පොතේ අන්තර්ගතය ගැන මොනවත් කියන්නට කලින්ම කියන්න ඕන මේ පොත නම් අප නොදන්නා දුර්ලභ කරුණු රැසක් අඩංගු ඉතා හොද පොතක් බව. එහෙම කියන්න හේතුව තමයි බෞද්ධාගමිකව මෙන්ම ආයුර්වේදයට ආදාලවත් බෞද්ධයන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට අදාල වන තමන්ගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට අදාල වෙන කරුණු රැසක් මෙහි සටහන්ව තිබෙනවා. මොකක්ද මෙතරම් වටිනා පොත. එහි නම තමයි බෞද්ධ ස්වස්ථතාව : රෝග නිවාරණය සහ චිකිත්සාව (Buddhist Hygiene : Prophylaxis and Therapy).
පොතේ කතුවරයා වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකයේ, සිංහල අංශයේ කථිකාචාර්ය විමල් හේවා මානගේ මහතායි. මෙය පොතක් ලෙස අප අතට පත්වන්නේ ඒ මහතා විසින් සිය දර්ශනපති උපාධි පරීක්‍ෂනය සදහා ඉදිරිපත් කරනලද "පාලි සූත්‍ර හා විනය පිටකාගත බෞද්ධ කායික ස්වස්ථතා සංකල්පය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්" ස්වාධීන පර්යේෂණ නිබන්ධනයයි.
පොතේ මිල මෙන්ම එහි ISBN අංකය ඉහත දැක්වූ පසුපිටේ සේයාරුවේ දැක්වෙනවා. එසේම ඔබට තවදුරටත් මේ පොත පිළිබදව පැහැදිලි වීමට එහි අඩංගු පරිච්ඡේද පිළිබදව පටුනද ඉදිරිපත් කරනවා.
ඔබටත් හැකියාවක් ලැබුනොත් මෙම පොත කියවා බලන්න. නොදන්නා වටිනා කරුණු රැසක් දැනගැනීමට රැකුලක් මෙය සපයාවි. ඒ වගේම ලිපිය අවසන් කරන මොහොතේ තව සුළු කරුණක් කියන්නම්. මේ තමයි 2012 වසරේ තබපු 100 වන බ්ලොග් පෝස්ටුව. ගිය අවුරුද්දට සාපේක්‍ෂව නම් එම ඉලක්කම අඩු අගයක් වූවත් තියෙන වැඩ කන්දරාවත් එක්ක 100 ක් කියන්නෙත් හොද ඉලක්කමක්. තව වසර ගෙවෙන්න හරියට මාස දෙකක්ම තියෙන නිසා තව පුළුවන් තරමක් ලිපි මේ අවුරුද්දේ සත් සමුදුරට එකතු කරන බලාපොරොත්තුවෙන් නවතින්නම්.
ස්තූතියි!





පෝස්ටු 100ට සුභ පැතුම්..
ReplyDeleteස්තුතියි විස්තර බෙදාගත්තාට..
ස්තූතියි!
Deleteදිග ගමනකට සුභ පැතුම්...බොහෙම වටිනවා මේ තොරතුරැ කියා දුන්නාට.
ReplyDeleteස්තූතියි!
Deleteබොහොම ස්තුතියි මේ ගැන දැම්මට ,, ඒවගේම 100 වැනි පොස්ටුවට ... දිගු ගමනක් යාමට ජය ..
ReplyDeleteස්තූතියි!
Deleteසියලුම දෙනා කියවිය යුතු පොතක් වගෙයි පේන්නේ. මං ඉක්මනින්ම පොත ගන්නවා. ස්තුතියි දිනේෂ් . ජය.
ReplyDeleteඔව් හැකිනම් අරන් බලන්න. ස්තූතියි!
Deleteඉතාම වටිනා පොතක්. ඇත්තෙන්ම මෙය මාලඟ තිබෙනවා. ඕනෙ කෙනෙකුට මගේ ආයතනයට පැමිණ කියවීමට වුවත් දෙන්න පුළුවන්. හැබැයි ගෙනියන්න බැහැ.
ReplyDelete:D
මට හැබැයි හිතුනා ඔබතුමා සතුව මේ පොත ඇති කියලා වගේම මේ පොතේ කියන දේවල් ඔබතුමා මේ වනවිටත් දන්නවා ඇති කියන එකත්. ඒ එක්කම කියන්න ඕන මමත්, මම ගාව තියෙන පොත් දෙන්නේ තියා තියෙන බව ගෙදරට එන කෙනෙකුට වත් කියන්නේ නැහැ. හේතු කිහිපයක් නිසා තමයි ඒක කරන්නේ. එකක් අරගෙන යන්න දුන්නොත් ආයි ඒක ලැබෙයිද කියන එක නම් not sure. අනෙක මම පාසල් යන කාලෙම වුන අත්දැකීම් නිසා. ඒ තමයි මා සතුව තිබුන ඉතාම ප්‍රවේශමෙන් කොන් දාර නැමෙන්න කැඩෙන්න නැතුව තියා ගෙන තිබුන සඟරාවකින් එකක් යාළුවෙකුට දීල මගේ ඇස් ඉදිරියේමයි ඒක රෝල් කරල සාක්කුවේ දා ගත්තේ. මොනවත් කිව්වොත් හිත නරක්වෙන නිසා අමාරුවෙන් දරාගෙන සිටියා. පොත් පත් වගේ දේවල් බෙදාහදාගෙන භාවිතා කරන එක නම් හොදයි ඒත් ඉතින් ඇයිහොදයිය පළුදු කරගන්නවාට වඩා හොදයි තියෙන බවවත් කියන්නේ නැතුව ඉන්න එක. කොහොමවුනත් ගෙදරට ඇවිල්ල ඉන්න වෙලාවක කියවන එක නම් හොදයි. ඒත් කවුරුවත් එහෙම කියවන්න නෙමෙයිනේ කැමති අරගෙන යන්නමනෙ මනාප...
Deleteමම නම් ඔය වගේ පොත් කියවන්න ටිකක් කම්මැලියි, හුඟක් දුරට ඒක තීරණය වෙන්නෙ අන්තර්ගතයටත් වඩා ලේඛකයගෙ ලියන ශෛලිය අනුව තමා.
ReplyDeleteමගේ නම් මේ පොතට විශයට කැමති අකමැති කියල එකක් නැහැ. මිලයට ගන්න හෝ පුස්තකාලයකින් ගන්න වෙලාවට හිතට වැදුනොත් පොඩ්ඩක් අහඹු තැනකින් කියවලා බලනවා. කියවන එක ප්‍රයෝජනයක් වෙයි කියල හිතුනොත් අරගන්නවා. මේ නිසා විශයන් ගණනාවක් පිළිබදව මොනවා හෝ දෙයක් ඉගන ගන්නත් ලැබෙනවා...
Deleteඉතා වටින පොතක්
ReplyDeleteඔව් හොද පොතක් තමයි...
Deleteසීයක් ලියනවා කියන එක සෙල්ලං වැඩක්ද . ජයවේවා
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර"
ස්තූතියි! 100 මේ අවුරුද්දට මේ වන විට පෝස්ටු 319 ක් තබා තිබෙනවා...
Deleteහඨ යෝගා ගැන ලියවුනු හොඳ සිංහල පොත් වල නම් ටිකක් එහෙම දෙන්න පුලුවන්ද?? ගොඩක් අය ලියල තියෙන විදියට කරන්න ගියොත් නං නැති ලෙඩ හදා ගන්න පුලුවන්... එහෙම නැතුව හරි ඉරියවු..ඉරියවු සමග හුස්ම ගැනීමේ රටාව...පරීෂාකාරීව ආසන පුරුදු කරන හැටි මුල සිට සරලව ගැඹුරටම කියා දෙන පොත් ටිකක් නම් දෙන්න පුලුවන්ද....
ReplyDeleteමම නම් මේ විශය ගැන දැනීමක් නැහැ. ඒ වගේම යෝග ව්‍යයාම් ගැන පොත පතත් කියවා තිබෙනවා අඩුයි. හැබැයි ඔබ වෙදගෙදර මහවෙදනා බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය මහතාගෙන් මේ පිළිබදව විමසුව හොත් ඔහුගෙන් වඩාත් නිවැරදි පිළිතුරක් ලබා ගත හැකි යයි සිතනවා. මෙන්න එතුමාගේ ඊමේල් ලිපිනය - dr.susantha@gmail.com
Deleteඅපේ සුබ පැතුම් ඔබට පෝස්ට් 100ක් ලොකු වැඩක්.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තූතියි!
Deleteමේ පැත්තෙ එන්න පරක්කුවුණාට සමාවෙන්න........
ReplyDeleteවටින පොතක් වගෙයි හොයාගෙන කියවන්න ඕනේ.
ලිපි 100 ගැනත් වචනයක් හරි කියන්න ඕනෙ. ලිපි 100 ක් දානව කියන්නෙ ලේසි සෙල්ලමක් නෙවෙයිනේ. පොඩ්ඩක් හෙමින් වුණත් කමක් නැහැ නිසරු දේ ලියන්නෙ නැතුව වටින දේවල් ලියන එකයි වටින්නෙ. ඔයා ඒ දේ හොඳින් තේරුම් ගත්ත බ්ලොග්කරුවෙක්. ඒ හින්ද මේ ගමන තව චිරාත් කාලයක් මේ විදිහට ම යන්න ලැබෙන්න කියල මං හදවතින් ම සුබ පතනවා........
ජයෙන් ජය!!!