Thursday, September 8, 2016

අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු.

මේ අද කියන්න යන්නේ අප රටේම  රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි. හැබැයි මෙම නිර්මාණ බිහිවූයේ ගතවූ වසර දෙක තුනක් ඇතුලත නිසා ඔබලා බොහෝදෙනෙක් මෙම වැඩසටහන් නරඹ රසවිද තිබෙනවාත් ඇති. කොහොමනමුත් නැවත එය රසවිදීමට හෝ එය අත්විද නැති කෙනෙකුට එය රසවිදීමේ හැකියාවද තිබෙන බව දැනුවත් කිරීමට මෙම ලිපිය පිටුවහලක් වේයයි සිතනවා.

පිටරට දේ පමණක් නොවෙයි අප රටේම බිහිවන ඉහල නිර්මාණයන් පිළිබදව අපි කතා කළ යුතුයි. මෙයත් එවැන්නක්. මෙය ලිපිය තුලින් එම නාලිකාවට තව තවත් ඉහල තත්ත්වයේ නිර්මාණ බිහිකිරීමට අනුභලයක් වගේම ස්තූතියක්ද පුදකරන්නට කැමැත්තෙමි. ඒ තමයි දෙරණ නාලිකාව මීට ටික කාලයකට පෙර අපට ලබාදුන් Dell Studio සංගීත වැඩසටහන. මෙහිදී අප දන්නා ගායක ගායිකාවන්ගේ නිර්මාණ වෙනස් එහෙත් තවතවත් රසාස්වාදය වැඩි කරමින් අප වෙත ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන් එම නාලිකාව වගේම එම වැඩසටහනේ සංගීතය මෙහෙයවූ මහේෂ් දෙණිපිටිය මහතාගේ එම කාර්යය ඔබ විසින්ද නරඹා අගය කළ යුතුයයි සිතනවා. 

මෙම වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ඔබට නැවතත් නැරඹිය හැකියි. මෙන්න එයට අදාල සබැදිය.
http://www.derana.lk/Dell-Studio-TV-Derana&vid=15475&page=1





21 comments:

  1. මමත් මේ වැඩසටහන අතර මගින් නරඹපු කෙනෙක් . ඒත් යූටියුබ් හරහා . විශිෂ්ඨ සංගීතමය වැඩසටහනක්.

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව විශිෂ්ඨයි....

      Delete
  2. හලෝ දිනේධ් කාලෙකින්.

    මමත් මේ ඩෙල් ස්ටුඩියෝ එහෙන් මෙහෙන් බැලුවට එක දිගට පිලිවෙලට බලනන් බැරි උනා.

    සිහිනයකි රෑ කියලත් ලස්සන ප්‍රෝගෑර්ම් එකක් යනවා කියලා යාලුවෝ කිව්වා.

    කලින් දෙරණේ ගිය රෑ ඉරපාන ඇහුවද? ඒකත් සුපිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා.ඔව් වසරකට ටිකක් වැඩි කාලයක් බ්ලොග් ලිවීමෙන් නොදැනුවත්වම වාගේ දුරස්වීමක් සිදුව තිබුනා. කෙසේවෙතත් නැවත හැකි අයුරින් මෙම කාර්යයට පන දෙන්නට සිතාගෙන සිටිනවා. හැබැයි ඒ නොලියවුන කාලය ඇතුලත බ්ලොග් ලිපි ගණනාවක් ලියන්නට හේතුවිය හැකි කාරණ සමූහයක් හදාරන්නට ලැබුනා. බලමු ඉදිරියේදී ලැබෙන ඉඩකඩත් එක්ක ඒවා එකින් එක පෙල ගස්සනට වගේම බාගයට ලියා නතර කළ ලිපි ගණනාවක් නැවත අරඹන්නටත්.

      මේ link එක හරහා සම්පූර්ණ වැඩසටහනම පිළිවෙලකට බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබ කියූ වැඩසටහන් බලන්න ඕන. ඒවා ගැන දැන සිටියේ නැහැ. කියුවාට බොහොම තුති...

      Delete
  3. ඇත්තටම මේ වැඩසටහන බලන්නම වටිනවා..

    ReplyDelete
    Replies
    1. බලන්න. එයට වැයකරන කාලය අපතේ යන එකක් නැහැ උසස් රස වින්දනයකට ඔබ කැමති අයෙකු නම්...

      Delete
  4. මමත් බෙහෙවින් රසවිඳි වැඩසටහනක් ඩෙල් ස්ටුඩියෝ.ඒ වගේම ආශාවෙන් කියවපු ලිපිපෙළක් තමයි පළමු ලෝක යුද්ධය ගැන ඔබ ලියු ලිපි පෙළ.මම හිතනවා ආයෙමත් ලියවෙනු ඇතැයි කියා.

    ReplyDelete
    Replies
    1. ඔව් උසස් සංගීත රසාස්වාදයක් ලබාගත හැකි වැඩසටහනක්. ස්තූතියි පළමු ලෝක යුද්ධය ගැන ලිපි පෙල ගැන පැවසුවාටත්. ඇත්තෙන්ම එම ලිපි පෙළ සම්පූර්ණ කළ යුතුයි. එය ඉදිරියේදී සිදුව තිබේවි....

      Delete
  5. මාත් අතරින් පතර බලල තියනවා හොඳ වැඩසටහනක්. බලල නැත්නම් මේකත් බලන්න ඒ වගේම එකක්.
    ma nowana mama

    ReplyDelete
    Replies
    1. මා නොවනා මම වැඩසටහනේ කොටස් කිහිපයක් බැළුවා. ඒත් සම්පූර්ණයෙන්ම නම් බැළුවේ නැහැ. එයත් මය වගේම හොද නිර්මාණයක් යයි සිතනවා...

      Delete
  6. Welcome back Dinesh...ඔබ නැති අඩුව තදින්ම දැනුනා...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලබා දෙන ධෛර්යයට හා සැමදා ලබාදුන් සහයෝගයට. ටික කලක් පැත්තකට වී සිට පැමිණි විට පවා ඔබලාට මෙම බ්ලොග් අඩවිය අමතක නොවූ බව දැනුන විට අපමණ සතුටක් මා හටද දැනුනා...

      Delete
  7. ලංකාවේ ඉතින් හැමදාම කියන සරල ගීත ටික එක එක විදියට කියනවා.
    වෙන රටකට ගිහිල්ල හරි ඔර්කෙස්ට්‍රා එකක් ලයිව් අහන්න. සරල ගීත මොනවද කියල හිතෙයි.
    පුලුවන්නම් මෙන්න මේ ෆිල්ම් ඒකත් බලන්න.
    Whiplash

    ReplyDelete
    Replies
    1. නම නොකියූ මිතුර, ඔබ ලබාදුන් සිනමා නිර්මාණය පිළිබදවද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙයට පිළිතුරක් ලබා දෙන්නෙමි...

      Delete
  8. මමත් අතරින් පතර තමා මේකෙ සිංදු අහලා තිබුනේ....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් පිළිවෙලකට අහන්න පුළුවන්. මම නම් සිත් ගත් ගීත සියල්ල බාගත කර ගත්තා...

      Delete
  9. ලින්ක් එක බොහොම වටිනවා දිනේෂ්. මේ ළඟදී ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ITN එකේ ඉදිරිපත් කල පැය 3 ක වැඩසටහන, ITN සයිට් එකෙන් බාගෙන, DVD එකක් හදාගත්තා. ඒ ගීත බොහොම වටිනවා. අද ලංකාවේ බොහෝ දෙනෙකුට තිබෙන අන්තර්ජාල පැකේජ වල දත්ත කෝටා එක සීමිත නිසා, බාගන්න තියා නරඹන්නවත් ඇති අවස්ථාව බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව් හොද නිර්මාණ රූපවාහිනී නාලිකා බොහෝමයක බිහිවූවත් අපගේ කාර්යය බහුල බව වැඩිනිසා ඒවා මඟහැරෙන අවස්ථා වැඩියි. ඔබ පැවසූ වැඩසටහනත් බලන්න ඕන....

      Delete
  10. ඩෙල් ස්ටුඩියෝ මාත් ආසාවෙන්ම බලපු වැඩසටහනක් තමයි.

    ReplyDelete
    Replies
    1. මිතුර, ඔබත් මෙහි නැවත දකින්නට ලැබීම සතුටකි...

      Delete