Sunday, May 22, 2011

යුද්දයේදී සතුරන් සමග මෙන්ම මිතුරන් සමගද ගැටීමේ කටුක සත්‍ය පෙන්වන වියට්නාම් යුද චිත්‍රපටිය - Platoon

යුද්දයක කටුක අමිහිර බව අමුතුවෙන් කියා දිය යුතු නැහැ. ලෝක සිනමාවේ යුද්දය පසුබිම් කොට තැනූ තාත්වික නිරූපනයන් රැගත් සාධනීය මට්ටමේ චිත්‍රපටි‍ බොහෝමයක් සම්මානයෙන් පවා ගෞරව බුහුමන් ලැබීමට භාගය සම්පන්න වූ අතර වියට්නාම් යුද්දය අලලා නිමවනු  1986 දී තිරගත වුන Platoon චිත්‍රපටියද ඒ හොද චිත්‍රපටි ගොන්නට වැටෙන සිනමා නිර්මානයක්.

මෙහි ඇමරිකානු හමුදා සිය සාහසිකත්වය සතුරු වියට්කොන්වරු මත පමණක් නොව අහිංසක වියට්නාම් වැසියන් එල්ල කොටද මුදා හරින බව දැක ගත හැකි අතරම යුද්දයකදී සිය පාර්ශවයේ අය අතර ඇති නොහද නෝක්කඩු පරිමසා ගැනීමට රහසේම පලිගන්නා අකාරයද මෙහි දැක ගත හැකි කටුක සත්‍යයක්. ඒ සිදුවීම් සියල්ල අනුවේදනීය ආකාරයෙන් නිරූපනය කර ඇති මෙම  Platoon චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 4 කටද හිමිකම් කීමට සමත්වූවා.

මෙම සිනමා නිර්මානය හොලිවුඩයේ දක්‍ෂ අධ්‍යක්‍ෂකවරයෙකුවන Oliver Stone ගේ අධ්‍යක්‍ෂනයක් වන අතර කතාවද ඔහු විසින් ලියන ලද්දක්. ‍එය හොදින් පෙන්නුම්කරමින් මෙම චිත්‍රපටියේ අධ්‍යක්‍ෂනයට හිමි ඔස්කාර් සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලද අතර හොදම තිරරචනය සදහා නිර්දේශ ලබා ගැනීමටද ඔහු සමත්වුනා.

එසේම හොදම චිත්‍රපටිය, හොදම සංස්කරණය හා හොදම ශබ්ද පරිපාලනයට හිමි සම්මාන මෙම නිර්මානය හිමිකරගත් අතර තවත් අංශ කිහිපයක් සදහා නිර්දේශ ලබන්නටද හේතුපාදක වූන බව සදහන් කල යුතුමයි. 

මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවාලෙස හැත්තෑව දශකයේ සිනමාවට පැමිණී Charlie Sheen විසින් රඟපාන අතර 
Charlie Sheen
සහය නළුවන්ලෙස තවත් හැත්තෑව දශකයේ සිනමාවට ප්‍රවිශ්ඨ වූ Tom Berenger 
Tom Berenger 
හා අසූව දශකයේ සිනමා ආගමනය සිදුකල Willem Dafoe විසින් අති දක්‍ෂ ලෙස රඟ දක්වන ආකාරය මෙම චිත්‍රපටිය නැරඹුවේ නම් ඔබට දැක ගත හැකියි.
Willem Dafoe

තරමක් පැරණි චිත්‍රපටියක් වූවත් අතිශය විශිෂ්ඨ නිර්මානයක් වන මෙය imdb සිනමා දර්ශක‍යට අනුව ලෝකයේ නිපදවා ඇති හොදම චිත්‍රපටි 250 අතුරින් 144 වන ස්ථානය මෙයට ලබාදී ති‍‍බේ.

8 comments:

  1. ඉතාම අපුරු චිත්‍රපටියක්.. නමුත් කි දෙනෙක් මෙය ඉවර වනතුරු නරඹාවිද යන්න ප්‍රශ්නයක්.. මම ආසම විත්‍රපටියක්...
    මෙකත් එක්කම courage under fire... කියන චිත්‍රපටිය මිට වැඩිය පටු සිමාවක් තුල විශාල පරාසයක් (resolution) ඉදිරිපත් කරන චිත්‍රපටියක්.. කොහොම උනත් මෙක අපුරු චිත්‍රපටියක්...

    ReplyDelete
  2. @රවා - මම තවම courage under fire චිත්‍රපටිය නම් නරඹලා නැහැ. ඒ ගැනත් දැනුවත් කලාට ස්තූතියි!

    ReplyDelete
  3. මේක බැලුවද කියල මතක නෑ. ආයෙ සැරයක් හොයාගෙන බලන්න ඕනි. යුද්ධ චිත්‍රපට වලට තියෙන අකමැත්ත නිසා ගොඩක් වෙලාවට හොඳ තේමාවක් තියෙන ඒවත් මග හැරෙනව. මොකද ඇමෙරිකානු යුධ චිත්‍රපටවලින් බහුතරයක්ම වැඩකට නැති ඇමෙරිකානුවන් පිම්බෙන්න කරපු‍ දේවල් කියල පේනව බලද්දි.

    ReplyDelete
  4. @``` Outsider``` - මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ ගුණ ගැයීමක් සිදුවෙන්නේ නැහැ. ඔවුන්ගේ ම්ලේච්ඡත්වයත් යම් විදියකින් කියා පානවා. හැබැයි මේක සතුට දනවන විනෝදජනක නිර්මානයක් නම් නෙවෙයි...

    ReplyDelete
  5. මගේ අදහස අනුව නම් මේක නොබලපු හැමෝම බැලිය යුතු වගේම බලපු අයත් ආපහු සැරයක් බලන්න ඕන ෆිල්ම් එකක්.

    ReplyDelete
  6. මම අහලා තියනවා ඔය ෆිල්ම් එක ගැන ... ඒත් තවම බලලා නැහැ ....

    ReplyDelete
  7. පිටස්තරයාගේ මතේ මමත් ඉන්න හින්දා මටත් මේ වගේ ඒවා මඟ ඈරෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒත් උඔ කිව්වම නොබලා කොහොමද?

    ReplyDelete
  8. @උදාර, කල්හාර දිසානායක & බුද්ධි - මේක හොද චිත්‍රපටි නරඹන සෑම සිනමාලෝලියෙකුම නැරඹිය යුතු නිර්මානයක් බව කිවයුතුයි. විනෝදයක් නම් මෙය බලන විට නැතිවේවි හැබැයි මොලයට වගේම හදවතටත් දැනේවි...

    ReplyDelete