Monday, May 23, 2011

අපි කිසිදා බලාපොරොත්තුනොවන පණිවිඩයක් රැගත් අතීත වෙළද දැන්වීමක් - Days when the doctors suggested to smoke!

මෙය ලියන මා කිසිම දිනෙක දුම්වැටියක් පානය කර නොමැති අතර වර්තමානයේ තරුණ පරපුරේ ‍බොහෝදෙනෙක් මෙම උවදුරෙන් ඈත්වී සිටිම සතුටට කාරණයක්. ඒවගේම ලෝකයේ බොහෝ දියුණු රටවල දුම්පානව ශීඝ‍්‍රයෙන් අඩුවී තිබීම මෙන්ම අපේ ‍ර‍ටේද ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානයට වැට කඩොළු බැද තිබීම ප්‍රශංසනීය කාරණයක්. දුම්වැටි නිසා එය පානය කරන්නා පමනක් නොව එය අසලින් සිටින්නාටද හානියක් වීම නිසා මෙවැනි නීති පැනවීම අතිශයින්ම වැදගත්. 

මේ මාතෘකාවට අදාල වෙළද දැන්වීම 1950 දශකයේ පල වෙලා තියෙන්නේ ඇමරිකාවේ අලෙවි වුන CAMELS කියන දුම් වැටි වර්ගය සම්බන්ධයෙන් හා තවත් දුම්වැටි වර්ග කිහිපයක් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් දශක කිහිපයකට පෙර දුම්වැටි ප්‍රචාරණයට නළු නිලියන් හෝ සමාජයේ ජනප්‍රිය චරිත යොදා ගැනීම සුලභ කරුණක් වුනා. සමහර නළුවන් දුම්වැටි සමාගම් වල අවශ්‍යතාමත ඒ කාලයේ ඇතැම් සිනමා නිර්මාණවල ඉවක් බවක් නොමැතිව දුම් පානය කරනු ටිකක් සැලකිල්ලෙන් චිත්‍රපටිය නැරඹුවානම් දැක ගන්නත් හැකියාව තිබූ බව මා කලකට ඉහත මේ සම්බන්ධයෙන් කියවූ පුවත් පත් ලිපියක දුටු අතර කණගාටුවට කාරණයක් වන්නේ අතිවිශාල මුදල් සම්භාරයකට කෑදර කමින් මෙසේ දුම් පානය නිසා ප්‍රචාරණයට හවුල් වූ බටහිර කලාකරුවන් කිහිපදෙනෙකුම පිළිකා හෝ වෙනයම් භයානක රෝගාබාද වලට ලක්වීමයි.

මේ ලිපියේ දැක්වෙන අප තරමක් කම්පනයට ලක්වන කරුණක් වන්නේ මෙම කියපු 50 දශකයේ දුම්වැටි ප්‍රචාරණයට උතුම් සේවයක් වන වෛද්‍ය වෘත්තිය පවා යොදවා ගෙන තිබීමයි. එපමනක් නොව විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, අභ්‍යවකාශගාමීන් වැනි වැදගත් වෘත්තිකයන් පමණක් නොව කුඩා දරුවන් පවා මෙම දුම්වැටි වෙලද ප්‍රචාරනයට යොදවාගෙන තිබුනි. බොහෝවිට මේ පින්තූර ඔබ දැක නොමැති ඇති. බලන්න ඒවායෙන් දෙන වැරදි ආදර්ශය...
























වර්තමානයේ නම් මෙම දැන්වීම් වලින් කෙරෙන ප්‍රචාරනයට රැ‍වටෙන්නන් ඉතාම සුළු පිරිසක් වීම අස්වැසිල්ලට කාරණයක්. කොහොමවුනත් ලිපිය අවසන් කරමින් මම ඔබට කියන්නේ,ඔබ දුම්පානය නොකරන්නෙක් නම් කිසිදා දුම්පානය නොකරන්න, දුම්පානය කරන්නෙක් නම් කෙසේ හෝ සිතට ශක්තිය ගෙන දුම්පානයෙන් අත්මිදෙන්න. එය කවුරුත් දන්නා පරිදි ඔබගේ, ඔබගේ දරුවන්ගේ, සහ ඔබ ආදරය කරන  අයගේ සෞඛ්‍යයට වැදගත් දෙයක් මෙන්ම ඔබගේ ආර්ථිකයටද එය අතිශයින්ම වැදගත් වේ.

අවවාදයයි : මෙම ලිපිය කිසිදු ආකරයෙන් දුම්වැටි ප්‍රචාරන දැන්වීමක් හෝ එයට අනුබල සපයන්නක් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරමි.

17 comments:

  1. කියන්න කනගාටුයි . මෙහෙ නම් දුම්පානය තදින්ම.කෙරෙනවා. නැගෙනහිර ආසියානු රටවල් තවමත් අපි තරම් දුම් පානයෙන් මිදී නැහැ. යුරෝපිය ගැනුත් ඉන්නවා මම දන්න හොඳටම දුම්බොන. හැමදාම ලංකාවේ අඩුපාඩුම දකින අපිට ඔන්න ලංකාව ගැන ආඩම්බර වෙන්න කරුණක්. මම පොඩි කාලේ ඉඳන් දුම්පානයට ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට වරද පෙන්වන්න පසුබට වෙන්නේ නැහැ. අනවශ්‍යම දෙයක් .

    ReplyDelete
  2. @Bindi- ඔව් ලංකාවේ මේ නරක පුරුද්දෙන් මිදෙන්නට බොහෝ දුරට හැකියාව තිබීම ගැන සතුටු විය යුතුයි. තවත් ‍කාරණයක් තමයි සමහර රටවල දුම්පානය පැවතීමට, ඔය හවානා සුරුට්ටු එහෙම බොන අයගේ සංගම් පවා තියෙනවා. ඉතින් ඒවායෙන් සිගරට් කෙසේ වෙතත් සුරුට්ටු බීම හරි දිරිමත් කරනවානේ...

    ReplyDelete
  3. @ජයශ්‍රී - ස්තූතියි!

    ReplyDelete
  4. දුර්ලභ ෆොටෝ ටිකක් අපිත් එක්ක බෙදා ගත්තට තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  5. හොඳ හෙළිදරවුවක්..!

    ReplyDelete
  6. වටිනා පින්තූර ටිකක් රැගත් පෝස්ට් එකක්....කොහෙන්ද අප්පා මේව හොයා ගත්තේ......

    http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869

    ReplyDelete
  7. @උදාර,ඉන්දික & මගේ සයිබර් නිවහන - ස්තූතියි! වෙනත් ලිපියකට අවශ්‍ය කරුණු සෙවීමේදී අහම්බෙන් තමයි මෙම පින්තූර ටික ලැබුනේ...

    ReplyDelete
  8. ඔය ෆොටෝ වල ඉන්න අය දැන් හොයා ගත්තා නම් දුම් පානයේ ප්‍රතිවිපාක ගැන පෝස්ටර් ටිකක් හදාගන්න තිබුනා. Anyway a good and rare collection.

    ReplyDelete
  9. පිලිකුල්සහගතම දැන්වීම කුඩා දරුවකු යොදාගෙන ඇති 11 වැන්නයි. සමහරවිට ඒ කාලයේදී මෙය පිළිකාවලට සහ වෙනත් බරපතල උපද්‍රවයන්ට හේතුවන වනබව නොදැන සිටින්නට ඇති. කෙසේ වුවත් අපේ රටේ පවා මීට කලකට ඉහත දුම් පානය විලාසිතාවක් හෝ පව්රුෂ ලක්ෂණයක් ලෙස සැලකුණා. අප කුඩා දිනවල ප්‍රසිද්ධ ස්ථානයක දුම් පානය කරන්නෙකුට එපා කීමට හැකියාවක් තිබුනේ නැහැ. එය ඔහුගේ පුද්ගලික නිදහසක් වැනියි.

    මේ වෙනසට අප රටේ බුද්ධිමත් තරුණ පරපුර වෙත ස්තුතිය පල කල යුතුයි. ඇතැම් සංවිධාන ගෙන ගිය සාර්ථක මනෝ විද්‍යාත්මක මෙහෙයුම් ද මීට හේතු වන්නට ඇති.
    -Asanga Chandrawansa

    ReplyDelete
  10. @Asanga Chandrawansa - ඔබ කියන දේ ඇත්ත. කුඩා දරුවන් මේ ‍වගේ දේවල් වලට යොදා ගැනීම නින්දිත ක්‍රියාවක් වගේම ඒ කාලයේ මේ පුරුද්ද කැපී පෙනෙන දෙයක්ද වූ බව සදහන් වෙනවා...

    ReplyDelete
  11. තව දෙයක් . මම ඒ දවස් වල පාසලේ ADIC සංගමයේ හිටිය. ඉස්කෝලේ වැඩත් පාඩු කරගෙන තමයි ඕව කලේ. මහගමසේකරගේ පින්තුරේ දාල පෝස්ටරයක් හැදුව. පස්සේ ගුරුතුමියක් කියා දුන්න ප්‍රසිද්ධ පුද්ගල නාම එහෙම භාවිත කරන්න බැරි වග. වෙන චිත්‍රයක් ඇඳලා මම තනියම ලස්සන පත්‍රිකාවක් හැදුවා. ඒක රැස්වීමට ආපු ළමයින්ට බෙදා දුන්න. අපි කෙල්ලෝ දුම් බොන්නවත් බියර් බොන්නවත් පෙලබෙන්නේ නැති බව දැනන් හිටියත් පුදුම උනන්දුවකින් ඔය වැඩ කළහැටි මට මතක් වුනා ඔබේ ලිපියෙන්. අනාගත ස්වාමි පුරුෂයෝ ගලව ගන්න වෙන්න ඇති.

    ReplyDelete
  12. @Bindi - ඔව් දුම්වැටි හා මත්පැන් කියන්නේ ලංකාවේ පවුල් අවුල් කරන දේවල් තමයි...

    ReplyDelete
  13. දුම්වැටියට දුම්වැටියකින් ම පිළිතුරු දෙමු ද?
    මැයි 31 වෙනිදා ලෝක දුම්වැටි දිනයයි. තත්පර 6 කට වරක් දුම්වැටිය නිසා ලොවෙන් කෙනෙක් සමු ගෙන යයි. ඒ බව දැන දැනත් දුම්වැටියට ඇබ්බැහි වීමේ ප‍්‍රවණතාවය වැඩි වී තිබේ. මතට තිත වෙනුවට කොටු වැටෙන රූපවාහිනී තිරය මත දුම්වැටියටත් කොටු පමණක් දමා වගකිව යුත්තෝ ඇ`ග බේරා ගනිති. කිසිවකු මෙයට විසඳුමක් සෙව්වේද?
    තරුණයන් සිතන්නේ දුම්බීමෙන් තමන්ගේ පෞරුෂත්‍වය පෙන්විය හැකි බවයි. තවත් අයගේ මතය සමාජයානුගත වීමට දුම්වැටියත් මත්පැන් බෝතලයත් නැතිවම බැරි වස්තූන් දෙකක් බවය. කොතෙක් ඔවා දුන්නත් මෙය නැවැත්විය නොහැකි නම් වෙනත් විකල්පයකට අප යා යුතු නොවේද?
    මා විවාහ වී සැමියාගේ නිවසට ගිය අ`ඵත අපූරු අත්දැකීමක් ලැබුවෙමි. මගේ මස්සිනා කෙනකුට සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳී හුස්ම ගැනීමට පවා අපහසු වී තිබුණි. මගේ නැන්දම්මා විගස පාවට්ටා කොලයක් සිග?ට්ටුවක් මෙන් රෝල් කර එය පත්තු කොට දී උරන්නට සැලැස්සුවාය. ටිකකින් මස්සිනා සෙම කාරා දමමින් සහනය ලැබුවේය.
    දැන් අපේ ම දේවල්වලින් සබන්, ෂැම්පු ආදී ආයුර්වේද භාණ්ඩ නිපදවන අපට නිකොටින් නැති මේ පාවට්ටා කොලය මූල ද්‍රව්‍යයක් කර ගෙන දුම්වැටියක් නිපදවිය නොහැකිද? එසේ කළහොත් එය සමහර රෝගවලටත් සහනයක් වේවි. මෙතර වෙළඳපල පමණක් නොව එතෙර වෙළඳපලට පවා මේ ඖෂධීය දුම්වැටිය යවා විශාල විනිමයකුත් සෙවිය හැකි නොවේද? මෙය අනිත් අතට මත්කුඩුවලින් ද දරුවන් මුදා ගැනීමට ද මගක් විය හැක. දේශීය ඖෂධ නිපදවන්නනි, මේ ගැන සිත යොමු කරත්වා.
    තිලකා රන්දෙනි -
    www.thilakarandeni.lk

    ReplyDelete
  14. @තිලකා රන්දෙනි - ඔබ වටිනා අදහස් රැසක් මෙන්ම මෙතෙක් නොදන සිටි කාරණාවකින්ද මා මෙන්ම සත් සමුදුරට පිවිසෙන සියළු දෙනා දැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඇත්තෙන්ම දැන් විය යුත්තේ මෙයයි. එනම් කෙතෙක් කෑමොරදුන්නත් දුම්වැටියෙන්, මත්වතුර බෝතලයෙන් මිනිසුන් සියල්ලම මුදවා ගැනීමට නොහැකි බව දැන් යම් දුරකට හෝ පසක් කරගත යුතුයි. ඒ සදහා මුලින්ම කල හැකිදෙය නම් හානියෙන් අඩු ආදේශක හදුන්වාදීමයි. මට මතක හැටියට කාලයක පෙර ප්‍රවෘත්තියක් දැකගන්නට ලැබුනා එංගලන්තයේ ගංජා භාවිතයට අවසර දුන් බවට. මොකද ගංජා හානිකරවුවත් එය කොකේන් හෝ හෙරෝයින් තරම් හානිකර නොවන නිසා ලොකු හානියට වඩා කුඩා හානිය දරා ගැනීමට පුළුවන් නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගත්බවත් සදහන් වී තිබුනා. මම දන්නෑ එය කෙතරම් දුරකට සත්‍යයක්ද යනවග. නමුත් දැන් කිරීමට සිදුව ඇත්තේ මෙයයි. මම හිතන්නේ ඔබ අද තමයි මුලින්ම සත් සමුදරට ඇවිල්ලා තියෙන්නේ. මම ඔබගේ වෙබ් අඩවියටත් ඒ නිසා දැනගත්තා. ඉදිරියේදිත් සත් සමුදුරට ගොඩවී ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න. එව කෙතරම් දිගවූවත්, කෙටිවූවත් කිසිදු ගැටළුවක් නැහැ...

    ReplyDelete
  15. Thilaka Randeniහුගාක් කාලයකට පස්සේ ඔයාගේ බ්ලොග් එකට එන්න හිතුනේ ලොකු සතුටක් ඇතිවුණු නිසයි. මතකද මා කමෙන්ට් කළා උඩින් දුම්වැටියට දුම්වැටියකින් පිළිතුරු දෙමුද කියා අහලා? එක මා ලිවුවේ ඉරිදා ලක්බිමකට. ජුනි මාසයක පල වුණා. මට මතක නෑ ඒ 2009 දීද? 2010 දීද කියා. මගේ ලිපි එකතුවෙන් එය කෙසේ හෝ ගිලිහී ගිහින්.
    මට හුඟාක් සතුටුයි, මගේ අදහස දැක්ක කෙනෙක්ද මන්දා පාවට්ට කොළ අරගෙන දුම්වැටිය නිපදවලා. එකේ නම greenleef. ඔන්න 02/12/2012 මවුබිම ඉරිදා පත්‍රයේ පලවී තිබුණා. මා මීට මාස 4 කට විතර ඉස්සර මවුබිමේම රූ කාරියවසම්ට යෝජනා කළා කවුරුවත්ම නැතිනම් අපිවත් මේ වැඩේ කරුමු ද කියා. හැබැයි අසීරු කරුණක් බව රු කිවූ නිසා මහාචාර්ය වික්රමතුන්ගටත් පැවසුවා. එතුමා කියන්නේ වතුර උනත් ඇඟට වැඩියෙන් හොඳ නැලු. www.thilakarandeni.lk thilakarandeni@yahoo.com

    ReplyDelete