Monday, May 2, 2011

ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර් - Top Military Helicopters in Battlefield

දෙවන ලෝක යුද්‍දයෙන් පසු ගතවූ වසර 60 තුල ලෝකයේ සිදුවු බොහෝමයක් යුද්දවල ගුවන අත්පත් කරගත් ප්‍රධානතම අවියක් වූයේ ‍හෙලිකොප්ටරයයි. ප්‍රහාරක ගුවන් යානා සමග සැසදීමේදී ඊට වඩා ලේසියෙන් යුද පිටියේ අස්සක් මුල්ලක් නෑර මේවාට කඩා වැදීමට හැකිවීමත් ගුවන් ගත කිරීමට ගුවන් පථ, නවතා තැබීමට ගුවන් තොටුපල වලම අවශ්‍ය නොවීමත්, ප්‍රායෝගිකව ‍බොහෝ අවස්ථාවල ප්‍රහාරක ගුවන් යානාවලට වඩා හෙලිකොප්ටරය යොදා ගැනීම පහසුවීම, යුද පිටියේ අනතුරට ලක්වන්නන් කඩිනමින් ගලවා ගැනීමේ පහසුව මෙන්ම, යුද පිටියට වාහන වැනි බර උපකරණ පවා ගුවනින් ලබා දීමේ හැකියාව ඇතුළු කාරණා ගණනාවක් ඉටු කරගැනීමට හෙලිකොප්ටරය උපකාරීවීම නිසා මේ ගුවන් වාහනය සංග්‍රාම භූමියට වර්තමානය වන විට නැතුවම බැරි දෙයක් ලෙස හැදින්වූවත් වරදක් නැති බව නිසැකයි.

හෙලිකොප්ටරය සොයා ගැනීමෙන් පසු එය ‍බොහෝ සිවිල් කටයුතු වලට යොදා ගත්තත් පසු කාලීනව එය සංග්‍රාම සදහා ප්‍රමුඛව යොදා ගැනීමේ වටිනාකම වටහා ගත් ඇමරිකානු ගුවන් හමුදාව 60 දශකයේ මුල් භාගයේ ඒ සදහා සංග්‍රාම සදහාම වූ ප්‍රහාරක හෙලිකොප්ටර් තැනීම කෙරේ නැඹුරු වූ අතර එයට වඩාත් හේතුවූයේ ඒ සමයේ ඇරඹුන වියට්නාම් යුද්දය සමග වියට්කොන්වරුන්ට හා උතුරු වියට්නාම හමුදාවට පහර දීමට ගුවන් මාර්ගය යොදා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගීම හා ඒවන විට භාවිතාකල හෙලිකොප්ටර් බොහෝමයක් සිවිල් කටයුතු සදහා නිපදවූ ඒවා වූ අතර ඒවාට අවි වෙනමම සවිකිරීම මගින් යුද භූමිවල යම් යම් අවශ්‍යතාමත භාවතා කිරීමයි. මේ නිසා ඔවුන් මුලින්ම සංග්‍රාමික හෙලිකොප්ටරයක් ලෙස ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත ලොක්හීඩ් (Lockheed) සමාගම  විසින් Lockheed AH-56 Cheyenne යන GE T64 turboshaft engine එකකින් පණදුන් 212-knot (244 mph, 393 km/h)  ක වේගයකින් යුතු හෙලිකොප්ටරය අත්හදා බැලීම 1966 දී ආරම්භ කර තිබෙන අතරම එය පළමුවරට ගුවන් ගත කර ඇත්තේ 1967 සැප්තැම්බර් 21 වෙනිදායි.
Lockheed AH-56 Cheyenne 
ඇමරිකාව මෙසේ සිය ප්‍රහාරක හෙලිකොප්ටර් නිපදවද්දී එයට සමගාමීව එවකට සෝවියට් සංගමයද සිය ප්‍රහාරක හෙලිකොප්ටර් බලගනයන් ශක්තිමත් කිරීම ඇරඹූ අතර එවකකට නිපදවමින් තිබූ Mil Mi යන නාමය යටතේ ප්‍රවාහණය වැනි සිවිල් අවශ්‍යතාවෙනුවෙන් නිපදවෙමින් තිබූ හෙලිකොප්ටර්වලට අමතරව Mil Mi-24 යන ප්‍රහාරක ශක්තිය මෙන්ම ප්‍රවාහණ හැකියාවෙන්ද යුතු හෙලිකොප්ටරය ප්‍රථම වරට 1969 සැප්තැම්බර් 19 වන දින ගුවන් ගත කරන ලදි.

මෙසේ ක්‍රමයෙන් දියුණු වූ ‍ප්‍රහාරක හෙලිකොප්ටර් කිහිපයක් පිළබදව අපි දැන කියා ගනිමු...

Bell 47
මෙය පෙති දෙකකින් යුක්ත වූ අතර තනි එන්ජිමකින් ජීවය ලබා දෙන ලදි. සැහැල්ලු හෙලිකොප්ටරයක් වූ මෙය මුලින්ම සිවිල් කටයුතු සදහා යොදාගත් අතර මුලින් නිපදවා තිබූ Model 30 ආකෘතිය වැඩි දියුණු කිරීමෙන් මෙය නිර්මාණය කොට ඇත. 1946 මාර්තු 8 වනදා සිට එම කාර්යයන් ආරම්භකර ඇත. මෙම යානා 5,600 කටත් වඩා නිපවූ මේවා පසුව ඇමරිකානු ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත 47A යන මාදිලිය නිපදවන ලදි.

මෙම Bell හෙලිකොප්ටර් ඉතාලියේ Agusta, ජපානයේ Kawasaki Heavy Industries සහ එක්සත් රාජධානියේ Westland Aircraft යන ගුවන් යානා නිපදවන කර්මාන්තශාලා වල නිපදවනු ලැබූ අතර YR-13, YR-13A මෙන්ම  නියමුකුටිය හා යානයේ රාමුව මුළුමනිනම් ආවරණය වන සේ තැනූ Bell 47J Ranger යන මාදිලි ප්‍රසිද්ධම මාදිලි වේ‍‍. වඩාත් ප්‍රසිද්ධම සංග්‍රාමික අවශ්‍යතාමත තැනූ Bell 47 H-13 හෙවත් “Sioux” යන නමින් හැදින්වූ මාදිලියයි. 

(The Bell 47 is a two-bladed, single engine, light helicopter manufactured by Bell Helicopter. Based on the third Model 30 prototype, Bell’s first helicopter designed by Arthur M. Young, the Bell 47 became the first helicopter certified for civilian use on 8 March 1946. More than 5,600 Bell 47 aircraft were produced, including aircraft produced under license by Agusta in Italy, Kawasaki Heavy Industries in Japan, and Westland Aircraft in the United Kingdom. The Bell 47J Ranger is modifed version with a fully enclosed cabin and fuselage.
In 1947, the United States Army Air Forces (later United States Air Force) ordered the improved Bell Model 47A. Most were designated YR-13 and three winterized versions were designated YR-13A. The United States Army first ordered Bell 47s in 1948 under the designation H-13. These would later receive the name “Sioux”)

Focke-Achgelis Fa 223 Drache
ජර්මනිය දෙවන ලෝක යුද්දයේදී යුද අවි නිපදවීමේදී අනෙක් සෑම රටකටම වඩා ඉදිරියෙන් සිටි අතර හෙලිකොප්ටර් කිහිපයක්ද ඔවුන් සිය සංග්‍රාමයට යොද ගෙන ඇත The Focke-Achgelis Fa 223 Drache හෙවත් ඉංග්‍රීසියෙන් “Dragon” හෙවත් මකරා ලෙස හැදින්වූ‍ මෙම යානය යුද්දයකදී යොදා ගත් පළමු හෙලිකොප්ටරය ලෙස හැදින්වූවත් වරදක් නැත. මෙම යානා 20 ක් පමණක් තැනූ බව කියන අතරම 1,000 hp Bramo 323 radial engine කින් ජවය ලබා දුනි. අඩි 39 ක්  (12 m) දිග තටු දෙකක් හෝ තුනක් තිබූ මෙම යානයේ රාමුව අඩි 40 ක් (12 m) දිග සිලින්ඩරාකාර එකකි.

උපරිම වේගය 175 km/h (109 mph) දක්වා වූ මෙම යානයේ වරක 182 km/h (113 mph) වේගයක්ද වාර්තා කර ඇති අතර උපරිම වශයෙන් 7,100 m (23,300 ft) උසකින් යානය ගමන් කරවිය හැකිය.   1,000 kg (2,200 lb) බර පැටවිය හැකි උවත් එවිට වේගය 121 km/h (75 mph) ක් හා යා හැකි උස 2,440 m (8,010 ft) වෙතැයි පැවසේ.

(The Focke-Achgelis Fa 223 Drache (“Dragon” in English) was a helicopter developed by Germany during World War II. Noted for being the first helicopter to attain production status, Allied offensive actions limited production and only approximately 20 were made. It was powered by a 1,000 hp Bramo 323 radial engine which drove two, three-bladed 39 ft (12 m) rotors mounted on twin booms on either side of the 40 ft (12 m) long cylindrical fuselage.

Although the Fa 223 could maintain a top speed of up to 175 km/h (109 mph), speeds as high as 182 km/h (113 mph) were recorded, and altitudes of up to 7,100 m (23,300 ft). The Drache could transport cargo loads of over 1,000 kg (2,200 lb) at cruising speeds of 121 km/h (75 mph) and altitudes approaching 2,440 m (8,010 ft).)


Westland Lynx
බ්‍රිතාන්‍යයේ Yeovil කර්මාන්තශාලාවේ නිපදවන ‍ලද Westland Lynx හෙලිකොප්ටරය බහුකාර්යය හමුදා අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. මෙය සිවිල්, නාවික මෙන්ම යුද භූමියේ විවිද උපයෝගිතා කාර්යයන් වෙනුවෙන් යොදාගන්නා ලද අතර මුලින්ම 1971 දී ගුවන් ගත කර ඇති ඇතර 1978  දී මුලින්ම හමුදා සදහා යොදගෙන ඇත. 

බොහෝ රටවල ගුවන් හමුදා හෝ නාවික හමුදා ඒකක තුල දක්නට ලැබෙන මෙම යානය යුද භූමියට සැපයුම් පහසුකම් ලබාදීම, භූමියේ තොරතුරු සෙවීම, ගලවා ගැනීමේ මෙහෙයුම් හා සබ්මැරීන වලට පහර දෙන යානා ලෙසද යොදා ගෙන ඇත.

(The Westland Lynx is a British multi-purpose military helicopter designed and built by Westland Helicopters at its factory in Yeovil. Originally intended as a utility craft for both civil and naval usage, military interest led to the development of both battlefield and naval variants, which went into operational usage in 1978 and were later adopted by the armed forces of over a dozen nations, where it primarily serves in the battlefield utility, anti-armour, search and rescue and anti-submarine warfare roles. In 1986 a modified Lynx broke the airspeed record for helicopters, which still stands today. The helicopter is now produced and marketed by AgustaWestland.)

Mil Mi-24
අපගේ ගුවන් හමුදාවේද තිබෙන මෙම Mil Mi-24 හෙලිකොටප්ර් යානා පසුගිය යුද සමයේ කල කාර්යභාරය සුළුපටු නොවන බව ඔබ සැමට අමුතුවෙන් කිව යුතු නැහැ. විශාල ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂයක් වන මෙහි නියමුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු‍ද රැගෙන යාමට හැකිවීම මෙහි විශේෂ ලක්‍ෂනයක්. රුසියාවේ Mil Moscow Helicopter නිශ්පාදනාගාරයේ නිපදවන මෙම යාන මුලින්ම 1972 දී සෝවියට් ගුවන් හමුදාවට භාවිතා කර ඇති අතර මේ වන විට ලෝකයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක් මේවා භාවිතා කරයි. "පියාඹන යුද ටැංකි" (“flying tank”)හා නිල නොවන අන්වර්ථ නාමයක් වන "කිඹුලා" (Krokodil, “Crocodile”) ලෙසද මේවා හදුන්වයි.

නේටෝ සංවිධානය "Hind" යන ‍සං‍කේත නාමයෙන්ද හැදින්වෙන මේවා රුසියානු ගුවන් හමුදාව 2007 දී ප්‍රකාශ කල පරිදි මෙහි වැඩි දියුණු කල මාදිලියක් වන හා විවිද දේශගුණික තත්ව හා දිවා රෑ දෙකේදීම මෙහෙයුම් වලට සම්බන්ධවිය හැකි හා ප්‍රහාරයන්ට මීටත් වඩා ඔරොත්තුදෙන Mil Mi-28 හෙලිකොප්ටර් යානා හා Kamov Ka-50 "Black Shark" යානා මගින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය. ඔවුන්ගේ අභිලාශය පරිදි Mil Mi-24 යානා 300 ක් වෙනු‍ව‍ට ඉහත කී යානා යෙදවීමට බලාපොරොත්තුවේ. 
Mil Mi-28 

Kamov Ka-50 "Black Shark"

(‍The Mil Mi-24 ( NATO reporting name ‘Hind’) is a large helicopter gunship and low-capacity troop transport produced by Mil Moscow Helicopter Plantand operated from 1972 by the Soviet Air Force, its successors, and over thirty other nations. In October 2007, the Russian Air Force announced it would replace its 250 Mi-24 helicopter gunships with 300 more modern Mi-28s and possibly Ka-50s by 2015.

In NATO circles the export versions, Mi-25 and Mi-35, are simply denoted with a letter suffix as “Hind D” and “Hind E” respectively. Soviet pilots called the aircraft (letayushchiy tank, “flying tank”). More common unofficial nicknames were(Krokodil, “Crocodile”), due to the helicopter’s new camouflage scheme and  (Stakan, “Glass”), because of the flat glass plates which surrounded the three place cockpit of the Mi-24A.)

OH-6A
අනෙක් හෙලිකොප්ටර් වලට වඩා තරමක් දිගින් අඩු යානයක් වන මෙය මුලින්ම 1963 දී ගුවන් ගත කර ඇති අතර 1966 සිට මේ දක්වාම ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගන්නා බව පැවසේ. මෙය Loach නම් අන්වර්ථනාමයෙන්ද හැදින්වෙන අතර Loach යනු කුඩා මිරිදිය මතස්‍ය විශේෂයකි.

තනි එන්ජිමකින් හා තටු හතරකින්ද යුක්ත මෙම යානා පුද්ගලයන් ප්‍රවාහණය, පලා යාමේ හා පහරදීමේ මෙහෙයුම හා තොරතුරු සොයාබැලීමේ කාර්යය සදහා යොදාගනී. මෙම හෙලිකොප්ටර් 369 මාදිලිය සිවිල් කටයුතු සදහා යොදාගනු ලබන්නකි.

(The Hughes Helicopters OH-6 Cayuse (nicknamed “Loach”, after the requirement acronym LOH – light Observation Helicopter) is a single-engine light helicopter with a four-bladed main rotor used for personnel transport, escort and attack missions, and observation. Hughes also developed the Model 369 as a civilian helicopter, the HughesModel 500, currently produced by MD Helicopters.)

AH-1 Cobra

බෙල් සමාගම විසින් නිපදවන ලද මෙම AH-1 Cobra හෙලිකොප්ටරයට බෙල් සමාගම දුන් නම වන්නේ Bell 209 යන නාමයයි. මෙය පෙති දෙකකින්, තනි එන්ජිමකින් සමන්විත ප්‍රහාරක යානයක් වන අතර අන්වර්ථනාමය වූයේ HueyCobra  නැතහොත් Snake ලෙසයි.

මෙම AH-1 හෙලිකොප්ටර් කලෙක ඇමරිකානු ගුවන් හමුදාවේ කොදු නාරටිය ලෙසද හැදින්විය හැකි ගරුත්වයක් දිනාතිබූ අතර දැන් නම් එම ගරුත්වය අත්පත් කරගෙන ඇත්තේ AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටර් විසින් බව පැවසේ. කෙසේවෙතත් තවමත් මේවායේ වැඩි දියුණු කරන ලද යානාවන් ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය වැනි රටවල ගුවන් හමුදාවල භාවිතා කරන අතර ඇමරිකානු මැරීන් බලකාය පසුව නිපදවන ලද එන්ජින් දෙකකින් යුතු AH-1 යානා තවමත් තම මෙහෙයුම් සදහා භාවිතා කරයි.

අතිරික්ත AH-1 යානා දැන් ඇමරිකානු ගිණි නිවන හමුදාවේ වනන්තර ලැව්ගිනී මැඩලීමේ ව්‍යාපෘතියක් වන Firewatch Cobra ව්‍යාපෘතියට සුදුසු සේ වෙනස් කර තිබෙන අතර එම යානා FireSnake යන අන්වර්ථ නාමයෙන් හදුන්වයි.

(The AH-1 Cobra (company designation: Bell 209) is a two-bladed, single engine attack helicopter manufactured by Bell. It shares a common engine, transmission and rotorsystem with the older UH-1 Iroquois. The AH-1 is also referred to as the HueyCobra orSnake.

The AH-1 was the backbone of the United States Army’s attack helicopter fleet, but has been replaced by the AH-64 Apache in Army service. Upgraded versions continue to fly with the militaries of several other nations. The AH-1 twin engine versions remain in service with United States Marine Corps as the service’s primary attack helicopter. Surplusජ helicopters have been converted for fighting forest fires. The United States Forest Service refers to their program as the Firewatch Cobra. Garlick Helicopters also converts surplus AH-1s for forest firefighting under the name,FireSnake.)

UH-1

UH-1 Iroquois හෙලිකොප්ටරයක් බෙල් සමාගම විසින් 1952 දී නිපදවූවක් වන අතර මෙය යුද භූමියේ තුවාල ලබන සෙබලුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉවත් කර ගැනීමට හා යුද භූමියට සැපයුම් ලබා දීමට භාවතා කර ඇත. 1952 දී නිපදවුන මෙම යානා 1956 දී ප්‍රථම වරට ගුවන් ගත කර ඇති අතර 1960 සිට නිෂ්පාදන කටයුතු ආරම්භකර තිබේ. 

මෙම හෙලිකොප්ටර්, ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගත් ප්‍රථම ටර්බයින බලය සහිත එන්ජින් සහිත යානා වේ (the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military). මේම යානා  16,000 ක්  ලෝකය පුරා භාවිතයට ගෙන ඇත‍.

Huey යන අන්වර්ථනාමයෙන්ද හදුන්වන මෙම යානා ප්‍රථමවරට යුද භූමියේ භාවිතා කර ඇත්තේ වියට්නාම යුද්දයේදි වන අතර එම සංග්‍රාමයේදී පමණක් දල වශයෙන් 7000 ක් වූ මෙම UH-1 හෙලිකොප්ටර් භාවිතා කර ඇත.

(The UH-1 Iroquois is a military helicopter powered by a single, turboshaft engine, with a two-bladed main rotor and tail rotor. The helicopter was developed by Bell Helicopterto meet the United States Army’s requirement for a medical evacuation and utility helicopter in 1952, and first flew on 20 October 1956. Ordered into production in March 1960, the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military, and more than 16,000 have been produced worldwide.
The first combat operation of the UH-1 was in the service of the U.S. Army during theVietnam War. The original designation of HU-1 led to the helicopter’s nickname of Huey. In September 1962, the designation was changed to UH-1, but Huey remained in common use, as well as being chosen as the official name by the United States Marine Corps. Approximately 7,000 UH-1 aircraft saw service in Vietnam.)

UH-60 Black Hawk 
1974 සිට මේ දක්වාම නිපදවෙන තවත් සාඩම්බර ඇමරිකානු හෙලිකොප්ටර් විශේෂයක් වන මෙම UH-60 Black Hawk යානය පෙති 4 කින් හා ද්විත්ව එන්ජින් පද්දතියකින් බල ගැන්වේ. මධ්‍යම ප්‍රමාණයේ යානා විශේෂයක් වන මෙය Sikorsky Aircraft සමාගම විසින් නිපදවයි.

ඇමරිකාවට අමතරව තුර්කි, කොලොම්බියා හා දකුණු කොරියානු ගුවන් හමුදා විසින් මෙම යානා සිය මෙහෙයුම් සදහා යොදා ගනි. මෑත කාලීන යුද මෙහෙයුම් සදහාද මෙම යානා බෙහෙවින් යොදා ගන්නා අතර 2001 දී තිරගත වූ Black Hawk Down චිත්‍රපටිය තුලද මෙම යානා දැක ගත හැකි විය.

(The UH-60 Black Hawk is a four-bladed, twin-engine, medium-lift utility helicoptermanufactured by Sikorsky Aircraft. Sikorsky submitted the S-70 design for the United States Army’s Utility Tactical Transport Aircraft System (UTTAS) competition in 1972. The Army designated the prototype as the YUH-60A and selected the Black Hawk as the winner of the program in 1976, after a fly-off competition with the Boeing Vertol YUH-61. The UH-60A entered service with the Army in 1979, to replace the UH-1 Iroquois as the Army’s tactical transport helicopter.)


The AH-64 Apache
අද දවසේ ඇමරිකානු ගුවන් මෙහෙයුම් තුල වැඩියෙන්ම කියවෙන ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂය මෙය යයි සදහන් කලත් වරදක් නැහැ.  මුල් කාලයේ අත්හදා බැලූ Lockheed AH-56 Cheyenne යානා වල දුර්වලතාවයන් පැන නැගීම නිසා ඒවා මැඩලූ සහ නව අවශ්‍යතාද සපිරුන, වැඩි ප්‍රහාරක බලය, ප්‍රහාරයන්ට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම භූමියේ භට පිරිස්වලට උපරිම සහයදිය හැකි, නොනැසී පවතින හා සූක්‍ෂම ලෙස ඉලක්කගත කොට ප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවීමට ඇමරිකානු ගුවන් හමුදාවට දැඩි අවශ්‍යතාවයක්විය.


මෙම අභියෝග සියල්ල ජය ගැනීමේ අරමුණින් එකල Hughes නමින් හැදින්වූ (පසුව McDonnell Douglas සමාගම මගින් මිලට ගන්නා ලදි) සමාගම නියමුවන් දෙදෙනෙකුගෙන් යුතු බලසම්පන්න එන්ජින් වලින්ද ගුවන් ගගණ තාක්‍ෂනය ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික පද්දතිවලින්ද (advanced avionics) සපිරුන මෙන්ම වෙඩි බලයටද ඔරොත්තුදෙන හෙවත් 23 mm දක්වා වූ වෙඩි උණ්ඩ ප්‍රහාර හමුවේ වුවද ප්‍රතිප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවා 1975 දී ප්‍රථම වරට ගුවන් ගත කලේය. එසේම මෙහි වෙඩි නොවදින ආවරණ සවිකල නියමු කුටිය පවා 12.7 mm වෙඩි උණ්ඩ වලට ඔරොත්තුදීමේ හැකියාවෙන් යුතුවිය. කෙසේ වෙතත් මෙම යානය ගුවන් හමුදාවට හදුන්වාදී ඇත්තේ 1986 දීය.




AH-64 Apache යානය ශක්තිය උරා ගන්නා ගොඩබෑමේ ගියරයකින්ද සමන්විත අතර එහි ඉදිරියෙන් සවිකෙරුන හැකිලිය හැකි chain gun පද්දතිය නිසා හදිසි ගොඩබෑමකදී භූමියෙන් එල්ල වන ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාරදී ආරක්‍ෂාව තහවුරු කරගැනීමේ අවස්ථාවද සලසන ලදි.

පහරදීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට හෙලිකොප්ට‍රයේ නාසය වැනි කොටසේ එල්ලය ලබා ගැනීමට හා රාත්‍රී දැකීමේ හැකියාවෙන් යුතු අංශක ගණනාවකින් භ්‍රමණය වන පද්දතියක් සවිකල අතර එයින් ලබා දෙන තොරතුරු ‍යානයේ වෙඩික්කරුවාගේ හෙල්මටයේ සවිකෙරුන පද්දතියකින් ඔහුට දැකගත හැකිවිය.

මෙම හෙලි‍කොප්ටරයේ මූලිකම අවිය Hellfire anti-tank missiles පද්තිය වන අතර ඊට අමතරව භූමියේ ඉලක්ක වලට පහර දීමට රොකට් වෙඩි බලය හා 30-mm chain gun භාවිතා විය. මීට අමතරව සතුරු හෙලිකොප්ටර් හා පහළින් පියාසර කරන ගුවන් යානා විනාශ කිරීම සදහා Stinger හෝ Sidewinder missiles ද සවිකල හැකිවිය.
මෙම හෙලිකොප්‍ටර් සිය කාර්යය සිදුකල හොදම අවස්ථා ලෙස පැනමාවේ හා 1991 ගලෆ් යුද්දය සදහන් කල හැකි අතර ඉරාක සොල්දාදුවන් 10,000 ක් වරක යටත් වී ඇත්තේ මෙම Apache තුනක් පමණක් යුද භූමියට පැමිණුන අවස්ථාවේ බව කියවේ. මෙම සාර්ථකත්වයන්ද සැලකිල්ලට ගෙන වඩාත් වැඩි දියුණු කල Apache AH-64D යන මාදිලියද නිපදවන ලද අතර එය ඉදිරියේදී තවත් දියුණු කරන බවද පැවසේ. මෙහි ඇති Longbow fire control radar පද්දතිය මගින් සතුරු යානා හෝ භූමියේ ප්‍රහාරක බලයන් දැනගැනීම, ඒවා පිහිටි ස්ථාන නිර්ණය, වර්ගීකරණය, නිවැරදි එල්ලයන් ලබා ගැනීම මෙන්ම සතුරු ප්‍රභවයට යානය පිළිබද දැන ගැනීමට අවස්ථා අවම කිරීමේ පහසුකම එයින් ලැබේ. එසේම මෙහි ප්‍රධාන පියාපත් වලට ඉහලින් සවි කර ඇති radome (radar dome) පද්දතිය මගින් යානයට කිසියම් ස්ථානයක සැඟවී සිටිමින්ම යුද භූමිය නිරීක්‍ෂනය කොට ඇසිල්ලකින්ම ඉහලට නැග සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද සපයා ඇත.

සංඛ්‍යාත්මකව ගත්විට මේ වන විට මෙම හෙලිකොප්ටර් 1000 කට වඩා නිපදවා ඇති අතර ඇමරිකානු ගුවන් හමුදාවට අමතරව මේවා භාවිතා කරන්නේ එරටේ හිතමිතුරු හා  හොදින් මුදල් අතින් පොහොසත් ඊශ්‍රායාලය
, ජපානය, කුවේටය, සිංගප්පූරුව, ඊජිප්තුව, ග්‍රීසිය, නෙදර්ලන්තය, එකසත් අරාබි එමිර් රාජ්‍යය, දකුණු ‍කොරියාව, සවුදි අරාබිය හා එක්සත් රාජධානය යන රටවල් ‍වේ.

එසේම AH-64D Longbow මාදි‍ලියෙන් 227 පමණ නිපදවා හා තවත් 470 ක් පමණ හා AH-64A මාදිලියෙන් AH-64D මාදිලියට යාවත්කාලීන කර ඇත. මීට අමතරව Block II සහ Block III යන ව්‍යාපෘති යටතේ මෙම යානා තවදුරටත් නවීන ඉලෙක්ට්‍රොනික හා කාර්යයක්‍ෂමතාව අතින් පොහොසත් යානා නිපදවීමට අවශ්‍ය පරීක්‍ෂන කරගෙන යනු ලබයි.

(Following the failure of the Lockheed AH-56 Cheyenne, the US Army was forced to issue a new requirement for an advanced attack helicopter for anti-armor and ground support missions. The Army stressed high performance, survivability, and the use of sophisticated weapons and targeting systems 
to maximize battlefield effectiveness.
To meet these challenges, Hughes Helicopter (later purchased by McDonnell Douglas) designed a rugged tandem two-seat aircraft with powerful engines, advanced avionics, and armor protection over key portions of the vehicle able to absorb up to 23-mm fire. In addition to an armor-plated cockpit able to withstand 12.7-mm strikes, the AH-64 Apache was fitted with energy absorbing landing gear and a collapsible chain gun to maximize crew survivability in a crash.Offensive capability is improved by a nose-mounted target acquisition and night vision system that pivots in coordination with the gunner’s helmet. The Apache’s primary armament consists of Hellfire anti-tank missiles, unguided rocket pods, and a 30-mm chain gun for use against ground targets. In addition, the AH-64 can be armed with Stinger or Sidewinder missiles for use against other helicopters or low-flying aircraft.

The Apache performed well in Panama and the 1991 Gulf War. Iraqi soldiers were so terrified of the helicopter that 10,000 troops once surrendered when three of them appeared. Due to these successes, the more advanced AH-64D was developed to further improve the design’s capabilities. At the heart of the AH-64D is the Longbow fire control radar capable of detecting, locating, classifying, and prioritizing targets while minimizing the vehicle’s exposure to detection by the enemy. With the radome mounted high above the main rotor, the Apache can hide behind natural terrain while scouting the battlefield before popping up to make precision strikes with its fire-and-forget weapons.


In total, over 1,000 Apaches have been built for the US Army and export customers. Some 227 AH-64D Longbow models were built for the Army, and another 470 or so AH-64A models have been upgraded with most of the AH-64D improvements. Further upgrades continue under the Block II and Block III programs to improve avionics systems and flight performance.


Several nations in Europe, Asia, and the Middle East have also purchased variants of the Apache. Over 300 export models have been ordered to date, including nearly 60 assembled by Westland in the United Kingdom. Like the US Army, customers with AH-64A fleets such as Egypt and Saudi Arabia have begun upgrading their aircraft to the AH-64D. Recent sales of the AH-64D have also been completed to the Netherlands, the United Arab Emirates,)



26 comments:

  1. ගොඩක් මහන්සිවෙලා කරපු දෙයක් බව පේනවා. ගොඩක් ස්තූතියි ඒකට. සංවර්ධනය කෙරෙමින් පවතින සිංහල විකියට ඔබ තවමත් එකතු වෙලා නැත්තන් එකතුවෙලා ලිපි ලියන්න, පරිවර්තනය කරන්න ආරාධනා කරනවා.
    මේ ලිපිය සිංහල විකිපීඩියාවට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා ඔබ කැමති නම් විතරක් මේ සිංහල පරිවර්තනය විකියට එකතු කරන්න.
    si.wikipedia.org

    ReplyDelete
  2. @නිපුන - ස්තූතියි! මම සිංහල සිංහල විකිපීඩියාවට මෙම සිංහල පරිවර්ථනය එක් කිරීමට කැමති බවද පමසන අතර එය ඉක්මනින්ම එයට ඇතුලත් කරන්නම්...

    ReplyDelete
  3. hugak hoda lipiyak.
    mama nathrama oyage bloge ekata enawa hebei podi awlak thiyenawa. oyage Font eka kiyawanna amarui eye redenawa puluwannam oya font bolt karala smooth karanna.
    jaya wewa niyama bloge ekak hugak watinawa digatama liyanna

    ReplyDelete
  4. මේ ජාතියෙ තව ලිපි ටිකක් ඉස්සරහටත් දාමු.

    ReplyDelete
  5. @Prasanga - ස්තූතියි! ඒ වගේම මම ඔබෙන් කණගාටුව අයැද සිටිනවා සිදුවු අපහසුතාවය ගැනත් මම ඒ දෝශය හැකි ඉක්මනින් නිරාකරණය කරනවා...

    ReplyDelete
  6. @උදාර - ඔව් තව මේ වගේ දේට නෑකම් කියන මාතෘකා කිහිපයක්ම ලැබිල තියෙනවා. ඒවත් ඉදිරියේදී දාන්නම්...

    ReplyDelete
  7. සුපිරිම ලිපියක්. කෝච්චි වගේම මම ආසම අනික් ක්ෂේත්‍රය හෙලිකොප්ටර්.. :)

    ReplyDelete
  8. හොද ලිපියක්...මේ වගේ තවත් ලිපිපලකරන්න.background colour
    එක වෙනස් කරපු එක නම් නියමයි.දැන් ඇස් වලට අපහසුවකින් තොරව කියවන්න පුලුවන්.

    ReplyDelete
  9. @..ChAnDiKa..- ස්තූතියි! මේක නම් අංගසම්පූර්ණ ලිපියක් නම් නෙමෙයි. බො‍හොම හදිස්සියෙන් හදපු එකක්. ඉදිරියේදී මීට වඩා විස්තරාත්මකව ලිපියක් සකස් කරන්න බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  10. @Sudaraka - ස්තූතියි! ඒවගේම ඔබලාට ලිපි කියවීමේදි කලින් පසුබිම නිසා සිදුවූ අපහසුව ගැන මම කණගාටුව අයැද සිටිනවා...

    ReplyDelete
  11. menna post thawa damu. weapon and tank gana danna

    ReplyDelete
  12. @prabathw7 - ඉදිරියේදී ඒව ගැනත් බලමු...

    ReplyDelete
  13. හැමදාම වගේ නියමයි!

    ReplyDelete
  14. අළුත් අච්චුව නම් කදිමයි. නමුත් පොඩි අවුලක් තියනවා. ඔයා දැන්වීම් දාලා නැති නිසා මම හිතනවා අඩවිය මුදල් හම්බු කරන චේතනාවකින් කරන්නේ නෑ කියලා. ඒත් හැම තිස්සේම බලෙන් ජනේලයක් විවෘත වෙනවනේ. පුළුවන්නම් ඒක අයින් කරල දෙන්න.

    ReplyDelete
  15. @බුද්ධි & දුෂාන් - ස්තූතියි!

    ReplyDelete
  16. @අමිල - ස්තූතියි! ඇත්තටම කිසිදු මුදල් ඉපයීමේ චේතනාවකින් නම් නොවේ මෙම බ්ලොග් අඩවිය කරන්නේ. අතේ තියෙන මුදලුත් වියදම් වීම පමණයි සිදුවෙන්නේ නම්. ඒ කෙසේවුවත් කවුරු හරි යමක් ඉගනගන්නවා යන තෘප්තිය තිබෙනවා. මම දැනුවත්ව නම් නෙමෙයි, ඔබ සහ මීට පෙරත් මිතුරෙක් පැවසූ දැන්වීම් අනපේක්‍ෂිතව තිරයේ දිස්වෙන්නේ. එනිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ භාවිතා කරන බ්‍රව්සරයේ පොප්අප් බ්ලොක් කර ගන්න ලෙස. මම හිතන්නේ මට එම දැන්වීම නොපෙනෙන්නේ මම එලෙස බ්‍රව්සරයේ පොප්අප් බ්ලොක් කර තිබෙන නිසා වෙන්න ඇති...

    ReplyDelete
  17. Hi dear, just one addition. You should have included 'Tiger' too.

    - Asanga Chandrawansa

    ReplyDelete
  18. @Asanga Chandrawansa - Thanks for the information. Still I didn't know about it and it's most latest helicopter in the battlefield...

    ReplyDelete
  19. මම ආස කරන මතෘකවක් ගන ලියවුනු හොඩ ලිපියක්. ගොඩක් ආසාවෙන් කියෙව්වා ස්තුතියි.

    ReplyDelete
  20. ස්තුතියි! ඉදිරියේදී මීටත් වඩා විස්තරාත්මක ලිපි බලාපොරොත්තුවන්න...

    ReplyDelete
  21. ඉදිරියේදීත් මෙවන් දෑ බලාපොරොත්තු වෙමි

    ReplyDelete