Thursday, November 22, 2012

Web Development කරනා අයට වගේම Text Editor භාවිතා කරන කාටත් ප්‍රයෝජනවත් Open Source මෘදුකාංගයක් පිළිබදවයි - RJ TextEd - A Unicode source and text editor

මෙන්න තවත් ඔබට ප්‍ර‍යෝජනවත් Text Editor එකක්. නොමිලේ ලබා ගත හැකි මෙය ඉතාමත් user friendly ලෙස නිර්මාණය කළ සහ අපට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමේ පහසුකමද ඇති මුදල් ගෙවා ලබා ගත යුතු Editor එකකින් ලබා දෙන පහසුකම් හා සමානවම එම කාර්යය කරනා මෘදුකාංගයක් ලෙස මෙම RJ TextEd හැදින්විය හැකියි.

මෙන්න ඔවුන්ගේ වෙබ් අඩවියේ තම නිපැයුම පිළිබදව වර්ණනා කර ඇති ආකාරය.

මෙගා බයිට් 35 ක් පමණ වන මෙම මෙම මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කිරීමේ ගොනුව http://www.rj-texted.se/index.htm අඩවියෙන් ඔබටත් ලබා ගැනීමට හැකියි.

එහෙමනම් ඔබම මෙය භාගත කරගෙන අත්හදා බලා ‍ගුණදොස් විචාරන මෙන් ඉල්ලමි.

Wednesday, November 14, 2012

විවෘත ආර්ථිකය පැමිණෙන්නට පෙර ලංකාව හෙවත් 70 දශකයේ ලංකාව

අදත් පින්තූර ටිකක් තමයි පෙන්නන්න වෙන්නේ. වැඩ අධික නිසා දීර්ඝ ලිපියකට අතගහන්න අදත් හැකියාවක් නැති නිසා. මොනවත්ම නැතුව තියෙන එකේ ඒකත් නරක නැහැනේ. මේ පින්තූර වලින් පෙන්වන්නේ 70 දශකයේ එහෙමත් නැත්නම් විවෘත ආර්ථිකය වැලද ගැනීමට පෙර ලංකාව දිස්වුන ආකාරයයි. හැබැයි මීට ප්‍රථ‍මයෙන් වෙබ් අඩවි එකක හෝ කිහිපයක මෙම පින්තූර තිබුනා විය යුතුයි. මෙම පින්තූර වලින් අපේ රට මීට දශක තුනකට පෙර තිබුන ආකාරය පිළිබදව යම් චිත්‍රයක් මවාවි. අදට වඩා සරළ බවක් එදා තිබුනා වගේම අදට වඩා නාගරිකකරණයේ අඩුබවකුත් පෙනෙන බව දැනේවි.

මේවා ගත්ත ඡායාරූපශිල්පිය පිළිබදව දන්නේ නැහැ. කොහොමවුනත් ඔහුට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි අද අපි දකින ලංකාවට වඩා වෙනස් පරිසරයක් ඇති ඉතාම පැහැදිලි හා වටිනා සේයාරූ එම දශකයේ අන්තිම හරියේ ඉපදුන අපිට හා මතුපරපුරට දැකගන්නට සැලැස්වීම පිළිබදව.



























මෙම පැරණි පින්තූර වල ප්‍රමාණය කිසිම පරිගණක මෘදුකාංගයකින් වෙනස් කිරීම නොකළ යුතුයයි සිතූ නිසා වෙනසක් කළේ නැහැ.අවශ්‍ය නම් මේවා මත click කරල නියම ප්‍රමාණයට විශාලනය වූ පින්තූර බලා ගත හැකියි...

Tuesday, November 13, 2012

කැමරන් ලොක්කා ටයිටනික් හැදුවේ මෙහෙමයි...

ජේම්ස් කැමරන් හදපු ටයිටනික් චිත්‍රපටිය නරඹා නැත්තේ ඉතාමත් අතලොස්සක් විය යුතුයි. අද වෙනතුරුම හොද ජනප්‍රියත්වයක් වගේම ආකර්ශනයක් මෙම චිත්‍රපටියට තිබෙන බව හංගන්න බැරි දෙයක්. ඒකාලේ අපි මේ චිත්‍රපටි බැළු‍වේ අද වගේ DVD වලින් නොවෙයිනේ VCD වලින්. ඒකාලේ කොල්‍‍ලෝ අතරේ කතාවක් තිබුනා  අර ජැක් (ජැක් කියන චරිතය නේද අර ලියනාඩෝ රඟපෑවේ? ) චිත්‍රයක් අදින අවස්ථාව හරිය නම් VCD වලින් බලන කොට හිරවෙන කතාවකුත්. මොකද ඒ හරියමළු වැඩියෙන්ම බලල තියෙන්නේ. ඇත්තද දන්නේ නම් නැහැ. හැබැයි එහෙම වුනා නොවෙන්නත් බැරි නැහැ. D: 

ඒ කොහොමවුනත් අපි දැක්කේ තිරයේ ඉස්සරහ දර්ශන වුනාට ඊයේ පෙරේදා ලැබුනා චිත්‍රපටියේ තිරයෙන් පිටුපස කොහොමද මේ දේවල් වුනේ කියල දැනගන්න පුළුවන් පින්තූර කිහිපයක්. එයිනුත් හොදයි කියල හිතුන ටික ඕන්න මම දැන් දානවා..






















Monday, November 12, 2012

සපත්තු ලේස් ගැට

මේ ලිපිය නම් විහිළුවට වගේ තමයි දාන්නේ. එච්චර හිතන්න දෙයක් නැහැ. වැඩ ඉවරවෙලා ගෙදර යන්න කලින් දකින්නට ලැබුන දෙයක් විනෝදයට වගේ පළ කරනවා. මේ තියෙන්නේ අපි එච්චර නොහිතන සපත්තුනේ ‍ලේස් සකස් කරන ආකාරයයි.
















අද මොනවත් ලියන්න වෙලාවක් නැති නිසා‍ නොලියන්න සිතා සිටියත් මේ දේවල් දැක්ක නිසා නිකමට ඔන්න ලිව්වා...