ආදරණිය සත් සමුදුර පාඨක මිතුරන් සියල්ලන්ම වෙත,
මෙම ගැටළුව පිළිබදව blogger help වෙතද ඊයේ යොමුකරත් තවම පිළිතුරක් ලැබුනේ නැහැ.
දැන් තිබෙන්නේ විසදුම් කිහිපයක් පමණයි.
එනම් ඔවුන් වෙතින් යම් දෝශයක් සිදුවී ඇත්නම් කවදා හෝ එය නිරාකරණය කරන තුර ඉවසා සිටිම.
එසේ නැතහොත් blogger වෙතින්ම ලබා ගෙන ඇති දෙවන බ්ලොග් අඩවියේ ලිපි පල කිරීම (එය මේ වන මීට කලකට පෙර අරඹා ඇතත් එහි ලිපි කිසිවක් තවම පල කර නොමැත).
එසේ නැතහොත් බොහෝ වෘත්තීය මට්ටමේ බ්ලොග් කරුවන්ගේ පවා ප්‍රසාදය දිනා ඇති Wordpress වෙතින් බ්ලොග් පහසුකම ලබා ගැනීම.
කරුණු මෙසේ හෙයින් සත් සමුදුරේ මෙම ගැටළු නිරාකරණය කර ගත හැකි ආකාරයක් ඔබ කවුරුන් හෝ දන්නේ නම් එය මගේ විද්‍යුත් ලිපියන වන dguruge@gmail.com වෙත එවන මෙන් ඉල්ලා සිටින අතර, එම ගැටළු සහගත තත්වය නිරාකරණය කර ගත නොහැකි වුවහොත් මේ දක්වා පවත්වාගෙන ආ සත් සමුදුර බ්ලොග් අඩවියේ පලවන අවසාන ලිපිය මෙය වනු ඇති බවට අතිශයින්ම කණගාටුවෙන් වුවද ඔබට පැවසීමට සිදුවී ඇත.
මේ ආකාරයෙන් විවිද අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවුවත් ජනවාරි 13 වන දා සිට මේ දක්වා ඔබ දුන් අනගි සහය සැමදා අගය කරන අතර යම් හෙයකින් සත් සමුදුරේ අවසන් ලිපිය මෙය වුවහොත් ඇරඹීමට බලාපොරොත්තුවන නව බ්ලොග් අඩවියටද එලෙසින්ම සහය දෙනු ඇතැයි කාරුණිකව අපේක්‍ෂාකරමි.
ස්තූතියි!
දිනේශ් දීපාල්
සත් සමුදුර