Showing posts with label තාක්‍ෂනික. Show all posts
Showing posts with label තාක්‍ෂනික. Show all posts

Thursday, December 2, 2021

ඇස නොගැටුන කර්මාන්ත පුරවරය

මේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට පස්සේ මෙම ලියන ලිපියෙන් කියන්නට ලියා තබන්නට සිතුවේ. 

මෙම රට ඔබ අප කවුරුත් දන්න අපේ අසල්වැසි රාජ්‍යයක් පිළිබදයයි. ඒ පකිස්ථානයයි. ඇත්තටම කාර්මික ක්‍ෂෙත්‍රය පිළිබදව කාගෙත් සිහියට නැගෙන්නේ යුරෝපය, ඇමරිකාව එහෙමත් නැත්නම් ආසියාවේ දැවැන්තයන් වන ජපානය හෝ චීනය පිළිබදවයි. ඒත් බොහෝ දෙනෙක් නොදන්න. මා පවා අන්තර්ජාලයෙන් දැකගත්තාට පසු දැනගත් විවිදාකාරයේ කර්මාන්ත, විවිද මට්ටමෙන් කරගෙන යන රටක් තමයි පකිස්ථානය.

අප බොහෝවිට පකිස්ථානය පිළිබදව දන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයන්, එහෙමත් නැත්නම් ඉන්දියවේ ප්‍රතිවාදී, යුද තත්ත්වයන් ඇති කරගන්නා රටක්, නිරතුර බෝම්බ පිපිරෙන සහ කර්කශ රටක් විදියටයි. ඒත් මෙම රටේ නොකෙරෙන කර්මාන්තය කුමක්දැයි යන ගැටළුව තමයි පකිස්ථානය පිළිබදව ටිකක් සොයා බැළුවත් දැක ගන්නට, දැන ගන්නට ලැබෙන්නේ.

ඇත්තටම කර්මාන්ත කියුවාම හිතට නැගෙනවා ඇති විශාල කර්මාන්ත ශාලා, විවිද විශාල යන්ත්‍ර සූත්‍ර, විශාල සේවක සංඛ්‍යාවක් තිබෙන කර්මාන්ත වෙන්නට ඇති මේ කියනවා ඇත්තේ කියලා. ඒවගේ විශාල කර්මාන්ත හා කර්මාන්ත ශාලා පකිස්ථානයේ සුලබයි තමයි. ඒත් අපූරුම කාරණය නම් සිතා ගන්නට බැරි තරම් නිෂ්පාදන, ඉතා සුළු සේවක පිරිසක් සමග සුළු ඉඩපාඩුවක් ඇති තැනක යන්ත්‍ර කිහිපයක් හෝ සාමාන්‍ය මෙවලම් පවා උපයෝගී කරගෙන ඔවුන් මෙම නිෂ්පාදන සිදුකරනවා දැක ගන්නට පුළුවන්. ඔය කියුව යන්ත්‍ර පවා සමහර වෙලාවට මහා විශාල ඒවා නොවෙයි.

මට මේ ලිපියෙන් මෙහෙම දෙයක් තමයි සත්‍ය වශයෙන්ම කියන්නට ඕනෑවුනේ. දැන් අපේ රටේ ආයෝජකයෝ හිඟකම වගේම, ප්‍රාග්ධනය සහ තව නොයෙකුත් බාධා තිබෙනවානේ විවිද කර්මාන්ත ආරම්භ කරන්න. දැන් පකිස්ථානය වගේ මෙහෙම නිපැයුම් බිහිකරන  රටකින් ඉල්ලීමක් කරල අපේ මිනිස්සුන්ටත් දෙවල් නිපදවන්න ඉගනගන්න බැරි කමක් නැතිවෙයි නේද? මම දැක්ක විදියට නම් ඔවුන්ට අවශ්‍ය සියළුම දේ නිෂ්පාදනය කරගන්නවා විතරක් නෙවෙයි. තිබෙන දේවල් අබලන් වුනාම ඒවා නැවත යථා තත්ත්වයට පත්කරගන්නට ඔවුන් සිටින නිපුනත්වය ඇති මිනිසුන් බොහෝමයි. තමන්ගේ දේ තමන් නිපදවා ගන්නවා වගේම විදේශයන්ට අපනයනයෙන් විදේශ විනිමය සොයාගැනීමට සහ ඉතිරි කරගැනීමට ඔවුන්ට ඇති හැකියාව සුවිශේෂයි.

මෙම කෙටි ලිපියේ අවසානයට පැමිණෙමින් මේ දේත් පවසන්නම්. පකිස්ථානුවන්ගේ වැඩ කිරීමේද පරිස්සම නම් අඩු බවක් පෙනෙනවා. ආරක්‍ෂිත මෙවලම් (අත්වැසුම්, මුව ආවරණ, ඇස් ආරක්‍ෂක කණ්නාඩි යනාදී දෑ) පලදන්නේ එහෙමත් කෙනෙක්. විවිද රසායණික දේවල් වලට නිරාවරණය වීමත් බොහෝවිට සිදුවන බව දැක්කා. පිරිසිදුකමත් ටිකක් අඩුයි වගේ තමයි. ඒ හැම එකටම වඩා කියන්න ඕන ළමා ශ්‍රමිකයන් රැසක් මෙම කර්මාන්ත වැඩ බිම් වල වැඩෙහි නිරත වෙමින් සිටිනවා. සමහර විට ඒවායේ සිටින වැඩිහිටියන් පවා අතීතයේ මෙලෙස ළමා ශ්‍රමිකයන් ලෙස වැඩට ආ අය වෙන්නටත් පුළුවන්. නමුත් හොද දේ පමණක් රැගෙන අපේ රටෙත් මේ ආකාරයේ වැඩබිමක් නිර්මාණය කරගන්න එක එතරම් අමාරුවෙන එකක් නැහැ. මම ඔබගේ දැන ගැනීම පිණිස එලෙස සිදුකෙරෙන කර්මාන්ත කිහිපයක වීඩියෝ දිගුවන් කිහිපයක් දමන්නම්. ඒවා මගින් ඔබටත් තව විවිද ක්‍ෂෙත්‍රයන්ට අදාල නිෂ්පාදන පිළිබදව දැනගැනීමට හැකියාව ලැබේවි...

https://www.youtube.com/watch?v=tYtPm02kueY
https://www.youtube.com/watch?v=cgyruHskTvc
https://www.youtube.com/watch?v=Hm-BHybpaO4
https://www.youtube.com/watch?v=g-hYf6NUDZM
https://www.youtube.com/watch?v=v8E_JCNZeYk
https://www.youtube.com/watch?v=9Hl0E12eKu0










Thursday, March 2, 2017

Touch Screen නැති Laptop වලට Touch Screen, Smart Phone වලටද භාවිතා කළ හැකි කුඩා ප්‍රක්‍ෂේපන යන්ත්‍ර යනාදී ඔබ සතු කර ගන්නට කැමති තවත් අළුත්ම Gadget කිහිපයක් ගැනයි මේ...

මාතෘකාවේ කියුවා වගේම ප්‍රයෝජනවත් වගේම සිත සතුටු කරන නවතම උපකරන කිහිපයක් ගැන තමයි මේ පෙන්වන්නට යන්නේ. ලංකාවේදී මිලයට ගන්නට ඇතැම් විට නොහැකි වුනත් අන්තර්ජාලය හරහා මේ උපකරණ ගෙන්වා ගැනීමට හැකියාව තිබේවි. අකුරුවලින් ලියනවාට වඩා බලලාම මේ දේවල් ඔබටත් කවදා හෝ අවශ්‍ය වේදැයි බලන්න.



Monday, February 6, 2017

සාක්කුවේ දමාගෙන යා හැකි නවතම බහුකාර්යය උපකරණ කිහිපයක්

මේ මාතෘකාව කියවූ සැනින් ඔබගේ මතකයට නිරායාසයෙන්ම එන්නේ Swiss Army Knife උපකරණයයි. පළමුවෙන්ම එය සාදන්නේ කෙසේදැයි දැනගනිමු.


මෙම උපකරණය ගත්විට ස්විට්සර්ලන්තයේ වසර 130 ගණනක ඉතිහාසයකින් යුතු සමාගමකින් නිපදවන විවිද කාර්යයන් රැසක් සදහා භාවිතා කළ හැකි මෙවලම් සංකලනයකින් යුතුය.

එහෙත් එයටත් වඩා වෙනස් ආකාරයේ බහුකාර්ය මෙවලම් රැසකින් යුතු මෙවලම් කිහිපයක්ම මේ විඩීයෝවෙනුත් ඔබට දැක ගැනීමට හැකියාව ඇත. කෙසේවෙතත් මිල ගණන් අතින් නම් වැඩි මෙම උපකරණ වලට ආදේශකයන් දැරිය හැකි මිලකට අන්තර්ජාලය පිරික්සීමෙන් ලබා ගැනීමට හැකියාව ඇති බවද පැවසිය යුතුය.


Wednesday, February 1, 2017

ඔබගේ අත්අකුරු පවා පරිගණකය සොරා ගෙන ඇති බව ඔබ දන්නේද?

පරිගණකය ආශ්‍රයෙන් අද කොතරම් ලියකියවිලි සකස් කෙරුනත් අත් අකුරුවලින් ලියනා ලිපි ලේඛන වල ඇති ජීවභාවය සොරාගන්නට තවම හැකිව නැතිබව මා බොහොවිට දැක තිබෙන අතර ඔබට යම් හිතෛශියෙකු එවනා ලිපියක් එම අය අත් අකුරින් එවනා තරම් හෘදයාංගම බවක් පැහැදිලි ලස්සන පරිගණක මෘද්‍රිත පිටපතක් ලෙස එවූවත් නොදැනෙනු ඇති.

එහෙත් අත් අකුරින් ලියනා දෙය පවා දැන් පරිගණක හා සම්බන්ධ රොබෝ අතකින්ද කරනා අයුරු මේ වීඩියෝවේ දැක්වේ. වෙනකක් තබා අත්සන පවා මෙමගින් යෙදිය හැකිවීම අනාගතයේ බොහෝ තීරණාත්මක දේවලට කෙබඳු බලපෑමක් ඇතිකරයිද?




Friday, December 2, 2016

ලෝක යුද්ධයේ සන්නිවේදනය කෙසේවුනිද?

20 වන සියවසේ මූලාරම්භයත් සමග සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ විප්ලයන්ද සිදුවෙමින් පැවතුන අතර රැහැන් ආධාරයෙන් සිදුවූ electric telegraph ක්‍රමය වෙනුවට රැහැන් රහිත නොඑසේ නම් “wireless telegraphy”, ගුවන් විදුලිය සහ දුරකථන මගින් සන්නිවේදනය දියුණු වෙමින් පැවතුනා. 1915 සිටම යුද්ධයට යොදා ගැනුන නිරීක්‍ෂන ගුවන් යානාවලට ගුවන්විදුලි තාක්‍ෂනය ඔස්සේ තොරතුරු හුවමාරුවට ඇවසි උපකරණ, උපාංග සවිකරනු ලැබූ අතර එමගින් කාලතුවක්කු බල ඇනි වලට සිය ප්‍රහාර කුමන ස්ථානයකට එල්ල වුනිද, එය නිවැරදිද, නොඑසේ නම් දිශානතිය කොපමණ දුරකට වෙනස් කළ යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. එසේම පාබල හමුදාවන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ කොයි ස්ථානයක රැදී සිටිය යුතුද යන වග දැනුම් දෙනු ලැබුවා. මෙය යුද ඉතිහාසය තුල මෙන්ම තාක්‍ෂනික වශයෙන්ද ප්‍රධාන පෙලේ දියුණු තත්ත්වයක් වූවා පමණක් නොව සමස්ථ යුද්ධය පුරා අවසානය තෙක් පරිපූර්ණ වශයෙන් කාර්යක්‍ෂමතම ක්‍රියාදාමයද වූවා.

භූමියේ යුද හමුදාව මෙන්ම නාවික හමුදාවද මෙම නව තාක්‍ෂනයට ඉක්මනින්ම තම මෙහෙයුම් සදහා යොදා ගත් අතර නාවික සටන් භූමියේ සටන් වලට වඩා තීවුර වීමටද මෙම නව සන්නිවේදනය ඉවහල් වූ බව පැවසෙනවා.

කෙසේවෙතත් ගුවන් විදුලි සන්නිවේදනය ආරක්‍ෂිත බවෙන් හීන ක්‍රමයක් බවද සදහන් කළ යුතුය. මන්ද එම පණිවිඩය මිතුරු-සතුරු දෙපාර්ශවයටම ශ්‍රවණය කළ හැකි වීමයි. මේ නිසා විවිද රහස් කේතයන් මගින් අවශ්‍ය පණිවිඩය තම පාර්ශවයේ අනෙක් අන්තයට දැනුම් දීම කරනු ලැබූ අතර දක්‍ෂ කේත විශ්ලේෂකයන්ට සතුරු පාර්ශවයේ කේතයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිරාවරණය කිරීම අපහසු දෙයක් වූයේද නැහැ. තවත් කාරණයක් වන්නේ නැගෙනහිර යුද පෙරමුණ බිදී යාමට එක් හේතුවක් ලෙසද සලකන්නේ රුසියානුවන් සිය පණිවිඩ හුවමාරුවට මොනම කේත ක්‍රමයක් යොදා නොගැනීමයි. මේ නිසා එම යුද පෙරමුණේ සිටි ජර්මානුවන්ට ඉතා පහසුවෙන්ම රුසියානුවන්ගේ ඊලඟ පියවර කුමක්දැයි දැන ගැනීමේ හැකියාව ලැබී තිබු බවද පැවසේ.

කෙසේවෙතත් භූමියේ මෙහෙයුම් කළ හමුදාවන්ට ගුයන් විදුලි මගින් පණිවිඩ හුවමාරුව අනාරක්‍ෂිත වූ නිසා එයට වඩා ආරක්‍ෂිත ක්‍රමයක් ලෙස දුරකථන ක්‍රමවේදයක් ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගත් අතර එය Field telephones ලෙස හැදින්වූවා.  සතුරාට තොරතුරු ලැබීමේ හැකියාවේ යම් අඩුවක් සිදුවුවත් මේ සදහා යොදා ගත් රැහැන් ආදිය කාලතුවක්කු ප්‍රහාරයන්ට ලක්ව කැඩී යාම වැනි කාරණා නිසා නිරතුරු අළුත්වැඩියා සිදුකරන්නට සිදුවීම තවත් කරදරකාරී ක්‍රියාදාමයක් බවට පත්ව තිබුනා.

යුද්ධය තව තවත් උණුසුම් වෙත්ම සන්නිවේදනය වඩාත් බරවී තිබුනේ තම පාර්ශවයේ අන්ත දෙකක් හරහා ලියන ලද පණිවිඩ රැගෙන යන පණිවිඩ රැගෙන යන්නන් මතයි. මොවුන් runners ලෙස හැදින්වූ අතර සත්‍ය වශයෙන්ම කියනවා නම් යුද්ධයේ සිටි නිර්භීතම පිරිස ලෙස හැදින්වූවත් වරදක් නැහැ. මන්ද සතුරු-මිතුරු දෙපාර්ශවයෙන්ම එල්ල වන කාලතුවක්තු, මැෂින් තුවක්කු ප්‍රහාර වලට මැදිවී මියයාමට හෝ තුවාල ලැබීමට මෙන්ම යම් හෙයකින් සතුරාට අහුවුනහොත් පණිවිඩය දැනගැනීම කෙසේවෙතත් විවිද වදබන්ධනවලට ලක්වීමට සිදුවීම යන අවධානමද රැගෙන රාජකාරිය සිදු කළ යුතුවූවා. අප හොදින්ම දන්නා එවැනි රාජකාරියක් කළ අයෙකු සිටියේය. ඔහු වෙනකෙකු නොව දෙවන ලෝක යුද්ධයේ නියමුවා වූ ඇඩෝල්ෆ් හිට්ලර්ය. සාමාන්‍ය සෙබලෙකු ලෙස යුද්ධයට එක්ව ඔහුගේ මෙම නිර්භීත හා තද ඕනෑකම runner කෙනෙකු ලෙස තිබු පමණක් නොව ඔහු එලෙස කිහිපවිටකම තුවාල ලැබීමටද මෙම රාජකාරිය හේතුවූවා. ඔහුගේ ධෛර්යය හා නිර්භීතකම නිසා කෝප්‍රල් නිලයට උසස් වීමටද හැකිවූවා. 

ගුවන් යානා වලට කැමරා සවිකිරීම පසු කලෙක සිදුවූවා මෙන්ම නියමුවාට අමතරව ගමන් ගත් ගුවන් භටයෙකු භූමියේ ඡායාරූප කැමරා මගින් ගැනීම මෙම යුද්ධයේදී ඇරඹී තිබුනා. 

තවද කුඩා රොකට් ආකාරයක උපාංගයක් ඔස්සේද පණිවිඩ ඒ ඒ අන්තයන්ට යැවීම සිදුකරන ලැබූ අතර එය එක් අතකින් අප රටේද පුරාණයේ භාවිතා වූ ඊතලයක දවටා විදීමෙන් පණිවිඩ යැවීම හා යම් සමාන කමක් තිබුනා.

සතුන් මගින්, විශේෂයෙන් පරවියන් ආධාරයෙන් පණිවිඩ හුවමාරුව බහුල ලෙස එදා සිදුවූ අතර එය 95% ක තරම් සාර්ථකත්වයකින්ද යුතු වූ බව පැවසෙනවා. මිලයන භාගයක එනම් ලක්‍ෂ පහක පරවියන් ප්‍රමාණයක් මෙලෙස පණිවඩි හුවමාරුවට සතුරු-මිතුරු දෙගොල්ලාම යොදා ගෙන තිබුනා. පරවියන්ට අමතරව බල්ලන්ද පණිවිඩ ඒමේ අත යැවීමට යොදා ගෙන තිබුනා.

මීට අමතරව තම පාර්ශවයට පෙනෙන ලෙස කොඩි වැනීම, අලෝක දැල්වීම වැනි එතරම් ආරක්‍ෂිත නොව ක්‍රමවේදයන්ද භාවිතා කර තිබූ බව පැවසෙනවා.

Monday, November 28, 2016

Heat Gun නැතහොත් Hot Gun එකක් ගෙදරදීම ඉතා අඩුමිලකට සාදා ගන්න ඔබත් කැමතිද?

Heat Gun නැතහොත් Hot Gun එකක් කියන්නේ මොකක්ද?

මේ උපකරණයෙන් ගැන කෙටියෙන් කියතොත් 100 °C සිට 550 °C (200-1000 °F) තාපය නිකුත්කරන උපකරණයක්. විවිද කර්මාන්තමය කාර්යයන් වගේම විවිද කලාත්මක නිර්මාණ තැනීමටත් මෙය භාවිතා කරන්නවා. 

මේ තිබෙන්නේ එලෙස කලාත්මක කටයුත්තක් කිරීමට අප මේ කතා කරන උපකරණය භාවිතා කරන අවස්ථාවකට උදාහරනයක්.

එසේම විවිද කාර්යයන් සදහා භාවිතා කරන අවස්ථා කිහිපයක් තමයි මේ සටහන් කර තිබෙන්නේ.

1. Shrink Wrapping – from videos to gift baskets and beyond, when it comes to shrink wrapping the heat gun is the only way to go. Here’s a video that compares shrink wrapping with a heat gun vs. a hair dryer. Who do you think will win?

2. Desoldering – one of our specialties is in the electronics department and desoldering is one of the more common uses among our customers. There are many attachments that make it easy to direct the heat to just one component.

3. Paint Drying – probably a more obvious use is to dry paint once it has been applied. If there’s work that needs to be done to a freshly painted wall but can risk messing up the paint, this can decrease your wait time dramatically.

4. Heat Shrink Tubing – another customer favorite is using a heat gun to shrink tubing and around wires for wire harnesses and connections.

5. Paint Stripping – when stripping old paint from furniture or other woodwork, use a heat gun as an alternative to paint solvents or other harsh chemicals. It’s safer and more environmentally friendly! This article from eHow shows us how easy it really is.

6. Weld Plastics – the process is very similar to stick welding. Using a special nozzle for the heat gun and strips of plastic called welding rods, you can weld anything from PVC pipe to floor tiles.

7. Join Tarps – another plastic welding use but deserves its own number is tarp welding. Using a slit nozzle for the heat gun, overlap the two tarps heat the sides then immediately press together the two sides using a roller. This is great for large tents, awnings, trucking or even tarps for pond liners – anything you need a very large tarp.

8. Soften adhesives – Have you ever tried to get a bumper stick off of your car? If you have, you know how difficult that task is to tackle. Just heat the area with a heat gun and peel off. Any remaining residue can be removed using bug & tar remover or WD-40.

9. Restore Trim – You’ve seen older cars that used to have black trim but now look more like a dull gray. Using a heat gun you can restore that trim to its original shine! Video demo.

10. Thaw Frozen Pipes – It’s the dead of winter and you turn on the faucet to make some hot tea or coffee. One problem, no water comes out! Time to break out the heat gun. If you have pinpointed where the frozen pipe is you can apply heat to thaw it out. Be sure your pipes can handle it otherwise if you heat the pipe too rapidly or the pipe just can’t handle the heat, it may burst.

11. Embossing – This one is for all our crafts people out there. Used in conjunction with rubber stamping, embossing powder and special ink, the heat raises the embossing powder creating a nice embossed design. Step by step embossing instructions.

12. Wax The Snowboard – For a quick way to get the perfect coat of wax on your snowboard or skis use a heat gun. This guy shows us how to do it in minutes.

13. Make Candles – You just created the perfect candle when you notice a nick or it’s not level on top. A heat gun makes an easy fix of any defects along with a few other neat tips we picked up reading this article.

14. Roasting Coffee – Who’d a thought getting the perfect roast could be is easy as using a heat gun. An article by Jim Liedeka says he uses temperatures up to 750 F. We can definitely accommodate that!

15. PVC Pipe Bending – Plumbers love heat guns for this reason. Using a heat gun and a special wire coil you can bend a piece of PVC pipe at just about any angle without using any adhesives or elbow joints. Not only convenient but also dramatically speeds up the job because you don’t have to wait for any glue to dry before testing if the seal around the joint is ok.

16. Upholstering Furniture – This is mostly used when upholstering with vinyl. The heat makes it much easier to stretch the vinyl around the piece of furniture you are upholstering. When it cools it will be a perfectly fitted upholstery job.

17. Window Tinting – What you’re actually doing here is heat shrinking the tint film to the window. All you need is tint, a smoothing tool and, of course, a heat gun.

18. Molding Skates – You can mold ice skate or roller blades for a custom form fitted boot. The types of skates that can be molded are usually constructed of a type of carbon fiber composite. Check with the manufacturer to be sure your skate is heat moldable.

19. Dent Removal – For small shallow dents that don’t have creases in it may be able to be removed yourself. Using a heat gun, gently warm the area then apply dry ice to quickly cool the metal contracting it and popping out the dent. Be careful not to over heat the metal or you’ll be doing #5 to your paint.

20. Vinyl and Leather Repair – Trimming stray fibers, applying adhesive and filler compound, press a special textured cloth over the tear, heat with heat gun. That’s all there is to a do-it-yourself vinyl and leather repair.
මේ තිබෙන්නේත් මෙම ලැයිස්තුවේම තිබුන කාර්යයක් එනම් සටිකරයක් වැනි දෙයක් ඉවත් කිරීමට මෙම උපකරණය යොදා ගන්නා ආකාරයයි.


සාමන්‍යයෙන් වෙළඳපොලේ මෙම උපකරණයක් රු.3000/= ක පමණ සිට ඉහළට තිබුනත් ඊට වඩා අඩු මුදලකට ඇතැම් විට ඉවත ලද උපකරණ කිහිපයකින් මෙය සාදා ගන්නට පුළුවන්. මේ එලෙස නිවසේදීම Hot Gun එකක් සාදා ගන්නා ආකාරයයි.

අවසාන වශයෙන් මෙය කියන්න ඕන. මෙම උපකරණය කලින් පැවසුවා සේම අධික තාපයක් නිකුත් කරන උපකරණයක් ඒ නිසා ඉතාම කල්පනාවෙන් වගේම ප්‍රවේශමෙන් භාවිතා නොකළොත් ඔබට පිළිස්සුම තුවාල වගේම මෙය භාවිතා කර යම් කාර්යයක් කිරීමට යොදා ගන්නා උපකරණ වලටත් දැඩි අලාභහානි සිදුවිය හැකි බව හොදින් මතක තබා ගන්න.

Thursday, September 22, 2016

එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරයා පාරේ යන විට ලබා දෙන ආරක්‍ෂාව කෙබඳුදැයි බලන්න..

මීට වසර දෙකකට මදක් වැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්‍ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන් හැකිය.


https://www.youtube.com/watch?v=kK9SQsUCcT8

අද පළ කළ අනෙක් ලිපි - වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි
                                       යකඩ මතුපිට පච්ඡා කෙටීම

යකඩ මතුපිට පච්ඡා කෙටීම හෙවත් How to Metal Etch...

ඔබ සුලභව භාවිතා කරන පිහියේ, එහෙමත් නැත්නම් විවිද කාර්යයන්ට යොදා ගන්නා ලෝහ මෙවලම් වල ඇතැම් විට උපකරණය නිපදවූ සමාගමේ නාමය, මාදිලි නාමය හෝ කිසියම් සංකේතාත්මක පින්තූරයක් වැනි දේ ලෝහය මතුපිට නැවත මැකිය නොහැකි ලෙස කොටා තිබෙන බව. මෙය හැදින්වෙන්නේ Metal Etching ලෙසයි. 

මෙය ඔබට නිවසේදීම කර ගැනීමට හැකි දෙයක්. එය සදහා භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ සහ රසායණිකයන් පවා ගෙදරදීම සොයා ගැනීමට පුළුවන්. ආරක්‍ෂිත පියවරයන්ද නිසි ලෙස භාවිතා කළ යුතු බව නැවතත් පවසන අතර මෙම වීඩියෝවෙන් එය සිදු කරන ආකාරය පියවරෙන් පියවර ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි සේ ඉදිරිපත් කර තිබෙනවා.

Thursday, September 15, 2016

මහා යුද්ධයේ තවත් පින්තූර රැසක් (ගුවනේ සිදුවූ යුද්ධය පිළිබදවයි) ...

මෙම මහා යුද්ධය ප්‍රධාන ලිපිය ලියනා අතරතුර එයට සබැඳෙන නොදුටු පින්තූර/සේයාරූ කිහිපයක්ම ගෙන එන්නයි සැරසෙන්නේ.

ගුවන් ප්‍රහාර, පළමු ලෝක යුද්ධය ආරම්භය සිදුවන 1914 අගෝස්තුව වන විට කෙසේ යොදාගන්නදැයි අවබෝධයක් එවක යුද නායකයන්ට වූයේ නැහැ. එක් අතකින් ගුවන් යානා යුද්ධයකට යොදා ගෙන තිබුනේ මෙම සුවිශාල සංග්‍රාමය සිදුවීමට යන්තම් වසර 10 ක් අතරතුර කාලයකදීය. පැහැදිලිවම කියනවා නම් 1911 දී ඉතාලිය හා තුර්කිය අතර ඇතිවූ යුද්ධයකටයි. යුද කටයුතු සදහා එතෙක් ගුවන් යානා නිපදවීමක් සිදු නොවූ අතර සිවිල් කටයුතු සදහා පමණක් එතෙක් ගුවන් යානා නිෂ්පාදනය කළහ.


කෙසේවෙතත් යුද්ධයේ තීව්රතාවය වැඩිවත්ම සතුරාට මොනයම්ම ආකාරයකින් හෝ වැඩි හානියක් කිරීමේ අභිලාශය දෙපාර්ශවය වෙතම තිබූ නිසා යුද නායකයන් වැඩිකල් නොගොස්ම ගුවන් යානා සිය සංග්‍රාමික ශක්තිය වර්ධනය කර ගැනීමට යොදා ගන්නේ කෙසේද යන්න වටහා ගනිමින් සිටියහ. මුලින් ප්‍රහාරත්මක කටයුතු වලට නොව සතුරාගේ ආරක්‍ෂක වලල්ලේ ස්ථානගත වීම පිළිබදව ඔත්තු බැලීමට යොදා ගත්තේ ඒ ස්ථානය නිශ්චිතව දැන ගෙන කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමයි. මෙසේ තමන්ගේ ඔත්තු බලන විට එම ගුවන් යානා පහරදී බිම හෙලීමට අනෙක් පාර්ශවයේ ගුවන් යානාද සැදී පැහැදී සිටි අතර එක්කෝ සතුරාගෙන් ගැලවී යාම හෝ සතුරාට පහර දී එය බිද හෙලීම සදහා ගුවනේ මේ දෙපාර්ශවය අතර ගැටුම් නම් උත්සන්නව පැවතින. ගුවනේ සිදුවූ මෙවැනි ගැටුම් හැදින්වූවේ Dogfight ලෙසටයි.


මේ දෙයත් කිව යුතුය. භූමියේ සටන් කළ යුද භටයාට වඩා ගුවන් භටයාට සුව පහසු ජීවිතයක් මෙම යුද සමයේදී ලැබුහ. භූමියේ භටයා මඩගොහොරු වල සීතලේ ගැහෙමින්. නොනවත්කාවා එල්ලවන තුවක්කු ප්‍රහාර නිසා තැතිගැන්මෙන් හා බියෙන්ද, කුසගින්නේද, මදුරුවන් සහ අනෙකුත් පීඩාකාරී කෘමිසතුන්ගේ අඩම්තේට්ටම් වලටද ලක්වෙමින්ද, ඇතැම්විට දින ගණනක් මාරු නොකරන ලද ඇදුම් කට්ටලය භාවිතා කරමින් කට්ට කද්දී, ගුවන් භටයන් සුවපහසු යහන්, ඇදුම්පැලදුම්, ප්‍රිය සම්භාෂන, ප්‍රණීත ආහාරපාන, රූමත් කාන්තාවන් අතරද ගැවසෙමින් ආඩම්බරකාර ජේත්තුකාර ජීවිතයකට උරුමකම් කීහ. හැබැයි එක් දෙයක් පැවසිය යුතුය. ඒ ඔවුන්ගේ ජීවිතාපේක්‍ෂාව බොහෝවිට ගණනය කෙරුනේ  දින 3-5 ක් වැනි කාලයකටයි. ඇතැම් විට පළමු ගුවන්ගත වී සුළු මොහොතකින්ම ඔවුන්ගේ ජීවිතය අවසානය උදාවීම සුලභවිය. එයට හේතුව ප්‍රාථමික අවස්ථාවේ පැවති ගුවන් සංග්‍රාමික යානා හා උපකරණ වල ඇතිවිය හැකි දෝෂ නිසා නැවත පොළවට පැමිණීමට පෙරම එම යානයද සමග විනාශව යාමට තිබූ ඉඩකඩ, සතුරු ගුවන් යානායක ප්‍රහාරයකට ගොදුරු විය හැකි වීම හෝ භූමියේ සිට ගුවන් යානාවෙත සතුරන් එල්ල කරන ප්‍රහාරයකට ලක්ව මිය යාමට තිබූ ප්‍රවණතාවය සහ ගුවන් යුද නිපුණත්වයේ තිබූ අඩුපාඩුයි.

ගුවන් නියමුවන්ට මේ ආකාරයේ ඇදුමක් ලබා දී තිබුනි.

මේ ආකාරයේ බෝම්බ ගුවන් යානා මගින් බිමට හෙළු අතර මුලින් සිදුවූයේ ගුවන් නියමුවාටම යානයේ පැත්තකින් බෝම්බය අතින් ගෙන බිමට දැමීමටයි. එහෙත් පසුව එය යාන්ත්‍රිකව සිදු කිරීමට හැකි වන සේ මෙවලම් ගුවන් යානාවලට අළුතින් එක් කරන ලදි. එම යන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම ගුවන් නියමුවා විසින්ම හෝ ඔහු සමග අැතැම් යානාවල යන සහායක නියමුවා අතින් සිදුවිය.




මුල්ම ගුවන් යානා නාශක අවි මෙවැන්නකි. කෙසේවෙතත් මෙය ගුවන් යානා නාශනයටම තැනූවක් නොවූ අතර ටෝපිඩෝ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කිරීම සදහා නැව් වල සවිකරන ලද ගින අවියකි. විවිද ආනතයන් ඔස්සේ වෙනස් කරමින් ප්‍රහාර එල්ල කිරීමෙ හැකියාව නිසා භූමියේ සිට ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කිරීමටද මෙය ප්‍රයෝජනවත් විය.

පෙර පැවසූ පරිදි ගුවන් සංග්‍රාමික ශිල්පය ආගන්තුක දෙයක් විය. ඒ නිසා ඒ පිළිබදව දැන කියා ගැනීමට ප්‍රවීණයන් නොවූ අතර කාටත් මුල සිටම ඉගනගතයුතු ශිල්පයක් විය. මෙම බ්‍රිතාන්‍ය ගුවන් හමුදා පෝස්ටරයෙන් දැක්වෙන්නේ "කොහොමද ජර්මන් ගුවන් යානාවලට පහර දී බිම හෙලන්නේ" යන්නයි. කෙසේවෙතත් පොළවේදී හදාරනු ලබන මෙම න්‍යයයන් අහසේ යුද වදිද්දී ඒ ආකාරයටම භාවිතා කිරීම ප්‍රායෝගික නොවීය.

1915 සිසිර ඍතුව වන විට පළමු ජර්මන් ගුවන් නෞකාව බ්‍රිිතාන්‍යයේ රාත්‍රී අහසේ දිස්විය. සුවිශාල හා සෙමින් ධාවනය වන මෙම යාත්‍රා දුටුවිට ප්‍රහාරයටත් පළමුව බිම සිටියවුන් මුල් අවධියේ භීතියට පත්වූ පවද පැවසේ. කෙසේවෙතත් සමස්ථ යුද්ධය තුල මෙම ගුවන් නෞකාවල දායකත්වය ලබාගත්තේ අඩුවෙන් බවද සදහන්ය. ලෝකයේ මුලින්ම ගුවන් නෞකාවද තනනු ලැබුවේ ජර්මානුවෙකුවන Count Ferdinand Von Zeppelin විසිනි. ඒ 1900 වසරේදී. මේ නිසා ගුවන් යානා සත්‍ය වශයෙන් හදුන්වනු ලැබුවේද Zeppelin යන නාමයෙනුයි. සෙමින් ගමන් කළත් යුද්ධයේ මුල් අවධියේ මෙම යානාවලට වාසි සදහගත තත්ත්වයක් තිබුනි. එයට හේතුව මෙම ගුවන් නෞකා වලට ගුවන් යානා වලට වඩා ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබූ නිස වෙඩි තබා බිද හෙලීමට අපහසුවීමයි. ඒ නිසා පොළොවේ පිහිටි සතුරු ඉලක්ක වලට බෝම්බ හෙලීමට ප්‍රයෝජනවත් විය. 


එහෙත් ටික කලක් ගතවත්ම මෙම ගුවන් නෞකාවලටත් වඩා ඉහලින් පියාසර කළ හැකි ගුවන් යානා නිපදවුන අතර ඒවාගේ උණ්ඩ වලට ගොදුරුවීමෙන් Zeppelin යානා බිම පතිත කරලීම මහලොකු දෙයක් නොවීය. මේ කාරණය නිසා 1917 වත්දී දෙපාර්ශවයම සිය Zeppelin යානා යොදා ගත්තේ මුහුදේ ඔත්තු බැලීමේ කටයුතු සදහා පමණි.

මෙන්න මේ හතරදෙනා තමයි පළමු ලෝක යුද්ධයේ කැපී පෙනුනම නියමුවන්.

කොහොමවුනත් දක්‍ෂතාවය, තැනට සුදුසු ලෙස ක්‍රියාකිරීම, ප්‍රායෝගිකත්වය සහ වාසනාවත් තිබූ ගුවන් නියමුවන් අර මුලින් කියුව දින කිහිපයේ ආයුෂත් ඉක්මවා ජීවත්ව තම ඉහල දක්‍ෂකම් වෙනුවෙන් සම්මාන පදක්කම් පවා ලබා ගෙන තිබෙනවා. මෙම BLUEMAX කියන පදක්කම ජර්මානු ගුවන් නියමුවන්ට ලබා දුන් ඓතිහාසික ගෞරව පදක්කමක් කියුවත් වරදක් නැහැ. එයට හේතුව තමයි මේ දැක්වෙන පදක්කම මුලින් දී තිබෙන්නේ 1740 දී එවකට ජර්මනිය හැදින්වුන ප්‍රසියාව කියන රාජ්‍යයයේ පාලකයා වූ මහා ෆෙඩ්රික් රජු විසින් එදා සිටි යුද විරුවන්ටයි. එය නැවත වරක් සියවස් දෙකකට ආසන්න කාලයකට පසුව ගුවනේ දස්කම් පෑ නියමුවන්ටත් ලබා දී තිබෙනවා. හැබැයි එය සතු කර ගැනීමට මුලින් ගුවන් යානා 8 ක් බිම හෙලිය යුතුව තිබූ අතර පසුව එය 16 දක්වා වැඩි කර තිබෙනවා.

මෙන්න මේ සබැඳියෙනුත් වැඩි විස්තර දැන ගන්න පුළුවන්.  https://en.wikipedia.org/wiki/Aviation_in_World_War_I

පළමු ලෝක යුද්ධය ගැන ඊලඟ ලිපියෙන් හමුවෙමු...

Wednesday, September 7, 2016

How To SEE And Fix Electrical Shorts

වසරක් පමණ බ්ලොග් ලිවීමෙන් විරාමයක් නොදැනුවත්වම ගැනීමෙන් අනතුරුව මේ ටික වෙලාවකට කලින් දකින්නට ලැබුන සිත් ඇදගත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් පිළිබදව ඔබවද දැනුවත් කිරීමට සිතුවා. මෙය ඇත්තෙන්ම අවශ්‍යවෙන්නේ වාහන විදුලි කාර්මිකයන්ටයි. මෙයින් අපගේ පියවි ඇසින් දකින්න නොහැකි විදුලි දෝශ පිළිබදව දැක ගැනීමේ අවස්ථව ලබාදී තිබෙනවා. මෙන්නට එයට අදාල වීඩියෝව.




(කිසියම් වූ තාක්‍ෂනික ගැටළුවක් හේතුවෙන් බ්ලොග් ලිපිය තුලදී වීඩියෝව ක්‍රියාත්මක නොවන නිසා මෙම Link එක භාවිතයෙන් වීඩියෝව නරඹන ලෙස ඉල්ලමි).

Monday, June 30, 2014

යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා සහ එහි කාර්යය වෙනස් වූ හැටි‍‍‍...

ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී මෙම යානා විශේෂයන් ඔත්තු බැලීම සදහා පමණක් යොදා ගත්තද ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව දියත් කළ සංග්‍රාම වලදී ඩ්‍රෝන යානා සතුරන් නැසීමේ මෙවමක් ලෙසද භාවිතා කරනු ලැබුවා. 

හැබැයි මෙම UAV ඉතිහාසය අද ඊයෙක එකක් නොවෙයි. 1916 දී තමයි මුලින්ම නියමුවන් රහිත ගුවන් යානායක් ගුවන් ගත කරන්න බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් විද්‍යාඥයකු වූ Archibald Montgomery Low විසින් උත්සහ දරලා තිබෙන්නේ. එහෙත් එම වෑයම සාර්ථක වෙලා නම් නැහැ.
http://en.wikipedia.org/wiki/Archibald_Low

කෙසේවෙතත් එයින් වසර 35 කට පමණ පසුව ජෙට් තාක්‍ෂනයෙන්ද යුතු නියමුවන් රහිත යානා නිපදවීමට Ryan Aeronautical සමාගම සමත් වූවා. ඔවුන්ගේ එම සාර්ථක නිපැයුම Ryan Firebee ලෙස හැදින්වූ අතර එය එක් නිපැයුමක් නොව විවිද අංගවලින් දියුණු කරන ලද නිපැයුම් පෙලක් ලෙස හැදුන්වනු ලබනවා.
http://en.wikipedia.org/wiki/Ryan_Aeronautical_Company
http://en.wikipedia.org/wiki/Ryan_Firebee

1973 දී ඊශ්‍රායලයේ Tadiran Electronic Industries විසින් නිපවනු ලැබූ Tadiran Mastiff නම් වූ නියමුවන් රහිත යානය අද භාවිතා කරන යානාවල ආකෘතියේ මූලාරම්භකයා කියුවත් වරදක් නැහැ. මුලින්ම Data-link එකක් යොදාගත් යානා විශේෂය මෙය වූවා. ඒ නිසා  real-time video streaming පහසුකම ලබාදීමේ හැකියාවද මේ යානාවල යුතු වූ නිසා ඔත්තු බැලීමේ කාර්යයටද ඉතාමත් යෝග්‍ය වූවා.
http://en.wikipedia.org/wiki/Tadiran_Mastiff

UAV යානා ‍ ක්‍ෂෙත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1994 දී General Motors ආයතනය විසින් නිපදවනු ලැබූ General Atomics MQ-1 Predator යානා විශේෂයට AGM-114 Hellfire මිසයිල දෙකක් රැගෙන යාමට පමණක් නොව ඒවා අදාල ඉලක්කය වෙත නිවැරදිව එල්ල කරමින් විනාශයටද ලක් කිරීමේ හැකියාවද ලබාදී තිබූ අතර මෙම මිසයිල දෙකට අමතරව වෙනත් ගිනිඅවිද සවිකර තිබූ නිසා ඇමරිකාවේ උදහසට ලක්වූ සතුරන්ට භීතියක් ගෙන දුන්නාට සැකයක් නැහැ. එසේම මෙහි කැමරා උපාංග සහ සංවේදක උපකරණද පෙර තිබූ යානාවට එම උපකරණ වලට වඩා තවත් දියුණු තත්ත්වයට පත් ඇති බවත් පැවසෙනවා. මෙම යානා ඇමරිකානු ආරක්‍ෂක විසින් පමණක් භාවිතා කරනු ලබන අතර 1995 සිට ඔවුන් සටන් වැදුන සෝමාලියා, බොස්නියා හා සර්බියා, ඇෆ්ගනිස්ථාන, ඉරාක, යේමනය හා ලිබියාව තුලත් පකිස්ථානයේ තලෙයිබාන් හා අල්කයිඩා සාමාජිකයන් සොයා සිදු‍කළ මෙහෙයුම් සදහාත් භාවිතා කළ බව පැවසේ.
http://en.wikipedia.org/wiki/General_Atomics_MQ-1_Predator
http://en.wikipedia.org/wiki/AGM-114_Hellfire


එයිනුදු නොනැවතී මේ වන විටත් භාවිතා කෙරෙන F-16 ප්‍රහාරක ජෙට් යානාද නියමුවන් රහිත භූමියේ සිට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන යානාබවට පරිවර්ථනය කරන්නට ඇමරිකානු ගුවන් යානා විශේෂඥයන් කටයුතු යොදමින් සිටින බව ඇමරිකානු සතුරන්ගේ සිත් නොගන්නවා අැති.

මුලින් සාග්‍රාමික කටයුතු පමණක් ඉලක්ක කර තැනුන මෙම නියමුවන් රහිත යානා අදවන විට කුඩාවට මෙන්ම බහුවිද කටයුතු සදහාද භාවිතා කිරීමට හැකි සේ නිරායුද කොට නිපදවා තිබීමත් සතුටින් පැවසිය හැකිය.  

භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව සිදුවූ අවස්ථාවල මිනිසුන්ට පිවිසිය නොහැකි ස්ථාන හා ගලවා ගැනීමට යන පිරිස් වලද ජීවිත වලටද තර්ජනයක් විය හැකි අවස්ථාවල නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කරන අතරම හරිකේන් වැනි අවස්ථාද ආසන්නයේ සිට නිරීක්‍ෂනයටද යොදා ගනී. ගිනිකදු විදාරනය හා වෙනත් විද්‍යාතමත තොරතුරු ගවේෂන කාර්යයන් හිදී මනුෂ්‍ය ජීවිත අවධානමේ යොදනවාට වඩා මෙවන් යානා යොදා ගෙන එම අවස්ථා නිරීක්‍ෂනයටද අදවනවිට විද්‍යාඥයන් පෙළඹී තිබේ. එසේම වදවී යන වන ජීවින් පිළිබදව නිරතුරු නිරීක්‍ෂනයටද මෙම යානා දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රටවල් යොදා ගන්න බව දැනුවත් වීම වැදගත්ය.


මාධ්‍යවේදීන් සිය මාධ්‍යකරණයේදී  ගුවන් මගින් එය නිරීක්‍ෂනයට සහ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද නියමුවන් රහිත යානා යොදා ගන්නා අතර ක්‍රීඩා තරඟ වැනි අවස්ථාවලදීද වර්ථමානයේ මෙම යානා මහෝපකාරීවන බව පැවසේ.

ඩ්‍රෝන යානා විවිදාකාර ප්‍රමාණ‍යන්ගෙන් යුතු වන අතර ද්‍රව හයිඩ්‍රජන් මෙන්ම සූර්ය බලයද බලශක්තිය ලෙස යොදා ගනිමින් පැය 24 කට වඩා වැඩි කාලයක් (ඇතැම් ඒවා දින කිහිපයක් වුවත්) නැවත භූමියට නොපැමිණ ඉහල අහසේ රැදෙමින් සිය කාර්යය සිදු කිරීමට හැකි අයුරින් නිපදවා තිබේ. 



මේ වාසිය සංග්‍රාමික අවස්ථාවල සතුරන්ගේ ඔත්තු බැලීමට සේවා සිවිල් කටයුතු වලදීද ‍යොදා ගැනීමට ගූගල් හා ෆේස්බුක් වැනි සමාගම් දැන් සිටම ක්‍රියාකරගෙන යයි. ඒ මීටර් 20,000 තරම් ඉහල අහසේ දීර්ඝ කාලයක් රඳවා තබමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපහසු භූවිද්‍යාත්මක ප්‍රදේශයන් හිදී සහ තවමත් අන්තර්ජාල පහසුකම් ලබාදී නොමැති සහ ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් යොදවා යටිතල පහසුකම් සැකසිය යුතු ප්‍රදේශයටන්ට අන්තර්ජාලය ව්‍යාප්ත කිරීම තුලින් සිය සේවාවන් සදහා පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට ඔවුන් සැරසේ. එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ලොව මේ වන විට නිපදවා ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා තමන් වෙත නතු කර ගැනීමටද උක්ත සමාගම් විසින් කටයුතු යොදා අවසන්ය.

Monday, June 10, 2013

දැන් ඔබට මහ මුහුදේ දූපතක් වැනි බෝට්ටුවක් හිමි කර ගත හැකිය -

ඇතැම් ධන කුවේරයන් නම් තමන්ටම කියා දූපත් පවා අයිති කර ගෙන සිටින බව ඔබ නොදන්නවා විය නොහැකියි. මේ කියන්නට යන්නෙත් එවැනිම දෙයක්. හැබැයි මෙය මුහුද මැද තිබෙන සාමාන්‍ය දූපතක් නම් නෙමෙයි. මෙය බෝට්ටුවක්. හැබැයි මෙහි බාහිර පෙනුම නම් දූපතක් වගේමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ එක්සත් රාජධානියට අයත් සමාගමක් වන Yacht Island Designs නම් සමාගම විසිනුයි. 

මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි. ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.




ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.

තවත් දෙයක් නම් මෙම යාත්‍රාවේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.

මෙන්න මේ වෙබ් අඩවියේ මේ ආකාරයේ හැඩරුවක් වගේම තවත් වෙනස් ආකාරයේ හැඩ රුව ගන්නා බෝට්ටු නිර්මාණය කරනා බව ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි.
http://www.yachtislanddesign.com/

Tuesday, February 12, 2013

විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක්

විදුලි බලය නිපදවීමට ලෝකයේ විවිද ක්‍රම භාවිතා කළත් ජල විදුලිය, සුළං, උදම් බලය, සූර්ය ශක්තිය හැරුන කොට ඛනිජ තෙල් දහනය හෝ න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම වියදම් අධික මෙන්ම පාරිසරික අවධානමක් ඇති ක්‍රම ලෙස නම් කළ හැකියි. මේ ක්‍රම වලට වඩා කුඩා පරිමාණයේ විදුලිය නිපදවීමේ ක්‍රම ලෝකයේ බෝහෝ ස්ථාන වල භාවිතා කළත් ඒවා පිළිබදව ලෝකයට දැන ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. මෙලෙස කුඩා පරිමාණයේ වගේම පාරිසරික වශයෙන් හිතකාමී ක්‍රම කිහිපයක් පිළිබදව අප එදිනෙදා භාවිතා කරන සම්පත් කිහිපයක් නැවත නැවත සහ පාරිසරික වශයෙන් හිතකාමී ලෙස භාවිතා කරන අවස්ථා කිහිපයක් ගැනත් ඔබට කියන්නට මෙම ලිපිය ලිව්වා.

නොමිලේ කා විදුලිය නිපදවා දෙන්න.
මෙසේ නොමිලේ සප්පායම් වී ඒ වෙනුවෙන් විදුලිය නිපදවාදීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර The Crowne Plaza හෝටලයේය. මෙම අවස්ථාව එහි නවාතැන් ගන්නා අමුත්තන්ට පමණක් ලැබෙන බව පවසන අතරම ඔවුන්ට නොමිලේ ආහාරපාන ලබා ගැනීමට $36 (26 euros; £23)ක වවුචරයක් ලබා දෙනු ලැබේ. මෙයට හිලව්වීමට ඔවුන් කළ යුත්තේ හෝටල‍යේ විදුලිය උත්පාදනය කිරීමේ යන්ත්‍ර අමුනා ඇති ව්‍යායාම බයිසිකලයක් පැද වොට් 10 ක විදුලියක් නිපදවාදීමයි.

මෙම දත්ත මැන ගැනීමට iPhones උපකරණ බයිසිකලයට සවිකර තිබෙන අතර කෝපන්හේගන් නුවර වැසියන්ගෙන් 30% ක් තම ශරීර සෞඛය ගැන සිතා බයිසිකල් පැදීමේ කාර්යයේ පුරුද්දක් ලෙස නියැලෙන නිසා මෙම වැඩ පිළිවෙල වසරක කාලයක් සදහා දියත් කළ බව අදාල හෝටලයේ පරිපාළනය පවසා තිබෙනවා.
http://news.bbc.co.uk/2/hi/europe/8621038.stm

කඩදාසිless, තීන්තless සහ සම්පූර්ණයෙන්ම Reusable මුද්‍රණ යන්ත්‍රය
‍කව්ද කියන්නේ computer printout එකක් ගන්න කඩදාසි, Toner/Ink ඕනමයි කියලා. දැන් එහෙම ඕන නැහැ. PrePeat කියන printer එක ඊට විසදුමයි.

මෙහි භාවිතා වෙන්නේ thermal head එකක්. ඒකෙන් විශේෂිත Polyethylene terephthalate හෙවත් PET කියන ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවූ පත්‍ර වර්ගයේ අදාල මුද්‍රණය සිදු කිරීමෙන් තමයි අපි සුපුරුදු ලෙස භාවිතා කරන මුද්‍රණ කාර්යය කර දෙන්නේ. මේ ප්ලාස්ටික් පත්‍ර මත ලියන දෙක් පහසුවෙන්ම මකා දැමිය හැකි නිසා නැවත නැවත ඒවා අදාල කාර්යයට යොදා ගන්න හැකි බවත් පැවසෙනවා. එය විවිද උශ්නත්වයන් යොදා ගෙන පත්‍රමත ලිවීමෙන් මකා දැමීම හෝ නැවත ලිවීමට හැකි බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් 1000 වාරයක් පමණ එක පත්‍රයක් මකමකා භාවිතා කළ හැකි බව පැවසෙතත් මේවාට යොදන්න වෙන බරපැන නම් සුළුපටු නැහැ.Printer මිළ $5,600 ක්. ඒ කියන්නේ රුපියල් වලින්ම ගත්තොත් දළ වශයෙන් රු.725,000/= ක් පමණ. ඒවිතරක්ද මේකට භාවිතා කරන ප්ලාස්ටික් පත්‍රයක මිළ $3.36 ක් (රු.450/= ක් විතර). ඉතින් අන්න ඒ බරසාර මිලත් දරන්න පුළුවන් නම් මේ Printer එක නරක නැහැ.

පරිසර හිතකාමී හරිත වර්ණ වහල
මේ හරිත වර්ණ අමුතුම වහල දකින්නට ලැබෙන්නේ සිංගපූරුවේ Nanyang තාක්‍ෂනික විශ්වවිද්‍යාලයේදිය. වහල මත පවා පොළම මත මෙන් නිදහසේ ඇවිදීමට හැකි තණකොල ඇති මතුපිට මෙන්ම එම ගොඩනැගිල්ලේ මධ්‍යයේ ඇති වැහිදියෙන්ම පිරෙන පොකුණු ආදිය නිසා දැනෙනා සිසිලසෙන් වායුසමීකරණ යන්ත්‍රවලට පැවරී ඇති වැඩරාජකාරී අවම කර ඇතිවාට සැක නැහැ.




ඔබ අත සෝදා ඉවත ලන දිය ජීවය රැකදෙන ගසකට ලබා දෙමු
පොලිශ් කරනා ලද කොන්ක්‍රීට් වලින් නිම කළ මෙම sink එක භාවිතයෙන් ඔබ අත සෝදා ඉවත ලන ජලය ඔබ ආසා කරන මල් පැලයට භාවිතා කළ හැකිය.


නට නටා විදුලිය නිපදවමු
මේක තිබෙන්නේ ලන්ඩන් වල Surya කියන bar එකේ වන අතර මෙහි පොළව සාද ඇත්තේ springs යොදා විශේෂ ආකාරයකටයි. මේ පොළම මත සිට ඉවක් බවක් නැතුව රෑට නටන විට ඇති වන තෙරපුම ආධාර කර ගනිමින් විදුලිය උත්පාදනය කරගනු ලැබේ.




දියකාවෙක් වගේ වතුර නනා හිටිය කාලය ඉවරයි?
නාන්න ගිහින් ඕනවට වඩා වතුර නාස්ති කරන එක වලක්වන්න  Tommaso Colia කියන නිර්මාණකරුවා අළුත් සොයා ගැනීමක් කරලා ඉවරයි. 

මෙය නමින් හදුන්වන්නේ eco_drop shower කියලයි. ඕනවට වඩා වතුර නාස්ති කරලා නානවානම් මේ පුවරු ඉහලට එසවිලා දැන් නැවා ඇතියයි ඔබට අඟවා මේ බාධක මැද ඔබට නාන එක එපා කරවාවි.

ඔ‍බගේ විදුලි නාස්තිය කේන්තියෙන් කියනා ස්විචය
බලශක්තිය ඉතිරි කරගැනීමත් දැන් කුඩා වියේ සිටම දරුවන්ට කියා දිය යුතු මාතෘකාවක් වෙලා. කුඩා දරුවන්ට මේ පාඩම කියාදෙන්න වගේම වැඩිහිටියන්ටත් අමතක වෙලා පැය ගානක් දල්වලා තියෙන විදුලි බුබුළු ගැන වර්ණවත් ලෙස අප්‍රසාදය පළ කරන්නට තැනූ ස්විචියක් ගැන තමයි මේ. මෙය නිපදවා තිබෙන්නේ Tim Holley නම් අයෙක් විසින් වන අතර ඔහු මෙය නම් කර තිබෙන්නේ Tio ලෙසයි. 

ටිකක් අමුතු හැඩයක් ඇති මෙම ස්විචය සම්බන්ධ විදුලි බුබුළු පැයකට අඩු කාලයක් දැල්වී පවතී නම් කොළ වර්ණයෙනුත්, පැය හතරකට වඩා නම් තැඹිලි සහ පැය අටකට වඩා නම් රතු පැහැයෙන්  ඇහැට දැනෙනා ලෙසත් වර්ණවත් වීම සිදුවන අතරේම මෙම ස්විච පරිගණකයකට ඒ වෙනුවෙන් තැනූ වැඩසටහනක් ආධාරයෙන් සම්බන්ධ කර ඇති නිසා කොපමණ විදුලිය ප්‍රමාණයක් ඉතිරි කළාද වැනි තොරතුරු දරුවන්ට සිත්ගන්නා සුළු ආකාරයකට දැන ගැනීමටත් සලස්වා තිබෙනවා. එම පරිගණක වැඩ සටහන ඔහු නම් කර තිබෙන්නේ “virtual tree” නමින්.


ස්ටේප්ලර් කටු නැති ස්ටේප්ලරය
අපි නොහිතුවට ස්ටේප්ලර් කටුත් පරිසරයට වදයක් බවයි පැවසෙන්නේ. මේ තත්ත්වය දුරු කිරීමට ස්ටේප්ලර් කටු භාවිතා නොවන ස්ටේප්ලරයක් නිපදවා තිබෙනවා.කටු වලින් අමුනනවා වෙනුවට එකට එකතු කිරීමට ඇවසි කඩදාසි වල සාදන කුඩා සිදුරක් සහ ඒවා එකට ඈදීමේ උපක්‍රමයක් මගින් කටුවලින් කරනා කාර්යය කරනා බවයි පවසන්නේ.

("cuts out tiny strips of paper and uses the strips to stitch up to five pieces of paper together."

ඔබගේ iPhone හි බැටරිය ආරෝපණයට විදුලි බලය අත්‍යාවශ්‍යම නැත!
මෙහි ඇති අඩුව වැනි උපකරණය මිරිකීමෙන් ඔබගේ iPhone හි බැටරිය ආරෝපණය කර ගත හැකි බව පැවසේ.

මේ වගේ සිය දහස් ගානක් නව සොයා ගැනීම් ඇති පරිසර හිතකාමී. අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදිත් ඒවා කිහිපයක් ගැනවත් කතා කරමු.