Saturday, June 18, 2011

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස

2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි.  එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ.

කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.

එසේවුවත් සාමාන්‍යයෙන් වැඩිපුරම දැකගැනීමට හැකිවූ 2012 පිළිබද ලියවිල්ලකට වඩා එම කාරණාවට සම්බන්ධ ශිෂ්ඨාචාරයන්, ඔවුන්ගේ සැඟවුන කාරණා, මෙම සංසිද්ධියට හේතුවූ දිනදර්ශනය ආදිය ගැන මෙන්ම මෙ‍තෙක් අඩුවෙන් කතාබහට ලක්වූ තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. මෙය  බොහෝවිට ලිපි කිහිපයක් දක්වා දිර්ඝවීමටද ඉඩකඩ ඇති අතර එහෙනම් මුලින්ම මෙම 2012 සැබෑ අයිතිකරුවන් වන පෞරානික ශිෂ්ඨාචාරයක් වන මායා ශිෂ්ඨාචාරය හා මායාවරුන්ගේ සැඟවුන කාරණ සොයා බලමු.

මායා ශිෂ්ඨාචාරය - Maya Civilization

හැදින්වීම
මායා ශිෂ්ඨාචාරය යනු පෞරානික මෙන්ම ඇමරිකානු මහද්වීපයේ ස්ව‍දේශික සංස්කෘතියක් තිබූ ජනතාවකගේ ශිෂ්ඨාචාරයක් වන අතර යුරෝපීයන් ඇමරිකානු පොළව කෙලසන තුරු එය පෘතුවියේ බටහිරට වන්නට තිබූ දියුණු ශිෂ්ඨාචාරයක්දවේ. මායාවරුන්ගේ ව්‍යාප්තිය ගත් කල එය වර්ථමාන නැගෙනහිර හා දකුණු මැක්සිකෝව, ග්වාතමාලා, බෙලීස්, එල් සැල්වඩෝර් සහ බටහිර හොන්ඩියුරාස් දක්වා පැතිර තිබී ඇත. ඔවුන්ගේ සමෘධිමත් කාලය ක්‍රි.ව. 300 සිට 900 දක්වා තිබූ බව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් පවසන අතර අති දැවැන්ත ගල් පිරමීඩ, පූජනීය ස්ථාන, ප්‍රතිමා ඇතුළුව තවත් සංකීර්ණ ගොඩනැංවීම් රැසක් ගණිත ශාස්ත්‍රය හා නක්‍ෂත්‍ර විද්‍යාව යොදා ගෙන සිදු කර ඇති අතර ඒවා රූපාක්‍ෂර හෙවත් hieroglyphs වල සටහන් කර තිබූ බවට සාක්‍ෂි හමුවේ. (මෙම hieroglyphs පිළිබදව පුරාණ මිසර පිරමීඩ ගැන ලිපියේද සටහන්විය).


ක්‍රි.ව. 900 න් පසුව මායාවරු අභිරහස් ලෙස ග්වාතමාලාවේ දකුණු දිග මිටියාවත ප්‍රදේශයෙන් බැහැරවී ඇති අතර ඔවුන් උතුරේ පිහිටි Yucatán අර්ධද්වීප පෙදෙස හා ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇත. මෙම ව්‍යාප්තිය 16 වන ශතවර්ශයේ ස්පාඤය ආක්‍රමණිකයන් පැමිනෙනතුරුම සිදුවී ඇත. මෙම ප්‍රදේශ තුල තවමත් පුරාණ මායාවරුන‍්ගෙන් පැවත එන්නන් වාසය කරන බවද කියයි. කෙසේවෙතත් මෙයින් බහුතරයක් ස්පාඤය ආභාශය ලබා ඇති අතර සැලකියයුතු පිරිසක් තවමත් සිය අනන්‍යතාවය වන සාම්ප්‍රධායික මායා සංස්කෘතිය ආරක්‍ෂාකරගෙන සිටින බවද සතුටින් කිවහැක. වර්ථමානය වන විට පුරාණ මායාවරුන්ට ඥාතීත්වය ඇති මිලියන 7 ක පමණ පිරිසක් ඉහතින් දැක්වූ ඇමරිකානු ප්‍රදේශවල වාසය කරයි. ඉතිහාසයඥයන් හා ‍මායා ශිෂ්ඨාචාරය පිළිබද ඇසූපිරූ තැන් ඇති විද්වතුන්, ‍මායා ශිෂ්ඨාචාරය මූලික වශයෙන් අවධි තුනකට බෙදා වෙන්කර විස්තර කරනු ලබයි. එනම් Preclassic period (ප්‍රාග්සම්භාව්‍ය යුගය), Classic period (සම්භාව්‍ය යුගය) සහ Proclassic period (පශ්චාත් සම්භාව්‍ය යුගය) යනුවෙනුයි.

ප්‍රාග්සම්භාව්‍ය යුගය - Preclassic period

බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්‍රාග් සම්භාව්‍ය යුගය හෙවත් Preclassic period ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්‍ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී Mayan බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්‍රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් Yucatán අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති Petén කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින්  සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.

මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල thatch නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ. සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්‍රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්‍රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රම, වගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත. 

එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකර atole ‍ලෙස හදුන්වන පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේ balche ලෙසින් හදුන්වන මීපැණි හා balche ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක. 

හාවුන්,මුවන් සහ කළුකුමුන්ට ‍මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ. 


මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තවමත් හමුවේ.

මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම, ponchos ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීම, පිරිමින් අදිනා loincloths නම් අමුඩයක් වැනි ඇදුම්ද, කාන්තාවන් අදින සාය ආදිය තනා ඇති අතර ඒවා කපු හා maguey ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත. එසේම ඔවුන් wild fig ශාකයේ ‍පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි. ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ tumplines ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් dugout canoes යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත.
 tumplines ආකාරයට බර ඔසවාගෙන යාම

dugout canoes යාත්‍රා සෑදීම
මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්‍ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්‍රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.

වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්‍ෂත්‍ර විද්‍යඥයන් සූර්යයා, චන්‍ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්‍ෂත්‍ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්‍ෂත්‍ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.

පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්‍ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි Kaminaljuyú (http://www.delange.org/Kaminaljuyu/K1.htm), Tikal (http://www.authenticmaya.com/tikal1.htm) හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන Petén කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය. පිරිමිඩාකාරයේ පස් ගොඩැලි  වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු ‍දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත.
Unxcavated Temples Mounds. Kaminaljuyú,
Guatemala City, Guatemala
 මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්‍ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන El Mirador හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි.. 400 පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී Obsidian  නම් ගිනිකදු ආශ්‍රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් El Mirador හා පැසිෆික් පහත් බිම් වන Chiapas හා ග්වාතමාලාවේදී හමුවී තිබේ. Kaminaljuyú උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.
El Mirador

මායා ශිෂ්ඨාචාරය ගැන තව කිවයුතුදේ බොහෝය. ඒ ගැන දෙවන කොටසේදී බලමු...

65 comments:

  1. වටිනා ලිපි පෙළක් වෙයි වගේ. ස්තූතියි එයට....

    ReplyDelete
  2. ඉත වටිනා ලිපි පෙලක ආරම්භය ස්නිටුහන් කල වගයි .................... , සුපිරි මාතෘකාව මේ සම්භන්ධව ඉතා හොද සන්වාදයක් ඉදිරි දිම කීපය තුලදී බලාපොරොත්තු විය හැකියි

    ReplyDelete
  3. මෙන්න මන් කැමති ම වර්ගයේ ලිපියක් . අවන්කවම ඔබේ තාක්ෂණික ලිපි වලට වඩා මගේ මනාපය මෙවැනි ලිපි වලට . ඇස්ටෙක් වරු ගැන ගිය වසරේ දු ඉගෙන ගත්තා .මධ්‍යම මෙක්සිකෝ වල හිටි ඇස්ටෙක් වරුයි මයා වරුයි දෙක ම ගැන පොඩ්ඩක් ලියන්න . මටත් ටිකක් පැටලිලා තිබුනේ . බොහෝ අය නොදන්නවා ඇති.

    ReplyDelete
  4. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  5. @``` Outsider``` & sameera - ස්තූතියි! ඔව් මෙය හිතුවාටත් වඩා දුරදිග යන ලිපි පෙලක් වෙයි කියා මටත් හිතුනේ, මුලින්ම මායා ශිෂ්ඨාචාරය ගැන සකස් කලේ ලිපියේ භාගයයි. නමුත් එම සකස් කල කොටසේ දිග වැඩි නිසාම එයද කොටස් වලට කඩන්නට සිදුවුනා. එපමනකටම මේ ශිෂ්ඨාචාරය ගැන පමණක් කතාකරන්න තිබෙන හැඩයි. ගොඩක් දෙනෙක් මේ ගැන කතාකරන්න එකතුවේවි කියලත් සිතනවා....

    ReplyDelete
  6. @දිනිතියි මිතිලියි.... - දුවලා දෙන්නටම ස්තූතියි! ඒවගේම මගේ උපන් ගමේ වගේම මම කලක් පදිංචිව සිට හුරුපුරුදු පරිසරයක පිහිටි පාසලකට යන ඔබලා දෙදෙනා සත් සමුදුරට පැමිණීම ගැනත් මට හරි සතුටුයි. මේ ලිපියේ තව කොටස් කිහිපයක්ම තියෙනවා. ඒවත් බලන්න එන්න...

    ReplyDelete
  7. @Bindi - ස්තූතියි! මම දැන සිටියා ඔබ මේ ලිපියට වඩාත් කැමති බව. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවය තාක්‍ෂනික දේට එතරම් මනාපයක් නොමැති බව පොදු කරුණක් විය යුතුයි. මගේ බිරිද මෙන්ම මවද තාක්‍ෂනික දේට එතරම් කැමැත්තක් නොදක්වන බව බොහෝවිට දැක තිබෙනවා. ඉදිරියේදී ඇමරිකානු මහද්වීපයේ තිබූ අනෙක් ප්‍රධාන ශිෂ්ඨාචාර දෙක වන ඇස්ටෙක් හා ඉන්කාවරු ගැන ලිවීමටත් සිතා සිටිනවා. අපට මෙම ශිෂ්ඨාචාර ත්‍රිත්වයම එකව‍ගේ පෙනුනත් ඒවායේ කැපීපෙනන වෙනස්කම් තිබෙන බවත් පැවසිය යුතුයි. අපි ඒවා ගැනත් කතාකරමු...

    ReplyDelete
  8. @Anonymous - ස්තූතියි! නමත් සටහන් කලා නම් වඩාත් කැමතියි. කමක් නැහැ. ඉදිරියේදිත් හමුවෙමු...

    ReplyDelete
  9. වටිනා ලිපියක්...ස්තූතියි..ඉදිරියටත් බලනවා...

    ReplyDelete
  10. පලවෙනකම් කාලයක් බලාගෙන හිටපු ලිපියක්. මේ ගැන දන්න දේවල්වලට අමතරව නොදන්න කරුණුත් දැනගන්න ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
  11. @මාරයාගේ හෝරාව - ස්තූතියි! දෙවන කොටසත් මඟ එනවා...

    ReplyDelete
  12. මේක 2012 අන්තිම වගේ වෙනකන් දිග වෙන එකක් නෑ නේද???

    popup එන එක අදත් ආව. ඒක මට විතරක් එන එකක්ද දන්නේ නෑ

    ReplyDelete
  13. @උදාර - ස්තූතියි! මම දැනසිටියා ඔබත් මෙම තේමාව ගැන ලියවෙන ලිපියට කැමතිවෙනබව. මෙයට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම ඇරඹුවේ මාස කිහිපයකටත් කලින්. ඒත් ලිපිය නොලියා හිටියේ ඒවන විටත මනසේ ඇදී තිබුනේ වෙනත් ලිපිවලට අවශ්‍ය දත්තයන් නිසා. එසේම ඒ කාලයේ 2012 ගැන ලිපි කිහිපදෙනෙකුම පලකරලත් තිබුන නිසා ඒ රැල්ලට සත් සමුදුරත් ලිපියක් දැමීමෙන් එතරම් වැඩදායක නොවේයයි සිතූනිසා ටිකක් කල් ගත්තා. මෙය දීර්ඝ ලිපිපෙලක් වේයයි සිතනවා. ඒවගේම නොදන්නා දේවල් රැසක් එයට අනතර්ගතවෙයි...

    ReplyDelete
  14. @තාරක Dilsh@n - නැහැ. එතරම් දිග වෙන එකක් නැතැයි සිතනවා. හැබැයි ලැබෙන මූලාශ්‍ර සියල්ලෙන්ම ලියන්න ගියොත්නම් 2012 අවසානයේදිත් ඉවරකරගන්න බැරිවේවි. එතරම් මේ ගැන තොරතුරු තියෙනවා. ඔබට පොඩි වැඩක් කරන්න හැකිද? popup එක ආවාම ඒකේ screenshot එකක් අරන් මට email කරන්න පුළුවන්ද?

    ReplyDelete
  15. නැවතත් සුපිරි තත්වයේ ලිපියක්. සියල්ලම කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    මේ ලිපි පෙළ අවසන් වුනාම ලංකාවේ රාවණා පුරාවෘත්තය පිළිබඳව ලිපි පෙළක් අප වෙනුවෙන් ලියන්න පුලුවන්ද? මොකද කිවුව‍වොත් තියෙන හුඟක් ලිපි තේරුම් ගන්න බැරි තරමට සංකීර්ණ හෝ අසම්පූර්ණයි.

    ReplyDelete
  16. ස‍හෝ... මම හිතන්නේ තාරක කියන popup එකට හේතුව ඔයා බ්ලොග් එකට එකතු කරලා තියෙන widget එකක් වෙන්න ඕනේ. Widget providers ලා ඔය වගේ popup එකතු කරනවා. ඒක හැකිනම් ඉවත් කරලා බලන්න. එතකොට බොහෝවිට ඒ ප්‍රශ්නය විස‍ඳේවි...

    (මට සැක Live Traffic Feed widget එක...)

    ReplyDelete
  17. මේ පාරනම් ආවෙ නෑ.. ආවාම මේල් කරන්නම්කෝගග

    ReplyDelete
  18. web1.widgeo.net කියල එකක් ගොඩක් වෙලා ලෝඩ් වෙනවා පේජ් එක ඕපන් කලාම

    ReplyDelete
  19. @Dakshina - ස්තූතියි! ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට මම හැකි උපරිම උත්සාහය දරන්නම්. මොකද අපේ රටේ දේවල් පිළිබදව මූලාශ්‍ර සොයාගැනීමේ අපහසුවක් මෙන්ම තියෙන ඒවාට අයිතිකරුවන්ද සිටින නිසා ඒවා පලකිරීමේදී විවිද ගැටළු පැනනැගීමයි. කෙසේවෙතත් ඔබගේ අදහසට මමද එකඟවෙන අතර ඒවා සමහරක් තේරුම් ගන්න අපහසුවගේම එකකට එකක් පරස්පර කරුණුද හමුවෙන අවස්ථා තියෙනවා. ඔබගේ ඉල්ලීම අමතක කරන්නේ නැහැ...

    ReplyDelete
  20. @තාරක Dilsh@n - ඔබ කියන link එක ඔස්සේ මමද ඒ ගැන සොයාබලන්නම්. නැවත ආවොත් මට පින්තූරය එවන්න...

    ReplyDelete
  21. @Dakshina - ඔව් මටත් ඒ ගැන සැකයක් තියෙනවා. නැවත gadget එකින් එක ඉවත් කර බැලිය යුතුයි. ස්තූතියි!

    ReplyDelete
  22. වටිනා ලිපියක්. ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
  23. than you very much brother

    ReplyDelete
  24. @Praසන්ன & Ano - ස්තූතියි! ‍ඉතිරි කොටස් බලන්නත් එන්න...

    ReplyDelete
  25. මායාවරුන් ගැන මේ තරම් දෙයක් දැනගෙන හිටියේ නෑ,,ගොඩක් ස්තූතී

    ReplyDelete
  26. @ItalyDilan - ස්තූතියි! තව කොටස් රැසක් මෙය සම්බන්ධයෙන් පල කරන්න අදහස් කරගෙන සිටිනවා. ඒවාත් බලන්න එන්න...

    ReplyDelete
  27. මෙම ලිපියේ වටිනා කමනම් කියලා නිම කරන්න බැ... Dakshina සහෝදරයා කියලා තිබුන වගේ මේ ලිපි පෙලෙන් පසුව රාවණා රජු ගැන ලිපි පෙලක් ලියනවනම් ගොඩාක් පිං

    ReplyDelete
  28. @Ami - ස්තූතියි! මම ඒ ඉල්ලීම අමතක කරන්නේ නැහැ. කොහොමවුනත් පැහැදිලි මූලාශ්‍ර හා එයට අවශ්‍ය අනෙකුත් සාධක සපුරා ගැනීමට හැකියාවක් ලැබුනහොත් ඒ ගැනත් ලිපියක් ලියන්නම්...

    ReplyDelete
  29. නියමයි අයියෙ.. ගොඩක් දේවල් දැන ගත්තා! දිගටම ලියන්න.... අදහසක් දෙන්නද? රාවනා යුගය ගැනත් ගොඩක් අය නොදන්න දේවල් තියෙනවා. පුලුවන් නම් ඒ ගැනත් ලියන්න...

    ReplyDelete
  30. @විසිතුරු - ස්තූතියි! රාවනා යුගය ගැන ලිපියක් ලියන්න මිතුරන් කිහිපදෙනෙකුගෙන්ම ඉල්ලීම ඇවිල්ලා තිබුනා. ඒ ගැන මම Dakshina ට සහ Amiට ලබා දුන් කමෙන්ටුවලත් සටහනක් තැබුවා...

    ReplyDelete
  31. ගොඩක් වැදගත් ලිපියක්.මායා ශිෂ්ඨාචාරය ගැන සමහර දේ අහල තිබ්බත් මේ තරම් සවිස්තරව කියෙව්ව එකම සිංහල ලිපිය.(සජී)

    ReplyDelete
  32. @සජී - ස්තූතියි! මම මගේම ලිපිය වර්ණනාකරනවා නොවෙයි. ඔබ කියන දේට එකඟවෙන්න වෙනවා. මමත් මීට පෙර මායා ශිෂ්ඨාචාරය ගැන සිංහලෙන් ලියවුන සවිස්තරාත්මක ලිපියක් නම් දැක නැහැ...

    ReplyDelete
  33. කදීමයි දීපාල් මල්ලි,
    මේ ලිපි පෙළ ගොඩක් / විවිධ කරුණු අන්තර්ගත වෙයි කියල හිතනවා.
    Anjanama

    ReplyDelete
  34. @Anjanama (සේනක අයියා) - ස්තූතියි අයියේ! ඔව් මෙහි බොහෝවිට තව කොටස් කිහිපක්ම මෙම මායා ශිෂ්ඨාචාරය ගැන පමනක්ම තියේවි. ඊට පසුව ඔවුන්ගේ ආන්දෝලනාත්මක දින දර්ශනය ගැන කතා කරන්න සිතා සිටිනවා...

    ReplyDelete
  35. බොහොම ස්තූතියි... වටින ලිපියක්...

    ReplyDelete
  36. ඔයා මෙච්චර මහන්සි වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ ! වැඩේ නම් හොඳටම හොඳයි. සතුටින් කියන්න ඕනේ, සත් සමුදුර තමයි මේ බ්ලොග් අවකාශේ හොඳම ගවේෂණාත්මක බ්ලොග් අඩවිය ! ජය වේවා...

    රාවණා ගැන ලියනවා නම් මමත් කැමතියි. මොකද ඒක ලියන්න ඉන්න හොඳම කෙනා ඔයා නිසා. මමත් රාවණා ගැන විකිපීඩියා එ‍කේ තිබුණු ආටිකල් එක සිංහලෙන් පළ කලා. ඒකෙන් මම දන්නවටත් වඩා දේවල් ඒක බලපු සහෝදරවරු නිසා දැනගත්තා. රාවණා ගැන ලියන්න, අංග සම්පූර්ණ වෙන්නම !!!

    දිගටම බැට් කරන් යමු... රෙකෝඩ් ඉබේම කැඩෙයි ! ජය වේවා සහෝ...!

    ReplyDelete
  37. @සාතන් - ස්තූතියි! දෙවන කොටසත් බලන්න, තෙවන කොටස නුදුරු දිනයකදීම බැලිය හැකියි...

    ReplyDelete
  38. @චතුරංග පෙරේරා | chathuranga Perera - ස්තූතියි! මහන්සිය ගැන ඔබ කතා කල එකත් ඇත්තටම සතුටක්. අභියෝග නම් රැසක් ජය ගෙන තමයි මේ දෙය කරන්න වෙලා නම් තියෙන්නේ. මොකද ගෙදර එදිනෙදා වැඩ එතනදී ප්‍රමුඛ තැනක් ගන්නවා. අනිත් එක තමයි පරිගණකයේ තාක්‍ෂනික වශයෙන් තිබෙන යම් යම් ගැටළු.රාවණා ගැන ලියන්න තියෙන ඉල්ලීම් රැසක් මෙම ලිපියත් සමග ආවා. ඒ ගැනත් කරුණු සොයනවා. ඒ අනුව ඉදිරියේදී අපි ඒ ගැනත් බලමු...

    ReplyDelete
  39. I AM A NEW READER I LIKE THIS BLOG
    CAN YOU PLS LET ME KNOW HOW TO POST COMMENT IN SINALA

    ReplyDelete
  40. Mr. Dinesh,
    First of all, I must tell you that 'Sathsamudura" is the most useful blog I have ever seen which is written in Sinhala.
    It seems that you have a very good knowledge on every aspect!
    I will be looking forward to see more useful articles in the future.
    Keep it up!
    By the way, it would be a great help if you could give the links to the next part of this article in this same page so that the viewers would find them very easily.
    Thank you for your great work!

    ReplyDelete
  41. @mahiya - Thanks! That mistake was happend, which is the links to the previous blog post does not set in Maya & 2012 disaster posts. Sorry for that and I will set link to the previous article for future posts...

    ReplyDelete
  42. ඉතාමත් අනර්ඝ ලිපියක්... බොහොම සන්තෝසයි. අපොකැලිප්ටෝ චිත්‍රපටියේ කියවෙන්නේ මායාවරුන් ගැන නේද? තව ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  43. @MaX PayNe - ස්තූතියි!ඔව් මටත් මතක හැටියට මායා හෝ ඊට සමාන ගෝත්‍රයක් ගැන තමයි...

    ReplyDelete
  44. වටිනා ලිපියක්. සුභ පැතුම්...!

    ReplyDelete
  45. niyamai lokko oya keeya wasreda

    ReplyDelete
  46. ලිපියේ විදියට, මායා වරුන්, ඔය කියන කාලය වන විට එතරම් දියුණු ගෝත්‍රයක් නෙමෙයි. ජ්‍යෝතිෂ්‍ය කියන්නෙ ලොකු දැනුමක් අවශ්‍ය විද්‍යාවක්. එතරම් දියුණු විදියට ජ්‍යෝතිෂ්‍ය හසුරුවන්න ඔවුන්ට‍ පුළුවන් උනේ කොහොමද? අනෙක පිරමීඩ වගේ දෙයක් හදන්න කොහෙන්ද ඔවුන්ට දැනුමක්? මට හිතෙන්නෙ මෙතන පොඩි අඩුවක් තියෙනව වගේ.

    ReplyDelete
  47. Howdy! Do you know if they make any plugins to help with SEO?
    I'm trying to get my blog to rank for some targeted keywords but I'm not seeing very good results.
    If you know of any please share. Kudos!
    my site :: borkum riff

    ReplyDelete
  48. I'm impressed, I have to admit. Seldom do I come across a blog that's both equally
    educative and engaging, and let me tell you, you've hit the nail on the head. The problem is something that too few folks are speaking intelligently about. Now i'm very happy that
    I found this during my search for something concerning this.
    Feel free to surf my web blog ; Cigarettes Online

    ReplyDelete
  49. You should be a part of a contest for one of the most useful sites online.

    I will highly recommend this site!
    My blog : van nelle zware

    ReplyDelete
  50. Hey there! I know this is kinda off topic but I'd figured I'd ask.
    Would you be interested in exchanging links or maybe guest authoring
    a blog article or vice-versa? My website
    goes over a lot of the same subjects as yours and I believe we could greatly benefit from each other.
    If you are interested feel free to send me an email.
    I look forward to hearing from you! Awesome blog by the way!
    Feel free to visit my weblog - mac baren mixture

    ReplyDelete
  51. I need to to thank you for this fantastic read!! I absolutely enjoyed every bit of it.
    I have got you book marked to look at new things you post…
    My weblog :: old holborn blog

    ReplyDelete
  52. Thanks designed for sharing such a fastidious opinion, post is fastidious,
    thats why i have read it completely
    my site - amphora pipe tobacco

    ReplyDelete
  53. Heya i am for the first time here. I came across this board and I find
    It truly useful & it helped me out a lot. I hope to give something back and aid others like you
    helped me.
    Here is my site - captain black cherry

    ReplyDelete
  54. Excellent goods from you, man. I've understand your stuff previous to and you are just extremely magnificent. I really like what you have acquired here, really like what you are stating and the way in which you say it. You make it enjoyable and you still care for to keep it wise. I cant wait to read far more from you. This is actually a tremendous web site.
    My homepage : acne remedy

    ReplyDelete
  55. This post is worth everyone's attention. When can I find out more?
    Take a look at my website ; rid acne scars

    ReplyDelete
  56. Pretty! This has been an incredibly wonderful article.

    Thanks for providing this information.
    my webpage: how to get rid of acne scar

    ReplyDelete
  57. Hmm it appears like your site ate my first comment (it was super long) so I guess I'll just sum it up what I wrote and say, I'm thoroughly enjoying your blog.
    I as well am an aspiring blog writer but I'm still new to everything. Do you have any points for beginner blog writers? I'd really appreciate it.
    Feel free to surf my web-site ; cure acne

    ReplyDelete
  58. Hello! I know this is kinda off topic however I'd figured I'd ask.

    Would you be interested in trading links or maybe guest writing a blog post or vice-versa?
    My blog covers a lot of the same topics as yours and I believe we could greatly benefit
    from each other. If you might be interested feel free to send me an e-mail.
    I look forward to hearing from you! Excellent blog by the way!
    My page > earn extra money

    ReplyDelete
  59. Hey there terrific website! Does running a blog similar to this require a massive amount work?
    I've very little knowledge of programming however I was hoping to start my own blog in the near future. Anyways, should you have any recommendations or techniques for new blog owners please share. I know this is off subject but I just needed to ask. Thanks!
    Feel free to surf my blog :: make money online fast

    ReplyDelete
  60. Pleaѕe let me knoω if you're looking for a article author for your blog. You have some really great articles and I think I would be a good asset. If you ever want to take some of the load off, I'd love
    to write some content for youг blοg in
    exchange foг a lіnk baсk to mine.
    Plеase blаst me an е-mail іf inteгestеԁ.
    Τhanκs!

    mу ωeb blog :: tufted carpets

    ReplyDelete