Showing posts with label කතුවර අදහස්. Show all posts
Showing posts with label කතුවර අදහස්. Show all posts

Tuesday, April 14, 2020

වසර එකහමාරක නිහැඩියාවන් පසු වෛරස පිළිබදව කතා කරමි...

වසර  එකහමාරක නිහැඩියාවන් පසු නැවත ලියන්නට සිතුනෙමි. ලියන්නට සිතුන අවස්ථාව රටට පමණක් නොව සමස්ථ ලෝකයටම ශෝචනීය අවස්ථාවක වුවද  එම ව්‍යවසනයෙන්ද අපට මතුවට ඉගනගන්නට ඕනෑතරම් පාඩම්, අඩුම තරමින් ඉදිරියට ජීවත්වන අයටද වැදගත් වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

මෙම කොරෝනා වෛරසය (Covid - 19) කෙසේ මෙලොවට පැමිණියේදැයි අප හරිහැටි 100%  ක් නොදන්නා නිසා එය මේ වන විට අනුමාන කරනා ආකාරයට වවුලෙකුගේ හෝ වෙනයම් වනගත සත්වයෙකුගේ සිරුර තුල නිදන්ව සිට මිනිස් සිරුර ආක්‍රමණය කළා වන්නට ඉඩඇති අතර එය කිසියම් ජීව විද්‍යාත්මක අවියක අතුරුඵලයක් ලෙසට නිගමනයට එළඹෙන්නට තවම කල් වැඩි බවක්ද හැගේ. 

කෙසේවෙතත් අතීතයේද ලෝකයේ ඇතිවූ වසංගත බොහෝමයක් කිසියම් සත්ත්වයෙකු හේතුවූවා සේම මෙයද පරිභෝජනයට සුදුසු නුසුදුසු බව නොතකා හැම මාංශයක්ම ආහාරයට ගන්නට යෑමෙන් සිදුවූ අකරතැබ්බයක් වීමට ඉඩකඩ බොහෝය.

උදාහරණයකට ගතහොත් මිනිස් ඉතිහාසයේ වාර්තාගතව ඇති බරපතලම වසංගත තත්ත්වය ලෙස සැලකෙන "කළු මරණය" නැතහොත් Black Death ලෙස හදුන්වන උණ තත්ත්වය ක්‍රි.ව. 1300 ගණන්වල මැද භාගයේ ඇතිවූ අතර එය ඇතිවූයේ කළු මීයන්ගේ ශරීරය මත වාසය කරන මැක්කන් විශේෂයක් නිසා ඇතිවන මහාමාරිය රෝගයෙනි.මෙම රෝගය නිසා එදා වාර්ථා අනුව යුරෝපයේ, ආසියාවේ සහ උතුරු අප්‍රිකාවේ මිලියන 75-200 අතර පිරිසක් මිය ගිය බව පැවසේ. යුරෝපයට මෙම තත්ත්වය අද කොරෝනා වසංගතයසේම උච්ච තත්ත්වයෙන් බලපා තිබෙන අතර එහි උපරිමයට ලගාවූ 1347-1351 කාලය එම මහද්වීපයේ ගම්බිම් නගර මලමිනී වලින් පිරීගිය තව සහෘදයන් අතහැර පලායනවා හැරෙන්නට වෙනයමක් ඉතිරි නොවූ අවධියක් විය. අද ගෝලීයකරණයේ හොද ප්‍රතිඵලයන් සේම මෙවන් අවස්ථාවලදී ලෝකයේ වසංගත ලෙඩරෝග ව්‍යාප්තියට එය අනියමින් දායකවන්නා සේ එදා යුරෝපයට මෙම අප කතා කළ මහාමාරිය තත්ත්වය ඇති කළ වාහකයන් පැමිණ ඇත්තේද අතීතයේ සුප්‍රකට වෙළඳ මාර්ගයක් ලෙස සැලකූ සේද මාර්ගය ඔස්සේය. අද මේ කොරෝනා රෝගයෙන් යුරෝපයට තදින් බැටදෙන ලෙසටම එදාද යුරෝපයේ ජනගහනයෙන් 30% - 60% අතර ප්‍රමාණයක් එලොව යැවීමට සමත්ව තිබේ. ලෝකයේම තත්ත්වය ගත්විට ඇස්තමේන්තුවලට අනුව මිලියන 350 සිට මිලියන 475 අතර වූ ප්‍රමාණයකට ජීවිත අහිමිකරලීමට 14 වන සියවසේදී මෙම කළු මරණය වගකිව යුතු අතර යුරෝපයට යථා තත්ත්වයට සිය ජනගහනය නංවා ගැනීමට වසර 200 ක් ගත කිරීමට සිදුව තිබේ.
https://en.wikipedia.org/wiki/Black_Death
https://www.history.com/topics/middle-ages/black-death

එපමණක් නොව 1976 දී කොංගෝවේ එබෝලා ගංඟාශ්‍රිතව සොයා ගනු ලැබූ දරුණු ගණයේ වෛරසයක් වන එබෝලා වෛරසයේද වාහකයා ලෙස අනුමානය කරනු ලබන්නේ එම රටේ සිටින African Fruit bats නම් වවුලන් විශේෂයකි.
(African fruit bats are likely involved in the spread of Ebola virus and may even be the source animal (reservoir host). Scientists continue to search for conclusive evidence of the bat’s role in transmission of Ebola. 1 The most recent Ebola virus to be detected, Bombali virus, was identified in samples from bats collected in Sierra Leone.)

තවද 1976 දී මෙම වෛරසය සොයාගනු ලැබූවද මෙම වෛරසය මීට පෙර නොදන්නා කාලයක පටන් කොංගෝවේ හා අප්‍රිකාවේ සැගව පවතින්නට ඇති බව විද්‍යඥයන් පවසන අතර ජනගහනයේ වැඩිවීම, වනන්තර එලිපෙහෙලිකර ගනිමින් වාසස්ථාන සාදාගන්නට යාමෙන් වානාන්තරගතවද මිනිස් ජනාවාස ඇතිවීම මෙන්ම මෙවර අප මුහුන දෙන කොරෝනා වසංගතයට හේතුපාදක වූවා මෙන් සම්මතයෙන් පරිභාහිර මාංශ වනන්තරය තුලින්ම ලබාගෙන පරිභෝජනයද මෙම වෛරස ව්‍යාප්තියට හේතුවූවා ලෙස අනුමාන කෙරේ. කෙසේවුවද අදටද මෙම වෛරසය සහ එයට හේතු සාධක වූ කාරණා රැසක් පිළිබදව පර්යේෂන සිදුකෙරේ.

(Viral and epidemiologic data suggest that Ebola virus existed long before these recorded outbreaks occurred. Factors like population growth, encroachment into forested areas, and direct interaction with wildlife (such as bushmeat consumption) may have contributed to the spread of the Ebola virus.) - https://www.cdc.gov/vhf/ebola/history/summaries.html

2003 දී ලෝකය මුහුනදුන් SARS වසංගතයද මේ ආකාරයේම කොරෝනා කාණ්ඩයේම වෛරසයක් වූවා සේම (SARS coronavirus (SARS-CoV) එයද සම්ප්‍රේශකයා ලෙස සැක කෙරෙන්නේද වවුලන් විශේෂයකි. (SARS coronavirus (SARS-CoV) – virus identified in 2003. SARS-CoV is thought to be an animal virus from an as-yet-uncertain animal reservoir, perhaps bats, that spread to other animals (civet cats) and first infected humans in the Guangdong province of southern China in 2002.)

මා මීට පැවසූ වසංගත ත්‍රිත්වයටම සැකකරු වවුල් පවුලේ අයෙකු වන අතර දැන් කතා කරන්නට යන 2012 දී මැදපෙරදිග කලාපයෙන් සොයගත් මර්ස් නම් කොරෝනා පවුලටම අයත් වෛරසයකින් හටගන්නා රෝගය මිනිසුන්ට වැලදී ඇත්තේ ඔටුවන් මාර්ගයෙන් බවට අනුමාන කෙරේ. මෙහිදීද ඔටුවන්ට සම්ප්‍රේශනය සිදුවන්නට ඇත්තේ වවුලන්ගෙන්ම බවට අනුමානයක් පවති.

(Middle East respiratory syndrome (MERS) is a viral respiratory disease caused by a novel coronavirus (Middle East respiratory syndrome coronavirus, or MERS‐CoV) that was first identified in Saudi Arabia in 2012.)

(The origins of the virus are not fully understood but, according to the analysis of different virus genomes, it is believed that it may have originated in bats and was transmitted to camels sometime in the distant past)
(Although most of human cases of MERS-CoV infections have been attributed to human-to-human infections in health care settings, current scientific evidence suggests that dromedary camels are a major reservoir host for MERS-CoV and an animal source of MERS infection in humans. However, the exact role of dromedaries in transmission of the virus and the exact route(s) of transmission are unknown.) - https://www.who.int/news-room/fact-sheets/detail/middle-east-respiratory-syndrome-coronavirus-(mers-cov)

එමෙන්ම උක්ත කොරෝනා වෛරස කිහිපයේම සම්ප්‍රේශකයන් වවුලන් යයි සැකකරන අතරම ලෝකයේ රටවල් හා කලාප ගණනාවක වවුල් මස් පරිභෝජනයද සැලකිය යුතු මට්ටමක පවති.විශේෂයෙන්ම ලෝකයේ වැඩියෙන්ම මේ තත්ත්වය අග්නිදිග ආසියාවේ බහුලය. පෝශනීය අවශ්‍යතාවය සපුරාගැනීම කෙසේවෙතත මෙම වවුල් මාංශ පරිභෝජනය එතරම් ගුණදායක නොවන බවද තතුදත් මාර්ග පවසති.

(Diseases - Main article: Zoonotic disease - It has been speculated that megabats may be the natural reservoir of Ebolavirus,[47] though the evidence has been called "far from decisive".[48] Due to the possible association between Ebola infection and "hunting, butchering and processing meat from infected animals", several West African countries banned bushmeat (including megabats) or issued warnings about it during the 2013–2016 epidemic; many bans have since been lifted.[49] Bats have been hypothesized as a possible origin of the Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2), which was first detected in Wuhan, China, though the origin of the virus has yet to be fully elucidated.[50][51][52]
Toxins - Eating fruit bats is also linked to a neurological disease called lytico-bodig disease. Paul Alan Cox from the Hawaiian National Tropical Botanical Garden in Kalaheo, and Oliver Sacks from Albert Einstein College in New York, found the bats consumed large quantities of cycad seeds and appear to accumulate the toxins to dangerous levels in their meat.)

මෙම කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියෙන් පසුව රෝගය නිසා ලෝකය අකර්මන්‍ය වූවාට සහ දැන් සංඛ්‍යාලේඛන වලට අනුව ලක්‍ෂ ගණනින් මිනිසුන් මියයාමට අමතරව වෙනයම් කාරණාද ලෝකය අත්විදි. එයින් ඇතැම් ඒවා තාවකාලිකව හෝ යම් හිතකරබවක්ද ඇත. එයින් එක් දෙයක් නම් කාබන් විමෝචනය මෙම කාලයට පමණක් හෝ තාවකාලිකව අඩුව තිබේ. විශේෂයෙන් චීනයේ කර්මාන්තශාලා ආදිය කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ වනතෙක් ක්‍රියාත්මක නොවීමත් වාහන භාවිතය ලෝකය පුරා අඩුවීමත් නිසා කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය අඩුව ඇතිබව ෆින්ලන්තය කේන්‍ද්‍රගතවූ ලාභ නොලබන සංවිධානයක් වන Centre for Research on Energy and Clean Air ආයතනය පවසයි.

තවත් අතකින් ලෝකය පුරා සම්මතයෙන් පරිභාහිර ආහාර පරිභෝජනය පිළිබදවද මතයක් ගොඩනැගෙමින් පවති. එයට හොද උදාහරණයක් සපයමින් මෙම කොරෝනා වසංගතයේ මූලාරම්භය සිදුවූ චීනයේ ඇතැම් ප්‍රාන්ත වල සුනඛ හා බළල් මාංශ පරිභෝජනයද තහනමට ලක්කළහ.

ලෝකයේ පමණක් නොව අප රටේද සුභවාදී ආරම්භයන් මේ සමග සිදුවූ බව රහසක් නොවේ. පිටරටින් සියළු දේ මිලදී රැගෙන එනවා වෙනුවට මෙහිම නිපදවා ගැනීමේ වටිනාකම මෙවන් අවස්ථාවක හෝ වැටහීම එක් අතකින් භාග්‍යයක් කොට සැලකිය යුතුය. මෙරටදී නිපදවා ගත හැකි සියළු බෝග නිපදවා, එය සාධාරන මිලකට මිලදී ගත හැකි ක්‍රමද සලසා අතිරික්තය අපනයනයට මෙන්ම මතු පරිභෝජනය සදහා සංරක්‍ෂිතව ගබඩා කළ හැකි ක්‍රමවේදයන් ගැනද අවධානය යොමුවිය යුතුවේ. එසේම වෙනත් පරිභෝජනය කරන්නාවූ භාණ්ඩ හැකි සැමවිටකම මෙරටදීම නිපදවීම තුලින් විදේශ විනිමය ඉතිරිවීම මෙන්ම නව රැකියා අවස්ථාමෙන්ම රටටද කීර්තියක් ගෙන දීමට හේතුවනවා නොඅනුමානය.

එසේම මේ  රෝගාබාදය පැමිණෙන තෙක් එතරම් අවධානය ලක්නොවූ සමූකාර ව්‍යාපාරය දැන් සියළු දෙනාට නැතුවම බැරි ආයතනයක් වී හමාරය. වෙනදා එතරම් පිළිගැනීමක් නොකළ අයවළුන් පවා දැන් සමූපකාරයේ ලොරි ගමට බඩු රැගෙන එනතෙක් මඟබලා සිටි. මෙම ව්‍යාපාරජාලය කඩා නොවැටී තවත් දියුණු කළ යුතුම  ආයතන ව්‍යුවහයකි. 

තත්ත්වය මෙසේ වනවිට තවමත් මෙම වෛරසයට නිශ්චිත ඖෂදයක් සොයාගෙන නොමැතිවීම මෙන්ම සමාජය පුරා මෙය වසංගතයක් ලෙස පැතිරගියහොත් සිදුවිය හැකි හානිය අප ඉතාලිය, ස්පාඥය, ඇමරිකාව  යනාදී රටවල දැන් ඇස්පනාපිටම පෙනෙන්නට ඇති නිසා එයින් ඔබත්, මමත්, අප සැමත් ගැලවී සිටීමට සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතුමය. එසේ නොමැතිවුවහොත් .... එය අමුතුවෙන් කියන්නට ඕනෑද???


Tuesday, September 20, 2016

සැඟවී ගිය සහ මා සිත් ගත් ලිපි වලට අළුතින් යමක් මෙන්ම පසුගිය ලිපි කිහිපයක් ගැන පසුවිපරමක් ....

මෙම ලිපියෙන් සත් සමුදුර බ්ලොග් අඩවියේ මෙතෙක් පළ වූ ලිපි රැසක සාරාංශගත පසුවිපමරක් නැත්නම් ආවර්ජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙමි. එහිදී පාඨක ප්‍රතිචාර බෙහෙවින් ලද හා බලපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණ ලිපි ගැන මෙන්ම  එම ලිපි ලියූ මාගේ සිත් ගත් ලිපි කිහිපයක් ගැනද මෙහි සදහන් කරමි. 

මුලින්ම බලමු මීට කාලයකට පෙර මෙම බ්ලොග් අඩවියේ වැඩිපුරම කියවපු ලිපි මොනවාදැයි කියා.  (මෙම රතුපැහැයෙන්/අළු පැහැයෙන් දක්වා ඇති සබැඳියන් හරහා ඔබට අවශ්‍යනම් ඒ අදාල ලිපියට ප්‍රවිශ්ඨවීමේ හැකියාවද තිබෙන බව සදහන් කරමි).

Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම - (The Great Siberian Explosion) - අවුරුදු 100 කටත් වඩා ඈත කාලයේදී සිදුවූ අභිරහස් පිපුරුමක් ගැන ලියවුන ලිපියට ඉතා හොද ප්‍රතිචාරයක් ලැබුනා. මිනිසුන් ස්වභාවයෙන් තමන් මෙවන් අනතුරුවලට ලක්වෙන්නට අකමැතිවුනත් පිපිරුම්, අවි ආයුද වලට ඇති කැමැත්ත මේ වගේ ලිපි ඉක්මනින් ජනප්‍රියවන්නට හේතුවක් වන්නට ඇතුවාසේම ඒ වන විට නොදැන සිටි කාරණයක් නිසාත් ලිපියට හොද ඉල්ලුමක් තිබුනා.මේ ආකාරයේම තේමාවක් තිබුන ලිපියක් තමයි
කාලයක්ම සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩි කාලයක්ම වැඩියෙන්ම කියවූ ලිපිය,  එක් දිනකදී වැඩියෙන්ම කියවූ ලිපිය, මුල් වරට එක් දිනකදී වැඩිම පාඨකයන් ප්‍රමාණයක් පැමිණි දිනය සටහන් වූ ලිපියත් මෙයයි.

ඒ වගේම මුල් වරට සත් සමුදුර අඩවියේ 100 දෙනෙකු කියවූ ලිපිය ගැනත් කියන්නම් ඒ තමයි කෙවින් කොස්ට්නර් රඟපෑ චිත්‍රපටි කිහිපයක් ගැන සදහන් කළ වැඩිය හිනා වෙන්නේ නැති නළුවෙකුගේ ‍හොද පික්චර් කිහිපයක්..... ලිපිය.

පේරු රටේ නස්කා රේඛා ගැන ලියවුන් මහ‍ පොළොව මත ඇදි අබිරහස් සිතුවම් ලිපියත් හොද ප්‍රතිචාර සේම මාගේද සිත් ගත් ලිපියක්.

සුන්දර ටජ් මහලේ නොදත් තතු, මේ ලිපිය සත් සමුදුර බ්ලොග් අඩවිය පවතින තාක්කල් කෙසේ අමතක කරන්නද? සුන්දර ටජ් මහලේ නිර්මාණය පිළිබදව සහ සංකේතාත්මකව කුමන සංස්කෘතියකට අයත් දැයි ගවේෂනාත්මකව සොයා බැළු කරුණු පිළිබදව ගෙන ආ ලිපිය කොටස් හතරකින් යුතුවූ අතර දිගුකලක් හොද ප්‍රතිචාර ලද සහ මා සිත් ගත් ලිපි අතර ප්‍රමුඛස්ථානයේම තිබෙන ලිපියකි.

කෘතහස්ථ සිනමාවේදියෙකු වූ මාලන් බ්‍රැන්ඩෝ ගැන සහ ඔහුගේ නම සමග නිතැතින්ම කියවෙන The God Father චිත්‍රපටි ත්‍රිත්වය ගැන ලියවුන ලිපි හතරක් වන The Godfather - “The Greatest Movie of all time” ලිපි හතර ගැනත් මේ මොහොතේ කිව යුතුයි.

සෝවියට් දේශයේ ස්ටාලින් යුගයේ පැවතුනා යයි පැවසෙන මිනිසුන් රදවා බලහත්කාරයෙන් කටුක ලෙස වැඩගත් කඳවුරු වන ගුලාග් කඳවුරු ගැන ලියවුන ලිපි ත්‍රිත්වය ගැන සදහන් කරනවා නම්, මේ ලිපි ත්‍රිත්වය එතරම් පාඨක සිත්ගත් ලිපි වූයේ නැහැ. කෙසේවෙතත් මේ ලිපි ලිවීමට නම් මා සෑහෙන්න පරිශ්‍රමයක් දැරූ බව නම් පවසමි. මේ එම ලිපි ත්‍රිත්වයේ පළමුවැන්නට සබැඳියයි - Glavnoye upravlyeniye ispravityel'no-trudovih lagyeryey i koloniy a.k.a. ගුලාග් (GULag)

එසේම මෙම ගුලාග් ලිපියේ සදහන් කළ ඇතැම් කරුණු පිළිබදව යම් දෝශ සහගත තත්ත්වයන් වසර දෙකකට පමණ පසු දුටු විට එය නිවැරද කර මෙම ලිපිය පළ කළෙමි. කලකට පෙර පළ කළ ගුලාග් ලිපියේ කරුණක් නිවැරදි කිරීම සදහායි

මේ ලිපි ත්‍රිත්වයට පසුව සයිබීරියාව පිළිබදව ලියවුන Sibir හෙවත් Sleeping Land ලිපියටත් හොද පාඨක ප්‍රතිචාර ලැබුනා.

සුප්‍රකට බොක්සිං ක්‍රිඩක මොහොමඩ් අලි ගැන ලියවුන ලිපි ද්විත්වයක් වන "Float like a Butterfly, Sting like a Bee" ලිපි එදාට වඩා අද වටිනාකමක් තිබේ යයි සිතන්නේ මෙම ශ්‍රේෂ්ඨ මිනිසා අද අපි අතර ජීවතුන් අතර නොමැති නිසාවෙනි. තවද මේ ලිපියට එදා මා භාවිතා කල මාතෘකාව එතරම්ම සාර්ථක නොවූ බවක් පසුව හැඟුනි. මන්ද ලිපියක ජනප්‍රියතාවයට හෝ එය වඩාත් පාඨක ආකර්ශනය දිනා ගැනීමට එයට යොදන මාතෘකව දැනෙන එකක් විය යුතුය. ඒත් එදා මට වඩාත් සුදුසු යයි සිතුන මෙම "Float like a Butterfly, Sting like a Bee" යන්න ලිපියට වඩාත් ගැලපුනත් එය පාඨකයන් එතරම් සිත්ගත් මාතෘකාවක් යයි මා හට නොසිතේ.

විසිවන සියවසේ බිහිවූ අද්විතීය දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ සිරුරු මමිකරණයට ලක්කිරීම ගැන කියවුන විසිවන සියවසේ මමි හෙවත් The preservation of the Human Body in the Twentieth Century ලිපි දෙක ගැනද පවසමි. සුන්දර මාතෘකාවක් නොවූවද සැඟවුන කාරණා රැසක් පිළිබදව පවසන්නට ලැබුන මෙම ලිපි දෙක මා ඉතා කැමැත්තෙන් ලියූ ලිපි දෙකකි.

ඇමරිකාවේ රෂ්මෝර් කන්නේ නෙලා ඇති එරට ජනපතිවරුන් කිහිපදෙනෙකුගේ පිළිරූ ගැන ලියවුන 
රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද???? ලිපිය ගැනද යමක් පවසමි. සිත්ගත් කාරණාවක් පිළිබදව මෙම ලිපිය පසුව සඟරාවක් කරණා මහතෙකුගේ ඉල්ලීමට එම සඟරාව වෙනුවෙන් ආකෘතිය වෙනස්කොට ඒ අවධියේ ලබාදුනෙමි. මිලට අලවිකරණ ලද එම සඟරාවේ කතුවරයා ඒ අවස්ථාවේ එම ලිපියට සාධාරණ මුදලක් ලබාදෙන බව පැවසුවත් අදටත් ලැබුන මුදලක් නොමැතිය.

පිරමීඩ ගැන ලිපි හතර මේ මොහොතේ මතක් නොකර සිටීනම් එය ඉතා අඩුවකි.  පිරමීඩ ඉදිකරන්නට සේම මේ ලිපි හතර ලියන්නටද සෑහෙන්න වෙහෙසක් දැරූ බව පවසමි - පිරිමීඩ ගැන සහ පුරාණ මමි ගැන ලියවෙන සටහනට අකුරු අමුණන වගයි... (Lets we talk about the Pyramids)

මා සිත් ගත් තවත් තේමාවක් නම් රටවල් පිළිබදව හැදෑරීමයි. ඒ නිසා ඒ පිළිබදව ලිපි දෙකක් පළ කළෙමි. එහෙත් ඉන් අනතුරුව මේ පිළිබදව ලිපි ලිවීමට නොහැකිවූවත් අනාගතයේදී තවත් රටවල් ගැන ලිපි ලිවීමට බලාපොරොත්තුවෙමි. ලිබියාව සහ ඊශ්‍රාලය ගැන එසේ ලිපි දෙකක් ලියා තිබේ. මේ ලිපි දෙකට හොද පාඨක ප්‍රතිචාරයක්ද ලැබුනි.

ඉතාම අමිහිරි සහ නැවත ආවර්ජනය කිරීමත් සංවේගදනවන මාතෘකවක් වූ පොල්පොට් (ආසියාවේ හෘදසාක්‍ෂිය නොමැති භීෂකයා - පොල්පොට් හෙවත් Cambodian guerrilla (the Khmer Rouge) commander Pol Pot)ගැන ලිපියත් කරුණු සෑහෙන්න සොයා බලා ලියූ ලිපියකි.

මා බෙහෙවින් ප්‍රියකළ ලිපියකි රහස් පරීක්‍ෂකයෝ පාවිච්චිකරපු Gadget - The Most Interesting Spy Gadgets ලිපියත්

මෙය නම් මා කැමැත්තෙන්ම සඟරාවක් වෙනුවෙන්ද පසුව ලබා දුන් ලිපියකි. ඒ රේඩාරය සොයා ගැනීමට පෙර ගුවන් යානා හදුනාගත් හැටි - (Locating Device Before Radar Invented) ලිපියයි. මෙම ලිපිය ගුවන් හමුදාව විසින් සම්පාදනය කරන සඟරාවක් වෙනුවෙන් ඉල්ලා සිිිටි අතර එය මා එහි සම්පාදක මහතාට නොමිලයේම ලබා දුනිමි පසුව එහි මෙම ලිපිය පළවූ පසු එහි පිටපතක් මා වෙත තැපෑලෙන් එවා තිබූ බව සතුටෙන් මතක් කරමි. තවද රේඩාරය පිළිබදව ලියූ ලිපිය ගැනද නොපවසා ගියොත් අඩුවක් නිසා එම ලිපිය ගැනද සදහන් කරමි - රේඩාරය සොයා ගත්පසු - After Radar Invented...

මේ ලිපිය පළකළේ සෑහෙන්න පාඨක ප්‍රතිචාරයක් ලැබේවි යන් බලාපොරොත්තුවෙනි. එහෙත් එතරම් ප්‍රතිචාරයක් නොලැබුනද මා සිත්ගත් ලිපියක් ලෙස ගෑස් මුහුණු ගැන ලිපියද මෙහි සටහන් කරන්නෙමි.
ගෑස් මුහුණු ගැනත් මොන මොනවහරි දැනගමු - Something know about GAS MASKS

මා වෙහෙසක් නොදැරූ ලිපිය  දෙකක් ලෙස ලෝකයේ ඇති දර්ශනීය ස්ථාන සියල්ල එකම තැනකදී දැක ගන්න ජපානයේ "Tobu World Square" theme park in Nikko වෙත යන්න ලිපිදෙක හැදින්විය හැකි අතර මා ප්‍රියකළ ලිපිය දෙකකි.

මේ ලිපියටත් හොද ප්‍රතිචාර සෑහෙන්න කලක් යනතුරු ලැබුනි - ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර් - Top Military Helicopters in Battlefield.

පුදුම හතෙන් එකක් - ‍පෙට්රා (Petra - The lost city of mysteries) ලිපිය මා ඉතා සිත් ගත් ලිපියක් සේම පාඨක ප්‍රතිචාරද ඉහළින් ලැබුනි. තවද ඕස්ට්‍රේලියාවේ නොමිලේ බෙදාහරින සඟරාවක් වෙනුවෙන් එහි සම්පාදක මහතාගේ ඉල්ලීම පරිදි නොමිලේ ලබා දීමටද එවකට කටයුතු කළෙමි. තවද මේ වසරේදී මේ පෙට්රා නිර්මාණය පිළිබදව තවත් නව තොරතුරු කිහිපයක්ම මා හට ලැබුන අතර අවස්ථාව ලද විටෙක ඒවාද ඔබ හමුවට රැගෙන ඒමට බලාපොරොත්තුවෙමි.

මාගේ රථවාහන පිළිබදව දැනුම ඉතා අල්ප යුගයකදී එහෙත් මූලාශ්‍ර රැසක් පරිශීලනයෙන් පසුව ලියවුන 
දෙමුහුන් වාහන ගැන කෙටියෙන් යමක් - About Hybrid Vehicles - 'Car of the Era' ලිපිය එදාටත් වඩා අද ගැලපෙන්නේ යයි සිතමි.

දෙවන ලෝක යුද්ධයේ වර්ණ සේයාරූ කිහිපයක්ද සමග පළ කළ වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War Pictures ලිපිය මා කිසිදු අයුරකින් පාඨක සිත්ගත් ලිපියක් වෙතැයි නොසිතුවෙමි. එය දහවල් දොලහේ කෑම පැයට ඔන්න මෙන්න තියා පළ කළ අතර දහවල් එක වන විටත් සෑහෙන්න පිරිසක් නරඹන්නට පටන්ගෙන තිබුනි. එය කාලයක් යනතුරුම සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩියෙන්ම නරඹන ලිපි අතරට එක්ව තිබූ අතර මෙයට වඩා සවිස්තරාත්මකව දෙවන ලෝක යුද්ධය ගැන ලියවුන ලිපි මෙහි ඇතිමුත් මෙය මෙතරම් පාඨක සිත්ගත්තේ ඇයි දැයි තවමත් නොවැටහේ.

ඝානාවේ ලස්සන මිනී පෙට්ටි - Fantasy Coffins of Ghana ලිපියෙන් කියවුනේ අප කවුරුත් අකමැති, එහෙත් ජීවිතේ කවදාහෝ අන්තිමයටම සැතපෙන්නට සිදුවන මිනිපෙට්ට් විශේෂයක් පිළිබදවයි. අසුන්දර තේමාවක් වුවත් අප්‍රිකාවේ ඝානාවරුන්ගේ නිර්මාණාත්මකබව පිළිබදව මෙයින් කියවුනි.

පාසල් යන කාලයේදීම කුතුහලයෙන්, ත්‍රාසයෙන් යුතුව කියවා දැන සිටි ඊශ්‍රායලයේ වීර සෙබළුන් පිරිසත් තම රටවාසීන් පිරිසක්, උගණ්ඩාවේ ප්‍රාණ ඇපකාරයන් ලෙස රඳවා ගෙන සිටියදී තම දක්‍ෂතාවයත්, උපක්‍රමශීලීත්වයත්, ධෛර්ය යනාදී සියළු ගුණාංග ඒකරාශී කොට සිදුකළ මෙහෙයුමක් පිළිබදච ලියූ ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මීට වසර තිස් පහකට පෙර සිදුකල විශිෂ්ඨතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම - Operation Entebbe - Israel’s Lightning Strike ලිපියද මා ලියන ලද ලිපි අතර මා සිත් ගත් ලිපියකි.

දුම්වැටි පිළිබදව මේ අවධියේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාවකි. එහි ඇති අනිටු ප්‍රතිඵල ජාතික වශයෙන්ම අත්විදින්නට සිදුව ඇති අභාග්‍යයකි. වර්ථමානයේ පරපුර විශාල වශයෙන් දුම්වැටිවලින් බැහැර වීම එක් අතකින් සතුටට කාරණයකි. කෙසේවෙතත් දශක කිහිපයකට පෙර දුම්වැටි සමාගම් කෙතෙක්දුරට සිය ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියේද යන්න මේ ලිපිය හොද උදාහරණයකි - පි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙළද දැන්වීමක් - Days when the doctors suggested to smoke!


ඇමරිකාවේ ලිබර්ටි පිළිරුව ගැන ලියූ ඇමරිකාවට ප්‍රංශයෙන් ලැබුන නිදහස් තෑග්ග - Liberty Enlightening the World අදටත් මා ප්‍රිය කරණ ලිපියකි.

සමාජ රෝග පිළිබදව 30/40/50 දශක වල ප්‍රචාරයට ලක් කළ පෝස්ටර් රැසක් පිළිබදව වූ ලිපියක් වන 
අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters ලිපිය හා පසුව බෙහෙවින් කරුණු පරිශීලනය කොට ලියූ සිෆිලස් රෝගය පිළිබදව ලියූ  ලිපි දෙකක් වන යුරෝපය වෙතට සිෆිලිස් රෝගය රැගෙන ආවේ ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ නාවිකයන් විසින්ද? (18+ වැඩිහිටියන්ට පමණයි) - Syphilis Enigma - ලිපි පිළිබදවද මෙහිදී සදහන් කරමි. නොදත් කරුණු රැසක් මෙම ලිපි දෙකේදී ඔබ මෙන්ම මාද මෙම ලිපි සම්පාදනයේදී දැනකියාගත් අතර ඉහල පාඨක ප්‍රතිචාරයක්ද ලැබුනි.

අසාර්ථක වූ පරිභෝජන උපකරණ රැසක් පිළිබදව වූ සේයාරූ ඇති මෙම ලිපියද බොහෝදෙනෙකු කියවා බැළු ලිපියකි  මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල, සුනඛ එන්ජින් යෙදූ වාහන, වැකුම් ක්ලීනර් පියානෝව..

මෙය ලිපි පෙලක් කියුවත් වරදක් නැහැ. ලිපි පහක් පමණ පළ කළ මෙයින් යුද තත්ත්වයන් සදහා නිර්මාණය වී පසුව අපගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට ඉතා වැදගත්වූ උපකරණ රැසක් පිළිබදව මෙයින් අපදැනුවත් කළා.
සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime -

එක් අවස්ථාවක් පැමිණීයා කිසියම් තාක්‍ෂනික දෝශයක් හේතුවෙන් සත් සමුදුර බ්ලොග් අඩවිය ඇතැම් විට මියයන්නට පවා හේතුවිය හැකි තත්ත්වයක් උදාවූ එදා ඒ පිළිබදව ඔබට මා දැන්වූ ලිපිය මෙයයි. 
එසේම  මේ අසීරු අවස්ථාවේ මා සමග සිටි සහ එය නිරාකරණය කරන්නට උදව් උපකාර කළ සියල්ලන්ටම නැවතත්තු අදද තුති පුද කරමි.

2012 වසරේ සිදුවිය හැකි යයි විශ්වාස කළ ලෝක විනාශය ගැන ඔබට මතකද? මේ එය සම්බන්ධයෙන් ලියවුන ලිපි පෙළ පිළිබදවයි. සත් සමුදුරේ ඉහළම පාඨක ප්‍රතිචාරයක් ලද මෙම ලිපි පෙළ කාලයක් යනතුරුම වැඩියෙන්ම කියවූ ලිපි අතර පෙරමුණේද පසුවූ බව මතක් කරමි.
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු
මෙයට සියවසකට පමණ පෙර පවා මිනිසුන් ජීවත්ව සිටියදී සේම මරණය සිදූවූ අවස්ථාවේ නිර්මාණය කරවා ගත් සිය මුහුණේ වෙස් මුහුණ පිළිබදව පැවසූ අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask වෙනස් ආකාරයක අත්දැකීමක් ලබාදුන්නකි.

ඡායාරූප වලින් රැගෙන එන පණීවිඩයට එදා අද සහ හෙට යන කවදටත් මම කැමතියි.  වචන අකුරු වලින් කියන දේ වගේම මේ සේයාරූවලින් ක්‍ෂනිකව ලබාදෙන නිහඬ කථනය මා ඉතා සිත්ගත් දෙයක්. ඒත් මෙවැනි ලිපිවලට පාඨක මිතුරන් කිහිපදෙනෙකුම එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. මේ එවැනි ලිපියක්.
ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප - Photos of the Photographers . වචන නොමැතිවූවත් බ්ලොග් අඩවියේ ඒකාකාරීබව නැති කරන්නට මෙම ලිපි උපකාරීවූ බවක් මම සිතනවා. කොහොමවුන්. මේ ලිපියත් සමග පළවු අදහස්වලට යමක් කියන්නට මටත් සිදුවුනා.මේ එම ලිපියයිකතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්...

ඉන් අනතුරුව ලිපි 6 කින් පමණ යුතුවූ දීර්ඝ ලිපි පෙලක් ලියුවා ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් හා එම සමාගම පිළිබදවත් - හිටපු ඇපල් ලොක්කා හා ඔහුගේ කොම්පැනිය ගැන සමබරව

රෝම යුගය පිළිබදව ලියූ මෙම ලිපියත් දැන්නම් අමතකවූ ලිපියක් ලෙස මා දකිනවා - යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූ‍යේ ඇයි? The Roman Era

අදටත් මෙම බ්ලොග් අඩවියේ සයවැනි ස්ථානයේ වැඩියෙන්ම කියවූ ලිපි අතර රැදී තිබෙන්නේ වසර 5 කට ආසන්න වශයෙන් පැරණි යම් හෙයකින් ඉරානයට ඊශ්‍රායලය පහර දුන්නොත් කවුරු දිනයිද? Iran Vs Israel ලිපියයි. මෙයට ඇමුණුමක් ලෙස පෙර ලිපියට තවත් ඇමුණුමක්... Iran Vs Isrel - Part 2 ලිපිය ගෙන ආවත් එය පෙර ලිපිය තරම්නම් ආකර්ශණයට ලක් වූයේ නැහැ.

ඉන්දියාවේ සාමන්‍ය මිනිසුන්ගේ ජීවිතය, සමාජ මට්ටම්, ඇදහිලි සහ විශ්වාස, නොදැනුවත්කම්, මුග්ධබව යනාදී කරුණු රැසක් පිළිබදව කෙටියෙන් කථාකල මෙම මේ ශාරුක් ඛාන් හෝ අයිශ්චර්යාගේ නොව ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීවිතයයි - This is not about Sharuk Khan. This is the life-style of Indian non privilege people. +18 ලිපියට විවිදාකාරයේ අදහස්, විවේචන, වාදවිවාද යනාදිය ලැබුනා. අදටත් බ්ලොග් අඩවියේ වැඩියෙන්ම කියවූ ලිපි අතර අටවන ස්ථානයේ පසුවන්නේ වසර 5 කට ආසන්මෙන වශයෙන්ම පැරණි ලිපියයි.

ලිපි කිහිපයකින්ම යුතු මධ්‍යතන යුගය පිළිබදව ලියූ රෝමයුගයෙන් පසු එළඹි මධ්‍යතන යුගය - Medieval Times a.k.a. Middle Ages ලිපිද මා ඉතා කැමැත්තෙන් ලියූ ලිපි පෙලක්.

2012 පෙබරවාරියේ මා ලියූ හිට්ලර් දෙවන ලෝක යුද්දයෙන් පසුවත් ජීවත් වුනාද? Was Hitler Alive after WWII? ලිපිය පිළිබදව මා හට වඩාත් මතකයට ආවේ මීට මාස කිහිපයකට History නාලිකාව ඔස්සේ පැය කිහිපයක් පුරා විකාශය කළ Hunting Hitler වාර්ථාමය වැඩසටහන නරඹන අවස්ථාවේදීයි. හිට්ලර් හා ඔහුගේ අනුගාමිකයන්ට දකුණු ඇමරිකාවේ විශේෂයෙන් ආර්ජන්ටිනාවේ තිබූ ප්‍රභල තත්ත්වය හිතා සිටියාටත් වඩා කෙතරම්ද යන්න මේ වැඩසටහන නැරඹූ පසු තේරුම් ගත්තෙමි. එහෙත් ඔවුන්ටද 100% ක්ම හිට්ලර් එහි සිටි බවට පැවසිය නොහැකිවූයේ අදටත් එම තොරතුරු වසන් කරන්නන් එම රටවල වාසය කරන නිසාය.

2012 වසර වන විටම දෙවන ලෝක යුද්ධය පිළිබදව ලිපි පෙලක්  ලියන්නට ආරම්භ කර සිටියත් එය අවසන් කරන්නට තවම මා සමත්ව නොමැතිබව කිව යුතුයි. අනාගතයේදී නැවත එම ලිපි පෙළ අරඹන්නට අදහස් කරගෙන සිටින බවද පවසමි. මේ එම ලිපි පෙළේ ආරම්භය සනිටුහන් කළ ලිපියයි -  දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර 

එසේම මෙම ලිපි පෙලට පෙරාතුව පළ කළ හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler ලිපිටත් හොද ප්‍රතිචාරයක් ලැබුන අතර සෝවියට් සොල්දාදුවන් පැලදි ඔරලෝසු පිළිබදව පැවසීමත් සමග සමාජවාදී හිතවතුන්ගේ "ලිඛිත ප්‍රහාරයටද" ලක්වන්නට මෙම ලිපියේදී මාහට සිදුවූවා. අදටත් සත් සමුදුර බ්ලොග් අඩවියේ වැඩියෙන්ම කියවූ ලිපි අතර 10 වන ස්ථානයේ පසුවන්නේ මෙම ලිපියයි.

මෙයට වඩා හොදින් මැඩම් තුසාඩ් කෞතුකාගාරය ගැන ලිපියක් ලියන්නට සිතා සිටියත් කුමක්දෝ නොහැකියාවකින් මෙපමණකින් මෙම තේමාව ගැන ලියා තබන්නට සිදුවූවා. මේ එලෙස එම කලාගාරය පිළිබදව ලියූ සටහනයි ශාරුක් ඛාන්, ‍ඓයිෂ්චර්යවලාගේ ඉටි ‍බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය.

අර කාලයක් සැරට තිබුන මුස්ලිම් ජාතිකයන්ගේ කඩවලින් බඩුමුට්ටු ගන්න එපා කියන මතය ගැන ලියපු 
මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද? Reject Hamba brands??? ලිපියත් මොකට සඟවනවාද? විශාල කමෙන්ටු ගණනක් ලැබුන ලිපියක් තමයි මෙය. මධ්‍යස්ථ අදහස්, කොහාටවත් නැති අදහස්, බැණුම්, අවලාද, අපහාස, ප්‍රශංසා යනාදී සෑම ආකාරයේම ප්‍රතිචාරවලින් පිඳුම්ලද මෙම ලිපිය මා සිත්ගත්තක් නොවූවත් මෙහි සටහන් කරන්නට සිතුවා.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල තිබෙන අවස්ථාවේ ලියූ ඔලිම්පික් ගැන දන්නා නොදන්නා තොරතුරු - Olympic Secrets ලිපිය මේ අවධියේත් වඩාත පරිශීලනය වන ලිපියක්. බොහෝවිට එයට හේතුවන්නට ඇත්තෙ 2016 රියෝ ඔලිම්පික් උළෙල පැවති නිසා වෙන්නට ඇති. ඊට ආසන්න කාලයක ලියූ මෙම ලිපියට නෑකම් කියන ලිපියක් තමයි ඇමරිකාව රනින් වර්ණවත් කළ මිනිසුන් හෙවත් නූතන ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනුනම ඇමරිකානු ක්‍රීඩකයන් - Remarkable American athletes in Modern Olympic History ලිපිය.

ලියනාඩෝ ඩාවින්චි සහ ඔහුගේ නිර්මාණ ගැන දීර්ඝ ලිපි කිහිපයක්ම ලියු බව ඇතැම් මිට ඔබගේ මතකයේ ඇති. මේ එම ලිපි පෙළ ආරම්භකරන්නට මූලිකවන අවස්ථාවේ ලිපියයි. ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18

සිරියානු අර්බුදය අදටත් ලියාගත නොහැකි ගැටයක් වී හමාරයි. මේ එම අර්බුදය මුහුකුරා වැඩෙමින් පවතිද්දී 2012 වසරේදී තැබූ කුඩා සටහනක්. ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද?

තවත් විවාදාත්මක ලිපියක් වූ මෙයටද පාඨක ප්‍රතිචාර මිශ්‍ර ලෙස ලැබුණි. වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

කොරියන් යුද්ධය පිළිබදව ලියු ලිපි පෙළත් මා සෑහෙන්න වෙහෙසී කරුණු සොයා බලා ලියූ ලිපි පෙලක් බව සදහන් කරණු කැමැත්තෙමි. නිහැඬියාව බිද දමමින් වසර 60 කට තරමක් වැඩි නුදුරු අතීතයක අමිහිරි මතකය නැවතත් රැගෙන ආ කොරියන් යුද්ධය පිළිබදව මෙතැන්සිට.

බර්ලින් තාප්පය ඉදිකිරීම හා එයින් පසුව සිදුවූ අනුවේදනීය සහ ලෝක දේශපාලනය ඇතැම් විට වෙනස් කළ සිදුවීම් පිළිබදව ලියවුන ලිපිය ගැන මටත් අමතක වෙලයි තිබුනේ. එය ලිපි දෙකක් ලෙස පළ කළ අතර මේ එහි පළමුවැන්නයි - ප්‍රධානතම අතීත මතක සැමරුමක් සමග කතාබහ කරමු - තාප්පය ඉදිකිරීමට පෙර

බර්ලින් තාප්පය පිළිබදව කියවෙන විට අමතක කළ නොහැකි ඇමරිකානු ජනපති කෙනඩි මහතා ගැන ලියූ දීර්ඝ ලිපි කිහිපයත් අහක දැමිය නොහැකියි. මා ලියූ බ්ලොග් ලිපි අතරින් වැඩිම මූලාශ්‍ර ප්‍රමාණයක් හැදැරීමෙන් අනතුරුව ලියූ ලිපි මාලවක් ලෙසද මෙය හැදින්විය හැකිය. එය සත්‍යයක් දැයි ඔබම මෙම ලිපි පෙළ කියවුවහොත් තේරුම් ගනීවි යයි සිතනවා. මෙහ එහි පළමු ලිපියයි. අමාරුම කාලසමයක ඇමරිකාව මෙහෙයවූ ලාබලතම ජනාධිපතිවරයා... කෙනඩි ජනපති පිළිබදව මෙන්ම, කියුබාවට එරෙහිව දියත් කළ රහසිගත මෙහෙයුම් පිළිබදව, කියුබානු මිසයිල අර්බුදය,  ඔහු සතුරන් ඇතිකරගැනීම, ඔහු තුල අනෙක් ඇමරිකානු ජනපතිවරුන්ට සාපේක්‍ෂව තිබූ සාමකාමී බව යනාදී කරුණු රැසක් මෙම ලිපි පෙලට මා එක් කළා.

අවසාන වශයෙන් මේ දවස් වල වැඩියෙන්ම බලන ලිපි සහ ඒවා එසේ වැඩි අවධානයක් යොමුවෙනවා ඇත්තේ මන්දැයි මට හිතෙන විදියට සුළුවෙන් සදහන් කරමි.

වැඩියෙන්ම පසුගිය මාස කිහිපයේම බලලා තියෙන ලිපිය තමයි මීට අවුරුදු 4 කට පමණ පෙර එනම් 2012 අගෝස්තුවේ මම ලියන ලද රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? කියන ලිපිය. ඊට පස්සේ විවිදාකාරයේ ලිපි ගණනාවක්ම ලියවුනත් අදටත් දිනපතාම වැඩියෙන්ම බලන්නේ එච්චර දීර්ඝ නොමැති මෙම ලිපියයි. ගතවූ වසර පහක පමණ කාලය තුල අප රටේ රාවණා රජු පිළිබදව සහ රාවණා සංකල්පය පිළිබදව බොහෝදෙනෙක් කතාකරන්නට, ඒ වෙනුවෙන් සංවිධාන බිහිකරන්නට, සහ ඇතැම්විට අනාගතයේ හෝ සියළු දුක්කරදර වලින් ගලවා ගන්නට රාවණා රජු පහළවේදෝ යන සැකය නිසා වෙන්නට ඇති රාවණා රජ්ජුරුවෝ ගැන ඔයතරම්ම සොයා බලන්නේ. කොහොමවුනත් කමෙන්ටුත් සෑහෙන්න ලැබුන ඒ ලිපිය වාදවිවාද, අළුත් අදහස්, මැදහත් අදහස්, එල්බ ගත් මතයන්වලින් නොමිදුන අදහස් යනාදී විවිද අදහස් ලබාදී තිබුනා. එයට පිළිතුරු දෙන්නට තවත් ලිපියක්ද ලියන්නට වුනා. ඒ තමයි රාවණා නැවත "ඉපදුන" පසු අපේ සියළු ප්‍රශ්න විසදෙයිද? ලිපියට නම් එතරම් අවධානයක් ලැබුන බවක් පෙණුනේ නැහැ.

මට තවදෙයක් හිතෙනවා. ඒ තමයි ලෝකයේ ගොඩක් රටවල අදටත් අතීතයේ සිටියා යැයි විශ්වාස කරණ පාලකයෙකු දීර්ඝ නින්දකින් අනතුරුව නැවත වර්ථමානයේ විද්‍යාමාන වනු ඇතැයි විශ්වාසය. එබදුම විශ්වාසයක් මහා බ්‍රිතාන්‍යයේ තිබෙන බව අසා තිබේ. ඒ තමයි මහා ආතර් රජුගේ නින්දෙන් අවදිවීමයි.

මා රාවණා රජුගේ ලිපියේදී කියුවා වගේම  ලෝ ප්‍රකට ඇමරිකානු කතුවරයෙකු වන Mark Twain විසින් ලියපු A Connecticut Yankee in Kin Arthur's Court කියන පොතෙත් තියෙන්නේ නයිට්වරුන් සතුරන් මවාගෙන ඔවුන් සොයසොයා මැඩලන්න ගියාවගේ තමයි මේ කාරණයටත් වෙනත් වෙනත් පසුකාලීන භෞතිකමය ද්‍රව්‍ය මෙයට ඈදාගනිමින්, සිතින්මවාගත් උපකථා යනාදිය තනාගෙන නොපෙණෙන අනුමාන කරන දෙයක් පසුපස ගමන් කිරීම ගොඩක් වෙලාවට පෙනෙන්නට තිබෙනවා.

ඒ එක්කම තවත් දෙයක්, ඒ තමයි රාවණා රජු සත්‍ය වශයෙන්ම සිටි පුද්ගලයෙකු හෝ පුරාවෘත්තයක් හෝ කුමක් වූවත්, රාවණා පිළිබදව ඇත්තේ අපිට ඔහු වීරයෙකු වුවත්  ඉන්දියානු ජනජීවිතය තුලදී රාවණා සැලෙකෙන්නේ දුෂ්ඨයෙකු ලෙසටයි. එහි යම් සමානබවක් කියනවා නම් සිටුවර ඩ්‍රැකියුලාගේ තොරතුරුවලටයි. එනම් පිටස්තර ලෝකයට ඔහු දුෂ්ඨයෙකු, නපුරෙකු, ඇසූ විට බිය දනවන්නා වූ කෙනෙකු වූවත් ඔහු විසූ රුමේණියානුවන්ට නම් වීරයෙක්. අප ඔහුගැන සාමාන්‍යෙයන් අසා තිබෙන්නේ දහවල් මිනීපෙට්ටියක නිදා රාත්‍රියේ වවුලෙකුගේ වෙස්ගෙන සැරිසරමින් ලේ උරාබොන රාක්‍ෂ ගති ඇති නපුරු පුද්ගලයෙකු ලෙසයි. එහෙත් රුමේනියාවන්ට ඔහු වීරයෙකු වන්නේ ඔහු එදා යුරෝපයේ වැඩි ප්‍රදේශයක් රුමේණියාවද ඇතුළුව යටත් කරගෙන සිටි ඔටෝමන්වරුන්ට එරෙහිව සටන් කළ බව සැලකෙන නිසයි. ඔහු සතුරන් මැඩලන්න භාවිතා කළ ක්‍රමවේදයන් ඉතා කුරිරු යයි සැලකෙන අතර උදහරණයක් ලෙස ඔහු සතුරන් නසන්නට ගත් සුලභම ක්‍රමයක් ලෙස උලහිදුවීම සැලකෙනවා. මෙසේ උලහිදුවන ලද්දන් එලෙසම තිබෙන්නට හැර තිබෙන අතර එය ඔහුගේ සතුරන්ගේ ධෛර්යය වට්ටවා භීතියට පත් කිරීමේ උපක්‍රමයක් ලෙසද භාවිතා කර තිබේ. ඒ ඔහුගේ බලකොටුව අවට මෙලෙස උලහිදුවන හතුරන් එලෙසම තිබෙන්නට හැර බලකොටුවට පහර දීමට පැමිණෙන සතුරු සෙබළුන්ට එය පෙනෙන්ට හැරීමෙන් ඇතිකරන මානසික පසුබෑම තුලිනුයි.

මම පසුව මෙම රාවණා ලිපි වලට පිළිතුරු සපයන්නට නොගියේ ඇතැම්විට වෙනත් ලිපි සකස් කරන්න කාලය වැයකරන්න සිදුවීම වගේම මම කියන්න ඕන දේ කියලා තියෙන නිසා තවතවත් ඒ වෙනුවෙන් කාලය වියදම්කරන එක් තේරුමක් නැහැ කියලා හිතුන නිසයි. ගිය මාසේ වෙනකම්ම පාඨක මිතුරන් රැසක් මේ ලිපියට කමෙන්ටු ලියා තිබෙන බව මා පසුව දුටුවා. ඉදිරියේදී නිමේෂයක් ලදහොත් ඒවාට පිළිතුරු දෙන්නම්.

(මෙන්න මේදේත් කිව යුතුයි. මා වරෙක මේ ලිපියේ සහ පැරණි ලිපි කිහිපයකම දුටුවා අසභ්‍ය වෙබ් අඩවිවලට යා හැකි සබැඳියන් පවා එහි කමෙන්ටු තුල සටහන් කර තිබෙන බව මා එසේ දුටු ඒවා ඉවත් කළා. කරුණාකර එවැනි සටහන් නම් නොයොදෙන මෙන් ඉල්ලා සිටිනවා)

බ්ලොග් අඩවියේ මෙතෙක් ලියූ ලිපි අතරින් සමස්ථයක් ලෙස දෙවන ස්ථානයේ තමයි මෙම රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපිය තිබෙන්නේ. වැඩියෙන්ම බලා තිබෙන ලිපිය තමයි මෘදුකාංගයක් ඇසුරෙන් ඉංග්‍රීසි බස ඉගන ගැනීමට හැකි ක්‍රම ගැන කියන ලද ඉංග්‍රීසි භාෂාව හදාරන නවකයන්ට තවත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් - Learn to Speak English ලිපිය. බොහෝවිට අපි කාටත්හැ ඉංග්‍රීසි භාෂාව ඉගන ගන්න තිබෙන ඕනෑකම නිසාම මේ ලිපියට ගොඩක් දෙනෙක් අැළුම් කරන්නට ඇති යයි සිතනවා.භැබැයි මේ ලිපිය පරදවා ඒ තැන නොබෝ දිනකින්  රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? ලිපිය විසින් උදුරාගනු ඇතැම් අනාවැකියක් වගේ කියන්න පුළුවන්.

තුන්වන හා පස්වන ස්ථානයේ දැනට රැදී සිටින ලිපි දෙක ගැන එකවරම කියන්නම්. ඒ ලිපි දෙක නම්, 

"ආදර බෝනික්කන්" කසාද බැදි මිනිසුන් (වැඩිහිටියන් පමණක් මෙම ලිපිය බලන්න) - Human who married Sex Dolls (+18 - Only for Adults) සහ අශ්ලීල ‍චිත්‍රපටි හෙවත් නිල් චිත්‍රපටි කර්මාන්තයේ සැඟවුන අදුරු පණිවිඩයක් - Dark Message Hidden in Pornography - Adults only +18. මේ ලිපි දෙකම ස්ථානගත වන්නෙ ලිංගිකත්වය කියන තේමාව යටතේ නිසා බොහොම ඉක්මනින්ම ඉදිරියට එන්න ඇතියයි සිතනවා. මේ ලිපි දෙක ගැන වැඩිපුර යමක් කියන්නට යන්නේ නැහැ.

හතරවන ස්ථානයේ තිබෙන මිනිසුන්ට ඉතිහාසය පුරා දුන් දණ්ඩනයන් පිළිබදවයි. අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම (අවවාදයයි : සිත දුර්වල නම් නැරඹීමෙන් වලකින්න) එ වගේම මේ ලිපිය පළමු කොටස ගැන කියනවා නම් ඒ මේ ලිපියයි, පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods).

මිනිස්සු තමන් වද බන්ධනයට ලක්වෙන්න අකමැතිවුනත් අනෙකා වදබන්ධනයට ලක්වීම නරඹන්න අසන්න කැමතියි. ලෝකයේ බොහෝ රටවල දැන් ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය හෝ වෙනයම් දඬුවම් මානුෂිකත්වය මත ලබා නොදුන්නත්  මෙම සියවසෙත් මුල් දශක වල ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දුන්නා පමණක් නොව එය නරඹන්නට හා විත්තිකරුවා වාචිකව හෝ ශාරිරිකව තලාපෙළා දමන්නට එක් රැස් වූ පිරිසත් බොහෝමයි.

ඉතින් දැන් මෙම ලිපිය අවසන් කරන්නම්. මේ පැවසූ ලිපි පමණක් නොවේ, තවත් විවිද තේමා ඔස්සේ ලියවුන ලිපි ගණනාවක් තිබෙනවා. ඒත් ඒ සෑම එකක් ගැනම නැවත නැවත කියන්න සිතුවේ නැහැ. කොහොමවුනත් මගේ දේ මම හොදයි කියන එක නොවෙයි මෙම ලිපිය ලිවීමෙන් අදහස් කළේ. ගතවූ වසර කිහිපය පුරා ලියු ලිපි ගණනාවක් සැඟව තිබෙන බවක් දුටු නිසා ඒවා ගැන සුළු මතක් කිරීමක් පමණයි මෙයින් සිදුකළේ.

ස්තුතියි!

Saturday, September 10, 2016

රසවිදීමට කලා නිර්මාණයක් සම්භාව්‍යය ශාස්ත්‍රීය නිර්මාණයක්ම විය යුතුද? සරල සුභාවිතයෙන් යුතු කලා නිර්මාණයක් උසස් නිර්මාණ නොවන්නේද?

මේ මාතෘකාව ඔස්සේ යමක් ලියන්නට සිදුවූයේ මීට දින කිහිපයකට පෙර මා ලියූ - අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු ලිපියට එක් පාඨක මිතුරෙකු නමක් සදහන් නොකර තබා තිබූ මෙම කමෙන්ටුව නිසාවෙනි.


ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා.
වෙන රටකට ගිහිල්ල හරි ඔර්කෙස්ට්‍රා එකක් ලයිව් අහන්න. සරල ගීත මොනවද කියල හිතෙයි.
පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් ඒකත් බලන්න.
Whiplash//

මා මෙම කමෙන්ටුවේ අවසානයෙන් අරඹන්නම්. ඔව් මම ඊයේ Whiplash   සම්පුර්ණයෙන් බොහොම සාවධානව  නැරඹුවා.  ඔස්කාර් සම්මාන තුනකින්ම හිමිකම් කියන්නට සමත් වූ  උසස් නිර්මාණයක්. විශේෂයෙන් සංගීත උපදේශක Fletcher ගේ චරිතය සහය චරිතය වූවත් ප්‍රධාන චරිතය අභිබවා එය හිතට දැනෙන ලෙස රඟපෑ J.K.Simmons රංඟනවේදීයාට සහය චරිතයට හිමි ඔස්කාර් සාම්මානය ලැබීම සාධාරණත්වය ඉටුවීමක්. 

මෙම චිත්‍රපටිය තුලින් ලබාදෙන අප්‍රතිහත  ධෛර්යය, කැපවීම පිළිබදව ආදර්ශය ඉහලයි. එහෙත් යම් ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ගේ ආත්මීය වටිනාකම් බැහැර කරමින්. මිනිසෙකු වෙනුවට යාන්ත්‍රික සත්වයෙකු බිහිකිරීම උචිතද යන කාරණය ගැන නම් ගැටළුවක් ඇතිවූවා.

එම කාරණයෙන් ඔබ්බට ගිය විට මෙම කමෙන්ටුවෙන් කියවුන සරල කලාත්මක නිර්මාණයක් තවදුරටත් වර්ධනය කරමින් හෝ ගුණාත්මක බව ලබාදීමට නව පරපුර උත්සහ දරද්දී එය යම් අවතක්සේරුවකට ලක්කිරීම සාධාරණදැයි සැකයක් මතුවේ. විශේෂයෙන් මා මෙම ලිපියෙන් පැවසූ වැඩසටහන් මා හොදයැයි සිතන නිසා අන්‍යයන්ද එසේ සිතිය යුතුයයි මතයක් මා තුල නොමැති බවද පවසන් අතරම අපගේ රටේ නිපැයෙන කුමක් හෝ කිසියම් ගුණාත්මක බවක් පෙන්වයි නම් එය අගය නොකරමින් පිටරටින් ලැබෙන සෑමදෙයක්ම අපට නොගැලපුනද? නොතේරුනද? යන්න පවා සැලකිල්ලට නොගනිමින් එක හෙලා හොද යයි කීම සුදුසුදෝ යන හැගීමද මතුවිය.

සාපේක්‍ෂව ගත්විට මගේ අදහස නම් අප රටේ ඉතිහාසය වසර දෙදහස් ගණනක් වුවද, විවිද කර්මාන්තයන්ගෙන්, විවිද ශිල්පීය නිපුනත්වයෙන්, එසේම කලා නිපුනත්වයෙන්ද එම වසර දෙදහස් ගණනක් උරුමය සහ ඉතිහාසය තිබුනද පසුගිය දශක පහක සහ අද තිබෙන තත්ත්වයට පත්වීමටට අපට පසුගිය සියවසේ තරමක් කාලයක් ගියපසු අරඹන්නට සිදුවූ බවක් හැගේ. 

එයට විවිද හේතු විශාල වශයෙන් ඇතිමුත් කෙටියෙන් පවසමිනම්,  පසුකාලීනව රාජ්‍යත්වයේ ඇතිවූ විවිද හැලහැප්පීම්, රාජධානී කෙටිකලක් තුල රටේ විවිද ප්‍රදේශ කර සංක්‍රමණය වීම, සහ යුරෝපීය ආක්‍රමණ නිසා විවිද ගතිලක්‍ෂන අපගේ ස්වදේශිකත්වයට සුභවාදී ලෙස ලැබුනාටත් වඩා ස්වදේශික ගති ආකල්ප, සංස්කෘතිය හා ආගම යනාදී සෑම කාරණයකට අහිතකර ලෙස මැඩපවත්වමින් ලැබීම ස්ථාවර තත්ත්වයක් මොනම ක්‍ෂෙත්‍රයක් කරා නොතිබීම ගතවූ වසර 500 ක පමණ කාලයක් එනම් 20 වන සියවසට පෙර වසර 500 ක පමණ කාලයක් තුල  අපේ රටට ආවේණික ලෙස පරිණාමය නොවීම යන්න දැක්විය හැකිය. එහෙත් මෙම ඉතිහාසය තුල අපේ රටේ විවිද කලා නිර්මාණ විවිද කාල වලදී උසස් ලෙස නිර්මාණය නොවූ බවක් මෙයින් අදහස් නොකරන අතර විවිද නිර්මාණ මතු පරම්පරාවටද ආඩම්බරයක් විය හැකි ලෙස නිර්මාණය වූවද එය තවදුරටත් ක්‍රමිකව නොනවත්වා වර්ධනය කරගැනීමට ඉන්පසු බිහිවූ පරම්පරාවට හෝ ශිල්පීන්ට හැකිවූයේද යන්න පිළිබදව ගැටළුවක් පවතී.

20 වන සියවසේ මුල දී නීතිඥ  ජෝන් ද සිල්වා මහතා නූර්ති හා නාඩගම් සම්ප්‍රධායන් ඇසුර කරගෙන කරන ලද  ඓතිහාසිකා තේමාවන්ගෙන් යුතු නිර්මාණ ප්‍රධාන වශයෙන් අද පවතින ස්වදේශික කලාවේ මූලාරම්භයට ප්‍රධාන වශයෙන් දායක වන්නට ඇතැයි මේ පිළිබදව මා දන්නා සුළු දැනුම් ප්‍රමාණයෙන් හැගීමක් තිබේ. ඒ මහතාට අමතරව තවත් කලා ශිල්පීන්  බොහෝමයක් ප්‍රකටව අප්‍රකටම මෙම සද්කාර්යයට කාලානුරූපව හෝ සමකාලීනව දායකවන්නට ඇති අතර එම හැරවුම් ලක්‍ෂය අද පවතින කලාවට මුල්ගලක් තැබුවා යයි නම් පැවසිය හැකිය.

සිංහල සිනමාව ගත්විටද, එයද මුලින් ඉන්දියානු ආභාශය සහ ඉන්දියාවේ තාක්‍ෂනික දායකත්වයක් නොමැතිව කරගෙන යාමේ හැකියාවක්ද නොතිබූ අතර පසුකලීනව ක්‍රමිකව අපේ රටේදීම අනන්‍යතාවයකින් යුතුව කරගෙන යාමේ තත්ත්වට ලගාකර ගත්තකි.

ඒ අනුව ගත්විට පිටරට ඔපෙරාවක්, නාට්‍යයක්, චිත්‍රපටියක් හෝ වෙනයම් කලා නිර්මාණයක් අපේ නිර්මාණ හා සන්සන්දනය කරමින් තවමත් දියුුණූවෙමින් පවතින අපේ රටේ දේ හෑල්ලුවට ලක්කිරීම සාධාරණදැයි සිතා බැලිය යුතුය.

සුභාවිතය, මෙරට ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට හැකිවීම සේම යම් ගුණාත්මක බවත් ඊයේට වඩා අදටත්, අදට වඩා හෙටටත් ලබාදෙන්නට කටයුතු කිරීම පැසසිය යුත්තකි. උදහරණයක්ස ලෙස,  සරල වේවා, සම්භාව්‍ය ශාස්ත්‍රීය වේවා, අප රටේ සංස්කෘතික ගුණාත්මක භාවය කෙලසන හෝ අසභ්‍ය, දෙපිට කැපෙන වදන් යොදා තැනෙන ගීත ඉහල ගුණයෙන් යුතුවූවත් පිළිගත හැකිද?

සත්‍ය වශවෙන්ම විවිද හඩපරාස, ශබ්ද සංකලන යනාදිය පරිපූර්ණ වූ ඔපෙරාවක් තේරුම් ගැනීමට හා රසවිදීමට හැකි ප්‍රේක්‍ෂකයන් අප රටේ දැනට සිටින්නේ සුළුතරයකි. එය බහුතරයක් කිරීමටම එකවර ඔපෙරා වට හුරු කිරීමට වඩා සරල සංගීතයේ ඉන් ඔබ්බට ඇති පියවර කරා ගොස් එතැනිින් තව තවත් ඉහලට යාම තුලින් සරල සංගීත මානයෙන් එහා ඇති මෙම ඔපෙරා සංගීතයටද නැඹුරුකමක් දක්වන පිරිසක් බිහිවනු ඇත.

අතිවිශීෂ්ඨ සංගීත්‍යඥයන් වන මොසාර්ට් බිහිවූ අද ඔස්ට්‍රිියාව ලෙස සැලකෙන දේශයද, බීතෝවන් බිහිවූ ජර්මනියේද එකවර ඔපෙරා හෝ සම්භාව්‍ය ශාස්ත්‍රීය බටහිර සංගීතය බිහිනොවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එකිනෙකට ආසන්න යම් කාල සීමාවක සහ යාබද රටවල් දෙකක මෙම දෙදෙනාම ජීවත්ව සිටීම යනාදියට අමතර මෙම රටවල් රෝමානු ආභාෂය තදින් ලැබී තිබීම, විවිද සංස්කෘතික දේශපාලනික හා ආගමික හැලහැප්පීම් වලට එම අවධියට පෙර හා එම අවධියේ නිරතුරු ලක්වීම මධ්‍යතන යුගය නිමාවී පුනරුද යුගයට පා තබා තිබීම, පෞද්ගලික අභිලාශයන් හා ඉලක්ක යනාදිය ද වඩාත් හොදින් අනුගමනය කිරීම වැනි කාරණා අදටත් වසර 300 කට ආසන්න කාලයකදීම එම කලාපයේ උසස් සංගීතයක් බිහීවීමට හේතු වන්නට ඇති.

එසේම ලිපිය අවසන් කරන්නට යන මේ මොහොතේ මීට වසර හතරහමාරකට පමණ පෙර මා විිසින්ම සත්සමුදුරට ලියූ - ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII - ලිපිය පිළිබදව මතක් කරනු කැමැත්තෙමි. කෙතරම් උසස් වූවත් 19 වන සියවසේ ජර්මනියේ සිටි විශිෂ්ඨ ගණයේ ඔපෙරා සංගිතඥයෙකු වූ Richard Wagner ගේ (1813 - 1883) ඔපෙරාවන් තුල ඇති අන්තවාදීත්වය හිට්ලර් වැනි පුද්ගලයන්ට ලෝකය එකම අපායක් කිරීමට යම් ජීවයක් සැපයූ බව ලිපිය අවසන් කරමින් පවසමි.

Thursday, September 8, 2016

අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු.

මේ අද කියන්න යන්නේ අප රටේම  රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි. හැබැයි මෙම නිර්මාණ බිහිවූයේ ගතවූ වසර දෙක තුනක් ඇතුලත නිසා ඔබලා බොහෝදෙනෙක් මෙම වැඩසටහන් නරඹ රසවිද තිබෙනවාත් ඇති. කොහොමනමුත් නැවත එය රසවිදීමට හෝ එය අත්විද නැති කෙනෙකුට එය රසවිදීමේ හැකියාවද තිබෙන බව දැනුවත් කිරීමට මෙම ලිපිය පිටුවහලක් වේයයි සිතනවා.

පිටරට දේ පමණක් නොවෙයි අප රටේම බිහිවන ඉහල නිර්මාණයන් පිළිබදව අපි කතා කළ යුතුයි. මෙයත් එවැන්නක්. මෙය ලිපිය තුලින් එම නාලිකාවට තව තවත් ඉහල තත්ත්වයේ නිර්මාණ බිහිකිරීමට අනුභලයක් වගේම ස්තූතියක්ද පුදකරන්නට කැමැත්තෙමි. ඒ තමයි දෙරණ නාලිකාව මීට ටික කාලයකට පෙර අපට ලබාදුන් Dell Studio සංගීත වැඩසටහන. මෙහිදී අප දන්නා ගායක ගායිකාවන්ගේ නිර්මාණ වෙනස් එහෙත් තවතවත් රසාස්වාදය වැඩි කරමින් අප වෙත ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන් එම නාලිකාව වගේම එම වැඩසටහනේ සංගීතය මෙහෙයවූ මහේෂ් දෙණිපිටිය මහතාගේ එම කාර්යය ඔබ විසින්ද නරඹා අගය කළ යුතුයයි සිතනවා. 

මෙම වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ඔබට නැවතත් නැරඹිය හැකියි. මෙන්න එයට අදාල සබැදිය.
http://www.derana.lk/Dell-Studio-TV-Derana&vid=15475&page=1





Tuesday, December 31, 2013

2013 වසර අවසාන මොහොතේ මෙසේ ලියමි...

ඉතින් මිතුරු මිතුරියනි තවත් වසරක් ගෙවී යන මේ මොහොතේ ඔබට සුපුරුදු බ්ලොග් ලිපියකින් හමුවනවාට වඩා මෙසේ හමුවන්නට යුහුසුළු වුනේ කාලෙකින් අප අතර මෙවැනි සංවාදයක් ඇති කරගැනීමට නොහැකිවීමෙ අඩුවද සපුරාලීමේ අදහසිනුයි. ඇත්තෙන්ම මේ ලිපියට වඩා මේ කාලවකවානුවේ ලියාගෙන යමින් සිටින එම ලිපි මාලාවේ මීලග ලිපිය සමග සම්බන්ධවන්නට සිතා සිටියත් එය තවම ලියා අවසන් කර නොමැති නිසා මෙම ලිපිය හරහා හෝ ඔබට ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසු යයි සිතමි.

ඉතින් මේ වසරේ සත් සමුදුරේ ලියවුන ලිපි ගණන සම්බන්ධයෙන් නම් සතුටුවිය නොහැකි මුත් කරුණු වලින් වඩාත් පොහොසත් දීර්ඝ ලිපි කිහිපයක් නැතහොත් ලිපි මාලාවක්ම ලියා තබන්නට හැකිවීම සම්බන්ධයෙන් නම් සතුටක්, සෑහීමකට පත්වීමක් ලබා සිටින බව කිව යුතුයි. 

2011 වසරේ මුල පටන් මේ දක්වා බ්ලොග් අවකාශයේ ඔබගේද නොමසුරු සහයෙන් රැදී සිටින්නට හැකිවීම පිළිබදව මේ මොහොතේද සතුටු සිතින් ඔබ හා එම සතුට බෙදා හදාගන්නා අතරම ඊලඟ වසරේදීද හරවත් ලිපි රැසකින් ඔබ හමුවට පැමිණීමටද බලපොරොත්තු වෙමි.

ඉදිරි දිනයක මීට වඩා තොරතුරු කතා කරමින් වඩාත් ගැඹුරින් සංවාදයේ යෙදීමේ අදහසද ඇතිව මේ මොහොතේ තාවකාලිකව ඔබෙන් සමුගන්නේ හෙටින් එළඹෙන 2014 නව වසරේදී ඔබ සඵල කරගැනීමට සිතා සිටින සියළු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මගේ අවංක සිතින්ම ප්‍රාර්ථනා කරමිනි.

ස්තූතියි!

Sunday, December 30, 2012

Sex පිළිබදව ‍ගූගල් සෙවීමෙන් ලංකාව එකට..කාන්තාවන්ට සිදුවන අතරව වලට ප්‍රධාන එක් හේතුවක් නම් ඔවුන්ගේ ඇදුම් පැලදුම්

2012 අවුරුද්දත් ඉතිහාසයට එකතුවෙන්න ඔන්න මෙන්න තබා තිබියදී මේ ලිපිය වෙලාවේ හිතුන දෙයක් තමයි මේ අවුරුද්දේ වෙන මොනවා නැතත් බ්ලොග් එකට මෙයට වඩා ලිපි ලියන්න සිතා සිටියත් ඒ ඉලක්කට යන්න බැරි වුනා නේද? කියන එකත්.  කොහොමවුනත් කරන්න බැරි වුන දේවල් වලට වඩා කරන්න පුළුවන් වුන දේ ගැන සතුටු වෙන එක හොදයි කියල හිතලා මේ දවස් වල ටිකක් සංවාදාත්මක වගේම විවාදාත්මක මාතෘතාවක් ගැන යමක් ලියන්න සිතුවා. මේ සතියේ දැන ගත්ත දෙයක් තමයි ලෝකයේ රටවල් අතරින් Google හරහා sex කියලා සෙවීම් කිරීම අතරින් ලංකාව පළමු ස්ථානයට පත්වී තිබීම. ඒ ලැයිස්තුවේ ඊට පහලින් තිබෙන රටවල් ගැන කෙසේ වෙතත් ලංකාවේ නම් මෙම තත්ත්වය ඇතිවීම එතරම් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද එහෙම කියන්නේ කියලා කිව්වොත් සාමාන්‍යයෙන් අපි කුතුහලයෙන් සොයා බලන්නේ ‍නොදන්නා හරි දුර්ලභ දේවල් ගැන. ඉතින් දැන් ලංකාවේ ලිංගිකත්වයට තිබෙන වැටකඩොළු සහ එය ඉතා විශාල වැරැද්දක් ලෙස පවා නිල ‍නොවන වශයෙන් සලකන කාලයේ ගූගල් හරහා හරි කාටත් නොදැනෙන්න බලන එක අරුමයක් නොවෙයි. 

අනෙක තමයි හැමකාලෙම වගේ ඇහෙන කාන්තා අතවර වල එක් හේතුවක් වෙලා තියෙන ඇදුම් පැලදුම් ප්‍රශ්නේ. මේකේ එක් අතකින් ඇත්තක් හා සාවද්‍ය කාරණයකුත් තියෙනවා. සාවද්‍ය කාරණය කියලා කියන්නේ දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ර‍ටවල කාන්තාවන්ගේ ඇදුම් අපේ රටේ අදින ඒවාට වඩා බොහොම වෙනස්නේ. ඒත් ඉතින් ඒ රටවලට මේ වගේ ඇදුම් නිසා අතවර වෙනවාය කියලා ඇසෙනවා අඩුයිනේ. එයට බොහෝවිට හේතුව වෙන්න ඇත්තේ ඒ රටවල අනිසි විදියට ලිංගිකත්වයට තහංචි නොදමා තිබීම වගේම කුඩා කාලයේ සිටම එහේ පිරිමි ළමයින් පිහිනුම් තටාක, මුහුදු වෙරළ ආදියේදී ඕනෑතරම් කාන්තාවන් බිකිනියෙන් සැරසිලි සිටින අවස්ථා දැකලා තියෙන නිසා ඔවුන්ට අපේ රටේදී මෙලෙස අඩුවෙන් ඇදුම් හැද සිටීම හැදින්වෙන විදියට මේ අඩනිරුවත සාමාන්‍ය දෙයක් නිසා කාන්තාවන්ගේ ඇදුම් වලින් කොහෝ හරි නිරාවරණය වෙලා තියෙන තැනක් දැක්කොත් හරි අගපසඟ ටිකක් කැපී පෙනෙන විදියට ඇන්දොත් හරි හැගීම් ඇවිස්සෙන්නේ නැතුව ඇති. ඒත් අපේ රටේ‍ පිරිමි ළමයි අතලොස්සකට හැරෙන්න මේවගේ අවස්ථාවක් උදානොවෙන නිසා උන් ලොකු මහත්වෙලා කසදත් බැන්දට පස්සෙත් කොහේ හරි ගෑ‍නියෙක්ගේ ඇදුමේ මොකක් හරි අවුලක් තිබුනොත් මේ කියන විදයට පිස්සු නටන එක අහන්නත් දෙයක්ද? 

මම කියන්නේ නැහැ දැන් අපේ රටේ ග‍මේ ගොඩේ කොල්ලොන්ටත් මේ වගේ බිකිනි ඇදගෙන ඉන්න ගෑනු පොඩිකාලේ ඉදලම පෙන්නලා අඩනිරුවත සාමාන්‍ය දෙයක් කරල ඔවුන්ගේ හැගීම් සමතුලිත කරන්න කියන එක. මෙතන වෙලා තියෙන්නේ ඕනවට ව‍ඩා මිනිසුන් සුචරිතවාදීන් කරන්න ගිහිල්ලා එයින් ඇතිවෙලා තියෙන ප්‍රතිඵලය කාන්තා අතවර හා බාලාපරාධ වැඩිවීමයි. අනෙක තමයි සම්පූර්ණයෙන්ම ඇඟ වසාගෙන සිටියයා කියා අරාබියේ ලිංගක අපරාධ සිදුනොවන්නේද? ඔව් මුස්ලිම් කාන්තාවන් ඇඟවසා ගෙන සිටිනවා තමයි.ඒත් එයින් තමන් සාමාන්‍යයෙන් ඇද සිටින වස්ත්‍ර ඔවුන්ගේ ආගමේ නියමය පරිදි වසාගෙන සිටියයා කියා මුස්ලිම් පිරිමින් සෑමවිටකම චරිතවත් වී තිබෙනවාද? අරාබිකරයේ ඔවුන්ගේ මුස්ලිම් කතුන් ලිංගික හිංසනයට ලක්වෙන්නේ අඩුවෙන්දැයි නම් නොදනිමි. එහෙත් එහිදී අපගේ ර‍ටවලින් යන කාන්තාවන් බොහෝවිට අසන්නට ලැබෙන පරිදි ලිංගික හිංසනයට ලක්වන්නේ ඔවුන් ඔළුවේ සිටි පහළට කළු රෙදි නොපොරවා සිටින හෙයින්ද?

තවත් කාරණයක් තමයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීතුමෙක් කියපු ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියපු එකට ඇතැම් අය පක්‍ෂව වගේම එතුමා කියපු කාරණය මතුපිටින් බලලා නිර්දය ලෙස තර්කානුකූල නොවන ලෙස එතුමා හෙලා දැකපු ආකාරය ගැනත් යමක් කියන්න ඕන. මෙහෙමයි ගණිකා වෘත්තිය දැන් අපේ ‍රටේ තිබෙන ආකල්ප හා සංස්කෘතිකමය සීමා මායිම් ඔස්සේ නීති ගත කරන එක හිතන තරම් ලේසි නැහැ වගේම එයින් සමහර අහිතකර ප්‍රතඵලත් ගෙන දෙන්න පුළුවන්. ඒත් මෙම වෘත්තියට කොතරම් බාදක දැම්මත් මුලිනුපුටා දමන්නටත් පුළුවන්ද? ඒ නිසා අකමැත්ත හෝ කැමැත්ත මොකක් වුවත් සෞඛයමය වශයෙන් මෙම වෘත්තියේ යෙදෙන එය නිසා ඇතිවිය හැකි අහිතකර විපාක ගැනත් සලකාබලා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් බවත් කියන්නට ඕන යයි සිතමි.

මෙම ලිපිය බොහොම කෙටියෙන් ලියා තැබුවත් යම් සංවාදයක් ඇතවුවහොත් තවත් කරුණු එහදී එක් කිරීමට  බලාපොරොත්තුවෙමි....

Tuesday, December 11, 2012

තමන්ගේ නොසැලකිලිමත් කමින් හෝ වරදින් තමන්ගේ ඇට වලට හානි කර ගැනීම හා එය නිරාකරණයට මුලාවේ වැටීම..

(මෙම ලිපියේ දෙවන කොටසට අයත් මහාමේඝ සඟරා‍වේ ලිපිය සම්බන්ධයෙන් වූ සබැඳිය පමණක් සටහන් කොට ලිපිය නැවත සංස්කරණයකට ලක්කරමි).

කටයුතු යෙදෙන්නේ ඇතැම් විට පුදුමාකාර අන්දමටය. මට ගිය සතියේ දිනක MSN සෙවුම් යන්ත්‍රයේදී දුටු ඔබගේ අස්ථී දිය කරනා ආහාරපාන හයක් ගැන තොරතුරු ඔබටද යම් අවස්ථාවක පවසන්නට සිතා සිටියදී, අපේ රටේ ආගමික මෙන්ම සාමාජීය පුනර්ජීනයට අතහිත දෙන මහමෙව්නා බෞද්ධාගමික ආයතනයේ මහඟු කාර්යයක් ඉටු කරන්නාවූ මහාමේඝ සඟරාවේ පළවූ ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය දඩමීමා කරගනිමින්  කූඨ ලෙස මිනිසුන් මුලා කිරීම පිළිබදව වූ කාලීන ලිපියද සමග හොදින් පෑහෙන්නාවූ අදාල කරුණු ඉදිරිපත් කරමි.

ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය මගේ මතකයේ හැටියට නම් අසූව සහ අනූව දශකයේ මුල් භාගයේ අසන්නට නොලැබුන දෙයකි. එයින් එම කාලයේ රෝගය නොතිබූ බවක් අදහස් නොකරන අතර අද තරම් මේ රෝගය මහා හිසරදයක් බව මාධ්‍ය වලින් පළ කළ බවක් නම් මතකයේ නොමැත. කෙසේවෙතත් යම් රෝගයක් වාණිජමය වශයෙන් වාසියක් කර ගන්නා අයට නම් දැන් කාලයේ මේ නිසා කරල පැහී ඇති බවක් නම් පෙනේ. කෙසේවෙතත් වියපත් වීමත් සමග අස්ථි දුර්වල කරනා මෙම රෝගය පිළිබදව ඉතාමත් හරවත් ලෙස ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල විසින් ලියූ මහාමේඝ සඟරාවේ පළ කළ ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම (http://mahamegha.lk/all-time-favourites/eta-kudu-veeme-beethikawa/) ලිපියට පිවිසීමට පෙරාතුව අස්ථි වල ප්‍රධාන සංඝටකය ලෙස සලකන කැල්සියම් ඌනතාවයට හෝ ඇති කැල්සියම් පවා දියවීමට ලක්කරන හේතු කාරකයන් හයක් පිළිබදව ඔබව දැනුවත් කිරීමට සිතුවෙමි.

ලුණු - ලුණු කියන්නේ අනාදිමත් කාලයක පටන් අපේ රටේ පවා බහුලවම භාවිතා වන දෙයක්. කොහොමවුනත් අධි රුධිර පීඩනයට අධික ලුණු භාවිතය හොද නැහැ වගේම අස්ථි වල කැල්සියම් උරා ගැනීමටත් ලුණු දායක වන බව පෝෂණය පිළිබදව දැනුම ඇත්තන්ගේ මතයයි. ඔවුන්ට අනුව දිනකට ලබා ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 2300 ක් බව පැවසෙනවා. ඒ කවරක්වුනත් මේ අගය ඉක්මවා නම් ලුණු යහමින් භාවිතයට ගන්නා පිරිස වැඩි බවයි පැවසෙන්නෙත්. විශේෂයෙන් ඇමරිකාව වැනි බටහිර රටවල නම් සකස්කළ ආහාර වලට යොදා තිබෙන ලුණු ප්‍රමාණය අධික බවත් ඔවුන් සඟවා නැහැ. 

ටින් කර තිබෙන soups, vegetables, sauces, spaghetti යනාදී ආහාරත් ශීත කළ ආහාර ඒවගේම ප්‍රධාන ආහාරයට පෙරාතුව සපයන entrée (An entrée is a dish served before the main course, or between two principal courses of a meal), කටට කෙළ උනන Deli meats වගේ ආහාර  
(Deli meat/Cold cuts are precooked or cured meat, often sausages or meat loaves, that are sliced and usually served cold on sandwiches or on party trays. They can be bought pre-sliced in vacuum packs at a supermarket or grocery store, or they can be purchased at a delicatessen or deli counter, where they might be sliced to order. Most pre-sliced cold cuts are higher in fat, nitrates, and sodium than those that are sliced to order, as a larger exposed surface requires stronger preservatives), දැන් ලංකාවේ අපිටත් හුරුපුරුදු පිට්සා, ඒවගේම කෙටි ආහාරත් (burgers, fries and shakes) මෙම ලුණු සැපයීම පිළිබදව වගඋත්තරකරුවන් බව පවසන්නට වෙනවා.
http://en.wikipedia.org/wiki/Cold_cut

බෝතල් කළ පැනිබීම - කුඩා කල සිටම අපි පැනිබීම බොන්නට කැමතියි. එහෙත් කැල්සියම් උරාගෙන මුත්‍රා හරහා පිටකිරීමට ඇතැම් බීම වල අඩංගු පොස්පොරික් අම්ලය (phosphoric acid) වැනි කාරකයන් ඉවහල් වන බව පැවසිය යුතුයි. එසේම ඒවායේ අඩංගු සීනිත් අපේ සෞඛ්‍යයට අහිතකර බව නැවත කිව යුතුද?
(That fizzy quality in soda is from phosphoric acid — it specifically increases the rate at which calcium is excreted in the urine. In other words, it saps the available calcium in tissues and organs and blood, depleting it naturally when you pee. Also consider that soft drinks have no bone-building nutrients, so they fill you up and satisfy your thirst, providing unhealthy amounts of sugar and empty calories with absolutely no benefits for health!)

කැෆේන් - කොතරම් නරක වුනත් තේ/කෝපි බීම අත්හරින්න පුළුවන්ද? ඔව් අපි බොන තේ සහ කෝපි වල අඩංගු කැෆේන් මිලිග්‍රෑම් 100 කින් ශරීරයේ අඩංගු කැල්සියම් මිලිග්‍රෑම් 6 කට වග කියන බවත් අකමැත්තෙන් වුවද පවසන්නට වී ඇත්තේ තේ කෝප්පයක් බොන අතරේමයි. විශේෂයෙන් මටද තිබෙනා කෑමෙන් පැය දෙකක් ඉක්මවා යන්නටත් පෙර තේ කෝප්පයක් බීමට ඇති ආසාව මෙම කැල්සියම් අවශෝෂනයට බාධා වැඩිකරන බවත් මීට පෙර පළවූ තිබූ ලිපියකද මා දුටුවා.

(Why Caffeine is a Bone Killer: The phytochemicals in caffeine move via the blood stream into calcium rich bones setting up a leaching action. For every 100 milligrams of caffeine (the amount in a small to medium-sized cup of coffee), you lose 6 milligrams of calcium. This may not be much, but it adds up if multiple cups of coffe, tea or other caffeinated drinks (sodas, energy drinks) are part of one’s dietstyle.
What to Do: Reasonably reasses the value of caffeine in your liquids, and the quantity you
consume. Substitute fresh juices, milks or water, decaffeinated teas, etc.)

ඇල්කොහොල් - ඔව් ඉතින් මොන එකටත් මේක නැත්නම් අඩුවක්නේ. කොතරම් අමිහිරිවුනත් කියන්න තිබෙන්නේ ඇල්කොහොල්ද අපේ සිරුරේ කැල්සියම් වලට හානි කිරීමට දායක වන බවයි. 
(Alcohol is a deal-breaker in your life for numerous reasons, if it is not drunk intelligently and in moderation. Nutritionally, however, ALCOHOL IS A BONE BREAKER because it is a CALCIUM- BLOCKER. Why Alcohol is a Bone Killer: Every bone has bone-building cells called osteoblasts. Osteoblasts are always working to regenerate, rebuild and remodel the bones every day. Alcohol prevents osteoblasts from doing their job by preventing any bone-building minerals eaten from being absorbed. The calcium is blocked, resulting in weaker bones, or slow healing and recovery from fractures.

What to do: Limit your drinking to one drink a day, whether that’s wine, beer, or hard alcohol.
)

හයිඩ්‍රජනීකෘත තෙල් වර්ග - තවත් වැරදිකාරයෙක් තමයි හයිඩ්‍රජනීකෘත තෙල්. මෙහෙම හැදින්වූවාට ඔබට එතරම් හුරුපුරුදු නැති වුනත් මාගරින් ලෙස හැදින්වූවහොත් මෙය කුමක්දැයි හොදින් වැටහේවි. විශේෂයෙන් මේවායින් විටමින් K වලට කරදර කරන බව පැවසෙන අතර විටමින් K යනු අස්ථි නැවත වැඩීමට ප්‍රධාන දායකත්වයක් සපයන්නෙකු බවද සදහන්ය.

(Why Hydrogenated Oils are a Bone Killer: The process of hydrogenation turns liquid vegetable oil into solid oils that are used in most store-bought foods such as bakery items and frozen foods. Every package lists the hydrogenated oils in the ingredients, so it’s not difficult to spot. These oils are stripped of the necessary Vitamin K that helps build and rebuild bones. 

What to do: First, limit the role of processed foods in your diet. Second, read the labels. Third, adjust your diet: eat green leafy vegetables that are naturally loaded with Vitamin K (spinach, chard, kale, lettuces, collards, etc), and switch to Vitamin K-rich oils like canola and olive oil. Above all, eat your greens!)

What Is Hydrogenated Oil? - http://www.wisegeek.org/what-is-hydrogenated-oil.htm
Why Hydrogenated Oils Should be Avoided at All Costs - http://www.naturalnews.com/024694_oil_food_oils.html

විටමින් A - මොනවා? මේ අපේ ඇස්පෙනීමට හොද වගේම තවත් බොහෝ දේට සුභවාදී බලපෑමක් කරන හිතවතෙක්නේ? ඒත් ඕනවට වඩා විටමින් A ගැනීමත් අස්ථිවලට හොද නැති බවයි පැවසෙන්නේ. විශේෂයෙන් අස්ථිවල සෛල ආකෘතියට විටමින් A කෙනහිලි කම් කරන බව පැවසෙනවා.

(Most modern diets are too high in Vitamin A, which is ingested naturally in foods and in multivitamins to aid in vision and the immune system. 5000 IUs is plenty (perhaps too much), according to dietary guidelnes. However, Vitamin A is bountiful in eggs, most dairy products (full-fat), liver and vitamin-fortified foods and drinks. In its way, too much Vitamin A is a BONE KILLER.

Why Vitamin A is a Bone Killer: Too much can be harmful, for Vitamin A in excess actually weakens the cellular structure of bones. Postmenopausal women, in particular, seem to be susceptible to vitamin A overload. Studies show that women whose intake was higher than 5,000 IUs had more than double the fracture rate of women whose intake was less than 1,600 IUs a day.


What to do: Switch to low-fat or nonfat dairy products only, and eat egg whites rather than
whole eggs (all the vitamin A is in the yolk). Also check your multivitamin, and if it’s high in
vitamin A, switch to one that isn’t.
)

(ඔබට අවශ්‍ය නම් මේ තොරතුරු http://solomonsseal.wordpress.com/2011/05/07/6-foods-that-are-killing-your-bones/ අඩවියෙනුත් දැක ගත හැකියි)

දැන් මහාමේඝ සඟරාවේ පළවූ ලිපියට අදාල සබැඳිය පළ කරන අතර ඉහත දැක්වූ කරුණු සහ මෙම ලිපියේ කරුණු අනුව අපගේ නොදැනුවත්කම/ නොසැලකිලිමත් කමෙන් අවසානයේ වාසි ලබන්නේ කවුරුන්දැයි ඔබටම තේරුම් ගත හැකිවේවි.

(මෙවන් හරවත් කාලීන ලිපියක් ලිවීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගැමුණු සාලිය පෙරේරා මහතාට සහ එම ලිපිය පළ කළ මහාමේඝ සඟරාවටද අවසාන වශයෙන් ස්තූතිය පළ කරමි).

Monday, December 3, 2012

ලෝක විනාශය???

දැන් අපි 2012 වසරේ අගභාගයට පැමිණි තිබෙනවා. වසර 2000 එළඹීමේදී ලෝකය පුරාවටම කතාබහට ලක්වුන පරිගණකය 2000 වසර කෙසේ කළමනාකරණය කරගනීද? මොනවගේ ප්‍රතිඵල ඇතිවනු ඇතිදැයි විවිද උපකල්පන, බියට පත්වීම් තිබුනා සේම 2012 වසරද ලෝකයේ ඇතමෙකුට බියකුත්, ඇතමෙකුට විවිද ගවේෂනයන් සදහාත් ඉවහල් වූයේ මායාවරුන්ගේ දිනදර්ශන වලින් ලෝකයේ අවසානය 2012 දී සිදුවනු ඇතැයි පළවු මතයයි. මෙයට අදාල කරුණු මීට වසර එකහමාරකට පෙර සත් සමුදුරේම පළවූ මායාවරුන් සහ මායාවරුන් ගේ ‍දිනදර්ශන පිළිබදව ලිපි පෙලේදී ඔබත් මේ වනවිට දැකගෙන ඇති යයි සිතමි.

කෙසේවෙතත් ලෝකය 2012 දෙසැම්බර් අගදී විනාශවනු ඇති යයි පෞද්ගලිකවම නම් මම නොසිතමි. ‍ඒ කොහොමවුනත් මෑතභාගයේ ලෝකයේ ලංකාවද ඇතුළුව බොහෝ රටවලට ස්වභාවික උපද්‍රව වල නම් වැඩිවීමක් සිදුවූ බව නම් පිළිගනිමි. ඒවා මිනිසාට පාළනය කළ නොහැකි ස්වභාවධර්මයේ බලපෑමෙන් ඇතිවූ ව්‍යවසනසේම මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුකොටගෙනද මේ තත්ත්වයට ඇති වූ බව නම් පිළිගත යුතුවේ.

එහෙත් ලෝක විනාශයක් පිළිබදව සේයාවක් හෝ ඒ ගැන කතාවක් නොමැති ඉතිහාසයේ ඇතැම් කාලපරිච්ඡේද වලදී පවා ස්වාභාවික ව්‍යවසනයන් හා සුනාමි වැනි දුර්ලභ සංසිද්ධිද ඇතිව තිබෙන බව අප අමතක කළ යුතු නොවේ. පෙරසූදානම් කොහොමත් හොද යයි සිතන ඇතැම් පිරිස් හා සංවිධාන මෙම එළඹෙතැයි සිතනා ලෝක විනාශයෙන් ගැලවීමට විවිද ආරක්‍ෂක විධිවිධාන හා ක්‍රමවේදයන් දැනටමත් මිනිසුන්ට අලෙවිකරන බවද අන්තර්ජාලයෙන් ඇතැම්විට හමුවේ.

මගේ අදහස නම් එක් ජනවර්ගයක් අතීතයේ පැවසූ කරුණකින් කළබලයට පත්වීම තල් අත්තට වැටුන ගෙඩියට හාවා රැවටුනාක් වැනි යයි හැගේ. මන්ද මායාවරු ‍විවිද ශිල්ප හා විවිද දැනුම අතින් දියුණු තත්ත්වයකට පත්වසිටි ජාතියක් බව සත්‍යයකි. එහෙත් මායාවරු යනු ලෝකයේ එකල හුදකලාව තිබූ භූමි ප්‍රදේශයක වාසය කළ ජනවර්ගයකි. ඔවුන් ලෝකයේ අනෙකුත් මහද්වීප හා රටවල් පිළිබදව දැනසිටීමට හැකියාවක් නැතිවා සේම ඔවුන් සමස්ථ ලෝකයම ලෙස සැලකූවේ තමන් සිටි දකුණු ඇමරිකානු මහද්වීපය පමණක් විය යුතු යයි සිතේ. එසේ සිතන්නේ ඉන්දියාව බලා යමින් සිටි කොලොම්බස් 1492 දී වැරදිමකින් ඇමරිකාවේ දොරකඩට නොඑන්නට තවකාලයකට යුරෝපියන් ඇමරිකාව ගැන‍ නොදැන සිටියා සේම මායාවරුන්ද අත්ලාන්තික් හෝ පැසිපික් සාගරවලින් එපිට මහද්වීප ගැන නොදැන සිටිය යුතු නිසාය. 

තමන්ගේ වාසියට හැමදේම නවීන විද්‍යාවට හසුනොවේ යනුවෙන් පැවසීම 100% ක් සත්‍ය නොවන බවද කිවයුතුය. සමහර කරුණු නවීන විද්‍යාවට හසුනොවන්නේ ඒවා පරීක්‍ෂනයට, නිරීක්‍ෂනයට හා නිගමනයට ඇවසි ක්‍රමවේදයන් හා තාක්‍ෂනය තවම සොයා ගෙන නොමැති නිසා වන්නටද පුළුවන. මෙම හැමදේම නවීන විද්‍යාවට හසුනොවේ යන්න අන්තවාදී ආගමික කණ්ඩායම් වලට මෙන්ම ගුප්ත හා අදෘෂ්‍යාමාන මතයන්‍ කෙරේ එල්ඹ සිටින්නන්ට නම්  ති‍බෙනා ගැලවුම්කාරයෙකි. ‍ඒ නිසා ලෝක විනාශය විද්‍යාත්මක අයුරින් නොදකින අයෙකුටද මෙම කරුණු සමග ලෝක විනාශය සිදුවෙතැයි තර්ක කළ හැකිය.

‍බොහෝවිට එක් ජනවර්ගයක් විශ්වාස කරනා සංසිද්ධීන් හෝ ආගමික මතයන් අනෙකුත් එයට පරිබාහිර ජාතීන්ට හෝ ජනවර්ගවලටද ආදේශකරන්නට යාම සාධාරණ මෙන්ම සාර්ථක ක්‍රමවේදයක් නොවේ. උදාහරණයක් ලෙස අප අනුගමනය කරනා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා එයට සම්බන්ධ කරුණු සිංහල හා හින්දු ජනවර්ග හා මෙම චාරිත්‍ර අනුගමනය කරනා රටවල අනෙකුත් ජාතින් ස්වකැමැත්තෙන් අනුගමනය කරනු විනා වෙනත් රටක හෝ ‍වෙනත් ජාතියකට අදාල නොවන්නකි. ආගමක් ගත්තද එසේමය. එක් ආගමක ඇදහිලි හෝ විශ්වාස එම ආගම අදහන ජනවර්ගයට විනා එහි විශ්වාස හා ඇදහිලි සමස්ථ ලෝකයටම බලපානවා යැයි පැවසීම හා ඒවා විශ්වාස කරන්නට බල කිරීම අර්ථ ශුන්‍ය ක්‍රියාවකි. මෙම මායාවරුන්ගේ ලෝක විනාශය පිළිබදවද පවසන්නට තිබෙන්නේ එවැන්නකි. එනම් ඔවුන්ගේ විශ්වාසයට හේතුවූ මෙම කරුණු ඔවුන්වත් නොදැන සිටි එසේම ඔවුන්වද නොදැන සිටි ලෝකයේ අනෙකුත් ජාතීන්ට, රටවලට බලපාන්නේ කෙසේද? යන්නයි.

Thursday, October 4, 2012

සත් සමුදුරට නිතර පැමිණෙන සහ පැරණි ලිපි කියවීමට කැමති ඔබට වැදගත් පණිවියක්....

මුලින්ම ඔබට ස්තූතිකරන්න කැමතියි ඊයේ දින‍යේ පසුකර කඩයිමක් ගැන පවසමින්. ඒ තමයි සත් සමුදර හිට්ස් 400,000 සීමාව ඊයේ පසුකර ගියා. අධ්‍යාපනික ලෙස වර්ගීකරණය කළ හැකි හෝ මේ සීමාව ඉක්මවා ගිය බ්ලොග් අඩවි සංඛ්‍යාව තවම අඩුනිසා සහ මෙතරම් කාලයක් ඔබේ සහයෙන් සහ අනගි සහයක් දෙන සින්ඩි සහ සහෝදර බ්ලොග් අඩවි සහ වෙබ් අඩවිවලින් ලබා දෙන සහය නිසා මෙම සැතපුම් කණුවද පසුකර ඉදිරියට ගිය බව ස්තූතිපූර්වකව මතක් කිරීමට කැමතියි.

ඒවගේම කියන්න ඕන කාලයක සිට කිහිප දෙනෙකුම ඉල්ලා සිටි පැරණි ලිපි කියවීමට පහසු ක්‍රමයක් වගේම මෑතක මිතුරෙකු ඉල්ලා සිටි බ්ලොග් ඉඟි ලෙස වර්ග කර තිබෙන බ්ලොග් අඩවි කාර්යක්‍ෂම කර ගැනීමට හෝ අලංකාර කරගැනීමට හෝ භාවිතා කළ හැකි HTML/CSS ක්‍රමවේදයන් ‍පහසුවෙන් ඕනෑම අවස්ථාවක බැලිය හැකි ආකාරයකට Menubar එකක් ආධාරයෙන් දැන් පිවිසිය හැකිය. එය සත් සමුදුර banner එකට පහළින් සකස් කර තිබෙන අයුරු ඔබ දැනටමත් දැක තිබෙන්නට පුළුවන්. 

ඉතින් ඒ කුඩා පණිවිඩය ලබා දෙන්නට තමයි මේ ලිපිය ලිව්වේ. එහෙනම් ඉක්මනින් නැවත ලිපියකින් හමුවන අපේක්‍ෂාවෙන් දැනට නවතින්නම්...

ස්තූතියි!

Thursday, September 27, 2012

වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්‍. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට අදහන ආගම හා බුදු දහම හා යම් ආකාරයකට ගැලපෙන අදහස් කිහිපයක් හෝ තිබෙන කිතු දහම ලෝකයට ගෙන දුන් වසර 2012 කට පෙර වැඩ විසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවයි. (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි)

බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේ මෙලොව ජීවත්වන කාලයේ සමාජ වටපිටාව විවිද හැලහැප්පීම් වලට ලක්වෙමින් තිබූ බව අප දන්නා කරුණකි. බුදුන් වහන්සේ වැඩ වාසය කළ භාරතය කොටස් ගණනකට බෙදී සොලොස් මහා ජනපද ලෙස හැදින්වුන අතර ඒ අතරින් රාජ්‍ය කිහිපයක් හැරුන ‍‍කොට අනෙක් ඒවා කුඩා රාජ්‍ය බව සදහන්ය. එම රාජ්‍යයන්ගේ පැවතුනේ එකකට එකක් වෙනස් පාලන ක්‍රමයන් වන්නට ඇති අතර විවිද ආගම් අද මෙන්ම එදා, අදටත් වැඩියෙන් ඉන්දියාව තුල ති‍බුන බව නොරහසකි. ‍ජේසුස් වහන්සේ වාසය කළ පාලාත් ප්‍රධාන වශයෙන් රෝමන්වරු පාලනය කළ අතර පසු කලෙක එනම් ක්‍රි.ව. 306 - 337 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ආධිරාජ්‍යා විසින් රෝම අධිරාජ්‍යයේ එකම ආගම බවට කිතු දහම පත්කරන තුරු විවිදාකාර දෙවිවරුන් විවිද කරුණු අරඹයා අදහන්නට ඇත. ඒ අනුව බැළු කල උන්වහන්සේලා දෙදෙනාම වාසය කල රාජ්‍යයන් ආගමික අතින් ව්‍යාකූලත්වයක් තිබෙන්නට ඇති බව පෙනේ.

පුරාණ භාරතයේ මෙන්ම අද පවා කුළ ‍භේදය ඉතා දැඩිව ඉන්දියාව තුල ක්‍රියාත්මක බව පැවසෙන අතර එදා තත්ත්වය අදටත් වඩා වැඩි වූවා මිස අඩුවන්නට නම් ඉඩක් නොමැති බවද පිළිගන්නට සිදුවේ. බමුණන් විශ්වාස කළා මෙන්ම සමාජය පිළිගත් ආකාරයෙන්ද බමුණන් එකළ සිටි ශ්‍රේෂ්ඨතමයන් විය. එය හිට්ලර්ගේ ආර්ය සංකල්පය මෙන් යයි පැවසුවාට වරදක් නැත. ඔවුන් පහළම කුල පාගාගෙන සිටි අතර, පහළම කුල වල ජනයා මෙන්ම කාන්තාවන්ටද අත්ව තිබුනේ ඉතාම දුඛිත ඉරණමකි.
(ජාතිවාදය සහ සමාජ ස්තරායණ - http://www.buddhistculture.net/buddhist-social-philosophypart5.html)

ජේසුස් වහන්සේ වාසය කළ පළාතද කුල භේදය කෙසේවෙතත් ඇතිනැති පරතරය, වහල් වෙළදාම ආදිය පැවතුන අතර උන් වහන්සේගේ උපත ගැන සැලකීමේදීද එතුමා ගවලෙනක් තුළ උත්පත්කිය ලැබීම තුලින්ම එතුමා පවා පීඩිත පන්තියට අයත් අයෙකු ලෙස සැලකිය හැකිය. බුදුන් වහනසේගේ ජීවිතය ඊට වඩා වෙනස් එකක් විය. එතුමා එකළ භාරතයේ කුඩා රාජ්‍යයක රජෙකුගේ පුත් කුමරු විය. එතුමාගේ මව කුඩා කලදීම මිය ගියත් රාජ සම්පත් වලින් එතුමාට අඩුවක් නොවූ බව බුද්ධ චරිතය පිළිබදව කරුණු හැදෑරීමේදී පෙනීයන්නකි. තවද තරුණ ව‍යසේ සෑහෙන්න කලයක් යන තුරු එතුමා දුක පිළිබදව නොදැන සිටියහ. සතර පෙර නිමිත වලින් මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක් යනාදිය දැකිමෙන් එතුමාට සංසාරය ගැන කළකිරුන අතර ගිහි ජීවිතයේදී දුක් නොවිද සිටි නිසා සහ සසරින් එතරවීමට හැකියාවක් දුකෙන් පුළුවන්ද යන්න සොයා බැලීමට සය වසරක්ම අනන්ත දුක් විද අත්හදා බැලීමටද සිදුවිය.

ජේසුස් වහන්සේ කිතු දහම ලොවට හදුන්වාදුන්නද එතුමා වැඩ විසූ කෙටි කාලය  තුල රාජ්‍ය අනුග්‍රහය සහිත ගරු බුහුමන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න නොවූවත් එතුමාගේ ආගම පසුකළෙක භාරගත් අයට නම් ආගමේ නාමයෙන් සැප සම්පත්, ගරුබුහුමන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේය. 

උන්වහන්සේලා දෙදෙනාටම පොදුවූ කරුණක් නම් ආගම ප්‍රචාරයට විරුද්ධව සතුරන් සිටීමයි. තීර්තකයන්, විවිදාකර බමුණන්, කාන්තාවන් පමණක් නොව දෙව්දත් තෙරුන් වැනි බුදු දහම තුලම මහණදම් පිරූ අයගෙන්ද සතුරු උපද්‍රව ඇතිවිය. ජේසුස් වහන්සේටද විවිදාකර සතුරන් වූ අතර ඔවුන් බොහෝමයක් අන්‍යාගමික නායකයන් වූ අතර කිතු දහම ව්‍යාප්තව වනු දැකීම ඔවුන්ට නොරිසි විය. එසේම එතුමා පාවා දීමට මුල් වූ ජුදාස්ද එතුමාගේ අනුගාමිකයෙකු විය.

මෙම උතුම් ශාස්තෘන්වහන්සේලා දෙදෙනාගේම තවත් පොදු කාරණයක් වූයේ අන්‍යයන්නට මෛත්‍රී කිරීමට නැතහොත් ප්‍රේම කිරීමට දේශනා කිරීමයි. එකළ මානව හිමිකම්, උතුම් මනුශ්‍ය ගුණාංගයන් පිළිබදව බහුතරයකට වගේවගක් නොවීය.ප්‍රභූන් හැරුන කොට සාමාන්‍ය මිනිසුන් සහ සතුන් අතර වෙනසක් සමාජයට නොවීය. යමෙකු වරදකරුවෙකු ලෙස සැක කිරීමත් අතීතයේ අභාග්‍ය සම්පන්නවිය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ අමානුශික ආකාරයෙන් දැඩි දඩුවම් දුන් ඒ සමයේ බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ වැනි අය සැබැවින්ම වෙනස් මිනිසුන් වූහ. එකළ ප්‍රසිද්ධියේ මරණ දඩුවම නැරඹීමත් මිනිසුන්ට විනෝද ජනකවිය. වරදකරුවාට උපරිම වේදනාව දැනෙන අයුරින් දිය හැකි ලොකුම දඩුවම් ලබා දීම කාගේත් අභිලාශය විය.
අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම 

එවන් වූ සමාජයක මිනිසුන්ට මෛත්‍රී කළ, ප්‍රේම කළ මෙවන් මිනිසුන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූ බව එකල මිනිසුන්ද විශ්වාස කළහ.ඔවුන්ව පූජනීයත්වයෙන් සැලකූහ.

කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙම ශාස්තෘවරුන් වාසය කළ කාලයේ තිබුනේ යහපත්  ආකල්පයක් නොවේ. ඉන්දියාවේ එකළ කාන්තාවක් උදෑසන දැකීමත් අසුභ ලෙස සැලකූ බව සදහන් වන අතර ඉහල ප්‍රභූන් හැරුන කොට අනෙක් කාන්තාවන්ට උරුමව තිබුනේ දුකයි. ඔවුන් කුඩා වියේ පියාගේ රුකවරණයේ වාසය කළ යුතු අතර තරුණ වියේදී තම සැමියාගේ අනසක යටතේ විසිය යුතු විය. යම් හෙයකින් තම සැමියා තමන්ට පෙර මියගියහොත් සිය පිරිමි දරුවන් යටතේ සිටිය යුතුවිය. එසේම ඇතැම් කාන්තාවන්ට සිය ස්වාමියා තමන්ට පෙර මිය ගිය විට ඔහු සමග දරසෑයේ දැවී අළු වෙන්නටත් සිදුවිය. මෙම "සතිපූජාව" ගරු ගාම්භීරත්වයෙන් සදහන්වුවද කාන්තාව කැමැත්තෙන් මෙයට ඉදිරිපත් වනවාට වඩා බලහත්කාරයෙන් දරසෑයට නංවා ඇය වේදනාවෙන් විලාප දෙමින් සිටියදී එයින් පැනයන්නට නොහැකි ලෙස ආදාහනය සිදුකරන "දිව්‍ය පුත්‍රයන්" දිගු උණබට වැනි දෑ යොදාගෙන තද කරගෙන සිටිමින් පණ පිටින් ආදාහන වී ගෞරවනීය තත්ත්වයකට බලහත්කාරකමින්ම පත් කරන ලදි.

ජේසුස් වහන්සේ විසූ රටේදිත් තත්ත්වය වෙනස් මුහුණුවරකින් සමාන බවක් ගත්තේය. වැරදීමකින් හෝ කාන්තාවක් වැරදි කළේ නම් ගල් ගසා මරා දැමීම අමානුශික අයුරින් සිදුවිය.
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්

උන්වහන්සේලා මෙලොවින් සමුගත් පසුවද ලෝකය මුළුමනින්ම යහපත් ස්ථානයක් නොවූවත් අඩුම තරමින් විවිද ආගම් අදහමින් ඇතැම් විට සත්ත්ව බිලිපූජා ආදිය සිදුකරමින් සිදුකල අකුසල කර්මයන්වත් මෙම ආගම් දෙකේ ඉගැන්වෙන අන්‍යයන්ට මෛත්‍රිය හා ප්‍රේමය ත්‍යාග කිරීම මුල් කරගනිමින් අඩුවිය. මේ අයුරින් එදා පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උදා කළ නිසා සහ එම ආගම් ඇතිවූ රටවල කෙසේවෙතත් පසුකළෙක වෙනත් රටක හෝ ශක්තිමත්ව ස්ථාපිතවූ නිසා අළුත් ආගමකට හෝ අළුත් ශාස්තෘවරයෙකුට ලැබෙන ඉඩකඩ අවම විය. ඉන්පසුව එම ආගම් වල සෙවනේ විවිද හැකියාවන් ඇති යයි පවසමින් විවිද සමයන්හිදී විවිද පුද්ගලයන් ඉස්මතුවූවත් එම ආගමින් ලැබූ ආභෂය නිසා නිවැරදි දැක්මක් අවබෝදයක් ඇති මිනිසුන් කිහිපදෙනෙකු හෝ සිටි නිසා ව්‍යාජ ශාන්තුවරයන්ට, සෝවාන්, සංකෘදාගාමී හා කල්පගණන් පෙරුම් නොපුරා බුදු බව ලැබූවන්ට වැඩි දුරක් යාමට නොහැකිවිය.

Tuesday, September 25, 2012

සත් සමුදුරේ 300 වන ලිපිය සමග බ්ලොග්කරණයට පිවිසෙන්නට බලාපොරොත්තුවන අයට උපදෙස් කිහිපයක්...


මාතෘකාවේ විදයට මේ සත් සමුදුර බ්ලොග් අඩවියේ 300 වන ලිපියයි. හැමදාම කඩයිමක් පහුකරන අවස්ථාවකම කියනවා වගේම ඔබගේ වටිනා සහයෙන් ඉදිරියට යාමෙන් ලබන්න පුළුවන් වූ සතුටක් තමයි මෙය. 

කොහොමවුනත් මේ වගේ කඩයිමක් ගැන කියන හෝ සත් සමුදුර බ්ලොග් අඩවිය ගැන යමක් කියන කොට ලබන අමිහිරි අත්දැකීම ලැබුවත් කමක් නැහැ කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. ඒ අමිහිරි අත්දැකීම මොකක්ද කියනවා නම්, මොකක් හරි විශයක් ගැන, විශේෂයෙන් යම් පින්තූරයක් පළ කළොත් වැල නොකැඩී එන පිරිස මේ අඩවිය ගැනම කියන ලිපියකට නොඑන එක ගැන නම් කණගාටුවක් තිබෙනවා. ඒත් බ්ලොග් අවකාශයේ මේ වගේ සැතපුම් කනුවක් පහුකරපු බ්ලොග් අඩවි තිබෙන්නේ අත‍ලොස්සක් සහ සාමාන්‍යයෙන් අධ්‍යාපනික පැත්තට නැඹුරු බ්ලොග් අඩවි අතුරින් සාපේක්‍ෂව වැඩි පාඨක පිරිසක් පැමිණෙන බ්ලොග් අඩවියක් නිසාත් බ්ලොග්කරණයට යම් වැදගත් තොරතුරු කිහිපයක්ද සමගින් මෙවන් ලිපියක් ලියන්නට සිතුනා.

හැමදාම කියනවා වගේ බ්ලොග් ලියන්නවත්, බ්ලොග් ලියල මෙතරම් දුරක් එන්නවත් කවදාවත් හිතුවේ නැහැ. මේ කියන්නේ අවංකවමයි. කොහොමවුනත් අපි වැඩිය හිතන්නේ නැතුව අතගහන සමහර දේවල් අපි බලාපොරොත්තුවුනාටත් වඩා සාර්ථකව සිදුකරගෙන යන්න පුළුවන් කියන එක මම නම් ජීවිතයේ කිහිප අවස්ථාවකම ලබපු අත්දැකීමක්. සාමාන්‍යයෙන්ම නම් යමක් කරනකොට ඉලක්කයක්, අරමුණක්, සැලැස්මක් තිබීම හොදයි කියලා කියනවා. ඒකත් සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි සමහර ‍‍දේවල් වලට ඒ සිද්ධාන්තයට පටහැනිව සාර්ථක වෙන්න හැකියාව ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ. සමහරවිට සැලසුම් හදලා, ඉලක්ක අටවලා සිතෙන් චිත්තරූප මවාගෙන ඒ දේවල් කරන එක සිහින ලෝකයේ සිට බැළුවට ප්‍රායෝගිකව වෙලත් නැහැ. ඒවගේම හිත හිත ඉන්න කාලය වැයකරනකොට මානසිකවම වෙහෙසට පත්වෙලා ඉලක්කය ලගාවීම කෙසේවෙතත් සමහර වෙලාවට වැඩේ ආරම්භ කරන්නෙත් නැතුව පැත්තකට දාන එක තමයි වෙන්නේ. ඒකනේ කතාවක් තිබෙන‍්නේ වැඩක් කරන එක නෙමෙයි අමාරු ඒක පටන් ගන්න එකයි අමාරු කියන එක. ඒක නම් මමත් අත්විදල තිබෙන දෙයක්. උදාහරණයක් විදියට සමහර ලිපි ලියන්න පස්මහ බැළුම් බල බල හිත හිත ඉදල ලියන්න ගියාම අර තිබුන බැරෑරුම් බව මොනවත් නැහැ. ඒවගේම සමහර ලිපි මොනවත් හිතන්නේ නැතුව හිතුන ගමන්ම ලියලා තිබෙනවා. ඒ වගේම සාර්ථක ප්‍රතිචාරත් ලබලා තිබෙනවා.

ඒ වගේම තමන් ලියන දේ ගැන විශ්වාසයක් තබන්න. ඒවගේම එයට පසුව ලැබෙන ප්‍රතිචාරයට තමන්ට පිළිතුරු දෙන්න හැකියාවත් තියෙන එක හොදයි. ඒ එක්කම තමන්ගේ අඩවියේ ලිපි වැඩි දෙනෙකු බලන එක හොදයි කියන එක බලාපොරොත්තුවේ ඉන්න. තමන් යමක් පළ කරල ඒක බැළුවත් එකයි නැතත් එකයි කියල ඉන්න එක තේරුමක් නැති දෙයක්. මොකද අපි බ්ලොග් ලියන්නේ බහුතරයකට ඒක කියවන්න ලබා දෙන්න බව බොරුවක් නෙමෙයිනේ. තමන්ට විතරක් බලාගන්න ඕන නම් දිනපොතක ලියල තියා ගන්න එක හරි යාළුවන්නට තමන්ගේ හිතමිතුරන්ට විතරක් බලන්න දෙන්න නම් කොල කෑල්ලක ලියල මෙන්න මේක කැමති නම් බලන්න කියන එකයි බ්ලොග් ලියන එකයි දෙකක්. තමන් සාර්ථකව ලිපියක් ලියන එක, ඒකට ගැලපෙන ආකර්ශනය දිනාගන්න මාතෘකාවක් ලබාදෙන එක, ලිපිය පළ කරාට පසුව තමන්ට පුළුවන් අවස්ථාවල එයට යම් පබ්ලිසිටියක් ලබා ගැනීමටත් නැඹුරුවෙන ‍එකේ පාඩුවක් නැහැ. 

විශේෂයෙන් මාතෘකාව ගැන සැලකිලිමත් වෙන්න. මමත් ගොඩක් මහන්සිවෙලා ලියපු ලිපි කිහිපයකටම යොදපු මාතෘකාව එතරම් "ශක්තිමත්" හා "කැපී පෙනුන" නැති නිසා ලැබුන ප්‍රතිචාරය අඩුබව අත්දැකීමෙන්ම දන්නා කෙනෙක්. මම ඕනනම් උදාහරණයක් විදියට එහෙම ලිපි දෙකක් ගැන කියන්නම්. එකක් තමයි මොහොමඩ් අලි ගැන ලියපු ලිපිය. ඒකට මම යෙදුවේ මොහොමඩ් අලි පිළිබදව නිරතුරුවම කියවෙන  "Float like a Butterfly, Sting like a Bee" කියන පාඨය නමුත් ඒක එතරම් සාර්ථක මාතාකාවක් වුනේ නැහැ. ඒ වගේම ලියනාඩෝ සම්බන්ධයෙන් ලියපු අති දීර්ඝතම ලිපියක් වන ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? කියන මාතෘකාවත් එතරම් සාර්ථකත්වයක් ලිපිය පළ කළාට පසුව ලැබුන ප්‍රතිඵලයෙන් දුටුවේ නැහැ. ඒනිසා මාතෘකාව ගැලපෙන හොද එකක් වීම වැදගත්.

තවදෙයක් තමයි බ්ලොග්කරණයට ආව ගමන්ම සාර්ථකව ප්‍රතිචාර ලබන පිරිස අඩුයි. ටික කාලයක් ගියාම මේ ක්‍ෂෙත්‍රයේ රැදී සිටින්නටත් පුළුවන් නම් ධනාත්මක ප්‍රතිඵල කරා ලගා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ලගා වුනායින් පසුව ඒක දිගටම තබාගන්න නම් හැකි සෑම වෙලාවකම ලිපි පළ කරන්න ඕන. මමත් අත්දැකීමෙන් දන්නා නිසයි කියන්නේ. ටික කාලයක් හොදට කරල අතහැරල දාල ආපසු මේවා ලියන්න එන කොට යම් පාඨකයන් පිරිසක් අපෙන් ගිලිහිලා ගිහින් තිබෙන්න පුළුවන්. අපේ රටේ තියෙන තත්ත්වය උඩු තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, ගෙදරදොර කටයුතු එක්ක කම්පියුටරේ ඉස්සරහට වෙලා බ්ලොග් ලිය ලිය ඉන්නව කියන එක යථාර්ථයක් නෙමෙයි. හැබැයි අඩුම තරමින් සතියට ලිපි දෙකක් හෝ තුනක්වත් පළ කරන්න හැකියාවක් තිබෙනවා නම් හොදයි. මොකද බ්ලොග්කරණය කියන්නේ නිරතුරුවම ලිවිය යුතු දෙයක් සාමාන්‍ය වෙබ් අඩවියක් වගේ එකම තොරතුර දීර්ඝ කාලයක් පැවතීම ගැලපෙන දෙයක් නෙමෙයි.

තව දෙයක් තමයි අවශ්‍ය අවස්ථාවල පින්තූර භාවිතයත් ලිපියේ වටිනාකම තවත් වැඩි කරාවි.

ඒ වගේම දීර්ඝ ලිපි ඇතැම් විට කොටස් වශයෙන් ලියන්න වෙනවා. හැබැයි පුළුවන් නම් ලිපිය එක කොටසකට හෝ අවම කොටස් ගණනකට සීමා කරගන්න. එහෙම කොටස් වශයෙන් පළ කරනවා නම් එක් දිනයක එක් කොටස වශයෙන් පළ කරන්න. හැම කොටසම එක දවසේ පළ කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය ඍනාත්මකයි. මම අත්දැකීමෙන් එය විදලා තිබෙන නිසයි කියනනේ. මෙහි පළ කළ ගුලාග් කදවුරු ගැන ලිපියේදී එය අත්වින්දා.

බ්ලොග්කරණය ගැන නම් කියන්න තිබෙන කරුණු එමටයි. ඒ හැම එකක්ම කියන්න අසීරුවුනත් මට නම් බ්ලොග්කරණය නිසා දන්නා දේවල් ක්‍රමානුකූලව පෙලගස්වා ගැනීමට, අමතකව තිබූ කුඩා කරුණු මතකයට නගා ගැනීමට හා ඒවා තවත් දියුණු කරගැනීමට, දැනුම යාවත්කාලීන කරගැනීමට, නොදන්‍නා දේවල් දැනගැනීමට, යම් යම් දේවල් පිළිබදව තර්කානුකූලබව වැඩිකරගැනීමටත් ඉවහල්වුනා. ඔබටත් මෙම ලිපියේ කරුණු ඇතැම්විට ප්‍රයෝජනවත් වේවි. ඒවගේම බ්ලොග්කරණයේ යෙදෙන, යෙදීමට බලාපොරොත්තුවෙන අයටත් මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙන කරුණුත් ප්‍රයෝජනයක් වේවි කියන එකත් පවසමින් ලිපිය අවසන් කරන්නම්. ඉදිරියේදිත් ඉඩක් ලැබෙන අවස්ථාවක බ්ලොග්කරණයේ අත්දැකීම් තුලින් ඔබටත් යමක් ලබාදීමට අමතක කරන්නේ නැහැ...

105 Tips To Make Your Blog Rock



ස්තූතියි!

Sunday, September 23, 2012

මෙන්න ඔබට වැදගත් පණිවිඩයක්...

මේ කියන්න යන්නේ සත් සමුදුර තැබූ තවත් පියවරක් සම්බන්ධයෙනුයි. සත් සමුදුර පවත්වාගෙන යන්නේ Google ආයතනයේ Blogger කියන සේවාව ඔස්සේ ලබා දෙන Blog පහසුකමයි. ඒ පිළිබදව ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. ඒ වගේම සත් සමුදුර‍ මෙම සේවාව ඔස්සේ ආරම්භ කළ අවධියේම Wordpress මගින් ලබා දෙන බ්ලොග් පහසුකමටත් Register වෙලා සිටියත් මේ වන තෙක් එය ප්‍රායෝගිකව භාවිතා කළේ නැහැ. ඒත් දැන් එම පහසුකම ඔස්සේත් එයට අදාල බ්ලොග් සම්බන්ධ ගැටළු විසදීම සදහා http://sathsamudura.wordpress.com යනුවෙන් එම අඩවියත් දැන් සක්‍රීයව පවත්වාගෙන යන බව ඔබට දැන්වීමට කැමැත්තෙමි.

කෙසේවෙතත් සුපුරුදු පරිදි මෙහි බ්ලොග් ලිපි පළ කරනවා සේම එම වර්ඩ්ප්‍රෙස් සත් සමුදුර අඩවිය ඔස්සේ එයට අදාල වන බ්ලොග් ඉඟි හා ගැටළු පිළිබදව ලිපි පළ කිරීමට අදහසක් කරනවා. ඒ වගේම ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණය පිළිබදව යම් ගැටළු තිබෙනවා නම් ඉදිරිපත් කළහොත් එහි ඊට අදාල විසදුම් ලබා දීමටත් හැකි බව දැන්වීමට තමයි මේ ලිපිය පළ කළේ.

ඒ නිසා එම අඩවියටත් ඔබට අවශ්‍ය මොහොතක පිවිසී අවශ්‍ය ප්‍රයෝජනයක් වෙතොත් ලබා ගන්නා ලෙස කියන ගමන්ම එහි පළ කළ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් බැකප් කර ගන්නා ආකාරය පියවරෙන් පියවර සටහන් කළ ලිපියත් උදාහරණයක් ලෙස පළ කරමි.


මෙන්න මෙහෙමයි ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් තිබෙනවා නම් බැකප් කර ගන්නේ. මුලින්ම Admin panel එක‍ වෙතට යන්න.

එහිදී Dashboard හරහා Tools හිදී Export තෝරන්න.

මෙහිදී All Contents යන්න තෝරා Download Export Files තෝරන්න.

දැන් ඔබට XML ගොනුවක් ලෙස ඔබගේ සම්පූර්ණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය ලබා ගත හැකි අතර අවශ්‍ය විටක Tools හරහා Import කිරීමටද පුළුවන...