මෙහි මූර්තිකරුවා ප්‍රංශ ජාතික Frederic-Auguste Bartholdi වන අතර ඉංජිනේරුවරයා (Structural Engineer) ලෙස Gustave Eiffel කටයුතු කර ඇත.මෙයින් නිරූපනය වන්නේ රෝම ජාතිකයින් නිදහසේ දෙවඟන ලෙස සැලකූ Libertas වේ. මෙම ප්‍රතිමාවේ එක් අතක ගිනි සිළුවක්ද (torch) හා අනෙක් අතින් tabula ansata ලෙස හදුන්වන නීතිය පිළිබද ලියවුන පුවරුව දරා සිටි. අඩි 300 කටත් වඩා උසින් යුතු ඇමරිකාවේ අනගිබවනීය සංකේතයක් වන මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නුවර, නිව්යෝර්ක් වරායේ පිහිටා ඇති Liberty Island වේ.
1875 දී පමණ මුලින් කොටස් කිහිපයක් ඇමරිකාවට ගෙන එන ලද අතර ඉතිරි කොටස් රැගෙන ඒම හෝ ප්‍රතිමාව එකලස් කිරීමක් 1886 වන තෙක් සිදුනොවූ අතර එයට හේතුව ලෙස දක්වන්නේ මූලම්‍ය ගැටළු හා ප්‍රතිමාව තැබීමට ස්ථානයක් නොලැබීමයි. මෙම ප්‍රතිමාවේ ගිනිසිළුව රැගත් අත පමණක් නිව්යෝර්ක්හි Madison Square Park හිදී 1876 සිට 1882 දක්වා ප්‍රදර්ශනය කරනු ලැබීමද සිදුකර තිබෙනවා.
1884දී සියළු වැඩ නිමවුන මෙය ප්‍රංශ නැවක් වන "Isere" මගින් 1885 ජූනි 19 වන දින නිව්යෝර්ක් වරායට කොටස් 350 කට වෙන්කර ඒවා ඇසුරුම් පෙට්ටි 214 ක බහා ගොඩබා තිබේ. මේකොටස් නිව්යෝර්ක් හි Bedloe's Island හි වන අතර එය පසුව 1956 දී Liberty Island ලෙස නම් කර ඇත. මෙම ප්‍රතිමාවේ අඩි 89 ක් වන පාදම ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පී Richard Morris Hunt විසින් නිර්මානය කොට ඇත.
Pedestal completed on April 22, 1886. |
1886 ඔක්තෝබර් 28 වන දින ඇමරිකාවේ ජනපති Grover Cleveland මහතා විසින් මෙය විවෘත කර ඇත. ලිබර්ටි ප්‍රතිමාව 1886 සිට 1902 දක්වා ප්‍රදීපාගාරයක් ලෙසද ක්‍රියාත්මකව තිබේ. 1984 දී මෙම ප්‍රතිමාව ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කරන ලද අතර වසරක සංචාරකයන් මිලියන 3.2 ක් පමණ නැරඹීමටද පැමිනෙන බව පැවසේ.
කෙසේ වෙතත් 1984 සිට 1986 දක්වා සංචාරකයන්ට මෙය වසා දැමුන අතර එම කාලසීමාවේදී ගිනිසිළුවේ හා ප්‍රතිමාවේ අභ්‍යන්තරයේ විශාල කොටසක නැවත ප්‍රතිස්ථාපනය කිරීම් සිදුකල බවද පැවසෙන අතර එයට අමතරව එම අවස්ථාවේ ගිනි සිළුවේ පිටත පැත්තෙන් රන් ආලේපයක් සිදුකර ඇති නිසා රාත්‍රී කාලයේ නිව්යොර්ක් වරායට ගිනි සිළුව දිලිසෙමින් දිස්වෙන බවද කියයි.
2001 සැප්තැම්බර 11 ප්‍රහාරයෙන් පසුවද ටික කලක් ආරක්‍ෂක හේතුන් මත මෙය වසා දමා තිබේ. 2004 දී පාදම කොටස වෙත සංචාරකයන්ට පැමිණීමට නැවත අවස්ථාව ලබාදී ඇති අතර 2009 දී ප්‍රතිමාව තුලට පැමීනීමට අවස්ථාව ලබා දී ඇත. සීමිත පිරිසකට වරකට මෙහි ඔටුන්න තුලටද යාමට අවසර ලබා දී ඇත. එසේම 1916 න් පසුව ගිනි සිළුවේ බැල්කනි ප්‍රදේශය වෙත යාමේ හැකියාව ඇත.
රන් ආලේපිත දිලිසෙන ගිනි සිළුව |
ගිනි සිළුවේ බැල්කනිය |
දෙවන ලෝක යුද සමයේ ප්‍රතිමාවට ආරක්‍ෂා කල හැටි |
2001 සැප්තැම්බර් 09 ප්‍රහාරය අවස්ථාවේදී |
ඔටුන්න ඇතුලත සිට |
The Statue of Liberty copy on the river Seine in Paris, France. Given to the city in 1885, it faces west, towards the original Liberty in New York. |
මෙම ලිපියෙන් ඇත්තටම මුලින් අදහස් කලේ ලිබර්ටි ප්‍රතිමාවේ ඔබ නොදුටු දුර්ලභ ඡායාරූප රැසක් පෙන්වීමටයි. එහෙත් එයට මෙම විශිෂ්ඨ නිර්මානය ගැන තොරතුරු එක් නොකලොත් අඩු පාඩුවක් නිසා එයින් තරමක් විස්තර මෙහි ඉදිරිපත් කර ඇති අතර පහත දැක්යෙන වෙබ් අඩවි වලට පිවිසීමෙන් තව කාරණාරැසක් ගැන දැනගත හැකියි...
http://www.jssgallery.org/Other_Artists/Richard_Morris_Hunt/Statue_of_Liberty.htm
http://www.knowledgerush.com/kr/encyclopedia/Statue_of_Liberty/
http://en.wikipedia.org/wiki/Statue_of_Liberty
http://www.endex.com/gf/buildings/liberty/libertyfacts.htm
http://www.cr.nps.gov/history/online_books/hh/11/hh11g.htm
http://www.si-web.com/Statue.html
http://www.endex.com/gf/buildings/liberty/libertyfacts/LibertyTorch.htm
ලිපිය කෙටි වුණත් පින්තූර ටිකයි විස්තරෙයි හුඟක් වටිනව.
ReplyDelete@උදාර - ස්තූතියි!!!
ReplyDeleteඇයි දන්නැ ප්‍රන්සෙ කට්ට්ය මේක උන්ගෙ රටෙ තියාගන්නැතුව වෙනරටකට දුන්නෙ නේද. දිනෙශ් අය්යා ඇත්තටම 1million dollar කොලයක් තියනවද තියනවනම් ඒකෙන් 1ක් හොරට ගහ ගත්තනම් කොහොමට තියෙයිද
ReplyDelete@Theekshana - මෙන්න මේ තර්කය තමයි ඒකියන දේට ගොඩනගන්න වෙන්නේ ප්‍රංශය ඒ කාලයේ එංගලන්තය සමග තරහ නිසා එංගලන්තයෙන්, ඇමරිකාව නිදහස ලබා ගැනීමේ ප්‍රීතියට වෙන්න ඇති ප්‍රතිමාව දෙන්න ඇත්තේ. දෙවනියට අහල තියෙන දේ නම් බැරෑරුම් කාරණයක් නිසා ඒකට උත්තරටක් දෙන්න අපහසුයි...
ReplyDeleteඅනගි ලිපියක්. දැන් නම් ප්‍රන්සෙට හිතෙනවා ඇති දුන්න මෝඩ කම කියල
ReplyDelete@Bindi - ස්තූතියි! හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඇමරිකාව ප්‍රංශයට ඔවුන් අමාරුවේ වැටුන අවස්ථාවල සෑහෙන්න උදව් කලා. විශේෂයෙන් දෙවන ලෝක යුද්දයේදී ඇමරිකාව උදව් කල නිසා තමයි ප්‍රංශයට ජර්මන් පාලනයෙන් මිදෙන්නටත් හැකියාව ලැබුනේ...
ReplyDeleteමුලදි ප්‍රංශයයි එංගලන්තෙයි දෙකම ඇමරිකාව වෙනුවෙන් ගහගත්තා නේද? ඒකෙන් එංගලන්තෙ දිනුව. ප්‍රංශ කට්ටියට අකුලං එන්න වුණානේ... ඊට පස්සෙ තමයි ප්‍රංශෙ ඇමරිකාවට සපෝට් කරන්නෙ එංගලන්තෙට විරුද්ධව. ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඔය පිලිරුව.... මොනව වුණත් අපේ රටේ වුණත් පොඩි එකෙක්ගෙ පවා මතකයෙ රැඳුන නිර්මාණයක්. ඇමරිකන් චිත්‍රපටි වලත් සෑහෙන්න පෙන්නනවනෙ ඕක....
ReplyDeleteවැදගත් ලිපියක්... නිකන්ම පින්තූර දානවට වඩා විස්තර දාපු එක වටිනවා.....
ReplyDeletethank you
ReplyDelete@hare :-) - මේක ඇමරිකන්කාරයන්ගේ ජාතික සංකේතයක්වගේ දෙයක්. ඔවුන්ගේ මට පේන විශේෂත්වය තමයි තමන්ගේ ඉතිහාසය වසර 200 වගේ කාලයක් වුනත් තමන්ට හිමිවෙලා තියෙන සුළු ඓතිහාසික වටිනාකමෙන් යුතුදේවල් ඉතා කැපවීමෙන් රැකබලාගැනීම. අපිට ඕනැවටත් වඩා එවැනි සිහිවටන තිබුනත් ඒවා ආරක්‍ෂාකිරීම පිළිබදව තිබෙන තත්වය අමුතවෙන් කිවයුතු නැතුව ඇති...
ReplyDelete@හරී - ස්තූතියි! ඔව් පින්තූර පමණක් නැතිව සුළුවෙන් හෝ විස්තරයක් සටහන් කල යුතුයි...
ReplyDeleteතිලකා රන්දෙනි
ReplyDeleteහරිම අගෙයි. මට මතක් වුණේ අපේ රටේ පැරණි නිර්මාණ. නිර්මාණයයි වැදගත්. නිර්මාණකරුවා නොවෙයි. හැබැයි ඒ කාලේ හිටිය අයට ඒ තරම් නිහතමානී වෙන්න පු`ඵවන් වුණාට අපට එහෙම වෙන්න බැරි එකට ලජ්ජා විය යුතුයි නේද? පුංචි නිර්මාණයක් කරලා අප ප‍්‍රචාරයට කොයි තරම් සද්දයක් දානවාද?
බලාගෙන යනකොට අනන්‍යතාවය හංගා ගත් නිර්මාණයි සදාකාලික වී තිබෙන්නේ.
thilakarandeni.lk