මෙම මාතෘකාවේ අවසන් කොටස තමයි මේ. පරිගණක ආශ්‍රිතව පමණක් නොවේ මෙම Phishing කියන දෙය ක්‍රියාත්මක වෙන්නේ. අප භාවිතා කරන ජංගම දුරකථන පණිවිඩ හරහා හෝ SMS හරහා ද අපට කිසිදු සැකයක් ඇති නොවන ආකාරයකට අපගේ සංවේදී දත්ත ඔවුන් විසින් අත්පත් කර ගන්නා එමටයි.
මේ එවැනි අවස්ථා දෙකක්.
එසේම අප දැනුවත්ව කිසිදු ආකාරයකට අප දත්ත ලබානොදුන්නත්, අපගේ සුළු දත්ත ප්‍රමාණයක් උනත් උපයෝගී කරගෙන අපට කිසියම් ලොතරැයියක් හෝ ත්‍යාග මුදලක් ලැබීමට යන බව හඟවමින් අපගේ අනෙකුත් පුද්ගල දත්ත හා අප බැංකු ගිණුම් අංක ආදිය ලබා ගෙන අපගේ මුදල වංචා කරන අවස්ථා සුලභව මෙම ක්‍රියාවලිය තුල දැක ගත හැකිවේ. ඒ සදහා ඔවුන් ලොව ප්‍රසිද්ධ බැංකු හෝ පුද්ගලයන්ගේ තොරතුරු අපට ඉදිරිපත් කරමින් අප තුල කිසිදු සැකයක් ඇති නොවන ලෙසට කටයුතුද සිදු කරයි. එහෙත් සමහර වේලාවට බොහොම විමසිලිමත් ලෙස නිරීක්‍ෂනය කල විට ඒවායේ නිරවද්‍යතාවයක් නොමැතිබව වටහා ගත හැකියි.
මෙම උවදුර පැතිර යාම වැලැක්වීම සදහා තොරතුරු තාක්‍ෂනය හා අනුබද්ධ බොහෝ සංවිධාන, පුද්ගලයන් සහ මෘදුකාංග නිශ්පාදතයන් විවිදාකාරයේ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසිය හැකිය. එනම් මෙවැනි Phishing ක්‍රියා වලින් බේරී අපගේ අන්තර්ජාල ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුකරගන්නා ආකාරය දැනුවත් කිරීම, මෙවැනි තොරතුරැ පැහැරගන්නා වෙබ් අඩවි හදුනාගෙන ඒව අවහිර කිරීමට අවශ්‍ය දේවල් අප භාවිතා කරන Search engine වලට ඇතුලත් කිරීම හා හදුනාගන්නා මෘදුකාංග නිපදවීම සහ වෙනත් ක්‍රියාමාර්ග මේ අතර වෙයි.
එසේම අක්තර්ජාල ආශ්‍රිත මුදල් ගණුදෙනු වලදී විශ්වාසනීය පාර්ශව සමගම ගණුදෙනු කිරීමද, අපගේ සංවේදී දත්ත අන්තර්ජාලයට ඇතුළු කිරීමේදී ප්‍රවේශමෙන්, අවශ්‍ය නම් පමණක් සිදු කිරීමද මතකයේ තබා ගත යුත්තක්.
මෙයට අමතරව මෙම මාතෘකාව ගැන සාකච්ඡා කල හැකි කරුණු විශාලයි. එම නිසා වැඩිදුර විස්තර අධ්‍යයනයට සුදුසුම link එකක් මම සටහන් කරන්නම් - http://en.wikipedia.org/wiki/Phishing .
site 1 කට password 1ක් දෙන්න කලින් ඒක https ද කියල බලන 1ත් වැදගත් නේද?
ReplyDeleteවැදගත් සටහනක්
ReplyDelete