Monday, May 16, 2011

බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා

මේ සටහන තබන්නේ වෙසක් පොහොය ලබමින් පවතින අවස්ථාවකයි. බුදුන් වහන්සේගේ තෙමගුල හෙවත් ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම යන අවස්ථා සැදැහැ සිතින් සමරන මෙවැනි අවස්ථාවක එම ශ්‍රේෂ්ඨ උත්තමයාගේ ජිවිතයේ විවිද අවස්ථා  තොරන් ආදියෙන් දැක ගැනීමට සුලභව හැකිවේ. එසේ වුවත් නැවත නැවතත් අපි ඒ අවස්ථා දුටු විට සිතට දැනෙන ශාන්තභාවය මෙන්ම ශ්‍රද්ධාව කිසිදු අඩුවක් වන්නේ නැතිබව ඔබ සැම පිළිගන්නවා ඇති. එනිසා අද මෙවැනි පූජනීය මොහොතක එතුමාගේ ජීවිතයේ බුදුවීමට පෙර හා පසු යන අවස්ථා දෙකෙහිදීම අපිට කුඩා කල සිට දැන කියාගන්නට ලැබුනු අවස්ථා කිහිපයක් සිත්‍තරෙකුගේ තෙලිතුඩකට හසුවී තිබෙන ආකාරය දැකගනිමු...


 


























ලෝකයේ සෑම දෙනාටම සාමය සපිරුන හා යුද ගිනි නිවුන වෙසක් දිනයක් වේවා!!!

22 comments:

  1. එසේම වේවා!!!

    මේ පින්තූර ඔක්කොම එකටම බලාගන්න ලැබුන එක වටිනවා.

    ReplyDelete
  2. @තාරක Dilsh@n - ස්තූතියි!!!

    ReplyDelete
  3. නියම පින්තූර ටිකක්
    ඇත්තටම ගෞතම බුදුන් මේ වගේ වෙන්න ඇති කියල හිතෙනව...
    නියමයි

    ReplyDelete
  4. ඔබට ගොඩාක් පින් මෙවැනි පින්තුර ටිකක් බලාගන්න සැලැසුවට

    ReplyDelete
  5. මම ලගත් ලොකු collection එකක් තියනවා. ඔක්කොම lord කලාම site එක slow වුනා. ඒ නිසා ටිකක් දැම්ම. පින් මේවගේ දේවල් බෙදා ගත්තට.

    ReplyDelete
  6. නියමයි අයියේ....

    ReplyDelete
  7. @Dee,Ami & prasanna86k - ඔබ සැමටත් ස්තූතියි!

    ReplyDelete
  8. @All in one....... - ස්තූතියි! ඔබගේ පින්තුර මීට පෙර මම දැක නැති ඒවා. හැකියාවක් තිබේනම් සිල්ලම කොටස් දෙකකට පල කරන්න...

    ReplyDelete
  9. කොහේ හිටියත් ලොව ..
    වෙසක් සඳ සිසිලක් ගෙනේමය.
    ..ලස්සන පින්තුර ටික

    ReplyDelete
  10. අනුර ජයවර්ධනMay 18, 2011 at 4:13 PM

    ඉතා හොඳ වැඩක්..! සුබ පැතුම්!!!

    ReplyDelete
  11. දිනේශ් බොහොම ස්තුතියි පින්තූර ටික ලබා දුන්නට.නියම ආමිස පූජාවක් ඔයා කරල තියෙන්නෙ ගොඩක් පිං.

    ReplyDelete
  12. @අනුර ජයවර්ධන - ස්තූතියි!

    ReplyDelete
  13. @සනත් - ස්තූතියි! අපි බොහෝවිට බ්ලොග් වලින් හෝ වෙනයම් මාධ්‍යකින් දකින්නේ සිතට ආවේගය හෝ ප්‍රචණ්ඩත්වය දනවන සිදුවීම්. එවැනි මොහොතක ‍කුමන ආගම ඇදහුවත් ඕනෑම කෙනෙකුට කරුණාව, මෛත්‍රිය දැක්වූ මෙවන් අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු පිළිබදව සටහනක් තබන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි...

    ReplyDelete
  14. බ්ලොග් එක දැක්කේ පරක්කු වෙලා. හොදයි. හිටපු ගමන් නවත්තලා දාන්න එපා.

    ReplyDelete
  15. @Prageeth - ස්තූතියි! හැකිතරම් කාලයක් තව බ්ලොග් සටහන් තබන්නට සිතා සිටිනවා...

    ReplyDelete
  16. ගොඩක්‌ වටිනවා. මිලක්‌ කියා නිම කරන්න බැරි පොස්‌ට්‌ එකක්‌.. ගොඩක්‌ ස්‌තූතී

    ReplyDelete
  17. වටින ෆොටෝ ටිකක්. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  18. තිලකා රන්දෙනි
    හැබැයි මේකේ නම් මා පොඩි අඩුපාඩුවක් දකිනවා. මෙවැනි ලස්සන පින්තූරු එක්ක මෙහි වර්ණ සංකලනය, ඒවා භාවමය සිතිවිලි ඔප මට්ටම් කිරීමට කොයි තරම් දුරට ඉවහල් වේද චිත‍්‍ර ඇඳි ක‍්‍රමය, සිත්තරා පිළිබඳවත් ඉදිරිපත් කළා නම් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට පමණක් නොවේ අපටත් දැනුමක් ලබා ගන්න තිබුණා. ඔබ මෙහිදී උනන්දු වී ඇත්තේ ශාන්ත රසය ගැන පමණි.
    එහෙත් චිත‍්‍ර එකතුව හුගක් හොඳයි. ශාන්තයි.

    ReplyDelete
  19. @තිලකා රන්දෙනි මහත්මිය - ප්‍රථමයෙන්ම කියන්න ඕන ඔබතුමිය දක්වලා තියෙන වටිනා අදහස් වලට පිළිතුරක් දෙන්න නොහැකි වුනේ මම මේ දවස් වල ටිකක් කාර්යබහුල තත්වයකට පත්වෙලා තිබෙන නිසයි. මෙම පින්තූර මට ලැබුනේ මගේ විද්‍යුත් තැපෑලට ලැබී තිබියදී. හැබැයි ඒකේ මෙම සිතුවම් ඇන්ද සිත්තරාගේ විස්තර හා වෙනත් විස්තර කිසිවක් තිබුනේ නැහැ. ඒකයි මේ ලිපියේ ඒ අඩුපාඩුව සිද්දවුනේ. යම් හෙයකින් පසුව හෝ ඒ ගැන නිවැරදි දත්ත හමු‍වුනොත් මෙතැන පලකරන බවද දන්වමි.ස්තූතියි!...

    ReplyDelete