නිල් චිත්‍රපටි එහෙමත් නැත්නම් Blue films හෙවත් අසභ්‍ය චිත්‍රපටි කියන්නේ ලංකාව තුල ලඟතබා ගැනීම, නැරඹීම, බෙදා හැරීම යනාදී සියළු කාරණා වලදී නීතියෙන් දඩුවම් ලැබිය යුතු තරම් වරදක්. පසුගිය කාලයේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එහෙම දෙයකට පෙනී සිට ඇත්නම් භාරවී එය නිවැරදි කරගන්න යයි නියෝග පැනවීමෙන්ම එය තහවුරු වුනා.
ඒත් ලංකාවේ මෙසේ වූවත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල මෙයත් අනෙකුත් සිනමා කර්මාන්තය මෙන් කරගෙන යන්නක් බව අන්තර්ජාලයේ සදහන්. ඒ වෙනුවෙන්ම සිටින චිත්‍රපටි ආයතන හා කාර්ය මණ්ඩලයක් වගේම නළු නිළියන් මෙන්ම බෙදාහරින්නන් පිරිසකුත් සිටින බව සදහන් වෙනවා. කොහොමවුනත් ඒ රටවල සංස්කෘතිය හා සමාජ වටපිටාව අනුව මෙය ඔවුන්ට සාමාන්‍ය දෙයක් ලෙස තර්ක කරන්නට අපේ රටේ මේ ගැන නොදන්නා අය ඉදිරිපත් වූවත් වෙනස් සංස්කෘතියක් තිබුනත් එම රටේ පවා මෙම ක්‍ෂෙත්‍රයට අඩිය තැබුවහොත් ඔහුට හෝ ඇයට කැපවීම් රැසක් කරන්නට සිදුවන බව සදහන්. විශේෂයෙන් තමන්ගේ ඥාතීන් හිතවතුන්ගෙන් ඈත්වීමට වගේම තමන්ගේ අනාගතය බබලවන්නට හෝ අදුරු කරලන්නට මෙම ක්‍ෂෙත්‍රය ඉවහල් වන බව ඔවුන් තේරුම් අරගෙන මෙම ක්‍ෂෙත්‍රයට අඩිය තැබිය යුතු බව සදහන්. කාන්තාවන්ට වැඩි අවස්ථාවකුත් පිරිමි අයට අඩු අවස්ථාවකුත් තිබෙන ක්‍ෂෙත්‍රයක් බව හැදින්වෙන මෙහි එක් අදුරු පැත්තක් වන්නේ විනෝදය හෝ රැකියාව ලෙස නිල් චිත්‍රපටි රංගන ශිල්පියෙකු වූවත් බොහෝමයක් දෙනා පසුකාලීනව ඇතිවන මානසික බිදවැටීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත්, ඇතැම් විට මත්ද්‍රව්‍ය සීමාව ඉක්මවා ගැනීමෙන් විශ වී මරණයට පත්වීම මෙන්ම මත්වී රථ වාහන පදවන්නට ගොස් අනතුරුවලට ලක්වී මිය යාමයි.
අනෙක් කාරණය නම් සමාජ රෝග හා ඒඩ්ස් වැනි සුවකිරීමට අසීරු හා සුවකළ නොහැකි ලෙඩ රෝග ව්‍යාප්තියයි. 80 දශකයට පෙර ඒඩ්ස් සොයා ගැනීමට පෙර සමාජ රෝග පිළිබදව ගැටළු මෙම ක්‍ෂෙත්‍රයේ පමණක් නොව ලිංගික ඇසුරට ලොල් මිනිසුන් අතර පැවතුන අතර ඒඩ්ස් සොයා ගැනීමත් සමග ඒ රටවල මෙම ක්‍ෂෙත්‍රයේ යෙදෙන්නන් එයින් වැලකීමට විවිද උපක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය හා කළ යුතු දෙයක් වුවා සේම තමන් ඒඩ්ස් රෝගයෙන් මිදී සිටින්නෙකු බව තහවුරු කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාද නිරතුරු ලබා ගැනීම අනිවාර්යය විය. බොහෝ නළු නිළියන් එම අවධානමද රැගෙන මෙවන් චිත්‍රපටිවල රඟපෑ අතර තමන්ට යම් හෙයකින් රෝගය වැලදී ඇති බව දැනගත් විගස ක්‍ෂෙත්‍රයෙන් ඉවත්වීම සාමාන්‍ය කරුණක් විය. එහෙත් 90 දශකයේ මෙම සිද්ධාන්තයට පටහැනි ආකාරයට කටයුතු සිදුවීමෙන් තවත් කිහිපදෙනෙකුම මෙම රෝගයට ගොදුරු කළ නිල් චිත්‍රපටි නළුවෙකු පිළිබදව තොරතුරු සදහන්ය.
Marc Wallice
නමින් හැදින්වෙන නළුවා 80 දශකයේ මෙම ක්‍ෂෙත්‍රයට පැමිණ තිබෙන අතර ඔහු රඟපෑ චිත්‍රපටි ගණන ඇසුවොත් ඔබගේ ඇස් උඩ යනු වැලැක්වීමට නොහැකි වන ඇත. එය සංඛ්‍යාත්මකව 1300 කට වඩා වැඩි බව පැවසෙන අතර ක්‍ෂෙත්‍රයේ වැඩිම කාර්යබහුල වූ අයෙකු ලෙසද සැලකේ. කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් 1998 දී හෙළි වූ කරුණ මෙම ක්‍ෂෙත්‍රයේ හෙල්ලුම්කෑමට ලක් කළ පමණක් නොව තවත් ජීවිත ගණනාවකට අවාසනාවද රැගෙන ආවේය. එනම් ඔහු ඒඩ්ස් ආසාධිතයකු බව හෙළි වීමයි. සොල්දාදුවෙකු ගේ ජීවිතය යුද බිමේදී කොයි මොහොතේ සතුරු වෙඩි උණ්ඩයට ගොදුරුවන්නේද යන තරම් ලිංගික කාර්තව්‍යයන්හදී කොයි මොහොතේ සමාජ රෝග හෝ ඒඩ්ස් වැලදීමේ අවධානම බහුලව තිබෙන නිසා හා ඊට පෙරද ඒඩ්ස් වැලදීමෙන් මේවායේ රඟපෑ නළුනිළියන් මිය ගොස් ඇති නිසා එය එතරම් කරුණක් නොවූවත් මොහු සම්බන්ධයෙන් වූයේ නැවත නිවැරදි කළ නොහැකි වැරැද්දක් සිදුව තිබීමයි. ඒ ඔහු 1998 ට පෙර වසර දෙකක් තිස්සේම තමන්ට ඒඩ්ස් වැලද තිබීම දැනුවත්ව තිබුනද සගවා කටයුතු කිරීමයි. එහිදී සාමාන්‍යයෙන් HIV පරීක්‍ෂාවට තමන්ගේ රුධිරය ලබා දීම වෙනුවට ඔහු කර තිබෙන්නේ වෙනත් නිරෝගී අයෙකුගේ රුධිරය ලබාදීම තුලින් තමන් රෝගයට ගොදුරුව ඇති බව සැඟවීමයි. ඔහුගේ මෙම ක්‍රියාකාරකමෙන් සිදුවූයේ තවත් කාන්තාවන් කිහිප දෙනකුට හා ඔවුන්ගෙන් තවත් අයට මෙම රෝගය ව්‍යාප්තවී සියල්ලන්ගේම ජීවිත කෙටි කරලීමයි. එයටත් නඩා අවධානම නම් මොවුන් රඟපාන දේවල් සාමාන්‍යකරණයක් ලෙස නරඹන්නන් ලබා ගන්නා පණිවිඩය අහිතකර ප්‍රතිඵල ගෙන දීමයි. ඇත්තෙන්ම මෙවැනි චිත්‍රපටි වලදී සිගරට් පෙට්ටියේ සදහන් "දුම්බීමෙන් පිළිකා ඇතිවීමට ඉඩ ඇත" යනුවෙන් සදහන් වූවා සේ අවවාදාත්මක සටහනක් සෑම විටකම යොදා තිබුනේ නම් මෙය තවත් එක් රඟපෑමක් ලෙස නරඹන්නන් ලබා ගැනීම ඒඩ්ස් වේගයෙන් ව්‍යාප්තවන පරිසරයකදී එයට එරෙහිව තවත් එක් ක්‍රියාමාර්ගයක් වනු ඇත.
නමින් හැදින්වෙන නළුවා 80 දශකයේ මෙම ක්‍ෂෙත්‍රයට පැමිණ තිබෙන අතර ඔහු රඟපෑ චිත්‍රපටි ගණන ඇසුවොත් ඔබගේ ඇස් උඩ යනු වැලැක්වීමට නොහැකි වන ඇත. එය සංඛ්‍යාත්මකව 1300 කට වඩා වැඩි බව පැවසෙන අතර ක්‍ෂෙත්‍රයේ වැඩිම කාර්යබහුල වූ අයෙකු ලෙසද සැලකේ. කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් 1998 දී හෙළි වූ කරුණ මෙම ක්‍ෂෙත්‍රයේ හෙල්ලුම්කෑමට ලක් කළ පමණක් නොව තවත් ජීවිත ගණනාවකට අවාසනාවද රැගෙන ආවේය. එනම් ඔහු ඒඩ්ස් ආසාධිතයකු බව හෙළි වීමයි. සොල්දාදුවෙකු ගේ ජීවිතය යුද බිමේදී කොයි මොහොතේ සතුරු වෙඩි උණ්ඩයට ගොදුරුවන්නේද යන තරම් ලිංගික කාර්තව්‍යයන්හදී කොයි මොහොතේ සමාජ රෝග හෝ ඒඩ්ස් වැලදීමේ අවධානම බහුලව තිබෙන නිසා හා ඊට පෙරද ඒඩ්ස් වැලදීමෙන් මේවායේ රඟපෑ නළුනිළියන් මිය ගොස් ඇති නිසා එය එතරම් කරුණක් නොවූවත් මොහු සම්බන්ධයෙන් වූයේ නැවත නිවැරදි කළ නොහැකි වැරැද්දක් සිදුව තිබීමයි. ඒ ඔහු 1998 ට පෙර වසර දෙකක් තිස්සේම තමන්ට ඒඩ්ස් වැලද තිබීම දැනුවත්ව තිබුනද සගවා කටයුතු කිරීමයි. එහිදී සාමාන්‍යයෙන් HIV පරීක්‍ෂාවට තමන්ගේ රුධිරය ලබා දීම වෙනුවට ඔහු කර තිබෙන්නේ වෙනත් නිරෝගී අයෙකුගේ රුධිරය ලබාදීම තුලින් තමන් රෝගයට ගොදුරුව ඇති බව සැඟවීමයි. ඔහුගේ මෙම ක්‍රියාකාරකමෙන් සිදුවූයේ තවත් කාන්තාවන් කිහිප දෙනකුට හා ඔවුන්ගෙන් තවත් අයට මෙම රෝගය ව්‍යාප්තවී සියල්ලන්ගේම ජීවිත කෙටි කරලීමයි. එයටත් නඩා අවධානම නම් මොවුන් රඟපාන දේවල් සාමාන්‍යකරණයක් ලෙස නරඹන්නන් ලබා ගන්නා පණිවිඩය අහිතකර ප්‍රතිඵල ගෙන දීමයි. ඇත්තෙන්ම මෙවැනි චිත්‍රපටි වලදී සිගරට් පෙට්ටියේ සදහන් "දුම්බීමෙන් පිළිකා ඇතිවීමට ඉඩ ඇත" යනුවෙන් සදහන් වූවා සේ අවවාදාත්මක සටහනක් සෑම විටකම යොදා තිබුනේ නම් මෙය තවත් එක් රඟපෑමක් ලෙස නරඹන්නන් ලබා ගැනීම ඒඩ්ස් වේගයෙන් ව්‍යාප්තවන පරිසරයකදී එයට එරෙහිව තවත් එක් ක්‍රියාමාර්ගයක් වනු ඇත.
කෙසේවෙතත් සදාචාරය රැකීම හෝ නීතිමය පැත්තක් ගැන මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු නොවූහ. එසේම අපේ රටේද දිනෙන් දින වැඩිවන බාලාපචාර සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශන ඉවහල් වන්නේ නම් ඒ ගැන පියවරක් ගත යුතුය. එහෙත් ලිංගිකත්වය පවා ඇති හැකි අයට සීමා වූ දෙයක් බවට පත් වෙමින් යන හා ලිංගිකත්වය පිළිබදව විද්‍යාත්මක කරුණු පවා පන්සිල් පද අතර තෙවන ශික්‍ෂා පදයට අත්ව ඇති ඉරණම හෙවත් කුඩා දරුවෙකු වැඩිහිටියෙකුගෙන් මෙම සිල්පදයේ තේරුම ඇහුවොත් ඔහු දෙන උත්තරය හා සමාන වීමෙන් වසර 2600 කට පෙර බුදු දහමේ ඉගැන්වූ අනාරක්‍ෂිත හා සීමාවෙන් පිටත සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වල ආදීනව ලබා දුන් අවවාදාත්මක පණිවිඩය වැදගෙන කියන ගාථා පදයකින් ඔබ්බට නොයනු ඇත.
ලෝකයේ බොහෝ රටවල ඇති ඇතැම් ආකල්පය මිත්‍යාගත කරුණුද ඒඩ්ස් වැනි රෝග බෝවීමට තෝතැන්නක් නිර්මාණය කර ඇත. මා කලකට පෙර කියවූ යම් ප්‍රවෘත්තියක සදහන් වූයේ නයිජීරියාවේ ඇතමුන් විශ්වාස කරන්නේ තමන්ට ඒඩ්ස් වැලද ඇත්නම් කන්‍යාවක් සමග එක්වීමෙන් රෝගය සුවවන බවයි. ඉතින් ඉන් පසු සිදුවන්නේ කුමක් දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ලැජ්ජාවයි, සදාචාරයයි, සංස්කෘතියයි යන සියල්ලම වැටමායිම් කොට මෙවන් ව්‍යවසන ගැන ක්‍රියාකිරීමෙන් නම නිසි පරිදි ඒඩ්ස් රෝගය වලකා ලිය නොහැකි වනු ඇත.
මූලාශ්‍ර - Ex-Porn Star Tells the Truth About the Porn Industry http://www.holisticwisdom.com/how-to-become-a-porn-star.htm
///නයිජීරියාවේ ඇතමුන් විශ්වාස කරන්නේ තමන්ට ඒඩ්ස් වැලද ඇත්නම් කන්‍යාවක් සමග එක්වීමෙන් රෝගය සුවවන බවයි//
ReplyDeleteමේ වගේ විකාර අදහස් ගොඩක් ඒඩ්ස් හදුනාගත්තා කාලෙම වගේ සමාජයට ආවාලුනේ.. ඒත් තවමත් සමහරු මේ ගැන ඒ තරම් දැනුවත් වෙලා නෑ... ඒ ඉතිං ඒ තරම් පැතිරීමක් නෑනේ කියලා තාමත් හිත හදාගන්න පුළුවන් තත්වෙක රට තියෙන නිසා... (සංඛ්‍යා ලේඛන ගැන නම් මම දන්නේ නෑ..)
සිගරට් පෙට්ටිවල කොච්චර ඕවා ගැහුවත් ඕක බොන කෙනා බොනවා... මේකත් ඉතිං ඒ වගේ තමයි... ඒත් අඩුගානේ මතක් වෙනවා මෙහෙම අවදානමක් තියෙනවා කියලා...
නයිජීරියාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල බොහෝ දේ සම්බන්ධයෙන් තිබෙන්නේ මිත්‍යා මත හා වැරදි ආකල්පයි. කොහොමවුනත් අඩුමතරමින් අවවාදයක් වත් දැම්මොත් අවධානම ගැනත් මතකයට නැගෙයිනේ...
Deleteලංකාවෙත් මේ දවස් වල සිද්ද වෙන දේවල් හැටියට ඇමරිකාව වගේ වෙයි කියලයි හිතෙන්නේ. ළමා අපචාර එන්න එන්න වැඩි වෙනවා. වැඩේ කියන්නේ ඒවා සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන්න ගියහම එතනිනුත් අතවර වෙන එකනේ... රටක පාළකයෝ සදාචාර සම්පන්නව හිටියනම් මේවා නවත්ත ගන්න පුලුවන්..
ReplyDeleteහොද ලිපියක් සහෝදරයා. දිගටම මේ වගේ දේවල් ලියලා ජනතාව දැනුවත් කරන්න බලන්න.
ඇමරිකාව කෙසේ වෙතත් ඉතියෝපියාව ස්වාසිලන්තය සිම්බබ්වේ වගේ නම් වේගෙන යනවා කියලයි මට හිතෙන්නේ ඒත් ඔයා කියන විදියට ඇමරිකාව වගේ උනොත් ඇමරිකන් කාරයො පෝලිමේ ඉඳියි මෙහේ වීසා ගන්න අපේ අයටත් ඉතින් බෝට්ටු වල රට පනින්න ඕන වෙන එකක් නැහැ ඇයි ඇමරිකාව මෙහේම වෙනව නේ.
Deleteස්තුතියි! ළමා අපචාර සම්බන්ධයෙන් නම් දඩුවම් දැඩි කළ යුතුමයි...
Deleteහහ් හ්හ් හහ්
Deleteමේ කරුණ සම්බන්ධයෙන් කියනවනම් අපේ රට ඇමරිකාව වගේ වෙයි.
හැබැයි අනිත් දේවල් අතින්නම් ඉතියෝපියාව තමා වෙන්නේ (ඊටත් අන්ත වෙයිද දන්නේ නෑ)... ;)
අනිත් රටවල් කෙසේ වෙතත් අපේ රට ගැන හිතුවොත් නම් ඒඩ්ස් වැනි රෝග, සමාජ රෝග විතරක් නෙවි අනවශ්‍ය ගැබ් ගැනීම්, පවුල් ආරවුල්වල සිට මිනී මැරුම් දක්වාම අපේ සමාජයෙ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමේ ප්‍රතිඵල විහිදිල යනව. අපිටත් වඩා සියවසකටත් එපිට ජීවත් වුණු රැජිනකගෙ සංස්කෘතියක් කර උඩ තියන් යනවට වඩා වර්තමානයෙ රට මුහුණ දෙන බරපතල සමාජ උවදුරයන් ගැනවත් හිතල අපේ රටේ අධ්‍යාපන ක්‍රමයන් වෙනස් කරනව නම්, දැනුවත් සමාජයක් බිහිකරන්න මීට වැඩිය කැප වෙනව නම් අඩු තරමෙ මීට වඩා දශමයකින් වත් හොඳ තැනකට යන්න අපිට පුළුවන් වෙයි. ඒක දවසකින් දෙකකින් ක්‍ෂණිකව නොවුනත් පියවරෙන් පියවර අපිට එතැනට යන්න පුළුවන් වෙයි. මොකුත්ම නොකර ඉන්නවට වඩා කරනව නම් කෝකත් හොඳයි කියල තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteඑකඟයි...
Deleteමෙන්න මේ වීඩියෝස් ටිකත් බලන්න. අවාසනාවකට වගේ අපි මේ මිනිස්සුන්ට අනුකම්පා කරල ජීවිතෙ නැවත ගොඩනගන්න උදව් කරනවා වෙනුවට, ඔවුන් වින්දවන හැටි බලල ස්වයන් වින්දනයේ යෙදෙනවා. මේ වගේ මාතෘකාවක් ගැන කතා කරපු එකත් ලොකු දෙයක්. මොකද අපි තිරයකින් දකින්නෙ යථාරතයට වඩා එහෙම්පිටින්ම වෙනස් දෙයක්.
ReplyDeletehttp://www.youtube.com/watch?v=r0q_VGacfNk&feature=plcp
http://www.youtube.com/watch?v=yo1cFx9126Q&feature=plcp
It clearly shows large number of porn workers dead by HIV. Another group who committed suicide. According to the pattern of their suicide, I think some of them had HIV or other incurable STD. and they might knew and they was suffering the defects. That situation would cause them to suicide by various ways. Thanks Dinesh and thanks for videos by ano.
Deleteඔබ පවසා ඇති දෙයට මමත් එකඟයි. විනෝදයට මේ රැකියාවට ආ පිරිසකුත් ඇති ඒත් ලෝකය පුරාම ගත්තම සමහර වෙලාවට පිරිමි හෝ ගැහැණු මේ ක්‍ෂෙත්‍රයට පිවිස ඇත්තේ තමන්ගේ ජීවිකාව ලෙසටයි. ඒ ඔවුන්ට කරන්න වෙන දෙයක් ඇත්තේම නැතුවට...
Deleteසමාජයට වටිනා පනිවුඩයක් දෙන පෝස්ට් එකක්
ReplyDeletehttp://samakayawate.blogspot.com
ස්තූතියි!
DeleteThis is a very good topic with a timely value, to have a discussion about.
ReplyDeletewell written.
Thanks! This is a very simple post....
Deleteමේ පිළිබඳව සමාජය මීට වඩා දැනුවත් වුණා නම් මීට වඩා ආරක්ෂාව හැමෝටම ලැබෙයි.
ReplyDeleteදැනුවත් බව අඩුකම ගොඩක් දේවල් විසදා ගැනීමට බාධකයක් තමයි...
Deleteහොද පෝස්ටුවක් සහෝදරයා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි!
Deleteරෝග ව්‍යාප්තියට බලපාන මූලිකම හේතුව නූගත්කම සහ මිත්‍යා විශ්වාස , ඒක හොඳටම පැහැදිලියි අප්‍රිකාවෙන් සහ ඉන්දියාවේන් වැඩිම ඒඩ්ස් රෝගීන් ගණනක් වාර්ථා වීමෙන් , ලිංගික අධ්‍යාපනය නිසි විදිහට ලැබෙනවා නම් ඔය ප්‍රශ්න සැහෙන දුරට අඩුවෙනවා , ප්‍රෝනොග්‍රැපි වල නෛතික තත්වය ලෝකයේ වීවිධ රටවල වෙනස් වෙන ආකාරය පහල ලින්ක් එකේ තියනවා
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Pornography_by_region
බුවා දත්ත ,දැනුම අපේ අයට වැඩක් නෑ මං ඉහල දාපු කමෙන්ට් එක තේරිලත් නෑ. සමාජ රෝග පොර්නොග්‍රැෆි නීතිමය තත්වය අතර සම්බන්ධයක් නෑ වගේම මං ජීවත් වන ඇමරිකාවෙ ඉහත අය කියන අප්සට් එක දැකලත් නෑ. ඔහේ කියනවට කියනව. අපේ අයගේ සීරියස් කතා සහ වර්ගපූර්ණිකාව අතර වෙනසකුත් නෑ බුවාගේ ලින්ක් එකේ තියන කලාප මේ ඒඩ්ස් මැප් එකත් එක්ක සංසන්දනය කරල බලන්න.
Deletehttp://en.wikipedia.org/wiki/Epidemiology_of_HIV/AIDS
රෝග ව්‍යාප්තියට බලපාන මූලිකම හේතුව නූගත්කම සහ මිත්‍යා විශ්වාස 100% එකඟයි.
//රෝග ව්‍යාප්තියට බලපාන මූලිකම හේතුව නූගත්කම සහ මිත්‍යා විශ්වාස 100% එකඟයි.// රෝග ව්‍යාප්තියට වගේම ගොඩක් සමාජ ගත ගැටළු වලට මූලිකම හේතුවක් වන්නේත් මෙයයි. ඒත් කවදා බහුතර ජනතාවකට නිවැරදි චින්තනයක් ලැබේද?
Deleteඉතාම අපූරූ පෝස්ට් එකක්.ඔබ අහලා තියනවද ජියා මාරි කරන්ගී (Gia Marie Carangi) කියලා කෙනෙක් ගැන. ඇයත් අර රොක් හඩ්සන් වගේම HIV රෝගය හඳුනාගත් කාලයෙම මේ රෝගය බෝවී මිය ගිය නිරූපිකාවක්. ඇය මියවනවිට වයස 26යි. කුඩ අකාලයේ කරදර කාලයක් ගතකල එනිසාම ජීවිතය අයාලේගිය පසුව ජනප්‍රිය නීරූපිකාවන් වී පසුව මත් ද්‍රව්ය වලට ගොදුරුව ඊටපසු ඒඩ්ස් වැලඳී මිය හිය තරුනියක්.ඇයගේ කතාව චිත්‍ර පටයකට නගා තියනවා ඒකේ නමත් Gia Marie Carangi ම තමයි රඟපානේ ඇන්ජලීනා ජොලී පුලුවන් නමි හොයාගෙන බලන්න හිතට දැනෙන අනුවේදනීය කතාවක්
ReplyDeleteස්තූතියී! මේ චිත්‍රපටිය සොයාගෙන බලා ඒ ගැනත් යමක් කියන්නම්...
Deleteකාලෙකින් මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලේ,ලොකු කතාවක් පෝස්ට් එකේ තියෙන්නේ
ReplyDeleteදිනේෂ්.....හොඳ ලිපියන්......අපි හිතන්නෙ නැති වුණාට ඇත්තටම මේ නළු නිළියන් උනත් කරන දේ ඉතාම අමාරු දෙයක්. (හිනාවට කාරණයක් නෙමේ) ඒ වගේම මේ අයට සෘජු හා අතුරු ආබාධ වැඩියි. සමාජ පිළිගැනීම අඩුයි. සමාන්‍ය පවුල් ජීවිත නැති තරම්. ඒ පැත්ත තමයි නීරස පැත්ත.
ReplyDeleteඒඩ්ස් වලට ප්‍රතිරෝධයක් දක්වන ගැහැනු මිනිස්සු ඉන්න ගමක් තියෙනවා කියන්නේ ඇත්තද? මට මතක විදිහට ඒ අප්‍රිකාවේ... ඒ ගමේ වැඩි හරියක් මිනිස්සුන්ට ඒඩ්ස් වැළඳී තිබුනත් ඉන් කිසිම හානියක් ඔවුන්ට නැති බව තමයි ලිපියක තියෙනවා මම දැක්කේ...
ReplyDeleteවටින ලියමනක්
ReplyDeleteස්තුතියි
ReplyDeleteවටිනා සටහනක්
ReplyDeleteකෝරලේ වලව්ව
http://www.youtube.com/watch?v=9_Fbu5bOQmI
ReplyDeleteමේ මාතෘකාව ගැන ලියවුන සින්හල ගීතයක්.. ටිකක් අහල බලන්න..
godak honda post ekak dinesh..
ReplyDeletemewa gana kiyanna nam dewal thiyenawa.
eth dan welawak naha..
thak u vry mch...
HIV is a virus created by US government.
ReplyDeleteWe should be very proud about our government isn't it?