Tuesday, May 3, 2011

මේ 100 වන බ්ලොග් සටහනයි - 100th Blog Post

මේ තබන්නේ 100 වන බ්ලොග් සටහනයි. 50 වන බ්ලොග් සටහන තබා දින 53 ක් ගිය තැන දෙවන බ්ලොග් අර්ධ ශතකය තැබීමට හැකිවීම ගැන සතුටකුත් හිතට දැනෙන අතර එම කාලයේදී තරමක වේගයෙන් එම කාර්යයේ නියලුන නිසා ඒ ඉලක්කය කරා යෑමට හැකිවූ බවද කිව යුතුය. මේ දැක්වෙන්නේ එම වේගවත් ගමනේදී වැදගත් සංධිස්ථානයන් කිහිපයක මතකයන්...

























100 කියන අගය ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ඕනෑම එකදිගට නියලෙන ක්‍ෂෙත්‍රයක ඒ කාර්යය කරන කෙනාට වැදගත් අගයක් කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඇත්තම කියනවානම් බ්ලොග් අඩවිය ආරම්භ කලේ 2010 වසරේ අප්‍රේල් වල වුවත් බ්ලොග් සටහනක් මුලින්ම දැම්මේ 2011 ජනවාරි 13 වන දිනයි. එදින ‍කිසිසේත්ම බ්ලොග් සටහන් 100 ක් ලියනවා තබා ඊලඟ සටහන ගැන කිසිම අදහසක් තිබුනෙත් නැහැ. කෙසේ වෙතත් මීට පෙරත් කිවුවා වගේ සත් සමුදුරේ හැරවුම් ලක්‍ෂය කියල කියන්න පුළුවන් බ්ලොග් සටහන් මාලාව තමයි ටජ් මහල ගැන ලියපු සටහන. එතැන් සිට මාතෘකා ගලා ඒම ටිකෙන් ටික සිද්දවෙන්න පටන් ගත් අතරම දැන් තියෙන තත්වය තමයි කාලවේලාව මදි කම හා තාක්‍ෂනිකව මුහුණපාන්‍න වෙලා තියෙන දුෂ්කරතා.

දෙවන බ්ලොග් 50 අතුරතුර සිදුවූ විශේෂිත සිදුවීම් අතරට මෙතෙක් වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් බ්ලොග් පිටු කියවූ දිනය සටහන් වූයේ Tsar න්‍යෂ්ඨික බෝම්බය ගැන ලිපිය පලවු දි‍නයවන අතර වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් පැමිණි දිනයද එය වේ. එසේම මෙතුවකට සත් සමුදුරේ පලවු ලිපි අතරින් තවමත් වැඩිම දෙනෙක් කියවූ ලිපියද එය බව සටහන් කරනු කැමැත්තෙමි.

එසේම දෙවන වැඩිම දෙනෙක් කියවූ ලිපිය වන පැරණි ශල්‍ය උපකරණ ගැන ලිපිය පල කිරීම පමා කරමින් තිබී   පසුව එක් දිනක එය පල කලේ එයට කිසිවකුගේ කැමැත්ත හිමිනොවේදෝයි යන සැකයද හිතේ ඇතිවයි. එහෙත් එය ඉතාමත් ජනප්‍රියම ලිපියක් වූයේ කිසිදුලෙසකින් නොසිතූ ලෙසයි.

එසේම කණගාටුවට පත්වූ අවස්ථාද නැතුවා නොවේ. වෙහෙසවී ලියූ ලිපි දෙකක් වන ආසියාවේ හෘද සාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් ලිපියට හා ගෑස් මුහුණු ගැන ලිපි දෙකට නම් ලැබුනේ කිසිලෙසකින් බලාපොරොත්තුවූ ප්‍රතිචාර නොවූ අතර එම ලිපි දෙකම එතරම් පාඨක අවධානයට යොමු නොවූ ඒවා විය.


කෙසේවෙතත් සමස්ථයක් ලෙස ගත් කල මෙම කාලය තුල සත් සමුදුර වටා එක්වූ පාඨක මිතුරන් සංඛ්‍යාව නම් වර්ධනය වූ බව සදහන් කරන්නේ ඉතා සතුටිනි. එසේම මිතුරන් කිහිප දෙනෙකුම ඉදිරි ලිපි සැකසීමට අවශ්‍ය මූලාශ්‍ර රැසක් හා ඉදිරියේදී පල කල යුතුයයි යෝජනා කර ඇති හරවත් මාතෘකා ගැනද දන්වා එවා ඇති බවද සදහන් කරන අතරම ඉඩ ලැබෙන අයුරින් ඒවායෙන්ද අනිවාර්යයෙන්ම ලිපි සකස් කරන බවද දන්වා සිටිමි.

මෙම අවස්ථාව ගැන ඔබ හා කතා කිරීමට දේවල් තව බොහෝමයක් ඇති නමුත් ඉදිරිකාලයේදීත් දිගටම අපි එකිනෙකා සත් සමුදුර තුලින් හමුවන නිසා දැනට මෙම 100 වන බ්ලොග් ලිපිය අවසන් කරන අතර මේ තාක් දුර පැමිණීමට සම්පූර්ණයෙන්ම ශක්තිය වූයේ ඔබ සැම බව කෘත්‍යපූර්වකව නැවත නැවතත් මතක් කරමි. එසේම ඉදිරියේදීත් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා, නව සංකල්ප ආදියද පෙරමෙන්ම ලැබෙනු ඇතැයිද බලාපොරොත්තුවෙමි.

බො‍හෝමයක්ම ස්තූතියි!!!!

39 comments:

  1. වේගවත් බ්ලොග් ගමනක යන ඔබට තවත් සිය දහස් ගණනින් සටහන් තබන්නට උණුසුම් සුභ පැතුම්...!!!!
    ජය...!!!!

    ReplyDelete
  2. @priyantha - ස්තූතියි! මූලාරම්භයේ සිටම ඔබ ලබා දුන් විශාල සහය නොතිබුනානම් මේතාක් ඉක්මනින් කිසි ලෙසකින් මේ ගමන එන්නට ලැබෙන්නේ නැහැ...

    ReplyDelete
  3. ජය වේවා ,ඉදිරියටත් ඉතා හොද ලිපි පල කරන්න ලැබේවා කියල ප්‍රරාර්තනා කරනවා !

    ReplyDelete
  4. @sameera - ස්තූතියි! ඉදිරියේදිත් හරවත් ලිපි සමග හමුවෙමු...

    ReplyDelete
  5. බ්ලොග් අතර වැදගත් බ්ලොගයක් නිසා අනිවාර්යයෙන්ම දිගු ගමනයක් යා යුතුයි..... සුබ පැතුම්....
    ජය...!

    ReplyDelete
  6. නියමයි .... කමෙන්ට් එකක් නොදැම්මට ඔයා කරන වැඩෙ නියමයි... ස්තුතියි .. එකට දිගටම කරන්න

    ReplyDelete
  7. ජයවේවා කිවුව එහනම්.....!!!!!!
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා....!!!!!!

    ReplyDelete
  8. @රොබින් - ස්තූතියි! ඔබලාගේ සහය නිසාම තමයි මෙසේ සතුටුදායක මොහොතක් සමරන්න හැකියාව ලැබුනෙත්...

    ReplyDelete
  9. @රවා - ස්තූතියි! හැකි අවස්ථාවල ඔබ‍ගේ වටිනා අදහස් එකතු කරන්න...

    ReplyDelete
  10. @චතූ...... - ස්තූතියි! සත් සමුදුර සමග ඉදිරියේදිත් රැදීසිටින්න...

    ReplyDelete
  11. පොඩ්ඩක් විතර සීතල වුණාට ඔන්න මගෙනුත් සුභ පැතුම්. අළුත් තීම් එකත් මම බොහොම කැමති එකක්. ඔබේ විශේෂත්වය වුණේ මේ වර්ගයේ සටහන් ලියවෙන එකම අඩවිය මෙය වීම. දිගටම ඒ තත්ත්වය පවත්වගන්න අවස්ථාව ලැබෙයි කියල හිතනවා. :D

    ReplyDelete
  12. @hare :-) - ස්තූතියි! මුල සිට සහ‍ය දෙන ඔබත් අමතක කල නොහැකි මිතුරෙක්. හැකි සෑම අවස්ථාවකම ඔබ ඒ බලාපොරොත්තුවෙන ගුණාත්මකභාවය රැකීම සිදුකරනවා..

    ReplyDelete
  13. ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි....
    සුබ පැතුම්!

    ReplyDelete
  14. මටත් බ්ලොග් එකේ නම මතක හිටියේ අර න්‍යෂ්ටික බෝම්බ පෝස්ට් එකෙන්. පස්දෙ දිගටම කියෙව්වා. කමෙන්ට් නැතත් දිගම ලියන්න. මේ වගේ ලිපි කියවන්න ගොඩක් අය කැමතියි....!

    ReplyDelete
  15. @තාරක Dilsh@n - ස්තූතියි! ඔව් මේ ඉතා කුඩා දුරක් පමනයි ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  16. @බුද්ධි - ස්තූතියි! ඉදිරියටත් ඒ වගේ ලිපි රැසක් ලියන්න බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  17. නියමයි අයියා.... සුභ පැතුම්....!

    ReplyDelete
  18. මගෙත් උණුසුම් සුභ පැතුම්. ඔබට ජය...

    ReplyDelete
  19. @prasanna86k - ස්තූතියි! මල්ලී, ඉදිරියේදිත් සහය දෙන්න...

    ReplyDelete
  20. @අමිල - ස්තූතියි! ඉදිරියේදිත් සහය දෙන්න...

    ReplyDelete
  21. දිනෙශ් අය්යා ඔන්න මගෙන් සුබපැතුම් !. මමත් මස 2 .3 ක ඉදන් සත් සමුදුර හැමදම වගේ කියවනව අනික මම කැමතිම ලිපියක් තමයි ආසියාවේ හෘද සාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් මොකද දන්නෑ කට්ටිය ඒක කියෙඋවෙ නැත්තෙ.මම කියවන හැමවෙලෙම comment නොදැම්මත් ගොඩක් වෙලාවට මේපැත්තෙ එනව හරි.. තව ඉස්සරහටත් නියම එවා ලියමු හරිද ඔන්න මම ගියා.

    ReplyDelete
  22. නිතර කමෙන්ට් නොකලට මාත් මේ බ්ලොග් එක බලනවා.සුභ පැතුම්.

    ReplyDelete
  23. @Theekshana - ස්තූතියි මල්ලී, ඉදිරියේදිත් හමුවෙමු...

    ReplyDelete
  24. @JHOTHISHALANKA - ස්තූතියි! තවදුරටත් සහය දෙන්න...

    ReplyDelete
  25. ඔන්න මගෙනුත් සුබ පැතුම්! නිතර කමෙන්ට් නොකලත්, මමත් හැමදාම ගොඩවෙන බ්ලොග් අඩවියක් මේක. ස්තුතියි අපේ දැනුම දියුණු කරගන්න උදවු වෙනවාට!
    (තීම් එක මාරු කරපු එකනම් ගොඩක්ම හොඳයි. දැන් හොඳින් කියවන්න පුළුවන්)

    ReplyDelete
  26. නිතරම බලන නියම බ්ලොග් එකක්, ජයවේවා !!

    ReplyDelete
  27. මම නිතරම කියවන බ්ලොග් එකක් ඒත් මේ බ්ලොග් එක මගේ දුර්වල නෙට් කනෙක්‍ෂන් එකේ ලෝඩ් වෙනවා හොරයි (පින්තූර නිසා මං හිතන්නේ) ඒක නිසා ඔෆිස් එකේ ඉන්නකොට තමයි කියවන්නේ ඒ වෙලාවට කමෙන්ට් කරන්න බෑ ගෙදර ඇවිත් සමහර වෙලාවට කමෙන්ට් එකක් දානවා ..

    ජයෙන් ජයම වේවා .. තව තව ලියන්න මගෙනුත් ඔන්න උනුසුම් සුබ පැතුම් ...!!

    ReplyDelete
  28. තව තව වැදගත් දේ ලියන්න මගෙනුස් සුභපැතුම්................

    ReplyDelete
  29. මගේ අදහස අනුව නම් සත් සමුදුර කියන්නෙ කෙටි කාලයක දී දිගු ගමනක් ගිය බ්ලොගයක්. ඒ දිගු ගමනේ දි පාඨක දැනුම වර්ධනයෙහි ලා ඔබ බ්ලොගය කළ මෙහෙය අපමණයි. දිගින් දිගටම මා සත් සමුදුර සමගින් රැදී සිටීමට හේතුව ද එයයි. කෙසේ වෙතත් අතීතයේ දී ඔබ අප දැනුමෙන් පෝෂණය කළාක් මෙන්ම ඉදිරියේ දී ද එම කාර්යය තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට ඔබ හට ශක්තිය හා ​​ධෛර්යය ලැබේවායි මම හදවතින් ම සුබ පතමි.

    ReplyDelete
  30. @පාඨකයා - ස්තූතියි! ඔව් ඇත්තෙන්ම ඔබලා ලබා දෙන සහය නොමැති නම් මෙසේ වේගවත් ගමනක් ඒමට ලැබෙන්නේ නැහැ. පසුබිම ගැන නම් එතරම් හොද අදහසක් බොහෝ දෙනෙකුට නොතිබූ බව දැනුනා. ඔබලා ඒ නිසා යම් අපහසුතාවයන්ට ලක්වූවා නම් ඒ ගැන මාගේ බලවත් කණගාටුව නැවතත් පවසන අතරම ඉදිරියේදීද එවැනි ගැටළු ඇතිවූ ඕනෑම මොහොතක මා දැනුවත් කරන මෙන්ද ඉල්ලා සිටිනවා...

    ReplyDelete
  31. @Akhila - ස්තූතියි! ඉදිරියේදිත් රැදී සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  32. @හිස් අහස - ස්තූතියි! ඔබත් නිතරම එන බව දන්නා අතරම පින්තූර වැඩි වුනාම නම් තිරය මතට පැමිනෙන්නට ගතවන කාලය වැඩි විම ගැනත් ගැටළුවක් පැන නගිනවා නම් තමයි. ඒ ගැන කාරුණිකව ඉවසන්න කියලත් ඉල්ලන අතරම සටහන තවත් ගුණාත්මකවීමට පින්තූර වලින් මහඟු කාර්යයක් වනු ඇතිබවත් සත්‍යයක්. කෙසේ වෙතත් අනවශ්‍ය පින්තූර ඇතුලත් නොකර සිටීමටද හැම වෙලාවේම උත්සහ දරන බවත් පවසනවා...

    ReplyDelete
  33. @මගේ සයිබර් නිවහන - ස්තූතියි! ඉදිරියේදිත් එන්න. හැකි සෑම වේලාවකම හරවත් සටහන් සත් සමුදුරේ තබන්න තව තවත් බලාපොරොත්තුවෙනවා...

    ReplyDelete
  34. @උදාර - ස්තූතියි! ඔබ සත් සමුදුරේ දැවැන්තම ශක්තියක්. ඒ ගැන වචන දෙකක් නැහැ. ඒවගේම මෑත කාලයේදී නම් තරමක් දුරට සත් සමුදුරේ කලින් තරම් කරුණු අතින් වඩාත් පොහොසත් මෙන්ම දීර්ඝ ලිපි පල නොවීම ගැන මටත් කණගාටුවක් තිබෙනවා. එයට හේතු ගණනාවක් පැන නැගුනා. මූලිකම දේ තමයි නිවසේ හා රාජකාරියේ විවිද අත්‍යාවශ්‍ය කාරණා වෙනුවෙන් කාලය වෙන් කරන්න සිදුවීම සහ අනෙක් කරුණ තමයි නිව‍සේ පරිගණකය දැන් පැරණි හා දෝශ සහිත නිසා යම් අවස්ථාවල භාවිතයට ගත නොහැකි ආකාරයටම අබලන්වීම. කෙසේවෙතත් ඉදිරියේදී ඒ අපහසුතා ක්‍රමයෙන් මඟහැරෙනු ඇතැයි විශ්වාස කරනවා...

    ReplyDelete
  35. ඔබේ ලේඛන ගමනටත් සියවැනි සන්ධිස්ථානයටත් ඉතසිතින් සුබ පතමි.
    අන්තර්ජාල සම්බන්ධතාවයේ අඩුලුහුඩුකම් නිසා සමහර අවස්ථාවල ප්‍රතිචාර දක්වන්න අපහසුවී තිබෙන නිසයි මෙතෙක් සුබ පතන්න ප්‍රමාද වුණේ. ඉදිරියටත් සාරගර්භ ලිප රැසක් බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සඳහා ඔබට අවකාශත්, ශක්තියත් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන්නම්.
    මම
    ```Outsider```

    ReplyDelete
  36. @```Outsider```- ස්තූතියි! සත් සමුදුරේ පැරණිම මිතුරෙක් ලෙස ඔබ සෑම විටම දැක්වූ සහය ප්‍රශංසනීයයි. ඉදිරියේදීද හරවත් ලිපි රැසක් පල කිරීමට සිතා සිටින අතරම ඔබගේ අපහසුතාවන්ද ඉක්මනින් මඟහැරුමට අවශ්‍ය විධිවිධාන සැල‍සේවායි මම ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
  37. @buwa - ස්තූතියි! ඔබත් සත් සමුදුර තව තවත් පාඨකයන් අතරට ගෙන යාමට දෙන සහය අමතක කරන්නේ නැහැ...

    ReplyDelete
  38. suba pathum machan thawadurata blog liwimata shakthiya wasanawa labewa.........mama kalana

    ReplyDelete