-->

Thursday, August 16, 2012

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything - The Life of Leanardo Da Vinci

ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුද ඔහු?  පසුගිය ලිපි කිහිපයෙන්ම ඔහුගේ විවිද නිර්මාණ ඔස්සේ ඔබගේ අවධානය ලබා ගත් පුනරුද යුගයේ විශ්මකර්මයා ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණය කලාකරුවා, විද්‍යාඥයා, ඉංජිනේරුවා, තාක්‍ෂනවේදියා පිළිබදව වඩාත් සවිස්තරව කතා කිරීමේ අවස්ථාව මේ ලිපිය ඔස්සේ ලබා දෙන්නයි මේ බලාපොරොත්තුව. මේ ලිපිය තුල ප්‍රධාන කතාව තුල තව උපකතා මැවේවි. තවත් විටක ඒ උපකතා ඇතුලේ තවත් උපකතා මැවේවි. මේ කතා සියල‍්ලේදීම කියවෙන්නේ එකම පුද්ගලයා පිළිබදවයි. ඒත්  සමහර දේවල් ගැන පටු විදියට නොබැළුවොත් ඒ කියන දේවල් වලින් අගෞරවයක් සිදු නොවේවි. නැත්නම් පෙනෙන්නේ පහත් පෙළේ ඕපාදුප ටිකක් පමණක් වේවි. කොහොමවුනත් නිරවල් මනසකින් මෙම ලිපිය කියෙව්වොත් ඒ හැම දෙයකින්ම කියවෙන්නේ ඔහුගේ විවිද නිර්මාණයන්ට මනුෂ්‍ය හැගීම්, සිතුම් පැතුම් දායක වූ ආකාරය බව ඔබට වැ‍ටහේවි.

The Man Who wanted to know everything

Leonardo da Vinci – The genius and his inventions


පුනරුදයුගය (Renaissance) එහෙමත් නැත්නම් "නැවත ඉපදීම" (Rebirth) ලෙස සැලකෙන යදම් වලින් වෙලී තිබූ මිනිසාගේ භෞතික ශරීරය මෙන්ම අධ්‍යාත්මය නිදහස් තත්ත්වයකට පත්වී ලෝකය අභිවෘද්ධියට හේතුවූ කාලපරිච්ඡේදයේ ප්‍රමුඛතමයා ලෙස පවා සැලකෙන්නේ අප මේ කතා කරන ලියනාඩෝ ඩාවින්චි නම් "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන්න බොරුවක් කළ තැනැත්තායි. ඔහු අනාගතය දුටු අයෙක් ලෙසද යමෙකු පවසයි. එදා පල්ලියේ ග්‍රහණයට හසුව මිනිස් අධ්‍යාත්මය පවා ඔවුන්ට ඕනෑ අයුරින් හසුරුවන ලැබූ යුගයක තම කාලයේදී නිර්මාණය නොවන දේවල් පවා තම සටහන් පොතේ චිත්‍රණය කිරීමට ඔහු සමත් වූයේය. එදා ශාස්ත්‍රීය අධ්‍යාපනය ලෙස සැලකෙන ලතින් හෝ ග්‍රීක සාහිත්‍ය හැදෑරිමක් කිසිදු කළෙක ඩාවින් සිදු නොකළත් ලෝක පූජිත දාර්ශනිකයන් සේ සැලකෙන සොක්‍රටීස්, ආකිමීඩිස්, ඇරිස්ටෝටල් ආදීන් හා සමතත්ත්වයේ ලා සැලකිය යුතු ගෞරවයක් උත්පාදනය කර ගැනීමටද සාමාර්ථයක් දැක්වීය. ඉතාලි පුනරුදයේ දේව සංකේතය (God Symbol of Italian Renaissance) ලෙසද මෙම විශ්මිත මිනිසාව, ඔහුගේ මරණයෙන් පසුව පසුගිය සියවස් කිහිපයදී සැලකීමද අතිශයින්ම සුවිශේෂී බව මතක් කළ යුතුය.


තවම අවසන් කර නැතත් මේ දක්වා පළවී ඇති මධ්‍යතනය යුගය පිළිබදව ලිපි පෙළේදී යමක් පවසා ඇති නිසා කුමක්ද මධ්‍යතන යුගය යන්න පිළිබදව මේ මොහොතේ කතා නොකරත් ප්‍රංශයෙන් ඇරඹුනායැයි පවසන පුනරුදය වඩාත් සාර්ථක ලෙස ඉහළට නැගුනේ අප කතානායකයා ඉපදුන ඉතාලිය නම් රාජ්‍යයේදී බව මේ පිළිබදව විද්වත් මත දරන්නන්ගේ මතයයි. 

ඉතාලියේදී සිදුවූ පුනරුදයේදී පතාක යෝදයෙකු වූ ඩාවින්චිගේ උපත ගැන කතා කරන්නේ නම් එය අද සමාජ සම්මත බසින් පවසන්නේ නම් අවජාතක දරුඋපතක් සේ සැලකුනා. එයට හේතුව ඔහුගේ පියා සහ මව විවාහ වී නොසිටීමයි‍. පුනරුද යුගයේ සුප්‍රකට වාණිජ නගරයක් හා එවකට ස්වාධීන පාලනයක් තිබූ Florance නගරයෙන් පිටත පිහිට වින්සි නම් නගරයේ, ටුස්කන් නම් තරමක් කදුකර ගමේ උපත ලබන ලියනාඩෝගේ පියා  Piero Fruosino di Antonio da Vinci වන අතර ඔහු වින්සි නගරයේ ධනවතෙක් මෙන්ම නීති උපදේශකයෙකු සහ වෘත්තියෙන් නොතාරිස් ලෙසද සේවය කළ ප්‍රභූ පැලැන්තියේ අයෙක්. ‍‍නොතාරිස් වෘත්තිය ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ගිය රැකියාව ලෙසද ඔවුන් සලකා තිබුනා.

මේ අනුව ලියනාඩෝ ඩාවින්චිගේ උප්පත්ති නම ලෙස තැබෙනේනේ "Lionardo di ser Piero da Vinci" (meaning "Leonardo, (son) of (Mes)ser Piero from Vinci".The inclusion of the title "ser" indicated that Leonardo's father was a gentleman) ලෙසයි. කැත්රිනා නම් ඔහුගේ මව ගම්බද කාන්තාවක් වන අතර තවත් අය පවසන්නේ එම කාන්තාව ඩාවින්චිගේ පියා යටතේ සේවය කළ මෙහෙකාර කතක් බවයි. කෙසේවෙතත් පසුකළෙක මෙම දෙදෙනාම වෙනම විවාහයන් කර ගන්නා අතර ඩාවින්චිට මේ දෙදෙනාගේ කසාද නිසා ඔවුන්ට ලැබුන දරුවන් අනුව ඥාති සොහොයුරු සොහොයුරියන් 17 දෙනෙකු සිටි බවද පැවසෙනවා. ලියනාඩෝ ඩාවින්චිගේ උපන් දිනය සේ සැලකෙන්නේ 1452 අප්‍රේල් 15 වෙනිදායි.
ඩාවින්චිගේ ටස්කන් නිවස

සාම්ප්‍රධායික අදහස් වලින් එක තැන පල්වී ඇති වර්ථමාන රටවල් සේම එකල ඉතාලියේ පවා අවජාතක දරුවන්ට ලැබුනේ සමාජයේ අඩු සැලකිලිබව ඩාවින්චි ගැන කතා කිරීමේදීද පෙනීයන කරුණකි. එසේ පැවසීමට හේතුව නම් තම පියා සහ මවගේ කසාදය කොලේක අත්සන් නොතැබීම හෝ පල්ලියේ චාරිත්‍ර අනුව ‍සිදුනොකිරීම යන හේතුව මත ඩාවින්චිට සිය පියාගේ වෘත්තිය වූ නීතිඥයකු වීමේ වරම හෝ අද මෙන්ම එකළද ලොව ප්‍රමුඛතම වෘත්තියක් වූ වෛද්‍යවරයෙකු වීම සදහා යොමුවීමේ අවස්ථාව නොලැබේ.

කෙසේවෙතත් සමාජයේ උසස් වෘත්තියක ලෙස සැලකෙන නීතිඥයෙකු වීමේ වරම අහිමිවුවත් ඔහුව චිත්‍රකර්මයෙන්වත් ඉහළ යැවීමේ අරමුණින් ඩාවින්චිගේ පියා විසින් ඩාවින්චිට වයස අවුරුදු 15 වන පමණ වන තැනදී එවකට ඉතාලියේ නමගිය චිත්‍රශිල්පියෙකු වූ  Florance හි Andrea del Verrocchio වෙත භාරකරනු ලබනවා.

එසේ භාරකිරීමට ප්‍රථමයෙන් පවා කුඩා කල සිටම චිත්‍ර ඇදීමට ඩාවින්චි තුල තිබූ සහජ හැකියාව දුටු ඔහුගේ පියා, තම පුතා විසින් ඇදි සිතුවම් පෙර පැවසූ චිත්‍ර ශිල්පී Verrocchio වෙත රැගෙන ගිය පසු ඔහුද විශ්මයට පත්වන අතර ඩාවින්චි සතු මෙම මහඟු හැකියාව තවත් ඔපමට්ටමක් කර ගැනීමට තමන්ට ඩාවින් තමන්ගේ චිත්‍රාගාරයට (bottega or artists’ studio)  එක්කරන මෙන් දන්වනවා. මෙතැන් සිට වසර 10 ක් යන තෙක් Verrocchio ගෙන් චිත්‍ර ශිල්පය, මූර්තිශිල්පය, ලෝහ වාත්තු කිරීම මෙන්ම රත්‍රංවලින් නිමැවුම් කිරීම පිළිබදවද හැදෑරීම අප කතානායකයා විසින් කරනු ලැබේ.

Verrocchio ගැන සුළුවෙන් හෝ යමක් පවසන්නේ නම් රන්කම් ශිල්පයේ පවා සුවිශේෂ දසකම් තිබුනේ යයි පවසන ඔහු විසින්ද අගනා කලා නිර්මාණ රැසක් බිහිකර ඇතත් අදවන විට ඒවා බොහෝමයක්ම සොයාගැනීමට නැහැ. ඒත් තවමත් වැනීසියේ තිබෙන සුප්‍රකට සොල්දාදුවෙකුගේ ලෝකඩ ප්‍රතිමාවක් වන Bartolomeo Colleoni ඔහුගේ දක්‍ෂතාවය කොතෙක්දැයි පවසන්නක්. එහිදී සොල්දාදුවෙකු අශ්වයකු පිට නැගි නිරූපනයක් දක්නට ලැබෙන අතර එතෙක් මෙතෙක් ප්‍රතිමා කලාවේදී අශ්වයෙකු සිය පාදයක් ඔසවා තබාගෙන තිබෙන අයුරින් නිමවූ ප්‍රථම පිළිරුව ලෙසද මෙය සැලකෙන අතර සම්පූර්ණ බර දරා සිටින්නේ බිම ස්පර්ශවන අනිත් පාද තුනෙනි. මෙය බලා සිටින අපට කලාත්මක අලංකාරයක් ගෙන දුන්නත් නිර්මාණකරණයේදී අසීරු කර්තව්‍යයක් ලෙසද සැලකේ.

පුනරුදයුගයේදී චිත්‍ර ශිල්පියාද අනෙක් වෘත්තිකයන් මෙන්ම වී යයි පැවසේ. එනම් අද මෙන් විශේෂිත වූ තත්ත්වයක් එදා චිත්‍රශිල්පීන්ට නොලැබ තිබූ අතර උදාහරණයක් ලෙස කම්හල්කරුවෙකු, එහෙමත් නැත්නම් එදා තිබූ අනෙකුත් සාමාන්‍ය වෘත්තීන්හිම ලා සලකා තිබේ. තවද අද මෙන් චිත්‍ර ශිල්පියෙකු තම නිර්මාණය මුල සිට අගටම යම් මාධ්‍යක් යොදාගෙන නිමකිරීමක් සිදු නොවූ අතර එදා මූර්තියක් නිම කිරීම හෝ චිත්‍රයක් සිතුවම් කිරීම යම් ව්‍යාපෘතියක් විය. එනම් යම් නිශ්චිත කාලරාමුවකදී යම් නිර්මාණයක ඒ ඒ කොටස් එක් එක් ශිල්පියා විසින් නිම කරන ලදි.

මෙයට හොදම උදාහරණයක් නම් ලියනාඩෝගේ ගුරුවරයා විසින් ප්‍රමුඛතාවය ගෙන නිර්මාණය කරන ලද The Baptism of Christ නම් ලෝ ප්‍රකට සිතුවමයි.

මෙහි වම් පස කෙළවරේ සිටින දේවධූතයා පමණක් ඩාවින්චිගේ නිර්මාණක් වන අතර මෙහිදී ඔහු නව අත්හදා බැලීම් පවා සිදුකළ බව පැවසේ. එතෙක් ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස භාවිතා කල ඉක්මනින් වියැලෙන  "Egg Tempara" ක්‍රමය වෙනුවට තෙල් සායම් (Oil painting) ක්‍රමවේදය යොදා ගත්තේය.
http://en.wikipedia.org/wiki/Oil_painting

ඇතමෙක්  පවසන පරිදි සිය සිසුවාගේ අසාමාන්‍ය දක්‍ෂතා දැක ඉන් අනතුරුව Verrocchio නිර්මාණකරණයෙන් බැහැරවූ බව පවසතත් සැබෑවටම සිදුවන්නට ඇත්තේ ලියනාඩෝගේ දස්කම් වලින් Verrocchio ගේ නිර්මාණකරණය සැගවී යාම වන්නට ඇත. කෙ‍සේවෙතත් ඇතැම් මූලාශ්‍ර වල පවසන පරිදි ඩාවින්චිගේ දස්කම් ගැන ගුරුවරයා අවංකමවම සතුටු වූයේය.


Verrocchio ගේ සිතුවම් පාසලේදි ලියනාඩෝගේ හොදම මිතුරා වූයේ ‍ලොරෙන්සෝ නම් සිසුවාය. "Baptism of Christ" සිතු‍වමේ දේවධූතයන් සිතුවම් කරන දුටු ඔහුට ඇස් අදහසා ගැනීමට නොහැකිව පැවසුවේ “ලස්සනයි, ලස්සනයි මාස්ටර් Verrocchio ඇන්ද දේවධූතයන්ටත් වඩා ලස්සනයි”. එසේ පවසන විට ඔහුගේ පිටු පසින් සිටියේ වෙනකෙකු නොව මාස්ටර් Verrocchio යි. ලොරෙන්සෝ දිහා රවා බලා පසකට තල්ලු කළ ඔහු, අසල ලිදේ රෙදි හෝදමින් සිටි කෙල්ලන්ට විහිළු කරමින් දවල් කෑම ගනිමින් සිටි සිසුන්ටද බැන වැද ඔවුන් නැවත ඒ ඒ කාර්යයන්ට යොමුකරන අතරේ “උඹ මොකක්ද කිව්වේ? මම ඇන්ද දේවධූතයටත් වඩා ලස්සනයි. ඔව් ඇත්තනේන්නම්, මගේ දේවධුතයන්ටත් වඩා ලස්සනයි, විශිෂ්ඨයි” කියා මද සිනහවකින් පවසා ලියනාඩෝගේද පිටට තට්ටුවක් දමමින්, සිතුවම දෙස  ඇසිපිය නොහෙලා බලා සිට හ්ම්, දිගටම කරගෙන යනවා”යයි අවංකවම සිත යටින් තම සිසුවා තමන්ටද වඩා දක්‍ෂයකුවීම ගැන සතුටුවෙමින් සිටියේය. 
(According to the Movie : The  Life of Leanardo Da Vinci - Part 1)

1477 - 1478 වන විට ලියනාඩෝ Florance වෙතින් පිටවී Milan වෙත යාම සිදුවී තිබෙනවා. මෙයට බොහෝවිට හේතුවූයේ 1476 වන විට ඩාවින්චිට අත්විදින්නට සිදුවූ ඇතැම් කරදරයි. ඩාවින්චිට කිසිදා පවුල් ජීවිතයක් කියා දෙයක් එනම් බිරිදක් හා ළමයින් සිටියේ නැහැ. එයට හේතුව ඔහු සමලිංගිකයෙකු වීමයි. කඩවසම් පිරිමි සිරුරු දකින සැනින් ඊට ලොල් බදින බවක් ඩාවින්චි තුළ තිබූ බව පැවසෙනවා. අද මෙන් නොව එකල සමලිංගික සේවනයට නිදහස් සමාජ වාතාවරණයක් නොතිබු අතර හසුවන අයට මරණීය දණ්ඩනය ලබා දෙන තරම් එකල නීති දැඩිව තිබූ බව පැවසේ. 1476 Florance හි උසාවි වාර්තා අනුව ලියනාඩෝට සහ ඔහුගේ මිතුරු කොල්ලන් තිදෙනෙකුට උසාවිය විසින් අසාමාන්‍ය ලිංගික චර්යා පිළිබදව විභාග කර තිබූ බවද සටහන්ය. (Florentine court records of 1476 show that Leonardo and three other young men were charged with sodomy and acquitted).

එහෙත් එකළ දැඩි දඩුවම් ලැබිය යුතු වරදකින් ගැලවීමට තරම් ලියනාඩෝ භාග්‍යසම්පන්න වූයේ එම නඩුව විභාග කළ එක් නඩුකාරයෙකු ලියනාඩෝගේ පියාට කිසියම් ඥාති සම්බන්ධතාවයක් තිබීමයි. ඔහු මෙම නඩුව අහක දමන්නට අනෙක් නඩුකාර දෙපළගෙන් විමසූවිට තම සඟයාගේ ඉල්ලීම කෙසේනම් ඔවුන් අහක දමන්නද? නැවත මේ පිළිබදව සාක්‍ෂි වැඩිදුරටත් විමසා බැලීමට නඩුව කල්තැබූ අතර එම නඩුව කිසිදා නැවත ඇසුනේනම් නැත.

කෙසේවෙතත් මින් පසුව 1478 වන තෙක් වසර දෙකක් පමණ ඩාවින්චි පිළිබදව එතරම් කැපී පෙනුන සිදුවීම් නොතිබු අතර තවදුරටත් සිය පියාගේ නිවසේ වාස‍ය කිරීමෙන්ද බැහැරවී තිබේ. තවත් මූලාශ්‍රවල පවසන්නේ 1476-1478 අතර කාලයේ ඩාවින්චිගේ ක්‍රියාකාරකම් පිළිබදව කිසිදු තොරතුරක් හමුනොවන බවයි. ඒ ගැන විවිද මත පවතී.

ඉන්පසුව 1478 දී පමණ Milan වෙතට නික්මීමෙන් අනතුරුව 1482 වසරේ සිට මිලාන් හි ආදිපාදවරයා වන Ludovico Sforza ගේ අනුග්‍රාහකත්වය යටතේ ඩාවින්චි සේවය කර තිබේ. මිලාන් ආදිපාදවරයාට යැවූ රැකියා අයදුම්පතද සුරක්‍ෂිතව පවතී.

මෙහි ඉංග්‍රීසි පරිවර්ථනය මෙහි තිබේ - http://www.cenedella.com/job-search/leonardo-da-vincis-resume-2012/

එතැන් සිට වසර 17 ක පමණ කාලයක් එනම් ප්‍රංශ ආක්‍රමණ වලින් මිලාන් හි පාලනය බිද වැටී මෙම ආධිපාදවරයාගේ බලය බිද වැටෙන තෙක් ‍ සේවය කරන අතර  මෙම පාලකයා දැඩි පාලනයක් ගෙන ගිය අයෙකු ලෙසද පැව‍සේ.

මෙම ආදිපාදවරයා යටතේ සිටියදී ඩාවින්චිගේ පරසිදු සිතුවම් ඇදීම පමණක්ම සිදුවී නැත. සංදර්ශන සංවිධානය කිරීම, වේදිකා සැරසිලි, ඇදුම් ආයිත්තම් නිර්මාණය, අවි ආයුද නිර්මාණය, ගොඩනැගිලි නිර්මාණය සහ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය යනාදී කලාවට සම්බන්ධ මෙන්ම තාක්‍ෂනික කටයුතු පවා ඩාවින්චි ඇතින් සිදුව තිබේ.



ඩාවින්ගේ සටහන් පොත් වල පිටු සිය ගණනක් පිරී පැවතුනේ ඔහුගේ නිර්මාණාත්මක, කලාත්මක මෙන්ම එතෙක් නොදැකපු ආකාරයේ නිර්මාණ පිළිබදව සටහන් බව පැවසේ. සමහරක අවි ආයුද නිර්මාණය පිළිබදවය, තවත් සමහරක් යුද ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට අදාල උපක්‍රමය, තවත් තැනක නගර සැලසුම්ය, එතෙක් නොතිබූ ආකාරයේ පාලම් නිර්මාණය. ඒ අවධියේ මේවා එම සමාජයට නුහුරු විය. මේවා හිතක හටගත් සිතුවිලි මිස කිසිදා ප්‍රායෝගිකව යථාර්තයක් කර ගත හැකිවේයයි ඩාවින්චි හැර කිසිවකු ‍නොසිතන්නට ඇත. කෙසේවෙතත ඩාවින්චි ගේ කාල සීමාවෙන් පසුවද, කාර්මික විප්ලව යුගය වන තෙක් මේවා පිළිබදව විශ්වාසනීයත්වයක් මිනිසුන් තුළ නොතිබුනත් කාර්මික විප්ලවයත් සමග ලැබුන නව තාක්‍ෂනික දැනුම හා එදා පහලොස්වන සියවසේදී ඩාවින්චිගේ සි‍තේ හටගත් සිතුවිලි සටහන් පොතේ සටහන් ලෙස දක්වා තිබූ ආකාරයත් පසුකාලීන විද්‍යාඥයන් අත්හදා බැලූ විට සැබැවින්ම ඩාවින්චිගේ සටහන් ‍පොතේ නිර්මාණ ප්‍රායෝගික යථාර්තයක් විය. පසුකලෙක තුර්කියේ ඉදිවුන Golden Horn පාලම නිර්මාණය කරන ලද්දේද ඩිවින්චි විසින් සිය සටහන් පොතේ තබන ලද රූප සටහන් හා අදාල තොරතුරු අනුවයි.


බොහෝවිට මෙම නිර්මාණ එදා බිහිනොවන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ඩාවින්චිට යම් දෙයක් මුළුමනින්ම අවසන් කිරීමට කාලයක් ගතවීම මෙන්ම එය දැනුවත්ව හො නොදැනුවත්ම පැහැර හැරීම වැනි කාරණා විය යුතුයයි ඇතැම් විද්වතුන්ගේ මතයයි. වසර 17 පුරාවටම මිලාන් හි ආදිපාදවරයා යටතේ සිටිය මුත් ඔහු සිදුකර ඇති නිර්මාණයන් 6 ක් පමණක් වීම මෙයට හොදම නිදසුනකි.

ඩාවින්චිගේ ලිවීමේ හැකියාවද විශේෂිත වූ බව බොහෝ දෙනා පවසන කරුණකි. වමතින් ලියූ ඔහු වෙනත් අයෙකුට බැලිය යුතු දෙයක් නම සාමාන්‍යයෙන් වම් පස සිට දකුණු පසට ලියූවත් ඔහුට පමණක් බැලිය යුතු දේවල ලේඛණගත කළේ දකුණ සිට වම් පස දෙසටයි."Mirror writing"ලෙස හැදින්වූ අතර මෙසේ කරන්නට ඇත්තේ සිය අදහස් වෙනකෙකුට සොරකම් කර ගැනීම අවම කිරීමටත්, එකළ විද්‍යාත්මක අදහස් වලට වැට බැද තිබූ කතෝලික පල්ලියේ බලපෑමෙන් හැකිතාක් මිදී සිටීමටත් විය හැකි යයි සැලකේ. තවද පිහාටු පෑනෙන් ලිවීමේදී අතේ තීන්ත තැවරීමෙන් වැලකී සිටීමට මෙම වමතින් දකුනේ සිට වම් පස දෙසට ලිවීම තුලින් ඔහුට ලැබුන බවද අනුමාන කරයි. සිතුවම් ඇදීමේදී දෑතින්ම පින්සල් හැසිරවීමට හැකිවීමද සුවිශේෂය.
http://www.engineering.com/Library/ArticlesPage/tabid/85/ArticleID/34/Leonardo-da-Vinci.aspx

කෙසේවෙතත් බාලවියේදී ඩාවින්චි වමතින් අකුරු ලිවීම පියාට නම් එතරම් සිත්ගන්නා කරුණක් නොවීය. මන්ද එකළ ඇතැම් අයගේ විශ්වාසයක් වූයේ වමතින් කටයුතු කරන්නේ යක්‍ෂයාගේ බලපෑමට ලක්වූ අය බවයි. පියා මේ පිළිබදව තරමක් දැඩිව විමසා සිටියත් ලියනාඩෝ තම සහජ පුරුද්දදෙන් මිදීමට කැමති නොවීය.

එක් අවස්ථාවක දැවැන්ත ලෝකඩ අශ්වයෙකු නිර්මාණය කිරීමට ඩාවින්චිට ආදිපාදවරයා විසින් භාරකරන ලදි. එහෙත් දිනෙන් දිනම ප්‍රමාද වූ එම කටයුත්ත ආදිපාදවරයාගේ බලකිරීම මත කෙසේ හෝ සිදුකිරීමට චාවින්චි මුලින් මැටියෙන් එම නිර්මාණය කිරීමට නියමිත අශ්වයාගේ පිළිරුව සාදන ලදි. ඉන්පසුව එය ලෝකඩින් නිමවීමට තිබුනත් එම අවධිය වන විට ආදිපාදවරයාට එරෙහිව ප්‍රංශ සෙබළුන් සටන් වැද සිටි නිසා අශ්වයාගේ පිළිරුව නිර්මාණය කිරීම පසෙක තබා ලෝකඩ යොදා ගෙන කාලතුවක්කු නිර්මාණයට ප්‍රමුඛතාවය දුන් නිසා එම කාර්යය සිදුනොවීය. ඩාවින්චි නිර්මාණය කරන ලද මැටි අශ්වයා පවා පසුව ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලදි.

ඇතමෙක් පවසන පරිදි ලියනාඩෝගේ සටහන් පොත් වල ඇදි ඇතැම් නිපැයුම් ඔහු විසින්ම ඇදි ඒවා නොවන බවයි. ඔහුගේ සිසුන් විසින් ඇදි නිර්මාණාත්මක නිපැයුම් වල අයිතිය පවා ඩාවින්චිට ලැබුන බව ඔවුන් පවසයි.

කෙසේවෙතත් පසුකළෙක බොහෝමයක් අනුසාරයෙන් නිර්මාණය කරන ලද ඇතැම් ඒවායේ ආකෘතිද සාර්ථක ක්‍රියාකාරීත්වයෙන් යුතුවූ බව පැවසෙන අතර ඉංජිනේරු ශිල්පයට අමතරව පසුගිය ලිපියේද පැවසූ මිනිස් හා සත්ත්ව කායවිච්ඡේදන සටහන් වෛද්‍ය විද්‍යානුකූලවම සටහන් කිරීමේ හැකියාව ඔහු සතුවිය. ඔහු බොහෝවෙලා කුරුල්ලන්ගේ පියාසැරීම හා අනෙකුත් චර්යා බලා සිට තමන් ජීවත්වන කාලයෙන් සියවස් කිහිපයකට පසු බිහි වේ යයි ඔහු නොදැන සිටියත් Glider, හෙලිකොප්ටර්, පැරචුට් සහ තවත් ගුවන්චාලක විද්‍යාවට අදාල නිපැයුම් වල විවිදාකාර කටුසටහන් තැබීමට සමත්විය.





එහෙත් National Geographic විසින් නිපදවූ Leanardo Da Vinci - Mystery Files වාර්තාමය චිත්‍රපටියට අනුව ඔහුගේ සෑම නිර්මාණයක්ම ප්‍රායෝගිකව භාවිතා කළ නොහැකිය. උදාහරණයක් විදියට ඔහු සටහන් පොතේ ඇදි හෙලිකොප්ටරය ඉහලට එසවීමට තරම් බලසම්පන්න නිර්මාණයක් නොවේ.

තවද ඔහු විසින් ඇදි Glider සහ ජලය යට කිමිදුම් ඇදුම ඊට ප්‍රථම අත්හදා බලන ලද ඒවායෙ. උදාහරණක් ලෙස Glider අත්හදා බලා ඇත්තේ 12 වන සියවසේ ජීවත්වූ, සියල්ලම දේව ධර්මයට අනුකූල වන බවට වැදෑරු පල්ලියේ ධර්මයට වඩා තර්කානුකූල බුද්ධියකින් විමසීමට නිර්භීත වූ තරුණ පූජකයෙකි. කෙසේවෙතත් ඔහුගේ ප්‍රයත්නය යන්තම් ජීවිතය ගලවා ගත්තත් මීටර් දෙසීයක් පමණ ගිය තැන වැටී කකුල් දෙකම කඩා ගෙන අහවර විය. මේ දේවල් ගැන වැඩි තොරතුරු නොමැත්තේ එකල පල්ලියේ ආධිපත්‍යය ය‍‍ටතේ මෙවන් දේවල් අත්හදා බැලීමද පල්ලියේ ඉගැන්වීම් වලට වඩා පටහැනි නිසා විය යුතුය. තවද කිමිදුම් ඇදුම්ද පෙර අත්හදා බලා තිබූ අතර ඩාවින්ච කළේ එය වැඩි දුරටත් සාර්ථක මට්ටමකට රැගෙන ඒම බව පවසයි.

උද්භිද විද්‍යාවේදී ගසක වළලු වලින් එම ගසේ වයස කීමටත්, ශාක පත්‍ර පිහිටන රටාව පැවසීමටත් ඔහු ප්‍රමුඛ විය. ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගේ මතය වන්නේ මෙතෙක් ලොව පහළවූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලියනාඩෝ ‍ඩාවින්චි බවයි. එවිට ඔබටවුවත් "ඇයි අයිසෙන් නිව්ටන්, එහෙමත් නැත්නම් අයින්ස්ටයින් ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන් ලෙස සැලකිය නොහැකිද?" යන්න අසාවි. ඔව් ඔවුනුත් විශිෂ්ඨතම බුද්ධිමතුන්. එහෙත් ඔවුන් යම් ක්‍ෂෙත්‍රයකට පමණක් කොටුවූ බුද්ධිමතුන්. ඒත් ඩාවින්චි මෙම ලිපියෙන් කතා ‍‍කරන හා නොකරන ක්‍ෂෙත්‍ර ගණනාවක නියැළුන අයෙක්. 

ආදිපාදවරයාගේ නියමය පරිදි,  ජේසුස්වහන්සේව කුරුසයේ ඇණගැසීමට පෙර දින රාත්‍රියේ අවසන් රාත්‍රී භෝජනය ඔහුගේ අනුගාමිකයන් සමග ලබාගන්නා අයුරු මිලාන් හි පිහිටි Santa Maria delle Grazie තාපසාරා‍මයේ බිත්තියක් මත සිත්තමට නැගීමට 1495 දී පමණ ඩාවින්චි ආරම්භ කළ බව පැවසේ. කෙසේවෙතත් ඒ වන විටත් මෙම සංසිද්ධිය චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකු විසින් සිතුවමට නගා ඇති මුත් ඊට වඩා වෙනස් හා ස්වාභාවික අයුරින් සිතුවටම නැගීම ඩාවින්චිගේ අදහස විය. ඔහු ඒ වන විට භාවිතා කරන තෙත් බදාමය මත සිතුවම් ඇදීමේ සම්ප්‍රධාය වන  Fresco ක්‍ර‍මවේදයට වඩා වියළුන බිත්තියක් මත තෙල් සායම් හා වාර්නිශ් භාවිතයෙන් සිතුවම ඇදීම ආරම්භ කළේය. ඔහුගේ වැඩකටයුතු නිරතුරු ප්‍රගතිය ආදිපාදවරයාට පැවසීමටද අයෙකු පත්කර සිටියේය.
http://en.wikipedia.org/wiki/Fresco
http://www.britannica.com/EBchecked/topic/219703/fresco-painting

ඩාවින්චි ගැන මේ තොරතුරු සපයන්නා සැලකරන තොරතුරු නම් සතුටුදායක නොවීය. ඉර උදාවත් සමග පැමිණෙන ඩාවින්චි අට්ටාලයට නැග සිටින මුත් එකම පින්සල් පාරක්වත් සිතුවමේ සටහන් නොකරන බව පැවසුවේය. තවත් වරෙක කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව ඒ දිහා බලා සිටින බව පැවසුවේය. දවස් තුන හතරකින් අඩුම තරමින් සිතුවම අල්ලලා වත් නැතැයි පැවසුවේය. ඇතැම් දිනක එක පින්සල් පහරකට වඩා සිතුවමට නොයොදන බව පැවසුවේය.තවත් විටෙක ඒ ගැන කල්පනා කරමින් බලා සිටින බව පැවසූ අතර තවත් විටෙක අදාල ස්ථානයේ පැත්ත පළාතක සොයා ගැනීමටත් නොහැකි බව පැවසුවේය.

එහෙත් ඔහුට ඩාවින්චිගේ මෙම ක්‍රියාකාරකම් තුලින් සිතුවම නොඅදින ලෙස පෙනුනත් ලියනාඩෝ සෑම විටකම සිතුවම කෙරේ අවධානය යොමුකර සිටියේය. ඔහුට සිතුවමේ වැදගත්ම චරිත වූ ජුදාස්ගේ මුහුණට සුදුසු රුවක් සොයමින් සිටියේය. ඔහු අදාල ස්ථානයෙන් බැහැරව මංමාවත් වලදී, කඩපිල් වලදී දකින පුද්ගලයන්ගේ අංගචලන, මුහුණු සිය සටහන් පොතේ සටහන් කර ගත්තේය. සැබැවින්ම ඔහුගේ සිතුවම් වල දක්නට ලැබුන මිනිස් රූප ඔහුට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දකින මිනිස්රූපම විය. තවත් විදයකින් කියනවානම් ඔහුගේ සිතුවම් වලට අවශ්‍ය වස්තුබීජයන් ලැබුනේ අවට සමාජ‍යෙන්මය.

අවසානයේ ඔහු සෙවූ ජුදාස් එදිනෙදා දකින මිනිසුන් අතරින්ම සොයා ගැනීමට සිදුවිය. සැබැවින්ම ඔහුගේ සිතුවම් හැම එකකම පාහේ දකින්නට ලැබුන මිනිසුන් ඔහුට එදිනෙදා ජීවිතයේ පාරේ තොටේදී, කඩපිල්වල, මුහුනට මුහුන හමුවෙන හෝ ඔහු ඕනෑකමින් හොරෙන් බලා සිටි මිනිසුන්ගේ වූවෝය.

1498 දී ඔහුට සහ ඔහුගේ සහායකයන්ට දෑසට පෙනෙන අවසන් රාත්‍රී භෝජන සිතුවමට වඩා මනසින් විසදා ගත යුතු කරුණු රැසක් සැගවුන "අවසන් භෝජන සංග්‍රහය" අවසන් කිරීමට හැකියාව ලැබුනි.
one of you will betray me
 http://en.wikipedia.org/wiki/The_Last_Supper_%28Leonardo_da_Vinci%29

අවාසනාවකට ඩාවින්චිගේ නව Fresco ක්‍රමය අසාර්ථක ප්‍රයත්නයක් විය. සිතුවම අවසන් කර වසර කිහිපයක් ඉක්ම ගිය තැන එය තැනින් තැන පුපුරා යන්නටත් එයින් යම් යම් හානි සිදුවන්නට විය‍. භාග්‍යයකට මෙන් ඩාවින්චිගේ සහායකයන් මෙම සිතුවමින් ලබා ගත් ඒ ප්‍රමාණයේම සහ එම සිතුවමටම සමාන කැන්වස්මතට ලබා ගත් පිටපත් සුරක්‍ෂිතව පැවතුනි. දැනටත් අතිශය වැදගත් සියුම් තොරතුරු ඇතුලත් ඩාවින්චි‍‍ගේ ගෝලයකු, සිය ගුරුවරයාගේ අනුදැනුමද ඇතිව පිටපත් කළ එවන් සිතුවමක් එංගලන්තයේ තිබේ.

මේ වෙනත් චිත්‍රශිල්පීන් අවසන් භෝජන සංග්‍රහය සිතුවම් කළ අයුරුයි. ඒවා හා ලියනාඩෝගේ  අවසන් භෝජන සංග්‍රහය සිතුවම සසදන්න.




සිතුවමට යොදා ගත් ක්‍රමවේදයන් නිසා ස්වභාවික හේතුමත පමණක් නොව මනුෂ්‍ය ක්‍රියාකාරකම්ද සිතුවම හානි වීමට බලපෑ බව පැවසේ. සිතුවම ඇද වසර 50 ක් ඉක්ම ගිය තැන අදාල සිතුවමට පහලින් බිත්තියේ සිදුරක් සාදන්නේ ඊට යාබද මුළුතැන්ගෙයට පිවිසීමට දොරටුවක් සවිකිරීමටයි. තවද ඉතාලිය ආක්‍රමණය කළ නැපෝලියන් මෙම සිතුවම ඇති කාමරය සිය අශ්වයන් සදහා ඉස්තාලය ලෙසද භාවිතා කර තිබේ.
මේ සිතුවමේ පහලින් කොටුවක් ලෙස පෙනෙන්නේ  එදා පසුව සවිකරන ලද දොරටුව තිබූ ස්ථානය විය යුතුය


තවද දෙවන ලෝක යුද සමයේ ගුවන් ප්‍රහාර වලින් එල්ල වන හානිය වලකා ලීමටද මෙම මුල් සිතුවම වැලිකොට්ට යොදා ආවරණය කර තිබූනි. එම කාමරයේ අනෙකුත් බිත්ති බිද වැටුනද ප්‍රාතිහාර්යකට මෙන් සිතුවම ඇද තිබූ බිත්තිය පමණක් ඉතිරිව තිබුනි.

1978 දී විවිද හේතු නිසා විනාශවෙමින් පැවති සිතුවම සුක්‍ෂම ක්‍රමවේදයන් ඔස්සේ යථා තත්ත්වයට පත්වීම ඇරඹී අතර මෙය කොතරම් වෙහෙසකර හා කාලය ගතවන කර්තව්‍යයක්ද කියතොත් එය නිම කිරීමට වසර 21 ක් ගතවිය.


එහෙත් මුල් සිතුවමේ සියුම් සහ ඇතැම් වැදගත්ම කොටස් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි විය. එදා කෑම කාමරයක සිතුවම් කළ මෙම සිතුවම, පසුව එහි පහලින් දොරටුවක් සවිකිරීමට සිදුර කළ හා නැපෝලියන් අශ්ව ඉස්තාලයක් ලෙස භාවිතා කළත් දැන් නම් මෙම අඩි 15 ක් පමණ උස සහ අඩි 29 කට ආසන්න උසකින් යුතු සිතුවමට ප්‍රවිෂ්ඨවීමට වායුරෝදක දොරටු  කිහිපයක්ම පසු කළ යුතු අතර දිනකට එය බැලීමට ලබා දෙන්නේද ඉතා සුළු පිරිසකට පමණක් බවද පැවසේ.

සිය අනුග්‍රාහක ආදිපාදවරයාගේ බිදවැටීමත් සමග එය ඩාවින්චිටද බලපාන අතර ඔහුට ආදායම් මාර්ග අහිමි වේ. එසේම ඔහු සේවය කළ ආදිපාදවරයාට ප්‍රංශය එරෙහි වූ නිසා ඔහුගේ සේවකයෙකු වූ එහි වාසය කිරීම ඩාවින්චිගේ ජීවිතයටද තර්ජනයක් එල්ල කිරීමට ඉඩ තිබුනි. ඔහු ඉන්පසුව ඉතාලියේ එවකට පැවති ප්‍රාදේශීය පාලකයන් වෙත ගියත් ඔවුන් ලියනාඩෝ එහි රැදී සිටීම ගැන එතරම් කැමති නොවන්නේ ඔවුන්ටද මොහු රැදී සිටීමෙන් ප්‍රංශයේ උදහසට ඔවුන්ද ලක්වේය යන බිය නිසයි.

මේ නිසා වැනීසිය බලා යන ඩාවින්චි  සේවය ලබා දෙන්නේ චිත්‍රශිල්පියෙකු ලෙස නොව යුද උපකරණ නිමවීමේ ප්‍රධාන සැලසුම් කරු හා ඉංජිනේරුවක ලෙසයි. මෙහිදී ඔහු වැනීසිය ජලාශ්‍රිත නගරයක් හා එදා යුරෝපයේ ධනවත්ම මෙන්ම වෙළද මාර්ගවල ප්‍රධානම සංධිස්ථානයක් නිසා එය එදා ආක්‍රමණික හමුදාවක් වූ තුර්කීන්ගෙන් ගලවා ගැනීමට ජලය යට සිට සටන් කළ හැකි හමුදාවක් නිර්මාණය කිරීමේ අරමුණින් කිමිදුම් ඇදුමක් පවා නිර්මාණය කළේය. ලියනාඩෝගේ මෙම පිහිණුම් ඇදුම ඔහුට එම අවධියේදී නිර්මාණය කරගන්නට නොහැකි වන අතර වැනීසිටය එල්ලවන තුර්කි ප්‍රහාර හමුවේ වැනීසිය හැරදා  ලියනාඩෝ නික්මේ.

1502 දී Valentinois හි ආදිපාදවරයා වන  Cesare Borgia හට සේවය ලබාදෙන අතර Cesare Borgia යනු මනුෂ්‍ය ඉතිහාසයේ තවත් දරුණු පාලකයෙකු බව පැවසේ. ඔහු ඔහුගේම සහෝදර සහෝදරියන් පවා විවිද ක්‍රමවලින් මරණයට පත් කරන ලද බවද ඔහුගැන තොරතුරු විමසීමේදී හෙළිවේ.
http://en.wikipedia.org/wiki/Cesare_Borgia

Cesare Borgia වැනි දරුණු පාලකයෙකු වෙත ලියනාඩෝ ඩාවින්චි වැනි කලාකාමියෙකු රැදුනේ ඇයි දැයි පැනයක් මතුවිය හැකිය. අද ලියනාඩෝ අද්විතීය ලෙස සැලකුනත් එදා විවිද හැලහැප්පීම් ඇති සමාජයක ලියනාඩෝටද ජීවිත අරගලයක් තිබුනි. අද ඔහුගේ චිත්‍ර මිලියන ගණනින් මිල කෙරුනත් එහි නිර්මාණකරුවූ ඔහුට ජීවත්වීමට එම චිත්‍ර විකුණා ධනවතෙකු විය නොහැකි නිසා රැකියාවක් කර මුදල් හම්බුකළ යුතුවිය. කෙසේවෙතත් Cesare Borgia විසින් ලියනාඩෝව තම ප්‍රධාන යුද උපකරණ සැලසුම් ඉංජිනේරුවරයා බවට පත්කර වරප්‍රසාදද ලබා දෙන ලදි. මෙහිදී විවිද යුද උපකරණ මෙන්ම සිවිල් ඉංජිනේරු කාර්යයන් පවා ඩාවින්චි විසින් සැලසුම් කරන ලද බව පැවසේ.

එහෙත් වැඩිකලක් යන්නට මත්තෙන් මෙම රුදුරු පාලකයා වෙතින් ඉවත්ව යනු ලබන අතර එයට හේතුව අපැහැදිලිවූවත් බොහෝවිට එයට හේතුවන්නට ඇතැයි ඇතැම් මූලාශ්‍රවල පැවසෙන්නේ Cesare Borgia විසින් ලියනාඩෝගේ සහායකයෙකු මරණයට පත්කිරීම බවයි. එසේම Borgia වෙතින් කිසිදු ගෙවීමක්ද නොලැබුනේය.

ලියනාඩෝ නැවත Florence වෙතට 1503 දී පැමිණේ. ඔහු Florence වෙත පැමිණෙන විට තවත් ලෝක පූජිත කලාකරුවෙක් සිය ප්‍රතිභා පූර්ණ කලා ජීවිතය ආරම්භ කරමින් තිබූ කාලයක් වූයේය. ඔහු අන් කිසිවෙකු නොව මයිකල් ආන්ජලෝ නම් තවත් දක්‍ෂ කලාකරුවාය.කෙසේවෙතත් ලියනාඩෝ සහ මයිකල් ආන්ජලෝ අතර කිට්ටු සුහද සබඳතාවයක් තිබු බවට වාර්තා නොවේ. එසේම මයිකල් ආන්ජලෝ විසින් ඩාවින්චිගේ නිර්මාණ පිළිබදව පරිභව කිරීම මෙන්ම ලියනාඩෝ තම නිර්මාණ අවසානය දක්වා නිමා නොකිරීම පිළිබදවද අවඥාවට ලක් කළේය. ලියනාඩෝගේ මෙම වැඩක් නිමා නොකිරීමේ පුරුද්ද නිසා නැවත කිසිවෙකු ඔහුට වැඩක් නොපරන බවටද මයිකල් ආන්ජලෝ විශ්වාසනීයත්වයකින්ම පැවසූහ. එය සත්‍යයක් විය ලියනාඩෝට වැඩක් පැවරීමට කවුරුත් මැලිවිය. ඒ නිසා ඔහුට Cesare Borgia වැනි දරුණු පාලකයෙකු‍ වෙනුවෙන් සේවය කරන්නට සිදුවීමද පුදුමයක් නොවේ.

ලියනාඩෝට වඩා මයිකල් ආන්ජලෝ වයසින් අවුරුදු 23 ක් බාල වූ අතර ඔහු ආඩම්බරකාරයෙකුද විය. ඔහු නිරතුරු පැවසුවේ ලියනාඩෝට අයිති සිතුවම් ඇදීම බවත් ඔහුට අයිති මූර්ති නෙලීම බවත්ය. ඔහු ලියනාඩෝ මූර්ති කලාවට අතතබනවාට කිසිදු කැමැත්තක් නොදැක්වූ බවද පවසයි.

ලොව වැඩියෙන්ම කතාබහට ලක්වෙන අතිවිශිෂ්ඨම සිතුවම බිහිවේ !


මේ අතර තුර කාලයේදී එනම් 1503 දී ඔහු Florence හි ධන‍වතෙකු වූ Francesco del Giocondo ගේ භාර්යාවගේ සිතුවම අදිනු ලබයි. එහෙත් මෙම සිතුවම කිසිදා මෙම සිතුවම ඇදීම භාර කළ අයට ඩාවින්චි ලබා නොදුන් බවද අවධාරණය කළ යුතුයි.

එය එතෙක් මෙතෙක් මිනිස් අතකින් ඇදි විශිෂ්ඨතම හා කවුරුත් දන්නා සිතුවම බවට පත්වේ. ඒ Mona Lisa නැතහොත් La Gioconda,“the laughing woman” සහ තවත් නම් ගණනාවකින් හැදින්වෙන සිතුවමයි.

විවිද දස්කම රැසක් කැටි කරමින් ලියනාඩෝ ඩාවින්චි සිතුවම් කරනු ලබන මෙම සිතුවමට ඔහු sfumato නම් ක්‍රමවේදය භාවිතා කරනු ලබනවා.
http://en.wikipedia.org/wiki/Mona_Lisa

‍එසේම මෙම සිතුවමේ සේම ලියනාඩෝගේ තවත් සිතුවම් බොහෝමයක ද්විමාන තලයක ත්‍රිමාන දසුනක් මැවීම හෙවත් “linear perspective” සංකල්පය පුනරුද යුගයේ වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමේ පුරෝගාමියෙකු ලෙසද ඩාවින්චි ගෞරවය දිනා ගනු ලබනවා.
(sfumato - A technique in painting where the background of a picture is shown in hazy lines and colours to increase the effect of 3 dimensions. - http://en.wikipedia.org/wiki/Sfumato)


Linear perspective - One of the most interesting and important changes in art that occurred during the Renaissance was the discovery of an idea that made it possible for painters to translate the three-dimensional world they lived in onto the two-dimensional surface of a painting. This idea is called “linear perspective.”

http://daphne.palomar.edu/design/space2.html
http://en.wikipedia.org/wiki/Perspective_(graphical)

වචනයෙන් විස්තර කළ නොහැකි හා මිළ කළ නොහැකි මෙම සිතුවම කුතුහලය දනවන්නකි. කෙනෙකුට එය අඬන ස්ත්‍රීයකගේය.තවත් කෙනෙකුට ඇය සිනහවෙනවා සේ පෙනේ.තවත් අයෙකු ඇයට දරුවෙකු ලැබෙන්නට සිටින ගැබිනියක බව පවසති.තවත් අයෙකු ඒ ලියනාඩෝ විසින් ඇදි තමන්ගේම චිත්‍රයක් බව පවසති.තවත් අය මෙහි කිසියම් රහස් කේතයන් වගයක් සැගවී පවතිනවායයි පැවසේ. නුතන විසිවන සියවසේදී ප්ලාස්ටික ශල්‍යකර්මයන් සිදුකර ගැනීමට හැකිවීමත් සමග දියුණු බටහිර රටවල ඇතැම් කාන්තාවන් මොනාලිසා රුවට සමාන රුවක් ලබා ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය‍ වෛද්‍යවරුන්ගේ සහය පැතූ බවද  විරල පුවත් ඇතැම් විට අසන්නට ලැබුනි. ඒ තරමටම මොනාලිසා මිනිස් සිත වශිකෘත කළාය. ඇතමෙක් මොනාලිසා ගැන කතා ලිවූහ. තවකෙක් මොනාලිසා මෙන් රුව ඇති යුවතියක සිය පෙම්වතිය කරගැනීමට සෙවූහ. තවකෙකු මොනාලිසා ගැන ගීත ලියූහ, ගැයූහ, එම ගී වලට සම්මානද දිනා ගත්තෝය. 1800 මැද භාගය වන විට මොනාලිසා පුරාවෘත්තයකි.
(When the Louvre opened to the public, the Mona Lisa became accessible to the masses. Many painted copies and reproductions emerged. Writers and poets wrote about her, and idealized her. By the mid-1800's she was a legend.)

1950 දී තිරගතවූ Captain Carey, U.S.A. චිත්‍රපටියට Ray Evans සහ Jay Livingston විසින් ලියූ සහ Nat King Coles විසින් ගායනා කළ "Mona lisa, mona lisa, men have named you" ගීතයට හොදම සංගීතයට හා හොදම ගීතයට හිමි ඔස්කාර් සම්මානයද හිමිකරගත්තේය. ඒ තරමටම ලෝකයේ ඉන්නා විට බැබලෙන, බලය නැතිවිට කූජිත වන රාජ්‍ය නායකයන්ට වඩා කිසිදා බලයක්, නිලයක් නැති මොනාලිසා ප්‍රභල ආකාර්ශනයක්, නිල නොලත් බලයක් හිමි කරගෙන සිටියාය.
Mona lisa, mona lisa, men have named you
You’re so like the lady with the mystic smile
Is it only ’cause you’re lonely they have blamed you?
For that mona lisa strangeness in your smile?

Do you smile to tempt a lover, mona lisa?
Or is this your way to hide a broken heart?
Many dreams have been brought to your doorstep
They just lie there and they die there
Are you warm, are you real, mona lisa?
Or just a cold and lonely lovely work of art?

Do you smile to tempt a lover, mona lisa?
Or is this your way to hide a broken heart?
Many dreams have been brought to your doorstep
They just lie there and they die there
Are you warm, are you real, mona lisa?
Or just a cold and lonely lovely work of art?

Mona lisa, mona lisa

(Nat King Coles song; Mona Lisa is an Academy Award-winning song written by Ray Evans and Jay Livingston for the Paramount Pictures film Captain Carey, U.S.A. (1950).
http://www.youtube.com/watch?v=EG-A_qTAKEI

ලියනාඩෝගේ ජීවිතයේ අවසන් වසර 16 තුළ මෙම මොනාලිසා සිතුවම ඔහු යනඑන හැමතැනකම රැගෙන ගිය බවද පැවසේ. ගතවූ වසර 500 තුල ලෝකයේ අධිරාජ්‍යයන්,රජවරුන්, ජනාධිපතිවරුන් යනාදී රාජ්‍ය නායකයන් සියල්ලක්ම පාහේ මෙම මොනාලිසා සිතුවමට වශීවූහ. ජීවමාන කාන්තාවකට වඩා මෙම සිතුවමට ගරු කළහ. (Kings, Emperors and Presidents have all paid their respect to her. On the Mona Lisa's American tour President Kennedy greeted her "The Ultimate Symbol of Western Civilization" - According to the Documentary movie, Leonardo Da Vinci The Mona Lisa,)

 ලොව අග්‍රණ්‍යම සිතුවම වන මෙය මිල කිරීම පවා එයට කරන අගෞරවයක් වූවත් 2010 දී එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු‍ ඩොලර් මිලියන 720 ක් වත් වේ යයි පැවසේ. වර්ථමානයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මෙය එහිදී හදුන්වනුයේ Painting No. INV 779 යන කේතයෙනි.

ලියනාඩෝගේ මරණයෙන් පසුව මෙම මොනාලිසා සිතුවම අයිති වුයේ එවකට ප්‍රං‍ශයේ රජකම් කළ I වන ෆ්‍රාන්සිස් රජු හටයි. ඔහු මෙය තමන්ගේ නානකාමරයේ එල්ලා තැබූ බව පැවසේ. සෑහෙන්න කාලයක් මෙසේ නානකාමරයේ බිත්තියේ එල්ලා තැබුන අතර රජුගේ ස්නානයට භාවිතා කළ උණු ජලයේ දුම වැදීමෙන් පින්තූරයේ ඇතැම් ස්ථානවල ඇති සුළු හානිවීම් සිදුවීමට හේතුවිනැයි ප්‍රවීණයෝ පවසති. රජුගේ නානකුටියේ මෙසේ වටිනා මොනාලිසා සිතුවම එසේ දුක්විදිමින් සිටියදී ලියනාඩෝගේ ශිෂ්‍යයකු වන Salai විසින් සිතුවම් කරන ලදැයි පැවසෙන Mona Vanna නම් මොනාලිසාගේ රුවට සමාන කතකගේ උඩුකය නිරුවත් සිතුවමක් නිදන කාමරයේ එල්ලා තිබු බවත් පැවසේ.
Mona Vanna

Salai යනු අනෙක් අතින් ලියනාඩෝගේ හොදම අනුගාමිකයාසේම දිවිය පුරා සිටි ලිංගික සහකරුවාද බව පැවසේ. (Salai පමණක් නොව ඩාවින්චිගේ සිසුවකු වූ  Melzi නම් සිසුවාද ලිංගික ජීවිතයේ සමීපතමයන් වූ බව පැවසේ. ඩාවින්චිගේ මරණය, ඩාවින්චිගේ සහෝදරයාට දැන්වූයේද Melzi බව පවසයි.
Leonardo's most intimate relationships were perhaps with his pupils Salai and Melzi. Melzi, writing to inform Leonardo's brothers of his death, described Leonardo's feelings for his pupils as both loving and passionate. It has been claimed since the 16th century that these relationships were of a sexual or erotic nature. http://en.wikipedia.org/wiki/Francis_I_of_France
http://www.thehistoryblog.com/archives/14881

කෙසේවෙතත් වයස අවුරුදු 10 දී පමණ ලියනාඩෝගේ සෙවනට පැමිණි Salai ලියනාඩෝට වඩා වසර 30 ගණනකින් පමණ ලාබාල තැනැත්තෙකි. The Life of Leanardo Da Vinci වාර්තාමය චිත්‍රපටියට අනුව නම් පසුකාලීනව ඔහු තමන්ගේ ජීවිතය පිළිබදව ස්වයං කණගාටුවකටද පත්ව තිබූ බව පැවසෙන අතර ඩාවින්චිගේ අවසාන කාලය වන විට ඔහු ‍ඩාවින්චි හැරදා ගොස් සිටි අතර ඩාවින්චි මිය ‍ගොස් වසර දෙක තුනක් ඉක්ම ගිය තැන කිසිවෙකු තැබූ වෙඩි පහරකින් ඔහු ඝාතනය වී තිබේ. එම වාර්තාමය චිත්‍රපටියේ හසේ කීවත් තවත් මූලාශ්‍ර වල පැවසෙන්නේ Salai ලියනාඩෝගේ දිවිය පුරා ඔහු සමග සිටි බවත් ලියනාඩෝගේ මරණයෙන් පසුව ඔහුගේ නිර්මාණ වල අයිතිය පැවරෙන්නේද ඔහුට බවයි. එසේම මොනාලිසා සිතුවම පළමුවන ෆ්‍රැන්සිස් රජුට විකිනන්නේද Salai විසින් බවද පැවසේ.

එහෙත් නැපෝලියන් ප්‍රංශයේ බලයට පත්වූ පසුව ලූවර් කෞතුකාගරයේ ඒ වන විට තැන්පත් කර තිබූ මොනාලිසා සිතුවම සිය නිදන කාමරයේ එල්ලා ගනු ලබන අතර ඔහු එයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ "Madam Lisa" ලෙසයි. එසේ ආමන්ත්‍රණය කිරීමද වරදක් නැත මන්ද මෙම Madam යන ගරු නාමය සමාන වන්නේද Mona යන්නට වන අතර එය Ma’am හෝ my lady ලෙස ආමන්ත්‍රණය වූවද වරදක් නැත.



පෙර පැවසූ අයුරින්ම විවිද කාල වලදී මොනාලිසා හි පෙනී සිටින පුද්ගලයා පිළිබදව විවිද මත පළ වූහ. එහි එක් එක් කොටස් පිළිබදව විවිද මත පළ වූහ. 2005 දී නියත වශයෙන්ම මෙහි සිටින්නේ Florence හි මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක වූ  Lisa Gioconda (http://en.wikipedia.org/wiki/Lisa_del_Giocondo) බව නොරහසක් වූවත් එම රුව තුළ ඩාවින්ගේ යටි සිතෙහි තිබූ තවත් දේවල් අන්තර්ගතවූ බවද විශේෂඥ මතයයි. එනම්;
A note by Agostino Vespucci 1503 in a book at Heidelberg University
states that Leonardo was working on a portrait of Lisa del Giocondo.

මේ ලිපියේ ඇරඹුමේදීද පැවසු පරිදි ලියනාඩෝගේ මව කැතරීනා ගම්බද සාමාන්‍ය තරුණියකි. එහෙත් ලියනාඩෝගේ පියා හා ඇය අතර පැවතියේ විවාහයක් සිදුවිය හැකි ආකාරයේ ගැඹුරු සබදතාවයක් නොවූවාසේම දෙපාර්ශවයේ සමාජ තත්ත්වය මත එවන් විවාහයක් සිදුවීමේ ප්‍රවණතාවයද අවම විය. ඇයද යාබද ගමක තරුණයෙකු හා විවාහවිය. මේ තත්ත්වයන් නිසාම ලියනාඩෝට තම ජීවිතයේ මව හා ගත කිරීමට හැකිවූයේ ඔහු ඉපදී අඩුම තරමින් මාස 18 ක කාලයකි. ඔහු ජීවිතයේ ළමාවියේ ඉතිරි කාලය ගත කළේ පියා සමගය. ඔහුව ඇති දැඩි කළේ පියාගේ එක් කසාදයක බිරිදක වූ Dola albiera විසිනි. එහෙත් කුඩම්මාවුවද ඇය ලියනාඩෝට ආදරයෙන් සැලකූ බව පැවසේ. තම මවගේ සේම කුඩම්මාගේ ආදරයද ලියනාඩෝගේ සිතෙහි ගැඹුරින් තැන්පත්ව තිබූ බවද කිව යුතුය.


ඔහු කුඩා අවධියේ සිය නියම මව ලෙස සැලකුවේ කුඩම්වා වූ අතර කිසිවෙකු නියම මව හදුන්වාදීමට උත්සුක නොවූහ. එහෙත් තමන්ගේ වෙන් කළ දරුවා දෙස නිතිපතා දුරසිට ඔහු ටස්කන් ග්‍රාමයේ කෙළිදෙලෙන් ගතකරන විට බලා සිට ඇත. ලියනාඩෝට මෙය ගැටළුවක්ව තිබේ. එහෙත් කිසිවෙකු සත්‍ය හෙළි නොකළේය. ඔහු හදා වඩා ගත් කුඩම්මාට දරුවන් නොසිටියහ. එසේම ඇයද වැඩි කල් නොගොස් මිය ගිය අතර ලියනාඩෝට කුඩා කළ සිටම සිටි හොදම හිතවතා වූයේ තම පියාගේ සොහොයුරා වූ ෆැන්චෙස්කෝය. ඔහු ලියනාඩෝට පරිසරය ගැන, විවිද විවද එදිනෙදා දකින දේ ගැන කියා දුන්හ. ඔහු සමග සෙල්ලම් කළහ. ලියනාඩෝගේ බාප්පා සැහැල්ල, විනෝදකාමී චරිතයක් වූ අතර ඔහුට සිය පියා මෙන් හෝ ලියනාඩෝගේ පියා වන සිය වැඩිමහල් සොහොයුරා මෙන් නොතාරිස් වෘත්තිය තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් නොවීය.

ලියනාඩෝ වැඩිහිටි වයසට පත්වන විට සිය මව කව්දැයි හදුනාගෙන සිටියත් බාහිර ලෝකයේදී දෙදෙනා අතර දරුවා සහ මව සබදතාවය පිටතට නොපෙන්වා සිටියෝය. ඇයගේ එදිනෙදා මුදල් අවශ්‍යතාවලදී ඔහු මිල මුදල් ලබා දී ඇතත් එය කැටරිනාට ලබා දුන් මුදල් මෙපණයයි. ඔහුගේ පොතකද සටහන් කර ගෙන සිටි අතර මව මිය ගිය පසුව එම අවසන් කටයුතුද ඔහුගේ වියදමින් කරනු ලැබුවේය. ඉන්පසු කිසිම දිනක යලි කැටරිනා යන නම සිය ලේඛණ වල ඔහු සටහන් නොකර සිටීමටද වගබලා ගත්තේය.

කෙසේවෙතත් තමන් බිහිකළ මවගෙන් වෙන්කිරීමේ කම්පනය පසුකාලීනව දැනීම මොනාලිසා සිතුවම තුළ ගුප්තාර්ථයන් ගැබ්වීමට හේතුවූ බවද පැවසේ. එසේත් නැතහොත් තවත් සැඟවුන දේවල් මේ සිතුවමේ තිබෙන බව පවසයි. මේ බව කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙකු නොව මනෝවිද්‍යාවේ පියා සහ ලියනාඩෝ ඩාවින්චිගේ අභ්‍යන්තර චෛතසිකය පිළිබදව පොත් කිහිපයක්ම ලියා පළ කර ඇති මහාචාර්ය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතායි.
"We begin to suspect possibility that it was his mother who posses the mysterious smile. The smile that he had lost and that fascinated him so much when he founded again in the Florentine lady : Prof. Sigmund Freud - According to the Documentary movie, Leonardo Da Vinci The Mona Lisa.


මොනාලිසා සිතුවමේ පමණක් නොව ඩාවින්චි විසින් 1508 දී අදින ලද The Virgin and Child with Saint Anne සිතුවමේ St. Anne ගේ වතෙහි ඇදි සිනහවද මොනාලිසා සිතුවමට සමාන බව විද්වත් මතයයි.

http://en.wikipedia.org/wiki/The_Virgin_and_Child_with_St._Anne_%28Leonardo_da_Vinci%29

http://www.artgallery2000.com/gallery/the-virgin-and-child-with-saint-anne-by-da-vinci-leonardo-p-5173.html

ලියනාඩෝ විසින් 1513 - 1516 අතර ඇදි තවත් විශිෂ්ඨ ගණයේ සිතුවමක් වන St. John the Baptist හිද මොනාලිසාගේ සිනහව නැවත දකින්නට ලැබේ.

http://en.wikipedia.org/wiki/St._John_the_Baptist_%28Leonardo%29 - The piece depicts St. John the Baptist in isolation. St. John is dressed in pelts, has long curly hair, and is smiling in an enigmatic manner which is reminiscent of Leonardo's famous Mona Lisa.

එසේනම් මේ කාන්තා රූපයන් ත්‍රීත්වයන් තුලදී නිරූපනය කළේ ඔහුට අහිමි වු මව් සෙනෙහසද?

මොනාලිසා රූපයේ සිටින කත ගැබිනියක බව ඉහළ පෙළේ විද්වත් මතයයි. මෙම  සිතුවමේ සිටින කත අනිවාර්යයෙන්ම වයස විසිගණන්වල පසුවූ තරුණ කතක් බවට සැකයක් නැත. ඒ බව තරුණ කතකගේ අංගචලනයන් ඇගේ දෑතේ අංගචලනයන් හා සමපාත කිරීමෙන් නිරූපනය වන බවට දෙගිඩියාවක් නැත. එසේම ඇය කුස මත සිය අත් තබා ගෙන සිටින ඉරියව්ව සාමාන්‍යයෙන් ගැබිනි කාන්තාවන් බොහෝ විට තබා ගෙන සිටින ආකාරයට සමාන බවද පවසයි. මෙම සැකයන් තවත් දුරු කරමින් පවසන්නේ 1502-1503 කාලය පිළිබදව නිශ්චිතම තොරතුරු අනුව Lisa Gioconda සිය දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටි බවද පැවසේ.
මොනාලිසා දෑත් තබා ගෙන සිටින අයුරු

ගැබිණි කතක් බො‍හෝවිට සිය දෑත් කුසමත තබාගෙන සිටිනඅයුරු


මොනලීසා සිතුවමේ පසුබිමින් පෙනෙන පරිසරයට අදාල දේවල් පිළබදව විවිද මතවාද ගොඩනැගුනෝය. එහෙත් පසුකාලීනව සියුම් ලෙස විශ්ලේෂනය කළ විට එහි දැක්වෙන පාලම සහ කදු ආදිය ඔහු කුඩා කළ විසූ ටස්කනි ග්‍රාමයේම තිබූ Buriano පාලමේ හා එහි Valley of Hell   නමින් එහි ප්‍රදේශවාසීන් හදුන්වන කදුගැට බව සනාථ වුනි.









එසේම මෙම කදු ගැට ඔහුගේ තවත් සිතුවම් වන The Virgin of the Rocks, The Virgin and Child with Saint Anne ආදියේදි දැකිය හැකිය.

1911 දී මොනාලීසා කාටත් හොරෙන් තම මව්බිම වන ඉතාලිය වෙත ගියාය. හරියටම කියනාව නම් ඇය ගියේ නැත ඇය රැගෙන ගියාය. 1911 අගෝස්තු 21 වන දින ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් කාගෙත් අවධානය යොමූවන පුවතක් මැවුනි. මොනාලීසා අදාල ස්ථානයේ නොමැති බව මුලින්ම දැක්කේ Louis Béroud නම් චිත්‍ර ශිල්පියායි. ඔහු ඒ බව ප්‍රධාන ආරක්‍ෂක තැනට දැන්වූ අතර ලූවර් කෞතුකාගාරයේ ඉහළ පහළ නිල හැම කෙනාගේම "ඔළුව ගිනිගැනීමට" වැඩිවේලාවක් නොගියෝය. සතියක් පුරාවටම කෞතුකාගාරය වසා දැමුන අතර හොරා සොයා දසඅත මෙහෙයුම් ආරම්භවිය.

මුලින්ම සැකකාරයෝ කිහිපදෙනෙකුම අල්ලාගෙන මොනාලිසා හොරෙන් අරගෙන ගියා දැයි ප්‍රශ්න කරන්නට විය.මුලින්ම අල්ලා ගත්තේ ප්‍රංශ කාව්‍ය නිර්මාණකරුවෙකු වූ Guillaume Apollinaire වන අතර ඔහුව මුලින්ම සැක කිරීමට හේතුව කාලයකට ඉහත "ලූවර් කෞතුකාගාරය ගිනිබත් කළ යුතුය" යි වහසි බස් දොඩා තිබූ නිසාවෙනි. මේ හදයාගේ කටවාචල්කමට කී කාරණා නිසා නිකරුනේ රිමාන්ඩ් එකේ ඉන්නට වුනා පමණක් නොව අහක සිටි ඔහුගේ මිතුරු පැබ්ලෝ පිකාසෝ නමින් අප හොදට හදුනන චිත්‍ර ශිල්පියාද මේ පළහිලව්වට ඈදා ගත්තේය. කෙසේවෙතත් මොවුන් දෙදෙනාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අහිංසකයන් බව වටහා ගත් ප්‍රංශ පොලීසිය මොවුන් යහතින් මුදා හැරියේය.
පිකාසෝ

මොනාලීසා සදහටම අහිමිවූවාය යන සිතුවිල්ලට සියල්ලන්ම ඒකරාශී වූ අතර වසර දෙකක් යන තුරු මේ උභතෝකෝටික ගැටළුව ලිහා ගැනීමට කිසිවකුට නොහැකිවිය.
මොනාලිසා නැත. ඇයගේ රුව සවිකල ඇන 4 පමණක් ඇත

මොනාලිසා ඇයටත් හොරෙන් රැගෙන ගියේ කෞතුකාගාරයේම සේවකයෙකු වූ Vincenzo Peruggia වන අතර කෞතුකාගාරය වසන අවස්ථාවේ එහිම රහසේ සැගව සිට වැසූ පසු සිය කෝට් කබායේ සගවාගෙන පිටතට රැගෙන ගියේය (ඇතැම් මූලාශ්‍ර වල සදහන් ආකාරයට ඔහු රැකියා විරහිත පින්තාරුකරුවෙකි). Peruggia යනු තවත් අතකින් ඉතාලි දේශප්‍රේමියෙකි. ඔහු විශ්වාස කළේ මොනාලියා අයිති ඉතාලියට බවයි. ඒ නිසා ඇය සෙන් නදිය ඔස්සේ ඉතාලියට රැගෙන ගිය ඔහු වසර දෙකක් යනතුරු ඉවසා සිටියේය.

එහෙත් වසර දෙකක් ගතවූ තැන එනම් 1913 දී ඔහුගේ ඉවසීම ඉක්මවා ගියේය. එය ඔහුව හසුවීමටත් නැවත මොනාලිසා ලෝකයට උරුම වීමටත් හේතුවිය. ඔහු එය විකුණනන්ට තැත් කරන්නේ ඉතාලියේ Florence හි Uffizi Gallery හි අධ්‍යක්‍ෂකවරයාටයි. අධ්‍යක්‍ෂකවරයාට හුස්ම ගැනීමට පවා අමතක වූ බව පවසයි. "මෙන්න ආයෙමත් මොනාලිසා තමන්ගේ ගෙදරට ඇවිල්ලා" ඔහුට එහෙම හිතෙන්නට ඇත. මොනාලිසා සිතුවම පිළිබදව Uffizi Gallery හි අධ්‍යක්‍ෂකවරයාට විකිණීම පිණිස යවන ලියමනේ Peruggia අත්සන් තබන්නේ "ලියනාඩෝ" යන නමිනි'
 "I am an Italian patriot that was seized by the desire to return to my Italy one of the numerous treasures that Napolean stole from her."

ඉතාලි ආණ්ඩුව විසින් Peruggia අත්අඩංගුවට ගන්නා අතර ඔහුව අවුරුද්දකුත් දින 15 ක් සිරකර තැබීමට නියෝග කළත් එය පසුව මාස 7 කුත් දින 4 කට සීමාවේ.

මොනාලිසා ඉතාලියෙන් හමුවූ පසුව මහත් ගැටළුවකට මුහුණ දෙන්නේ ඉතාලි රජයයි. ජාතිකවාදීන් විසින් මොනාලිසා ඉතාලියට අයිති දෙයක් බව පවසයි. ලියනඩෝ ඉතාලි ජාතිකයෙකි. මොනාලිසාහි සිටින කත ඉතාලි කාන්තාවකි. ඉතින් එහෙනම් මේ සිතුවම ඉතාලියට මිසක් ප්‍රංශයට අයිති දෙයක් බව අමුතුවෙන් කියල දෙන්න ඕනැද? ඒ ඔවුන්ගේ මතයයි. අනිත් අතින් ප්‍රංශය මොනාලිසා අයිති ඔවුන්ට බව කියයි එයද සත්‍යයකි. ලියනාඩෝ සිය අවසන් වසර 3 ගත කළේ ප්‍රංශයේය. සති කිහිපයක් මොනාලිසා ඉතාලියේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කරන අතර දසදහස් ගණන ජනයා සිය නිජබිමේ අග්‍රගන්‍ය කලාකරුවාගේ අග්‍රගන්‍යයම නිර්මාණය නරඹති. කෙ‍සේවෙතත් රාජ්‍යතාන්ත්‍රිකව සාමකාමීව විසදා ගත යුතු ගැටළුවක් හා විශ්ව කලාකරුවෙකුගේ නිර්මාණ ලෝකයේ කොහේ හෝ සුරක්‍ෂිතව තිබී අනාගත පරපුරටද ඒවා බලා ගැනීමට ඉඩ හැරිය යුතුයයි සිතන ඉතාලි රජය ලෝකයේ කීර්තිමත්ම කෞතුකාගාරයක් වන ලූවර් වෙත එය භාරදීමට එකඟවන අතර මොනාලිසා දුම්රියෙන් ආරක්‍ෂිතව නැවත ප්‍රංශය වෙත 1914 ජනවාරි 4 වනදා රැගෙන එනු ලබයි. එහිදී අතිවිශාල ජනතාවකගේ උණුසුම් පිළිගැනීමක් ඇයට ලැබෙන අතර දින තුනක්ම ඇය වෙනුවෙන්ම එහි ප්‍රදර්ශනයක් පැවැත්වීමටද එහි බලධාරීන් වගබලා ගනී.
http://theartinquirer.blogspot.com/2011/08/100-years-ago-vincenzo-peruggia.html
http://www.vanityfair.com/style/features/2009/05/mona-lisa-excerpt200905
ඉතාලියට හොරෙන් ගිය ගමනේදී ඉතාලියේ නෑයන් මොනාලිසා දෙස බලා සිටි

ප්‍රංශ බලාධාරීන් සමග මොනාලිසා

උපරිම පොලිස් ආරක්‍ෂාව ලබාදීම

දැන් ඇය ලූවර් කෞතුකාගාරයේ විරාජමානව සිටින්නේ ජීවමාන හොලිවුඩ් තරුවක් මෙන් පෞද්ගලික ශරීරාරක්‍ෂකයන්ද සමග, ආර්ද්‍රතාවය නිසා හානි වීම වැලැක්වීම පිණිස වායුසමීකරණය කරන ලද කොන්ක්‍රීට් පෙට්ටියක් තුල සුරක්‍ෂිතවය. ඇය පෙනීමට ඉදිරියෙන් ඇති ත්‍රීගුණවීදුරුව (triplex glass) වෙඩි තැබීමටද ඔරොත්තු දෙන ඒවාවේ.

ඇය බැලීමට වසරකට ලූවර් කෞතුකාගාරය වෙතට මිලියන 6 ක පමණ සංචාරකයන් පැමිණෙතැයි පැවසේ.

ඇය 1911 සිදුවීමෙන් පසුව ලූවර් කෞතුකාගරයෙන් පිටතට ගියේ අවස්ථා දෙකකදී පමණි. ඒ 1962 දී ඇමරිකානු ප්‍රදර්ශනයකටත්,1974 දී ජපාන ප්‍රදර්ශනයකට පමණි. ඉහත පැවසූ වෙඩි නොවදින වීදුරුවද ජපාන ප්‍රදර්ශනයෙන් පසුව ඇයට ලැබුන ත්‍යාගයකි.

දෙවන ලෝක යුද්ද කාලයේදී මොනාලිසා ආරක්‍සා කරගැනීම ප්‍රංශය ආරක්‍ෂාකරගන්නවාටත් වඩා භාරදූර කාර්යයක් ‍සේ ලූවර් බලධාරීන් සිතුවෝය. ඔවුන් සිතුවම ප්‍රවේශමෙන් රැගෙන මුලින්ම Château d'Amboise වෙතටත් ඉන් ඉක්බිතිව Loc-Dieu Abbey සහ Château de Chambord ද, අවසානයේ Ingres Museum in Montauban වෙතද රැගෙන ගියේය.
ලූවර් කෞතුකාගාරය

එසේම 1870 ගණන් වල සිදුවූ Franco-Prussian (Franco-German) යුද්දය අවස්ථාවේදීද ස්ථාන පහක් වෙත මොනාලිසා ආරක්‍ෂා කරගැනීමට රැගෙන ගිය බව පැවසේ.http://en.wikipedia.org/wiki/Franco-Prussian_War



මොනාලිසා හා තරහෙන් අඩම්තේට්ටම් කරන්නන්ද සි‍ටියෝය. එයින් වඩාත් කැපීපෙනෙනම සිදුවීමක් වූ‍යේ 1956 දෙසැම්බර් 30 වනදා බොලිවියානුවකු වන Ugo Ungaza Villegas එල්ල කළ ගල් ප්‍රහාරයකින් මොනාලිසාගේ වම් වැලමිටට ආසන්න‍‍යේ සායම් ගැලවී යාමයි. තවද එම වසරේම ඊට ප්‍රථම මෙම සිතුවමේ වටිනාකම නොදත් මුග්දයකු ඇසිඩ් මිශ්‍රිත සායම් තැවරීම නිසා සිතුවමේ පහළ ප්‍රදේශයට යම් යම් හානි සිදුවිය.

මොනාලිසා 1974 දී ජපානයට රැගෙන ගිය විටද එය ප්‍රදර්ශනය කළ ටෝකියෝ ජාතික කෞතුකාගාරයේ ආබාධිතයන් කෙරේ අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරේ උරණ වූ ආබාධිත කතක් සිය කෝපය නිවා ගත්තේ මොනාලිසා මත රතු සායම් තැවරීමෙනි. කෙසේවෙතත් සිතුවමට හානියක් නොවීය.

කාන්තාවන්ගෙන් ඇයට කරදර පැමිණෙන්නේ ඉරිසියාවට දෝදැයි සිතේ. 2009 අගෝස්තු 02 වනදාද ඇයට රුසියානු කාන්තාවකගෙන් අතවරයක් සිදුවිය. ඒ එම රුසියානු කතට ප්‍රංශ පුරවැසි භාවය ලබා නොදීමට එම රජය ගත් තීරණයට කෝප ගත් ඇය කෝපය පිට කරන ලද්දේ මොනාලිසාගේ පිටිනි. ඇය කෞතුකාගාරයෙන්ම මිලයට ගත් මග් එකකින් මොනාලිසා වෙත දමා ගසන අතර වාසනාවකට මෙන් මොනාලිසා තැන්පත් කර ඇති ආරක්‍ෂිත ආවරණයේ කලින්ද පැවසූ වීදුරුව ශක්තිමත් නිසා ඇයට කරදරයක් නොවී මග් එක කුඩුවී ගියේය.


තුන්හිතකින්වත් මොනාලිසාට කරදරයක් නොකර ඇය වෙනුවෙන් කරන දේවල් නිසාද ඇයට යම් යම් උපද්‍රව සිදුව තිබේ. මොනාලිසාට දැන් ඇහි බැම නැති වූවත් ලියනාඩෝ ඇයට ඇහි බැමද තැබීමට අමතක නොකළේය. එහෙත් වැඩි හොදට 17 වන සියවසේදී පමණ කරන ලැදැයි කියන ප්‍රතිසංස්කරණයකදී එම ශිල්පියා භාවිතා කරන ලද දියරයක් නිසා ඇහිබැම මැකී ගියේය. මෙ‍සේ ඇහි බැම පමණක් මැකීයන්නට හේතුව ලෙස පවසන්නේ ලියනාඩෝ සිතුවම ඇහිබැම තියන ලද්දේ අවසාන වශයෙන් හා ඒ සිතුවම වියළුන පසුව වීම බවයි.

එ‍සේම මොනාලිසාට තවත් හොද පෙනුමක් ලබා දීමට සිතුවම රාමුකරන ලද ඕක් රාමුවේ භාවිතා කරනලද හරස් රීප්ප වලට යොදා ගත් බීච් ලී කෘමින් කාදැමීමට යාමෙන්ද 1951 සහ 1970 ගණන් වල සිතුවමට හානි සිදුවන්නට ගොස් තිබේ.

2011 නොවැම්බරයේ සිට 2012 පෙබරවාරි දක්වා ලන්ඩනයේ The National Gallery හි ලියනාඩෝගේ ප්‍රදර්ශනයක් පැවැත්වුන අතර එහිදී ලෝකය පුරා විසිරී තිබූ ලියනාඩෝගේ සිතුවම් සහ අනෙකුත් නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කෙරුනි. එහෙත් එහිදී විශේෂිතම සිතුවම වූ මොනාලිසා නම් ප්‍රදර්ශනය කළ බවක් දැනගැනීමට නොමැත.

http://www.nationalgallery.org.uk/whats-on/exhibitions/leonardo-da-vinci-painter-at-the-court-of-milan

කෙසේවෙතත් ලියනාඩෝ‍‍ගේ මොනාලිසා හැරුන කොට සියළු නිර්මාණ එකතැන එකවිට දැකගැනීමට හැකිවූ  එකම හා ඇතැම්විට නැවත සිදුනොවිය හැකි අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය හදුන්වා දී තිබුනි.


1506 දී වෛද්‍ය විද්‍යාත්මක කායවිච්ඡේද්‍ය සිතුවම් ඇදීම හා ශරීර අභ්‍යන්තරය හැදෑරීම ලියනාඩෝ විසින් සිදුකරන අතර ලොව පළමුවෙන්ම‍ කළලය මවගේ ගර්භාෂයේ තිබෙන අයුරින් සිතුවම් කළ පුද්ගලයා ලෙසද ලියනාඩෝ ගරුත්වය හිමිකර ගනී. කාන්තාව යනු "ජීවයේ යතුර" බව ලියනාඩෝගේ මතය විය. සැබැවින්ම එය ලෝ පතල සනාථන සත්‍යයකි. ලියා‍නාඩෝ විසින් 1504 දී මූලික්ත්වය ගෙන ඔහු හා සහායකයන් විසින් නිර්මාණය කරන ලද Leda and the Swan සිතුවම තුලදීද මාතෘත්වය සහ තවත් බොහෝ දේ සැගව තිබේ.

එහෙත් කණගාටුවට කරුන නම් මෙම සිතුවමේ මුල් සිත්තම දැන් විනාශ වී ගොස් හෝ අතුරුදහන්ව තිබේ.
http://en.wikipedia.org/wiki/Leda_and_the_Swan_%28Leonardo%29

තවත් අසාමාන්‍ය සිතුවමක් වන The Virgin and Child with Saint Anne හි බොහෝ දේ සැගව ඇති බව මනොවිද්‍යාවේ පියා තර්ක කරයි.එනම් ලියනාඩෝගේ සමලිංගික රුචිකත්වය ඔහුගේ කුඩා අවධියේ සිටම ඇතිවූ දෙයක් ලෙස ඔහු විසින් ලියනාඩෝගේ The Codex Atlanticus (Atlantic Codex) නම් අත්පිට‍පතෙහි සදහන් කරුණු හා මෙම සිතුවම ගැඹුරින් විශ්ලේෂනය කිරීමෙන් ලැබෙන සැගවුන අර්ථයන්ගෙන් එය නිරූපිත වන බවට ඔහු තර්කයක් ඉදිරිපත් කරයි.

http://en.wikipedia.org/wiki/Codex_Atlanticus - It seems uranous and rose are the love of my life and that I was always destined to be so deeply concerned with vultures — for I recall as one of my very earliest memories that while I was in my cradle a vulture came down to me, and opened my mouth with its tail, and struck me many times with its tail against my lips.

http://en.wikipedia.org/wiki/Leonardo_da_Vinci,_A_Memory_of_His_Childhood

එසේම ඔහු විසින් සිතුවම් කරනා ලද පිරිමින් නිරූපනය වන පින්තූරවල පුන පුනා කාන්තා ශරීර ලක්‍ෂනද නිරූපනය වන අතර එයින්ද ඔහු තුළ තිබූ සමලිංගික රුචිකත්වය නිරූපනය වන බව ඔහු පිළිබදව සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අධ්‍යයනය කළ විද්වතුන්ගේ මතයයි.

තවද ඔහු‍ගේ සිතුවම් බොහෝමයක ලිංගික ව්‍යාකූලත්වයක් නිරූපනය වන බවද පැවසේ. එපමණක් නොව John the Baptist සිතුවමේ සහ තවත් සිතුවම් කිහිපයකම දක්නට ලැබෙන රැලි වැටුන කොන්ඩයක් ඇති පිරිමි රුව Salli ගේ රූපය බවට මතයක් තිබේ. 1515 දී සිතුවම් කරන ලද මෙම සිතුවම ලියනාඩෝගේ අවසාන සිතුවම ලෙසද සැලකෙන අතර එයත් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ලියනා‍ඩෝ ඇසුරු කළ මිතුරන්ද පසුකළෙක විශිෂ්ඨයන් ලෙස ගෞරවයට පාත්‍රවූ මිනිසුන් වූහ. ඔහුගේ එක් මිතුරෙකු වූයේ ගනිතඥයෙකුවූ Luca Pacioli වන අතර 1490 පටන් ලියනාඩෝ ඔහුගෙන් ගණිතය හැදෑරු බව පැවසේ. 1509 දී ප්‍රකාශයට Luca Pacioli  පත් කළ The Divine Proportion නම් ජ්‍යාමිතික ගණිත කරුණු ඇතුලත් පොතේ රූප සටහන් අදිනු ලැබුවේද ලියනාඩෝ ඩාවින්චිමය.



ලියනාඩෝගේ යුගයේදී සිතුවම් වල සංකේතාත්මක නිරූපණයන් බො‍හෝමයක් නිරූපනය වූ අතර ඇසට පෙනෙන සිතුවමට වඩා සැගවුන අර්ථයක් ඒවායේ වූයේය. උදාහරණයක් ලෙස Portrait of Cecilia Gallerani (The Lady with an Ermine, Mistress of Ludovico SforzaDuke of Milan) සිතුවම ගත්විට එහි දැක්වෙන Ermine නම් සත්ත්වයා යනු අපට පෙනෙන්නේ ඇයගේ සුරතලා ලෙස වුවත් එයට වඩා වෙනස් ගැඹුරු අර්ථයක් මෙහි තිබෙන බව පවසයි. එම සත්ත්වයාගේ සුදු පැහැය යනු පාරිශුද්ධත්වයයි. ඔහුගේ මස්පිඩු ඉල්පිනු බාහු වලින් බලය හා ලිංගිකත්වයත් නිරූපනය කර තිබෙන බව පවසන අතර මෙහි ආදරයෙන් තුරුළුකරගෙන සිටිමෙන් සංකේතාත්මකව නිරූපනය කර තිබෙන්නේ මෙම කාන්තාවගේ ස්වාමියා වූ Ludovico Sforza බව ලියනාඩෝගේ සිතුවම් පිළිබදව විශේෂඥ දැනුම ඇත්තන්ගේ මතයයි.

එසේම ලියනාඩෝ විසින් ඇන්දා යයි සැලකෙන එහෙත් අතුරුදහන්ව තිබූ තවත් චිත්‍රයක් මතුවූයේ පසුගිය ශතවර්ශයේදී එනම් 1958 දී ට්‍රන්ක් පෙට්ටියක් පතුලේ ඔහේ දමා තිබියදීය. මෙම සිතුවම එය හිමිව තිබූ අය මිලයට ගෙන තිබුනේ පවුම් 45 කටය. එහෙත් එහි නිර්මාපකයා ලියනාඩෝ බව දන්නේ නම් එය කොතරම් මිල වනු ඇත්ද? මෙම සිතුවම නමින් Salvator Mundi හෙවත් The Saviour of the World නම් වූ අතර ලියනාඩෝ විසින් 1513 දී මෙය සිතුවම් කරන ලදැයි පැවසේ. කාලය ඉක්ම යාම හා නොසැලිකිලිමත් කම මෙන්ම නොදැනුවත් කම නිසා පහත දැක්වෙන අයුරින් ලැබෙන අවස්ථාවේ තිබූ මෙම සිතුවම දක්‍ෂ සිතුවම් ප්‍රතිසංස්කරණය කරන්නන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා දෙවනුව දක්නට ලැබෙන ආකාරයට ලියනාඩෝ එදා සිතුවම් කළ වර්ණ හා තත්ත්‍වයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් කරන ලදි.




එසේම 1505 දී Florence හි Palazzo Vecchio බිත්තියක් මත ඔහුට අදින්නට භාර වූ 1440 දී සිදුවු අන්ගිහාරි යුද්දය පසුබිම් කර ගත් The Battle of Anghiari සිතුවමද ලියනාඩෝ විසින් භාවිතා කරන ලද ක්‍රමවේදයන් අසාර්ථක වීම නිසා අහිමිවූ සිතුවමක් සේ සැලකෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ එම සිතුවම ඇදි ස්ථානයේ ඉන් පසුව භාවිතා කළ frescoes පෘෂ්ඨයට ඇතුලතින් ඉතිරිව තිබෙනු ඇති බවයි.

http://en.wikipedia.org/wiki/The_Battle_of_Anghiari_%28painting%29The Battle of Anghiari (1505) is a currently lost painting by Leonardo da Vinci, at times referred to as "The Lost Leonardo", which some commentators believe to be still hidden beneath one of the later frescoes in the Salone dei Cinquecento (Hall of the Five Hundred) in the Palazzo Vecchio, Florence.

In March 2012, it was announced that a team led by Maurizio Seracini has found evidence that the painting still exists on a hidden inner wall behind a cavity, underneath a section of Vasari's fresco in the chamber.
http://www.nationalgeographic.com/explorers/projects/lost-da-vinci/
http://www.ibtimes.com/articles/312939/20120312/da-vinci-lost-painting-battle-anghiari-discovered.htm
http://www.calit2.net/newsroom/release.php?id=1967


කෙසේවෙතත් මෙම සිතුවමට අදාලව ලියනාඩෝ විසින් කරන ලද අධ්‍යයනයන් හා කටුසටහන් තවමත් ඉතිරිව තිබීම එක් අතකින් මහත් භාග්‍යයකි.




ලියනාඩෝ නැවත Florence සිට Milan බලා 1506 නැවත යන අතර එයට හේතුවන්නට ඇත්තේ 1504 දී ඔහුගේ පියා මිය යෑමෙන් පසුව ලියනාඩෝගේ අර්ධ සහෝදර සහෝදරියන් ඔහුට ගණන් නොගැනීමත් ඒ වන විට Florence හි තරඟකාරී තරුණ කලාකරුවන් සිටීම වැනි කාරණා වන්නට ඇත. එ‍යින් මයිකල් ආන්ජලෝ ප්‍රමුඛ වන අතර ඔහු නිරතුරු ලියනාඩෝව අවඥාවට ලක් කළ අතර කාන්තාවකට සම කර සමච්චලයකට ලක් කළ බව පැවසේ. තවද ඔහු ලියනාඩෝව හෑල්ලුවට ලක්කරමින් නිරතුරුවම ලියනාඩෝට නිර්මාණය කිරීමට අපොහොසත් වූ ලෝකට අශ්වයා පිළිබදවද ඇසූ බව The Life of Leanardo Da Vinci චිත්‍රපටියේ පවසයි. තවද රෆායල්ද ලියනාඩෝගේ සමකාලිනයෙකි. ඔහු ලියනාඩෝට වඩා වසර 30 කින් පමණ ලාබාල වූ අතර ඔහු හා ලියනාඩෝ අතර ගැටුම් කාරී නොවූ වාතාවරණයක් තිබූ බව පැවසෙන අතර  ඔහු ලියනඩෝගේ මොනාලිසා සිතුවම දැක  ඔහු අඩාවැලපෙන්නට තරම් කෙතරම් සංවේදීව තිබේ.
http://en.wikipedia.org/wiki/Raphael

ලියනාඩෝ මිලාන් වෙත යාමට පෙර ඒ වන විට ජීවත්ව සිටි එකම ඔහුගේ හිතවත්ම ඥාතියා වූ පියාගේ සොහොයුරු වන ෆ්‍රැන්චැස්කෝ මුන ගැසුන විට නැවත මිලාන් වෙත නොයන මෙන් දන්නා හැම අයුරකින්ම ලියනාඩෝට පවසා සිටියේය. එයට හේතුව මිලාන් හි ඒ වන විට පාලනය ගෙන ගිය ප්‍රංශ පාලකයන් ලියනාඩෝ සමගද තරහෙන් පසුවනු ඇතැයිද , ඒ නිසා ඔහුව මරා දැමීමට වුවද ඔවුන් පසුබට නොවේය යන කරුණ කියා පෑවේය.

එහෙත් නැතිවීමට යමක් නොතිබූ ලියනාඩෝ නැවත මිලාන් වෙත ගිය අතර ඔහුට තමන් කලකට පෙර නිර්මාණය කළ අවසන් භෝජන සංග්‍රහය සිතුවම දෙස බැලීමට සිත්විය. ඒ වන විට එය සිතුවම් කළ තාපසාරාමයේද ප්‍රංශ සොල්දාදුවන් පවා සිටි අතර ඔහු හැදැන ගත හැකි පූජකයෙකු හෝ එහි නොසිටියේය. ඔහු එය බැලීමට යනවිට එය දෙස බලා සිතුවම් කරන චිත්‍රශිල්පීන්ගේ බාගෙට ඇදි සිතුවම් විය. කෑමකාමරයක් වූ මෙහි කෑම සූදානම් කරමින් තිබූ අතර යාබද කුස්සිය සිතුවමට එපිටින් යාබදව තිබුනත් වටෙන් කෑම රැගෙන වැඩි දුරක් පැමිණීමට සිදුවීම ගැන ආහාර ගෙන පූජකයා මැසිවිලි නගමින් "මෙතන ඉක්මනටම දොරක් දාන්න ඕනෑ"යයි ලියනාඩෝ පිලිබදව නොදත් පූජකයා ලියනාඩෝටම පැවසීය. එයට හිස වැනූ ලියනාඩෝ තමන් විසින් ඇදි දැවැන්තම සිතුවම ආධුනිකයන් විසින් සිතුවමට නගා ඇති අයුරු බලමින්, සිනහසෙමින් එක් සිතුවම යම් දෙයක් නිවැරදි කිරීමට පින්සලෙන් රේඛාවන් කිහිපයක් ඇන්දා පමණි. එවිටම එක් සිසුවෙකු පැමිණි අතර ලියනාඩෝව හදුනාගත්තා පමණක් නොව විශ්මයට පත්ව අනෙක් සිසුන්ටද කෑගසා අඬ ගැසුවේය.

මිලාන් හි ප්‍රංශ බලධාරීන් ලියනාඩෝව පිළිගත්තේ මහත් හරසරිනි. ඉහළම පිළිගැනීමක් ලියනාඩෝට දුන් අතර ඒ අවධියේ මිලාන් පාලනය  ප්‍රංශ  ආණ්ඩුකාරවරයා කලාවට ලැදි පුද්ගලයෙකු වූ අතර ලියනාඩෝ යනු ඔහුට මහත් සම්පතක්විය. ඔවුන් ලියනාඩෝගෙන් මිලාන් වෙතම රැදී සිටින සේ ඉල්ලා සිටි අතර ලියනාඩෝ එය ප්‍රතික්‍ෂේප කළේ තමන් මාස තුනකට පමණ කාලයක් මිලාන් වෙත රැදී සිටින බවත් ෆොලොරන්ස් හි භාරගත් කොන්ත්‍රාතුවක් අවසන් කිරීමට තිබෙන බවත්ය. එහෙත් මිලාන් වෙතින් ලියනාඩෝ නික්ම යාමට අකමැතිවූ ප්‍රංශ බලධාරීන් ෆොලොරන්ස් හි අදාල නිළධාරීන් හා කතා කොට ලියනාඩෝ එහි භාරගත් කාර්යයෙන් නිදහස් කරගැනීමටද කටයුතු යෙදු‍වෝය. ඔහුට ප්‍රංශ බලධාරීන්ගෙන් ඉහළ සැලකිලි ලැබුන අතර ප්‍රංශ රජතුමාපවා ලියනාඩෝගේ චිත්‍රාගාරයට පැමිණි ඔහුගේ සිතුවම් නරඹමින් සතුටටත්, විශ්මයටත් පත්වූ‍ බව පැවසේ.

1513 සිට 1516 දක්වා ලියනාඩෝ රෝමයේ Pope Leo X වෙනුවෙන් සේවය කරන අතර ඒ එතුමාගේ සොහොයුරු සහ පාප් තුමාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී Giuliano de Medici යටතේය. එහිදී ලියනාඩෝට හොදින් ගරු සැලකිලි ලැබුනත් සතුටින් සේවය කළාදැයි සැක සහිතය.ඔහුට එහිදී මෘත ශරීර කපා ඒවායේ අභ්‍යන්තරය සිතුවම් කිරීම පාප් තුමාගේ අණ පරිදි තහනම් කෙරෙන අතර ඒ "මලවුන් මරණින් මතු ලබන ආත්මයට මෙය හානි කර ක්‍රියාවක්" යැයි පසමිනි.
http://www.sparknotes.com/biography/davinci/section9.rhtml

ලියනාඩෝ දැන් වයස 60 ඉක්මවූ වයස්ගත කෙනෙකි. ඔහුට බිරිදක්, දරුවන් නැත. ඔහුගේ මෙම ජීවිතයේ සන්ධ්‍යා කාලයේදී එම තනිකම දුරුකරමින් ප්‍රංශයේ එවකට රජකම් කළ Francis I රජතුමා ඔහුට ප්‍රංශයේ පදිංචියට ආරාධනා කරන අතර තරුණ රජතුමා ලියනාඩෝට සලකන්නේ පියකුට මෙනි. ඔහු ලියනාඩෝට ජීවත්වීමට සිය මාලිගයට යාබදවම පිහිටි මන්දීරයක් ලබා දෙන අතර මෙම මන්දීරය හා රජමාලිගය අතර උමං මඟක්ද තිබූ බව පැවසෙන අතර ඒ අවශ්‍ය ඕනෑම විටක රජතුමාට ලියනාඩෝව හමුවීමටයි. රජතුමාද ලියනාඩෝට ඉතා හොදින් සලකන අතර වරක් ලියනාඩෝ විසින් තැනූ යාන්ත්‍රික සිංහයකුද රජතුමාට තිළින කරන අතර එය ලෝකයේ ප්‍රථම රෝබෝවරයා ලෙසද සැලකේ.

මේ අවධිය වන විට ඩාවින්චිගේ දකුණු අත ආශ්‍රිත ප්‍රදේශය අංශභාග තත්ත්වයකට පත්ව තිබූ බව ඇතැම් තොරතුරු වල සදහන්වේ. 1519 මැයි 02 දා ඩාවින්චි මෙලොව හැරගියේය. බොහෝ මූලාශ්‍ර වල සදහන් ආකාරයට ඩාවින්චි සිය අවසන් හුස්ම හෙලන්නේ එවකට ප්‍රංශයේ රජකම් කළ පෙ‍රද පැවසූ Francis I රජතුමාගේ දෑත මතය.
ලියනාඩෝ මිය ගොස් තිබෙන්නේ මෙම නිවස තුලදීය

කොතෙක්දුරට එය සත්‍යයක්ද, නැත්ද යන්න පැනයක් වූවත් මෙම අවස්ථව පසුකලෙක චිත්‍රශිල්පීන් කිහිප දෙනෙකු විසින්ම සිතුවමට නැගූහ. ඒ අතරින් Jean-Auguste-Dominique Ingres ඇදි සිතුවම වඩාත් ජනප්‍රිය සිතුවමක් වූයේය.
Jean-Auguste-Dominique Ingres1818 දී දුටු ලියනාඩෝගේ අවසාන මොහොත
 මේ වෙනත් චිත්‍ර ශිල්පීන් එම අවසාන ‍මොහොත දුටු ආකාරයයි



ඔහුගේ දේහය Chateau d’Amboise හි ශාන්ත ෆොලරන්ටයින් පල්ලියේ  තැන්පත් කළ අතර මරණයෙන් පසුවද වැඩි කාලයක් නිදහසේ සිටින්නට ඔහුට ඉඩක් නොලැබුනේය. 1562 දී ප්‍රංශයේ සිදුවූවායයි කියන ක‍තෝලිකයන් හා ප්‍රොතෙස්තන්තවාදීන් (Huguenots) අතර සටනේදී ප්‍රොතෙස්තන්තවාදීන් ෆොලරන්ටයින් පල්ලිය කඩා බිද දමන අතර එහි තැන්පත් කළ ඩාවින්චිගේ දේහය තැන්පත් කළ ස්ථානයටද හානිසිදුවන අතර 1700 අග භාගයේ සිදුවූ ප්‍රංශ විප්ලවයේදී පල්ලියේ ඉතිරිව තිබූ දේහයන්ට විප්ලවවාදීන් විසින් වෙඩිතබන ලද බවද පැවසෙන අතර සියළුම දේහ කොටස් සමූහ මිනී වලක වැලලූ අතර ඒ දේහයන් අතර ඩාවින්චිගේ දේහයේ අවශේෂ කොටස්ද වූ බව පවසයි. තවත් කතාවක කියවෙන්නේ 1860 දී ඩාවින්චිගේ දේහය හදුනාගත් බවත් එය Chateau d’Amboise හි ශාන්ත හර්බට් දේවස්ථානයේ තැන්පත් කර ඇති බවයි.
http://discoveringfrance.com/tag/chateau-damboise/


ලියනඩෝ ඩාවින්චි, "විශ්වයේ මිනිසා", ඔහු ගැන තව කතා කිරීමට බොහෝ දේ ඇත. එහෙත් මෙම ලිපිය පළ කිරීම තවත් පමා වන නිසා මෙම සටහන් මෙතැනින් තාවකාලිකව නවතන්නේ ඔබ හමුවේ ඉදිරි කාලයේදීද තැබිය යුතු තවත් කරුණු රැසක් සඟවාගෙනය.

මෙන්න පසුගිය දිනවල ඩාවින්චි ගැන පළ කළ අනෙක් සටහන්. මේවාද මෙම ලිපියට ප්‍රයෝජනවත් වේවි.

ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි

ලොකු කතාවක පෙරනිමිත්ත - ලියනාඩෝ ඩාවින්චි විසින් ඇදි ලෝකප්‍රකට අතිවිශිෂ්ඨ සිතුවම් සහ ඔහුගේ සටහන් පොතේ ඇති තාක්‍ෂනික මෙවලම් රැසක පින්තූර

මෙම දර්ශනීය පසුබිම් සේයාරූ ඉදිරියේදී ඔබට චිත්තරූප මවාවි - The Eye chatching Landscape Pictures of Italy

මෙන්න මේ මූලාංශ්‍ර වලිනුත් මේ ලිපියට අවශ්‍ය කරුණු අඩු වැඩි වශයෙන් ලබා ගත්තා.
http://www.napoleon.it/rome/events
http://news.discovery.com/tech/leonardo-davinci-inventions-slideshow.html
http://en.wikipedia.org/wiki/Science_and_inventions_of_Leonardo_da_Vinci
http://www.gutenberg.org/files/7785/7785-h/7785-h.htm
http://www.chinaoilpaintinggallery.com/famous-artists-da-vinci-c-141_142/st-john-the-baptist-p-7991
http://www.thehistoryblog.com/archives/14881
http://bookishgirl.com.au/2012/02/15/art-and-maths-the-divine-proportion-of-luca-pacioli-with-drawings-by-leonardo-da-vinci/
http://en.wikipedia.org/wiki/Luca_Pacioli
http://www.monalisamania.com/crimesmain.htm  
http://en.wikipedia.org/wiki/Ch%C3%A2teau_d%27Amboise
http://en.wikipedia.org/wiki/French_Wars_of_Religion
http://en.wikipedia.org/wiki/French_Revolution

මෙන්න මේ වාර්තාමය චිත්‍රපටිද මෙම ලිපිය වෙනුවෙන් භාවිතා කළා -
Leonardo Da Vinci The Mona Lisa - Documentary
The Life of Leonardo da Vinci
Leonardo da Vinci- -Dangerous Liaisions
Leonardo da Vinci- -The Man Who Wanted to Know Everything
Da Vinci - The Lost Treasure (BBC)

මෙම ලිපිනයෙන් ඩාවින්චිගේ සිතුවම් සේම ඔහු සටහන් පොතේ තබන ලද විවිද උපකරණ වල රූප අනුරූ බවට පත් කර ප්‍රදර්ශනයට තබා තිබූ අවස්ථාවක් දැක ගත හැකිය.
Da Vinci Experience & 25 secrets of the Mona Lisa- http://www.youtube.com/watch?v=2xTZFEffwno

48 comments:

  1. හෙමිහිට කියවන්න ඕනෙ.....
    මේ වෙනුවෙන් වූ ඔබේ වෙහෙස ඉහළින්ම අගය කරනවා.
    බොහොම ස්තූතියි දිනේෂ්..

    ReplyDelete
    Replies
    1. කල්වේලා අරගෙන කියවන්න තව සතියකට වැඩි යමක් ලියන්න හිතාගෙන ඉන්නේ නැතිනිසා කලබලයක් නැතුවම කියවන්න...

      Delete
  2. පුදුමාකාර මනුස්සයෙක් ගැන අගේ ඇති විස්තරයක්...
    ඩාවින්චි ගැන අහල තිබුනට එතුමන්ගෙ චිත්‍ර ගැන අහල තිබුනට මේ ලිපියෙ තියෙන දේවල් වලින් නොදැන හිටපු ගොඩක් ගොඩාක් දේවල් දැන ගත්ත,
    මෙච්චර වටිනා දීර්ඝ විස්තරයක් කරපු දිනේෂ් ට අනිවාර්යයෙන් ම ගොඩක් තුති..!
    ඒ වගේම මේකෙ ඊලඟ කොටස දානකන් අපි බෝම කුතුහලයෙන් බලං ඉන්නෝ ඕං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියී! හැබැයි ඒ කොටසට තව ටික දවසක් යාවි...

      Delete
  3. ස්තුතියි...ඔබසතු කලාව විදිමේ සහ ඉදිරිපත් කිරිමේ හැකියාව පිළිබද සතුටුවෙමි..ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් ඔබ කියන දේ ඇත්ත මේ විශය පිළිබදව රසවින්දනයක් නැතුව ඒ ගැන හරියටම ලියන්න අමාරුයි...

      Delete
  4. සෑහෙන දිගයිනෙ... ඒත් අකුරක් නෑරම කියෙව්වා.. බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් හැමදාම දීර්ඝ ලිපි ඉල්ලන නිසා එපා වෙන්නම කියවන්න දුන්නා.

      Delete
  5. naturally like your website however you have to take a look at the
    spelling on quite a few of your posts. Several of them are rife with spelling issues and
    I in finding it very troublesome to tell the truth however I will certainly come back again.
    My web blog : email lists

    ReplyDelete
  6. අඟනා ලිපියක්. ‍Da vinci ගේ ලිපි පෙල ඔබ පෙල ගස්වන්නේ පුදුමාකාර කුතුහලයක් ඇති වන ආකාරයටය. එය කෙතරම්ද නම් සැමදා උදේ සවස ‍මෙම වෙබ් අඩවියට පැමිනෙන් අදාල ලිපිය ඔබ පල කර ඇත්දැයි මහත් ‍බලාපොරාත්තුවෙනි.

    ලිපිය කෙතරම් දීර්ඝ වුවත් හැ‍‍‍ඟෙන්නේ එහි තවත් තිබුනා නම් හොඳයි නේද යන සිතුවිල්ලෙනි. ‍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්ත වශයෙන්ම තවත් කරුණු ඕනෑතරම් තිබෙනවා ඩාවින්චි ගැන කියන්න ඒත් හැම එකම මේ ලිපියදී ලියන්න ගියොත් තවත් කල් යන නිසයි මේ තත්ත්වයෙන් ලිපිය පළ කළේ එම කරුණුද සහිත තවත් ලිපියක් ලගදීම පළ කරන්නයි බලාපොරොත්තුව....

      Delete
  7. මමත් හිමීට කියවනවා. දැනට අනිත් අයටත් දැන ගන්න ෂෙයා කරලා දානවා.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔන්න බුද්ධි බලාපොරොත්තුවෙන් සිටි ලිපිය හැබැයි ඔබ කියූ අර කතුර වගේ උපකරණය මීට කලින් ඩාවින්චිගේ සිතුවම් හා යුද උපකරණ සටහන් පිළිබදව පළ කළ ලිපියේ තිබෙනවාදැයි බලන්න්...

      Delete
  8. මලිති අකුරු දාගෙන ඇවිත් කියවන්න බලන්නම්. නැත්නම් කියැවීම අමාරුයි දිග නිසා.

    ReplyDelete
    Replies
    1. මලිති අකුරු install කළ විටත් ගැටළුකාරී නම් කියන්න නැවත පැරණි අකුරු වලින් දිස්වන සේ සකසන්නම්. මේ අත්හදා බැලීමක් විතරයි. කියවන්න අපහසු නම් ඕනෑම අවස්ථාවක නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු යොදනවා...

      Delete
  9. වටිනා ලිපියක් දිනේශ්.ඔබේ උත්සාහය මම අගය කරනවා. ඩා වින්චි මගෙ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක්,ඒ වගේ මොනාලිසා ගැන උනන්දුවෙන් විස්තර හොයන කෙනෙක් මමත්..
    The last supper කියන්නෙත් සැගවුනු අදහස් ගනනාවක් ගැබ් වෙලා තියෙන අපූරු නිර්මාණයක් විදිහට මම අහල තියෙනවා.
    ඩා වින්චි ඇදලා තියෙන මරියතුමිය සහ ඇය ආශ්‍රිත කරගෙන කරල තියෙන නිර්මාන(Virgin of the Rocks,Madonna Litta,Madonna of the Carnation) අදහස් ප්‍රකාශ කිරීම අතින් විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් The last supper පිළිබදවත් සෑහෙන්න තොරතුරු තව තියෙනවා. ඒවා ඉදිරි ලිපියකදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙනවා. ඩා වින්චිගේ රූප ගැන නම් කියන්න වචන නැහැ. කලාත්මක අතින් වගේම ඒවායේ සැගවී ඇති තොරතුරු අපමණයි.......

      Delete
  10. නියම ලිපියක්.ලොකු මහන්සියක් ගන්න ඇති මේක සකස් කරන්න.බොහොම ස්තූතියි.

    මම හිතන්නෙ ඩාවින්චි දුකෙන් හිටපු කෙනෙක්.ඔහු හිතුවෙවත් නැතුව ඇති මේ වගේ ප්‍රසිද්ද කෙනෙක් බවට ඔහු පත්වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් සෑහෙන්න මහන්සියක් ගත්තා, විවිද තොරතුරු කියෙවීමෙන් පමණක් නොවේ ඩාවින්චි පිළිබද වාර්තාමය චිත්‍රපටි රැසක්ම මේ වෙනුවෙන් බැළුවා. එපමණක් නොව ඇතැම් චිත්‍රපටි වල ජවනිකා කිහිප විටක්ම බැළුවා නියමම තොරතුරු මේ වෙනුවෙන් ලියන්නට.

      දෙවනුව ඔබ කියලා දේ මටත් හිතුවා ඩාවින්චි දුකෙන් හිටි කෙනෙක් වන්නට ඇති බව මොකද ඔහුට පවුල තුලින් ලැබුනේ හොද සැලකිල්ලක් නෙමෙයි. ඒ වගේම ඔහු ජීවතුන් අතරේ සිටියදී නොසිතනන්නට ඇති අනාගතයේ තමන් මෙතරම් විශිෂ්ඨ පිළිගැනීමකට ලක්වේදෝ යන බවත්...

      Delete
  11. වටින ලිපියක් . . මේ ලිපි සිංහල විකිපීඩියා එකට දාලද තියෙන්නේ දිනේශ්?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නැහැ, සිංහල විකිපිඩියාවට නම් එකතු කර නැහැ...

      Delete
  12. ඩාවින්චි ගැන අන්තර්ජාලය තුළ කියවන්නට ලැබුණු ඉතාමත් සවිස්තරාත්මක ලිපිය මෙයයි.. මෙවැනි ලිපි වෙනුවෙන් ඔබ දරණ වෙහෙස අවංකවම ප්‍රශංසනීයයි... නිතර කොමෙන්ට් නොකළත් ඔබගේ බොහෝ ලිපි ආසාවෙන් කියවනවා.. ටෝල්ස්ටෝයි ගැනත් මෙවැනි ලිපියක් ලිවිමට හැකි නම් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉංග්‍රීසියෙන් කෙසේවෙතත් අන්තර්ජාලයෙන් හා සිංහල මෘදිත මාධ්‍ය වලදී සිංහලෙන් මේ වන තෙක් ලියන ලද සවිස්තරම වාර්තාව මෙය විය යුතුයයි මාද සිතමි. ඒ තරමටම මා මේ වෙනුවෙන් වෙහෙසුනි. දළ වශයෙන් කියනවා නම් මේ මුළු ලිපි‍ය කිසිදු පින්තූරයක් නොමැතිව Word document එකකට ගතහොත් එහි පිටු 23 ක් තිබුනි. ඉදිරියේදී ටෝල්ස්ටෝයි ගැනත් සුදුසුම විටකදී මෙහි ලියා පළ කරන්‍නට සිතට ගත්තෙමි...

      Delete
  13. මේක මට මිස් උනා නේ.... දැනුයි බැලුවේ....

    මේ විස්තර ටික හොයා ගන්න මම ඔලෙවල් කරන කාලේ ඉදලා ඉස්කෝලෙන් අවුට් වෙනකම් පත්තර පිටු කැපුවා....
    ඒක නිසා ගොඩක් විසතර අදටත් මතකයි... ඒත් මේ ලිපිය ආසාවෙන් කියෙව්වා.... දිගයි කමයි.... ඒත් ආසයි....

    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් මොකක්දෝ කාරණයකට මේ ලිපිය ගොඩක් අය දැන සිට නැහැ. කොහොමවුනත් ඩාවින්චි ගැන උනන්දුවෙන කෙනෙක් විදියට ඔබට මෙම ලිපිය සිත සතුටු කරන්න ඇති...

      Delete
  14. දිනේෂ්ගෙ අළුත්ම ලිපිය හරහායි මෙහෙට එන්න පාර සොයා ගත්තෙ... මං මේක දකින්නෙ නැතිව බලන් හිටියා මේ ලිපිය පළවෙනතුරු....
    සෑහෙන ආසාවකින් මේ විස්තර ටික කියෙව්වෙ එක හුස්මට.... ඩා වින්චි (ඇත්තටම මේ නම නිවැරදිව උච්ඡාරණය කරන්නෙ ඩා වින්චි කියලද ඩා වින්සි කියලද... මං ඒ දෙකම අහලා තියෙනවා...) ගැන විස්තර අතරින් පතර කියවලා තිබුණට මේ වගේ එකට පල කෙරුනු ලිපියක් කියෙව්වාමයි මම... හරිම අපූරුයි.... මේ වෙනුවෙන් කාලය වැය කර ලිපිය ලීව ඔබට පින්.... අනිත් විස්තර ටිකත් හැකි විගස පල කරාවි කියලා බලාපොරොත්තු වෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මට මතකයි ඔබ කාලෙකට ඉස්සෙල්ලත් සත් සමුදුරට ආවා විද්‍යාඥයන් පිළිබදව ලිපි පෙල තිබුන කාලෙත්. සිංහල පමණක් නොවේ ඉංග්‍රීසි විඩියෝ වල පවා ඩාවින්සි හා ඩාවින්චි යන දෙආකාරයටම උච්චාරණය කරනවා. ඉදිරි දිනක තවත් නොදන්නා ‍තොරතුරු ඩාවින්චිගේ නිර්මාණකරනය පිළිබදව ගෙන එන්නට බලාපොරොත්තුවෙනවා...

      Delete
    2. ඉතාලි භාශාවෙන් CI අකුරු ශබ්ද වෙන්නෙ "චි" ලෙස
      ඉන්ගිරීසි හෝ ප්‍රංශ භාශාවෙ එය "සි" ලෙස ශබ්ද වෙනවා
      අපූරු ලිපියක්!

      Delete
    3. ස්තූතියි! එසේනම් මෙම දෙආකාරයෙන් මොනවිදියට කිව්වත් වැරැද්දක් නැහැ එහෙනම්...

      Delete
    4. ඇත්තටම සහෝ. අපි ක්‍රිකට් බලද්දි ටෝනි ග්‍රේග් එනවුන්ස් කරන්නෙ අපේ ක්‍රීඩකයන්ගෙ නම් "කුමාර් ධර්මසීන, රොමේශ් කළුවිතරාණ" ඒ වගේ. ඒ අකුරු එයාලගෙ භාශාවෙ හැටියටනෙ උච්චාරණය කරන්නෙ.
      ඉතාලි ජාතිකයෙක් නිසා, ඉතාලි ජාතිකයඉන් උච්චාරණය කරන හැටියට කියනවා නම් "ලෙයොනාර්දො දා වින්චි" මොකද ඉතාලි භාශාවෙ "ඩ" යන්න ශබ්ද වෙන්නෙ නැති නිසා

      Delete
  15. අති විශිෂ්ඨයි දිනේෂ්..බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මට නිතරම කමෙන්ට්ස් දාන්න බැරි උනත් මම ඔයාගෙ හැම ලිපියක්ම වගේ කියවනව..විශේෂයෙන් ලෝක යුද්ධ වගේ අතීත සිදිවීම් ගැන..ඔක්කොම ලිපි අතරින් ඉතාමත් වටින විශිෂ්ඨම ලිපියක් තමයි මේක..ඇත්තටම විශිෂ්ඨයි..

      මොනාලිසා දෑත් කුස මත තබා සිටීමක් ගැන විද්වතුන් කතා කළත් ඇයගේ වම් අත තියෙන්නෙ පුටු ඇන්දක් වැනි යමක් මත නේද? දකුණු අත තියෙන්නෙ වම් අත මත. මොනාලිසා පුටුවක් උඩ වාඩි වී සිටියා නම් පුටු ඇන්ද මත අත් තබාගෙන මෙවැනි ඉරියව්වකින් සිටීම සාමාන්‍යයි කියල තමයි මට නම් හිතෙන්නෙ.

      මේකෙ ෆේස්බුක් නමින් කමෙන්ට්ස් දාන්න බැරිද?

      Delete
    2. ස්තූතියි! මොනාලිසා සිතුවමත් විසදන්න අමාරු ප්‍රහේලිකාවක් වගේ තමයි. මොකද ඒ තරමටම විවිද මත තිබෙනවා මෙම සිතුවමේ අගලක් නෑරම.

      Facebook විදියට නම් බැහැ මා දන්නා තරමින්. ඒත් තව ක්‍රම කිහිපයක්ම තියෙනවා.

      Delete
  16. දීපාල් සහෝ ඉතාම වටිනා ලිපියක්. මම එක හුස්මට කියෙව්වා. මම ජීවත් වන්නෙත් ඔය වෙනිස් නගරයේ. උඩ සඳහන් "බර්තොලමේයෝ කොලෙයෝනි" ප්‍රතිමාව පහු කරගෙන මම දහස් වාරයක් ඇවිශගෙන ගිහින් තියෙනවා. ඒත් එක මොහොතකට නැවතිලා රස විඳ ගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. මේවයෙ වටිනා කම දැනෙන්නෙ මෙහෙම කියවද්දි තමා. මම චායාරූපයක් අරගෙන ඔබට එවන්නම්. ගොඩාක් ස්තුතීයී මේ වටිනා කියන ලිපියට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබට හැකියාවක් තියෙනවා නම් මට ඒ සේයාරුව එවන්න. එය ඉතා හොද සිහිවටනයක් වේවි මේ ලිපිය සමගම. තවත් ලිපියක් ඉදිරියේදී ලියනවා ලියනාඩෝගේ ‍සිතුවම් වල සැගවුන දේවල් ගැන...

      Delete
    2. ඔබ වෙනුවෙන් මම මගෙ ජංගම දුරකථන්යෙන් ලබා ගත්තා එහි සේයා රූ කිහිපයක්. ඒ වගේම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට ගිය මාගේ මිතුරෙක් විසින් ඔහුගේ දහස් සංක්යාත චායාරූප අතරින් මට ලබා දුන් සේයා රූ කිහිපයක් එවන්නම්.

      Delete
    3. මට ඊමේල් ලිපිනයක් එවන්න.

      Delete
    4. ස්තූතියි මිතුර, මෙන්න මගේ email ලිපිනය - dguruge@gmail.com

      Delete
  17. විශිෂ්ඨ ලිපියක්. මට පොඩි ගැටළුවක් තියෙනවා. මුලින්ම ඩාවින්සිගේ පින්තූරයක් කියලා දාලා තියෙන රූපය ප්ලේටෝගේ රූපයක් නේද ??

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරය මොවුන් දෙදෙනාගෙම නොව ලියනාඩෝ විසින් ඇදි යේසුස් වහන්සේගේ පින්තූරයක් තමයි මේ. මේ පින්තූරය 1950 ගණන් වෙනකම් අතුරුදහන් හෝ කාගෙවත් අවධානය යොමුනොවී තමයි තිබුනේ. වැඩි විස්තර ඕනේ නම් Da Vinci - The Lost Treasure (BBC) චිත්‍රපටිය බලන්න...

      Delete
    2. මුලින් ඇති පින්තූරය කියලා මම කිව්වේ සටහනේ මුලින්ම තිබෙන දකුණු අත ඔසවාගෙන වම් අතින් පොතක් තබාගෙන ඉන්න වයසක පුද්ගලයාගේ රූපය. මට මතක විදිහට ඇතැන්සිහි ගුරු කුලය කියන චිත්‍රයේ තියෙන ප්ලේටෝගේ රූපයනේ ඒක.

      Delete
    3. හරි දැන් තමයි මට ඔබ මොකක් ගැනද මේ කියලා තියෙන්නේ කියලා තේරුනේ. ඒ පින්තූරය මත click කරන්න. එවිට ඔබට එහි වම් පසින් සටහන් කර තිබෙන විස්තරය කියෙව්වාම මේ පින්තූරයෙන් අදහස් කළේ කුමක්දැයි වැටහේවි...

      Delete
  18. Thank you for some other excellent post. Where else may just anyone get that kind of information in such an
    ideal manner of writing? I have a presentation subsequent week, and
    I'm on the search for such info.
    my web page - my blog spark

    ReplyDelete
  19. One Of The Greatest Articles I have ever Read. All the very best for your future Brother..!!

    ReplyDelete
  20. හොඳ ලිපියක් . ස්තුතියි

    ReplyDelete