-->

Sunday, September 2, 2012

පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods) -

මේ කතා කරන්නට යන්නේ සතුටුදායක මාතෘකාවක් නොවන අතර අමිහිර වුවත් එහි ඇති සමාජ විද්‍යාත්මක වටිනාකම නිසා යමක් ඔබට කීමට සිතුනි. මරණ දඩුවම හා සාක්‍ෂි විභාගයන් සදහා පුරාණයේ පටන් ඒ ඒ රටවල් විවිද ක්‍රම උපයෝගී කර ගත්හ. 

විශේෂයෙන් වර්ථමානයේ මරණ දඩුවම යනු ශිෂ්ඨාචාරගතවූ සමාජයක අශිෂ්ඨ දෙයක් ලෙස සලකන නමුත් ඇතැම් රටවල් මරණ දඩුවම ඒ කිසිවක් නොසිතා ක්‍රියාවේ යොදවන අතර සමහරක් රටවල් අවශ්‍ය කාරණා සහ වැරදි වලට පමණක් මරණ දඩුවම ක්‍රියාවේ යොදවයි. තවත් රටවල් කිහිපයක් මරණ දඩුවම අහෝසි කර සහ නීතිපොතේ මරණ දඩුවම බලාත්මක කර ඇති මුත් ක්‍රියා‍වේ යෙදවීමක් සිදුනොකරයි. ලංකාව මෙයට හොදම උදාහරණයකි.

මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවල මරණ දඩුවම දෙනු ලබන ක්‍රමවේදයන්ද විවිදය. ඇතැම් රටවල එය ඉතා වේදනාකාරීය. එසේත් නැතහොත් කුරිරු ආකාරයෙන් මරණ දඩුවම දෙනු ලබයි. තවත් රටෙක එය මධ්‍යස්ථය. තවත් රටක මරණ දඩුවම වේදනාකාරීබවෙන් අඩු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කරණු ලබයි. 

මරණ දඩුවම මනුෂ්‍ය ඉතිහාසය ආරම්භවූ කාලයේ පටන්ම තිබූ දෙයක් විය යුතුය. මන්ද වර්ථමානයේ පවා මිනිසුන් පොඩි දේටත් මිනීමරාගන්නා ආකාරයට ලෙයට ‍ලෙය, දතට දත න්‍යාය එකළ සිටන්ම පැවතුනේ නැතිනම් පුදුමයට කරුණකි. ඒ නිසා මිනිසුන් මරණ දඩුවම දෙන ක්‍රමද අත්හදා බැළුහ. ක්‍ෂනිකව මරණ දඩුවම දිය හැකි ක්‍රම කෙරේ 18 - 19 වන සියවස් අතර කාලයේ ඇතැම් රටවල් අත්හදා බලන ලදි. එහෙත් එම ක්‍රමද පසුකාලීනව වේදනාකාරී හා කුරිරු බවෙන් යුතු බව පසුකාලීනව සොයා ගන්නා ලදි. ප්‍රංශයේ ක්‍රියාත්මක වූ ගිලටීනයෙන් මරණ දඩුවම ලබාදීමද එවැන්නකි. Joseph-Ignace Guillotin විසින් 18 වන සියවසේදී සොයා ගන්නා ලද ගිලටීනය ප්‍රංශ විප්ලවයේදී මරණ දඩුවම ලබාදීම සදහා බෙහෙවින් භාවිතයට ගන්නා ලද උපකරණය විය. හිස ගසා දැමීමට සමාන බවක් ගත්තත් ආයුදයක් ගත් මිනිසෙකු විසින් එම කාර්යය කරනවා වෙනුවට වේගයෙන් පහළට පැමිණෙන තියුනු බවෙන් යුතු කැපුම් තලයකින් මෙම කාර්යය ක්‍ෂනයකින් හා චූදිතයාට අවම වේදනාවක් දැනෙන අයුරකින් සිදුකර ගැනීම ගිලටීනය නිපදවීමේ අරමුණ වන්නට ඇත. එහෙත් හිස කදෙන් වෙන්වූ පසුවද තප්පර 30 කට ආසන්න කාලයක් ඇස පිය සහ තොල් සොලවන බව 1905 දී ප්‍රංශ භෞත චිකිත්තසකයෙකු වූ Dr. Gabriel Beaurieux විසින් සිදුකල පර්යේෂනයකින් තහවුරුවිය. 20 වන සියවසේ මුල මෙවැනි අරුම පුදුම පර්යේෂන සුලභවිය. කෙසේවෙතත් ගිලටිනය ප්‍රංශයේ ප්‍රධානම මරණ දඩුවම ලබාදෙන ක්‍රමය ලෙස 1977 සැප්තැම්බරය දක්වා ක්‍රියාත්මක විය.

ගිලටිනයෙන් සිදුකරන ආකාරයෙන්ම බොහෝරටවල පුරාණයේ පටන් පැවති මරණ දණ්ඩන ක්‍රමයකි කඩුවක්, පොරවක් හෝ එවැනි කැපුම් තලයක් ඇති ආයුදයකින් බෙල්ලේ පිටුපසට පහර දීමෙන් සිදුකරන හිස ගසා දැමීමේ මරණ දණ්ඩනය. මෙම ක්‍රමය අපේ රටේද ක්‍රියාත්මක වූ බව මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොළ නිලඹේ තුමන් ඇතුළු පිරිසට ලබා දුන් මරණ දඩුවම ගැන පවසන කරණු වලින්ද සනාථ වේ. දැන් මෙම ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක නොවූවද සෞදි අරාබිය, යේමනය, හා එක්සත් අරාබි එමිරේට්ස් යන රටවල තවමත් ක්‍රියාත්මක වේ.

ඉස්ලාමීය අරාබි රටවල් කිහිපයකම කාන්තාවන් මරණයට පත්කිරීමට යොදා ගන්නා ක්‍රමයකි ගල් ගැසීම. Mauritania, සෞදි අරාබිය, යේමනය, එක්සත් අරාබි එමිරේට්ස්, ඉරානය, පකිස්ථානය , බංගලිදේශය සහ සුඩානය මෙන්ම ඉස්ලාමීය වටපිටාවක් සෝමාලියාව වැනි රටවලද මෙම කුරිරු ක්‍රමය ඉස්ලාමීය ශාරියා නීතිය යටතේ ක්‍රියාත්මක වේ. ඉස්ලාමීය ආගමික මුහුණුවරක් නැති දකුණු අප්‍රිකාව වැනි රටවල පවා මෙය ක්‍රියාත්මක වන්නේ එම රටවල බහුල ලෙස ඇති ගෝත්‍රික බෙදීම නිසා විය යුතුය. දැනට ක්‍රියාත්මක වන සියළුම මරණ දඩුවම් අතරින් වදවේදනා වැඩියෙන්ම විද මරණයට පත්වන ක්‍රමය මෙය විය යුතු යයි සැලකෙන අතර ප්‍රාහරයට ලක්වන්නා ආසන්න වශයෙන් පැය 4 ක පමණ කාලයක් දුක්විද මෙලොව හැරයයි.

විසිවන සියවසේ මුලදී බහුල ලෙස මරණ දඩුවම දෙන තවත් ක්‍රමයක් ඇති විය, එය නම් වෙඩි තබා මරණයට පත් කිරීමයි. විශේෂයෙන් 1914-1918 අතර ඇතිවූ පළමු ලෝක යුද සමයේ බහුල ලෙස මෙම ක්‍රමය භාවිතයට ගත් අතර තම කණ්ඩාය‍මේ අණ නොතකන්නන් හා විනය විරෝධී ලෙස හැසිරෙන්නන් පවා වෙඩි තබා මරණයට පත් කරන්නට එම යුද්දයට සම්බන්ධ හමුදාවන් පසුබට නොවූහ. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පමණක් 300 ගණනක් පළමු ලෝක යුද්දයේදී විවිද අකටයුතුකම් සම්බන්ධයෙන් තම සහෝදර සොල්දාදුවන්ගේ වෙඩි උණ්ඩවලටම ලක්වී පරලොව ගියහ. 

1917 දී සිදුවූ රුසියානු විප්ලවය තුලද, ඉන්පසුව ඇරඹි සමාජවාදී ආණ්ඩුව තුලද වෙඩි තබා ඝාතනය කිරීම් සුලභ විය. තවද චීන විප්ලවය සිදුවන සමයේදීද දෙපාර්ශවයම වෙඩි තැබීමෙන් සතුරන්ට මරණ දඩුවම ලබාදුන්හ. චීනයේ අදද මෙම ක්‍රමයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කරන අතර දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ යුද අපරාධ ගැන බහුලවම කතා වෙතත් ඇමරිකානු හමුදාවද තමන් අල්ලා ගන්නා ඔත්තුකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමට පසුබට නොවූයේය. කෙසේවෙතත් වෙඩි තැබීමට ලක්වන්නා තප්පර 60 ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටන් වැද මිය යාම සිදුවන බව පැවසේ.

විශ ගෑස් භාවිතයෙන් මරණ දඩුවම ලබාදීම ගැනද බහුල ලෙස කතා කෙරෙන්නේ ජර්මානුවන්ගේ වදකාගාර සම්බන්ධයෙනි. ‍එහෙත් ඊට වසර කිහිපයක පෙර එනම් 1924 දී ඇමරිකාව මුලින්ම ගෑස් යොදා මරණ දඩුවම දීම නෙවාඩා හිදී අත්හදා බැළු අතර 1930 සිට 1980 දක්වා ඇමරිකාවේ ප්‍රාන්ත 7 ක සයනයිඩ් වායුව යොදා ගෙන මරණයට පත් කළ සිරකරුවන් සංඛ්‍යාව 952 කි. මෙම ක්‍රමයෙන් යමෙකු මරණයට පත්කිරීමට මිනිත්තු 20 ක කාලයක් ගතවන බව පැවසෙන අතර දැන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවකම මෙම ක්‍රමය තහනම් කර ඇත්තේ මෙය වේදනාකාරී මරණිය දණ්ඩනයක් ලබා දෙන බවද සනාථ කරමිනි.

විශ ගෑස් වලින් මරණයට පත් කිරීමට වඩා විස එන්නත මානුශික යයි සැලකේ. මෙම ක්‍රමයේදීද මරණයට පත්වීමට මිනිත්තු 20 ක පමණ කාලයක් ගතවෙතත් මරණයට පත්වන්නාට එය නොදැනෙන තරම්ය. එයට හේතුව විශ එන්නත ලබා දීමට පෙර ඔහුට සිහිසුන් වන එන්නතක් ලබාදීම නිසා වන අතර මරණිය එන්නත ලබාදෙන්නේද යාන්ත්‍රිකවය. ජර්මානුවන් මෙම ක්‍රමය මුලින්ම දෙවන ලෝක යුද්දය ඇරඹීමට ආසන්න කාලයකදී ක්‍රියාවේ යොදවන්නට වූ අතර මෙම ක්‍රමයේදී සිදුවන්නේ හදවතට විශ එන්නත ලබාදී මරණයට පත් කිරීමයි.

විදුලි පුටුවද මරණ දඩුවම ලබාදෙන ජනප්‍රියම ක්‍රමයකි. ඇමරකාවේ සහ පිලිපීනයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර දැන් මෙම ක්‍රමය භාවිතයට නොගන්නා බවද පැවසේ. ‍විදුලි පුටුව නිපදවන ලද්දේද අප දන්නා කෙනෙකි. එනම් තෝමස් අල්වා එඩිසන් විසින් වන අතර මුලින්ම මෙම ක්‍ර‍මයෙන් ඇමරිකාවේදී මරණ දඩුවම ලබාදෙන්නේ 1890 වර්ශයේදීය. එතැන් සිට සියවසකට ආසන්න කාලයක් එනම් 1980 දක්වා වසර 90 ක කාලයක් ඇමරිකාවේ  ප්‍රාන්ත ගණනාවකම ප්‍රධානම මරණීය දණ්ඩනය ලබාදෙන්නාවූ ක්‍රමය මෙය වන අතර විදුලි පුටුව යනු එක්තරා විදියකින් තවත් ඇමරිකානු Symbol එකක්ද විය. කෙසේවෙතත් විදුලි පුටුව නිර්මාණය කළ අවධියේ මෙය මානුශිකම මරණීය දණ්ඩනය ලබාදෙන ක්‍රමය ලෙස සැලකුනත් එය පසුකළෙක එසේ නොවන බව ඔප්පුවිය. 

1980 සිට මරණීය දණ්ඩනය පැනවීමේ ප්‍රධානම ක්‍රමය ලෙස ව්දුලි පුටුවට තිබු ස්ථානය අහිමිව ගිය අතර එම ස්ථානය ගත්තේ වඩාත් මානුශික මරණීය දණ්ඩනය පැනවීමේ ක්‍රමය ලෙස වර්ථමානයේ සැලකෙන විශ එන්නතයි. කෙසේවෙතත් ඇලබාමා, ‍ෆලෝරිඩා, දකුණු කැරලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්ථ වල දෙවන  මරණීය දණ්ඩන ක්‍රමය ලෙස විදුලි පුටුවද පවත්වාගෙන යන අතර ඒ යම් හෙයකින් මරණ දඩුවම ලැබීමට "වරම්" ලබන්නා යම් හෙයකින් විශ එන්නතට වඩා විදුලි පුටුව හොද යයි තීරණ කළ හොත් එම තීරණයට "ගරු" කිරීම පිණිසයි. 2010 වසරේ මාර්තු 18 වනදා වර්ජිනීයා ප්‍රාන්තයේදී අවසන් වරට විදුලි පුටුව ක්‍රියාත්මක කර තිබෙන අතර එම "වාසනාව" ලැබු තිබුනේ Paul Warner Powell  නම් ස්ත්‍රී දූෂක මිනීමරුවාය. පිලිපීනයේ 1924 සිට විදුලි පුටුවෙන් වැඩ ගෙන තිබූ අතර 1979 දී ඔවුන්ද මෙම ක්‍රමය අත්හැර දමන ලදි. විදුලි පුටු‍ව භාවිතයෙන් යම් අයෙකුට මරණීය දණ්ඩනය ලබා දීමේදී මිනිත්තු 18 ක කාලයක් ඔහුට හෝ ඇයට මරණය සමග පොර බදන්නට සිදුවේ.http://en.wikipedia.org/wiki/Electrocution

එල්ලා මැරීමද ශ්‍රී ලංකාව, ඉන්දියාව  ඇතුළු රටවල් ගණනාවක මරණ දණ්ඩනය ලබා දෙන ක්‍රමය වන අතර මෙහිදී මිනිත්තු 15 ක පමණ කාලයක් එල්ලීමෙන් පසු මරණයට පත්වීමට ගතවන බව පැවසේ.
http://en.wikipedia.org/wiki/Hanging

මේ දැක්වූයේ වර්ථමානයේ ලෝකයේ රටවල් මරණ දඩුවම ලබාදීමට භාවිතා කරන ක්‍රමයි. මීට අමතරව ඉස්ලාමීය අරාබිකරයේ විවිද චෝදනා සදහා අත්පා කපා දැමීම ආදී ම්ලේච්ඡ ක්‍රමද තවමත් භාවිතා කරයි.

දැන් මාතෘකාවේ පරිදි සිංහල රජ දවස දෙතිස් වද මෙසේය
1   කසයෙන් තැලීම.
2   වේවැල් සහ හතර රියන් පොදු දෙකෙන් තැලීම.
3   අත කැපීම.
4   පය කැපීම.
5   අත් පා කැපීම.
6   කන කැපීම.
7   නාසය කැපීම.
8   කන් නාසා කැපීම.
9   වෑයෙන් සිරුර කපා හතරැස් කිරීම.
10 වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.
11 ඇස් උගුළුවා දැමීම.
12 පැසෙන තෙල් කටාරමක දැමීම.
13 කුසගින්නේ තබා කූඩු කර සිටින බල්ලන් අතරට දැමීම.
14 දිවැස් උළෙහි තැබීම.
15 කඩුවෙන් හිසකපා වෙන් කිරීම.
16 යටිපතුල් ඉරා ඊට ලුණු වැලි දමා බොරළු මත ඇවිද්වීම.
17 යකඩ අඩුවෙන් දිව එළියට ඇද කටට ලුණු වතුර වත් කිරීම හෝ දිව කැපීම.
18 පැසුන තෙල් සිරුර පුරා වත් කිරීම.
19 දැවමය කදන් උඩ සිරුර සතපා කැබලිවලට කැපීම.
20 සිරුර පොලු මුගුරු වලින් තලා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම.
21 සිරුර ඇලයකට හරවා එක කණකට යකඩ උලක් සවිකොට දෙඅල්ලාගෙන කරකවන්නාවූ "පලිස
     පරිවත්ටික වධය".
22 සිරුර අගසිට මුලටත් මුලසිට අගටත් පෙ‍ති පෙති කැපීම.
23 සිරුර පුරා ආයුද වලින් ඇන "කාරම් දිය" ඉස සම් මස් නහර දිය කිරීමෙන් ඇට සැකිල්ලක් කරන්නාවූ
    "ධාරා පනජීවිත වධය".
24 වෙවනුව ඇති බිලි කොකුවලින් සිරුරේ ඒ තැන්වල ඇන සම් මස් උලුප්පා දමන්නා වූ "බලිස මාංගික
     වධය"
25 බිම මුනින් නිදිකරවා වැලමිට සහ දෙදණට යකඩ වලලු දමා ඒවා බිමට සවිකොට හිරකර තබා ගිනි
     දන්වන්නාවු "දාඑයියක වධය".
26 ගෙල සිට ඉණටත්, ඉණසිට ‍බොලටත් සම ගලවා ඈත සිට බලන්නෙකුට රතු වස්තු ඇන්ද බවක් පෙන්නුම්
    කරන "විරක වායික වධය".
27 ගෙලේ සිට බොල දක්වා සම ගලවා යොතක එල්ලා එහා මෙහා පද්දන්න වූ "ඒරක වන්තික වධය".
28 අතක හෝ දෑතෙහිම තෙල් පාණ්කඩ ඔතා ගිනි දල්වනාවූ "හත්ථි පජ්ජජෝතික වධය"
29 ශරීර‍යේ සියළුම තැන් තෙල් පාන්කඩ ඔතා ගිනි දල්වනාවූ "ජෝති මාලක වධය".
30 යකඩ උලින් කට අරවා එහි පහන් දල්වන්නාවූ "රාහු මුඛ" වධය.
31 හිසෙහි කෙස් සමග හම ගලවා හිස් කබලෙහි බොලු අතුල්ලා හක් ගෙඩියක් මෙන් සුදු කරන්නාවූ "සංඛ
     මුක්ඩික වධය".
32 හිස් කබල ගලවා මොළයට ගිණියම් කරන ලද ලෝහ ගුලි තැබීමෙන් මොළය කැඳ හැලියක් කරන්නා වූ
    "බිලිංග චාලක වධය".

සත්‍ය වශයෙන්ම එදා අතීතයේ මෙවන් වධ දුන්නාදැයි, නොදුන්නාදැයි නොදන්නා අතර මෙම වධ 32 පිළිබදව  කරුණු මම උපුටා ගත්තේ මුතුහර 2007 සැප්තැම්බර් කලාපයෙනි. එසේම කසුන්ගේ මුහුද යට බ්ලොග් අඩවියේද මෙම දෙතිස් වද පිළිබද ලිපියක් මම දුටිමි. http://blogkasun.blogspot.com/2011/10/blog-post_6258.html

කෙසේවෙතත් යම් හෙයකින් මෙම වධ එදා යම් වරදකරුවෙකුට ලබා දුන්නේ නම් එය අද භාවිතා කරන වෙඩි තැබීම, එල්ලා මැරීම, විශ එන්නත, විදුලි පුටුවට වඩා බොහෝ වේදනාකාරී වන්නට ඇත.

මරණීය දඩුවම ලබාදීම හා නොදීම ගැන තීරණය කල යුත්තේ නීති විශාරදයින්, සමාජ විද්‍යාඥයින්, ආගමික හා දේශපාලනික නායකයින් හා විද්වතුන්ගේ අදහස් අනුව බව නම් සිතේ. කෙසේවෙතත් කුඩා දරුවන් අපචාරයට ලක්කරන, ඔවුන් කෲර ලෙස මරා දමන අපරාධකරුවන්ට මෙම දඩුවම් ලබානොදී සිටින්නේ කෙසේද? යන්න ගැටළුවකි.

පැරණි රජ දවස දඩුවම් හා නීතිය පසිදලීම පිළිබදව සත් සමුදුරේ මීට ප්‍රථම පළ කරන ලද ඇත්කඳ ලිහිණියා ටෙලි වෘතාන්තය ගැන සහ ලංකාව යුරෝපීය ජාතීන්ගේ යටත් විජිතයක් නොවුනේ නම් ‍‍මොනවගේ වෙයිද? සහ අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම පෙන්නුම් කල පොතක් - ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව යන ලිපි වලද යම් තාක් දුරට අන්තර්ගතවිය. තවද පැරණි රාජ්‍ය පරිපාළනය පිළිබදව තොරතුරු ජනකතා හා ඉතිහාසය නම් බ්ලොග් අඩවියේද දැක ගන්නට ලැබුනි.

එ‍සේම 1995 දී නිපදවන ලද Execution නම් වාර්තාමය වීඩියෝවේද මේ මාතෘකාවට අදාලව වැදගත් කරුණු රැසක් අඩංගු බව අවසාන වශයෙන් සටහන් කරමි...



37 comments:

  1. මරණ දඩුවම ගැනත් ගොඩක් කතා කරන මේ කාලයේදි මේ ලිපිය හරිම වැදගත්....
    මරණ දඩුවම මානුශීයද... ක්‍රියාත්මක කරන්න ඕනෙද කියන එක ගැන ලිපි කීපයක්ම දැක්කා.. මරණ දඩුවම නියමවූ කෙනා අන්තිම පැය කිහිපයේදි මානසික වශයෙන් ලොකු වේදනාවකට පත් වෙනවා කියලා අහලා තියෙනවා... සමහරු එල්ලුම් ගහ ළඟට ඇදගෙන යන්න සිද්ධ උනා කියලත්...

    දෙතිස් වධ ටික නම් ඇත්තම කිව්වොත් මම කියෙව්වෙ වත් නෑ....

    ReplyDelete
    Replies
    1. මට ෙමම ලිපිය ලියන්නට සිතුෙන් ෙදතිස් වද පිළිබදව ලියා තිබූ ලිපිය සහ පසුගිය සතියක නැරඹූ Execution නම් චිත්‍රපටිය දුටු පසුයි. Execution සහ Face of Death සත්‍ය සිදුවීම් අලලා නිෂ්පාදනය කළ චිත්‍රපටි වන අතර එ්වාෙය් මිනිසුන් මරණ බිෙයන් සිටියදී මරණයට ලක්කරන අයුරු ෙපන්නුම් ෙකෙරනවා හැැබයි මම ෙම් චිත්‍රපටි බලන්නම කියලා නිර්ෙද්ශ කරන්ෙන් නම් නැහැ...

      Delete
  2. දෙතිස් වධ කියවද්දී මාව වධකයාට අහුවුනා වගේ... :)

    ඔය වගේ අපරාධකාරයෙක්ව නොමරා මතකය මකා දමලා ඒ වෙනුවට යහපත් මතකයක් තැන්පත් කරන්න පුලුවන් නම් හරි..

    ReplyDelete
    Replies
    1. ෙමම ලැයිස්තුව අැත්තටම කියවන්න තරම් මිහිරි ෙදයක් ෙනාෙවයි. එ්ත් අතීතය අදට වඩා ෙකාතරම් දරුණුද කියන එකට ෙහාද සාක්‍ෂියක් ෙමය...

      Delete
    2. ඔව් මෙය අප නොදුටු අතීතයේ කුරිරු බවෙන් බිඳක් පමණක් විනා අප විසින් ආදර්ශයකට ගත යුත්තක් නොවන බව තේරුම් ගත යුතුයි ..

      Delete
  3. පුරාන දඬුවම් ගැන කියද්දී මතක් වෙන ප්‍රධාන කෙනෙක් තමා බැබිලෝනියාව පාලනය කරපු හමුරාබි. ඇසට ඇස සංකල්පය යටතේ හමුරාබි ඇතිකළ නීතී මාලාවත් බොහොම දරුණු එකක්

    ReplyDelete
    Replies
    1. ඔබ තවත් කරුණු ෙසායන්න ෙතාරතුරක් ලබාදීලා තිෙයනවා. ස්තූතියි! ඉදිරිෙය්දී ෙම් කරුණු ගැනත් ලියන්නම්...

      Delete
  4. මනුෂ්‍යයෙක් මොන වැරැද්ද කරත් අමානුෂික දඬුවම් දීම නම් මම කොහෙත්තම අනුමත කරන්නෙ නැහැ. ඒක හරි මිලේච්ඡයි. එතනදි අපරාධකාරයගෙත් දඬුවම් දෙන්නාගෙත් (පඩියට වැඩකරන ලැබුණු අණ ක්‍රියාත්මක කරන අළුගෝසුව නෙවි, එහෙම ක්‍රමයක් පවත්වගෙන යන නීත්‍යානුකූල රජයන්) වෙනසක් නැහැ කියලයි මම හිතන්නෙ. අනෙක දඬුවමක් දෙන්න ඕන වැරදිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ චේතනාවෙන් මිස ඔවුන්ගෙන් පලිගන්න නෙවි. ඇසට ඇසක් ඉල්ලන වැරදිකරුවන්ගෙන් පලිගන්න එහෙම නීති ක්‍රම ශිෂ්ඨ ලෝකය පිළිකුල් කරනවා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. හැබැයි භයානක වරදකරුවන් සම්බන්ධෙයන් එ් කියන්ෙන් නැවත යථා තත්ත්වයට ෙමානවිදියකින් පත්ෙනාවන අය සම්බන්ධෙයන් ම්ෙල්ච්ඡ ෙනාවන ක්‍රමයක් අනුගමනය කරන්නටත් ෙව්වි...

      Delete
  5. නියම ලිපියක්, කියවනකොට ඇගේ මයිල් කෙලින් වුනා...

    ReplyDelete
  6. පුරාතන ශ්‍රී ලංකාවේ අපරාධ, විනිශ්චය හා දඬුවම් (ක්‍රි. පූ. තෙවැනි සියවසේ සිට දොළොස්වැනි සියවස තෙක්) (2011) පොත ලියන්නේ එන්. ඒ. විමලසේන හෑලෝගම. තොරතුරු බොහොමයි. එහි කියන විදියට, එළාර රජු මිහින්තලේ සිට අනුරාධපුරේ යද්දි තමාගේ රථ චක්‍රයක් වැදී සෑයක පැත්තක් කැඩුනාලු. දේපල හානි යටතේ පූජනීය වස්තු විනාශය දරුණු අපරාධයක් වූ නිසා එළාර රජු මග වැතිර මගේ හිස මේ රථ චක්‍රයෙන් සිඳිව් යැයි කීවාලු. (පිටු 76) ඒත් කවුරුවත් එයාගේ හිස සිඳෙන්න රිය ගෙනගියේ නම් නැහැ ඒ අවස්ථාවේ දී. ඔහු කොතරම් අපක්ෂපාතී රජෙක් වූව ද යත්, එළාරගේ පුතාට අයත් රියකට යට වී මළ වසු පැටියෙකුගෙ මවකගේ පැමිණිල්ලක් නිසා එළාර විසින් තම පුතුට මරණීය දණ්ඩනය දුන්නාලූ!!!! (පිටු 133)

    ReplyDelete
    Replies
    1. මම සටහන් කළ පොත් වලත් මෙම එළාර රජු‍ගේ සිද්ධිය තිබෙනවා. එහිද සටහන් වන ආකාරයට එළාර රජු හොද වූවත් ඔහුගේ ඇමතියන්, හා අනෙකුත් කාර්යය මණ්ඩයලය නම් ජනතා හිතවාදී පාලනයක් ගෙන ගිය බවක් නම් කියන්නේ නැහැ. තව කාරණයක් කියන්නම් මම 6 වසරේ ඉගන ගන්නකොට ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැන රචනාවක් ලියන්න කියලා සිංහල උගන්වපු ගුරුතුමිය පන්තියේ හැමෝටම පැවරුවා. ඉතින් බහුතරයක් ලියලා තිබුනේ දුටුගැමුණු වගේ රජවරු ගැන මම ලිව්වේ එළාර රජතුමාගේ පුතා වහුපැටියා මරණයටපත් කළ හා එයට එළාර රජු යුක්තිය පසිදලූ ආකාරය ගැනයි. රචනාව ආරම්භ කළේ "එළාර රජතුමාද ශ්‍රේෂ්ඨ රජකෙනෙකි" කියන ඡේදයෙන්. හැබැයි වුනේ රචනාව ගුරුතුමිය බලන්න ගත්ත ගමන්ම "එළාර කොහොමද ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වෙන්නේ" කියලා පන්තියටම ඇහෙන්න කෑගහලා රතු පෑන් ඉරතික් රචනාවම හරහා ඇදලා රචනාව වැරදි යයි සටහන් කළා. පන්තියේ හිටිය සමහර ඈයෝ ගුරුතුමියගේ කතාව අනුමත කරලා හිනා වුනා. මම ඉතින් කරබාගෙන උන්නා. වෙන මොනවා කියන්නද පෙර සිතුවමක් සිතේ ඇදගෙන ඉන්න සමාජයකට වෙනමොනවා කියන්නද කියලා එදා වැඩිහිටියෙන් නොවුනත් සිතුනා...

      Delete
    2. @ Dinesh Guruge

      එළාර රජතුමා ජන හිතකාමී පාලකයෙක් වුණත් ඒකම විතරක් ලංකාවේ රජ කෙනෙක්ට සෑහෙන්නේ නැහැ. බුදු සසුනට අනුග්‍රහ කිරීමත් වෙන්න ඕනේ. එළාර රජතුමා චෛත්‍යයක් බිඳුණාම කලින් කිව්ව ආකාරයට ක්‍රියා කළත් අනික් දෙමළුන් චෛත්‍ය අසළ මළ පහ කළ බවත් ඒවා කැලෑ වැවී තිබුණු බවත් කියවෙනවා. ඒක නිසාමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කියන තේමා පාඨය දුටුගැමුණු රජතුමා යොදාගන්නේ...

      Delete
    3. මම හසිත කියන්න හා එකඟයි. ජන හිතකාමී රජෙක් වු පමණින් එළාර රජු යුක්තිය හා සාධාරණත්වට ඉටු කළ ශ්‍රේෂ්ඨ රජෙක් වෙන්නේ නැහැ. ඔහු වහුපැටියෙක් මරපු නිසා මිනිසෙකුට මරණය නියම කළත්, තමන් විසින් සෑයක පැත්තක් කඩපු වරදට බිම පෙරළී මගේ හිස සිඳිව් කියා කියනවා විතරයි. ඇයි එහෙනම් බැරිවුනේ ඔහුට මගේ හිස සිඳිව් කියා අණක් නිකුත් කරන්න!!! එළාර කරන්නේ තමන් තෝරා බේරා ගන්නා නීති පමණක් කඩන අයට දඬුවම් පැමිණවීම ද?!!!

      ඊ ළඟට හසිත කියන අනිත් කාරණය. බුදු දහමට අනුග්‍රහය. ඉතාලියේ අය රෝමානු කතෝලිකයන්ට, ඉරානයේ අය Twelver Shia අයට, ඊශ්‍රාලය යුදෙව්වන්ට වගේ .... එතැන දී පැන නැඟෙන ගැටලුව මේකයි: ලංකාවේ බෞද්ධයන් යැයි කියන්නේ කාට ද? තමන් බෞද්ධ යැයි කියාගන්නා සියළු දේව හා අදේවවාදීන්ට ද? දැන් එහෙම ගත්තොත්, එතකොටත් එළාර රජු යුක්තිය ඉටු කරලා නැහැ. මොකද එයා වහුපැටියෙක් මැරුවාට මිනිසෙක්ට මරණය දුන්නාට, රටේ පැවති තවත් නීතියක් වන සෑයක් කැඩුවාම කළේ මගේ හිස සිඳිව් කියා බිම පෙරළීම පමණයි.

      Delete
    4. මෙහෙමයි මට හැගෙන ආකාරය නම් යමෙකුගේ ශ්‍රේෂ්ඨත්වය මැනිය හැක්කේ සාපේක්‍ෂවයි. මම මීට කලින් ලියපු රාවණා නැවත ඉපදුනොත් අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? ලිපියෙත් දැක්වූ ආකාරයට ලංකාවේ රජවරුන් අතරින් සුදුම සුදු චරිත විදියට යම්තාක් දුරකට හෝ සලකන්න පුළුවන් සිරිසඟබෝ හා බුද්ධදාස යන රජවරුන් දෙපල පමණක් විය යුතුයි. අනෙක් සියළු දෙනාටම මොකක් හෝ කළු පැල්ලමක් ගෑවී තිබෙනවා. ඒක නිසා ශ්‍රේෂ්ඨත්වය මනින්න වෙන්නේ ඒ ඒ පාලකයන් අතර සැසදීමෙන් හා එකම පාලකයා කළ හොද හෝ නොහොද අතර තරාදියේ වැඩි බරට වාසිය දීමෙන්. උදාහරණයක් ලෙස මහසෙන් රජු විසින් මහාවිහාරයට කළ හානිය දැඩි බව ඉතිහාසයේ සදහන් වෙනවා. ඒත් ඔහු මින්නේරිය වැව තැනීමත් එක්ක දේවත්වයෙන් පිදුම් ලැබීමට තරම් ශ්‍රේෂ්ඨ වූවා. ‍බොහෝමයක් රජවරුන් එහෙමයි. ඉතින් විජාතික, අන්‍යාගමික එළාර වගේ රජෙකුගෙන් මෙවැනි සිදුවීමක් සිදුවීමත් ප්‍රශංසා කළ යුතු කාරණයක්. මොකද කාලිංඝ මාග, එතකොට පෘතුගීසි පාලකයන්ගෙන් වුනු හානිය සලකා බැළුවම එළාර කියන්නේ ඊට සාපේක්‍ෂව යම් යහපත් බවක් ඇති රජෙකු විය යුතුයි. ඒ වගේම ඔහු වසර 40 ක පමන කාලයක් මෙරට අනුරාධපුරයේ රජුවෙලා සිටියා. යම් විදියකින් රුහුණෙන් ගිය දුඩු ගැමුණු රජු නොවන්නට තව කාලයක් රජ කරන්නත් ඉඩතිබුනා. (දෙවන කොටසට...)

      Delete
    5. ඉතිරිය - අනික මෙම ලිපියේ සටහන් දෙතිස් වද එදා මිනිසුන්ට ලබා දුන්නානම් එම පාලකයා සිංහල බෞද්ධයෙකු වුවත් ජනහිතකාමියෙකු වන්නේ කොහොමද? ‍මොකද යමෙකු වරදක් කරල තිබෙනවා නම් අද වගේ සිරදඩුවම් හෝ නැවත සමාජගත කරන්නම බැරිනම් මීට වඩා මනුස්ස විදියට මරණීය දණ්ඩනය දෙන එක හොදයි. අඩුම තරමෙන් එක කඩු පහරෙන් හිස ගසා දැමීමෙන්වත්. මොකද මෙම දඩුවම් විදින්නට වෙන්නට ඇත්තේ අජීවි පඔයන්ට නෙමෙයි. ‍වේදනාව දන්න මනුස්ස ජීවින්ට.

      අනික තමයි //අනික් දෙමළුන් චෛත්‍ය අසළ මළ පහ කළ බවත් ඒවා කැලෑ වැවී තිබුණු බවත් කියවෙනවා.// මේවා අද වෙන්නේ නැත්ද සිංහල බෞද්ධයන් අතින්ම. කොච්චර හුදකලා වෙන්න අතහැරදාපු, හාමුදුරුවන්ට දානේ නැති, ආරක්‍ෂාව නැති පන්සල් තියෙනවාද? කොච්චර දාගැබ්, පිළිම හාරනවද නිදන් තියෙනවද බලන්න. ඉතින් මේවා බොහෝමයක් වෙන්නේ සිංහල බෞද්ධයන් අතින්මයි. එහෙම එකේ විජාතික, අන්‍යාගමිකයන් අතින් මේවා වෙන එක අහන්නත් දෙයක්ද? එහෙම කියල දුටු ගැමුණු රජු එදා එළාරගෙන් මෙරට මුදව ගෙන බුද්ධාගමේ දියුණුවට කළ දේවල් අවතක්සේරුවට එයින් ලක් නොකළ බවත් කිව යුතුයි...

      Delete
    6. @ Dinesh Guruge

      "අනික් දෙමළුන් චෛත්‍ය අසළ මළ පහ කළ බවත් ඒවා කැලෑ වැවී තිබුණු බවත් කියවෙනවා.// මේවා අද වෙන්නේ නැත්ද සිංහල බෞද්ධයන් අතින්ම. කොච්චර හුදකලා වෙන්න අතහැරදාපු, හාමුදුරුවන්ට දානේ නැති, ආරක්‍ෂාව නැති පන්සල් තියෙනවාද? කොච්චර දාගැබ්, පිළිම හාරනවද නිදන් තියෙනවද බලන්න. ඉතින් මේවා බොහෝමයක් වෙන්නේ සිංහල බෞද්ධයන් අතින්මයි"

      එකඟයි. ඒත් මේ සාමාන්‍යකරණය නෙමෙයිනේ.

      විශේෂයෙන්ම එළාරගේ අතින් කෙළසුණේ බෞද්ධයන්ගේ ශුද්ධ නගරය වුණු අනුරාධපුරය. ඒ නිසා බෞද්ධාගම සුරක්ෂිත කිරීමේ තේමා පාඨය යටතේ වුණු මේ සටන ජයගන්න දුටුගැමුණු රජතුමාට පුලුවන් වෙනවා.

      ඔබ කිව්වා වගේම එළාරගේ යහපත් ගුණාංග තියෙන්න ඇති. මොකද ඔහුගේ යහපත්කම නිසා හෝ වාසි තකා හෝ සිංහලයන් පවා එළාර යටතේ සිටියාය කියනවා.

      ඒ වගේමයි දඬුවම් ලබාදීමේ දරුණු බව ගැනත් යමක් එකතු කරන්නම්. මේ ඒ දේවල් සාධාරණය කිරීමක් නම් නෙමේ කියන එකත් කියන්න ඕනේ.

      බෞද්ධ රජවරුන් වුණත් භාරතීය දේශපාලන අත්පොත වන කෞටිල්‍යයේ අර්ථ ශාස්ත්‍රය නොකියෙව්වා වෙන්න බැහැ. ඒ යටතේ රාජ්‍ය පාලන මූලධර්මයක් තමා චතුර් උපාය. සාම, දාන, භේද, දණ්ඩ. ඒ නිසා දඬුවමෙන් වුණත් තමන්ගේ සතුරන්, විරුද්ධවාදීන් බිය කළා වගේම එවැන්නක් නැවත ඇතිවීමටත් පිළියමක් යොදපු බවයි පේන්නේ.

      ඒ වගේමයි වෝහාරතිසා වැනි රජවරුන් උවමනාවටත් වඩා දණ්ඩනයෙන් ඈත් වෙන්න ගිහින් වුණු දේ දන්නවානේ....

      Delete
    7. අයෙක් කරන්න කියන්න ශ්‍රේෂ්ඨ ද නැද්ද යැයි මැනිය යුත්තේ ඒ කාලයේ නීති රීති අනුව කටයුතු කළා දැයි, ඒ සම්මතයට අනුව පැන වී තිබි නීති රීති සැමට සාධාරණ ලෙසින් පසඳා ලීම කළා දැයි සහ ඒවා සමහර මිනිසුන්ට හිතදායක නොවන්නක් නම් ඒවා වෙනස් කරන්නට උත්සාහයක් ගත්තා දැයි අනුව.

      අනිත් අයට සාපේක්ෂව බලන්න ගියාම තමයි අවුල. අරයාට වඩා මෙයා හොඳ ද කියලා නෙමෙයි මෙයා හොඳ නම් ඒ ඇයි? අරයා හොඳ නම් ඒ ඇයි? ඊ ළඟට මෙයා ගේ හොඳ සහ අරයා ගේ හොඳ පිළිගන්නත් මෙයා ගේ නරක සහ අරයා ගේ නරක ප්‍රතික්ෂේප කරන්නත් අපිට හුරු වෙන්න බැරි ඇයි?

      මෙහි දී හොඳ යනු සෑම මිනිසෙකුට ම එක හා සමාන ලෙසින් සාධාරණත්වය ඉටුවෙන ක්‍රමයයි. නරක යනු කට්ටියකට පමණක් සාධාරණත්වය ඉටු වීමයි.

      Delete
    8. @Hasitha - නැහැ. කිසිම අයුරකින් සාමාන්‍යකරණය කිරීමක් කරන්න බැහැ. කරන්න හැකියාවකුත් නැහැ. ඒත් අද දේශපාලනයේ බලය ඇති සහ දේශපාලනව බලය තියෙන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. ඒවගේම බුද්ධාගම සම්බන්ධයෙන් තියෙන සැලකිල්ලත් හොදයි. ඒත් එහෙම තිබියදිත් පන්සල්වල පිළිම දාගැබ් හාරමින් නිදන් සෙවීම වගේම භික්‍ෂූන්වහන්සේලා විවිද අපචාර සහ ව්‍යාපාරවලත් යෙදෙමින් බුද්ධාගම විනාශ මුඛයට ගෙනයමින් තිබෙනවා නම් අපි අකමැතිවුනත් සාමාන්‍යකරණයකට ‍යොමුවී ඇති බව නේද පෙනෙන්නේ. ඉතින් ‍අද මෙහෙම නම් එදා කවර කතාද?

      අනික තමයි ඉන්දියාව වගේ විවිද දෙවිදේවතාවන් අදහන රටකට වඩා බෞද්ධාගමේ ආභාෂය තදින් දැනුන ලංකාව වගේ රටකට චානක්‍යගේ කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය ඉන්දියාවේ ආකාරයටම මෙන් සෑම ක්‍ෂෙත්‍රයකටම ක්‍රියාවේ නංවන්න පුළුවන්ද කියන ගැටළුව ‍එනවා. බෞද්ධාගමේදී ප්‍රාණඝාතය යනු විශාල අකුශල කර්මයක් ලෙසත් සැලකෙනවා නම් මේ වගේ සීමාව ඉක්මවා ගිය දඩුවම් දෙන්නේ කෙසේද? ඇතැම් වෙලාවට සමාජ ශෝදනා කාර්යයන් සදහා දඩුවම් ලබා දිය යුතුයි. ඒක එහෙම නොවුනානම් දරමිටියට ගැට ගහපු නයාට වුන දේ තමයි වෙන්නේ. ඒත් අත් පය කපා දැමීම යනාදී අංගඡේදනයන් ඇතුළුව මෙහි දැක්වෙන දඩුවම් වැඩි ප්‍රමාණයක් කියවීමත්, ලිවීමත් ඇග බයෙන් කිළිපොලායන්නට තරම් හේතුවන සුළුයි...

      Delete
    9. @arunishapiro - නීතිරීති සියළු දෙනාටම එකවර සෑම අවධියකම ක්‍රියාත්මකවූවාදැයි කීම අපහසු කාරණයකි. එසේම විය යුත්තේත් නරක, නරක සැටියට දැකීමත් ‍හොද, හොද හැටියට දැකීමත්. ඒත් බොහෝවිට සිදුවන්නේ හොද වැඩිනම් නරක අමතක කිරීමත්, නරක වැඩිනම් හොද අමතක කිරීමත් පමණක්ම බව අපි මෙම සංවාදයට හේතුවූ එළාර සංසිද්ධියෙන්ම තහවුරු වෙන බවයි මටනම් හැගෙන්නේ...

      Delete
    10. @ Dinesh Guruge

      "බෞද්ධාගමේදී ප්‍රාණඝාතය යනු විශාල අකුශල කර්මයක් ලෙසත් සැලකෙනවා නම් මේ වගේ සීමාව ඉක්මවා ගිය දඩුවම් දෙන්නේ කෙසේද?"

      ලංකාවේ සැබෑම බුදු දහම ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය තියෙනවා නොවැ. දුටුගැමුණු රජතුමා තමන් කරපු යුධ ප්‍රයාණය නිසා වුණු ප්‍රාණඝාත නිසා පසුතැවෙද්දී භික්ෂූන් වහන්සේලා දීපු පිළිතුරු බුදු දහමට අනුකූල දෙයක් නෙමේනේ...

      Delete
    11. යුදබිමට සඟයා වහන්සේලා වැඩීමම බුදු දහමට විරුද්දයි නොව හසිත !!

      Delete
    12. @Hasitha & සරත් ලංකාප්‍රිය - ඔව් ඒ සියළු ආකාරයන්ගෙන් බැළුවහම ලංකාවේ අතීතයෙත්, මේ අද බොහෝමයක් දෙනා කෑගහන ආකාරයට "අතීතයේ නිර්මල බුදුදහම ලක්දිව ක්‍රියාත්මකවුනා, අතීත සිංහලයා මානව හිතවාදියි, දැය හිතකාමීයි, සතාසර්පයාටත් මෛත්‍රී කළා" කියන කාරණයත් වදන් සමූහයක් මිසක් එය ආකාරයෙන් ක්‍රියාත්මක වී නැහැ...

      Delete
  7. රොබට් නොක්ස් මේ සමහර වධ දුන් බව ලියාතිබෙනවා. මේ විධිහේ වධ දුන් පරපුරකින් පැවතෙන බව නම් සහතිකයි.. අපේ රටේ පොලීසි වළ වධකාගාරවල සමහර කාලවල උනයි කියන්නේ ඊට වඩා දරුණු දේවල්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. හැබැයි මේ තරම් පන්සල්, බුද්ධාගම ගැන කතා කරන රටේ හිංසාව මෙතරම් දරුණු ලෙස පැවතුන එකෙන් පේන‍්නේ අද වගේම එදත් ලෝකෙට පේන්න ආගම ඇදහූ එකවත්ද?

      Delete
    2. දිනේෂ්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. එදත් අද වගේම බුදු දහම පැත්තක තබා ආටෝපය විතරක් එලියට පෙන්නාගෙන වැජඹුනා මිනිස්සු.. හාමුදුරුවරු යුද්ද වලට ආදාර අනුබල දුන්නා.. ආගම ආබරණයක් උනා.

      Delete
    3. ඇත්තටම මහත්මයා මම සිතාගෙන සිටියේ අතීතයේ ලංකාවේ බෞද්ධාගම ඒ ආකාරයෙන්ම ප්‍රතිපත්ති රකිමින් පන්සිල්, අටසිල්, දසසිල් රකිමින් පවතින්නට ඇති බවයි. ඒත් මේ ලිපි සහ සංවාදයෙන් පසුව නම්, අතීත යුරෝපයේ පාප්තුමා ප්‍රමුඛ පල්ලියේ ක්‍රියාකාරීත්වයට ලොකු වෙනසක් මෙහිත් නැති බවක් තමයි හැගී ගියේ...

      Delete
  8. ඔය අතීතයේ පැවතුන දඩුවම් ගැන දිනේෂ් ලියල තියෙන දේ ඇත්ත. සමහරු හිතෙන් මවා ගෙන ඉන්නවා අතීතය ඉතාම සුන්දර කාලයක් කියල.ඒකාලේ මිනිස්සු ඉතා සතුටින් හිටිය කියල. එහෙම නැහැ.එහෙම හිටියේ සමාජයේ රජවරු , සිටුවරු හා ඔවුන්ගේ පවුල්වලට සම්බන්ද වරප්‍රසාදිත සුළු පිරිස විතරයි. එක හොදටම තේරෙන්න ඒ කලේ ජිවත් වෙන්නම ඕන. ලංකාවේ , ඉන්දියාවේ විතරක් නෙමේ චිනේ , ජපානයේත් ඉතා අමානුෂික දඩුවම් දීම් තිබුණා. යුරෝපයේ තිබුණ ඉතා දරුණු වද දීම් ගැන සවිස්තර ලිපි තියෙනවා. ඒවා කියවනකොට හිතෙනවා තිරිසන් සමාජ හොදයි කියල. එත් මේක අපේ සමාජ පරිණාමනය. මේවා අපි අතීත ෆැන්ටසි වලට නොයා සත්‍ය සොයා ගැනීම අරමුණ කරගත් ගවේෂණ වලින් අවබෝද කරගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියා තිබෙන සෑම කරුණක් සමගම එකඟයි. අද ජීවත් වන එදාට වඩා පහසු ලෝකය නිසියාකාරව කළමණාකරනය කරගන්නේ නැතුව මානව හිමිකම් ගැන තුට්ටුවකට නොසලකපු අතීතයකට යන්නේ මොන එකකටද කියලා කියන්න ‍තේරෙන්නේ නැහැ...

      Delete
  9. ලිපිය ඊයේම කියෙව්වත් , වීඩියෝව බලල අවසන් වෙත්දි සටහනක් දාන්නට අමතක වුනා ...
    අදත් ඇත්තෙන්ම , අලුත් තොරතුරු රැසක් දැන ගන්නට ලැබුණා මේ සටහනින් , විශේෂයෙන්ම මෙවන් අතීත , සහ පර්යේෂණාත්මක තොරතුරු අප වෙත ලබා දෙන්නට ඔබ දරන වෙහෙස අගය කළ යුතුමැයි .

    ස්තුතියි දිනේශ් මහතාණනි ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!වීඩියෝව නැරඹූ නිසා ඔබටම වැටහෙන්නට ඇතිනේ කෲරත්වය කොතරම්ද කියා...

      Delete
  10. දෙතිස් වද ගැන කියවනකොට (ඇත්තටම මම ඔක්කොම කියෙව්වෙ නම් නැහැ... ඇඟ කිළිපොලා යන නිසා...)දිනේෂ් කිව්ව වගේම මට හිතුනෙත් බෞද්ධ රජවරුත් ඒවා අනුගමනය කළාද, එහෙම කළා නම් එදා පන්සල් වලින් ඊට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න උත්සාහ කළේවත් නැද්ද කියලා.... සමහරවිට රජාට බයේ හාමුදුරුවරු අද කාලෙ වගේම කට පියාගෙන හිටියද දන්නෙත් නෑ....

    විෂ එන්නත ලබා දී මරණයට පත් කිරීම සම්බන්ධයෙන් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝවක් දැක්කා මං ටික කාලෙකට කලින්.... මරණයට පත් වෙච්චි අපරාධකාරයා ඒ එන්නතෙන් මැරෙන්නෙ නැතිව මිය යන්නට පෙර සෑහෙන දුක් විඳපු කතාවක්.... එයාගෙ පවුලෙ අය ඒකට නඩුවක් දාලා.... එයාල සටන් කරලා තිබුණෙ විෂ එන්නතින් දෙන මරණ දඬුවමට විරුද්ධව... එයාලගෙ තර්කය වෙලා තිබ්බෙ විෂ සාන්ද්‍රණය, අදාල එන්නත දෙන වෛද්‍යවරයා අනුව වෙනස් වන බවත්, ඒ අනුව දඬුවමට ලක්වන පුද්ගලායාට දැඩි වේදනාවක් අත්වන බවත්... නඩු තීන්දුව නම් මොකක් උනාද කියල දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ අද කාලෙයි, ඒ කාලෙයි වෙනසක් නැහැ. එකම වෙනස අද ‍රටවල් කියන්නේ හුදකලා වෙච්ච පාලන ප්‍රදේශ නොවෙයි. ඒ වගේම ස්ව්‍යංපෝශිත නැතිනිසා දුර්වල රටට බලවත් රටවල් කියන දේවල් කරන්න වෙනවා යම් තාක් දුරකටවත්. ඒ නිසා ඉතින් අර එදා වගේ තමන්ට හිතුමතේටම දේවල් කරන්න පුළුවන් අවස්ථාව අඩු එක විතරයි. ගොඩක් දේවල් මේ පිළිබදව කියන්න තිබුනත් අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන නිසා ඒවා කියන්න යන්නේ නැහැ.

      ඒ වගේම විශ එන්නත සම්බන්ධයෙන් ඔබ කියූ තොරතුරු මම මීට පෙර දැන සිටියේ නැහැ. මමත් සිතා සිටියේ විශ එන්නත දීමට පෙර චූදිතයාට සිහිය නැති කරන නිසා වේදනාව දැනෙන්නේ නැහැ කියලා. ඒත් ඒ අදහස වෙනස් කරන්න වෙයි වගේ. කෝකටත් කරුණු සොයා බලා කියන්නම්...

      Delete
  11. කාලෙකින් ඔන්න මාත් කමෙන්ට් එකක් දානවා. වෙනද වගේම වටිනා ලිපියක්. බොහොම ස්තූතියි දිනේෂ්.....
    ඒ වගේම පොඩි යෝජනාවකුත් කරන්න කැමතියි. ඔයා මේ ලිපියෙම දෙවැනි කොටසකටත් යන්න. මරණ දඬුවම දෙන තවත් ක්‍රම කිහිපයක් ම තියෙනවා. ඒවා ගැනත් සඳහන් වුණොත් හොඳයි කියල හිතනවා. ඊට අදාළ විස්තර සහිත මේල් පණිවිඩයක් මං එවල ඇති.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර, ඔබ කවදත් දෙන සහය මේ මො‍හොතේත් අගය කරනවා. email එක දුටුවා. දෙවන කොටස නොපමාව මෙහි එක්වී තිබේවි...

      Delete
  12. කියවනකොටත් වද වින්දා වගේ දැනීමක් තමා ඇති උනේ..
    අම්බෝ..
    මොලේ කැඳ හැලියක් වෙනකොට කොහොම වේදනාවක් ඇති වෙනවා ඇත්ද...

    ReplyDelete