Sunday, February 27, 2011

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion)

මෙම සංසිද්ධිය වූ අවධියේ ඔබ හෝ මා ඉපදීවත් නැහැ. මෙයත් සිදුවූයේ  රුසියාවේ සයිබීරියා කලාපයේ Tunguska නම් ප්‍රදේශයේදීයි. මෙය සිදුවූයේ මීට වසර සියයකටත් පෙර එනම් 1908 ජුනි 30 වන දින උදේ 7.14 ට පමණ බව කියවේ. සයිබීරියාවේ ටයිගා වනන්තර පෙදෙසක් වන Tungusk ගංඟාව ආශ්‍රිතව විසූ කුඩා  මිනිස් ජනාවාසයේ විසූවන්ට හිටි හැටියේ දකින්නට ලැබුනේ අති විශාල ගිණි බෝලයක් බදු දෙයක්. එහි පිපිරුම් ශබ්දයද බොහොම භයංකරවූවක් වී තිබෙනවා. එය කොතෙක්ද යතහොත් සැතපුම් දහසක පමණ දුරකට ඇසී තිබෙන අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන්හි විසූවන්ට මධ්‍යම රාත්‍රියේ පවා දකින්නට ලැබී ඇත්තේ හිරු කලින්ම පායා ඇති සේ ආලෝකයක්.

අද තරම් දියුණු තත්වයේ නොතිබුන එදා ලෝකයට මෙම සිද්ධිය මහත් කුතුහලයක් හා වික්‍ෂිප්ත බවක් ඇතිකිරීමට හේතුවූ අතරම කිසිසේත්ම කඩිනමින් ලගාවීමට නොහැකි පෙදෙසක් වූ නිසා සහ අද තරම් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ නිවැරදි හෝ කාර්යක්‍ෂම හෝ දියුණු ක්‍රමවේදයක් නොතිබූ එම යුගයේ මේ පිළිබදව විවිද මත පලවීම ස්වාභාවිකවුනා. එසේම අදාල ප්‍රදේශයේ සහ රුසියාවේ විසූවන්ට නම් මෙම පිපිරීම ඉමහත් භිතියක් ගෙන දුන්නා නිසැකයි. ඔවුන් සිතුවේ "ලෝක විනාශය සිදුවේගෙන එනවා" යනුවෙනුයි.


මෙම පිපිරුමත් සමගම භූකම්පනයක් හටගෙන තිබෙන අතරම එය රුසියවේ Irkutsk, Tashkent, Tbilisi, වන ප්‍රදේශ වලට මෙන්ම ජර්මනියේ Jena ප්‍රදේශයටද දැනී ඇතඑසේම දේශපාලනික පිටුවහලුන්ට පරසිදු නවාතැනක්වන සයිබීරියාවේ සිටි එවැනි පිටුවහල් කරනු ලැබූවකු වන T. N. Naumenko  යන අය ඒවන විට සිට ඇත්තේ Angara ගංඟාවට යාබද සහ මෙම පිපිරීම සිදුවූ ස්ථානයේ සිට 200 Km ගිණිකොන දෙසින් වූ කුඩා ගම්මානයක් වන Kezhma හිය. මේ ඔහු පවසන ආකාරයයි.


“The day was sunny and absolutely clear – not a cloud in the sky; no wind at all; complete silence. I was facing north. At about 7 o’clock the Sun was already quite high in the sky when there was a hardly audible sound of thunder. It was far away but it increased. There was a weak clap of thunder and I quickly turned to the south-east, towards the Sun. Its rays were being crossed from the right by a broad fiery-white stripe. On the left an elongated cloudy mass was flying to the north. It was even brighter than the stripe – dimmer than the sun’s disk but almost as bright as its rays.

A few seconds after the first clap of thunder, there was a second much louder. The flying lump was no longer visible, but its tail (the stripe) was now to the left of the Sun’s rays. It was getting broader than it was when on the right. Almost immediately there followed a third clap of thunder, so powerful that the earth trembled and a deafening rumble resounded over the boundless Siberian taiga”.

එසේම එදා රුසියාවේ පුවත් පත් පිරුනේ මෙවන් ලිපි වලින්;
...a huge meteorite is said to have fallen in Tomsk several sagenes from the railway line near Filimonovo junction and less then 11 versts from Kansk. Its fall was accompanied by a frightful roar and a deafening crash, which was heard more then 40 versts away. The passengers of a train approaching the junction at the time were struck by the unusual noise. The driver stopped the train and the passengers poured out to examine the fallen object, but they were unable to study the meteorite closely because it was red hot...

Siberian Life newspaper, July 27, 1908 
"When the meteorite fell, strong tremors in the ground were observed, and near the Lovat village of the Kansk uezd two strong explosions were heard, as if from large-caliber artillery."

මේ එංගලන්තයේ පුවත් පත් වල ඒ පිළිබද සටහන් වූ අයුරුයි.


කෙසේ නමුත් කාලය වසර 19 ක් ගෙවී ගියා. ඒ වසර 19 තුල රුසියාව තුල විවිද හැලහැප්පීම්, වෙනස්කම් රැසක් සිදුවී තිබුනා. 1927 Tungusk සිදුවීමට තවත් සංධිස්ථානයක් වූවා යයි කීම වරදක් නැහැ. ඒ මන්දයත්
මෙම සිද්ධිය ගවේශනය සදහා මොස්කව් සිට  සෝවියට් විද්‍යා ඇකඩමියේ පළමු විද්‍යාඥන් කණ්ඩායම සයිබීරියාවේ මෙම වනගත පෙදෙස කරා ගමන් ගත්තා. ඒ භූ විද්‍යාඥ Leonid Kulik ගේ නායකත්වයෙන් යුතුව වන අතර ඔවුන්ට පැවරුන මුල්ම රාජකාරිය වූයේ මෙම පිපිරුම කවරක් නිසා සිදුවූයේද යන්න සොයා බැලීමයි.

පළමු තීරණය
වසර 19 ක් ගෙවුන පසුවත් ඔවුන්ට මෙම ගමන දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුවු බවත් කිවයුතුයි. මුලින්ම ඔවුන්ට අපි සයිබීරියාව පිළිබද ලිපියේත් කතා කල Trans-Siberian දුම්රියෙන් කුඩා නගරයක් වන Tayshet කරා ගමන් කල අතර එතැන්සිට අශ්වයන්, බෝට්ටු සහ හිම යානා මගින් ඊලගට Vanavara කරා ගමන් ගත් අතර නැවතත් විශේෂීත බෝට්‍ටු තනා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය කරා ගමන් ගත්තා. ඒ අතරතුර විවිදාකාර මූලාශ්‍රවලින් ඔවුන් මෙම අද්භූත පිපිරීම ගැන දත්ත එක්රැස්කර ගත්තා. විශේ‍ෂයෙන්ම මෙම සිදුවීම වන කාලයේ එම ප්‍රදේශ වල විසූ මෙය පිළිබද පිළිගත හැකි දත්ත සැපයිය හැකි පුද්ගලයන් වෙතින්  වාචිකව ලබාගත් දත්ත සුවිශේෂයි.මේ අනුව Kulik ගේ මේ සිදුවීමට මුල්වු කරුන පිලිබද අදහස වූයේ මෙය උල්කාපාතයකින් සිදුවුනා යන්නයි.


මේ එසේ එක්රැස් කරගත් තොරතුරු කිහිපයක්.
  Testimony of S. Semenov, as recorded by Leonid Kulik's expedition in 1930.
"At breakfast time I was sitting by the house at Vanavara trading post (65 kilometres/40 miles south of the explosion), facing North. [...] I suddenly saw that directly to the North, over Onkoul's Tunguska road, the sky split in two and fire appeared high and wide over the forest (as Semenov showed, about 50 degrees up - expedition note). The split in the sky grew larger, and the entire Northern side was covered with fire. At that moment I became so hot that I couldn't bear it, as if my shirt was on fire; from the northern side, where the fire was, came strong heat. I wanted to tear off my shirt and throw it down, but then the sky shut closed, and a strong thump sounded, and I was thrown a few yards. I lost my senses for a moment, but then my wife ran out and led me to the house. After that such noise came, as if rocks were falling or cannons were firing, the earth shook, and when I was on the ground, I pressed my head down, fearing rocks would smash it. When the sky opened up, hot wind raced between the houses, like from cannons, which left traces in the ground like pathways, and it damaged some crops. Later we saw that many windows were shattered, and in the barn a part of the iron lock snapped."

  Testimony of Chuchan of Shanyagir tribe, as recorded by I.M.Suslov in 1926.
"We had a hut by the river with my brother Chekaren. We were sleeping. Suddenly we both woke up at the same time. Somebody shoved us. We heard whistling and felt strong wind. Chekaren said, 'Can you hear all those birds flying overhead?' We were both in the hut, couldn't see what was going on outside. Suddenly, I got shoved again, this time so hard I fell into the fire. I got scared. Chekaren got scared too. We started crying out for father, mother, brother, but no one answered. There was noise beyond the hut, we could hear trees falling down. Me and Chekaren got out of our sleeping bags and wanted to run out, but then the thunder struck. This was the first thunder. The Earth began to move and rock, wind hit our hut and knocked it over. My body was pushed down by sticks, but my head was in the clear. Then I saw a wonder: trees were falling, the branches were on fire, it became mighty bright, how can I say this, as if there was a second sun, my eyes were hurting, I even closed them. It was like what the Russians call lightning. And immediately there was a loud thunderclap. This was the second thunder. The morning was sunny, there were no clouds, our Sun was shining brightly as usual, and suddenly there came a second one!

"Me and Chekaren had some difficulty getting under from the remains of our hut. Then we saw that above, but in a different place, there was another flash, and loud thunder came. This was the third thunder strike. Wind came again, knocked us off our feet, struck against the fallen trees.

"We looked at the fallen trees, watched the tree tops get snapped off, watched the fires. Suddenly Chekaren yelled 'Look up' and pointed with his hand. I looked there and saw another flash, and it made another thunder. But the noise was less than before. This was the fourth strike, like normal thunder.

"Now I remember well there was also one more thunder strike, but it was small, and somewhere far away, where the Sun goes to sleep." 



First Visit to Ground Zero

මෙම විද්‍යාඥයින් පිරිස අදාල පිපිරුම සිදුවු ස්ථානය ප්‍රථම වරට දුටුවිට කම්පනයට පත්වූ බව ඉදුරාම කිය හැකියි. ඒ වසර 19 ක් ගතවීත් සිදුවූ විනාශයේ නටඹුන් එලෙසින්ම පැවති නිසයි. පළමුවම ඔවුන් දුටුවේ අගිස්ස සිදුන ගස් රාශියක්. තවදුරටත් ඉදිරියට ගිය ඔවුන් දක්නට ලැබුනේ විශාල ප්‍රදේශයක එක පේලියට වැටී ඇති ගස් අති විශාල සංඛ්‍යාවක්. මෙම ගස් වැටී ඇති ර්‍භමියේ ප්‍රමාණයම කොතෙක්ද කිවහොත් එය එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර දෙකේ භූමි ප්‍රමාණවල එකතුවට සමානයයි කීවත් වැරදි නැහැ. එසේම ගස් වැටී ඇති අයුරු කිවහොත් කේන්ද්‍රයක් මුල් කරගෙන වෘත්තාකාර ලෙස එක් දිශාවකට පමණක් වැටී තිබුන බව පැවසේ. මෙම කේන්ද්‍රය දෙසට ගිය Kulik ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුනේ තවත් පුදුම උපදවන දෙයක්. ඒ මෙම කේන්ද්‍රයේ පිහිටා ඇති ගස් බොහෝමයක් විනාශ නොවී පැවතීමයි. ඒ අනුව ඔවුන්ගේ මතය වූයේ මෙම පිපිරීම පොළව මත සිදුවූවක් නොව ඊට ඉහලින් සිදුවූ දෙයක් යන්නයි.තවත් කරුණක් වන්නේ මෙහි කඩා වැටුන සහ නොවැටුන ගස් රැසක් අසාමාන්‍ය පිලිස්සීමකට ලක්වී තිබීමයි. එය ලැව්ගින්නකින් සිදුවූවාට වඩා වෙනස් ආකාරයක් ගත් බව කියවේ. ඉන් අනතුරුව ඔවුන් මෙහි එරෙන සුළු පො‍ළව කනින්නට පටන් ගත්තා. ඒ වැටුනා යයි සිතන උල්කාපාතයේ ඉතිරිව ඇති කොටස් සෙවීමටයි.

  පිපිරුම සිදුවූ ස්ථානය සියැසින් දුටු Kulik එය තම දිනපොතේ සටහන් කලේ මෙලෙසයි.

“I am still unable to sort out the chaos of the impressions that I took from that excursion and I even cannot imagine the whole colossal scale of this extraordinary meteorite fall. Here is a very hilly, almost mountainous locality, extending for tens of kilometers behind the northern horizon. From our

observation point one  can see no sign of living forest: everything has beenleveled and scorched... It is so terrible to see the giants with a diameter of about one meter broken in two like a thin reed with their tops thrown aside for many meters to the south”.

දෙවන තීරණය

ඔවුන්ට බලාපොරාත්තුවූ දේවල් හමුවුනාද? පිළිතුර නැත. කනින ලද කිසිදු තැනකින් උල්කාපාතයක සලකුනක් හෝ දක්නට ලැබුනේ නැහැ. එසේනම් මෙම පිපිරුම සිදුවූයේ කෙසේද?? දෙවනුව ඔවුන් තීරණය කලේ මෙය වෙනත් ලෝකයකින් පැමිනුන අභව්‍යාකාශයානයක් හදිස්සියේ ගොඩබැස්සවීමට යාමේදී පොළවට ඉහලින් වායුගෝලය තුල සිදුවූ පිපිරීමක් යන්නයි. මෙම අදහසට පක්‍ෂව කීර්තිමත් ගවේශකයකුවන ආචාර්යය Alexsei Zolotov වැන්නුවන් පවා අදහස් දක්වන්නට විය. ඔවුනගේද මතය වූයේ මෙම පිපිරුම කෘත්‍රීම වස්තුවක් නිසා ඇතිවන්නට ඇතැයි කියාය. කෙසේ වෙතත් ගවේශන කටයුතුනම් අතිදුෂ්කරතා මධ‍්‍යයේ සිදුකිරීමට සිදුවූ බව නම් කිව යුතුයි. කටුක දේශගුණය, මොස්කව් සිට ඇති අධික දුර මෙන්ම ප්‍රධාන වශයෙන් මදුරුවන් ආදී පීඩාකාරී කෘමීන්ගෙන් Kulik ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසට විදින්නට සිදුවූ දුක්ගැහැට නම් අප්‍රමාණවුනා. එසේම මෙවන් දුෂ්කරතා විදීමෙන් ගවේෂකයන්ට වැලදුන ලෙඩ රෝගත් අමතක කරන්න බැහැ. 


සමාන නෑයන්
මේ අදහස පසුකාලීවනද පිළිගත හැකි තත්වයක තිබින. එයට හේතුව හිරෝශිමාවේ පරමාණු බෝම්බයේ පිපිරුමත් ඊට වසර 40 කට පෙර සිදුවූ Tunguska පිපිරුමත් අතර සමාන කම් ඉස්මතුවීමයි. හැබැයි පිපිරුමේ ප්‍රබලත්වය පරාජය කිරීමට හිරෝශිමාවේ පිපිරුන "Little Boy" පරමාණු බෝම්බයට නම් නොහැකි විය. එයට හේතුව Tunguska පිපිරුමේ විනාශය සහ ප්‍රබලත්වය හිරෝශිමා පිපිරුමට වඩා දහස් ගුණයක ප්‍රබලත්වයකින් යුතුවීමයි.
එසේම පැහැදිලිවම කියන්නේ නම් මෙම පිපිරුම මෙගා ටොන් 40 – 50 ක් අතර TNT පිපිරුමක් හා සමාන වන අතරම අනෙක් අතින් හිරෝෂිමාවට ඇමරිකාව දැමූ පරමාණු බෝම්බය මෙන් 3000 ගුණයක ප්‍රබලත්වයක් ඇතැයි පැවසේ.


මොනයම් හෝ හේතුවක් නිසා මෙවැනි ආකාරයේ ප්‍රබලත්වයකින් යුතු පිපිරීමක් St.-Petersburg, London හෝ New York යන නගර වල සිදුවුනි නම් ‍එම නගර මුළුමනින්ම විනාශවේ.

නැවතත් ගවේශනය
කෙසේ වෙතත් නැවතත් මේ පිළිබද ගවේශනය කිරීම ඇරඹුනේ 1958 දී. ඒත් ඒ වන විට පළමු ගවේශනයේ පුරෝගාමියා වූ  භූ විද්‍යාඥ Leonid Kulik මෙලොව හැරගොස් අවසන්.ඒ දෙවන ලෝක යුද්‍දයේදී ජර්මන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදුව නාසි සිරකදවුරකදී Typhus උණ රෝගය වැලදීමෙන්, 1942 අප්‍රේල් 24 වන දිනදී.

මෙවර නම් යම්කිසි සාක්‍ෂියක්ද සොයාගන්නට ලැබුනා. එසේම අදාල ප්‍රදේශය වෙත යාමට ගුවන් යානා භාවිතා කිරීමේ පහසුකම ලැබී තිබුනා. ඔවුන් ඉතාමත් අපහසු කැනීම් සහ පරීක්‍ෂාකිරීම් රැසක් සිදුකරනු ලැබුවේ උල්කාපාතයක් හෝ වනයම් ආකාෂ වස්තුවක සලකුනක් හෝ තිබේද යන්න දැනගැනීමටයි. එහෙත් ඔවුන් බලාපොරොත්තුවූ තරම් දෙයක් නොලැබුනත් කුඩා සිලිකන් කැබලි සහ ලෝහ කැබලි කිහිපයක් නම් සොයාගැනීමට හැකිවුනා. ඒ සමගම න්‍යෂ්ඨි පිපිරීමක් ගැන අනුමාන කිරීමේ සිද්ධාන්තයට නව ගැම්මක් ඇතිවුනා. එසේම පිපිරුම පොලොවේ සිට 8 Km පමණ උසකින් සිදුවන්නට ඇතැයි අනුමාන කලා.
තවද ලෝකයේ පළමු පරමානු බෝම්බය පිපිරීමෙන් පසු වෙනස් දිශාවකට යොමුවූ මෙම Tunguska පිපිරීම ගැන පරීක්‍ෂනද අළුත් මුහුනුවරක් ගත්තේය. එනම මෙම පිපිරීමද කිසියම න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න යන සැකයයි. සෝවියට් විද්‍යාගාරවල මේ පිළිබද පර්යේෂන සිදුකල අතර එම පර්යේෂන ප්‍රතිළුල හා හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරීමෙන් පසු දැක ගන්නට හැකිවූ දසුන් අතර යම් සමාන කමක්ද විය. එනම් පිපිරුම් කේන්ද්‍රයේ තිබු ගොඩනැගිල්ල විනාශ නොවී තිබුන අතර පරීක්‍ෂනයේ ප්‍රතිළුලයද ඊට සමානවිය.එසේම Tunguska වේද පිපිරුම සිදුවූ කේන්ද්‍රයේ තිබු ගස් විනාශ නොවීමද අමතක කල නොහැකි සමාන සංසිද්ධියක් විය.


හිරෝශිමා බෝම්බය පිපිරුනායයි සලකන ස්ථනය

මීට අමතරව Kulik පැවසූ කරුන වන උල්කාපාතයක් හෝ කිසියම් ආකාශ වස්තුවක් වන වල්ගාතරුවක් වැනි දෙයක් කඩා වැටීමට අමතරව විශ්වයේ පවතිනවායයි කියන සියල්ල ගිලගන්නා කළු කුහරයක් හෙවත් “Black Hole”  එකක් මෙම ස්ථානයට කඩා වැටී සියල්ල විනාශකොට නැවත අතුරුදහන්වූවා යයි වෙනත් මතයක්ද පලවී ඇත.

තව දෙයක් සොයා ගැනීමට හැකිවුනා. එනම් මෙම පිපිරීම් සිද්ධියෙන් පසු එම පුදේශයේ වෙසෙන සත්වයන්ගේ සහ ශාකවල ස්වාභාවික තත්වයට වඩා වෙනස් තත්වයක් තිබීමයි. විශේෂයෙන් සතුන් අතරින් කෘමි විශේෂවල විවිද වෙනස්කම් ඇතිවී තිබූ අතර ශාක වල වාර්ශික වර්ධනය 1908 න් පසුව වැඩිවී තිබුනා.
තවත් ප්‍රධාන ගවේශකයෙකුවූ ආචාර්ය Nikolai Vasilieyev ගේ සුපරික්‍ෂාවකදී හෙලිවූ තවත් කරුණක් වූයේ මෙම සිදුවීම සිදුවූ ප්‍රදේශයේ විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය මෙන්ම හයිඩ්‍රජන් වායු සාන්ද්‍රනයද අධිකවීමයි. මෙහි ඇති අපූරුමදෙයවන්නේ මෙම පුදේශයේ තවමත් සෑම වසරකම ජුනී අග සහ ජූලි මුල් කාලය අතර මේවා මනින උපකරණවල වෙනදාට වඩා විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රයේ ඇති කැලඹිලි ස්වභාවය සහ හයිඩ්‍රජන් වායු සානද්‍රනය වැඩි අගයන් පෙන්වීමයි.




ඇත්තෙන්ම මෙම “Tungaska Event ලෙස හැදින්වෙන මෙම සිදුවීම මාහට මුලින්ම දැක ගතහැකි වූයේ මීට පෙර ඔබ සත් සමුදුරේදි දැකගත් Nascar lines ලිපියේ සදහන් කල Arther.C. Clark මහතාගේ Mysterious World පොතෙන්මයි. එහෙත් මෙම ලිපියේ සදහන් කරන්නට යෙදුන කරුණු පොතේ සදහන් කරුණුවලට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර ඒවා අන්තර්ජාලයෙන්, Discovery සහ History යන රූපවාහිනී ආයතන නිපදවූ වාර්තාමය වැඩසටහන් වලින් සොයාගන්නට ලැබුන කරුණුද බව සදහන් කරමි. 

එසේම අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සංසිද්ධිය ගැන විවිද මත පලවූවත් තවමත් මෙය නොවිසදුන අභිරහසක්බවයි.


***********   Even today the exact cause of the explosion is unknown. **********

36 comments:

  1. macho x files walath oya gana samahara welawata katha karana wa naeda

    ReplyDelete
  2. නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා. ඉතා වටිනා ලිපියක්. ඔබට ස්තුතියි!

    ReplyDelete
  3. @මෝල්ඩර් ෆයිල්ස් > මචෝ x ෆියිල්ස් වල කොටස් 2කකින් යුත් කටාවක් ගියා ඔය ගෑන Tungaska කියන නමින්මයි ගියෙ මට මතක විඩියට සීරීස් 2හරි 3 වලදි ගියේ මට එක මතක නෑ.මේ ලගදි මම ෆුල් සීරීස් සෙට් එකම බෑලුවා මට මෙක කියවද්දි එක පාරටම ඔලුවට ආවේ ඔය කතාව...

    ReplyDelete
  4. @පාඨකයා - සත් සමුදුරට ගොඩවැදුනාට ස්තූතියි! නැවතත් ඉඩ ලැබුන විට එන්න...

    ReplyDelete
  5. @මොල්ඩර් ෆයිල්ස් සහ අසංක - මටත් යන්තමින් X-files වල මේ වගේ දෙයක් ගියාකියල මතකයි...

    ReplyDelete
  6. නියමයි... නියමට ලියලා තියනව බං... පුලුවන් නම් අනිත් දවසේ විස්තරයක් දාද්දි English වලිත් තියන එවා පරිවර්තනය කරලම දාන්න බලන්න.. එතකොට කියවන අයට ලේසී..

    ReplyDelete
  7. ආසාවෙන් කියෙව්වා.දිගටම ලියමු.

    ReplyDelete
  8. @MaRLaN- ස්තූතියි! සිංහලට පරිවර්තනය කරල දාන අතරේම මුල් භාෂාවෙනුත් තියන්නම්. ඒව සිංහලට පරිවර්තනය නොකරේ මුල් මූලාශ්‍රයේ කියල තියෙන විදියටම ඔය‍ගොල්ලන්ට දැනගන්නයි.

    ReplyDelete
  9. ඉතා වටිනා ලිපියක්...

    ReplyDelete
  10. @ChAnDiKa - ස්තූතියි! නැවතත් ඉඩ ලැබුන විට එන්න...

    ReplyDelete
  11. හැමදාම වගේ කියන්න තියෙන්නෙ ඉතාමත් ව්ශිෂ්ඨ ගනයේ දෙයක් සහෝ, ඇත්තටම අපි මේහෙ සිට නොදන්න ගොඩක් දේවල් රුසියාව ගැන දැනගත්ත, තව ලියන්න, හරිම නිර්මාණ ශීලී වගේම වැදගත්.

    ReplyDelete
  12. elaz..keep writing,very impressive I must say...

    ReplyDelete
  13. @සංහිද පාමුල- ස්තුතියි! ඔබ මට ලබා දෙන සහය ඉතාමත් විශිෂ්ඨයි. තවත් වෙනස් පැතිකඩකින් යුතු ලිපි රැසක් ඉදිරියටත් සත් සමුදුරට එක්කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    ReplyDelete
  14. thank's for this post asawen kiyeuwaa megana thawa visthara pala karan naa sanhidaa sahoo

    ReplyDelete
  15. මෙතනින් සොයාගන තියනවා වක්‍රාකාර ලෝහ කැබැල්ලක්. ඒකෙන් සොයාගන තියනවා පුපුරා ගිට වස්තුව වෘත්තාඅකාර කියලත් ඒකේ විශ්කම්බයත්. ඒ වගේම ඒ ලෝක කැබැල්ලේ සංයුතුය අනුව ඒක තියනවලු පෘතුවියේ නැති මූල ද්‍රව්‍ය කියලත් මම කියවලා තියනවා. මේ ප්‍රදේශයේ වැවෙන ශාක එම ජාතියේම අනිත් ප්‍රදේශ වල වැවෙන ශාක වලට වඩා වෙනස් ලු. මල් වල පෙති ගාන එහෙම වෙනස් කියලා මම කියවලා තියනවා. ස්තූතියි තොරතුරු වලට

    ReplyDelete
  16. ගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාගේ බ්ලොග් එකේ...
    අද දවසෙම කයවන්නේ මේක තමා...

    ජය වේවා...!!

    ReplyDelete
  17. @Saman - මමත් ඔය කාරනේ පිළිබද දැන සිටියේ නැහැ. දැනුවත් කිරීම ගැන ඔබට තුති පුදනවා...

    ReplyDelete
  18. සිංහල වර්ශන් එක නැද්ද....කොහොම උනත් වටිනවා

    ReplyDelete
  19. @රත්ගමයා - සිංහල වර්ශන් එක කිව්වේ මේ ඉංග්‍රීසියෙන් දාල තියෙන ඒවද? මීට පස්සේ ඒවත් සිංහලෙන්ම දාන්නම්...

    ReplyDelete
  20. maxzaaaaaaaaaaaaa.................
    neyamaii danne nati deyakk gana dana ganna labuba
    thanks

    ReplyDelete
  21. Bermuda triangle 1 gana article 1 krnna puluwnda..eka godak interest

    ReplyDelete
  22. Such a good work. You are a talented article writer. Keep it up bro. Like to see new articles like this.

    ReplyDelete
  23. @Ruwan Sampath Wickramathilaka & Anonymous 1 & 2 - ස්තූතියි! ඉදිරියේදී හැකියාවක් ලද විගස බර්මියුඩා ත්‍රිකෝණය ගැන සොයා බලමු...

    ReplyDelete
  24. ශ්‍රීමාල්September 11, 2011 at 5:48 PM

    ඉතාමත්ම රසවත් ලිපියක්. ඉඩ තියෙන වෙලාවක තවහ් මේ ගැන හොයන්න ඕනේ. කුතුහලය ඇවිස්සුවාට ස්තුතියි.

    ReplyDelete
  25. oya hari nirmanasili lekhakayek!! harima rasavath vidiyata liyanna puluwan. obata jaya!!!

    ReplyDelete
  26. මේ ලිපිය මට මග හැරිලා තියනවා...
    ගොඩක් වැද්ගත් ලිපියක්. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඔබේ උත්සාහය සහ මේ වෙනුවෙන් කර ඇති කැප කිරීම නම් හරිම වටිනවා.

    ReplyDelete
  27. ගොඩක් වටිනා ලිපියක්!

    ReplyDelete
  28. this is realy great. keep up good work.

    ReplyDelete