Friday, May 6, 2011

නූතන චීනයේ සිට පැරණි චීනය වෙත - From Modern China to Old China

චීනය පිළිබද ලෝකයේ නොදන්නා කෙනෙක් සොයාගැනීම අසීරුම කාරණයක් වෙනු නිසැකයි. මොකද චීනය ආසියාවේ විශාලම රට මෙන්ම වර්තමානයේ ලෝකයේ සිටින යුද බලවතෙක් හා වේගයෙන්ම දියණුවන ආර්ථිකය සහිත රට ලෙස සැලකෙන්නෙත් ‍මේ සුවිශාල රටයි.

ඒ එක්කම බොහොම සතුටින් කියන්න පුළුවන් දෙයක් තමයි අතීතයේ සිටම චීනය හා අපගේ ශ්‍රී ලංකාව අතර තිබූ  මිතු දම, එය අද වන විට තව තවත් වර්ධනය වී තිබෙන අතරම අප‍ගේ රට මුහුණදෙන බොහෝ අසීරු අවස්ථාවලදී  අපේ පිහිටට ආපු කලණ මිතුරෙකු ලෙසත් චීනය හදුන්වන්න වෙන අතරම අපේ රටේ දැනට තිබෙන එකම අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව වන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවත් අපට ඒ රටෙන් ලැබුන තෑග්ගක් බවත් කෘත්‍යපූර්වකව සදහන් කල යුතුමයි.

චීනයේ ආර්ථික දියුණුව ගැන කතා කරන කොට අද චීනයේ ප්‍රධාන නගර දිස්වෙන්නේ බටහිර ‍යුරෝපයේ හෝ ඇමරිකාව වැනි ධනවත් රටවල ප්‍රධාන නගර හා සම මට්ටමෙන් හෝ ඊටත් වඩා දර්ශනීය ලෙස බව ඔබ දැක ඇති. එසේ වුවත් විසිවන සියවසේ මුල හා චීන විප්ලවය සිදුවී ටික කලක් ගත වන තුරුත් එරට මෙතරම් සංවර්ධිත තත්වයක තිබුනේ නැතිබව සමහර විට ඔබ නොදන්නවාත් ඇති. දෙවන ලෝක යුද සමය ගතහොත් අතිශයින්ම පීඩාවට පත්වූ රටක් වන චීනය, ජපාන අධිරාජ්‍ය හමුදාවේ Unit 731 (http://en.wikipedia.org/wiki/Unit_731)  යනුවෙන් හැදින්වෙන ඒකකය චීනයේ Harbin, Heilongjiang පලාත් වල පවත්වා ගෙන ගිය කදවුරු වලදී මිනිසුන් යොදා කල විවිද පර්යේෂන පිළිබදව කතා කරද්දී තවමත් ඕනෑම සංවේදී පුද්ගලයෙකු දැඩි ලෙස කම්පනයට පත්වනවා නිසැකයි.

එසේම විප්ලවයෙන් පසු 1966 දියත් කෙරුන සංස්කෘතික විප්ලවය නම් ධනවාදයේ අවතාර ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස හැදින්වූ මහා ව්‍යවසනකාරී ක්‍රියාදාමය නිසාද චීනය බොහෝ පසුගාමී තත්වයට පත්වූ බව ඔබ දන්නවත් ඇති. කෙසේ වෙතත් එම සංස්කෘතික විප්ලවය 1971 දී නිමාවූයේ එරට අග්‍රගන්‍ය නායක මාවෝ සේතුංයාගේ දෙවැනියා ලෙස කටයුතු කල Lin Biao මියයාමත් සමගයි. කෙසේවෙතත් 1976 දී මාවෝ සේතුං මිය යාමත් සමග එරට පාලන තන්‍ත්‍රය අතට ගත් Deng Xiaoping දියත් කල යහපත් ක්‍රියාමාර්ග නිසා එරට ආර්ථිකය වර්ධනය හා ශක්තිමත්වීමට පටන් ගත් අතර අද ඔවුන් ලබා සිටින අභිවෘද්ධියේ නියමුවා ලෙස සැලකෙන්නේද එතුමායි.

මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග නිසා එරට දියුණුවූවා පමණක් නොව ඔවුන් කැපවීමෙන් බිහිකල කොමියුනිස්ට් පාලනයද රැකුන අතර එසේ ප්‍රතිසංස්කරණයන් වෙත නොගිය සමාජවාදයේ මහගෙදර වන සෝවියට් දේශයේ කොමියුනිස්ට් පාලනය බිදවැටුනා පමණක් නොව සෝවියට් සංගමය විසිරී යාමද ඒ අවට තිබූ ‍රටවල තිබූ සමාජවාදී පාලනය බිද වැටීම මෙන්ම සෝවියට් දේශය මත යැපෙමින් සිටි කියුබාවද ‍අසීරු තත්වයට පත්වූවා මෙන්ම පැරණි අදහස් කරපින්නා ගත් උතුරු ‍කොරියාවද ලෝක සිතියමේ නන්නත්තාර තත්වයට පත්වී ඇති බව ලෝකය පිළිබද ‍විමසිල්ලෙන් සිටින ඕනෑම අයෙකු‍ට පෙනේ.

අද ඔබට කතාකරන රූප තුලින් පෙන්වන්නට අදහස් කරන්නේ චීනයේ වර්තමාන දියුණුව නොව විසිවන සියවසේ මුල් අවධියේ චීනය කෙබදුවුනිද යන්න දැක්වෙන පැරණි ඡායාරූප පෙලක්. ඔබම ඒවා නරඹා ඔබට හැගෙන අදහස් කියන්න...

























9 comments:

  1. කොන්ඩේ බැඳපු චීනා ඉස්සරහට යද්දී අපි තම කොහෙද. ඕනෑම දෙයක් මිලදී ගත්තම මම බලන්නේ ''made ඉන් china ද කියලා. කෑම බිම නම් චින අකුරක් තිබ්බත් ගන්න එපා.. අනික් දේවල් නම් මොනවා කරන්නද . මොනවා වුනත් දුප්පත් දෙමාපියන්ටත් ළමයින්ට සෙල්ලම් බඩුවක් අරන් දෙන්න පුළුවන් චීනා නිසා. ජපන් , UK high quality බඩු ගන්න හැමෝටම බැහැනේ. හැබැයි එකත් විෂම චක්‍රය වගේ ගන්නවා කැඩෙනවා.
    අපිට බාල බඩු එව්වට ඒ රට තුලත් යුරෝපයට යවන බඩුත් හොඳ තත්වයේ බවයි කියන්නේ.

    ReplyDelete
  2. @Bindi - ඔබ කියන එක හරි, ලංකාවේ නම් බොහෝමයක් දේවල් Made in China තමයි. දැන් සරුංගල් පවා ගෙන්නේ චීනෙන්...

    ReplyDelete
  3. නොදැකපු පින්තූර ටිකක් දැම්මට තෑන්ක්ස්. නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙනවා නම් ඕනෙම රටකට දියුණු වෙන්න පුලුවන්. චීනය ලෝකයටම ලබාදෙන පණිවිඩය ඒකයි.

    ReplyDelete
  4. @උදාර - ස්තූතියි! චීනය බොහෝ අංශ වලින් ලෝකයට දායද කර ඇති දේවල් අතිවිශාලයි...

    ReplyDelete
  5. අද චීනේ ලෝකෙම අල්ලලා තියෙන්නේ,,,චීන්නු නැති රටක් හොයන්නත් නෑ මම හිතන්නේ

    ReplyDelete
  6. @ItalyDilan - ඔව් ඔබ කියන දේට මාත් එකඟවෙනවා. දැන් අපේ රටේත් චීන ජාතිකයන් සුලභව දැක ගන්න පුළුවන්...

    ReplyDelete
  7. චීනෙ දැන් බූ වල්ලෙක් වගේ හැම රටක්ම අල්ගෙන තියෙන්නෙ .......

    ReplyDelete
  8. @කල්හාර දිසානායක - වෙන්න පුළුවන්, බොහෝ අංශ වලින් ඒ දේ වෙලා තියෙනවා...

    ReplyDelete
  9. yaluwa me kathwa waradi..
    cheenunta honda foundatuon ekak tibba . eka eka akramanikayoo nisa cheeninge atitude wenas wela tibbe.

    cheen loka shistachayer ihalinma inna ratak.,


    eka amthaka karala

    oya loiyala thiyenne cheene 20 centuary eke bihi una ratak widiyata.

    ReplyDelete