Tuesday, May 17, 2011

වෙනස් පූජනීය ස්ථාන 10 ක් - 10 Most Unusual Temples

වෙසක් දිනය යෙදී තිබෙන අද දිනයේ තබන්නට බලාපොරොත්තුවන්නේ ලෝකයේ ඇති පූජනීය ස්ථාන 10 ත් පිළිබදවයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම පූජනීය ස්ථාන අප එදිනෙදා දකින ඒවාට වඩා වෙනස් ස්වරූපයක් හෝ විශාලත්වය අතින් වැඩි ඒවා වීම හෝ ඒවා පිහිටි භූමියද අසාමාන්‍ය ස්වරූපයක් ගැනීමයි.

Tiger's Nest Monastery

භූතානයේ පාරෝ නිම්නයේ පිහිටි මෙම ආශ්‍රමය අඩි 3000 ක් උස කදු ප්‍රපාතයක පිහිටා ඇත.
Wat Rong Khun (a Buddhist temple) in Chiang Mai, Thailand


Prambanan
හින්දු දෙවොලක් ‍වන මෙය ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි පිහිටා ඇත. ක්‍රි.ව. 800  දී පමණ තනන ලද මෙහි ප්‍රධාන පූජනීය ස්ථාන 8 ක් හා එය වටා පිහිටි කුඩා පූජනීය ස්ථාන 250 ක් පමන ඇත.
Prambanan is a Hindu temple in Central Java, Indonesia. The temple was built
in 850 CE, and is composed of 8 main shrines and 250 surrounding smaller ones.
Shwedagon Paya (or Pagoda) in Myanmar
ස්වේදගොන් නැතහොත් පැගෝඩා ලෙස හැදින්වෙන, බුරුමය හෙවත් මියන්මාරයේ ඇති මෙම පූජනීය ස්ථානය තැනූ කාලය පිළිබද කිසිවෙකුත් නිශ්චිතව නොදන්නා අතර පුරාවෘත්ත අනුව නම් මෙය වසර 2500 ක් පමන පැරණියයි පැවසේ. පුරාවිද්‍යාඥ මතය අනුව නම් මෙය 6 වන හා 10 වන ශතවර්ශ අතරතුරදී තනන්නට ඇති බව අනුමාන කරයි.
No one knows exactly when the Shwedagon Paya (or Pagoda) in Myanmar
was built. Legend has it that it is 2,500 years old though archaeologists estimate
that it was built between the 6th and 10th century.
Temple of Heaven in Beijing, China
චීනයේ බීජිං නුවර පිහිටි මෙම පන්සල Taoist දහමට අයත් එකක් වන අතර 14 වන සියවසේදී යොන්ගල් අධිරාජ්‍යා විසින් මින්ග් රාජධානි සමයේදී තනන්නට ඇති බව පැවසේ.
Temple of Heaven is a Taoist temple in Beijing, China. The temple was constructed
in  14th century by Emperor Yongle of the Ming Dynasty.
Chion-in Temple
ජපානයේ පිහිටි මෙම බෞද්ධ පන්සල ක්‍රි.ව. 1234 දී පමණ තනන ලද්දක් බව පැවසේ.
Chion-in Temple was built in 1234 CE to honor the founder of Jodo
(Pure Land) Buddhism.
Borobudur in Indonesia
දීර්ඝ කාලයක් මනුශ්‍යයාගේ ඇසෙන් වසන්ව අත්හැර දමා තිබූ ලෝක ප්‍රකට ‍බොරෝබුදර් ආශ්‍රමය නැවත සොයා ගනු ලැබ ඇත්තේ 19 වන සියවසේ ඉන්දුනීසියාව පාලනය කල ඕලන්ද පාලන සමයේදිය. ජාවා හි වන්නතරයට මැදිව තිබූ මෙය තැනීමට දල වශයෙන් කියුබික් මීටර් මිලියන 2 ක පාශාන භාවිතා කර ඇති බව පැවසෙන අතර බුද්ධ ප්‍රතිමා 504 ක් පමන ඇති බවද සදහන්ය.
In the 19th century, Dutch occupiers of Indonesia found a massive ancient ruin deep in the jungles of Java. What they discovered was the complex of Borobudur, a gigantic structure built with nearly 2 million cubic feet (55,000 m³) of stones. The temple has nearly 2,700 relief panels and 
504 Buddha statues.

The Golden Temple in Punjab
පංජාබයේ පිහිටි රන් දෙවොල සීක්වරුන්ගේ අතීපූජනීයම ස්ථානයයි.
The Harmandir Sahib (meaning The Abode of God) or simply the Golden Temple
in Punjab 
is the most sacred shrine of Sikhism.
The Sri Ranganathaswamy Temple in Tiruchirapalli (or Trichy)
ලෝකයේ මේ වන විට වන්දනාමාන කෙරන විශාලතම හින්දු කෝවිලමෙයයි.
The Sri Ranganathaswamy Temple in Tiruchirapalli (or Trichy),
is the largest functioning Hindu temple in the World
Ankor Wat
ලෝකයේ ඇති සියළුම ආශ්‍රමවලින් විශාලම එක මෙයයි. එහෙත් දැන් මෙහි පූජනීය කටයුතු කිසිවක් සිදුනොවන බවද සදහන් වේ.
Ankor Wat is the largest of all temple,
but it is currently non-functioning as a temple


14 comments:

  1. අද ලිපියත් ඉස්තරම් ..මම මාර ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේ සත් සමුදුර ..

    ReplyDelete
  2. මම නම් කැමතිම භූතානයේ තිය්න එකටයි රන් දෙවොලටයි .. අන්තිම එක තියෙන්නෙ කොහෙද ?

    ReplyDelete
  3. ස්තූතී ලිපියට,,,

    ReplyDelete
  4. මාත් හරි කැමතියි භූතාන පන්සලටත් අන්කොර් වට් වියට්නාම පන්සලටත් .ගිහින් නෑ යාලුවන්ගේ මූණු පොත්වල පින්තූර දැකලා තියෙනවා

    ReplyDelete
  5. @හිස් අහස,ItalyDilan, buwa & TG - ස්තූතියි! ඉදිරියේදී මෙම ස්ථාන කිහිපයක් ගැනම විස්තරාත්මකව ලියන්නත් හිතාගෙන ඉන්නවා.අන්තිම සිද්ධස්ථානය වන Ankor Wat පිහිටල තියෙන්නේ කාම්බෝජයේ.මේ ගැන සුළුවෙන් සදහන් කරල තියෙනවා "ආසියාවේ හෘදසාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට්" ලිපියෙත්...

    ReplyDelete
  6. හොද ලිපියක් පුලුවන්නම් ලංකාවෙත් අප්‍රසිද්ද ඒත් වටිනා ස්ථාන ගැනත් ලිපියක් දාන්න

    ReplyDelete
  7. @All in one....... - ස්තූතියි! ඉදිරියේදී ඒ පිළිබදවත් සොයාබලා ලිපියක් ලියන්නම්...

    ReplyDelete
  8. යන්න ආස හිතුනේ නම් Tiger's Nest Monastery එකට...

    ReplyDelete
  9. පිනක් ලැබුනොත් එකක් දෙකක් වත් බලාගන්න ! ලස්සන පින්තුර ටික . මට පොඩි අකරතැබ්බයක් . Fallowers ල මැකිලා ගිහින් . දෙනවද උපදෙසක්

    ReplyDelete
  10. අම්මෝ අර උඩම තියෙන භූතාන පන්සලටනම් මම වගේ බයගුල්ලෙකුට යන්න බැරිවෙයි.
    වටිනා ලිපියක් ස්තූතියි..

    ReplyDelete
  11. @අභීත & ``` Outsider``` - මම හිතන්නේ ඔබලා දෙදෙනාම එක් වූවානම් ඒ Tiger's Nest Monastery ට යන්න බැරි වෙන එකක් නැහැ. (හැබැයි මමත් උඩම තියෙන තැන් වලට යන්න බියක් තියෙන කෙනෙක්)...

    ReplyDelete
  12. @Bindi - ස්තූතියි! ඔබගේ ගැටළුව (Followers) විසදී තිබෙන බව දැක්කා...

    ReplyDelete
  13. වෙනද වගේම වටින ලිපියක්.

    ReplyDelete