සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව විසින් අද අපි දක්නට ලැබෙන මෙම ගෘහය නිර්මාණය කර ඇති අතර ඔහු එම පරපුරේ අවසන් පුරුක ලෙසද සැලකේ. අක්කර 20 ක පමණ බිමක පිහිටා ඇති මෙම වලව්ව දැන් පාලනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේය.
මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය පිළිබද විකිපිඩියා හි දක්වා ඇති ආකාරයට එය ක්‍රි:ව 1700 පමණ ඈත අතීතයට දිවයයි.මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන්ගමුව නමින් හැඳින්වුන මාදන ප්‍රදේශයේය.ඉන් පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳින්වුන මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය.ඔහුට පසු මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වුයේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලිය.විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුමාය.මඩුවන්වෙල පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේය.(කොලොන්න රත්නායක මුදියන්සේලාගේලොකුඅප්පුහාමි) කොලොන්න පනාමුර ප්‍රදේශ සඳහා නින්ද ගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමි මඩුවන්වෙල වලව්වට උරුමකම් කීවේය.ඉන්පසුව මඩුවන්වෙල විජයසුන්දර මුදලි නමැත්තා වලව්වට උරුමකම් කීවෙය.ඒ රාජාධිරාජසිංහ රජ සමයේය. වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේය. ඉන් පසුව මඩුවන්වෙල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වන මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ප්‍රදේශය පාලනය කළේය.
ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව පෙර පැවසූ පරිදි මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මෙතුමාහට"මඩුවන්වෙල කළු කුමාරයා"යන අනවර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණි.කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණිය ආබාධිත වුවාය.අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන්දරුවන්නොලැබිණි.
කෙසේ වෙතත් කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණියට මෙම දේපල තනිවම පරිපාලනය කර ගැනීමේ අපහසුතාවයන් පැවති බව කියන අතර මේ නිසා මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය.ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය.1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.
මෙම වලව්ව ඓතිහාසිකව මෙන්ම එහි නිර්මාණකරැවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාවයද කැපී පෙනෙන ලක්‍ෂනයකි. වලව්වේ සෑම බිම් අඟලක්ම ඒ සඳහා උපයෝගි කරගනී. ඒ අතර වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි. ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රෑප සහිත සඳකඩපහණ දක්නට හැක. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරෑපයේ ඡායාරෑපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරෑපයක් පෙන්වන මෙම ඡායාරෑපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ.
පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිත කර ඇත. අතර මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක් ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි.
සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව අමුත්තන් පිළිගැනීමේ ශාලාව ලෙස භවිත කර තිබේ. නිල් වීදුරැ කවුළු, බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රෑප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.
වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත. කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරය ද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි.
වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරැබිලිද මෙහි දක්නට ලැබේ. ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය.
නඩු ඇසීමේ කාමරය (අන්තර්ජාලයෙන්) |
(මේ කරුණු උපුටා ගත්තේ 2016 ජුනි 24 වැනි සිකුරාදා විජය පුවත් පතෙනි)
අවාසනාවකට වලව්ව ඇතුලත ඡායාරූප ගැනීමට අදාල බලධාරීන් විසින් දැන් අවසර නොදෙන අතර වලව්ව පිටත සේයාරූ පමණක් ගැනීමේ හැකියාව ලැබුනි. කෙසේවෙතත් ඇතුලත වටිනා ඡායාරූප ගණනාවක් මෙම බ්ලොග් අඩවියේදී දැකගත හැකිය. https://jkbnuwan.wordpress.com/2013/06/18/maduwanwela-manor-house/
නොමිලේ ඇතුළු වීමට හැකියාව දැනට ඇතත් කුඩා හෝ මුදලක් අය කර එය මෙම ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමට යොදා ගන්නේ නම් වඩාත් යෝග්‍ය යයි සිතේ. මෙහි බොහෝ කාමර දැන් වව්වලන්ගේ වාසස්ථාන බවට පත්වී ඇති බවක්ද දිස්වුන අතර කණගාටුදායකම කාරණයක් ලෙස දුටුවේ පුරාවිද්‍යාත්මකව වැදගත් වූ මෙම ස්ථානයේ එක් කාමයක වහලේ විදුලි පංකාවක්ද සවිකර තිබූ බවයි. එය මෙහි ඉතිහාසමය වටිනාකමට යම් හානියක් ගෙන එන බව මගේ හැගීමයි.
තවත් තොරතුරු දැන ගැනීමට - මඩුවන්වෙල වලව්ව - විකිපිඩියා
දිවයින (2010/11/07) - සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....
දිනේෂ් කාලෙකින් අගනා විස්තරයක් එක්ක ඇවිත් තියෙන්නේ..
ReplyDeleteමෙතුමා ඉන්ග්‍රීන්ට සතුරු ප්‍රතිපත්තියක් නෙමේද අනුගමනය කළේ.. මම එහෙම කතා වගයක් අහලා තියනවා..
ස්තූතියි! කාලයකට පස්සේ සිතුනා යමක් ලියන්නට. සෘජුව නොවේ වක්‍රව ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධත්වයක් පෑ බව තමයි හැගෙන්නේ. මේ ඊට නිදසුන් -
Delete// විශේෂයෙන්ම මඩුවන්වෙල මහ දිසාවේ රටේ ජනප්‍රිය වූයේ සුද්දා යටතේ වැඩ කළත් සුද්දන්ටත් අපූරු පාඩම් උගැන්වූ මහ අමුතුම තාලයේ මිනිසකු වූ නිසාය. ඔහුගේ සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් පිළිබඳ කතා නම් බොහෝ ය....
නිතර අසු පිටින් ගමන් බිමන් යන වැඩි උසක් නැති ලොකු කයක් නැති එහෙත් කිසිවකුටත් බියක් නැති මේ අමුතුම තාලයේ අමුතු මිනිසා ගැන ජනප්‍රවාදය පවසනුයේ සුළු පටු කතා නම් නොවේ. හොස්‌ස ළඟින් මැස්‌සා යන්න බැරි තරමේ කුකුල් කේන්තිකාරයෙකු වූ ඔහු බ්‍රිතාන්‍ය මහ රැජිනියට සේවය කළේද තම පෞරුෂයට හා ගෞරව අභිමානයට අබ ඇටයකුදු හානියක් වන්නට ඉඩ නොතබාය. මේ මුළු සිරිලකේ කිසිවකුටත් නොමැති තරමේ මහ ගෙයක ඔහු වාසය කළේය.
මඩුවන්වෙල මහ වලව්වේ ඉදිරිපස ගේට්‌ටුව, ඉදිරිපස පෙනුම තවමත් එදා තිබුණා වාගේම තේජවන්තය. කළු ගලින් නිම වන ලද මේ ගේට්‌ටුව ගැනද කතා තිබේ. මඩුවන්වෙල දිසාවේ මේ ගේට්‌ටුව තනවා ඇත්තේ ඔහුට පමණක් අසු පිටින් නොබැසම යැමට හැකිවන ලෙස බව කියති. ඔහු වැඩි උසක් නැත. අසු පිට වාඩිවූ විට වුවද එතරම් උසක් නොමැත. ඒ නිසා මදක් හිස පහත් කළ සැනින් මේ ගේට්‌ටුව යටින් අසු පිට සිටම ඇතුල් විය හැකිය. එහෙත් ආරෝහ පරිනාහ දේහයන්ගෙන් යුතු සෑම සුද්දෙක්‌ම මඩුවන්වෙල වලව්වට එන්නට පෙර අසු පිටින් බැස්‌සේ ඔවුන්ට අසුපිට සිටම මේ ගේට්‌ටුව යටින් ඇතුළට ඒමට නොහැකි නිසාය.
මෙසේ සුද්දන් අසු පිටින් බැස ඇතුළට එනු දකින මඩුවන්වෙල දිසාවේ අප්‍රමාණ සතුටක් ඉන් විඳි බව ජනප්‍රවාද කියති.
මේ වලව්වේ ගේට්‌ටු දොරටුවේ පමණක් නොව, මුළු වලව්වේම ආලින්දයක් සාලයක් ශාලාවක් කාමරයක් අගුවක් පිලක් පාසාම තිබුණේ මඩුවන්වෙල මහ දිසාවේගේ චින්තනයයි. බ්‍රිතාන්‍ය කිරීටයට සේවය කළත් හැකි සෑම විටම සුද්දා පහත් කොට සලකන්නට මේ නිලමේ පසුබට වූයේ නැත. ඒ සඳහා නිලමේ යොදාගත් උපක්‍රම වලව්වේ හැම තැනමත්, යොදාගෙන තිබූ කැටයම්වලත් පයට පෑගෙන මහ පොළොවේත් පෙනෙන්නට තිබිණි. // ( දිවයින (2010/11/07) - සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....)
අපේ පැත්තට කිට්ටු තැනක් නෙ. මම මුලින්ම යනකොට සෑහෙන්න පරිහානියට පත්වෙලා තිබ්බ උනත් පස්සෙ කාලෙක ප්‍රතිසංස්කරනය කරල හොඳ තත්වෙකට අරන් තිබුන.
ReplyDeleteවලවුවෙ ඇතුලෙ පින්තූර ටිකක් මෙතන තියෙනව.
ReplyDeletehttps://www.facebook.com/champika.prasanna/media_set?set=a.889848687708837&type=3&fb_dtsg_ag=Ady-JTXhuQE8w7SibSm8nMADblIUU-wUUS-SLNj1tHG9GA%3AAdyLVegkHePYBRfViC78-4CX_WbR9ku8wUmirc5giwa0yA
ස්තූතියි!
ReplyDeleteහරි අපුරු විස්තරයක්.. ස්තුතියි! දෙතුන් වරක්ම මේ ස්ථානය නැරබීමට යාමට තිබු අවස්ථා ගිලිහීයාම ගැන දැන් කණගාටුයි. හැකි ඉක්මනින් ඒ වරද නිවැරිදි කරගන්න ඕනි.
ReplyDelete++++++
ReplyDeleteදීර්ඝ කාලයකට පසුව නිහඩතාවය බිද තෙළිතුඩ අවදි කිරීම ගැන තුති.
ReplyDeleteඉදිරියේදීත් ඉක්මනින් ලිපිය දකින්න කැමැත්ත සමග ඔබට සුබ පතමි.
ස්තූතියි! ලිපි ලියන්න ටිකක් කම්මැලිකම තමයි බලපාලා තිබෙන්නේ. කොහොමවුනත් හැකි අයුරින් ලියන්නට බලාපොරොත්තුවෙනවා...
Deleteමාත් දෙපාරක් විතර ගියා. කැලේ ඇතුලට වෙන්න මරු නාන්න ලිදකුත් තියේ
ReplyDeleteමගේ මවගේ පළමු පත්විමල කොළොන්න විද්‍යාලයට ඒ නිසා එකල ඇයට මේ වලවි්ව නැරභිමේ හැකියාව තිබිලා තියනවා . ඒ කාලයේ වළව්ව බලාගන්න දීලා තිබිලා තියෙන්නනේ මගේ මව නැවතී සිටි ගෙදර අයටයි. මඩුවන්වෙ දිසාවේගේ ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තිය නිසා වලවිවට අරැතුල්වන ස්ථානයේ බිමට වික්ටෝරියා රැජිනගේ පිංතූරයන් පෑගෙන ලෙස නිර්මානය කර තිබී ඇත මබුවන්වෙල දිසාවෛ්ගේ ගෙදර බල්ලන්ට ඉංග්‍රිසි නමි යොදාගෙන ඇත. ඹහු තරමක් මිටි පුද්ගලයකු වූ නිසා ගෙදර සියලු උළුවහු ඔහුගේ උසට නිමවා ඇත මේ නිසා සියලු දෙනා එම උළුවහු තුළින් යාමේදී දෙකට නැවී ගමන්කළ යුතුව තිබුණි.
ReplyDeleteවිචාරක දියණීය
ස්තූතියි! ඔබ සත් සමුදුරේදී හමුවන පළමු අවස්ථාව මෙය විය යුතුයි. ඔබගේ පියා අවසන් කාලය දක්වාම මා දිරිමත් කළ, ඔහුගේ අත්දැකීම් මා සහ අනෙකුත් සහෘදයන් සමග බෙදා හදාගත් මහත්මයෙකු බව මතක් කර දෙන්නේ ස්තූතිපූර්වකව මෙන්ම කණාගාටුවක්ද සිතෙහි තබාගෙනයි.
Deleteමමත් යන්න ආස තැනක් හැබැයි තාම අවස්තාවක් ලැබිල නෑ...ස්තුතියි විස්තරේට
ReplyDeleteගොඩක් ස්තුතියි..මම ඊයෙ ගියා වලව්ව බලන්න.ඒත් වැඩි විස්තර දැන ගත්තෙ මේ ලිපියෙන්.මේ වලව්වෙ තිබුණ වටිනා බඩු භාණ්ඩ ගම් වැසියන් හා අවසන් හිමි කරුවන් ගන්න ඇති නේද?.කොරෝනා සමය නිසා දැන් සංචාරකයන් ගොඩක් අඩුවෙන් යන්නෙ.
ReplyDeleteI love u asandrimithrata.
ReplyDeleteI love asandrimithrata. And wedisa maharani..
ReplyDelete