Monday, May 16, 2011

නැවත ලියන්නට සිදුවූ "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැසිරවීම - SixthSense Technology by Pranav Mistry"

මෙම ලිපිය මීට පෙර සත් සමුදුරේ පල කරන ලද එහෙත් දැන් මෙය ටිකක් වෙනස් ආකාරයට ලියවුන ලිපියක් බව කිවයුතුයි. මෙය නැවත ලියන්න හේතුව තමයි පසුගිය 12 වනදා අපිට මෙම බ්ලොග් පහසුකම ලබා දෙන Blogger විසින් ඔවුන්ගේ නඩත්තු කටයුතු සිදුකරගෙන යන අතරතුරදී, අප විසින් අවසානයට ලියන ලද බ්ලොග් සටහන තාවකාලිකව ඉවත් කරන ලද බව පැවසුවත්, එම කාර්යය අවසානයේදී මෙම "සයවැනි විඥානයෙන් තාක්‍ෂනය හැසිරවීම" ලිපිය ස්ථිරවම ඉවත්කොට තිබීමයි. එය draft කොටසේ තිබුනත් එහි සම්පූර්ණ ලිපියම නොතිබූ අතර මුල් ඡේද තුනක් පමණක් තිබූ අතර එය නැවත ලබා ගැනීමට උපදෙස් පැතුවත් සතුටුදායක පිළිතුරක් නොලද හෙයින් නැවතත් එය ලිවීමට අදහස් කරන ලදි. එනිසා එය මුල් ලිපියේ කරුණු සහිතව කුඩා වෙනස්කම් කිහිපයක් සහිතව නැවත ලිව්වෙමි. එසේම ඔබ එයට ලබාදී තිබූ වටිනා අදහස් රැසද ඒ සමගම අහිමිවී ගොස් තිබීමද තවත් කනස්සල්ලට හේතුවක් විය. නැවතත් ඔබ මෙම ලිපිය බලා තවත් අදහස් ලබාදේයයි අපේක්‍ෂාකරමි.

ඔබ කවදා හෝ Minority Report චිත්‍රපටිය බලා තිබේද? එහි  Tom Cruise සිය දෑත් අවකාශයේ එහා මෙහා කරමින් පරිගණක හසුරුවනු ඔබ දුටුවේද? එසේම එය අප සිටින තාත්වික ලෝකයේදී යථාර්ථයක් ලෙස යම් දිනක දැක ගත හැකිවේයයි ඔබ සිතනවාච?

පිළිතුර සුභවාදීයි. එනම් මෙම තාක්‍ෂනය දැනටමත් නිපදවා ඇති බවයි. නැතහොත් එහි අපි දුටුවාටත් වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් එය සාක්‍ෂාත් කර ගෙන ඇති බවයි. මෙම සිත්ගන්නා සුළු සොයාගැනීම වන SixthSense තාක්‍ෂනය සොයාගැනීමේ කාර්යයේ ප්‍රධාන නිර්මාතෘවරයා ‍අපගේ අසල්වැසි භාරත දේශයේ විශිෂ්ඨ තරුණ පරිගණක උපාධිදාරියකු වන හා Massachusetts Institute of Technology (MIT) ආයතනයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින 30 හැවිරිදි තරුණයකුවන Pranav Mistry වේ.  මේ සදහා ඔහුට ඔහු සමග උසස් අධ්‍යාපනය ලබන මිතුරන් දෙදෙනෙකුගේ සහය හා MIT ආයතන‍යේ ඔහුගේ ආචාර්යතුමිය වන Pattie Maes විසින් උප‍දේශක සහය ලබා දී තිබේ.
Pranav Mistry
 මෙහිදී සත්‍යවශයෙන්ම අපගේ පංචේන්‍ද්‍රින්ගේ ඍජු දායකත්වයක් නොමැතිව, එසේත් නැතහොත් දෑත්වලින් දක්වන අංග චලන ග්‍රහණය කරගැනීමෙන් භෞතිකමය උපකරණ ස්පර්ශයෙන් තොරව මෙන්ම පරිගණක යන්ත්‍රයක් ඇසට පෙනෙන තෙක් මානයකවත් නොමැතිව පරිගණකයකින් හෝ ඒ ආශ්‍රීතව භාවිතා කරන උපකරණ වන Scanner, Digital Camera වැනි උපකරණයකින් කරගන්නා කාර්යයන් කරගත හැකිවීම විශ්මය ජනකබව ඕනෑම කෙනෙක් පිළිගන්නා බව නිසැකය. 

මෙහිදී අතිශයින්ම සංකීර්ණ මෙවලම් කිසිවක් යොදා නොගනී. යොදාගනු ලබන්නේ, පොකට් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් (a pocket projector), දර්පණයක් සහ කැමරාවක් (webcam) සහ කැමරාවට දෑතේ ඇඟිලි වලින් කරන චලනයන් කැමරාවෙන් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට ඇඟිලි තුඩු වල ඇලවීමට රතු, කහ, කොල හා නිල් ටේප් පටි කැබලි පමණි. මේවායින් මුලින් පැවසූ මෙවලම් තුන පෙන්ඩනයක් ‍සේ බෙල්ලේ එල්ලා ගැනීමට හැකිවන සේ එකලස් කොට ඇති අතර කැමරාව සහ  ප්‍රක්ෂේපන යන්ත්‍රය සාක්කුවේ ඇති Web-enabled smart phone කට සම්බන්ධවේ. (එසේත් නැතහොත් අවශ්‍යනම් මෙම අන්තර්ජාල පහසුකම් ඇති  දුරකථනය ‍වෙනුවට Laptop පරිගණකයකට උවත් සම්බන්ධකරග හැක.)


කැමරාව මගින් දෑතේ ඇඟිලවලින් සිදුකරන ලබන අංගචලනයන් (user's hand gestures) සහ ඉදිරියේ ඇති වස්තුන් පිළිබදව පරිගණකගත දෘෂ්‍ය උපක්‍රමයක් (computer-vision based techniques) ආධාරයෙන් ග්‍රහණය කර ගනු ලබන අතර smart phone  ට ස්ථාපනය කර ඇති විශේෂ algorithms මගින් ඇඟිලි වල අලවා ඇති වර්ණවත් ටේප් පටිවල සංඥවෙන් ලබා දුන් පණිවිඩය නිවැරදිව හදුනාගැනීම මෙන්ම එයට ලබාදිය යුතු ප්‍රතිළුලය සැකසීමද සිදුකරයි. ඉන්පසු smart phone මගින්ම ලබා දෙන ප්‍රතිදානය (Output) ප්‍රක්ෂේපන යන්ත්‍රය මගින් ඉදිරියේ ඇති බිත්තියක් මතට හෝ වෙනයම් ඕනෑම වස්තුවක් වෙතට ප්‍රක්‍ෂේපනය කරනු ලැබේ. එසේම දැනට ඔහු ප්‍රක්‍ෂෙපන යන්ත්‍රය LED තාක්‍ෂනය යොදා තැනූවක් භාවිතාකරන අතර ඉදිරියේදී Laser තාක්‍ෂනය  ඇති ප්‍රක්‍ෂෙපන යන්‍ත්‍රයක් යොදාගැනීම තුලින් ලබා දෙන ප්‍රතිදානයේ brightness  තවදුරටත් වැඩි කර ගැනීමටද බලාපොරොත්තුවේ.
මේ Pranav Mistry සමග ඉ‍ගනුම ලබන තවත් සහෝදර ශිෂ්‍යයෙකුවන අතර
ඔහුගේ මුහුණ කැමරාවෙන් සටහන් වූ වහාම ඔහු පිළිබද විස්තර ඔහු මතම සටහන් වූ ආකාරයයි.
මෙම SixthSense හි ඇති තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙමගින් පරිගණකයක් හැසිරවීම වැනි කාර්යයක් පමණක් නොව එමගින් Digital කැමරාවක්, Scanner යන්ත්‍රයකින් සිදුකෙරෙන කාරයයක් එම උපකරණ රහිතව වුවත් සිදුකර ගැනීම හා පරිගණකමය නොවන කාරයයන් කිහිපයක් පවා සිදුකරගැනීමට තරම් මෙම තාක්‍ෂනය දියුණුකර තිබීමයි. ඒ පිළිබදව උදාහරණ කිහිපයක් ආශ්‍රිතවම සලකා බලමු.

ඔබට විද්‍යුත් තැපැල් ලිපි පරික්‍ෂාකිරීමට අවශ්‍යනම් කල යුත්තේ ඔබට ඉදිරියේ අවකාශයේ ‘@” සලකුන සටහන් කිරීම පමණි.

ඔබට යමක ඡායාරූප ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ පහත දැක්වෙන ලෙස දෑතේ ඇඟිලි තබා ගැනීමයි එවිට ඔබ බෙල්ලේ එල්ලා ගෙන තිබෙන කැමරාවෙන් එම ඡායාරූපය ලබා ගන්නා අතර ඔබට කැමති ස්ථානයකට ගොස් ඉදිරියේ ඇති වස්තුව මත එම ලබා ගත් ඡායාරූප පතිත කර ඒවා සංස්කරණය හෝ වෙනයම් කාර්යයකට යොදා ගත හැකිය.



ඔබට පොතක් පිළිබද පරීක්‍ෂාකිරීමට අවශය නම් ඔබ කල යුත්තේ එහි නම මත ඇඟිල්ල තැබීම පමණි. එසැනින් එම පොතේ විස්තර හා Ratings යනාදිය Amazon වැනි මේ පිළිබදව ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් පරික්‍ෂාකර පොතේ මුල් පිටුව මතම සටහන් වනු ඇත. එපමණක් නොව පොතේ ඇතුලත ඇති ඡායාරූපයක් වැනි දෙයක වැඩිදුරටත් තොරතුරු ඔබ එම ඡායාරූපය මත ඇඟිල්ල තැබූ සැනින් ලබා ගැනීමට තරම් මෙම තාක්‍ෂනය දියුණුය.

පෙර පැවසූ පරිදි පරිගණක නොවන කාරයයන්  ලෙස ඔබට අත්ඔරලෝසුවක් නොමැති වුවත් වෙලාව බලා ගැනීමට හැකියාවද මෙමගින් ලබා දී ඇත. එනම් ඔබ කල යුත්තේ මැනික්කටුව මත රවුමක් සලකුනු කිරීම පමණි. එවිට අත් ඔ‍රලෝසුවක් එහි මැවේ.

එසේම ජංගම දුරකතනයක් රැගෙන යායුතුද නැත. ඔබගේ අත්ල මතටම දුරකතනයේ අංක පුවරුව දෘෂ්‍ය ලෙස ලබාගෙන අදාල අංක මත ඇඟිල්ල තැබීම පමණකි කල යුත්තේ.


ඔබට යම් හෙයකින් වෙලද සැලකින් ලබා ගන්නා දෙය පරිසර හිතකාමීද, එසේ නැතහොත් එය පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න පවා එම භාණ්ඩයේ නම මත හෝ වෙනයම් පිළිගත හැකි දත්තයක් මත ඇඟිල්ල තැබූ විට ලබා ගත හැකියාවද ඇත.

එපමණක් නොව ඔබ බලමින් සිටින පුවත්පතේ පලවී ඇති ඡායාරූපය සලකුනු කල විට එම ඡායාරූපයට අදාල වීඩියෝ දර්ශනය Youtube වෙතින් ලබාගෙන පුවත්පත මතදීම බලාගැනීමටද හැකිවේ.

මේවාට අමතරවද තව බොහෝ කාර්යයන් සිදුකරගැනීමට මෙම තාක්‍ෂනය දැනටමත් දියුණුකර ඇති බව සතුටින් කිවයුතු අතර තවමත් Prototype එකක් ලෙස පවතින මෙය නුදුරු අනාගතයේදී වාණිජමය ලෙස ලබා ගත හැකිවේයයි විශ්වාස කෙරේ.

මෙම පද්දතිය තැනීමට බොහෝ මුදල් වැයවන්නට ඇතැයී ඕනෑම කෙනෙකුට සිතීම ස්වාභාවිකය. එහෙත් ජංගම දුරකථනය හැරෙන්නට අනික් උපකරණ සමූහයට වැයවී ඇත්තේ $350 ක් පමණක් බව මෙහි නිර්මාපකයා වන Pranav Mistry නොවලහා පවසන අතරම ඔහු මෙයින් සිත්සේ මුදල් ඉපයීමේ හැකියාව ඇතත්, සිය නිර්මාණය  ලෝකයේ බහුතරයක් වෙතට නොමසුරුව ගෙනයාමේ අරමුණ හා තවතවත් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම පද්දතියේ විශේෂිතම කොටස වන මෘදුකාංගය, Open Source මෘදුකාංගයක් ලෙස තබා ගැනීමට පවසා තිබීමද අතිශයින් ප්‍රශංසනීය කාරණයකි.

මෙම සොයාගැනීම පිළිබදව මෙම තරුණ විද්‍යාඥයා ලෝකයේ ආයතන ගණනාවකින්ම සම්මානයටද පාත්‍රවී ඇති අතර මේ පිළිබද තව දුරටත් විස්තර හා මෙය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව ඔහු විසින්ම පැහැදිලි කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පහත දැත්වෙන වෙබ් අඩවිවලට පිවිසීමෙන්ම ලබා ගත හැකිය.

16 comments:

  1. vertual reality.......

    ReplyDelete
  2. ස්තුතියි සහෝ... මමත් මේ ගැන අන්තර්ජාලයෙන් දැක්කා. මාරයි නේ...

    ReplyDelete
  3. ස්තූතියි අය්යේ.. මාත් ඒක කියවල දැනගෙන හිටියට වැඩි විස්තර දැන ගත්තෙ මේකෙන්... :)

    ReplyDelete
  4. @චතුරංග පෙරේරා | chathuranga Perera,buwa,හිම කුමාරි & Anonymous - ස්තූතියි!!!

    ReplyDelete
  5. ඒක නම් පාට්ටා....මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා ඒ...අපිටත් අනාගත අතන් එහෙම එව්ව මෙව්වා එහා මෙහා කරන්න පුලුවන් වේවි දේ අයියේ.. දැනුවත් කරාට තෑන්ක්ස්.
    ඕපන් සෝර්ස් කරපු එක තවත් පට්ටා..උන් වගේ මිනිස්සු තමා ලෝකෙට ඕන..නැතුව බිල් ග්‍රේට්ස්ලා වගේ උන් නෙමේ

    ReplyDelete
  6. කාලෙකට කලින් Pranav Mistry විසින් TED වැඩසටහනකදි මේ ගැන කරපු දේශනයක් දැක්කා. ඇත්තටම හීන සැබෑ කරන්න උත්සාහ දරන නිර්මාණකරුවෙක්. ඉතාම මෑත අනාගතේදි මේ නිර්මාණය වෙළඳපොලට එයි.

    ReplyDelete
  7. @hare :-)- ඔව් ගොඩක් කාලයක් යන්න කලින් මෙය අපට අත්විදින්න හැකිවේවි...

    ReplyDelete
  8. හරිම අපුරුයි දිනේෂ්. මේක නම් එක හුස්මට කියෙවුව. දු ඔය ගැන පාසලින්ද කොහෙද දැනගෙන යමක් මට කිව්වා. හරියට දැන ගත්තේ අද තමයි. good post

    ReplyDelete
  9. @Bindi - ස්තූතියි! මේ ගැන තව කරුණු හොදින් දැක ගන්න පුළුවන් link එක රත්ගමයාට දෙන ලද පිළිතුරේ තිබෙනවා...

    ReplyDelete
  10. මෙන්න මිනිස්සු

    ReplyDelete
  11. මේ ගැන මාත් අහල තියෙනවා. කොහොම වුණත් ඔයා කියපු ෆිල්ම් එක නම් සිරසෙන් මාත් බැලුව. ඒක නම් මැක්සා මූවි එකක්.

    ReplyDelete
  12. ලිපිය දැක්කාම මට මතක් වුණා 2007 ඔක්.7 වනදා ඉරිදා ලක්බිමට මා ලියූ ‘දියුණුවත් සමග සැගවී ගිය මිනිසාගේ හයවැනි ඉන්‍දි‍්‍රය’ කියන ලිපිය. ඒක මගේ වෙබ් අඩවියේ විවිධ කියන තීරුවට දාලා තියෙනවා.
    කමෙන්ට් එකක් දාන්න ඉ්සෙල්ලා ඒක බැලුවා. දැන් බලනකොට මගේ ලිපිය අහසට පොළව වගේ.
    ඔයාගේ ලිපිය අති විශිෂ්ඨයි. එයගේ බ්ලොග් එකේ තවම හැම ලිපියක්ම බලන්න බැරි වුණා. ඒ වුණත් කියවපු ඒවා දැකලා මෙය නම් නොඅසාම බැරිය. ඔයාගේ ලිපි මෙතරම් සර්ව සම්පූර්ණ වූයේ කෙසේද? ඒ කියන්නේ ලිපියට අවශ්‍ය පින්තූර, වීඩියෝ පට මෙතනින් ගන්න ඔ්න කියලා දැන ගත්තෙත් ඔයාගේ හයවැනි ඉන්‍දි‍්‍රයෙන්ද?
    සාමාන්‍යයෙන් මට නොවරදින අනාවැකි කියන්න පුඵවන්. එකක් කියන්නද? කවදා හෝ දවසක සිංහලෙන් තම දැණුම සොයා අන්තර්ජාලය සැරිසරණ අය තවත් එවැනිම අයට කියාවි ඔය කාරණය දැනගන්න නම් යන්න දිනේශ්ගේ සත් සමුදුර බ්ලොග් එකට කියා.
    සදා ජය.
    තිලකා රන්දෙනි
    www.thilakarandeni.lk

    ReplyDelete
  13. @තිලකා රන්දෙනි මහත්මිය - බොහොම ස්තුතියි! ඒ වගේම කියනවා අමනාප වෙන්න එපා පිළිතුරු දෙන්නට ප්‍රමාදවීම ගැන. ‍මොකද පසුගිය දින කිහිපයේම වැඩ කටයුතු අධික වීම නිසා බ්ලොග් එකට දෙන දායකත්වය අඩුවෙලා තිබුනේ. ඔබතුමියගේ ලිපියත් මම කියෙව්වා. ඇත්තටම අපිට භෞතිකව ස්පර්ශකල හැකි ඉන්‍ද්‍රින් පහට අමතරව අදෘෂ්‍යමාන ඉන්‍ද්‍රියක් තිබේද යන සැකය තිබෙනවා. සමහර දේවල් වලට අපි දක්වන ප්‍රතිචාර ඒ මත තීන්දුවෙන බවක්ද අපට බොහෝවිට හැගෙන කරුණක්. මෙම ලිපියනම් තාක්‍ෂනික කරුණක් අරඹයා ලියන ලද්දක් නිසා ඒ ලිපිය හා මෙය අතර වෙනස්කම් තියෙනවා තමයි. ලිපියේ සැකසීම ගැන කතා කලොත් ලිපියට අවශ්‍ය වෙතැයි සිතෙන සියළු කාරණා සොයාගන්නා තෙක් ලිපිය සංස්කරණය කිරීම මෙන්ම පින්තූර ඊට අවශ්‍ය පරිදි සෙවීමත් කරනවා. අනිත්කරුන තමයි මා හට පොතක් කියවන විට මෙන්ම ලියන විටද එම අන්තර්ගතයට අදාල චිත්තරූපය සිතේ මවා ගැනීමට ඇති හැකියාව. හොදම උදාහරණය නම් මම ලියන ලද Operation Entabbe ලිපියේදී සිතේ ඇදගන්නා ලද රූපයම තමයි ඊයේ නැරඹූ Raid on Entabbe චිත්‍රපටියේත් තිබුනේ, සුළු වෙනස්කම් කිහිපයක් හැරුන කොට. ඒවගේම ඔබතුමිය කියන අනාවැකිය යම්තාක් දුරකට දැනටමත් සත්‍ය වෙලා තිබෙන බවත් නිහතමානීව කිව යුතුයි. මන්ද දැනටමත් සත් සමුදු‍රේ ඇතැම් ලිපිවල කරුණු සිංහල විකිපිඩියාවට ඇතුළු කරන මෙන් එහා සම්බන්ධවී ඇති මිතුරන් පවසා තිබෙනවා. කොහොමවුනත් මගේ වැඩ රාජකාරී බහුල බව නිසා එය නම් තවම සාක්‍ෂාත්කරගන්න ලැබුනේ නැහැ...

    ReplyDelete
  14. JSME nihon kikai gakkai walath meweni weda tiyeida

    ReplyDelete