මේ මාතෘකාව ඔස්සේ යමක් ලියන්නට සිදුවූයේ මීට දින කිහිපයකට පෙර මා ලියූ - අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු ලිපියට එක් පාඨක මිතුරෙකු නමක් සදහන් නොකර තබා තිබූ මෙම කමෙන්ටුව නිසාවෙනි.
//AnonymousSeptember 8, 2016 at 8:22 PM
ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා.
වෙන රටකට ගිහිල්ල හරි ඔර්කෙස්ට්‍රා එකක් ලයිව් අහන්න. සරල ගීත මොනවද කියල හිතෙයි.
පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් ඒකත් බලන්න.
Whiplash//
මා මෙම කමෙන්ටුවේ අවසානයෙන් අරඹන්නම්. ඔව් මම ඊයේ Whiplash සම්පුර්ණයෙන් බොහොම සාවධානව නැරඹුවා. ඔස්කාර් සම්මාන තුනකින්ම හිමිකම් කියන්නට සමත් වූ උසස් නිර්මාණයක්. විශේෂයෙන් සංගීත උපදේශක Fletcher ගේ චරිතය සහය චරිතය වූවත් ප්‍රධාන චරිතය අභිබවා එය හිතට දැනෙන ලෙස රඟපෑ J.K.Simmons රංඟනවේදීයාට සහය චරිතයට හිමි ඔස්කාර් සාම්මානය ලැබීම සාධාරණත්වය ඉටුවීමක්.
මෙම චිත්‍රපටිය තුලින් ලබාදෙන අප්‍රතිහත ධෛර්යය, කැපවීම පිළිබදව ආදර්ශය ඉහලයි. එහෙත් යම් ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ගේ ආත්මීය වටිනාකම් බැහැර කරමින්. මිනිසෙකු වෙනුවට යාන්ත්‍රික සත්වයෙකු බිහිකිරීම උචිතද යන කාරණය ගැන නම් ගැටළුවක් ඇතිවූවා.
එම කාරණයෙන් ඔබ්බට ගිය විට මෙම කමෙන්ටුවෙන් කියවුන සරල කලාත්මක නිර්මාණයක් තවදුරටත් වර්ධනය කරමින් හෝ ගුණාත්මක බව ලබාදීමට නව පරපුර උත්සහ දරද්දී එය යම් අවතක්සේරුවකට ලක්කිරීම සාධාරණදැයි සැකයක් මතුවේ. විශේෂයෙන් මා මෙම ලිපියෙන් පැවසූ වැඩසටහන් මා හොදයැයි සිතන නිසා අන්‍යයන්ද එසේ සිතිය යුතුයයි මතයක් මා තුල නොමැති බවද පවසන් අතරම අපගේ රටේ නිපැයෙන කුමක් හෝ කිසියම් ගුණාත්මක බවක් පෙන්වයි නම් එය අගය නොකරමින් පිටරටින් ලැබෙන සෑමදෙයක්ම අපට නොගැලපුනද? නොතේරුනද? යන්න පවා සැලකිල්ලට නොගනිමින් එක හෙලා හොද යයි කීම සුදුසුදෝ යන හැගීමද මතුවිය.
සාපේක්‍ෂව ගත්විට මගේ අදහස නම් අප රටේ ඉතිහාසය වසර දෙදහස් ගණනක් වුවද, විවිද කර්මාන්තයන්ගෙන්, විවිද ශිල්පීය නිපුනත්වයෙන්, එසේම කලා නිපුනත්වයෙන්ද එම වසර දෙදහස් ගණනක් උරුමය සහ ඉතිහාසය තිබුනද පසුගිය දශක පහක සහ අද තිබෙන තත්ත්වයට පත්වීමටට අපට පසුගිය සියවසේ තරමක් කාලයක් ගියපසු අරඹන්නට සිදුවූ බවක් හැගේ.
එයට විවිද හේතු විශාල වශයෙන් ඇතිමුත් කෙටියෙන් පවසමිනම්, පසුකාලීනව රාජ්‍යත්වයේ ඇතිවූ විවිද හැලහැප්පීම්, රාජධානී කෙටිකලක් තුල රටේ විවිද ප්‍රදේශ කර සංක්‍රමණය වීම, සහ යුරෝපීය ආක්‍රමණ නිසා විවිද ගතිලක්‍ෂන අපගේ ස්වදේශිකත්වයට සුභවාදී ලෙස ලැබුනාටත් වඩා ස්වදේශික ගති ආකල්ප, සංස්කෘතිය හා ආගම යනාදී සෑම කාරණයකට අහිතකර ලෙස මැඩපවත්වමින් ලැබීම ස්ථාවර තත්ත්වයක් මොනම ක්‍ෂෙත්‍රයක් කරා නොතිබීම ගතවූ වසර 500 ක පමණ කාලයක් එනම් 20 වන සියවසට පෙර වසර 500 ක පමණ කාලයක් තුල අපේ රටට ආවේණික ලෙස පරිණාමය නොවීම යන්න දැක්විය හැකිය. එහෙත් මෙම ඉතිහාසය තුල අපේ රටේ විවිද කලා නිර්මාණ විවිද කාල වලදී උසස් ලෙස නිර්මාණය නොවූ බවක් මෙයින් අදහස් නොකරන අතර විවිද නිර්මාණ මතු පරම්පරාවටද ආඩම්බරයක් විය හැකි ලෙස නිර්මාණය වූවද එය තවදුරටත් ක්‍රමිකව නොනවත්වා වර්ධනය කරගැනීමට ඉන්පසු බිහිවූ පරම්පරාවට හෝ ශිල්පීන්ට හැකිවූයේද යන්න පිළිබදව ගැටළුවක් පවතී.
20 වන සියවසේ මුල දී නීතිඥ ජෝන් ද සිල්වා මහතා නූර්ති හා නාඩගම් සම්ප්‍රධායන් ඇසුර කරගෙන කරන ලද ඓතිහාසිකා තේමාවන්ගෙන් යුතු නිර්මාණ ප්‍රධාන වශයෙන් අද පවතින ස්වදේශික කලාවේ මූලාරම්භයට ප්‍රධාන වශයෙන් දායක වන්නට ඇතැයි මේ පිළිබදව මා දන්නා සුළු දැනුම් ප්‍රමාණයෙන් හැගීමක් තිබේ. ඒ මහතාට අමතරව තවත් කලා ශිල්පීන් බොහෝමයක් ප්‍රකටව අප්‍රකටම මෙම සද්කාර්යයට කාලානුරූපව හෝ සමකාලීනව දායකවන්නට ඇති අතර එම හැරවුම් ලක්‍ෂය අද පවතින කලාවට මුල්ගලක් තැබුවා යයි නම් පැවසිය හැකිය.
සිංහල සිනමාව ගත්විටද, එයද මුලින් ඉන්දියානු ආභාශය සහ ඉන්දියාවේ තාක්‍ෂනික දායකත්වයක් නොමැතිව කරගෙන යාමේ හැකියාවක්ද නොතිබූ අතර පසුකලීනව ක්‍රමිකව අපේ රටේදීම අනන්‍යතාවයකින් යුතුව කරගෙන යාමේ තත්ත්වට ලගාකර ගත්තකි.
ඒ අනුව ගත්විට පිටරට ඔපෙරාවක්, නාට්‍යයක්, චිත්‍රපටියක් හෝ වෙනයම් කලා නිර්මාණයක් අපේ නිර්මාණ හා සන්සන්දනය කරමින් තවමත් දියුුණූවෙමින් පවතින අපේ රටේ දේ හෑල්ලුවට ලක්කිරීම සාධාරණදැයි සිතා බැලිය යුතුය.
සුභාවිතය, මෙරට ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට හැකිවීම සේම යම් ගුණාත්මක බවත් ඊයේට වඩා අදටත්, අදට වඩා හෙටටත් ලබාදෙන්නට කටයුතු කිරීම පැසසිය යුත්තකි. උදහරණයක්ස ලෙස, සරල වේවා, සම්භාව්‍ය ශාස්ත්‍රීය වේවා, අප රටේ සංස්කෘතික ගුණාත්මක භාවය කෙලසන හෝ අසභ්‍ය, දෙපිට කැපෙන වදන් යොදා තැනෙන ගීත ඉහල ගුණයෙන් යුතුවූවත් පිළිගත හැකිද?
සත්‍ය වශවෙන්ම විවිද හඩපරාස, ශබ්ද සංකලන යනාදිය පරිපූර්ණ වූ ඔපෙරාවක් තේරුම් ගැනීමට හා රසවිදීමට හැකි ප්‍රේක්‍ෂකයන් අප රටේ දැනට සිටින්නේ සුළුතරයකි. එය බහුතරයක් කිරීමටම එකවර ඔපෙරා වට හුරු කිරීමට වඩා සරල සංගීතයේ ඉන් ඔබ්බට ඇති පියවර කරා ගොස් එතැනිින් තව තවත් ඉහලට යාම තුලින් සරල සංගීත මානයෙන් එහා ඇති මෙම ඔපෙරා සංගීතයටද නැඹුරුකමක් දක්වන පිරිසක් බිහිවනු ඇත.
අතිවිශීෂ්ඨ සංගීත්‍යඥයන් වන මොසාර්ට් බිහිවූ අද ඔස්ට්‍රිියාව ලෙස සැලකෙන දේශයද, බීතෝවන් බිහිවූ ජර්මනියේද එකවර ඔපෙරා හෝ සම්භාව්‍ය ශාස්ත්‍රීය බටහිර සංගීතය බිහිනොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එකිනෙකට ආසන්න යම් කාල සීමාවක සහ යාබද රටවල් දෙකක මෙම දෙදෙනාම ජීවත්ව සිටීම යනාදියට අමතර මෙම රටවල් රෝමානු ආභාෂය තදින් ලැබී තිබීම, විවිද සංස්කෘතික දේශපාලනික හා ආගමික හැලහැප්පීම් වලට එම අවධියට පෙර හා එම අවධියේ නිරතුරු ලක්වීම මධ්‍යතන යුගය නිමාවී පුනරුද යුගයට පා තබා තිබීම, පෞද්ගලික අභිලාශයන් හා ඉලක්ක යනාදිය ද වඩාත් හොදින් අනුගමනය කිරීම වැනි කාරණා අදටත් වසර 300 කට ආසන්න කාලයකදීම එම කලාපයේ උසස් සංගීතයක් බිහීවීමට හේතු වන්නට ඇති.
එසේම ලිපිය අවසන් කරන්නට යන මේ මොහොතේ මීට වසර හතරහමාරකට පමණ පෙර මා විිසින්ම සත්සමුදුරට ලියූ - ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII - ලිපිය පිළිබදව මතක් කරනු කැමැත්තෙමි. කෙතරම් උසස් වූවත් 19 වන සියවසේ ජර්මනියේ සිටි විශිෂ්ඨ ගණයේ ඔපෙරා සංගිතඥයෙකු වූ Richard Wagner ගේ (1813 - 1883) ඔපෙරාවන් තුල ඇති අන්තවාදීත්වය හිට්ලර් වැනි පුද්ගලයන්ට ලෝකය එකම අපායක් කිරීමට යම් ජීවයක් සැපයූ බව ලිපිය අවසන් කරමින් පවසමි.
විදේශීය හෝ දේශීය කොයි දෙයින් වුවත් බුද්ධිමත්ව සිතා බලා හොඳ දේ පමණක් ලබාගැනීමයි හොඳ.(මට හිතෙන විදියට).
ReplyDeleteගීයක, සංධ්වනියක, පමණක් නොව, ඕනෑම කලා නිර්මානයක රස විදින්නට ජාති ආගම්, දර්ශන, භේදයක් නොවේ.
ReplyDeleteතමන්ට ගැලපෙන, අහන්න කැමති දේ වෙන කෙනෙකුට වහකඳුරු වෙන්න පුලුවන්.
ReplyDeleteඑකිනෙකාට තියෙන්නේ වෙනස් රසස්වාද.කාලයත් එක්ක අපේ රටෙත් හොඳ නිර්මණ බිහිවෙනු ඇති.
ReplyDeleteමෙහෙමයි. ඔය තේරුමෙන් ගත්තොත් නම් ඉතින් පළමු ලිපිය ලියපු එකේ තේරුමක් නැහැ නොවැ. තම තමන්ගේ මට්ටමට උසස් කියලා හිතෙන එකක් රස විඳගෙන හිටියම ඉවරයි.
ReplyDeleteඑහෙම කරනවද උසස් රසවින්දනයකට ජනතාව පුරුදු කරවල සංගීතය කියන විෂයේ උපරිමයට ළඟා වෙන්න උත්සාහ කරනවද කියන එක තම තමන් වටහාගත යුතු දෙයක්.
සරල සංගීතේ තමයි හොඳම එක කියල හිතෙනවනම් අර ෆිල්ම් එකේ කියන්නා වාගේ #ගුඩ් ජොබ්# කියල චූ කරලා නිදාගන්න එකයි කරන්න තියෙන්නේ.
කෙසේ වෙතත් පිට කසන කමෙන්ට් එකකට වඩා පෙර ලිපියට දැමූ මගේ කමෙන්ට් එකෙන් ඔබව යමක් සිතන්නට පෙළඹුවා යයි සිතනවා. පිළිතුරු ලිපියට ස්තුතියි.
ReplyDeleteඔබට මිකුරෙකු ලෙස ආමන්ත්‍රණය කරන්නද? නැතහොත් මිතුරියක ලෙස ආමන්ත්‍රණය කරන්නදැයි නොදනමි. කෙසේවෙතත් යම් අනන්‍යතාවයක් සමග මෙම සංවාදයට එළඹුනා නම් හොදයි කියා සිතන අතර ඒ කුමක් උවත් යමක් කියමි.
Deleteඑකක් නම් මෙහි කමෙන්ටු පළ කළ බොහෝ දෙනෙකු ඔබට දිය යුතු පිළිතුරෙන් සෑහෙන්න ප්‍රමාණයක් දැනටමත් ලබා දී අවසන්ය. අනෙක් කාරණය මා කිසිදු විටෙක සරළ සංගීතය තමා හොද යයි හෝ ඔබ කියනා උසස් යයි පවසනා සංගීතය පමණකි හොද යයි කියනා අන්තවාදී මතයක නොපිහිටමි.
අනෙක් කාරණය එදා සහ අද යන දෙදින තුලම ඔබගේ අදහස් වල මා දුටු දෙයක් නම් යම් අඥාදායක අන්තගාමීත්වයක් පවතින බවකි. මන්ද ඔබගේ අදහස අනුව කිසිසේතු්ම සරළ කලා රසවින්දනයක් නොව සෑම දෙනෙක්ම ඉහල මට්ටමේ සංගිතයක් හැම විටකම රසවින්දනයේ යෙදිය යුත්තෝය.
ලෝකය තුල උසස් මෙන්ම සුභාවිතයෙන් යුතු සරල කලාවක්ද තිබිය යුතුය යන්න මා දරනා අදහස මෙන්ම බහුතරයකගේද අදහස වනු ඇතැයි අනුමාන කරමි.
සංගීතය හෝ වෙනයම් කලාවක් උසස් යන දිගුව කරා යා යුතුය යන්න එය හදාරන්නෙකුට නම් හොද ඉලක්කයක් එය විශිෂ්ඨ කලාකරුවෙකු බිහිකිරීමට හොද රුකුලක් වනු නොඅනුමානය. එහෙත් ප්‍රක්‍ෂෙකයා යන පුද්ගලයාට මේ ගුණාත්මකබවෙන් යුතු කලාවක් පමණක් රසවිදිය යුතුයයි බලකිරීමට කිසිවකුට අයිතියක් හෝ හැකියාවක් නම් ඇතැයි මා නොසිතන්නෙමි. එය ඒ ඒ පුද්ගලයාගේ රුචිකත්වයයි.
නැවතත් ඉහත කමෙන්ටුව කියවන්න
Deleteඉන්පසු ඔබගේ පෙර ලිපිය නැවත කියවන්න.
කලාවේ උසස් පහත් බව කතා කිරීම නොවේද ඔබේ ලිපියේ අරමුණ? සරල සංගීතය උසස්ම බවක් ඔබ කියා නැත. නමුත් යම් වැඩසටහනක ඉදිරිපත් කරන ගීත සහ එම සංගීතය උසස් යයි ඔබ කියා ඇත. එයින් අදහස් වන්නේ ඔබ කැමති නැති පහත් රසයක් ඇති කලාවක්ද තිබෙන බවයි.
මම දුන්නේ ඒ සඳහා උත්තරයකි. එහි අදහස ලංකාවේ බොහෝ දෙනා උසස් යයි සිතන කලාව අවසාන විග්‍රහයේදී සරල ගීත වලට සීමා වෙන බවයි. එයට ප්‍රතිඋත්තරයක් ලෙස එකිනෙකා කැමති දේ වෙනස් නිසා තමන්ට කැමති දේ රසවිඳගෙන ඉන්න යැයි ඔබ දැන් යෝජනා කරයි.
එයට උත්තරය ඉහත මම ලියා ඇත. මට නම් කවුරු මොනවා රස වින්දත් කිසි ප්‍රශ්නයක් නැත.
මිතුර, එක්කෝ මා කියනා දෙය ඔබට නොතේරේ, නැතහොත් ඔබ කියනා දෙය මට නොතේරේ.
Deleteතවත් දෙයක් කිව යුතුය. මේ වැඩසටහන් හොදයයි කීමෙන් මා හට එම නාලිකාවෙන් ලැබෙන දෙයක්ද නොමැති අතර අවසාන වශයෙන් මා කියනා දෙය සමස්ථයක් ලෙස මෙසේ කියමි.
පෙර ලිපියෙන් මම පැවසුවේ මා එම වැඩසටහන නැරඹූ බවත්, එය යම් කිසි අළුත් දෙයක් අප දන්නා ගීත තුල ඉදිරිපත් කළ බවත් ඔබ මෙතුවකට එය නරඹා නැත්නම්, කැමති නම් එය නරඹන ලෙසත්ය. මේ ගතවූ කාලය පුරාවටම මෙවැනි වැඩසටහන්, චිත්‍රපටි, පොත්පත්, මෘදුකාංග වැනි දේ ගැන ලිපි පළ කිරීමෙන්ද මා ඉටුකළේ එම කාර්යයයි.
මට කලාවේ උසස් බවක් ගැන හෝ පහත් බවක් ගැන කතා කර කර සිටීමේ අරමුණක් නොමැත.
එසේය සරළ සංගීතය උසස්ම බවද මා කියා නොමැත. තවද එම වැඩසටහනේ ගීත සහ සංගීතය ඔබ දකිනා මිනුම් දණ්ඩෙන් උසස් දැයි හෝ පහත් දැයි කීම මාහට නොහැකි අතර එම ගීත හා සංගිතය එදා මුල් තත්ත්වයට වඩා යම් පර්යේෂනාත්මක නවතාවයක් ඇති බව දුටිමි.
පහත් කලාවක් තිබේ යයි මාගේ දැනුම අනුව තිබේ. අශිලීල වචන, යෙදුම්, යම් නොගැලපෙන ඉදිරිපත් කිරීම් ඕනෑතරම් ප්‍රංසග කලාව තුල දැක තිබේ. තවද හරසුන් තේමා ඇති ගීත ආදිය තිබෙනා බව රහසක්ද නොවේ.
සරල ගීත වේවා උසස් ගීත වේවා මිනිහෙකුට සතුටක් දැනෙන රස වින්දනයනේ වැදගත් වෙන්නේ. ඔබනේ අන්තවාදීබවකින් අදහස් පවසන්නේ. සරල ගීත එපා. පිටරටකට ගිහිල්ල හරි උසස් යයි පවසනා සංගිතය හෝ රස වින්දනයක් ලැබිය යුතුය කියන්නේ. මේ අදහස් යථාර්ථවාදීද?
ඔව් මම බය නැතුව කියනවා එකිනෙකා කැමති දේ වෙනස් නිසා තමන්ට ඒ ඒ කාලයේදී බුද්ධියට හා රසවින්දනයට ගෝචර වන්නේ යයි හැගෙන සුභාවිතයෙන් යුතු කලාවක් රසවිදින්න කියලා. හැබැයි සදාකාලිකව ඔබ කියන විදියට සරල ගීත අහපු මනුස්සයා හැමදාම ඒකම අහගෙන ඉන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ. තමන් අද රසවිදපු දේට වඩා ඉදිරියට ගිය දෙයක් තියෙනවා නම් ඒක රසවිදින්නට උත්සහ දැරීම තවදුරටක් කලාරසකාමීත්වය ඔප්නංවා ගන්නට පුළුවන් බවයි කියන්නේ. මෙම වැඩසටහන් ගැන ලියපු ලිපියෙනුත් මම එයයි අදහස් කළේ.
ඒ එක්කම මේ ලිපිය ලිවීමෙන් අදහස් කළේ ඔබ දක්වා ඇති අන්තගාමීත්වයට පිළිතුරු සැපයීමයි.
මේ බලන්න ඔබගේ වචන.
Delete//මේ අද කියන්න යන්නේ අප රටේම රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි.//
ඉතා ඉහල කියන්නේ අනෙක්වා සියල්ලම වාගේ ඊට පහල ඒවා කියන එක නෙමෙයිද? ඉතින් මම කීවේ ඔබ කොතරම් ඉහල කීවත් ඕක සරල ගී වැඩසටහනක් බවයි. කමෙන්ට් එකේ සාරය එයයි. සරල ගීත නරඹන්න එපා කියල නැහැ. නමුත් සරල ගීත තමයි අපේ රටේ අය උසස්ම නිර්මාණ කියල රසවින්දින්නේ. ඊට එහා දෙයක් තියෙන බව දන්නේ නැහැ. පිටරටකට ගිහින් හෝ නරඹන්න කීවේ බලකිරීමක් නෙමෙයි. කැමතිනම් කරන්න. නැතිනම් නොකර ඉන්න. ඉහල පහල කලාවක් ගැන කතා කල නිසා ඔපෙරා වගේ දේවලුත් ලෝකේ තියෙනවා කියල පෙන්නුවාම ඒවා තිබුනට අපි කැමති මේවට කියන එකේ මම හිතන්නේ ඒ තරම් තේරුමක් නැහැ. ඕකම කියන්න පුළුවන් බස් අජිත්ගේ සින්දු අහන කොන්දොස්තර කෙනෙකුටත්. හරිම සරලයි
හොදයි කමක් නැහැ. ඔබ මා ලියූ වචනයෙන් වචනය පසුපස විවිද අර්ථකථන දෙමින් පැමිණෙන ලෙසයි පෙනෙන්නේ. මා සියල්ලටම පිළිතුරු දෙන්නම්.
Deleteපළමුකොට සාපේක්‍ෂ සහ නිරපේක්‍ෂ යන වදන දෙකේ අර්ථය ඔබ හොදින් දන්නේ යයි සිතන්නෙමි. ඔව් ඉතා ඉහල යයි සිතමි. ඒ අතීතතයට හා අද අය කාරණ ද්විත්වයේ සාපේක්‍ෂවයි එය කියවා තිබෙන්නේ. පර්යේෂනාත්මක සංගීතයක්, ගීතයේ පවා සාරය නොනැසෙන පරිදි අළුතින් යමක් එක් කරන්නට උත්සහ දැරීම යනාදී කරුණු රැසක් නිසා "ඉතා ඉහළ" යන විශේෂනයද සමග පැවසුවෙමි.
එහෙත් ඔබ එයට ඔබගේ සිතේ තිබෙන්නා වූ දැඩි අදහස නිසා මා නොපැවසූ දෙයක්ද පවසයි. එනම් //ඉතා ඉහල කියන්නේ අනෙක්වා සියල්ලම වාගේ ඊට පහල ඒවා කියන එක නෙමෙයිද? // එය ඔබට වැරදුන තැනයි. මා කිසිදු විටක මෙය පමණකි ඉතා ඉහල යන්න භාවිතා කර තිබේද?
අනෙක් කාරණය ඔබ සරල ගීතය වහකදුරු වීමේ රෝගය නිසා නිර්මාණාත්මක බවෙන් ඉහල වූවත් එය ඇගයීමට ලක්කිරීමේ නොහැකියාව තිබෙන බව පෙන්නුම් කරයි. සරල ගීතයක් වීම ගැටළුවක් නොවේ එහි යම් ගුණාත්මක බවක් තිබේ නම් පැසසිීමට.
ඔබට මම හොද උදාහරණයක් පවසන්නනම්. අපි හිතමු දරුවෙකු පාසලට ඇතුලත් කළ පසු ඔහුගේ ඒ ඒ වසරේ විභාග හා වෙනත් ක්‍රියාකාරකම් වලට දක්වන දස්කම් අගය නොකර ඔහුගේ පාසල් දිවියේ උච්චතම අවස්ථාව වූ අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට පිවිසීමේ හැකියාව ලැබුන විටක පමණක්ද ඔහුව පැසසිය යුත්තේ. ඒ ගතවූ වසර 13 තුල ඔහු සමත්වන විභාග හා වෙනත් ක්‍රියාකාරකම් අගය නොකළ යුතුද? ඒ ඒ පංතියේ ඔහු දක්වන දස්කම් අවසාන උච්චතම අවස්ථාවට කිසිසේත්ම දායක නොවූ බවද ඔබ පවසන්නේ?
ඔබගේ සීමා මායිම් අනෙක් අයට ආදේශ කිරීමට නොයන්න නිර්මාණාත්මක සරළ ගීයක් රසවිදින කෙනෙකු තවත් විටෙක ඔබ උසස් යයි අභිෂේක කරන ලද සංගීතය රස විදීම සාමාන්‍යයකි. එය නොකරන අයද සිටිනු ඇත. එහෙත් එය නියතයක් නොවේ. ඇතැම්විට ඔබ ඇසුරු කරන්නන් එක් කුලකයක කලා රසාස්වාදයක් පමණක් උරුම කරගත්තවුන් වන නිසා ඔබ මෙලෙස පවසනවා ඇති යයි අනුමාන කරන අතර මා දන්නා පිරිස් අතර නම්නි ර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන උසස් සේම සරළ කලා රසවින්දනයේ යෙදෙන්නවුන් විශාල වශයෙන් සිටිති.
ඔබ ඒ ඒ පිිරිස් ඔබ විසින්ම වර්ග කොට එක් පිරිසක් පමණි උසස් කලාව දන්නේ, තවත් අයෙක් දන්නේ සරළ කලාව පමණකි දන්නේ කීම පෙර පැවසූ පරිදි ඔබගේ සංචිතයේ සිටින පිරිසක් තුල තිබෙන මනෝභාවයන් ගැන නිරීක්‍ෂනයෙන් පසු පවසන ලදදක් ලෙස සැලකීමට සිදුවන අතර එවන් තත්තවයක් මා ඇසුරු කරන අය තුලින් නම් නොදුටු බවද පවසමි.
පන්ති පරතරය හා බුද්ධිමට්ටම් මත සමාජයේ විවිද ස්ථරවල පුද්ගලයන්ගේ විවිද රසාස්වාදයන්ද තිබිය හැකි අතර එය බහුතරයකට ආදේශ කිරීමේ සාධාරණ අයිතියක් ඔබට හෝ මට හෝ කිසිවෙකුට හිමිනොවන බවද සැලකිය යුතු බව පවසමි.
düzce
ReplyDeletesakarya
tunceli
van
bayburt
R6DT
görüntülü show
ReplyDeleteücretlishow
D80
https://titandijital.com.tr/
ReplyDeleteağrı parça eşya taşıma
maraş parça eşya taşıma
muğla parça eşya taşıma
uşak parça eşya taşıma
P2K5
E8D7C
ReplyDeleteGümüşhane Evden Eve Nakliyat
Sakarya Evden Eve Nakliyat
Kırıkkale Lojistik
Kars Lojistik
Urfa Evden Eve Nakliyat
800BC
ReplyDeleteIğdır Parça Eşya Taşıma
Çerkezköy Petek Temizleme
Eskişehir Şehirler Arası Nakliyat
Etimesgut Fayans Ustası
Ünye Marangoz
Antep Evden Eve Nakliyat
Samsun Şehirler Arası Nakliyat
Iğdır Şehir İçi Nakliyat
Okex Güvenilir mi
C684E
ReplyDeleteTunceli Parça Eşya Taşıma
Kütahya Lojistik
Çorlu Lojistik
Isparta Şehirler Arası Nakliyat
Area Coin Hangi Borsada
Ordu Şehir İçi Nakliyat
Bartın Parça Eşya Taşıma
Niğde Şehirler Arası Nakliyat
Siirt Şehirler Arası Nakliyat
4E614
ReplyDeleteOkex Borsası Güvenilir mi
Onlyfans Beğeni Satın Al
Onlyfans Takipçi Hilesi
Tiktok İzlenme Hilesi
Aptos Coin Hangi Borsada
Clysterum Coin Hangi Borsada
Soundcloud Dinlenme Hilesi
Mexc Borsası Güvenilir mi
Tiktok Beğeni Hilesi
شركة مكافحة حشرات بالاحساء k7Z9GbNTf5
ReplyDelete