ලෝක ධර්මතාවයට අනුව අප කවුරුත් මෙලොවින් යම් දවසක නික්‍මයනවා යන්න බාල, තරුණ, මහළු යන අප කවුරුත් දන්නා දෙයක්. ඒත් අපි සෑම දෙනාගේම හෝ බහුතරයකගේ යටි සිතේ හෝ සදාකාලික ජීවනයක් ලැබෙන්නේ නම් කොතරම් අගනේද යන්න තිබෙනවා නිසැකයි. නමුත් අපි කාටවත් වර්තමාන ලෝකයේ තිබෙන විදයාවේ දියුණුවෙන් වත් තවම එවැනි වාසනාවක් අත්පත් කරගැනීමට නොහැකියි.
එහෙත් අප මිය ගියත් අපි සමාජයට හෝ රටට හෝ වෙනයම් කැපී පෙනෙන ක්‍ෂෙත්‍රයකට හෝ ඉටු කර ඇති මෙහෙවර අනුව අපේ සිරුර කෙසේවතත් නම නොදිරා පවතිනවා. එහෙත් එම ධර්මතාවයද ඉක්මවා යමින් නම මෙන්ම සිරුරද දිගු කලක් නොදිරා පවත්වා ගන්නා අවස්ථා දුලබව වුවත් අපට දකින්නට අසන්නට ලැබෙන තැන්ද නොතිබෙනවා නොවේ. පුරාණ මිසරයේ හෙවත් වර්තමාන ඊජිප්තුවේ පිරිමීඩ තුල අතීත රජදරුවන්ගේ මමිකරණයට ලක් කල සිරුර නිතැතින්ම අපගේ මතකයට මේ පිළිබදව කතා කිරීමේදී නැගෙනවා.
එසේම දකුණු ඇමරිකාවේද, මිසරයේ පිරිමීඩ වලට සමාන ගොඩනැගිලි තිබෙන අතර ඒවායේ සහ එම මහද්වීපයේ වෙනත් ස්ථාන වලද මෙවැනි මමි දක්නට ලැබෙනවා. එසේම මමිකරණ ක්‍රියාවලියට බදුන් නොකලත් වෙනත් සාධක නිසා දීර්ඝ කාලයක් නොදිරා පවතින මල සිරුර ගැනද අසන්නට, දකින්නට ලැබෙනවා.
දැන් මම කියන්නට යන දේ සමහරවිට ඔබ දන්නවත් ඇති. ඔබ දන්නවාද විසිවන සියවසේදීත් මමිකරණ ක්‍රියවලිය සිදුකලබව? ඔව් මට උදාහරණ සහිතවම පෙන්වන්න පුළුවන්. එහෙනම් අපි විසිවන සියවසේ සිරුර කල්තබා ගැනීම හෙවත් නූතන මමිකරණය ගැන මෙතැන් සිට දැන ගනිමු.
(මේ දේත් මුලින්ම කියන්න ඕන. සාමාන්‍යයෙන් මල සිරුරු හෝ මිය ගිය පුද්ගලයන් කෙරේ අප තුල නිතැතින්ම බයක්, ගෞරවයක් වගේම මේ පිළිබද යම් පිලිකුලකුත් දැනෙන්නට පුළුවන්. මේ සටහනේදි එම මල සිරුරු ආදියේ ඡායාරූප සහ වෙනත් මමිකරණ ආශ්‍රිත ක්‍රියාවලි පිළිබද ඡායාරූප ඇතුලත් කරන්න සිදු වෙනවා. ඒවා දැකීමේදී ඔබ හට යම් අපහසුතාවයක් හෝ නුරුස්නා බවක් හැගේ නම් ඒ පිළිබදව කණගාටුවද ප්‍රකාශ කරනවා. එසේම මෙම ලිපිය සැකසීමේදී මේ පිලිබදව අන්තර්ජාලයේ තොරතුරු, ඒ පිලිබද පුවත්පත් වල පලවී තිබූ දත්ත සේම Christine Quigley ගේ "Modern Mummies" කෘතියද පරිශීලනය කළ බව දන්වා සිටිමි. ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදි. මෙම ක්‍ෂෙත්‍රය පිළිබද මාගේ දැනුම අල්ප නිසා මෙහි පල කෙරෙන සිරුරු කල්තබා ගැනීමේ ක්‍රියාකරකම් පිළිබදව යම් දෝශ සහගත යමක් වේ නම් සහ එය පිළිබද ඔබගේ යම් විශේෂඥ දැනුමක් වේ නම් එම කරුණු පිළිබද නිවැරදි කිරීමක් කමෙන්ටු වලට ඇතුලත් කරන ලෙසද ඉල්ලමි).
Founder of the Communist movement – V.I.Lenin
ලෙනින් ගැන අප දන්නවා. ඒ ඔහු රුසියන් විප්ලවයේ හෙවත් Bolshevik විප්ලවයේ නිර්මාතෘ සහ ලෝකයට කොමියුනිස්ට් ක්‍රමය හදුන්වා දුන් අය ලෙස. එහෙත් ඊට අමතරව විසිවන සියවසේ නූතන මමිකරණය සමගද ඔහු සම්බන්දවන හැටි නොකියාම බැහැ. එසේත් නැතහොත් නූතන මමිකරණයේ සුප්‍රසිද්දම සලකුන හෙවත් Icon ය ඔහුයි.
1924 ජනවාරි 21 වන දින ඔහු මිය යනවිට ඔහු බලාපොරොත්තුවන්නට ඇත්තේ යම් කිසි විශේෂ ගෞරවයක් සහිත භුමදානයක්. එහෙත් ඔහුට වැරදුන හැටි?? (ඇත්තවශයෙන්ම ඔහු බලාපොරොත්තුවූයේ Petrograd හි සිය මව මිහිදන් කල ස්ථානයට යාබදව තම සිරුරද යම් දිනයක මෙලොව හැර ගිය පසු මිහිදන් කරවීමටයි. පසුව ලෙනින්ට ගරු කිරීමක් ලෙස Petrograd, Leningrad ලෙස වෙනස්වූ අතර, 1991 දී සෝවියට් දේශය බිද වැටුන පසු Saint Petersburg ලෙස නැවත වෙනස් කරන ලදි).
මුලින්ම ලෙනින්ගේ embalm කරන ලද මෘත ශරීරය ගෘහනිර්මාණ ශිල්පී Alexei Shchusev විසින් තනන ලද ලී මංජුසාවක තැන්පත් කරන ලදි. එසේම සෝවියට් ආණ්ඩුව පවා ඔහුගේ සිරුර භුමදානය සදහා කටයුතු සම්පාදනය කරන අතරතුර මහජන ප්‍රදර්ශනය සදහා සිරුර තබා තිබූ අතර එය දැක ගැනීමට වැලනොකැඩී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් පැමිනෙන්නට විය. මෙය කොතෙක්ද කිවහොත් මිලියන භාගයක පමණ ජනතාවක් සෙල්සියස් අංශක ඍන 20 ක පමන ශීතල දේශගුණයකදීත් පැය ගණන් පෝලිම් වල පෙල ගැසී සිටින්නටවිය. සිරුරට ගෞරව දැක්වීම සදහා විනාඩියකට තිදෙනෙතුට පමණක් අවසර ලැබුන අතර ලෙනින්ට ගෞරවයක් ලෙස හමුදා භටයන් විසිහතර දෙනෙක් රදවා ඇති අතර ඔවුන් විනාඩි පහකට සැරයක් මාරු කරන ලදි.
ලෙනින්ට සිරුරට ගරු කිරීමට පැමිනෙන බොහෝ දෙනෙක් ඔහු ජීවතුන් අතර සිටියදී ජීවමානව නොදැකපු අය වන අතර සමහරුන්ට දුක වාවාගත නොහැකිව සිහිසන්වනුද දැකිය හැකිවිය.
කරුණු මෙසේ වෙද්දී 1924 ජනවාරි 25 වන දින සවස හතරට ලෙනින්ගේ සිරුර භූමදානය කිරීම සදහා නිල වශයෙන් දැනුම් දුන්නත් වැලනොකැඩී පැමිනෙන දුකට පත්වූ ජනතාව නිසා එය තවදුරටත් තබා ගන්නට සිදුවන ආකාරයක් පෙනුනි. එසේම එරට ජනතාවද ලෙනින්ගේ සිරුර තමන්ට තවත් බැලීමට අවශ්‍යයයි පවසන්නටවූ අතර ඉදිරි පරම්පරාවටද මෙය දැක ගන්නට ඉඩ සලසන්නැයි ඉල්ලමින් සෝවියට් රජය වෙත ටෙලිග්‍රෑම් 10.000 කට වඩා ලැබුනා යැයි පැවසේ.
මේ අනුව ජනවාරි 24 වන දින වන විට ලෙනින්ගේ දේහය තවත් දින හතලිහක පමණ කාලයක් තබාගැනීම සදහා අදහස් හුවමාරුවීම ආරම්භවිය. එහෙත් වැන්දඹු බිරිය, සහෝදරිය සහ සහෝදරයා අඩුම තරමින් තාවකාලික කල්තබාගැනීමකටවත් කැමති නොවීය. එහෙත් ඒ සියල්ල අභිබවමින් ස්ටාලින්ගේ අණ අනුව ලෙනින්ගේ දේහය කල් තබා ගැනීම සදහා වූ ක්‍රියාවලිය සිදුකලේය.
මෙය දීර්ඝකාලීන ක්‍රියාවලියක් වන අතර 1924 අගෝස්තු 03 වන දින විදේශිය ජනමාධ්‍යවේදීන්ට පළමුවරට අදාල කල්තබාගැනීමේ ක්‍රමවේදය කරන ලද ලෙනින්ගේ සිරුර පෙන්වන ලදි. මේ එය දුටු Walter Duranty පුවත්පත් වාර්තාකරුවා පවසන ආකාරයයි “දේහය හොදින් සංරක්‍ෂනය කර තිබෙනවා. මේ ක්‍රියාදාමය සිදුකල කල වෛද්‍ය විශේෂඥයන් පවසන ආකාරයට මෙය සදහා කිසිදු ඉටි (Wax) වර්ගයක් හෝ වර්ණක භාවිතාකර නැහැ. මුහුණ සාමාන්‍යයෙන් තිබෙන ආකාරයෙන්මයි. එහි කිසිදු වර්ණ වෙනස්වීමක් පේන්නවත් නැහැ. ඒවගේම සිරුර කෘෂවීමක් හෝ අවයවවල වෙනස් කමක් වත් පේන්න නැහැ”. 1924 අගෝස්තු 24 වන දින ලෙනින්ගේ සොහොයුරාට තම මියගිය සොයුරාගේ සිරුර පෙන්වූ අතර ඔහුද පැවසූයේ ලෙනින් මිය ගිය දිනයේ හා අද අතර වෙනසක් නැති බවයි.
1926 දී ලෙනින්ගේ සමාධිය සදහා ස්ථිර ගොඩනැගිල්ලක් තැනීමට යෝජනාවූවත් අවසානයේ එම යෝජනාව වෙනුවට දැනුදු පවත්නා දැව ගොඩනැගිල්ල වෙනුවට එය ගලින් නිමවීමට තීරණය විය. 1929 ජූලි මාසයේදි එම නව ගොඩනැගිල්ල තැනීම ඇරඹුන අතර එය නිමවීමට මාස 16 ක් ගතවූ අතර එය යුක්රේනියන් රතු-කළු පාශානයෙන් තැනුනි.
ලෙනින්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය |
එහෙත් කවුරුවත් නොසිතූ ලෙස දෙවන ලෝක යුද්ධය පටන්ගත් අතර මෙම ලෙනින්ගේ දේහය තිබූ ගොඩනැගිල්ල බෝම්බ වලට ඔරොත්තුදෙන ලෙස සෑදු එකක් නොවන නිසා ජර්මානු ගුවන් යානාවලට මෙම ගොඩනැගිල්ල ඉලක්කවේද යන බිය මතුවිය. ඒ නිසා රහසිගතවම ලෙනින්ගේ සිරුර මධ්‍යම රුසියාවේ සයිබීරියා කලාපයේ තිබූ ගබඩාවක් වෙත යවන ලදි. එයට දී තිබූ රහස් කේතය වූයේ "Object No. 1" වේ. යුද්ධය අවසන් වූ පසු 1945 මාර්තු මාසයේදී නැවතත් ලෙනින්ගේ සිරුර සුපුරුදු ස්ථානය වෙත රැගෙන එන ලදි.
ලෙනින්ගේ වැන්දඹු බිරිය (Nadezhda Krupskaya) නිරතුරුවම තම ස්වාමියාගේ සිරුර භූමදානය කරන ලෙස ඉල්ලා සිටි අතර වසරකට වරක්වත් ඇය ලෙනින්ගේ සිරුර දැකබලා ගැනීමට පැමින ඇති අතර ඒ සෑම විටකම ඇය බලවත් කම්පාවකට ලක්වී සිටි බව පැවසේ. 1938 දී ඇය අවසන් වරට ලෙනින්ගේ සිරුර බැලීමට පැමින ඇති අතර 1939 පෙබරවාරියේදී ඇයද මෙලොවින් සමුගෙන ඇත.
මෙම කල්තබාගැනීමේ ක්‍රියාවලිය සදහා එවකට ඇමරිකානු ඩොලර් 7,500 ක මුදලක් වැයවී ඇති අතර සිරුර අඩුමකරමින් දශක තුනක් හෝ හතරක් තබා ගත හැකියැයි විශ්වාස කරන ලදි. වැදගත්ම සාධකය වූයේ උශ්නත්වයයි. එය සිරුර කල්පැවැත්මට උචිත ආකාරයෙන් ඒකාකරව පවත්වාගතයුතුවූ අතර මෙය 16° C (61° F) අගයක පවත්වා ගත යුතුවිය. එසේම ආර්ද්‍රතාවය 80% - 90% අතර පවත්වාගතයුතුවිය. මේ තත්වයන් පවත්වා ගත යුතු නිසාම වීදුරු ආවරණයකින් යුතු පෙට්ටියක සිරුර තබන ලදි.
දිලීර නිසා සමේ ඇතිවන වර්ණය වෙනස්වීම වලක්වා ගැනීමට සතියකට වරක් මෘදු සේදුම් ද්‍රව්‍යකින් සේදිය යුතුවූ අතර, සෑම සතියකට වරක් රුසියාවේම නිපදවූ විශේෂ උපකරණ මගින් සමේ තෙතමනය, වර්ණය සහ බාහිර ස්වරූපය මනිනු ලැබේ.
සෑම මාස 18 කට වරක් glycerol සහ potassium තුල දින 30 ක් බහා තිබිය යුතුවිය. එසේම සෑම සතියකට වරක් රුසියාවේම නිපදවූ විශේෂ උපකරණ මගින් සමේ තෙතමනය, වර්ණය සහ බාහිර ස්වරූපය මනිනු ලැබේ. මෙම රසායනිකයන්ට අමතර potassium acetate, alcohol, distilled water සහ විශබීජ නාශක ලෙස quinine හෝ carbolic acid යනාදිය සහ තවත් නොයෙකුත් රසායනික සහ ප්‍රමවේදයන් යොදාගනුලබන බව පවසයි (සමහර රසායනීකයන් සහ ක්‍රමවේදයන් තවමත් රහසක්ලෙස පවත්වා ගන්නා අතර යම් යම් කරුනු පමනත් සෝවියට් දේශය බිදවැටුන පසු හෙලිවූ කරුණු වේ). මෙම කාලසීමාවේදී ලෙනින් සමාධිය (mausoleum) වසා තබනු ලැබේ. එසේම මේ කාලයේ ලෙනින්ගේ සිරුරට අන්දවා තිබෙන ඇදුම් පැලදුම් ප්‍රවේශමෙන් සෝදා මදිනු ලබන අතර සෑම වසර 3 කට වරක් අළුත් ඇදුම් සිරුරට අන්දනු ලැබේ.
(මෙම පහතින් දැක්වෙන්නේ එම ක්‍රියාදාමය පිළිබද පින්තූර වේ).
|
2007 නොවැම්බර් මස වියෝවූ Ilya B. Zbarsky 1934 සිට 1952 දක්වා ලෙනින්ගේ සිරුරට අවශ්‍ය ක්‍රියාකරකම් සම්බන්ධව සිටි අයෙක්. එසේහ ඔහුගේ පියාවන Boris Zbarsky ලෙනින්ගේ සිරුර 1924 දී සංරක්‍ෂන කටයුතුවලටද සම්බන්දවුවෙක්. එසේම ඔහු මේ පිළිබදව පොතක්ද ලියා ඇති අතර එහි නම “Lenin's Embalmers“ වේ.
මේ Zbarsky මෙම ලෙනින්ගේ සිරුර සංරක්‍ෂන කටයුතු පිළිබද කියන ආකාරයයි.
“මෙම කල්තබාගැනීමේදී මූලිකවම ගැවළුවක් වූයේ ලෙනින්ගේ මුහුනේ සහ අත්වල කළුපාට කුඩා ලප මතුවීමයි. මූලික අවස්ථාවෙදීම දේහයේ තිබූ රුධිරයළ දේහ තරල සහ අභ්‍යන්තර අවයව ඉවත් කරන ලදි. ඔහුගේ ඇහිබැම, රැවුල සහ කොණ්ඩයද එලෙසම තිබෙන්නට හැරිය අතර රහස් අවයවද ඉවත් නොකරන ලදි.ලෙනින්ගේ හදවතට සිදුවූයේ කුමක්දැයි කිසිවකු නොදනී. එහෙත් ඔහුගේ මොලය නම් අනෙක් අයට වඩා වෙනස් බව බොහෝ විචාරකයෝ සිතති. ඒ නිසාම මොලය වැඩිදුර පරීක්‍ෂන සදහා ජර්මනියේ නම් දරාපු විද්‍යඥයකුවෙත යොමුකරේ මොනව හරි විශේෂ දෙයක් මේකේ ඇතැයි සිතාය. නමුත් මොනවත් අමුතු දෙයක් නම් එයින් සොයාගන්නට නොලැබුනි.කොහොමවුනත් මේ මොලය රුසියාවේ මොස්කව් වල තියෙන ආයතනයක තවමත් සුරක්‍ෂිතව ඇතිබව නම් කියන්න පුළුවන්. හැබැයි ඒක බලන්න නම් ලේසි නැහැ. ඒ වගේම ඒක සෑහෙන්න විච්ඡේදනය කරල තමයි තියෙන්නේ.
මුලින්ම ලෙනින්ගේ සිරුර කල් තබා ගන්න හොදම ක්‍රමය විදියට කල්පනා කරේ අධිශිතකරණයක තැබීමයි. ඒ සදහා අවශ්‍ය අධිශිතකරණ ජර්මනියෙන් ඇනවුම් කරන ලදි. ඒත් මෙම උපකරණ තැනීමට මාසයක්වත් ගතවේ යයි අදාල ආයතන දන්වන ලදි. ඒ එක්කම ශීත ඍතුව අවසන් වී වසන්ත ඍතුවද පැමිනෙන්නට විය. ලෙනින්ගේ සිරුර ක්‍රමයෙන් නරක් වන්නටද විය. ඔහුගේ මුහුණ සහ අත් අදුරු පැහැ ගන්නටත්, සිරුර රැලි වැටෙන්නටත්, තොල් ඉරි තැලෙන්නටත් පටන් ගත්තේය.
දැන් මෙම අධිශිතකරණයක තැබීමේ යෝජනාව ඉවතට දැමූ අතර අත්හදාබැලීමක් ලෙස හෝ රසායණික සංයුතීන් යොදා embalm කිරීමේ ආකාරයකටවත් යන්නට නැඹුරුවිය. සාමාන්‍යයෙන් දින කිහිපයක් දේහයක් මිහිදන් කිරීමට embalm කිරීම් සිදුකර තිබුනත් දීර්ඝ කාලයක් කල්පවතින ලෙද embalm කිරීම සහ දේහය ජීවමාන කාලයේ ලෙසම පවත්වාගන්නේ කෙසේදැයි කාහටවත් අදහසක් නොවීය. මේ කටයුත්තේ නායක්තවය ලැබුනේ යුක්රේනයේ ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකුවන Vladimir Vorobiov හටයි.”
අදාල embalm කටයුතු කල කාර්යය මණ්ඩලය |
එහෙත් Vladimir Vorobiov ගේ පරීක්‍ෂන සාර්ථකවිය.
Ilya B. Zbarsky |
නමුත් භීෂනය නිමා කරමින් 1953 දී ස්ටාලින් මියගිය අතර ස්ටාලින්ගේ දේහය කල්කබා ගැනීහට ඇවසි කටයුතුවල නියමුවා ලෙස Boris Zbarsky පත් කෙරුනි.
Ilya B. Zbarsky පසු කාලිනව anti-Stalinism හෙවත් ස්ටාලින් විරෝධියෙක් බවට පත්වූ අතර ඔහු කියන්නේ මෙලෙසයි "Don't sleep in a mausoleum that doesn't belong to you."
එතරම් ප්‍රචලිත නැතිවුවත් මේ පිළිබද මාවෝ සේතුං ගේ පෞද්ගලික භෞත චිකිත්සකයා සහ මාවෝ ගේ සිරුර කල්තබා ගැනීමේ කමිටුවේ උප සභාපතිද වූ Li Zhusui මතයට අනුව ලෙනින්ගේ සිරුර හැකිලීමට හා වියලීමට ලක්වෙන බව පැවසෙන අතර පසුකාලීනව නාසය සහ කන් නරක්වීම හේතුවෙන් ඒවා වෙනුවට ඉටිවලින් තනන ලද කෘත්‍රිම නාසයක් හා කන් සවිකර ඇතිබව කියයි. එසේම රැවුලද ගැලවී වැටුන බව කියන අතර එයද කෘත්‍රිම නිර්මණයක් බව පැවසේ. කෙසේ වෙතත් දේහය ඇති ස්ථානයට සපයා ඇති ආලෝක තත්වය අනුව එය විමසිල්ලෙන් බැලීමකින් මිස එක එල්ලේ දැකිය නොහැකිබවද පැවසේ.
එසේම යම්අයෙකුට ගැටළුවක් මතුවන්නට පුළුවන් මෙය පුරාණ මිසරයේ පිරිමීඩ තුල තැන්පත් කර ඇති මමිකරණය හා මෙම ලෙනින්ගේ සිරුර කල්තබා ගැනීමට සිදුකල ක්‍රියාකාරකම් අතර සම්බන්ධකමක් ඇත්ද යනවග. නමුත් පිළිතුර වන්නේ නැහැ යන්නයි. මිසරයේ භාවිතා කල ක්‍රමවේදයේදී මෘතදේහය මාංශපේශි වියලීමකට ලක්වේ. එය මෙවැනි වකවානුවකට නොගැලපේ.
එසේම විද්‍යාගාරවල සතුන් කල්තබාගන්නවා මෙන් Formaldehydes හෝ වෙනත් රසායණික තුල බහා තැබීමටද නොහැක. එවිට සිරුරේ වර්ණයද වෙනස් වන අතර එය ලෙනින් වැනි යුග පුරුශයෙකු ටැංකියක් තුල පිහිනමින් සිටින්නාක්වැනි දෙයක්වීමද බොහෝදෙනා කම්පනයට ලක්කිරීමටවුවද හේතුවිය හැකිය.
එසේම සතුන් කල් තබා ගන්නා තව ක්‍රමයක් වන පිරවුම් ක්‍රමයක් (අපේ මිය ගිය රාජා හස්තියා දැන් තබා සිටින සේ). එහිදී ඇත්තවශයෙන්ම සිරුරක් කල් තබාගන්නවා යන්නක් සිදුනොවන අතර සම ආරක්‍ෂාකිරීමක් වැන්නක් සිදුවන අතර එය ලොම් සහිත සතුන්ට වඩාත් සුදුසුවූවත් එය ලෙනින් වැන්නෙකුට කෙරෙන අගෞරවයක්ද විය හැක.
Plasterization or Paraffin infusion යන ක්‍රම මෙම අවධියේ සොයා ගෙන නොතිබූ අතර එය සිදු කිරීමට සිරුර හොද තත්වයක තිබිය යුතු බවද පවසයි. එහිදී සිරුරේ ඇති ජලය ඉවත්කොට ඒ වෙනුවට ප්ලාස්ටික් හෝ ඉටි ශරීරය තුලට යවන බව පැවසේ. මෙය ආර්ජෙන්ටිනාවේ ජනපති බිරිදක් වූ Eva Peron ගේ සිරුර කල් තබා ගැනීමට භාවිතාකල බවටද මතයක් පවතී. ඒ පිළිබදව පසුව අපි කතා කරමු.
ලෙනින්ගේ සිරුර වරකට කුඩා කණ්ඩායමකට විනාඩි පහක් පමණක් බැලීමේ අවස්තාව ලැබෙන බව පැවසෙන අතරම ඉතා දැඩි ආරක්‍ෂකරැකවල් සහ ඔවුන්ගේ විමසිලිමත්බව අමුත්තන්කෙරේ දක්වන බවද පවසයි. අන්තර්ජාලයේ තොරතුරු අනුව සතියේ සදුදා හා සිකුරාදා හැර අනෙක් දිනවල උදේ 10.00 සිට සවස 1.00 දක්වා ලෙනින්ගේ සිරුර බැලීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ සදහා මුදල් අයනොකරන බවද සදහන් කර ඇත.
කෙසේවෙතත් සෝවියට් යුගයේ අවසාන අවධියේ සහ සෝවියට් දේශය බිදවැටුන මුල් කාලයේ ලෙනින්ගේ දේහය මිහිදන් කරන බවට එරට පාලන අධිකාරිය ප්‍රකාශ කලද, එරට බලයේ නොසිටියත් කොමියුනිස්ට් පාක්‍ෂිකයන්ගේ ප්‍රබලත්වය නිසා එයට නැගුන විරෝධය හේතුවෙන් එම ප්‍රයත්නය යට ගියේය. නමුත් ඒ වන තෙක් ලෙනින්ට දී තිබූ පැය 24 හමුදා උත්තමාචාරය නම් ඉවත් කල බව ඒ අවධියේ විදෙස් පුවත් වල දැක්වින. මෙම කරුනේ දේශපාලනික පසුබිම කෙසේ වෙතත් වර්තමානයේද රුසියාවේ සංචාරකයන් ඇද බැද තබා එක් ස්ථානයක් වන්නේ ලෙනින් සමාධියයි.
The Genealissimo Joseph Stalin
1953 දී සෝවියට් දේශයේ අසහාය නායක, දෙවන ලෝක යුද්දයේ නැගෙනහිර යුදපෙරමුනේ නායකයා වන ජෝසෆ් ස්ටාලින් මියගිය පසු ඔහුගේ සිරුරද කල් පවතින ලෙස බෙහෙත් ගල්වා V.I.ලෙනින්ගේ සිරුර අසලින්ම ප්‍රදර්ශනයට තබා තිබූ බව ඔබ දන්නවාද?
නමුත් වසර අටකට පසු සෝවියට් රජය විසින්ම එම සිරුර ලෙනින්ගේ සිරුර තිබූ සමාධියෙන් ඉවත් කිරීමට නියෝග කරන ලදි. ඇයි එසේ කිරිමට සෝවියට් ආණ්ඩුව අණ දුන්නේ. එම සමාධියෙන් ඉවත් කල පසු ස්ටාලින්ගේ සිරුරට වූයේ කුමක්ද?
ස්ටාලින්ගේ මරණය
ස්ටාලින් වසර 30 ක පමණ කාලයක් අයෝමය හස්තයකින් සෝවියට් දේශය පාලනය කල අතර, එරටට මෙපමන දියුණුවක් ගෙන දීමට කටයුතු කලේද ඔහුය. එසේම ඔහු දෙවන ලෝක යුද්දයේ ජයග්‍රහණය උදේසා කල කාර්යය භාරයද සුළුපටු නොවේ. ඒ කරුණු කාරණා නිසාම ඔහු හැදින්වුයේ ජාතියේ පියා, සුපිරි අණදෙන්නා, ශ්‍රේෂ්ඨ සේනාපතියා (the Father of the Peoples, the Supreme Commander, the Generalissimo) ලෙසයි. එහෙත් ඔහුගේ පාලන සමය තුල ඔහුගේ රටේම මිනිසුන් මිලියන ගණනක් කෘත්‍රීමව මැවූ සාගතයෙන් සහ ගුලාග් වහල් කදවුරු වලදී මිලියන ගණනින් මියගියා. කෙසේ වෙතත් එරට ජනතාවට රජය විසින් ඔහුගේ මරණය පිළිබද දැනුම් දුන්නේ 1953 මාර්තු 6 වන දිනයි.
ස්ටාලින් මශ්තිෂ්ක රක්තපාතයෙන් මියගොස් සිටි අතර ඔහු සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇත්තේ 1953 මාර්තු 5 වන දින ප.ව. 9.50 ටයි. පළමුවෙන්ම ඔහුගේ සිරුර හෙද කාර්යය මණ්ඩලය විසින් සෝදා ක්‍රෙම්ලින් මෘතශරීරාගාරය වෙත යවන ලදි. ඉන්පසු මරණ පරීක්‍ෂනය සිදුකරන ලද කිරීමෙන් අනුතුරුව සිරුර embalm කිරීම සදහා යොමුකරන ලද අතර දින තුනක් තබා ගත හැකි අයුරින් එම කාර්යය සිදුකරන ලදි.
ස්ටාලින්ගේ සිරුර තාවකාලික ප්‍රදර්ශනය සදහා ශාලාවක තබන ලද අතර අධික හිම පතනයද නොතකා දහස් ගණනක ජනතාවක් එය දැක ගැනීමට පැමිනෙන්නට විය. මෙම තත්වය උග්‍රවන්නට පටන් ගත් අතර තෙරපීමෙන්, පෑගීමෙන් සහ ඇතිවුන නොසන්සුන් තත්වයෙන් අඩුම වශයෙන් මිනිසුන් 500 ක් පමණ මිය යන්නට ඇතැයි පැවසේ.
මාර්තු 9 වන දින කාලතුවක්කු ගැලියක තබා උත්සවශ්‍රීයෙන් ලෙනින් ගේ සිරුර තිබු මොස්කව් රතු චතුරස්‍රය වෙත ගෙන යන ලදි. ඉන් අනතුරුව ස්ටාලින් වෙනුවෙන් කතා තුනක් පමනක් පවත්වන ලද අතර රතු සහ කළු වර්නයෙන් යුත් සිල්ක් රෙදි වලින් ස්ටාලින්ගේ මිනීපෙට්ටිය වසන ලදි. ඉන්පසුව සොහොන කරා මෘතදේහය රැගෙන යන අතර තුර ස්ටාලින්ට ගරු කිරීමක් වශයෙන් මුළු සෝවියට් දේශය පුරාම නලා, තුවක්කු, සීනු සහ සයිරන් හඩවන ලදි.
සදාකාලීත්වය සදහා සූදානම් කිරීම
මුලින්ම ස්ටාලින්ගේ දේහය දින තුනක් පමණක් කල් තබා ගැනීමට සකස් කල අතර එය පරම්පරා ගණනක් නොවෙනස්ව පවත්වා ගැනීමට නම් සිදුකල යුතු පිළියෙල කිරීම්ද ගණනාවක් විය.
1924 දී ලෙනින් මිය ගිය පසු ඔහුගේ දේහය දීර්ඝ කාලයක් තබා ගැනීම සදහා බෙහෙත් ගැල්වීමේ කාර්යය කලේ මහාචාර්ය Vorobyev වන අතර එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වූ අතර සිරුරේ ආර්ද්‍රතාවය ඒකාකාරව පවත්වා ගැනීම සදහා සිරුර තුල විදුලි පොම්පයක්ද සවි කරන ලදි.
එහෙත් 1953 දී ස්ටාලින් මිය යන විට මහාචාර්ය Vorobyev ද මියගොස් සිටි අතර අදාල කාර්යය මහාචාර්ය Vorobyev ගේ සහායකයා ලෙස ක්‍රියාකල මහාචාර්ය Zharsky හට පවරන ලදි. මේ බෙහෙත් ගල්වා සිරුර කල් තබා ගැනීමේ ක්‍රියාවලියට මාස කිහිපයක්ම ගතවීය. මේ සියළු කර්තව්‍යයන් අවසානයේ 1953 නොවැම්බර් මසදී ස්ටාලින්ගේ සිරුර නැවතත් මහජනතාවට ප්‍රදර්ශනය සදහා විවෘත කරන ලදි.
ස්ටාලින්ගේ සිරුර රහසිගතවම ඉවත් කිරීම
ස්ටාලින් ඒකාධිපති හා ප්‍රජාපීඩක පාලකයකි. ඔහු ජීවත්ව සිටින කාලයේ ඒ ගැන කතා කරනවා තබා සිතුන්නවත් සෝවියට් දේශයේ කිසිදු පුරවැසියෙක් උත්සහකලේ නැත. එහෙත් ඔහු මියගොස් ටික කලක් යන විට ඔහු තම දේශයේ ජනතාවට කල අප්‍රමාණ දුර්ධාන්ත ක්‍රියා ගැන මිනිසුන්ට ක්‍රමක්‍රමයෙන් මතකයට නැගෙන්නට විය.
Nikita Khrushchev 1953 සිට 1964 දක්වා සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන මහලේකම් වූවා සේම 1958 සිට 1964 දක්වා එරට නායකත්වයද ඉසිලීය. ඔහුගේ කාලයේදී "de-Stalinization" නම් ස්ටාලින් සිදුකල දේවල් කනපිට හැරවීමේ ව්‍යාපෘතියක් ආරම්භකල අතර 1956 පෙබරවාරි 24-25 කාලයේ පැවති පක ෂයේ විසිවන මහා සභා රැස්වීමකදී Khrushchev, ස්ටාලින් විසින් සිදුකරන ලද සැහැසි ක්‍රියා පිළිබදව කතා කරන්නට විය.
වසර පහක් ගතවිය මුලින්ම සිදුකලේ ස්ටාලින්ට දී තිබූ හමුදා උත්තමාචාරය ඉවත් කිරීමයි විසිදෙවන පක්‍ෂ සමුළුව 1961 ඔක්තෝබර් මස පවත්වා දින කිහිපයක් ගතවූ තැන ස්ටාලින්ගේ දේහය ලෙනින්ගේ දේහය අසලින් සද්දබද්දයක් නැතුවම රහසිගතවම ඉවත්කලේ කිසිදු උත්සවයක් හෝ ගරුසරු දැක්වීමකින් තොරවයි. ඉන්පසු රතු චතුරස්‍රයේ සිට මීටර් 300 ක් පමන දුරින් රුසියන් විප්ලවයේ පහල පෙලේ සාමාජිකයන්ගේ දේහයන් වලලා තිබූ තරමක් ගස් වැවී තිබූ ස්ථානයක මිහිදන් කරන ලදි.
තවත් සති කිහිපයක් ගතවූ තැන සරල පාශාන ස්මාරකයක් ඒ මත පිහිටුවනු ලැබූ අතර එහි කොටා තිබුනේ මෙපමණයි, "J. V. STALIN 1879-1953”. 1970 දී ස්ටාලින්ගේ කුඩා උඩුකය ප්‍රතිමාවක් පමණක් ඒ අසලින් පිහිටුවන ලදි.
වර්තමානයේ ස්ටාලින්ගේ සිරුර මිහිදන් කර ඇති ස්ථානය |
මෙම ලිපියේ දෙවන කොටස - විසිවන සියවසේ මමි II
ගොඩ කාලෙකට පස්සේ වැදගත් ලිපියක් කියෙව්වා.. ගොඩක් මහන්සි වෙලා ලියලා තියේ..
ReplyDeleteඅගනා ලිපියක්. දෙවැනි කොටස එනතෙක් බලාන ඉන්නවා..
ReplyDelete@Kanishka|කණියා - ස්තූතියි! ඔව් මේ ලිපියට ටිකක් මහන්සිවෙන්න වුනා තමයි. ඇත්තටම සම්පූර්ණ ලිපියම ගත්තොත් ඒක දිග වැඩි හින්ද තමයි කොටස් වලට කැඩුවේ. මෙය සත් සමුදුරේ මෙතෙක් පලවූ ලිපි වලින් දිගම ලිපිය කිව්වත් වරදක් නැහැ...
ReplyDeleteසෑබෑම සෑබෑ වටිනා ලිපියක්.. හරවත් දෙයක් දුන්නාට... ඒ වූ මහන්සියට ඉතාම ස්තූතියි... එතරම්ම වටිනවා....
ReplyDelete@Pravin - ස්තූතියි! දෙවන කොටසත් ඉක්මනින්ම පල කරනවා...
ReplyDelete@ජීවිතේමල් - ස්තූතියි! දෙවන කොටසත් බලන්න පැමිනෙන්න...
ReplyDeleteලස්සන ලිපියක්,,තවත් මේ වගේම දේවල් කියවන්න ආසයි
ReplyDelete@ItalyDilan - ස්තූතියි! ඉදිරියේදීත් සත් සමුදුරට එන්න. ඔබගේ බලාපොරොත්තුව ඉටුවී තිබේවි...
ReplyDeleteමේ තරම් වටිනා ලිපියක් කියවලා, මොකුත් නොකියා යන එක ඔබේ මහන්සියට කරන අගෞරවයක්. ගොඩක් දේවල් දැනගත්තා. තව තවත් මේ වගේ හරවත් ලිපි ලියන්න ඔබට කාලය, ශක්තිය ධෛර්යය ලැබේවා!
ReplyDelete@පාඨකයා - ස්තූතියි! දෙවන කොටසත් බලන්න එන්න...
ReplyDeleteමෙන්න සදාකාල ජීවනයට මග
ReplyDeletehttp://www.watchtower.org/sn/index.html
හී. හී.
Deleteසදාකාලික නොවූ ලෝකේ සදාකාලික සිහිනයක්
සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් . . .
කියලා තමයි ඔයාට කියන්න තියෙන්නෙ. ඇස් ඇරල ඔයාල කරන දේ බලන්න. බොරු පම්පෝරි විතරයි. අනෙක් ආගම් වලින් බිලීබාන්න එන්නෙ නැතුව මේ ලස්සනට ලියන බ්ලොග් අඩවිය කන්නෙ නැතුව ඉන්න.
මේ ලිපියේ තියෙන වටිනාකම දාල තියෙන ෆොටෝ ටිකෙන්ම තේරැම් ගන්න පුලුවන්.මේ වගේ දේවලින් අපිව දැනුවත් කරනවාට බොහොම ස්තූතියි.
ReplyDeleteNice Article !
ReplyDeleteWaiting for part 2
@උදාර - ස්තූතියි! දෙවන කොටසක් බලන්න එන්න...
ReplyDelete@Chanaka Aruna Munasinghe - Thanks! It will be published on next few days'''
ReplyDeletegodaak mahansiwelaa tiye bro
ReplyDelete@මෝල්ඩර් ෆයිල්ස් - yea... yea ... thanks!
ReplyDeleteකාලෙකට පස්සෙ කියවපු වැදගත් ලිපියක්... දිගටම ලියන්න.
ReplyDelete@පැතුම් - ස්තූතියි! දෙවන කොටසත් බලන්න එන්න...
ReplyDeletenice work
ReplyDelete@amith Jayasekara - Thanks! Come again...
ReplyDeleteඅහම්බෙන් බොහොම වටින බ්ලොගයක් හම්බ වුනේ. ඔබට RSS සක්‍රිය කළ හැකිනම් එය බොහෝ අගෙයි. කෝකටත් මම Bookmark එකක්නම් දාගත්තා.
ReplyDelete@Amila Udayanga D.G - ස්තූතියි! අමිල, ඔබ කී ලෙස ඉක්මනින්ම ඉදිරියේදී මම RSS සක්‍රීය කරන්නම්. සත් සමුදුරට හැකි සෑම විටම පිවිසෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරනවා...
ReplyDeleteආසාවෙන් කියවූවා. හෝ චි මින් [ uncle ho ] ඔය ආකාරයටම අදත් සැතපී සිටිනවා . අව වැසි නොතකා මිනිසුන් එහි යනවා . සැහෙන කලකට පස්සෙත් ඒ වගේ ගෞරවයක් ලබන්න තරම් ඔහු සැබෑ මිනිසෙකුව සිටින්න ඇති . මම හිතන්නේ ඔබගේ දෙවෙනි ලිපියේ ඒ ගැන ඇති . ආගමට හෝ පාර භෞතික දේ වලට තැනක් නොතිබුන සමාජවාදී රට වලම මේ ශරීර සංරක්ෂණය සිදුවුණ එක පුදුමයි . ඒ නායකයින් සමගම ඔවුන්ගේ දර්ශනයන්ද මිය යා යයි බිය නිසා විය හැකියි.
ReplyDeleteලංකාවේ අපි මලගිය ඇත්තන් කෙරෙහි යම් බියක් දක්වනව . ථෙරවාද බුදු සමය තුලත් ජිවිතයේ අනියත බව උගන්නනවා . ඒත් මහායානය ඇති සමහර රටවල සිරුර දවා අළු ටික ගෙදර හෝ පන්සලක තැන්පත් කරලා පුද පූජා පවත්වනවා. කොයික හරිද මන්ද . මගේ පුද්ගලික අදහස නම් අළු ටිකත් පරිසරයට එකතු විය යුතුයි. කල කි දෑ අනුව මියගියවුන් මතකයේ ඉදිවී .
දිගටම ලියන්න සුබ පැතුම් . මගේ මුහුණු පොතින් මේ අඩවිය බෙදා දුන්නා. හොඳ දේ වැඩියෙන් කියවිය යුතුයි නේ.
..චමිලා
@chamilap - ස්තූතියි! දෙවන ලිපියේ හෝ චී මින් ගැනත් තියෙනවා. හෝ චී මින් ගැන සෙවීමේදී දැන ගන්න ලැබුන දෙයක් තමයි ඔහු නම් මෙසේ සිරුර කල් තබා ගැනීමට එකඟවූ අයෙක් නම් නෙවෙයි. ඔහුට ඕන වෙලා තියෙන්න ඇත්තේ චාම් අවමංගල්‍යයක්. දන්න තරමින් ලෙනින් සහ මවෝ සේතුංවුනත් බලාපොරොත්තුවෙලා තියෙන්නේ ඒ විදියට. නමුත් ජීවත්වෙලා ඉන්න අය තම තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට මෙසේ සිරුරු කල් තබා ගැනීමේ විලාසිතාව කරලියට ගෙන එන්න ඇති. මම ඔබට නැවතත් ස්තූතිවන්ත වෙනවා තව අයට සත් සමුදුර බෙදා හදා දීම ගැන. නැවත එන්න. තව දීර්ඝ ලිපියක් සැකසෙමින් පවතිනවා...
ReplyDeleteහොද ලිපියක් බොහොම ස්තුතියි.
ReplyDelete@Anonymous - Thanks! Come Again...
ReplyDeleteහරිම වටිනා ලිපියක් සහොදරය, කියන්න සතුටුයි මමත් එම භූගත් දේහය ඇස්දෙකින් බලන්න වාසනාවන්ත උනේ නැතත් එම ස්ථානයෙ දොරකඩටම යන්න වාසනාවන්ත උනා ඒවගේම එම ස්ථානයේ තියෙන සෑම කොටසකම වගේ ඇවිදින්නත් පුලුවන් උනා, ඒකට ඔබ සඳහන් කරල තියෙන ආකරයට අදටත් නියමිත් ආකරයට වසරේ දින 365 අචාර කරනව ඕනැම දේශගුනතත්වයක් යටතේ ඒක පෙර වෙනස් උනාද කියන්න දන්නේ නැති වුනාට දෑනට එය සිදුවෙනව, ඒක හරිම ව්ශෙෂයි, මොකද ඔවුන් එක මොහොතක් වත් හෙල වෙන්නෙවත් නෑ, මෙම ස්ථානයට කියන්නෙ ක්‍රාශ්නයා ප්ලෝශාද් කියල, ඉතාම ව්ශිෂ්ඨ නිර්මානයක් වගෙම දැවැන්ත නිර්මානයක්, ඉතාම වටිනා ලිපියක්, මම ඉන්න තැන ඉඳන් පැය දෙකක ගමනකින් විතර එන්න පුලුවන්, දිගටම ලියන්න, මම ලංකාවට ආවම අපි හමුවෙමු, ඇත්තෙන්ම සංහිඳපාමුළට සත්සමුදුර නෑයෙක් කිව්වොත් නිවැරදී. ඔබට ජය.
ReplyDelete@සංහිඳ පාමුළ - බොහොම ස්තූතියි!!! පිළිතුරු සැපයීමට ටික දිනක් ගියාට අමනාපනොවන්නැයි ඉල්ලනවා. ඉතාමත් වැදගත් තොරතුරු සමූහයකින් තමයි ඔබ අපව දැනුවත් කරේ...
ReplyDeleteදෙවැනි කොටස එනතෙක් බලාන ඉන්නවා.ඉතාම වටිනා ලිපියක්.දිගටම ලියන්න සුබ පැතුම් .
ReplyDelete@Anonymous - ස්තූතියි! මිත්‍රයා දෙවන කොටසත් දැනටම පල කරල තියෙන්නේ. කරුණාකරල පටුන පරීක්‍ෂාකලොත් ඔබට එය හමුවේවි...
ReplyDeleteඒ ලිපිය නම් නියමයි.ඒත් මට නම් හිතෙන්නෙ ලෙනින් හො චී මින්ග් වගේ නායකයො ඔය දේට එකග නැතුව ඇති කියලා.ඇත්තටම ලිපිය නියමයි
ReplyDeleteස්තූතියි! ඔව් ඔවුන්ගේ එකඟතාවයක් ජීවත්වසිටින කාලයේ තිබී නැහැ...
ReplyDeleteදිනේශ්, මම අදයි මේ පැත්තට ආවේ. ඔයා ගොඩක් වටින දේවල් හොයලා ලියනවා. ඔබට වටිනා ලිපි ලිවීමට ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteTHANKS GOOD WORK
ReplyDeleteමම දන්නා තරම්න් නම් ශ්‍රේෂ්ඨ ලෙනින් , මාවෝ සේතුං , හෝ චිං මිං ,වැනි වාම වාදින් කිසි කලෙක තම අවසන් කටයුතු උත්සවයකින් හෝ අධි වියදමින් සිදු කල යුතු බව සදහන් කරලා නෑ...ඔවුන්ට ඕනේ උනේ සමාජ සාධාරනත්වය ඉටුවෙනවා දකින එකයි..
ReplyDeleteඒක ආදර්ශයක් කොටගත් දේශපාළුවෝ කොහෙද ඉන්නේ?
කියුබාවෙවත් ජීවත් වෙලා ඉන්න කිසිම වාම නායකයෙකුගේ නමින් පාරක්වත් නම්කරලා නෑ...
ඒකට අපේ රටේ...
ඉතාමත් වැදගත් ලිපියක්...බොහෝම ස්තූතියි...
Kalekin kiyawapu hondama lipiya,, nodanna deyak me vidiyata dunnata bohoma pin,,,, wechcha mahansiyata sthuthi,,,,,
ReplyDeleteKumari,,,,
දීපාල්, ඔය ගත්ත උත්සාහය ඉතාමත් සාර්ථකයි.
ReplyDelete\ඉතාමත් හොඳ ලිපියක්.
Excellent work.Very much appreciated..
ReplyDeleteසිංහල ඹ්නෑම වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය සහ අර්ථය ලබා ගන්න භාවිත කරන්න පුළුවන් විදියේ ෂබ්දකෝෂයකට යන්න මාර්ගය කියන්න
ReplyDeleteඉතා වැදගත් ලිපියක්
ReplyDeleteඉතා වැදගත් ලිපියක්
ReplyDelete