ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියක එම චරිතය නිරූපනය වූ ආකාරය |
අද අපි සිනමාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවන්නේත් මෙවැනි සූක්‍ෂම විදියට අපරාධ විසදන නූතන කාලයේ කණ්ඩායමක් පිළිබදව නිර්මාණයවුන රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක් පිළිබදවයි. මෙම ටෙලි නාට්‍ය මාලාව තිරගත වෙන්නේ නම් ඇමරිකාවේ වුනත් අද අපේ රටෙත් විවිද සන්නිවේදන ආයතන මගින් ලබා දෙන බටහිර රූපවාහිනි චැනල ඔස්සේ අපේ රටේදිත් මෙම කතා මාලාව දැක බලා ගන්න හැකියාව තියෙනවා. මෙම ටෙලි නාට්‍ය රහස්පරීක්‍ෂක කතා මාලාවන් තමයි CSI Miami සහ CSI New York.
මෙම නම් වල හැටියටම ඒ රටේ ජනපදයන් වල ප්‍රධාන නගරවන මියාමි හා නිව් යෝර්ක් පොලිසි සේවයේ මිනීමැරුම් වගේ අපරාධ හා සම්බණ්ධව ක්‍රියාකරන කණ්ඩායම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වටා ගෙතුන එක්වරකට කොටස් 24-25 ක් වගේ තියෙන ටෙලි නාට්‍ය මාලාවක් වන අතර එයට පෙර නිර්මාණය වූ තවත් නගරයක මෙවැනිම කණ්ඩායමක් වටා ගෙතුන කතා මාලාවකුත් තියෙනවා. එය තමයි CSI Las Vegas. හැබැයි එය ගැන මෙම ලිපියේදී සදහන් කරන්නට බලාපොරොත්තුනොවෙන්නේ එය මෙම අපගේ මාතෘකාවට අදාල කතා මාලාවන් දෙක තරම් සිත් ඇදගන්නා සුළු බවක් නොතිබුන නිසායි. ඒත් ඒ මගේ හැගීම වුනාට සමහර විට එයත් ඔබට සිත් ගන්න ඉඩ තිබිය හැකි නිසා තමයි එය ගැනත් සුළුවෙන් හෝ සදහනක් කරනු ලැබුවේ.
කෙසේ වෙතත් මෙම කතා මාලාවන් සියල්ලේම යම් සමාන බවක්, ඒ කියන්නේ ඒ ඒ කණ්ඩායම් වල තනතුරු හා ක්‍රියාකාරකම්වල තියෙනවා වගේම ඔවුන් සිය තර්කානුකූලබාවය මෙන්ම රසායණ විද්‍යාව, භෞතික විද්‍යාව වගේම නවීන අවිආයුද සම්බන්ධ විමර්ශනයන් හා පරිගණකගත අතිනවීන තාක්‍ෂන ක්‍රමවේදයන් අපරාධ විසදීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා ආකාරය බොහොම සිත් ඇද ගන්න සුළු ලෙස ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඒ ඒ චරිතවලට මුහුණ පාන්නට සිදුවන සිදුවීම්ද විටින් විට කතා මාලාවේ අන්තර්ගතයට හානියක් නොවන ලෙස දක්වා තියෙන අයුරුද දැක ගන්නට හැකියි. හැබැයි සමහර අවස්ථාවල අපේ මෙගා ටෙලිනාට්‍ය වල මෙන් කතාව දිග්ගස්සා ගැනීමේ අරමුණින් අපරාධකරුවන් හසුකර ගැනීමට ඇති තරම් හේතු සාක්‍ෂි තිබියදී දුර්වල ලෙස එම දවසට අදාල කතාව තවත් දිගට ගෙනියන අවස්ථාද නැතුවා නොවේ. ඒවගේම විශේෂයෙන් CSI New York කතාවේදී ජීව අපරාධකරුවන් සම්බන්ධයෙන් වගේම සමහර දිනවල විකාශනය වූ ටෙලිනාට්‍යයේ අජීව අපරාධකරුවන් ඒ කියන්නේ පරිගණක ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය වන අපරාධකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති අතාත්වික කතා තේමාවන්ද කලාතුරකින් දැක ගැනීමට හැකිවූ තවත් කිව යුතුයි.
කොහොමවුනත් ලිපිය අවසාන් කරමින් කිවයුතු දෙයක් තියෙනවා. ඒ තමයි යම් යම් දුර්වලතා තිබුනත් සමස්ථයක් විදියට හොද බටහිර ටෙලි නාට්‍ය මාලාවක්. මීට පෙර දකින්නට නොලැබුන තාක්‍ෂනික දේවල් වගේම, ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තරම් නැතත් තර්කානුකූල ගැටළු නිරාකරණයක්ද නිරූපනය වන බවද ඔබට කිවයුතුයි.
මම CSI බලල තියෙන්නේ තැනින් තැනින් , මම ඊට වඩා කැමති X files වලට මේ දවස් වල මුල ඉඳලාම බලාගෙන යනව . 4/5/6 සීසන් තුනේ නම් අතරමැදින් ඔබ්බපු විකාර රූපි කතාත් තියනව , තවම මම එතනින් එහාට පිලිවෙලකට බලල නැහැ
ReplyDeleteමාත් බලලා තියන ඒවගෙන් කැමතිම x files වලට. CSI නම් බලලා නැත.
ReplyDelete@buwa & රොබින් - ඔබලා දෙදෙනාම වගේම මමත් x files වලට තදින්ම කැමති කෙනෙක් තමයි. හැබැයි ඉදිරියේදී නැවත අපිට අළුත් x files කතා නම් බලන්න ලැබෙන එකක් නැහැ. මොකද ඒකේ ප්‍රධාන නළු නිළි දෙපලම වරක් කියල තිබුනා x files නිසා ඔවුන්ට වෙනත් හොද අධ්‍යක්‍ෂකවරු නිර්මානය කරන ලද ප්‍රශස්ථ සිනමා නිර්මාණ රැසක්ම අහිමි වූ බවත්. මොකද x files වලට කැපවෙන්න සිදුවූ නිසා. කොහොමවුනත් CSI Miami & NY හැකියාවක් ඇතොත් බලන්න. x files හොදයි තමයි හැබැයි ඒකේ තියෙන බොහෝ දේවල් තාත්වික ලෝකයේ සිදුවන දේවල්වලින් ඈත බවක් තිබුනත් මෙම CSI කතා වල පෙන්වන තාක්‍ෂනය සමහර කොටස් නුදුරු අනාගතයේදී අපේ රටෙත් දැකගත හැකිවේ යයි විශ්වාස කරන නිසා...
ReplyDeleteමම CSI කාලයක් බැලුව එත් දැන් එක ටිකක් කම්මැලි එක නිසා මම දැන් FRINGE බලනවා මෙන්න ලින්ක් එක බලපන් මචෝ
ReplyDeletehttp://dileepas.blogspot.com/2011/05/blog-post_22.html
@දිලීප - ස්තූතිය! හොදයි ඕකත් බලන්නම්කෝ...
ReplyDeleteමමත් මේක බලලා නෑ.mentalist නම් බලලා තියනව ඒකත් මෙ කියන ජාතියෙ 1ක් තමා බලන්න පුලුවන්නම්. නියමයි.(දිනෙශ් අය්යා පුලුවන්නම් පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ඉර හද යට ෆිල්ම් 1ක බාගන්න තැනක් දන්නවනම් කියනවද)
ReplyDeleteඕක ලඟදි මොකක් හරි චැනල් එකක පෙන්නුවා. ''නොට් සෝ ඉන්ටරස්ට් ''නිසා බැලුනේ නැහැ. දැන් නම් දැක්කොත් බලන්න ඕන. ෂර්ලොක් හෝම්ස් ..චන්දන මෙන්ඩිස් කතා පනස් දෙකම පරිවර්තනය කළා. ඊට පස්සේ එයාම ආතර් කොනන් ඩොයිල් වෙලා තව කතා ටිකකුත් ලිව්වා. ඒ 52 +++ සේරම මේ දැනුත් බැබලි බැබලි පොත් රාක්කෙ උඩ.
ReplyDeleteලඟදි ආපු ෆිල්ම් එක එච්චර ලස්සන නැහැ. ලෝක ප්‍රකට පොත් ෆිල්ම් නොකර ඒවාට පාඩුවේ ඉන්න දෙනවනම් හොඳයි.
X Files ඔය අච්චුවේම නේද?මම ආසාවෙන්ම බලපු සීරීස් එකක්...තාමත් ඒකට ආසයි....Alias,Supernatural දෙකත් සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්න පුළුවන්....
ReplyDelete@Theekshana & ශාන්..... - Xfiles ඇරෙන්න අනික් ඒවා නම් තවම මම බලලා නැහැ...
ReplyDelete@දිලීප - ඔව් එක දිගටම CSI Series බලන කොට නම් ඒකාකාරී බවක් තියෙනවා තමයි. ස්තූතියි FRINGE ගැන දැනුවත් කලාට...
ReplyDelete@Bindi - මමත් චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්ථනය කරන ලද ෂර්ලොක් හෝම්ස් පොත් සියල්ලම කියවන ලද කෙනෙක් තමයි. ඔබ කියන එක මමත් පිළිගන්නවා. මෑතක නිෂ්පාදනය වුන ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියේ සිටියේ අප දන්නා හෝම්ස් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද්දක්. ඒ වගේම මම මීට කලින් නිපදවන ලද ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිවලදිත් දුටු දෙයක් තමයි අපි ෂර්ලොක් හෝම්ස් පොත කියවල චිත්තරූප මවා ගන්න විට අත්විදින ස්වාභාවිකත්වය එම චිත්‍රපටිවලදී ගිලිහී ගොස් තිබෙන බව...
ReplyDeleteNumb3rs kiyana TV serius ekath niyamai,
ReplyDeleteEverything is numbers
මම නම් බලපු එව්වගෙන් කැමතිම Dexter
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Dexter_%28TV_series%29
@gigamx & Gayan Balasooriya - ස්තූතියි! ඔබලා දැනුවත් කරපු Teledrama ඉදිරියේදී සොයාගෙන බලන්න ඕන...
ReplyDeleteමාත් චන්දන මෙන්ඩිස්ගේ පොත් සෙට් එකම බලලා තියෙනවා. චාන්ස් එකක් ලැබුණොත් ඕකත් බලන්නම්. දැනුවත් කළාට තෑන්ක්ස්.
ReplyDelete@උදාර - අවශ්‍යනම් මෙම ටෙලිනාට්‍ය download කරගන්න හැකි ස්ථාන රැසක් අන්තර්ජාලයේ තිබෙනවා...
ReplyDeleteමාත් වැඩිය කැමති x ෆයිල් වලටයි. හැබැයි ෂර්ලොක් හෝම්ස් ගෙ නම් පොත් වලට තමා වැඩියෙ කැමති. ෆිල්ම් නම් කක්ක.
ReplyDeleteඇයි අර අගතා ක්‍රිස්ටිගෙ රහස් පරීක්ෂක කතා ... ඒවත් මරුනෙ.
@kumaraya - ඔව් මමත් අගතා ක්‍රිස්ටිගේ කතා හොද බව අහලා තියෙනවා. හැබැයි අවාසනාවට තවම එකක්වත් කියවන්න ලැබිලා නම් නැහැ...
ReplyDeleteඇයි ජේම්ස් හැඩ්ලි. අපේ ගෙදර තියෙනවා පෝලිමක්. එක ගානට තියල ලස්සනට. ඔන්න කතාව පොත් පැත්තට යන නිසා මට කට පියන් ඉන්න බැරි වුණා. අයි අර ලඟදි ආපු බොන්ඩ් ෆිල්ම් සෙට් එකත් නරක නැහැ. මට පොඩි ප්‍රශ්නයක්. අයි දිනේෂ්ගේ මේ වටිනා සයිට් එක ගැණු ළමයි නොබලන්නේ.
ReplyDelete@Bindi - ඔබ මුලින් සදහන් කරපු ජේම්ස් හැඩ්ලි පිළිබදව නම් මගේ දැනුමක් නොමැති නිසා යමක් කීමට අපහසුයි. ඒත් ජේම්ස් බොන්ඩ් - OO7 ගැන නම් කතා කරන්න පුළුවන් මොකද ඒ සියළුම චිත්‍රපටි මා සතුව තිබෙන නිසා ඒවා සියල්ල බලා තිබෙන නිසා. හැබැයි අද කාලේ බොහෝ දෙනෙක් එම චිත්‍රපටිමාලාවට එතරම් කැමැත්තක් නැහැ. කෙසේ වෙතත් 60/70 දශකවලට එම චිත්‍රපටිවල අපි දැකපු gadgets ඒ කාලේ චිත්‍රපටියට පමණක් නිපදවන ලද ඒවා වූවාට දැන් ඒවා එදිනෙදා භාවිතයේදීත් සමහරක් දැක ගත හැකියි. තවද ජේම්ස් බොන්ඩ් මාලාවේදී නළුවන් රැසක් එම චරිතය රඟපෑ බවත් ඔබ දන්නවා ඇති එයින් ප්‍රසිද්ධම කෙනා තමයි ෂෝන් කොනරි, ඔහු මෙහි රඟපාන්න පෙර එක් චිත්‍රපටියක හෝ දෙකක වෙන නළුවෙකුත් රඟපාලා තිබුනා. හැබැයි ඔහු ගැන නම් මට එතරම් මතකයක් නැහැ. කොනරිට පස්සේ රොජර් මූවර්, තිමොති ඩෝල්ටන්, පියර්ස් බ්‍රොන්ස්නන් හා දැන් ඩැනියෙල් ක්‍රෙග් රඟපානවා. හැබැයි මෙන්න මේ දේ කිව යුතුයි. හොදම බොන්ඩ් විදියට අංක එකේ ඉන්නේ ෂෝන් කොනරි, දෙවනුව පියර්ස් බ්‍රොන්ස්නන්. අසාර්ථකම කෙනා විදියට සලකන්නේ තිමොති ඩෝල්ටන්. මේ කෙසේවෙතත් අදකාලේ පරපුර නම් හොද විදියට දකින්නේ දැන් රඟපාන ඩැනියෙල් ක්‍රෙග්. නමුත් මගේ දැකීම අනුව නම් ඔහු මෙහි රඟපාන්න ගත් පසුව තිරගත වූ බොන්ඩ් චිත්‍රපටි දෙක ඊට පෙර එම කතාමාලාවේ තිබූ රිද්මය වෙනස් කරල විතරක් නොවේ ඒක දැන් Hitman චිත්‍රපටියක් වගෙයි. ඒක නිසා මට නම් අසාර්ථකම විදියට පේන්නේ ඩැනියෙල් ක්‍රෙග්. අවසානයට ඔබ අහල තියෙන පැනය මටත් තිබෙන එකක්. හැබැයි මට හිතෙන විදියට ගැහැණු ලමයින්ගෙන් මෙම සත් සමුදුර අඩවිය දුරස් වෙලා තියෙන්නේ මෙහි වැඩිපුර යන්නේ මොකක් හරි මාතෘකාවට අදාල ලිපි වීමත්, ඒ වගේම ගැහැණු ලමුන්ට ගෝචර වෙන විහිළු කතා, ආගිය කතා, ආදර කතා වගේ දේවලින් තොරවීමත් වෙන්න ඇති කියලා හිතෙනවා. ඒත් ගැහැනු ලමයි කැමති යම් ඵලදායි තේමාවක්, මාතෘකාවක් යමෙක් සදහන් කලොත් ඒ ගැනත් ලියන්න බැරි කමක් නැහැ...
ReplyDeleteමේක කියවද්දි මතක් උනේ. අනේ x files ගැන උඔ දන්න ඔක්කොම දේවල් දාලා ලිපියක් ලියපන්කො. පොඩිකාලේx files බලලා දවස් 2 තුනක් යනකං මට හිතෙන්නෙ මම මෝල්ඩර් කියලා
ReplyDelete@බුද්ධි - ok මචං OK හහ්... හහ්හා හැබැයි ෆොක්ස්, ස්කලී කොහෙන්ද සොයා ගත්තේ...
ReplyDeleteතිලකා රන්දෙනි
ReplyDeleteමං 5 වෙනි පන්තියේ ඉඳන් කියවන්න ගත්තා ඉනිඩ් බ්ලයිට්න්ගේ සීක‍්‍රට් සෙවන් ඊළගට ෆේමස් ෆයිව්. ඊළගට අමාරුවෙන් කියවන්න ගත්තා ජේම්ස් හැඩ්ලි චේස්. ඊළගට ෂර්ලොක් හෝම්ස් අන්තිමට අගතා කි‍්‍රස්ටි. මේවා ඇසුරෙන් කොච්චර දැණුමක් අපරාධ සම්බන්‍යෙන් ලබා ගත්තාද කියනවා නම්් ලංකාවේ සිදු වූ සෑම දේශපාලන මිනීමැරුමකදී මට සැබෑ මිනීමරුවා කවුද කියන්න පුඵවන්. හැබැයි ඒ අවස්ථාවේදී එය නොපිළිගත් අය වර්ෂ ගණනක් ගියාට පසු මට ඇවිත් කියා තිබෙනවා ‘‘ඔයා හරි. අප නම් හිතුවේ නෑනේ.’’ කියා.
1964 ඉඳන් විතර බොන්ඩ් චිත‍්‍රපටියක් දෙකක් බැලුවා. ඒවා බලන්න අම්මලා අරින්නේ නැති හින්දා අයියලා එක්ක ගිහින් බලපු එකක් දෙකක් තමයි.
එක්ස් ෆයිල්ස් බැලුවා. මුලින් තිබුණු උනන්දුව නැතිවුණා. මොකද ඒකේ අපේ බුද්ධියට තැන නෑ.
දැණුම සොයා යන ගෑණු ළමයි අඩුයි. මා ෂර්ලොක් කියවන විට අපේ පන්තියේ අනිත් හැමෝම කියෙව්වේ බාබරා කට්ලන්ඩ් හා ඩෙනිස් රොබින්ස්ගේ බොළඳ පේ‍්‍රම කතා. හැබැයි මාව හැඩ්ලිගේ පැත්තට ඇදලා දැම්මේ අපේ බාප්පා කෙනෙක්.
ඩීමන් ආනන්දගේ පොත් මට තහනම් කරලා උසස් ග‍්‍රන්‍ථ රුචිකත්‍වයකට ගෙනිච්චේ අපේ අක්කා.
www.thilakarandeni.lk
@@තිලකා රන්දෙනි මහත්මිය - මම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ එකක් දෙකක් හැරෙන්නට අනෙක් සියළුම චිත්‍රපටි නරඹා තියෙනවා. හැබැයි ඒ චිත්‍රපටිවල අපි දකින රහස් පරික්‍ෂකයාට වඩා වෙනස් පුද්ගලයෙකු තමයි සිටින්නේ. මෙහිදී ඔහු සාක්‍ෂි රැකගැනීම නොවෙයි සිදුකරන්න උත්සහ දරන්නේ ඒවාද විනාශ කරන්නටයි. ඒ අතින් බැළුවහම ෂර්ලොක් හෝම්ස් කියන්නේ අහසට පොළව වගේ. මට තවම අනෙක් රහස් පරීක්ෂක කතා මාලාවන් නම් කියවන්න ලැබුනේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඒවත් ඉදිරියේදි කියවනවා. Xfiles ගත්තහම ඒක රහස් පරීක්‍ෂක යුවලක් වටා කේන්‍ද්‍රගතව තිබුනත් එයින් වැඩි අවධානයක් යොමුකරල තියෙන්නේ පිටසක්වල ජීවීන් පිළිබදව කතාකරන්නට හා අතාත්වික සිදුවීම් පිළිබදව කතාකරන්නටත් බව පෙනේ. මමද Xfiles රසිකයෙක් වුනත් එක්වරක් බැළු කතාංගයක් එහි නැවත බලන්නට කැමති කිහිපයක පමණයි. හැබැයි සමහර කතා නම් කිහිපසැරයක් බලල තමයි තේරුම් ගන්නට වෙන්නෙත්. මටනම් හිතෙන්නේ රහස් පරීක්ෂක කතා ඇතුලත් පොත් පත්, චිත්‍රපටි ඇසුරු කිරීම තුලින් අපගේ තාර්කික හැකියාවන් වර්ධනය කර ගැනීමට උදව්වක් වෙන බවයි...
ReplyDelete