      Delete
    2. ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් යන දෙකින් එකක් ඉදිරියට එන්නෙ නෑ කියලයි මම දන්නෙ..... හසිත ට පුලුවනි ඒක හරි විදිහට පැහැදිලි කරන්න.....

      Delete
    3. @ හරී, බුද්ධි

      …මෙන්න දේවාලේගම මේධානන්ද හිමියන් ඒ ගැන කරන හොඳ පැහැදිලි කිරීමක්

      …http://www.lakehouse.lk/budusarana/2012/02/07/PrintPage.asp?REF=vision04

      Delete
    4. ස්තුතියි හසිත මහත්මයා :)

      Delete
  9. අපි ජීවත්වෙන්නේ ථෙරවාද බුදුදහමත් එක්ක නමුත් මේ අසපුවල ජීවත්වන සිවුරු පොරවාගත් තවුසන්ට අවශ්‍ය වී ඇත්තේ මහායාන ක්‍රමය අනුව ජීවත්වීමටයි එබැවින් මෙවැනි ප්ර්දර්ශනකාරී සංදර්ශන හෙළාදැකිය යුතුයි

    ReplyDelete
  10. අපිට ඇහැට පුරුදු පන්සලකට වඩා වෙනස් . බලන්න යන්න ඕන . මෙයින් රටට සේවයක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  11. මම බලාපොරොත්තුවුවාට වඩා වෙනස් ආකාරයේ අදහසුත් මෙම ලිපියට ලැබුනා. ඒක නිසා පොදුවේ යමක් කියන්නම්. හරී පවසන ආකාරයට මගෙත් පෞද්ගලික අදහස නම් මිනිසුන් ප්‍රතිපත්තිමය වශයෙන් හොද මිනිසුන් නොවන්නේ නම් පිට ආටෝපය ඇති දෙයින් ඵලයක් නැහැ. ඒත් අඩුම තරමින් මේ ආකාරයේ අලංකාරය ගෙන දෙන දෙයකින් වත් සිතක් පහළ වෙලා නමට බෞද්ධයන් නොවී, තමන්ගේ ආගමේ වගේම වෙනත් ආගමේ මිනිසුන්ටත් දායනුකම්පාවෙන් හිතන මිනිසුන් බිහිවෙනවානම් ථෙරවාදීද, මහායානද වෙනමොන සම්ප්‍රධාය වුනත් කමක් නැහැ. හොද මිනිසුන් බිහිවීම තමයි මොන ආකාරයෙන් හෝ සිදුවිය යුත්තේ...

    ReplyDelete
    Replies
    1. අද රටේ ගොඩදෙනෙකුට වෙලාතියනදේ සමහර comments කියෙව්වහම මෙතනත් බලාගන්න පුළුවන්. වැඩිදෙනෙක් කුමක්හෝ කාර්යයක් වෙනුවෙන් අබ ඇටයක තරමින්වත් දායකත්වයක් නොසපයමින් වැඩක් කරන පුද්ගලයන් සහ එම වැඩෙහි අඩුපාඩු සෙවීමටත් එම වැඩෙහි නොකළ පැත්ත කළයුතුව තිබු දේ යයි සඳහන් කරමින් එය නොකිරීම ගැන අදාල පුද්ගලයින්ට දෝෂාරෝපණය කිරීමත් කරමින් සිටිති. රට හෝ ආගම ඉදිරියට නොයාමට එක ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි 'නිකම්-ඉන්න-වුන්' බහුල වීමයි

      Delete
  12. බුද්ධ රාජ මන්දිරය ඉදිකකරන කාලෙයේ ඉදලා මහමෙව්නා වෙබ් අඩවියේ පොටෝ පලවුනා. යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ... පාර ගැන විස්තරයක් කියන්නකෝ දිනේෂ් මහත්තයෝ....

    ReplyDelete
  13. keyawanna.

    reargate.blogspot.com/2012/07/test.html#comment-form

    ReplyDelete
  14. විවිධාකාර විදියේ මිනිසුන් තම නැණ පමණින් අදහස් දැක්වීමද ඒ අදහස් ක්‍රියාත්මක කිරීමද සිදුවන දෙයක්. ඉතිං මේ කාර්යය ගැන උනත් එහෙමයි. මම නම් මේ පන්සලේ ස්වභාවය මහායාන විදියට දකිනවා. පන්සල් ඉදි කරන්න ඕනේ. ඒත් මේ වගේ නිර්මාණ මිනිසුන් සිය පැහැදීම තුලින්ම එකාවන් ව අදහස් දක්වා ඉදි කරන්නේ නම් හොඳයි කියන මතය මම දරනවා. කොහොම නමුත් බුද්ධාගමේ චිරස්ථිතිය උදෙසා යමක් සිද්ධවෙනවා නම් මම ඒ දේට සාදුකාර දෙන්නේ බෞද්ධයෙක් විදියට නිරාමිස ප්‍රීතියකින්.

    ReplyDelete
  15. වර්තමාන සමාජය දැනුමෙන් පෝෂණය වුනත්, බෞද්ධ දර්ශනය පිලිපදව කිසිම අධ්‍යනයක් නොකර තමන් දකින සහ ඇසෙන දෙයින් පමණක් නිගමන වලට එලඹිමෙන්, යමිකිසි දෙයක හොද නරක කිව නොහැක. අඩුමතරමේ කිරිබත්ගොඩ හාමුදුරැවන්ගේ එක ධර්ම සාකච්ඡාවකටවත් ශ්‍රවණය කර තිබුණා නම් මෙතන සිටින බහුතරයක් පිරිසට උන්වහන්සේ ගැන පැහැදිමක් ඇති වනු නිසකය. පෝයකටවත් පන්සලකට යන්නේ නැති අපේ බෞද්ධයෝ, මෙවැනි පින්කමකවත් හරය හරි හැටි නොදකිම බෞද්ධයන් විදියට අප කණගාටුව පලකල යුතුය. අපේ ගමේ පන්සල නොමැති නම් ගමේ මිනිස්සු හරියට ඉබාගාතේ යන වුන් වැනිය. මෙවැනි පන්සලක් මගින් බුද්ධාගමේ චිරස්ථිතය වෙනුවෙන් මහත් කාර්යභාරයක් වනු බවයි මගේ හැගිම. සුත්‍ර දේශණා ගැන දැන ගන්න මෙය නරඹන්න... මම හිතන්නේ ඔබ පොඩිකාලේ දහම්පාසලේ ඉගෙනගත්තාට පසු මේ දැනුම ගැන නැවත කිසිදිනක අධ්‍යනය නොකල බැවින්... එම දැනුම වර්ධනය කර ගැනිමට මෙය නරඹන්න. http://www.youtube.com/user/MahameghaMedia/videos

    ReplyDelete
  16. මීට වට විශාල මලිගාවකුත් රාජ්ජයක් සහ තම ප්‍රියදර බිරිය සහ පුත් කුමාරය ඇත හැර බුදු බව පතා ගිය බුදු හාමුදුරුවන්ට සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය කුමකටද ...මේ වියදම් කල මුදලින් අසරණ දුගී ජනයාට පිහිට වෙන්න තිබුන නේ ...අපේ කට්ටියත් මේ වගේ සෝබන වැඩ වලට මුදල් පරිත්‍යාග කරට අසරණ මිනිහෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි දෙන්නේ කීයෙන් කී දෙනාද

    ReplyDelete
  17. http://dharmasangayana.blogspot.com/2012/08/blog-post_1889.html

    ReplyDelete
  18. balanna polgahwela aspuwata gihin mihidu himyange pilimaya ane mehamath mansa wikurthi wela thiyena kiribathgoda unnase apita nirmala bududahama labadunna mihidu himiyanta karala thiyena aphasaya,ada niruwath karala hariyata nalagank wage ,,,,,,anith eka sangamitha maha theraniyage pic eka hariyata modler kenek wage,,,budupilimatha gahnu rupa wage thamai nela thiyenne..........ane budu himiyane , mihidu himiyani samawenna mewage siuru dagenam obawahansege nirmala therawada bududahama vinasa karan unata ,,, owa pala denakota elawa elawa pala dai hamuduruwane.........dan kalaya hari sangayanawakata ,, mahanayaka hamuduruwane ikman wenna nethnam apita budu dhamak nethi wai lagademma?

    ReplyDelete
  19. යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති.
    බුදුන්වහනසේ.

    ReplyDelete
  20. මහමෙව්නා මාලිගය නරඹන්නට ගියෙමි

    මහමෙව්නා අසපුවේ මාලිගාවක්‌ ඉදි කරලලු. කෝටි ගණනක්‌ වියදම් කරලලු. මේ කතා ඇසූ මටද එම ස්‌ථානය දැක බලා ගැනීමේ ආශාවක්‌ ඇතිවිණි. එබැවින් පසුගිය ඉරිදා පොලොන්නරුවේ වන්දනා ගමනක්‌ ගොස්‌ එන අතර මග පොල්ගහවෙල මකර තොරණ ගාවින් හැරී මහමෙව්නා මාලිගය කරා ගමන් ඇරඹිමු.

    විශාල ජනතාවක්‌ ඒ වනවිටත් එම ස්‌ථානයට ළඟාවී සිටියහ. මහමෙව්නාව අසල කඩ දැමීම තහනම්, වාහන නැවැත්වීම තහනම් යෑයි සඳහන් බෝඩ් අසලම ඒ සියල්ලක්‌ම තිබිණි. වෙලාව සවස 2 ට පමණ විය. අසපුව ද්වාරයේම පාවහන් ගලවන්න යෑයි බෝඩ් ලෑල්ලක්‌ තිබිණි. සෑම දෙනාම පාවහන් ගලවා ඉහළට පිය නගන්නට විය. ගිනි පෑගීම මතක්‌ වුණේ එවිටය. පාර ගිනියම් වී තිබුණු අතර පාවහන් නොමැති දෙපා ගිනියම් වීමට පටන් ගති. තරුණ කොටස්‌ දිවීමෙන් එය වළකා ගත්තත් අසරණ වයෝවෘද්ධ කාන්තාවන් එම ගිනියම් පොළොවේ දැඩි වේදනාවකින් පිය නගනු දක්‌නට ලැබිණි.

    විහාරගෙට ගොඩවැදුණු අපට හිස බූ ගා ගත් මහත් ගාම්භීර ලීලාවෙන් සැරිසරන තරුණ පිරිසක්‌ දක්‌නට ලැබිණි. ඔවුන් ආරක්‌ෂකයන්ද එසේ නැත්නම් සංවිධායකයන් දැයි නොදනිමි. මා මගේ දියණියට ආනන්ද හිමිගේ රුව පෙන්වා ඒ පිළිබඳව හැඳින්වීමක්‌ කරන්නට සැරසුණා පමණි. "මෙහෙ කතා කරන්න බැහැ කතා කරන්න ඕනෑ නම් ගෙවල්වල ගිහින් කතා කරන්න." ඉතා අශෝභන ස්‌වරයෙන් එම තරුණයෙක්‌ මට බැන වැදුණි. අනේ පූජනීය ස්‌ථානයක අඩුම ගණනේ කරුණාව මෛත්‍රීය පිළිබඳවවත් නොදන්නා මිනිසුන්ගේ හැටි යෑයි මට සිතුණි.

    මෙහි අප දුටු බුදුරජාණන්වහන්සේගේ රුවෙහි කිසියම් ශාන්ත භාවයක්‌ දක්‌නට නොමැත. මහාමයා දේවියගේ රුව පිළිබඳ මම කිසිවක්‌ නොකියන්නේ එතුමියට අගෞරවයක්‌ විය හැකි බැවිනි. මට අනුරාධපුර මහමෙව්නාවේ සමාධි පිළිමය සිහිපත් වුණි. අපේ රටේ කිසිම තැනක මෙවන් පිළිම දක්‌නට තැත. මේවා මොන සම්ප්‍රදායට අයත් බුදු පිළිම දැයි මම අවංකව නොදනිමි. නමුත් මේවා දැකීමෙන් ශ්‍රද්ධාවක්‌ ඇති වන බවක්‌ නම් මට නොදැනිණි. චෛත්‍යය තුළ තිබෙන බුදු රුව වටා කඳෙන් ඉහළ කොටසේ සත්ව රූප රවුමට ඉදි කර තිබිණි. මට පෙනුණු ලෙස ඒවා ගෝන්නුන්ගේ රූපයන්ය. එහි අදහස කුමක්‌ දැයි කිසිවකුටවත් නොහැඟේ.

    මාලිගය උඩ කොටසේ අලි මුවන් උකුස්‌සන්ගේ පිළිරූ තබා ඇත. තැනක තවත් බෞද්ධ නාලිකාවක්‌ පටන් ගන්නට යන බව සඳහන් පුවරුවකි. බෞද්ධ නාලිකාවලත් තරගයක්‌ අවශ්‍යදැයි මට සිතුණි. අනෙකුත් සෑම දෙයක්‌ම ගැන කතා කරන සමහර වියතුන් මේවා ගැන නිහඬව සිටින්නේ ඇයි දැයි මට නොතේරේ.

    කෙසේ වුවත් අඩුම ගණනේ අර අහිංසක ජනතාවගේ රත් වන දෙපතුල් රැකගැනීම සඳහා අර පාවහන් ගැලවීමේ පුවරුව වත් ඉහළට ගෙන ගියහොත් පිනකි. ඒ වගේම අර සිටින්නාවූ හිස මුඩු කරගත් තරුණයන්ට කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ බණක්‌ දෙසුවහොත් හොඳය.

    සැදැහැවතියක්‌

    ReplyDelete
  21. සාධු සාධු සාධු මෙවැනි පුවත් අහන්න ලැබීමත් සතුටට කරුණක්.
    කෝරලේ වලව්ව

    ReplyDelete