Wednesday, May 4, 2011

නිර්මාණශීලී වඩුවෙකුගේ ලීවැඩ එහෙමත් නැත්නම් ඔහු අත තැබූ සියල්ල දැව බවට පත් වුනිද?

දීර්ඝ සටහනක් තබමින් සිටින අතරතුර ඔබට අපූරු යමක් පෙන්වන්නට සිතුනා. මේ ගැන ලියන්නට නම් එතරම් විස්තර නොමැති වුනත් මීට වසර 4 කට පමණ පෙර විද්‍යුත් තැපෑලට ලැබුන ලිපියක තමයි මෙම නිර්මාණශීලි වඩු කාර්මිකයා අතින් නිමැවුන අප එදිනෙදා නොදකින ලී වැඩ දැක ගන්නට ලැබුනේ. සමහර විට ඔබටත් මෙය දැක ගන්නට ලැබී ඇති නමුත් මට හිතුනා දැක නැති අයෙක් වේ නම් දැක ගන්නට එය මෙහි තබන්නට.

කෙසේ නමුත් සමහර නිර්මාණ දෙස බලද්දී සිතුනේ අපි අසා ඇති සුරංගනා කතාවක එක් රජ කෙනෙකුට තමන් අල්ලන සියල්ල රත්තරංවීමේ වරය ලැබුනා සේ මෙම නිර්මාණකරුවා අත තබන ඕනෑම වස්තුවක් ක්‍ෂනයකින් දැව බවට පත්වුනිද යන සැකයයි. එතරම්ම ඒවා සියුම් ඔබටම ඒ ගැන දැක ගන්නට දැන් අවස්ථාව දෙමි...



























24 comments:

  1. ශා නියමයි.....!

    ReplyDelete
  2. නියමම වැඩ කරුවෙක්

    ReplyDelete
  3. @තාරක Dilsh@n - ඔව් හොද නිර්මාණාමක මිනිහෙක්...

    ReplyDelete
  4. අපුරුයි.
    මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තා . බලන කොට ඔබේ template එකමයි . සිතා කල දෙයක් නොවේ. එහෙත් සමාව ඉල්ලමි . මා පරිගණක ලෝකයේ සමතෙක් නොවේ. සිතට එන අනම් මනම් කුරුටු ගාන්න තැනක් විතරයි. කැමති නම් ඇවිත් යන්න.
    චමිලා
    http://nelumwila.blogspot.com/

    ReplyDelete
  5. ඒ ික නම් මරු... හැබැයි ලංකාවෙත් ඔය වගේ වඩුවෝ හිටියනම්... ගස් ටිකට දෙවි පිහිටයි...

    ReplyDelete
  6. @Bindi (චමිලා) - ඔබ කිසිසේත් ඒ ගැන කණගාටුවෙන්නට එපා. පහසු සහ ගැලපෙන පසුබිමක් තෝරාගැනීම ඉතාමත් හොදයි. පරිගණක හෝ වෙනවම් බ්ලොග් සම්බන්ධයෙන් යමක් වෙතොත් ඕනෑම මොහොතක කියන්න. හැකි උදව්වක් කරන්නම්. ඒ වගේම ඔබටත් බ්ලොග් අවකාශයේ දිගටම රැදී සිටීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි මා අවංකවම ප්‍රාර්ථනා කරන අතරම දිගටම අපි මේ දේවල් ගැන කතා කරමු...

    ReplyDelete
  7. මොකද්ද දන්නෑ දිගලිපිය ?

    ReplyDelete
  8. සුපිරි වැඩකරුවෙක් වගෙයි. මේ නිර්මාණකරුවා ගැන මුකුත් විස්තරයක් හොයා ගන්න නැද්ද ?

    ReplyDelete
  9. සුමංගල හිමි සහ බංඩාර
    ඔබෙ 100 වන බිලොග් සටහන වෙනුවෙන් යමක් සටහන් කරන්න බැරි වීම පිලිබදව කනගාටුයි.අදත් අරැම පුදුම පිංතුර ටිකක් බලන්න ලැබුනා.සමහර පිංතූර බොහො වෙලාවක් බලාගෙන හිටියා.අපිට නමි තවම හිතාගන්න අමාරැයි

    ReplyDelete
  10. @prasanna86k - ඔව් ඔබ කියන එක ඇත්ත මම අපේ මිනිසුන් පහත් කර කතා කරනවා නෙමෙයි. අපේ බොහෝ දෙනෙක් ආකල්පමය වශයෙන් නොදියුව්නු වීම, වගේම නූගත් මතයන් දැරීමත් නිසා අපේ වගේ රටක නම් වනන්තර ටිකට දෙවියන්ගේ පිහිටම තමයි...

    ReplyDelete
  11. @Theekshana - පොඩ්‍ඩක් ඉවසනවකො හෙට වෙනකම්, නෑ ලිපිය ‍ගොඩක්ම දිගනම් නැහැ. ඒත් හැබැයි අපි යන්තමින් අහල තියෙන වැඩි විස්තර නොදන්න දෙයක් ගැන...

    ReplyDelete
  12. @උදාර - විස්තර සොයන්න උත්සහකරත් ඒ ගැන මොනවත් සදහනක් කරල තිබුනේ නැහැ. මේක පසුව ඇමරිකානු වඩු කාර්මිකයන්ගේ සංගමයක වෙබ් අඩවියකත් තිබුනේ මොනවත් තොරතුරු නැතුවයි...

    ReplyDelete
  13. @සුමංගල හිමි සහ බංඩාර - බොහෝම ස්තූතියි ඔබ දෙපලටම. මමත් මේ පින්තූර වසර 4 කට පමණ පෙර දැක්කත් මේ වන තුරුත් සිතේ රැදුන අනර්ඝ නිර්මාණ කිහිපයක්...

    ReplyDelete
  14. මේ වාගේ අදහස් එන්න ඕනේ කොච්චර නිර්මානාත්මක හිතකට වෙන්න ඕනෙද!

    ReplyDelete
  15. @amaapurva - ඔව්, ඒකනම් ඇත්ත...

    ReplyDelete
  16. මරු වැඩ්ඩෙක්නෙ!
    ඒත් මෙව්ව කරන්න කපන ගස් :(

    ReplyDelete
  17. @සසීන්ද්‍ර - ඒක නම් ගැටළුවක් තමයි...

    ReplyDelete
  18. සිරා පින්තූර ටික...

    ReplyDelete
  19. @යසියා - ස්තූතියි!

    ReplyDelete
  20. විශ්මකර්ම හැකියාවක් ඒකනම්...

    ReplyDelete
  21. @``` Outsider``` - ඒ ගැන වචන දෙකක් නැහැ...

    ReplyDelete
  22. @කල්හාර දිසානායක - ස්තූතියි!

    ReplyDelete