Thursday, May 26, 2011

අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters

අද ලෝකයේ සියළු දෙනා භීතියට පත් කර ඇති සෞඛ්‍යමය ගැටළුව කුමක්දැයි පාසල් යන වයසේ කුඩා දරුවෙකුගෙන් ඇසුවත් දෙන පිළිතුර විය හැක්කේ ඒඩ්ස් (Acquired immune deficiency syndrome or acquired immunodeficiency syndrome (AIDS)) කියාය. එහෙත් අසූව මෙම රෝගය පිළිබදව නිශ්චිතවම සොයා ගන්නා තෙක්, ප්‍රධාන ව‍ශයෙන් ලිංගාශ්‍රිතව ව්‍යාප්තවුන රෝග ලෙස අප පොදුවේ සමාජ රෝග ලෙස හදුන්වන STD නැතහොත්  Sexually Transmitted Disease සමාජය කම්පනයට පත් කරන මෙන්ම අපගේ රටේ නම් එම පුද්ගලයා ගැරහුම් වලට ලක්වන තත්වයක් යයි කීවත් නිවැරදියි. 


අපගේ ආගමට අනුව තෙවන සිල්පදය කැඩීම හෝ කිතුනුවන්ගේ දහමට අනුව ආදම් සහ ඒව තහනම් ගසේ ගෙඩි කෑවා යයි කියන තම හැගීම් පාලනය කරගත නොහැකි වීම මෙන්ම බටහිර සමාජයට අනුව නම් තවත් එක් මනුශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සැලකූ ක්‍රියාකාරකම මෙම රෝගයන් බහුලව ව්‍යාප්තියට හේතුවූවා සේම එවැනි ක්‍රියාවල නිරත වුවද භාවිතා කල හැකි විවිද ආරක්‍ෂිත ක්‍රියාමාර්ග නොදැනුවත්කම හෝ නොසැලකිල්ල මෙන්ම සමහර රටවල ඇති ආකල්පයන්ද මෙම රෝග පැතිරීමට හේතුපාදක වී ඇත. එසේම මෙම රෝග දෙවියන් විසින් මිනිසුන්ට ඇතිකරේ මිනිසුන්ගේ නොහොබිනාකම්  මෙම රෝගවලට ඇති බිය නිසා පාලනය වනු ඇතැයි විශ්වාසයෙන් බව සමහර ආගම්වලද මතයයි. ඒ අවධියේ ලෝකයේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙවැනි රෝගවලට ගොදුරුවීමෙන් මිය ගිය බවට බොහෝ සාක්‍ෂි පෙන්විය හැකි අතර ප්‍රංශ ලේඛක ගීද මෝපසාං මියගියේ උන්මත්තකාගාරයකදී වන අතර එයට හේතුව සමාජරෝග වැලදී එය උත්සන්නවීමෙන් ඔහු උමතුබාවයට පත්වී‍ම නිසයි.


අද කතාකරන රූප වලින් ලබාදීමට බලාපොරොත්තුවන්නේ සමාජයට යම් පණිවිඩයක් මෙන්ම ඔබට දැකීමට දුර්ලභම වූ පින්තූර සමූහයක්. මෙම පින්තූර ප්‍රදර්ශනය කර ඇත්තේ ඇමරිකාවේ වන අතර ඒ 1930 හා 1940 අතර කාලයේ සිදුවූ දෙවන ලෝක යුද සමයේදීය. ඇත්තෙන්ම මෙම පින්තූර ප්‍රධාන වශයෙන් ඉලක්කකර ගෙන ඇත්තේ ඔවුන්ගේ හමුදා සොල්දාදුවන්වයි. ලෝකයේ ඒ අවධියේ ඇතිවූ ව්‍යවසනකාරී තත්වයත් සමග ලෝකය පුරා හමුදා මෙහෙයුම් වල නිරතවුන ඇමරිකානු හමුදා සොල්දාදුවන්ගේ මානුශීය හැඟීම් කොයි මොහොතක හෝ ඉස්මතුවීමෙන් ඔවුන් සිදුකරන අනාරක්‍ෂිත ක්‍රියාකාරකම් නිසා ප්‍රධාන වශයෙන් වැලදිය හැකි සිෆිලස් හා ගොනෝරියා වැනි සමාජ රෝගවලින් යම් තාක් දුරකට හෝ ගලවා ගැනීමට හා යම් හෙයකින් ඔවුන්ට මෙම රෝග වැලදී ඇතැයි හැගේ නම් හෝ දැන සිටීනම් නොසඟවා වෛද්‍ය ප්‍රතිකාර ගෙන සමාජයතුල තවදුරටත් ව්‍යාප්ත කිරීම වැලකීමට හා මුල් කාලයේදීම ප්‍රතිකාර ලබා පසුව වෙනත් සුවක‍ල නොහැකි තත්වයන් කරා ගමන් නොකිරීමට මේවා ඔවුන් අතරට ප්‍රචලිත කරන්නට ඇත. කෙසේවුවත් මේවා සෑම කාලයකටම සියළු ජනකොට්ඨාශයන් වෙත යම් වැදගත් පණිවිඩයක් ගෙන එනවා නිසැකයි. එසේනම් දැන් අපි එම පින්තූර රැස නරඹමු...

















































5 comments:

  1. this is good . We had many troubles while handling the specimens of these patients. Got ton of stories too. But its not ethical to write here. Not only patients people around them are in high risk as well. Either knowing or not.

    ReplyDelete
  2. හමුදාවන්ට ඔය ප්‍රශ්නෙ ටිකක් වැඩියි තමයි.

    ReplyDelete
  3. තිලකා රන්දෙනි
    හුගක්ම කණගාටු දේ අද අපේ රටේ කාන්තාවන්ගෙන් 45% කට ඒඩ්ස් හැදිලා තියෙන්නේ එයාලගේ සැමියන්ගෙන්ලු. සමහර රූපවාහිනී වැඩ සටහන් දැක්කාම පුදුම දුකක් හිතට නැගෙනවා.
    බුදු හිමි ඒකනේ දෙසුවේ ‘‘චිත්තස්ස දමතෝ සාදු - චිත්තං දන්තං සුඛාවහං’’ කියා.
    www.thilakarandeni.lk

    ReplyDelete
  4. අද කාලෙ පෝස්ටර් එක්ක බැලුවම පරණ පෝස්ටර් වල, කියන්න තේරෙන්නෙ නැති අමුතු කොලිටියක් තියෙනවා. බලන්න ආස හිතෙනවා

    ReplyDelete