Sunday, September 23, 2012

මෙන්න ඔබට වැදගත් පණිවිඩයක්...

මේ කියන්න යන්නේ සත් සමුදුර තැබූ තවත් පියවරක් සම්බන්ධයෙනුයි. සත් සමුදුර පවත්වාගෙන යන්නේ Google ආයතනයේ Blogger කියන සේවාව ඔස්සේ ලබා දෙන Blog පහසුකමයි. ඒ පිළිබදව ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. ඒ වගේම සත් සමුදුර‍ මෙම සේවාව ඔස්සේ ආරම්භ කළ අවධියේම Wordpress මගින් ලබා දෙන බ්ලොග් පහසුකමටත් Register වෙලා සිටියත් මේ වන තෙක් එය ප්‍රායෝගිකව භාවිතා කළේ නැහැ. ඒත් දැන් එම පහසුකම ඔස්සේත් එයට අදාල බ්ලොග් සම්බන්ධ ගැටළු විසදීම සදහා http://sathsamudura.wordpress.com යනුවෙන් එම අඩවියත් දැන් සක්‍රීයව පවත්වාගෙන යන බව ඔබට දැන්වීමට කැමැත්තෙමි.

කෙසේවෙතත් සුපුරුදු පරිදි මෙහි බ්ලොග් ලිපි පළ කරනවා සේම එම වර්ඩ්ප්‍රෙස් සත් සමුදුර අඩවිය ඔස්සේ එයට අදාල වන බ්ලොග් ඉඟි හා ගැටළු පිළිබදව ලිපි පළ කිරීමට අදහසක් කරනවා. ඒ වගේම ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණය පිළිබදව යම් ගැටළු තිබෙනවා නම් ඉදිරිපත් කළහොත් එහි ඊට අදාල විසදුම් ලබා දීමටත් හැකි බව දැන්වීමට තමයි මේ ලිපිය පළ කළේ.

ඒ නිසා එම අඩවියටත් ඔබට අවශ්‍ය මොහොතක පිවිසී අවශ්‍ය ප්‍රයෝජනයක් වෙතොත් ලබා ගන්නා ලෙස කියන ගමන්ම එහි පළ කළ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් බැකප් කර ගන්නා ආකාරය පියවරෙන් පියවර සටහන් කළ ලිපියත් උදාහරණයක් ලෙස පළ කරමි.


මෙන්න මෙහෙමයි ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් තිබෙනවා නම් බැකප් කර ගන්නේ. මුලින්ම Admin panel එක‍ වෙතට යන්න.

එහිදී Dashboard හරහා Tools හිදී Export තෝරන්න.

මෙහිදී All Contents යන්න තෝරා Download Export Files තෝරන්න.

දැන් ඔබට XML ගොනුවක් ලෙස ඔබගේ සම්පූර්ණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය ලබා ගත හැකි අතර අවශ්‍ය විටක Tools හරහා Import කිරීමටද පුළුවන...

16 comments:

  1. මටත් තියෙනවා වෝඩ් ප්‍රෙස් බ්ලොග් එකක් ඒත් ඒක හෙන සංකීර්ණයි වගේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් තරම් සරළ හා පහසු නැති බව මටත් දැනුනා. ඔබටත් යම් ගැටළුක් තිබුනොත් කියන්න. උත්සහ කරල බලමු විසද ගන්න පුළුවන්ද කියා...

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔබගේ වාග් විලාශයට සරිලන අයුරින් මෙම ස්ථානයේ පිළිතුරු දීමට ධෛර්යයක් මාහට නොමැති වීම පිළිබදව කණගාටුවෙමි. මන්ද මෙම බ්ලොග් අඩවිය කිසියම් විනයක්, ප්‍රතිපත්තියක් ඔස්සේ පවත්වාගෙන යන නිසා අසැබි වදන්වලට ඉඩක් වෙන් කිරීමේ ප්‍රතිපාදන හා ඔබ අදහස් ප්‍රකාශ කළ එම වදන්වලට ගැලපෙන අයුරින් මාහටද අදහස් පළ කිරීමේ නිපුනතාවයද ඇතත්, ශිෂ්ඨාචාරගත වූ සමාජයක ජීවත් වන මා හට ප්‍රසිද්ධියේ එවන් නිර්භිත කමක් පෙන්වීමේ හැකියාව ඔබට මෙන් නැත. එහෙත් ඔබට මගේ අදහස් දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ පැවසූ සියළු කරුණු මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. එවිට ඔබට අවශ්‍ය ආකාරයේ පිළිතුරු මම එහිදී ලබා දෙන්නම්...

      Delete
  6. අපේ විචාරක මහත්මයත් ඔය වර්ඩ්ප්‍රෙස් ගැන ප්‍රශ්නයක් ඇහැව්ව මතකයි. ඒ ගැන දැනගන්න අවශ්‍ය අයටත් කවදක හරි මටත් ඔන්න ඔහේ බ්ලොග් එකක් ලියන්න කියල හිතුනොත් Google Blogger එකක් කරනවද වර්ඩ්ප්‍රෙස් එකක් කරනවද කියල තීරණය කරන්නත් මේ වගේ ලිපි වැදගත් වෙයි කියල හිතනව. ස්තූතියි දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. ඔවි එදාට ඔබටත් මෙම ලිපි පෙල වැදගත් වේ යයි සිතනවා. මගේ නිර්දේශය නම් මුලින්ම බ්ලොග් එකක් පටන් ගන්න හොද බ්ලොගර් කියන එකයි. එහි විවිද දුර්වලතා තිබෙනවා තමයි. ඒත් වර්ඩ්ප්‍රෙස් ආධුනිකයෙකුට ටිකක් සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා...

      Delete
  7. අනේ අයියේ මං නම් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට ක්මෙන්ට් දාන්නෙත් නෑ. ඒකේ ඉදන් අහගන්න වෙනවා වගේ. කමක් නෑ. සත්සමුදුර කියන්නේ ඉතාම වටිනා බ්ලොග් එකක් නිසා වර්ඩ්ප්‍රෙස් වලිනුත් තියෙන එක හොදයි. සුබ පතනවා ඔබගේ අළුත් බ්ලොග් එකට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම අළුත් කිව්වට මේකටත් තියෙන්නේ මේ සත් සමුදුර බ්ලොග් අඩවියේ වයසමයි. වෙනස තියෙන්නේ ඒකට මොනවත් පළ කරන්න දැම්මේ නැති‍ එකයි. කොහොමටත් එම බ්ලොග් අඩවියේ පළ කෙරෙන්නේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට අදාල ගැටළුයි...

      Delete
  8. වර්ඩ්ප්‍රෙස් බ්ලොගර් දෙක සංසන්දනය කරපුවාමනම් Blogger ටිකක් ඉදිරියෙන් ඉන්නවා. ප්‍රධානම කාරණේ තමා සරල බව. ඔයා කිවා වගේ අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්න අයට මුලින්ම බ්ලොගර් වලින් පටන් ගන්න එක තමා හොද.. පොඩි උදාහරණයක් ගත්තොත්. අපි බ්ලොග් එකක් කරන්න ගත්තහම මුලින්ම දාන්නේ Theme එකක්නේ. ඉතින් Blogger වල templates ඕන තරම් හොයාගන්න පුලුවන්. නමුත් වර්ඩ්ප්‍රෙස් වල තීම්, බ්ලොගර් තීම් තරම් ගොඩක් නෑ. අනික පහසුවෙන් Edit කරන්න පුලුවන් බ්ලොගර් වල...
    නමුත් ගොඩක් පේන්න නැතිවුනාට බ්ලොගර් වලින් කරන්න බැරි දේවල් ගොඩක් වර්ඩ්ප්‍රෙස් සයිට් එකකින් කරන්න පුලුවන්... අපිනම් ඉතින් Blogger......

    වර්ඩ්ප්‍රෙස් සයිට් තියන අයට වැදගත් ලිපියක්. ස්තුතියි..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ කියන දේ ඇත්ත. සාමාන්‍යයෙන් බ්ලොග් ලියනව නම් ඉතින් බ්ලොග්ර් හොදයි. හැබැයි වැඩි අත්හදා බැලීම් වලට වර්ඩ්ප්‍රෙස් හොදයි කියන එක මේ ක්‍ෂෙත්‍රයේ අත්දැකීම් බහුග අයගේ අදහසයි. කොහොමවුනත් ආරම්භයට බ්ලොගර් තෝරා ගැනීම සුදුසුයි...

      Delete
  9. බොහොම හොදයි. මම ගොඩක් ආස Wordpress වලට. Wordpress.com නම් වැඩක් නෑ. එකේ පහසුකම් නෑනේ. Wordpress.org එකෙන්. දෙන script එක සර්වරයක Install කරලා ගත්තනම් Blogger වලට වඩා පහසකම් තියෙනවා. Theme උනත් Blogger වල වගේම upload කරන්න පුලුවන්. මම ආස කරන්නෙත් එහෙම.

    ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ Wordpress කිව්වාම Wordpress.com ගැන ඒකයි ඔය ආස නෑ කියලා කියන්නේ ඒක නිසා. අනිත් අයට දැනගැනීම සදහ Wordpress.com හා Wordpress.org අතර වෙනසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් professional අය නම් බොහොම දෙනෙකුගේ මනාපය වර්ඩ්ප්‍රෙස් වලට තමයි. Wordpress.com හා Wordpress.org අතර වෙනස ගැනත් ඉදිර‍ියේදී ලියන්නම්...

      Delete