Thursday, February 3, 2011

වැඩිය හිනා වෙන්නේ නැති නළුවෙකුගේ ‍හොද පික්චර් කිහිපයක්.....

මේක නම් සෑහෙන්න සරල බ්ලොග් එකක්. පිට පිටම බරසාර බ්ලොග් දෙකක්ම ලියල මහන්සි නිසා බොහොම කෙටියෙන් තමයි මේ ලියන එකනම් ලියන්නේ (මොකද මීට කලින් ලියපු බ්ලොග් දෙකම නිකම් මේ මෙගා ටෙලි නාට්‍ය දෙකක් ‍වගේ. සෑහෙන්න දිගට ඒවා ලියන්න වුනා).

හරි, ඔන්න මෙයා තමයි අද මම කියන කෙනා,   Kevin Costner. ඔන්න මෙයා රඟපාපු මතක හිටිනම චිත්‍රපටි කිහිපයක් රූප වලින්ම (Movie Posters) එකින් එක පෙන්නනවා.

මේ Dances with Wolves (1990) අධ්‍යක්‍ෂනය කලෙත් Kevin මයි. ඒව‍ගේම මේක Academy Award, ඒ කියන්නේ ඔස්කාර් සම්මාන හතක් දිනා ගත්තු පික්චර් එකක්. එකෙන් දෙකක්ම ලැබුනෙත් Kevin ටම තමයි. ඒ Best Director සහ Best Picture අංශ දෙකට.

අනික් ඒවයෙත් සමහර ඒවා, එනම් Open Range (2003) මේක බලන්න නම් පැය දෙකකට‍ වැඩි කාලයක් ගත කරන්න නම් වෙනවා. හැබැයි මේ Cowboy film එක නම් ඉතා අනර්ඝයි. 90 දශකයේ හදපු ඒ ජාතියේ චිත්‍රපටි වලින් හොද classic ගතියක් තියෙනවා. Location උනත් ලස්සනයි.

අනෙක් මේ වගේ Classic Cowboy චිත්‍රපටිය තමයි Wyatt Earp (1994). ධාවන කාලය පැය තුනක් විතර. කලින් එක වගේම මේකත් නියමයි. Open Range එකට වඩා මේකේ Story එකක් තියෙනවා. හැබැයි පොඩි දෙයකුත් කියන්න තියෙනවා. ඒක තමයි මේකේ මැද හරියකට ගියාට පසසේ Tombstone කියන නගරය පදනම් කරගෙන තමයි කතාව යන්නේ. ඒ ටිකම වෙන චිත්‍රපටියකත් දැකගන්න පුළුවන්. ඒකේ නම තමයි Tombstone (1993). එකේ Wyatt Earp කියන චරිතය රඟපෑවේ Kurt Russell.මේ තියෙන්නේ ඒකේ පෝස්ටරේ.

මේ පික්චර් දෙකම (Wyatt Earp  සහ Tombstone) එක සමානව වගේ හොදයි. හැබැයි ඉතින් Kevin Costner ඉන්න එක නම් තාත්විකබවෙන් වැඩි බවක් පේනවා. තව දෙයක් තමයි. Tombstone එකේ ඉන්න දුෂඨයා වන කොල්ල කණ්ඩායමේ නායකයා, Wyatt Earp කියන එකේදී Doc Hollyday කියන චරිතයට පණ පොවනවා. ඒ නළුවා තමයි Dennis Quaid.  ඒකෙ ටිකක් අපූර්වත්වයක් තියෙනවා.

මෙහෙම දෙයක්‍රත් කියන්න ඕන. ඒ තමයි 90 දශකයේ හදපු Cowboy film වලින් Clint Eastwood ට පස්සේ හොද classic ඒවා නම් හැදුවේ හරි රඟපෑවේ හරි Kevin Costner තමයි.

අනෙක් හොද මතක හි‍ටින චිත්‍රපටියක් තමයි Robin Hood: Prince of Thieves (1991). ඒකේ තේමා ගීතය තමයි Bryan Adams ගේ ජනප්‍රියම ගීතයක් වන "(Everything I Do) I Do It for You". ඒ ගීතයත් එක්ක තවත් මේ චිත්‍රපටිය රසිකයන් අතර ජනප්‍රියවෙන්න හේතුවක් වුනා.

තව හොදම එකක් තමයි The Untouchables (1987). මේකේ Sean Connery, Andy Garcia සහ Robert De Niro වගේ සිනමා ලෝකයේ දැවැන්තයෝ රඟපාපු, Al Capone ගේ මාෆියා ක්‍රියාකාරකම් පාදක කොටගෙන නිපදවපු චිත්‍රපටියක්.

අනික තමයි Water World (1995) මේක ටිකක් අමුතු film එකක්. හැබැයි හරි ලස්සනයි.

දැන් මේ සටහන අවසන් කරන්වා. imdb එකට ගිහිල්ල Search එකක් දැම්මාම තව Kevin Costne ගේ තව පික්චර් දැකගන්න පුළුවන් කියන එක ඔය අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම වුනත් ‍හංගන්න දෙයක් නෑ මේ බ්ලොග් එක‍ට මම ඇතුල්කරපු පින්තූර ඔක්කොම ටික නම් ගත්තේ imdb එකෙන්ම තමයි.

4 comments:

  1. Danes with Wolves මෙතන කියල තියෙන ඒවයින් මම බලල තියෙනවා. ඔය මුලින් කියපු කව්බෝයි පින්තූර සේරම හෙන දිගයි නේ. ඒ වුණත් ඒව බලන්න පුළුවන්. මොකද මම දන්න කව්බෝයි පිස්සො කීපදෙනෙක්ම කෙවින්ගෙ මේ ෆිල්ම් ගැන මට කියල තියෙනව.

    කව්බෝයි ෆිල්ම් ගැන ගත්තම අර කිව්ව වගේ ඊස්ට්වුඩ්ගෙන් පස්සෙ යුගය නියෝජනය වෙන්නෙ කෙවින්ගෙන්. ඔය Silverado ෆිල්ම් එකේ පොරගෙ ඇම්ම හදාගත්තු කොලු කාලෙ සෙල්ලම් බලාගන්න පුළුවන්....

    ReplyDelete
  2. h - මට හොද හෝඩ්වාවක් දුන්නේ. ඔන්න මං Silvarado හොයාගත්තා.

    ReplyDelete
  3. තවත් මොහු රගපාපු පට්ටම film 1ක් තමයි The Guardian (http://www.imdb.com/title/tt0406816/) IMDB Rating ටිකක් අඩු උනත් සහෙන හිතට දැනෙන කථාවක්............

    ReplyDelete
  4. @Chamin Dennis Livera - මගේ ගාවත් The Guardian තියෙනවා. හැබැයි තවම බලන්නනම් වුනේ නැහැ...

    ReplyDelete