Thursday, September 8, 2011

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් දරන මතය හා වපුරන විහිළු බොරු මතයන්ගෙන් ඈත් වීමටත් හොද පොතක් (International Politics) සහ සත් සමුදුරේ තවත් කඩඉමක් සමග පසුගියදා පල කල හිට්ලර් ගැන ලිපියේ ඇතැම් ඇනෝනිමසයන්ට පිළිතුරු..

මේ මාතෘකාවට සම්බන්ධ ලිපියක් සත් සමුදුරේ පසුගිය දිනක පල කර බව ඔබ දකින්නට ඇති. එය තමයි හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ලිපියත් සත් සමු‍දු‍රේ යම් සංධිස්ථානයක් කියලා කියන්නට පුළුවන්. හැබැයි එය නොවේ මේ මාතෘකාවේ කියන කඩඉම නම්. ඒ ලිපිය තමයි සත් සමුදුරේ මේ දක්වා අතිශයින්ම විවාද සම්පන්න වූ ලිපිය. තවමත් එයට විවිදාකාරවූ අදහස් ලැබෙනවා. හැබැයි මෙවැනි අදහස් නම් මෙම ලිපියට කෙසේවෙතත් ඊට පෙර ලියූ NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි... ලිපියට නම් විවිදාත්මක අදහස් බලාපොරොත්තුවුවද එයට එසේ නොවී අතිත සිදුවීම් අලලා ලියූ ලිපියකට දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාර මෙන් අදහස් ‍වැලනොකැඩී ගලා එන්නට විය. කෙසේවෙතත් කෙබදු අදහස් දැරූවද සියළුම දෙනාට ස්තූතිවන්ත වන්නේ අවකාශයේ තිබෙන අනිත් බ්ලොග් අඩවි හෝ වෙබ් අඩවි වල මෙන් නොවී මේ දක්වා අසැබි වදන් වලින් තොරව තමන්ගේ මතය ඉදිරිපත් කිරීම ගැනයි.

දැන් බලමු මාතෘකායවට අදාල වූ පොත මොකක්ද කියන එක ගැන. එය තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ හා ඉන් පෙර ටික කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ සරසවි ඇදුරුතුමෙක් වූ මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා විසින් ලියන ලද ජාත්‍යන්තර දේශපාලනය (International Politics) කියන ග්‍රන්ථයේ 1 කොටස. කතෘ ප්‍රකාශනයක් වූ මෙය දෙහිවල ඉමේජ් ලංකා පබ්ලිෂර්ස් විසින් බෙදාහරිනු ලබන්නක්.

මෙම පොතේ මුලින් කියූ  හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ලිපිය හා සම්බන්ධ වුන හැමෝටම පරිශීලනය කරන්න ඉතා අනර්ඝ පොතක්. මොකද මෙය කියෙව්වා නම් "බටහිර මාධ්‍ය, බටහිර කුමන්ත්‍රණ" යනාදී "බටහිර" කියන වචනය අවශ්‍ය අනවශ්‍ය හැ‍ම මොහොතකම තොල් මතුරමින් සිටින සත්‍ය වසන්කරන්නටත්, ඉතිහාසය විකෘති කර එයට නිසි තර්කයකින් හා සාක්‍ෂි ඉදිරිපත් කිරීමකින් තොරව මත ඉදිරිපත් කරන්නට යන අයට අඩුම තරමෙන් ප්‍රවීණ ඇදුරුතුමෙක් ලියන ලද පොතක් හෝ කියවා තමන් යන මාවත ගැන සිතන්නට මෙය අවස්ථාවක් කරගනු ඇතැයි සිතමි. මෙහි කතුවරතුමා විසින් සටහන් කර ඇති අයුරින් මෙම පොතේ කිසිදු දෙයක් නිසි අවසරයකින් තොරව උපුටා ගත නොහැකි නිසා ඒවා මෙම ලිපියට ඇතුලත් කල නොහැකි වුවත් යම් දල අදහසක් පොත පිළිබදව ලබා දීමට කැමැත්තෙමි.

පසුගිය හිට්ලර් හා සම්බන්ධ ලිපියේදී හිට්ලර් හා ස්ටාලින් දෙවන ලෝක යුද්දයට පෙරාතුව ගිවිසුමකට එළඹුනේ ළදරු සෝවියට් ආණ්ඩුව රැක ගැනීමට බවට අදහසක් පල කර තිබුනි. එයට සත්‍ය හේතුව මෙම පොතේ මුල් පරිච්ඡේදය බැලීමෙන්ම ඔබට සොයාගත හැකිය.

‍එසේම යුද්දයට ඒ ඒ රටවල් සම්බන්ධ වූ හැටි ජර්මනියේ නැගීම හා බැසීම, අනෙකුත් රටවල් වලට යුද්ධය බලපෑ අන්දමද මෙහි සදහන්ය. යුද්දයෙන් පසු සිදු වූ දේවල් තුෂ්නි යුද්දය හෙවත් නිරවි යුද්දය පිළිබදව, ඉන් පසු බිහිවී අන්තර්ජාතික මට්ටමේ සංවිධාන පිළිබදව, ලෝකයේ ඒ ඒ කලාප වල ඇතිවූ අර්බුද, කොරියන් යුද්දය, කියුබානු මිසයිල ප්‍රශ්නය, වියට්නාම යුද්දය හා මැදපෙරදිග ඇතිවූ විවිද ගැටළු සහ තවත් බොහෝ කරුණු මෙහි දී ඔබට කියවා දැන ගත හැකිය.

පොතේ මිල රු.250/= ක් වන අතර එහි ISBN අංකය - ISBN 955-9496-04-2 වේ.

දෙවැනි කාරනේ තමයි පසුගිය සැප්තැම්බර් 05 දා සත් සමුදුරේ 100,000 වෙනි Page views අගයත් සටහන් වීම. ඉතින් ඒ ගැනත් ස්තූති කරන්න ඕන ඔබලා සියළු දෙනාටම තමයි. ඔබලා සත් සමුදුරට ආවේ නැත්නම් මෙබදු පිටු සංඛ්‍යාවක් සත් සමුදුරේ ලිපි පල කරන්නට පටන් ගෙන මාස 8 ක් පිරෙන්නට තවත් දින 8 ක් තිබියදී සනිටුහන් කරගන්නට නොහැකිවේවි. ඒ වගේම සහෝදර බ්ලොග් මිතුරන් රැසක්ම තමන්ගේ බ්ලොග්  අඩවියේ Blogroll එකේ සත් සමුදුර අඩවිය ඇතුළු කරල තිබීමෙනුත් පාඨක සහෘදයන් වැඩි වුනා. ඉතින් ඔවුන්ටත් මේ වෙලාවේ ස්තූතියි පිරිනමන ගමන්ම ඒ මිතුරන්ගේ බ්ලොග් අඩවි සත් සමුදුරේ Blogroll එකටත් දන්නා සෑම විටකම එකතු කර ඇති අතර සමහර අවස්ථාවල කුමක්දෝ දෝශයක් නිසා ඉතා ස්වල්ප බ්ලොග් අඩවි කිහිපයක් පමණයි එසේ තවම ඇතුළු කරගන්නට නොහැකි වී ඇත්තේ. එයටද අවකාශ ලැබුන හැටියේ ‍එක් කරගන්නට පුල පුලා බලා සිටින අතර ඔබගේ සහය ඉදිරියටත් අපේක්‍ෂා කරමි. ඒ වගේම තව අමතක නොකරම ස්තූති කරන්න ඕන සත් සමුදුරේ යාවත්කාලීන වන ලිපි නිරතුරුව දැන ගැනීමට සලස්වන සින්ඩිකේටර් සමූහය පිළිබදවත්. එක් නමක් හෝ අතහැරුනහොත් එය නුසුදුසු නිසා නම් වශයෙන් සදහන් නොකරත් ඒවා සියල්ලටමද මාගේ ස්තූතිය පිරිනමමි. ඒවගේම Facebook හරහා සත් සමුදුර පිළිබදව ප්‍රචාරය දෙන මිතුරන්ටත් ස්තූතිය පිරිනමන අතර Facebook හි ඇති Group වෙත සත් සමුදුර ඇතුලත් කර ගැනීම හා ඒවාට එක් වන ලෙස ආරාධනා කල ඒවා පවත්වා ගෙන යන මිතුරන්ටත් ස්තූතිවන්තවෙමි. ඒවගේම සිංහල වෙබ් අඩවි වලදී ලබා දෙන කමෙන්ටු වලදී ඒවාට යම් නෑකමක් සපයන ලිපියක් නම් එයට අදාල සබැදිය එහි පල කල විට මැදිහත් සිතින් එය ඉවසා එය ඉවත් නොකර සිටි වෙබ් අඩවි වල කතෘතුමන්ලාටද ස්තුතිය පුදකරමි. මෙහි සදහන් කිරීමට අතපසුවී ඇති සත් සමුදුර වෙනුවෙන් උදව් කල යමෙක් වේ නම් ඔවුන් ඒ ගැන කාරුණිකව ඉවසා ඔවුන්ද මාගේ ස්තුතිය පිළිගනු මැනවි.

එම සතුටුදායක සිදුවීම එසේ සිදුවෙද්දී සත් සමුදුරේ 161 වෙන බ්ලොග් සටහන වූ මුලින්ද කී හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ලිපිය ඊට පෙර අත‍්නොදුටු අත්දැකීම් රැසකින් යුක්ත වූ බව කිව යුතුයි. වරෙක ලිපිය ප්‍රශංසාවටත්, වරක මධ්‍යස්ථ ප්‍රතිචාරයකටත්, තවත් විටක දෝශදර්ශනයටත් ලක්වූ බව පැවසිය යුතුයි. එහි මෙම කරුණු වලට අදාලව පිළිතුරු සදහන් කලද තාක්‍ෂනික ගැටළු හේතුවෙන් දීර්ඝ පැහැදිලි කිරීම කල නොහැකි වූ අවස්ථාවලට මෙහිදී යම් පිළිතුරක්ද සටහන් කිරීමට සිතුවෙමි. මේවා බොහෝමයක් නිර්නාමික ලෙස එනම් ඇනොනීමස් ලෙස පල කරතිබූ අතර තමන් දරනා මතයක් වෙනුවෙන් නිර්භීතව තමන්ගේ අනන්‍යතාවය තහවරු වන සේ අදහස් පල කල නොහැක්කේ ඔවුන්ටද තමන් දරනා මතය පිළිබදව සැකයක් ඇති නිසා විය යුතුය.එහෙත් සමහර පාඨක මිතුරන් තාක්‍ෂනික වශයෙන් ඇති නොදැනුවත් කම් නිසා ඇනෝනීමස් ලෙස සටහන් කර ඇතත් තමන්ගේ අනන්‍යතාවය කමෙන්ටුව තුල ලියා ඇති බව කෘතවේදීව අවධාරණය කල යුතුය.

මෙන්න එක් කමෙන්ටුවක්. මෙය එම අය සටහන් කල අයුරින්ම මෙහි සදහන් කරමි.
//මාවෝ සේතු0 හ හිට්ලර්ව සමාන කරන්න බෑ.මවෝ කලේ පීඩනයෙන් මිරිකිලා හිටපු ජනතාවට සටන්කරලා විමුක්තිය උදාකරපු ඵක.ඕනෑම සටනකින් වගේම ඵ්සටනිනුත් මිනිසුන් මෑරුනත් සදාකල් මෑරීමෑරී ජීවත් උන චීන ජනතාවට මවෝ ලා උදාකරලා දුන් විමුක්තිය ගෑන කියන්න ඔන නෑනේ.
දෑන් චීනය ඉන්න තත්වය බලලාම හිතාගන්න පුලුවන්.
ඵදා අසියාවේ රෝගියා,අද ලෝකයේ දියුනුමරට.
ඵ් චරිත දෙක සමාන කරනව කියන්නේ දුටු ගෑමුනු රජතුමයි ඵලාරයි සමාන කරනවා වගේ වෑඩක්.//


මෙයට දිය හැකි පිළිතුර වන්නේ චීනයේ මිනිසුන් සැබෑ විමුක්තිය ලැබුවාදැයි කියන්නට ඕනෑ චීනයේ මිනිසුන්මය. එයට පරිභාහිරව සිටින මිනිසුන් ඔවුන් ලැබූ විමුක්තිය ගැන මෙසේ බොහොම සතුටෙන් අධිවිශ්වාසයෙන් යුතුව සටහන් කිරීමට දිය හැක්කේ අපගේ මිතු‍රන් ඒ කාලයේ කියපු  විහිළු කතාවකිනි. මට මතක හැටියට එය මෙසේය අත් දෙකම නැති මිනිසෙක් දගලමින් සිටිනවා හොදින් අත් පා ඇති අයෙකු දැක ඇත. ඉතින් ඔහු මෙය දැක අර අසරණ මනුස්සයාගෙන් අසා ඇත්තේ "ඔහේට අත් දෙකම නැතත් හරි සතුටෙන් නට නටා ඉන්නවානේ". එවිට අර අත් දෙකම නැති මනුස්සයා දී ඇති පිළිතුර වන්නේ " තමුසේ බණ කතා කරනවද? මම මේ ........(එම වචනය මෙතැන සටහන් කල නොහැක) කසා ගන්න බැරුව දගලනවා" යන්නයි. අන්න එවැන්නක් තමයි චීනයේ පිටත සිට, එම මිනිසුන් ලබා ඇති විමුක්තිය පිළිබදව සුන්දර මවාපෑමක් පිටස්තරයන් කරන්නට යන විට චීන වැසියෙකුද දෙනු ඇත්තේ.

එයින් විමුක්තිය ලැබූ අයත් ඇති. එය නැහැ කියන්නේ නැහැ.  මෙම කමෙන්ටුව ලබා දුන් මිතුරා කරුණාකර චීනයේ 1966 සිට 1976 දක්වා සිදුවූ මාවෝගේ ආශිර්වාදයෙන් හා මෙහෙයවීමෙන් සිදුවූ සංස්කෘතික විප්ලවය නැතහොත් Cultural Revolution ගැනත් කියවන්න. එය ගැන ඉදිරියේදී සත් සමුදුරෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන අතර දැනට ඒ හා සබැදුන සබැදියන් කිහිපයක් ලබාදෙන්නම්.(http://en.wikipedia.org/wiki/Cultural_Revolution
http://en.wikipedia.org/wiki/Gang_of_Four
http://www.sjsu.edu/faculty/watkins/cultrev.htm) තව සබැදියන් ඕනෑතරම් ති‍බේ‍.
සංස්කෘතික විප්ලවය පිළිබදව
එකල නිර්මාණය වූ පෝස්රටයක්
Deng Xiaoping
මෙහිදී මිය ගිය මිනිසුන් සංඛ්‍යාව පිළිබදව නිශ්චිත වශයෙන් යමක් දැනට කීමට නොහැකි වූවත් එයට සම්බන්ධ වූවන් 1981 දී චීන රජය විසින්ම අධිකරණය හමුවට පමනුවනු ලැබූ අතර එහි ප්‍රධාන චරිතවූ Gang of Four කල්ලියේ කැපී පෙනෙනම චරිතයක් වන Lin Biao නම් හමුදා නිලධාරියා 1971 දී අභිරහස් ගුවන් යානා අනතුරකින් මිය ගිය අතර ඉතිරිව සිටි අනෙක් අයගෙන් ප්‍රධානතම චරිතයක් වූයේ මාවෝගේ තෙවන බිරිද වන Jiang Qing වේ. ඔබ කියනා මෙසා දියුණු චීනයේ නිර්මාතෘවරයා Deng Xiaoping බව ඔබ තව දුරටත් ඒ ගැන සිහිබුද්ධියෙන් සොයා බැළුවේ නම් දැනගනු ඇත. තවද ලෝකයේ හැම දේකටම අපේ රටේ සජීවි හෝ අජීවී චරිත හෝ දේවල් සමග සන්සන්දනය කරන්නට යෑම තර්කානුකූල නොවන බවද කාරුණිකව දන්වා සිටිමි.


සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන නියමුවන්
අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාව

ඒ වගේම 1989 දී චීනයේ තියෙන්මාන් චතුරස්‍රයේදීද එරට මිනිසුන් 1000 කට පමණ සදාකාලික විමුක්තිය ලබා දීමට මාවෝ ගේ අනුප්‍රාප්තිකයේ ත්‍යාගශීලී වූහ.
http://en.wikipedia.org/wiki/Tiananmen_Square_protests_of_1989

මෙන්න තවත් කමෙන්ටුවක්;
//ඔය ලිස්ට ඵකේ ඈමරිකාව වියට්නාමේ කරපු ගාතන ඉරකේ ඈෆ්ගනිස්තනේ ඔබාමලා බුශ් ලා කරපු ගාතන ඵහෙම නෑත්ද?ඵතකොට ෆිනෝචේ ලා වගේ ඈමරිකන් රූකඩ කරපු ගාතන ඵහෙන නෑත්ද?
සත් සමුදුර ඈමරිකවේ වෑසිකිලිවල කරන්න ඵපා.//

කොහේද යන්නේ ඇහුවහම, මල්ලේ පොල් වැනි කමෙන්ටුවක් දීමෙන් අදහස් කලේ කුමක්ද? සමස්ථ ලිපිය පිළිබදව අවධානය යොමු නොකර කිසියම් සංසන්දනාත්මක නිරූපනයක් කෙරේ උරණවූයේ මන්දැයි? පැනයක් නැගේ. ඇමරිකාව වියට්නාමය කරන ලද දේ හෝ වෙනයම් යුද්ධවලදී ඔවුන් ලැබූ අපකිර්තිය පිළිබදවද මෙන්ම සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ යුද්ද කරන්නට ගොස් අනාගත් හැටි ඉඩලැබෙන අයුරින් සත් සමුදුරේ පල කරන්නට බලාපොරොත්තුවෙන් සිටින මොහොතකම තමයි ඔබ ‍මේ වගේ අපූරු කමෙන්ටුවක් දී ඇත්තේ. ඔබමා කරන දේවල් ගැන යම් සටහනක් මෙම ලිපිය ආරම්භයේද පැවසූ   NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි... ලිපියේ ඇත. පිනෝචේ පමනක් නොව ඉතිහාසයේ හමුවෙන සියළුම කෲර පාලකයන් ගැන ලැයිස්තු ගත කිරීමට ගියහොත් ඔබගේත් මගේත් ජීවිත කාලයත් සමහර විට මදිවේවි. ඔබ සත් සමුදුර මුල සිට කියෙව්වා නම් එහි මෙම සියළු පාර්ශව කෙරේ මැදහත් සිතින් යුතුව විමසා ඇති බව වටහා ගනීවි. එසේ නැතුව මෙවැනි අදහසක් ඔබ පලකිරීම "පිටස්තර ජීවියෙකු සහරා කාන්තාරයට පැමිණ පෘතුවිය ජීවයෙන් තොර ග්‍රහලෝකයක්ය" යන නිගමනයට එළඹීම වැන්නක් නොවෙද? තවද ඔබ බලාපොරොත්තුවෙන් පැමිණියේ ඔබ අදහස් කරන පරිදි සත් සමුදුර නැමති ඇමරිකානු වැසිකිලි වලට පිවිස තළු මර මරා ඇමරිකාවට, බටහිර අධිරාජ්‍යවාදයට, බටහිර කුමන්ත්‍රන වලට අන්තගාමී ලෙස  දොස් පවරනු දකින්නටද?

මෙන්න තවත් ඉතිහාසය "හොදින්" හැදෑරු මිතුරෙක් දුන් කමෙන්ටුවක්;
//ඉතිහාසය දන්නෙනෑතුව කරපු නියම ජෝක් කමෙන්ට් ටිකක් තියනවා.
සෝවියට් හමුදාව ලොකු පොඩ් බේදයකින් තොරව ස්ත්‍රී දූශන කලානම් බර්ලිනය සහිතව ජර්මනියේ නෑගෙනහිර කොටස සමාජවාදය පිලිගත්තේ ඈයි?ජර්මන් ගෑනු රුසියන් කාරයන්ව වරදට පොලබවගත්තද දන්නෑ.
JRපප්පා ඉතිහාසය වගේ දේවල් පෙලපොත්වලින් අයින්කිරීමේ ප්‍රතිපලය තමයි මේ.
නියමඉතිහාසය නොදෑන බෝතල්-පත්තරකාරයෝ දේශපාලන කන්නඩි දාගෙන ලියන පච හෑලි ඈත්තසේ පිලිගෑනීම.
ඵහෙමනෑත්නම් බටහිර මාද්ය කියන හෑමබොරුවම ඈත්ත කියලා හිතීම මාර චාටර්.
අනික ඈමරිකාව 2වන ලෝක යුද්දයේ නියම සතුරාවන ජර්මනිය අත ඈරලා අසියාතික ජපානයටම පරමානු බෝම්බය දෑම්මේ ඈයි?
සතුරා උනත් සුදුහමට තියන නිසා කියලත් කතාවක් තියනවා.//


මෙන්න මෙහෙමයි ජර්මනිය දෙකඩ වීම හා නැගෙනහිර පැත්ත සමාජවාදී වුනේ එය මේ ලිපියට ප්‍රධානවූ පොතෙත් දැකගන්න පුළුවන්. ජර්මනිය දෙකට බෙදීම තීරණය වුනේ යුද්දය කෙරීගෙන යන අතරතුරයි. යුද්ධයෙන් පසු ජාත්‍යන්තරය හා ජර්මනියේ ඉරණම කෙසේවිය යුතුදැයි යුද්දයට පෙර අවස්ථා ගණනකදී මිත්‍ර පාර්ශ‍වයේ රටවල් වල නායකයන් අතර සමුළුවශයෙන් පැවැත්වුන අතර එහි තීරණාත්මක අවස්ථාව 1945 පෙබරවාරියේ යාල්ටාහි පැවති සාකච්ඡාවයි. එහිදී ජර්මනිය අත්පත් කරගත් ප්‍රදේශ වශයෙන් දෙකඩ කොට බටහිර පැත්ත ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ බටහිර පාර්ශවය වෙතටත් නැගෙනහිර කොටස සෝවියට් පාලනයටත්, බර්ලින් නගරය මෙම සියළු ජාතීන්ගේ පාලනයටත් නතුකිරීමටත්ය. මෙන්න ඒ ගැන සටහන් කරන ලද විකිපිඩියා සටහනට අදාල සබැදිය. මෙසේ සමාජවාදය ස්ථාපිත කල නැගෙනහි‍ර ජර්මනියේ ‍සෝවියට් හිතවාදී රූකඩ ආණ්ඩුවක් පිහිටවූ අතර නැගෙ‍නහිරි යුරෝපයේ සෝවියට් දේශයට අයත් නොවූ රටවල් බොහෝමයකම නැගෙනහිර ජර්මනියේ වැනි සෝවියට් හිතවාදී රූකඩ ආණ්ඩු පිහිටවනු ලැබූහ. මෙම තත්වයෙන් ගැලවී සිටියේ Josip Broz Tito නැතහොත් Marshal Tito ගේ නායකත්වයෙන් යුතුවූ යුගොස්ලෝවියාව පමණක් වූ අතර Tito නොබැදි ව්‍යාපාරයේ පළමු මහලේකම්වරයාද විය.
http://en.wikipedia.org/wiki/Yalta_Conference
http://en.wikipedia.org/wiki/Josip_Broz_Tito
Marshal Tito

යුගොස්‍්ලෝවියාව කැබලිවලට කැඩීයාමට පෙර
දෙවැන්න ස්‍ත්‍රී දුෂනය ගැනයි. ඔබ පවසනා අයුරින් මෙම හමුදාවේ සිටින්නට ඇත්තේ සියළු කෙලෙස් ප්‍රහීන කල අඩුම තරමින් සෝවාන්භාවයට හෝ පත්වූ පුන්‍යවන්තයන් විය යුතුය. ඔවුන්ට සිය පීතෘභූමිය (සෝවියට් දේශය හදුන්වන්නේ පීතෘ භූමිය ලෙස බවද සලකන්න.) පර ජර්මානු සතුරන්ගෙන් මුදවා ඔවුන්කෙරේ වෛරය උපදවා ගන්නේ නැතුව, එහිදී තමන්ගේ රටේ කාන්තාවන්, ලමුන්, මහල්ලන් යන නිරායුද මිනිසුන්ට 1941 Operation Barbarossa නම් මෙහෙයුමේ පටන් දුන් වද වේදනා අමතක කොට වෛරයෙන් වෛරය නොසන්සිදේ යන පෙරදිග බෞද්ධ උතුම් ආකල්පය පෙරදැරි කරගෙන ජර්මනියට කඩා වැදී, ඔවුන්ගේ අවි ගත්තන්ට පමනක් ලාවට පොඩි ෂොට් එකක් දී කාන්තාවන් කෙරේ අතිමහත් වූ ගෞරවයකින් යුතුව හිට්ලර් නම් මරුමුස් මිනිසාට "කැමති නම් අපට භාර වෙන්න. භාරවී අප සමග නැවත ජර්මනිය ගොඩනගන්න එකතුවෙන්න" යයි පැව‍සුවේ කියාද? එසේ කී විට හිට්ලර් තමන් කල දේවල් පිළිබදව අතිමහත් ලෙස ලැජ්ජාවට හා ශෝකයට පත්වී තමන් විසින්ම සියදිවි නහගත්තා කියාද? මෙම දුඛිංත දේවල් දැකීමෙන් සියල්ල හැරදා යන්නට ගිය සෝවියට් සොල්දාදුවන්ට බලෙන්ම ඇදගෙන ගොස් ඔවුන්ව දූෂනය කර ඔවුන්ට ජර්මනියේ නැවතීමට සිත් පහල කරවා ගෙන අපි නම් කැමති සමාජවාදයට යයි කියා ඔවුන් ලවා අල්ලපු වත්තේ බටහිර ජර්මනියේ සුඛවිහරණ දැක පැනයන්නන් වැලකීමට 1961 දී බර්ලින් තාප්පය නම් පවුරක්ද බදවා ගෙන එය 1989 දක්වා හුණු පිරියම් කොට නිරතුරුව නඩත්තු කොට තමන් විසින්ම කටුකම්බ් හා අනෙකුත් බාධක යොදවා ගෙන සිටියාදැයි කියාද? කරුණාකර මොන ඉතිහාස පොතේද එම කරුණු තිබෙන්නේ? කරුණාකර අපිටත් දැනගන්නට මූලාශ්‍ර සපයන්න. තවත් දෙයක් කිව්වොත් හොදයි කියා සි‍තේ නැගෙනහිර පෙරමුනෙන් සෝවියට් හමුදා ජර්මානු ප්‍රහාරද නොතකා ඉදිරියට ජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදෙන විට පසුබැස ගිය ජර්මානු සේනාංක වල ලක්‍ෂ ගණනක් වූ සොල්දාදුවන් සිය ජනරාල්වරුද පෙරටු කොටගෙන ඇමරිකාව ප්‍රමුඛ බටහිර පෙරමුණට ගොස් භාර වී ඇත්තේ තමන් සෝවියට් සොල්දාදුවන්ට භාරවන්නට ගියහොත් ලැබෙන "සැලකිලි" ගැන දන්නා බැවිනි. ඒ ගැනත් සටහන් ඇති පොතක් ඉදිරියේදී පල වන ලිපියකදී ඉදිරිපත් කරමි.
Operation Barbarossa නම් මෙහෙයුම සිදුවූ ආකාරය
මේ අල්ලපු වත්තේ සිටින සිය මවට කතා කරන දියණියක් නොවේ. නැගෙනහිර ජර්මනියට වඩා ජීවන තත්වය බටහිර ජර්මනියේ යහපත් වූයෙන් එම පැත්තට පැන ගිය දියණිය තවමත් නැගෙනහිර පැත්තේ සිටිනා සිය මවට කතා කරනා සේයාවරුකි

මේ නැගෙනහිර ජර්මානු‍ සීමාව රැකගැනීමේ යෙදී සිටි සොල්දාදුවන් විසින් වසර 28 ක් තිස්සේ තමන් විසින්ම ආරක්‍ෂා කල බර්ලින් පවුර බිද දමන අයුරුයි දිනය Nov. 11, 1989
(බර්ලින් තාප්පය ගැන ලිපියක් 2011 සැප්. 06 ලක්බිම පුවත් පත සමග පැමිණි සමුදුර පුවත් පතේ ඇත)‍.
තවද වැඩිදුරටත් කිවයුත්තේ මෙහි ඔබ නිග්‍රහ කර ඇති මෙම //සෝවියට් හමුදාව බර්ලින් නගරයේ විසූ කුඩා දැරියගේ සිට වයසක මැහැල්ල දක්වා වූ බහුතරයක් කාන්තාවන් දූෂණයට ලක් කළ බව සඳහන් වෙනවා. එහි අගය 95,000-130,000 පමණ වන බව සඳහන් වේ. // අදහස සම්බන්ධයෙන් එය සදොස් යයි ඔබ අදහස් කරන්නේ නම් එය සනාථ කල හැකි මූලාශ්‍ර වෙතොත් කරුණාකර සදහන් කරන්න..

කෙසේවෙතත් බටහිර මාධ්‍ය කියනා සෑම දෙයම ඇත්ත කියා මා නම් කෙබදු අවස්ථාවකවත් සිතා නොමැති අතර, ඔබ එසේ කවදා හෝ පිළිගෙන ඇද්ද?

එසේම ඔබ කියනා පරිදි නියම සතුරා වන ජර්මනිය ‍මඟහැර ජපානයට පරමාණු බෝම්බ දැමු බවට චෝදනා කරන්නේ ජර්මනිය මිනිසුන් සුදු හම ඇති නිසා බවයි.
මෙන්න ඔබ දැනගත යුතු කරුණු ජර්මනිය යටත් වී සමස්ථ‍ දෙවන ලෝක යුද්ද භූමිකාවෙන් 1945 මැයි 01 වනදා ඉවත්වීම සිදුවිය (http://en.wikipedia.org/wiki/End_of_World_War_II_in_Europe). නමුත් ජපානය යුද්දයෙන් ඉවත්වීමක් සිදුනොවීය. එසේම දෙවන ලෝක යුද්දයේ නිමාව පෙනෙන අවස්ථාව වන විට සෝවියට් දේශයේ බලපරාක්‍රමය හොදින් පෙනෙන්නට වූ අතර ජපානයට එරෙහිව යුද්දයේදීද සෝවියට් සහය අවශය බව එංගලන්තයට හා ඇමරිකාවට පිළිගැනීමට සිදුව තිබුනි.මන්ද ඒ වන විට පරමාණු බෝම්බය සොයා ගෙන නොතිබූ නිසා මෙන්ම මරාගෙන මැරෙන්න තරම් නිර්භීත තත්වයක් පෙන්වූ මෙන්ම සිය පූර්ණ හමුදා ඇදුමෙන්ම පැමිණ යුද පෙරමුණ මෙහෙයවූ ජපාන ඉහල නිළධාරීන්ගේ යුදකාමීත්වය නිසා සිය පාර්ශවයේ සිදුවිය ජීවිත හානි අතිමහත් සංඛ්‍යාව පිළිබදව මෙම රටවල බියක්ද විය.. එසේම සෝවියට් ‍දේශයද තම සාම්ප්‍රධායික සතුරාවන ජපානයෙන් පලි ගැනීමට අවස්ථාවක් සොයමින් සිටි අතර 1904-1905 කාලයේදී ජපානය හා එවකට රුසියාව අතර මැන්චූරියා සටනින් ජපානයට ජය අත්ව තිබින.‍ මෙන්න ඒ ගැන දැනට මෙතනින් දැන ගන්න. පසුකලෙක සත් සමුදුරේ ඒ ගැනද සවිස්තර ලිපියක් ගෙන එන්නම්. http://en.wikipedia.org/wiki/Russo-Japanese_War. මුලදී මෙම තත්වය තිබුනත් පරමාණු බෝම්බය සොයා ගැනීමත් සමගම මෙම තත්වය වෙනස් වන්නට විය. එහිදී සෝවියට් දේශය යම් හෙයකින් ජපානය ආක්‍රමණය කර එම යුද්දය ජයග්‍රහණයෙන් පසු එයද කොමියුනිස්ට් රටක් බවට පත්වීමත්, රුස්වෙල්ට්ගේ හදිසි අභාවයෙන් පසුව පත්වූ ටෲමන් ජනාධිපතිවරයාට අන්තර්ජාතික කටයුතු කෙරේ එතරම් නිපුණතාවයක් නොතිබුනා මෙන්ම ඔහුට ඉක්මනින් යුද්දය නිමා කිරීමේ අවශ්‍යතාවයත් මත තමන් අළුතින්ම සොයාගත් භයාණක ආයුධය ජපානය මතට හෙලන්නට තීරණය කලහ. මෙම කාරණ වලට අදාල තවත් විස්තර මිනිසා විසින් සිදු කර ඇති ලොකුම න්‍යෂ්ඨික පිපිරීම ලිපියේ සහ එහි ක‍මෙන්ටු වල අන්තර්ගතවේ.

ජපානයට පරමාණු බෝම්බ දැමීමෙන් සිදුවූ අතිශය බිහිසුනු අත්දැකීම ඉතාමත් නින්දිත මෙන්ම කිසිසේත් අනුමත නොකරන අතර අතිශයින් යුදකාමී ජාතියක් වූ ජපානය දෙවන ලෝක යුද සමයේදී ඔවුන් අත්පත් කරගෙන සිටි චීනයේ පිහිටුවා තිබූ Unit 731 නම් සේනාංකය මගින් සිදුකරන ලද අතිඅමානුශික අත්හදා බැලීම කියවන විට පවා බියට  පත්කරවන සුළුය.
http://en.wikipedia.org/wiki/Unit_731
http://naturalplane.blogspot.com/2010/02/japans-unit-731-auschwitz-of-east.html
ජපාන Unit 731සේනාංකයේ කෙරුම්කාරකම්
එසේම ඔවුන් විසින් යටත් කරගත් රටවල් ගණනාවක කාන්තාවන් සිය සොල්දාදුවන්ගේ මනදොල පිනවීමට නැතහොත් ලිංගික වහලුන් (Comfort women) ලෙස යොදාගත් අතර එම තත්වය නැගෙනහිර ආසියාතික රටවල් ගණනාවක තිබූ අතර එයින් කොරියානු අර්ධත්වීපය එයින් සුවිශේෂ විය. මෙන්න ඒ ගැනත්
http://en.wikipedia.org/wiki/Comfort_women
http://en.wikipedia.org/wiki/Japanese_war_crimes
http://www.religioustolerance.org/sla_japa.htm

දැන්වත් ඔබ ඉතිහාසය පිළිබදව යම් අවබෝදයක් ලබා ගත්තේද?

මෙන්න මේ ඇනෝනිමස් කමෙන්ටු වල ඇති මේ කොටස්  වලට පිළිතුරක් දීමට බලාපොරොත්තුවන අතර ඉතිරි ඒවා බොහෝමයකට රවී විසින් මොහුට මධ්‍යස්ථ පිළිතුරු ලබා දී තිබූ අතර මොහු ඒවා පිළිගන්නවාද ? නොගන්නවාද? යන්න ඔහුගේ කටයුත්තකි.

 //අනික ඔය ඔරලෝසු ගල්කරපුවා,රේප් කේස් ගෑනත කියන්න ඔනේ.රතු හමුදාව කියන්නේ බොහොම විනයවත් හමුදාවක්.නෑත්නම් මෙහෙම ජයග්‍රහනයක් ලබන්නත් බෑ.තමන්ගේ සතුරගේ ජයග්‍රහනයට ඵරෙහිව ඈමරිකන් මාද්ය හෑසිරෙන්නෙ බොහොම වියරු විදියට.//
//දෙවන ලෝක යුද්දයේ රුසියානු පසෙන් සටන්කරපු ෆිල්ඩ් මර්ශල් ශුකොව්,ප්‍රකට ස්නයිපර්කරු වසිලි සයිට්සේව්,ලුඩ්මිලා පව්ලිචෙන්කෝ,නීනා ඔලනීවා වගේ වීර සෙබලසෙබලියන් ගෑන කියවන්න, ලියන්න.//


//උදාහරනයක් ගන්න සෝවියට් ජනතාව නෑපෝලියන් හා හිට්ලර් පෑරදවීමේ ප්‍රදාන සාදකය කටුක සීතල බව කීම විහිලිවට කරුනක්.//

//අනික මේ ආන්ඩුවෙන් ල0කවට ලෑබුනු දේවල් දන්නවාද?ජර්මන් ටෙක් ඵ්ක,වානේ ස0ස්තව ව්ගේ දේවල් ලෑබුනේ ඵ් ඵ්කාදිපති ආන්ඩුවෙන් තමා.//

//මා සදහන්කල බොහෝ විස්තර විකීපීඩියාවෙන් උවද ලබාගන්න පුලුවන්.අවාසනාවකට තාක්ශනය ගෑන ලොකු දෑනීමක් නෑති අපට ලින්ක් දාන්න නම් තේරෙන්නෑ.සෑකනම් විකීපිඩියාවට ගොස් බලන්න.//

//දෑනුම ගනිකා වෘත්තියේ යෙදවීම මෙය නොවෙද?//

//අවසාන වශයෙන් මෙසේ ලියමි.මට රුසියානුවන් වෙනුවෙන් පෙනීසිටීමට කිසිම කෑසිල්ලක් නෑත.
නමුත් හුදෙක්ම් බටහිර මාද්ය වාර්තාමත පදනම්ව ලිවීමෙන් ඉතිහාසය විකෘති වෙනවා පමනක් නොව ද්‍රෝහීන් වීරයන් වී වීරයන් ද්‍රේහීන්වේ.
ඔබල දෑන හෝ නොදෑන කරමින් සිටින්නේ ඵයයි.
තමන්ගේ දිවිකුසුම සකල ලෝකවාසී ජනයා වෙනුවෙන් පරිත්යාග කල නියම වීරයන් යටගොස් කාඩ්බෝඩ් රම්බෝ වීරයන් උඩ දෑමීමට විරුද්දව ලීවෙමි.//

ඔබේ බසින්ම කියනවා නම් ඔරලෝසු ගල් කරපු සිද්ධිය ගැන ඉදිරියේදි අදාල මූලාශ්‍රය නැවත සොයා ගත් වහා පිළිතුරු ලබාදෙන්නම්. රේප් කේස් පිළිබදව ඔබට ඔතරම් සහතිකයක් දෙන්නට තරම් නිවැරදිවම ලැබුන දත්ත කරුණාකර ඉදිරිපත් කරන්න.මේ පිළිබදව යම් විස්තරයක් මෙම ලිපියේ පෙරදීද මා කියූ අතර එසේ බෝසත්වරු සටන් කල හමුදාවක් පිළිබදව ඔබ දෙන චරිත සහතිකය අපට පිළිගැනීමට එය ඉතා වැදගත්ය. නමුත් ඇමරිකානු හමුදාවේ සිටියේ මහ වල් පෝරිසා‍දයෝ පිරිසක් විය යුතුය. මන්ද ඔවුන්ගේ ආණ්ඩුව මෙම කාලවකවානුවේ  ඔවුන් ඉලක්ක කර ගනිමින්ම සමාජ රෝගවලින් වැලකී සිටීමට අවශ්‍ය පණිවිඩ රැගත් පෝස්ටර් පෙලක්ම ඉදිරිපත් කරන ලදි. සත් සමුදුරේ පලවූ අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters ලිපියේ තිබුනේ එම පෝස්ටර් සමූහයයි.

තවද එකල සෝවියට් දේශ‍යේ බහුතරයක් ශක්තිමත් පිරිමින් යුද භූමිය කරා යැවුන අතර කාන්තාවන් නිර්භීත ලෙස ගොවිතැන් කටයුතු, අවි ආයුධ නිශ්පදනය කරනා ලද බව මධ්‍යස්ථව හා ප්‍රශංසා කරමින්ම පෙන්වන්නේ ඔබ ‍චෝදනා කරනා බටහිර මාධ්‍යන් වන BBC ආයතනය මගින්ම නිපදවා ඇති World at the War වාර්තා චිත්‍රපටියෙන්මය. තවද ඔබ කියනා අයුරින් මූලික හමුදා පුහුණුවක් විනා ඔවුන්ට සදාචාරය හා විනය උගන්වමින් කාලය ගතකරන්නට එදා ස්ටාලින්ට වෙලාවක් නොතිබුනි. එසේ කරා නම් ඉතිහාසය ලියන්නට වෙන්නේ වෙනත් අයුරකින්ය.

එසේම ඔබලා දේවත්වයෙන් හා අන්ධභක්තියෙන් සලකන්න යයි නිර්දේශකරනා ජෝස‍ෆ් ස්ටාලින් 1932-1933 කාල වකවානුවේ යුක්රේනයේ අතිවිශාල මිනිසුන් සංඛ්‍යාවක් කෘත්‍රීම සාගතයකට ලක්කර මියයාමට සැලැස්වීම ගැන කියන්නට කරුණු තිබේද? (මේ මියගිය සංඛ්‍යාව බොහෝ මූලාශ්‍ර වල මිලියන 7 ක් ලෙස දක්වා තිබෙන බවද සලකන්න. වැඩිදුරු විස්තර සදහා පහත දැක්වෙන සබැදියන් පරීක්‍ෂා කරන්න. මෙම  මිනිසුන් මියගියේ ගුලාග් කදවුරු වල මියගිය මිනිසුන්ට පරිභාහිරවය).
http://en.wikipedia.org/wiki/Holodomor
http://www.infoukes.com/history/famine/
http://www.infoukes.com/history/famine/gregorovich/
http://www.historyplace.com/worldhistory/genocide/stalin.htm
1932-1933 සාගතයට ගොදුරුව මන්දපෝෂනයට
ලක්වූ යුක්රේන දරුවෙක්
ඒ වගේම එම ලිපියේ කිසිම තැනක සෝවියට් හමුදා අවතක්සේරුවට ලක් කර නොමැති බවද කිවයුතුය. ඔවුන් කරනා ලද කැපකිරීම් හා නිපුනත්වය සැමදා ලෝ වැසි දනන් ගේ සිත් තුල තැන්පත්ව ඇත. ශීතල යනු එම සංග්‍රාමයේ එක් සාධකයක් පමණි. දැවැන්ත ජර්මානු බලඇනි වේගයෙන් ඉදිරියට ගමන් ගත් අතර ඔවුන් එක් තැනක කදවුරු බැද සිටි හමුදාවක් නොවේ. මේ බව ඔබට තවදුරටත් දැනගැනීමට අවශ්‍ය නම් ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ලියා ඇති දේශපාලන විග්‍රහය පොතද කියවන්න. එහි මෙම යුද්දය කෙරුන ආකාරය ඉතාමත් සිතට දැනෙන අයුරින් විග්‍රහ කර ඇත. එසේ  ඉදිරියට ඇදෙන සුවිශාල හමුදාවකට නිරතුරුවම ආහාර, ඖෂධ, ඇදුම් පැලදුම් සහ අනෙකුත් අවශ්‍යතා මෙන්ම පතරොම්, අකර්මණ්‍ය තත්වයට පත්වන ආයුධ වෙනුවෙන් නව අවි ආයුධ නිරතුරුවම සැපයීම හිතනා තරම් සරල පහසු දෙයක් ලෙස ඔබ සිතන්නේද?  ලෝකයේ විශාලම රටවු සෝවියට් දේශයේ රට අභ්‍යන්තරය තුලට ඇදෙන සුවිශාල හමුදාවකට ශීත ඍතුවේදී සැපයීම් කටයුතු කරන්නේ ඒ කාලයේ මොන ආකාරයෙන්ද? ඔබ හිතනා තරම් සැලසුම් සහගත බවක් යුද්දයේ මුල මෙන් පසු කාලෙක ජර්මානු පාර්ශවයෙන් යුතු නොවූ අතර යුද බූමියේ අත්දැකීම් ඇති ජනරාල්වරුන්ගේ නිර්දේශද බැහැරකරමින් හිට්ලර් තමන්ගේ අභිමතය පරිදි අවසාන කාලයේ යුද්දය මෙහෙයවූ බවට සාක‍්‍ෂි ඇතුලත් පොතක් පිළිබදවද ඉදිරියේදී සත් සමුදුරේ පල කරන්නෙමි.

ඔබද සදහන් කරන ප්‍රකට ස්නයිපර්කරු වසිලි සයිට්සේව් ගැන Enemy at the Gates නම් ඔහුට ප්‍රශංසා කරමින් චිත්‍රපටියක් මෑතකදී හැදුවේ බටහිර හොලිවුඩ් සිනමාවෙන් බව ඔබට අමතකද? නැත්නම් උවමනාවෙන් අමතක කලාද? එහි ස්ටාලින් ගැනද ඉතාමත් ගෞරවයෙන් යුතුව සදහන් කරන බව ඔබ දන්නේද?

තවද දෙවන ලෝක යුද්දයේ ජර්මානු Generalfeldmarschall Rommel ගේ ප්‍රතිවාදියා වූ ඇමරිකානු ජනරාල් George.S.Patton පිළිබදව චිත්‍රපටියක් තැනුවේද මෙම බටහිර හොලිවුඩ් සිනමාවෙන්ම වන අතර එහිදී ඔහුගේ හමුදාමය දක්‍ෂතා කොතෙක් තිබුනද ඔහුගේ දුර්වලතා, කටමැත දෙඩවීම හා අහංකාරකම, හේතුවෙන් තරු හතරේ ජනරාල් වරයෙකු වී සෑහීමටත්, තමන්ට වඩා කනිෂ්ඨ වූ ජනරාල් Omar Nelson Bradley ට දෙවැනි වන්නට සිදුවූ බව පෙන්වන චිත්‍රපටියකුත් තනා ඇති බව දන්නේද? ඔවුන්ට අවශ්‍යවුනි නම් සිය හමුදා නායකයාගේ දක්‍ෂතා පමණක් පෙන්වන චිත්‍රපටියක් තනන්නට තිබුනා නේද?

ඇමරිකානුවන් වියට්නාමයේ අනාගත් බව කවුරුත් දන්නා දෙයකි. නමුත් එහි ලැජ්ජාව යම් පමනකින් වසා ගැනීමටයි රම්බෝ වැනි චිත්‍රපටි තැනුවේ. ඒ එක්කම යුද්දයේ ඇමරිකානු නිරුවත පෙන්වන Platoon කියා චිත්‍රපටියකුත් ඔබට පිළිකුල් බටහිර විසින්ම තනා ඇති බව අමතකද? මෙයද ප්‍රමාණවත්නොවේ නම් වියට්නාම යුද්දය පිළිබදව සමබර දැකීමක් ඇති We Were Soldiers චිත්‍රපටියත් බලන්න.

 ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය එහෙමත් නැත්නම් කවුරුත් දන්නා ජර්මන් ටෙක් ආයතනය ලංකාවට ලැබී ඇත්තේ බටහිර ජර්මනියෙනි. එහෙමත් නැත්නම් ධනවාදී ජර්මනියෙනි. ඔබට කවුරුන් එය නැගෙනහිර ජර්මනියෙන් ලැබුනාදැයි පැවසුවේදැයි නොදනිමි. මේ එම ආයතනයේ වෙබ් අඩවියේ History of CGTTI සබැදියට ගියවිට මුලින්ම දක්වා ඇත්තේ එයයි. මෙන්න එය තවදුරටත් පැහැදිලි කරගැනීමට;

මෙහි Federal Republic of Germany යනු එකල බටහිර ජර්මනියයි.
http://en.wikipedia.org/wiki/West_Germany

නැගෙනහිර ජර්මනිය හදුන්වන නිල නාමය  German Democratic Republic වේ.
http://en.wikipedia.org/wiki/East_Germany

ඔරුවල වානේ සංස්ථාව නම් 1961 දී සෝවියට් දේශයෙන් ලැබන බව නම් සත්‍යයකි.

අවශ්‍ය නම් මෙම කොටස ලබා ගත් ලිපියේ සබැදිය මෙයයි. 

මෙම කරුණු පවා ඔබ හරිහැටි අධ්‍යයනය කොට නොමැතිබව දැන්වත් පිළිගන්නවාද? මෙම ආයතන අපේ රටේ මිනිසුන්ගේ නැණනුවන වර්ධනය කරගන්නටත්, අපේ රටේ සංවර්ධනයටත් දායක වූ බව අවංකව මාද පිළිගන්නා අතර ඒවා ලබා දීම ගැන ඒ රටවලට ස්තූතියවන්ද වෙමි. එහෙත්  මේවා මොන රටෙන් ලබා දුන්නද ඒවා ලබා දුන් රටවල යම් කිසි ඉතිහාසගත අපකීර්තිමත් සිද්ධි යට ගැසීමට හෝ ඒවා සිදුනොවූවායැයි කීමට අල්ලසක් ලෙස සලකන ලෙසටද ඔබ මෙම කරුණ කමෙන්ටුවට ඇතුලත් කිරීමෙන් අදහස් කලේ?

ඔබට ඇයි සාක්‍ෂි ඉදිරිපත් කල නොහැක්කේ. ඒ සදහා දැනුම මදියයි කියන්නේ මන්ද? විකිපිඩියා වල ඔබ දේවභාෂිතය මෙන් ගරු කරන සත්‍ය තිබේනම් එහි සබැදියන් පිටපත් කර කමෙන්ටුව සමග අලවා ඉදිරිපත් කල නොහැක්කේ මන්ද? එයට දැනුම අවශ්‍ය නම් එයද නොසඟවා ලබා දීමට සූදානම් බවද සදහන් කරනු කැමැත්තෙමි.

//දෑනුම ගනිකා වෘත්තියේ යෙදවීම මෙය නොවෙද?// යන්නෙන් ඔබ අදහස් කලේ ඔබගේ මිත්‍යදෘෂ්ඨික ඉතිහාස දැනුම වපුරන්නට සහ ඒවා අනුමත නොකරමින් ඉතිහාසය විකෘතිකරන්නට ඉඩ නොදී මධ්‍යස්ථව මත පල කරන නිසාද?

දෙවන ලෝක යුද්දයේ ස්ත්‍රී දූෂන ගැන ඔබ දෙන චරිත සහතික නිසා 90 දශකයේ යුගොස්ලෝවියාවේ සිදුවූ බොස්නියන් යුද්දයේදී එනම් ප්‍රධාන වශයෙන් Bosnia and Herzegovina යන ප්‍රාන්ථ රාජ්‍ය දෙක අතර සිදුවු යුද්දයේදී ස්ත්‍රී දූෂනය යනු නිතරම කියවෙන මෙන්ම එම යුද්ධයේ දැඩි කම්පනයට ලක්කල අතුරු සිදුවීමක් විය. එහිදී 20-30 වතාව දූෂනය වූ ගැහැණුන් ගැන කියවුන අතර ඇතැම් විට අවුරුදු 10 කුඩා දැරියේ පටන් 60-70 මහළු වයසේ කාන්තාවන් පවා ගොදුරු විය. මෙය එම යුද්දයේ සුලභම සිදුවීමක්ද කි‍යතොත් එය නොකරනා හමුදා සෙබලෙක් එම පාර්ශ්ව වල සොයාගැනීමට නොහැකි වූ තරම් බව කියයි. ඒ දිනවල එක් සෙනසුරාදාවක උදෑසන අප ‍රටේ ගුවන් විදුලි නාලිකාවක එම යුද්දය පිළිබදව ගෙන එන ලද වැඩසටහනක් අසන්නට ලැබුනි. එහි සංක්‍ෂිප්තය මෙසේය. එම යුද්දයේ එක් පාර්ශවයක කුඩා සොල්දාදුවන් කණ්ඩායමක් ගමකට කඩා පැන එහි කාන්තාවන්ට අතවර කරන්නට වී ඇති අතර ඇතැම් අය එක් කාන්තාවක් පමණක් තෝරා ‍ගෙන එක් භටයෙකුට පසු තවත් භටයෙක් පැමිණ අතවරයට ලක්කර තිබේ. මෙම සිද්ධිය මෙසේ සිදුවෙද්දී එක් භටයෙකු තම කාර්යය කර ගෙන අහවර වූ පසු අනෙකා එම ස්ථානයට පැමිණ එම කාන්තාව දෙස බලා සිට මෙසේ කියා ඇත " මට ඔයාට ඒ දේ කරන්නට බැහැ. මොකද ඔයා මගේ වැඩිමහළු සොහොයුරිය වගේමයි. හැබැයි මට පස්සේ එන කෙනාට මම මුකුත් නොකර ගියැයි කියන්නට එපා. ඔවුන් මට හිනාවේවි". ස්ත්‍රී දූෂනය එතරම්ම එම යුද්දයේ ‍පොදු සාමාන්‍ය දෙයක් වී තිබූ බව පෙනේ. එහෙත් එයින් හැම රටකම හමුදාව මෙසේ කරනා බවත් නොහැගෙන අතර අපේ ලංකාවේ හමුදාවේ ක්‍රියාත්මක වූ විනය හා අපේ රටේ පවතින සංස්කෘතික බැදීම් නිසා මෙවැනි සිදුවීම් ඉතාමත්ම අල්ප විය. 

එහෙත් දෙවන ලෝක යුද්දය පැවති සම‍යේ මානව හිමිකම් ගැන තැකීමක් හෝ අන්තර්ජාතිකව යුද අපරාධ විමසීමේ සංවිධාන ව්‍යුවහක් නොතිබූ නිසා එම යුද්දයට සම්බන්ධ වූ සෑම පාර්ශ්වයකටම අවශ්‍යව තිබුනේ සතුරාට කල හැකි උපරිම හානිය කර තමන්ගේ ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමයි. නැතුව එකල විනය රැකගනිමින්, තමන්ගේ හමුදාව කරනා යුද අපරාධ වලට දඩුවම් දීමට වඩා ඔවුන්ට වැදගත්වූයේ යුද්දයට බියෙන් පැනයන සොල්දාදුවන්ට දඩුවම් කිරීමයි. ඉතින් මානව හිමිකම් තහවුරු කල මෙන්ම, විවිද අන්තර්ජාතික සංවිධාන වලින් ඒ සමබන්ධයෙන් කටයුතු කරනා 90 දශකයේ තත්වය එලෙස නම් ලෝකයේ බහුතරයකගේ වෛරයට පාත්‍රවී සිටි ජර්මන් රටේ මෙවැනි සිදුවීම් එකක් දෙකක් හෝ සිදුනොවුනි නම් එම ආක්‍රමනිකයන් අනිවාර්යයෙන්ම බෝසත් ගුණ ඇති මිනිසුන් විය යුතුය.

දැන් මෙම දීර්ඝ පැහැදිලි අවසන් කරන්නෙමි. ඔබ කියනා අයුරින් කිසිදුවිටක වීරයන් යට යවන්නටත් කාඩ්බෝඩ් වීරයන් උළුප්පා තැබීමටත් මා හට හෝ මෙම ලිපිය කියවූ මධ්‍යස්ථ පාඨකයන්ට අවශ්‍ය නොවේ. අප සිදුකලේ ඉතිහාසයේ සිදූවූ සිදුවීම් ඔබ පිළිකුල් කරනා බටහිර මාධ්‍ය කියනා සැටියෙන්ම නොගෙන ඒවා තවදුරටත් පරීක්‍ෂා කර සමබරව ඉදිරිපත් කිරීමයි. ඔබට අප‍ගේ මතයන්ට අභියෝග කරනවා තබා ඔබ‍ගේ මතය ගැනවත් විශ්වාසයක් නැතිහැඩක් නම් පෙනේ. මන්ද ඔබට ඔතරම් ඔබ ඉදිරිපත්කරන කරුණු නිවැරදි නම් ඒවාට අවශ්‍ය සාක්‍ෂි වන ලිඛිත ලියවිලි හෝ වෙබ් අඩවි පිළිබදව ඉදිරිපත් කරන්නට නොහැකි මන්ද? එසේම ඔබට ඔබම ලෙස පෙනී සිටින්නට බැරි මන්ද? නිර්ණාමිකව, ව්‍යාජ ප්‍රතිරූපයක් මවා නොගෙන කරුණාකර ඔබගේ සත්‍ය ස්වරූපයෙන්ම කරුණු පිළිගත හැකි සාක්‍ෂි සමගම ඉදිරිපත් කරන්න.

පසුවදන :
සත් සමුදුරේ මෙබදු ලිපියක් කවදාවත් පලකරන්නට වේ යැයි සිහිනෙන්වත් නොසිතුවෙමි. එහෙත් දිගින් දිගටම අසත්‍ය ඉතිහාසයක් හා ඉතිහාසයේ සිදුවූ කරුණු විකෘති කර පල කරනා අදහස් වලට සාක්‍ෂි සමග  පිළිතුරු නොදී සිටීමෙන් වන්නේ සත් සමුදුර බලන්නට එන මෙම ඉතිහාස ගත කරුණු නොදන්නා පාඨකයන්ද සත්‍ය ඉතිහාසය ලෙස ඇතැම් විට මෙම අවිශ්වාස සහගත කරුණු පිළිගැනීමයි. මෙම ලිපියද ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්නට විවෘත අතර කරුණාකර පිළිගත හැකි සාක්‍ෂිද සමග තර්කයට එළඹෙන ලෙසද ඉල්ලමි. නැතුව නිර්ණාමිකව තැනින් තැනින් සම්බන්ධතාවයක් නොමැති කරුණු මෙන්ම අවලාද නැගීමෙන් අප කාගේවත් දැනුම වැඩිවීමට එය රුකුලක් නොවන බවද පවසනු කැමැත්තෙමි. එසේම මේ ලිපියෙන් පසු මා බටහිරගැති අයෙකු හෝ ඒවායෙන් ආධාර ලබන්නෙකු ලෙස ‍නොසලකන මෙන්ද ඉල්ලා සිටින අතර මෙම ලිපියෙන්ද බලාපොරොත්තුවූයේ සත් සමුදර මුල සිටම ගෙන ගිය මධ්‍යස්ථ මතය තව දුරටත් ඉදිරිපත් කිරීමයි. එසේම මෙයින් කිසිදු රටක්, රාජ්‍ය නායකයෙක්, සංවිධාන හෝ ආයතනයක් පහත් කිරීමකට හෝ අපහසුතාවයකට ලක්කිරීමේ අදහසක් නොවූ බවද කරුණාවෙන් සලකන්න. එසේම යමෙකුට මෙයින් සිත් රිදවීමක් සිදුවුනි නම් එය පිළිබදවද කණගාටුව ප්‍රකාශ කර සිටිම...




57 comments:

  1. ඔබේ දීර්ග ලිපිය කියවුවෙමි.බොහෝ දේවල් සමග එකග වෙමි.මා දන්නා අන්දමට ලොව කිසිදු හමුදාවක බෝසත්වරු හෝ සාන්තුවරු නොමැත.දුක සැප හදුනන සාමාන්‍ය මිනිසුන් ගෙන් ඕනෑම හමුදාවක් සමන්විතය.බොහෝ විට උපතින් ගෙනා වීරකම් ඇත්තෝද හමුදාවල ඉන්නේ ඉතා අල්ප වශයෙනි.යුද විරුවෝ බිහිවන්නේ යුද බිමේ ඒ අවස්ථාව අනුව යන්න මගේ වැටහීමයි.යුද බිමේ දරුණු ගැටුමකට මුහුණ දෙන සෙබලා එක්තරා නිර්වින්දන අවස්ථාවකට පත්වේ සිහිකල්පනාව හොඳින් තිබුනද.ඔහු තුලින් මරණ බය ඉවත් වේ.තම ආදරණීයන් අමතක වේ.තමාට වෙඩි පහරක් වැදුණු බව දැනෙන්නේද පසුවය.මෙවන් අවස්ථාවලදී යුද සෙබළුන් අසාමාන්‍ය කැපකිරීම් කරති.තම සගයෙකුගේ මල සිරුර ගෙන ඒම සදහා සෙබලෙක් තම ජීවිතය නොතකා ඉදිරිපත්වේ.මේ සෙබලා බොහෝ විට තම සේනාංකයේ සිටින ඉතා අප්‍රකටම මිනිසා විය හැකිය.ඔහු වීරයෙක් කරන්නේ අවස්ථාව විසිනි.මා මෙතෙක් කතා කලේ යුද බිමේ ඇතිවනමානසික තත්වයේ එක් පැත්තක් ගැනය.නමුත් එහි තවත් පැත්තක් ඇත එනම් වියරුවයි.එය පාලනය කර ගැනීම ප්‍රධාන වශයෙන් තමා සතු කාර්යක් වන අතර යහපත් අණදෙන නිලධාරීන්ටද තම සෙබළුන් ඒ වියරුවෙන් ගලවා ගත හැකිය.එසේ නොවුනහොත් සිදුවන්නේ විනාශයකි.සෝවියට් වේවා ජර්මන් වේවා මේ සියලු දෙනාම ඉහත මා කී මානසික තත්වයට පත් වෙන මිනිසුන්ගෙන් සැදී හමුදා වෙති.අවසන් වශයෙන් මෙය අපටද අදාල වෙන බව කිය යුතුය.

    ReplyDelete
  2. ස්තූතියි දිනේශ්,

    ඉතාම මධ්‍යස්ථ සහ හොඳින් කරුණු සොයාබලා ගොනු කල ලිපියක්. ඔබගේ මේ ලිපිය නිසා මගෙත් දෙවන ලෝක යුද්ධය පිළිබඳව කරුණු සොයා බැලීමට තිබූ කුතුහලය නැවත වරක් අවදි වූ බව නොකියාම බැහැ,

    ලංකා ජර්මානු කාර්මික ආයතනය ලංකාවට ලැබුනේ බටහිර ජර්මනියෙන් බව එම ආයතනයේ වෙබ් අඩවියේම සඳහන් බව මම ද දුටුවා. එහෙත් 1961 වැනි කාලසීමාවක එවකට තිබූ වමට බර ලංකා රජයට එවන් ආධාරයක් බටහිර ජර්මනියෙන් ලබාදේවිදැයි මට සැකයක් මතු වූ නිසා මා එය සඳහන් කලේ නැහැ. ජර්මන් කාර්මික ආයතනයේ ඉගෙනුම ලැබූ මිතුරකුගෙන් මේ පිළිබඳව විමසුවද ඔහුද මේ පිළිබඳව නිවැරදි තොරතුරක් දැන සිටියේ නෑ. ස්තූතියි දිනේෂ් ඔබේ කරුණු දැක්වීම පිළිබඳව.

    අවසාන වශයෙන් ඔබට නැවත වරක් ස්තූතියි දිනේශ්.........ලෝකය සහ එහි සිදුවීම් දෙස මධ්‍යස්ථව බැලීමේ වැදගත්කම නැවත වරක් ඉතා පැහදිලිව ඔප්පු කිරීම පිළිබඳව.........

    අපේ ඇනෝ මිතුරාගේ අමරණීය වීරයා වූ මාවෝ සහෝදරයාගේ සුප්‍රසිද්ධ කියමනක් උපුටා දැක්වුවහොත්.........

    Let a hundred flowers bloom, let a hundred schools of thought contend. Mao Tse-Tung

    දහසක් කුසුම් සුපිපේවා!!!....එසේම දහසක් අදහස් එකිනෙක ගැටේවා!!!,

    අපූරු අදහසක්........පොඩි කොස්සක් තියෙන්නෙ ඕක කියාපු මාවෝ සහෝදරය හැබැයි කිසි දවසක ඔහොම දේකට ඉඩක් නම් දුන්නෙ නෑ......හෙහ්, හෙහ්,

    ReplyDelete
  3. I agree with you. Go head

    ReplyDelete
  4. මම ඔබගේ හැම ලිපියක්ම ඉතා ආශාවෙන් කියවනවා. නමුත් කමෙන්ට් දමන්නේ නැත්තේ ඇත්තටම වෙලාව මදිකම නිසායි. හෙතුව ඔබ වැනි අයෙකුගේ ලිපියකට කමෙන්ට් එකක් දැමීමත් ලෙහෙසියෙන් කල නොහැක්කක්. එවැන්නන් සිටින්නේ කීප දෙනෙක් පමණයි අරුණිශපීරො, ඇල්කෙමියා, වැනි අය. කෙසේ හෝ මම දකින්නේ මොන විවේචන ආවත් සැලෙන්න එපා. මේ බ්ලොග් අවකාශෙ ඔබ වැනි අය තවත් බිහිවිය යුතුයි. මම ඔබගේ පිට කහනවා නෙමෙයි. මම අවංකවම කියන්නේ. මගේ මතය මේ විවේචනය කරන අය කරන්නෙත් විශාල සේවයක්. ඒ අය මේක සමබර කරනවා. අපි අපේ ලියන දේවලින් බ්ලොග් අවකාශය පිරිපුන් කරමු. ඔබ දන්නවානේ තාම අපේ රටේ මේක එතරම් පැතිරී නැති බව. ඒ නිසා මම හිතනවා හොඳම බ්ලොග් කරුවො තාම මේකට ආවේ නැහැ. අපි කොහොම හරි ඔවුන් මේ බ්ලොග් කෙරුවාවට කැන්දමු. ඔබගේ ලිපි වලින් දිනපතා විශාල දැණුමක් ලබනවා. බ්ලොග් අවකාශයේ සිටින හොඳම බ්ලොග්කරුවෙක් වෙන්නට ඔබට සුභ පැතුම්!

    ReplyDelete
  5. මොකක් සිද්ධ වුණත් අර බටහිර භීතිකාවක් මවාපාන කාණ්ඩය අදහන අයට ඉතින් කිසිවක් වටහාගන්න බෑ. හැබැයි හොඳම වැඩේ ඒ භීතිකාව මවාපාන අයත් පොඩ්ඩ නිදහස් වුණ ගමන් දුවන්නෙ බටහිරටමයි. උන්ව අදහන අය නිකම් අර විවේචන ඔඵවෙ තියාගෙන ලෝකය දකින්න හදනව. මේ දවස්වල සමහරුන්ට ඒකාධිපති භීතිකාවකුත් තියෙනව.
    බටහිර,නැගෙනහිර කියල නෑ කොතනත් ඉන්නෙ එකම වර්ගයේ මිනිස්සු. ඒක නිසා එකම සිදුවීම මේ හැම තැනකම සිදුවෙන්න පුඵවන්. එකම වර්ගයේ මිනිස්සු මේ හැමතැනකම බිහිවෙන්න පුඵවන්.

    අදත් ලිපිය නියමයි.

    ReplyDelete
  6. හොඳ උත්සාහයක්. මහන්සි වෙලා කරුනු හොයලා ලියලා තියෙනවා.
    පිලිතුරු ලියද්දි ආවේගී නොවී ලියනවනම් ගොඩක් වටිනවා.
    දැන් ලියවෙන මෙලෝ රහක් නැති බ්ලොග් අතරෙ මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක්.
    රුසියාවේ හරි නැගෙනහිර යුරෝපෙ රටක හරි ඉගෙනගත්ත ලාන්කිකයන්ගෙන් තවත් සැබෑ තොරතුරු ගන්න පුලුවන්.
    අපි අහන කියවන දේයි යතාර්තයයි සමහර වෙලාවට වෙනස් බව දැන ගන්න පුලුවන් එතකොට.
    ලන්කාවෙ උතුරේ ප්‍රශ්නය කොච්චර වෙනස් වෙනස් විදි වලට විග්‍රහ කරල තියෙනවද.
    සයිබර් අවකාශයෙ තොරතුරු සම්පූර්නම වගේ නඩත්තු කරන්නෙ බටහිර රටවල් කියලයි මම නම් හිතන්නෙ.
    ජය වේවා.

    ReplyDelete
  7. @1st Anonymous - ඔබගේ අදහස් වලට මමද එකඟ වෙමි. මන්ද හමුදාවලද සිටින්නේ ලෙයින් මසින් හැදුන මිනිසුන්ය. වෘත්තීය නිපුනත්වය හා පුහුණුව ඔවුන්ද ලබා තියෙන නිසා හික්මීම සහ විනය යන ගුණාංග ඔවුන් නිරතුරු රදවා ගන්නා නමුත් ඔබ කියනා ලෙසම ඔවුන්ගේ උවද මානසික තත්වයන් යුදබිමේදී වෙනස් වීම නොවැලක්විය හැකි දෙයකි. එය විටෙක වීරකමක් විය හැකි අතර තවත් විටෙක එය උතුම් මානුශික ගුණාංගවලින් සමන්විත හැකිය. එසේම එය තවත් විටක රෞද්‍ර වියරු ආකාරයක්ද විය හැකිය. මෙය සෝවියට්, ඇමරිකන්, ලංකා හෝ ඉන්දීය හමුදා වලට නොව සමස්ථ ලෝකයේම හමුදාවලට පොදු ගුණාංගයක් බව සත්‍යයකි...

    ReplyDelete
  8. @Ravi - ස්තූතියි රවී, ඔව් කිසිදුවිටෙක පක්‍ෂග්‍රාහී වීමට මෙම ලිපියේද අදහස් කලේ නැහැ. ඒත් මෙහි ඇත්තේ යම් විවාදසම්පන්න බවක් නිසා එයට අදාලව යම් යම් සාධක හා සාක්‍ෂි කැපීපෙනෙන ලෙස ගෙන හැර දැක්වීමට සිදුවූවා. දෙවන ලෝක යුද්දය පිළිබදව හා මෙම ලිපියේ සදහන් බොහෝ කරුණු පිළිබදව යම් දිනෙක සවිස්තරාත්මකව ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන සිටින අවස්ථාවක තමයි මෙම සිදුවීම් මෙලෙස ගෙනහැර දැක්වීමට සිදුවූයේ. මට මෙම ජර්මන් ටෙක් ආයතනය හා වානේ සංස්ථාව පිළිබදවද කියන්නට වූයේ මෙම කරුණ ඉදිරිපත් කල අය එය ඉදිරිපත් කර තිබූ අයුරින්ම එහි පරස්පරතාවයන් ඇති බව වටහා ගත් නිසයි. එම කරුනෙන්ම පේනව ඔහු මෙම සියළු සිද්ධීන් විද්‍යාත්මක ලෙස හැදෑරීමකින් තොරව කාගෙන් හෝ ඇසූ හෝ මාධ්‍ය වල පලවන මෙම ගැටළු පිළිබදව උඩින් පමණක් බලා ලියන ලද ලිපි කියවා මෙවැනි හාස්‍යජනක අදහස් පලකරන බව. ඒවගේම විප්ලව වල නායකයන් ලස්සන වචන ඇති ආදර්ශපාඨ, තේමා පාඨ ඉදිරිපත් කරත් ඔවුන් බලයට පැමිණි කල ඒවාට වෙන ඉරණම ලෝකයේ කොතනත් එක බව තමයි කියන්නට වෙන්නේ...

    ReplyDelete
  9. @වෙද ගෙදර මහ වෙදනා - ස්තූතියි! මම ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි එය මමද පිළිගනිමි. එම ඇනෝනිමස් මිතුරාට මමද කරුණු කිහිපයකට ස්තූතිවන්ත වෙනවා. එකක් තමයි ඔහු මේ වන තෙක් අසැබි වදන් භාවිතා නොකිරීම, දෙවැන්න ඍජුව ‍නොවුනත් වක්‍ර මාර්ගයෙන් සත් සමුදු‍රේ ක්‍රියා පිළිවෙත අනුමත කිරීම සහ ඔහු ගෙනෙනා කරුණු වලට මා පිළිතුරු සැපයීමේදීද යම් අළුත් දෙයක්ද ඉදිරිපත් කරන්නට හැකිවීම...

    ReplyDelete
  10. ජපන් හමුදාව විසින් කල අමානුශික නැන්කින් සන්හාරය ගැන අසා තිබුනත් පෙරදිග අවුච්විට්ස් ගැන දැන ගත්තේ අදයි...... ඒ අන්දමින් බලන විට හිට්ලර්ගේ නාසි සෙබලුන්ට වඩා ජපන් සෙබලුන් ඉදිරියෙන් සිටි බව සිතිය හැකියි.........
    බ්ලොග් ලෝකයට සැබවින්ම සත් සමුදුරක් වූ "සත්සමුදර " ට ජය පතමි .

    ReplyDelete
  11. රතු හමුදාව ජ්ර්මනුන්ට සැලකුවේ නාසි සෙබළුන් සෝවියට් දේශයේ කල ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර ලෙසය. මෙය එය හරි කීමක් නොවේ. නමුත් සෝවියට් දේශයේ ඉතිහාසය (1917 සිට) ගැන සලකන විට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. හැරත් සෝවියට්වරුන් තම සතුරන් සමග ගනු දෙනු කලේ එකට එක කිරීමෙනි. සෝවියට් නායකත්වයද මේ ආකාරයෙන්ම කටයුතු කළහ.
    1917 විප්ලවයෙන් පසුව ප්‍රති විප්ලවයක් ඇති වූ අතර විප්ලවය මැඩ පැවැත්වීමට ධවල භීෂණයක් (white terror) සුදු හමුදා (රතු හමදාවේ විරුද්ද වාදීන්) විසින් ඇති කළහ. මේ සුදු හමුදා වලට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ආදී රටවල් නොමදව සහයෝගය දෙන ලදී. මෙයට ප්‍රතිචාර වශයෙන් සෝවියට් පාලනය රතු භීෂණයක් (red terror) ඇති කල අතර එය ධවල භීෂණයට වඩා බොහෝ බිහිසුණු එකක් විය. ඉන්පසු සිවිල් සමාජයේ සිටි බොහෝ ප්‍රති විප්ලවවාදීන් හා විප්ලවයට විරුද්ද වුවන් මර්දනය කරන ලදී. සිවිල් සමාජය නොව හමුදා වලටද මෙය ව්‍යාප්ත විය. පසුව ස්ටාලින් මෙය තම විරුද්ද වාදීන් මර්දනයට යොදා ගන්නේ ලදී. පැරණි පක්ෂ ක්‍රියාකාරීන්, උසස් හමුදා නිලදාරීන්(සෝවියට් මාර්ෂල් වරුන් පස් දෙනාගෙන් තිදෙනෙක්, ජනරල්වරුන්ගෙන් 90%, කර්නල් වරුන්ගෙන් 80% මරා දමන ලදී) විශේශයෙන් මර්දනය කරන ලදී. වෙන ආගමික නායකයන්, කලාකරුවන්, ධනවතුන්, ආදීන්ද මෙයට ඇතුලත් වේ. මෙයට මහා පවිත්‍ර කිරීම (Great Purge) ලෙස හැදින් වේ.
    මෙවැනි දරුණු පාලකයන් සිට රටක් ආක්‍රමණය කොට රට වැසියන් දරුණු ලෙස මර්දනය කොට ඉන්පසු යුද්දයෙන් පැරදුනු පසු මීට වඩා යහපත් ලෙස ප්‍රතිචාර බලාපොරොතු වීම අපහසුය.
    අනිත් අතට ඇමරිකන් හමුදාවට ජර්මනුන් සමග මෙවැනි දරුණු කෝපයට හේතුවක් නොවීය. ජර්මනිය ඇමරිකන් භුමිය ආක්‍රමණය නොකළ අතර සිවිල් වැසියන්ට හානියක් නොකළහ. නමුත් ඇමරිකන් හමුදාව තමන් සමග ගැටුණු ජපානයට මෙතරම් අනුකම්පා කලේ නැත (පරමාණු බෝම්බ හෙලීම හැරුණු කොටත්).
    පසුව කොරියානු යුද්ධයේදී හා වියට්නාමයේදී ඇමරිකන් හමුදාව මෙතරම් අනුකම්පාශීලි උනේ නැත.

    ReplyDelete
  12. ජර්මනිය තුල යුද්දයේ අවසාන කාලයේ පමණක් නොව මුල් කාලයේද නිසි සැලසුමක් තිබුනේ නැත. හිට්ලර් ගේ ගෘහ නිර්මාණ ශිල්පිය හා පසුව අවි යුද පිළිබද ඇමති වරයා වූ ඇල්බට් ස්ප්ය්ර් විසින් රචිත Inside the third reich නම් පොතක් තිබේ. මෙය කියවීමෙන් ජර්මනිය හා හිට්ලර්, හිට්ලර් ගේ පාලනය, වෙනත් නායකයන් පිලිබඳ හොද අදහසක් ගත හැක. මේ පොතේ සිංහල පරිවර්තනය් ඇති බව මම සැහෙන කලකට පෙර අස ඇතිමුත් එය ම දැක නැත. මම කියාවුයේ ඉන්ග්ර්සි පරාවර්තනයකි. තව හිට්ලර් ගේ ලේකම්වරිය විසින් රචිත පොතක්ද තිබේ (මේහි සිංහල එකද ඇත).

    හිට්ලර් යනු එත අදක්ෂ, පාලනයට අක්ර්යක්ෂම පුද්ගලයකු විය. නමුත් පුද්ගලයන් කතාවෙන් වශී කරගැනීමට ඔහුට සුපිරි දක්ෂතවක් තිබිණි. එය හා වෙනෙත් කරුණු කිහිපයක් ඔහුට බලය ලබා ගැනීමට උදව් වූ අතර මුලින් කි හේතු මත එම බලය වැඩි කල් නොයාම ඇද වැටුණි.

    ReplyDelete
  13. @3rd Anonymous - ස්තුතියි! ඇත්තටම මෙහිදී ආවේගශීලී විමක් වීමට වඩා අදාල කරුණු එකින් එක නොකඩවා ඉදිරිපත් කිරීම තමයි කරලා නම් තියෙන්නේ...

    ReplyDelete
  14. ලිපිය හරිම ලස්සනයි අයියේ.. ඉගෙන ගන්න ගොඩක් ජාති තියෙනවා ඔයාගෙ බ්ලොග් එකේ... හොදම හොද බ්ලොග් එකක් මේක.. මං සමාජවාදයට කැමති කෙනෙක්.. ලෙනින්, මා ඕ සේතුන් , චේ ගුවේරා ,හෝ චි මින්.... වගේ මිනිස්සු ලෝකයේ වෙනසක් කරපු මිනිස්සු.. ගතින් මැරුනත්.. කිසිදා නොමැරෙන මිනිසුන් ඔවුන්.. www.mynil.blogspot.com

    ReplyDelete
  15. (kosala sooriya bandara)
    The first casualty of war is truth
    Hiram Johnson
    US Senator,1918
    you can get a real picture about war by watching Blood Diamond and five days of war(2011)
    all are grey.not Totally white or black
    .we like ur way.i think this article is more than enough for some anonymous.plz let them have their dreams.sath samudura goes forward with new articles.All the Best Sath Samudura

    ReplyDelete
  16. දිනේෂ් සහෝ ,
    මෙලොව සියල්ලම එකවර සතුටු කල හැක්කෙක් ලොව තවම පහල වී නැත. පහල වන්නේද නැත . පිළිතුරු දීම වරදක් නොවේ. නමුත් ඔබේ වටිනා කාලයට පිළිතුරු දීමේ කාලය ගලපන්න. එක අයෙකුට වෙන් කරන කාලය බොහෝ අයට ප්ර යෝජනවත් කරවීම වඩා වටියි .
    ඔබේ ගමන ශක්තිමත්.
    නිහඬ ප්රේගක්ෂකින් අප්රෙමානයි
    ජයෙන් ජය !!

    සුගා

    ReplyDelete
  17. දිනේශ් ඔබගේ ලිපියට ප්‍රතිපක්ශව කමෙන්ට කල ඈනෝ කෙනෙකි මා.ඔබට අපගේ ප්‍රතිචාර නිසා හිත රිදී ඈතිබව පෙනේ.අප ඵසේ කමෙන්ට් කලේ ඔබගේ සේවය අවතක්සේරු කිරීමට නොව ගම්මීරිස් අතරේ පෑපොල් ඈට දමා විකිනීම පෑහෑලිව දුටුබෑවිනි.ඵනම් රීඩර්ස් ඩයිජස්ට් පන්නයේ මොලහෝදන ප්‍රවාද හිමින්සීරුවේ ඔබේ ලිපිවල ඈතුලත්කර බව පෙනුනු බෑවිනි.
    සිරස,ITN බලා නන්නත්තාර වී ඈති අපේ අයට දෑනුම කියා ඈමරිකන් අසූචි කෑවීමට අප විරුද්දවෙමු.
    ඔබගේ ලිපියට ඵක් ඈනෝ කෙනෙක් ලෙස පිලිතුරු ඉක්මනින්ම දෙන්නමි.
    තවත් ඵකක් කිවයුතුයි.චීනය රුසියාව ඔබට වහ කදුරුය.
    නමුත් අපට යුද්දයට ආයුද දුන්නේ ඔවුන් පමනි.
    අනික් චීනයේ ජනතාවට නිදහසක් නෑතිබව කියාතිබුනේ.අපටනම් හිනාය,මොකද මේදිනවල අප ආයතනයේ චීන කාර්මිකයින් දෙදෙනෙකු වෑඩකරයි.උන්ට තිබෙන මීටර් ඵක අපිට නෑත.අනික මව්බිමට අදරයකරන්නේ මරාගෙන මෑරෙන්නය.අව0කවම කිවහොත් සුපිරි ඩබලකි.විනෝදකාමීය.අපට චීනබස පවා උගන්වයි.අපේ උන්වගේ අයිස්ගෑසීමක් නෑත.ඔය කියන ජාතියේ මරබයින් ත්‍රස්තව මූන ඵල්ලන් සිටින චීනුන් නම් නොවේ ඔවුන්.

    ඈමරිකවේ පොත්කියවා සෑටලයිට් චෑනල් බලා ඵ්වා ඈත්ත කියා සිතාගාතහොත් අපට වෙන්නේත් ITN ඵ්කේ කියන ඵ්වා ඈත්තයෑයි සිතා චන්දය දුන් අයට සිදුවූ ඵකමය.

    ReplyDelete
  18. Having seen this excellent article and reading the comments, I couldn't resist the desire to leave a comment and indicate few things,

    *I should apologise from you because of typing this in English instead of Sinhala. I'm more comfortable with this way and wanted to type this faster, that’s why I have used English*

    1. First of all I really should mention that this is one of the best blogs and articles I have ever read and I was so happy to see world events and history unfolded in my native language for people to read and improve our knowledge. We all should know our past because these events changed the world forever and out lives. I would like to pay my sincere gratitude to the writer and his knowledge in this stuff.
    2. "Wikipedia" should not be considered as a reliable source of information. Yet I know that it’s the easiest way of finding information. This is merely because , you can change the "wiki articles" as you like. In Europe and US, Wikipedia is not considered as a "scholarly resource" because of the unreliability of data given. And also, using Wikipedia is strictly prohibited for producing research articles. Therefore it’s always good to refer books by experts and documentaries such as "world at war".
    2. When using knowledge sources (i.e. a book, documentary or even a movie), please be kind enough to pay gratitude to the writers, directors and producers by mentioning their names, dates or in other words give a reference list. That would also be a great help to other people to find the stuff themselves and read.
    3. Now into facts, I should mention that Enemy at the gates is not by any means based on 100% actual facts; in fact it was very loosely based on the life of “Vasily Zaytsev” and the fight for Stalingrad. And “Joseph Stalin was not interpreted as a here in that film. Since at the very beginning the Russian generals warn their subordinates, if they turn back they will be shot by their own army positioned at the back. This shows that “Stalingrad was such an important strategic point to Stalin and he wanted to protect the city at any cost”
    4. The blogger is absolutely spot on regarding Stalin’s cruelty; he was a cunning and cruel ruler who sucked the blood out of Russian people. The artificial famine created lead to the deaths of hundreds of thousands of people. And Cannibalism (eating humans) was actively practiced by some people because of lack of food. But Stalin’s part in winning the WW2 is unquestionable. Because of him, winning the war was easy.
    5. All the readers should know that Germans were such a powerful and organised army in both strategic and technological aspects (and as a nation still they are). The American involvement in the war was a vital factor in defeating them. Remember always, it took five years to defeat The Germans (one nation).
    6. And For all the guys who criticised this blogger, it’s not about East, West or Capitalism, Socialism or Imperialism but it’s the Human nature and courage which defined our lives through WW1 and WW2. Ultimately everybody should pay respect to the 40million human beings who gave their lives to end this war. Don’t bring political aspects into this nice blog. This blog is intended to give knowledge, not to debate on useless facts or western propaganda.
    7. For all the people, Don’t miss “The world at war (1973)”, “Flags of our Fathers (2006)”, “Letters from iwo jima (2006)”, “ Saving private Ryan (1998)”, “Band of Brothers (2001), “Down fall (2004), WWII: The Lost Colour Archives (2000) and Schlinder’s list (1993) these are wonderful movies based on actual facts and documentaries.
    8. Finally, dear Dinesh Machan people are different; their opinions are different so everything depends on the view of these singular personalities. Let’s just don’t argue with them, keep up the good work and bring us more nice articles like this. Best of luck.....
    Regards
    BJ

    ReplyDelete
  19. ඔබ ඉතා වෙහෙස මහන්සි වී මේ ලිපිය ලියා ඇත . මට නම් මෙව්වට තර්ක කරන්න දැනුමක් නැත . ඔබේ ලිපියෙන් වගේම ඇනෝ කමෙන්ට් වලිනුත් බොහෝ දේ දැන ගතිමි. කලිනුත් කීවා සේ පසු කලෙක අසාර්ථක වුවත් එකල ඇති වූ සමාජවාදී විප්ලවයට මම කැමතිය. එය එකල කාලින අවශ්‍යතාවකි. එමෙන්ම අපට බැරි වුවද ධනවාදයෙන් දියුණු වූ රටවල් සමගද මගේ කිසිඳු අමනාපයක් නැත . එක රටක් තව රටක් ආක්‍රමණය [ කෙලින්ම හෝ වක්‍රව ] එම රට සමාජවාදී හෝ ධනවාදී වුවද තරයේම පිළිකුල් කරමි. ලෝකයේ බල කඳවුරු දෙකක් තිබෙන එක හොඳය . රුසියාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන විට ඇෆ්ගන් කාරයින්ට උදව්වට ඇමරිකාව සිටියේය . ඇමරිකාව කියුබාවට කොකා පෙන්වද්දී රුසියාව කියුබාවට උදව් කලාය. වියට්නාම යුද්ධයේදී වියට්කොන් වරුන්ගේ දහිරිය පමනක්ප්‍රමානවත් නොවිය . රුසියන් අවි ආයුධ සෑහෙන මෙහෙයක් කල බව පෙනේ . කොටින්ම පහුගිය කාලයේ අපිව නනත්තර කරන්නට ගෙන ආ පනත් වලින් යාන්තමින් අප බේරීමට ඉදිරිපත් වුවේ මුලිකවම සමාජවාදී හෝ ඉස්සර ඒ පිලේ සිටි රටවල්ය . පුද්ගලිකව අපි හැමෝම චීනයේ හෝ රුසියාවේ පුරවැසිකම දෙනවාට වඩා [ එයාල එහෙම දෙන්නෙත් නැත]ඇමරිකාවේ ප්‍රංශයේ පුරවැසිකම ලැබීමට කැමැත්තෙමු. එහෙත් ලෝකයක් ලෙස ගත කල මේ බල තුලනය යහපත් බවයි මගේ හැඟීම . කොයි දේත් කාලයට සාපේක්ෂයි කියලයි මට හිතෙන්නේ . අනික අපිට ලැබෙන තොරතුරුත් 100%ක් නිවරදිත් නැති නිසා මෙව්වට කෙස් පැලෙන තර්ක දීමත් තේරුමක් නැහැ . කවුරුත් තමන්ගේ පාඩුවේ ඉන්නවා නම් අර වනටු ගෝත්‍රිකයෝ වගේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ .

    ස්තුතියි දිනේෂ් මෙවැනි අධ්‍යාපනික ලිපි ලියනවට . ප්‍රති විරුද්ධ මත එන ඒකත් හොඳයි. පුද්ගලික එදිරිවාදිකමක් විදිහට නොහිතා තර්ක කරන එක අපේ යුතුකම .

    ReplyDelete
  20. මම මේ කමෙන්ටුව පොදුවේ පැරණීම මිතුරෙකු වන Outsider,3rd Anonymous (මම මීට පෙරද මෙම මිතුරාට පිළිතුරක් දී ඇත), 4th Anonymous(mynil), kosala sooriya bandara, සුගා, මධ්‍යස්ථ අදහස් ඇති sameera, Great Purge සංකල්පය ගැන සදහන් කර ඇති 5th Anonymous,6th Anonymous (චීනයේ මිනිසුන් දෙදෙනාගේ මීටරේ ගැන කතා කරන) සහ තවත් පැරණි මෙන්ම මධ්‍යස්ථ මත දරන චමිලා හෙවත් නෙළුම් විලේ බින්දි වෙත එකවරම අදහස් දීමට සිතුවේ වෙන වෙනම පිළිතුරක් දෙනවාට වඩා ඔබලා සියළු දෙනාගේ අදහස් වල එකිනෙකට යාවෙන සේ පිළිතුරු දීම වඩාත් කාලෝචිත නිසාය. - පලමුවෙන්ම මේ සියළු දෙනාටම ස්තූතිමි. හැමදේම බටහිර විරෝධී මානසිකත්වයෙන් බලන්නට ගියහොත් එය කිසියම් මානසික ව්‍යාධියක් වීමට ඉඩ ඇත. ඔවුන් පල කරනා සියළුම දේ සත්‍ය නොවෙනවා සේ ම සියල්ලම අසත්‍යද නොවේ. මෙම උග්‍ර බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අපේ රටේ ව්‍යාප්තවූයේ පසුගිය වසර 5 පමණ කාලය ඇතුලතය. එයට හේතුව මා සිතනා අයුරින් නම් (මෙය ඔබලාගේ මතය නොවිය හැක) කොටි ත්‍රස්තවාදීන් සමග යුද්දය කෙරී ගෙන යන අතර වා‍රයේ විවිදාකාරයේ බලපෑම් බටහිරි රාජ්‍ය මෙන්ම BBC වැනි මාධ්‍ය ආයතන මෙන්ම ගෙන ගිය දැන් Channel 4 නාලිකාව ගෙන යන කොටි හිතවාදී වැඩ පිළිවෙල විය යුතුය. එයට ඔබට මෙන්ම අප කාටවත් අනුමත කල නොහැකි බව මමද කියමි. මන්ද ඔවුන්ගේ රටවල් වල අනේක විද ප්‍රශ්න තිබියදී හා ඔවුන්ද විවිද කාල වකවානුවලට ලෝකයේ විවිද ත්‍රස්ථවාදී කණ්ඩායම් වලට උදව් උපකාර කර තිබියදී ලංකාවේ ඒ වන විට පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදය සාම ක්‍රියාදාම කිහිපයක් ඔස්සේත් විසදා ගන්නට කොටි විසින් ඉඩ ‍නොදෙන තත්වය තුල කොටින්ට දැනෙන්නට පහර දී එය මැඩපවත්වනවා විනා වෙන කුමක් කරන්නටද? එසේම හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ සිට කරනා රාජ්‍ය තාන්ත්‍රික කෙනහිලිකම් වලටද, මිලිබෑන්ඩ් හා කුෂ්නහර් ලංකාවට පැමිණ කරන බලපෑම්ද වෙනයම් ඊනියා සාමධූතයන් ඒ කල්හි සිදුකල විවිද මායම් වැඩද අනුමත කල නොහැකිය. එසේම ඒ අවස්ථාවල අපේ සහයට ප්‍රධාන වශයෙන්ම සිටියේ චීනය හා රුසියාව බවද කෘතවේදීව පිළිගනිමි. ඔවුන් නොසිටින්නට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ ලංකාවේ යුද්දයට විරුද්ධව නීති ඇමරිකාව, එංගලන්තය හා ප්‍රංශය පනවන්නට පසුබට නොවෙන බවද රහසක් නොවේ. එහෙත් එය දඩමීමා කරගෙන සියළුම බටහිර දේ නරකය, අපිට උදව් කල රුසියාවේ හෝ චීනයේ සියළු දේ හොදය යන මතයකට කිසිදා එළඹිය හැකිද? කිසිම කෙනෙක් කළුත් නැත. එසේම කිසිම කෙනෙක් සුදු නැත. එය kosala පවසන පරිදි අළු පැහැයකින් විය යුතුය නැතහොත් කාටත් තේරෙන බසින් කියනවා නම් කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු පොඩ්ඩක් වත් ඇත. එක් අයෙකු එක් රටක ත්‍රස්ථවාදයට උදව් කරන අවස්ථාවේ අනෙක් පාර්ශවය එම රටේ පාලන අධිකාරියට ත්‍රස්ථවාදය මර්ධනයට උදව් කරයි. එය තවත් රටකදී මෙහි කනපිට ආකාරයෙන් සිදුවේ. ලෝක ඉතිහාසයයේ බොහෝ රටවල සිදුවී ඇත්තේ එයයි. බලය හා තමන් උදව්කරන රට තමන්ට කෙතරම් දුරට වැදගත් වනවාදැයි යන කරුණ මත තමයි එය තීරණය වන්නේ. මිනිසුන් ගත් විට ලෝක‍යේ කොහෙත් සිටින්නේ හම කළු වුනත්, දුඹුරු වුනත්, කහ වුනත්, සුදු වුනත් වෙනයම් වෙනස්කමක් ගත්තත් එකම හැගීම් දැනීම තිබෙන මිනිස්සු. ඔබලාත් දකින්න ඇතිනේ අපේ රටේ ජාතිවාදී කලබල හා සුනාමි අවස්ථාවේ එය දඩමීමා කරගෙන කොල්ලකෑම් වල යෙදුනා වගේම පසුගිය ලන්ඩන් අර්බුදය වෙලාවේ එම නගරය ගිණි ගනිද්දී සුදු හම තියෙන මිනිස්සුත් හැසිරුන ආකාරය. එම සිදුවීම් ද්විත්වයම අනුමත නොකරන අතර ලෝකයේ කොයි තැනත් සිදුවන්නේ මෙවැනි දේ තමයි. තාක්‍ෂනික හේතු නිසා මේ කමෙන්ටුව තව කොටසකට යන්න වෙනවා... (1)

    ReplyDelete
  21. CNN,BBC,FOX,chanබෑලුවත් ඔය ප්‍රවාද ටික ඔහොමමනෙ තියෙන්නේ.
    අපිත් ඉන්නෙ දනවාදී ක්‍රමය තුල.අපිට ඔයකියන නිදහස තියනවද?
    කට අරින්න පුලුවන්ද අසාදාරනයට විරුද්දව?මම හිතන්නෙ ඵහෙමබෑරි ල0කවෙත් සමාජවාදී රටක් වෙන්න ඈති!!!!!!!

    රටවල් ම0කොල්ලකනකන් විතරනෙ ඔය ලිබරල් වෙස්මූනු.
    උතුරෙ තෙල් ටික ඉන්දියාවට,සාම්පූර් උන්ට,කෑලෑටික ඈමරිකන් ඩෝල් කොම්පෑනියට.මේවා චීනය කරපු වෑඩද??ඉන්දියවේ කුනු බෙහෙත් ගහලා කීදෙනෙක් ඵලොව ගියාද?
    ඔවට කියන්නේ ලිබරල් නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලයි.
    ලෝක ස්මජවාදී වියාපාරය නෑත්නම් අපි තාම වහල්ලු.
    ගස්වල කොලකක හිටපු චීනයත් 1917වෙනකොට ඵඩේරයුගයේ හිටපු රුසියාවත් ලෝකයේ දියිනුම රටවල් උනේ කොහොමද?
    ඈමරිකව බ්‍රිතාන්ය ව්වගේ සෙසු රටවල් ම0කොල්ලකාලද?
    මේ මොහොතේත් අපේ රටේ සම්පත් දනවාදී රටවල් ම0කොල්ලකනවා.
    ලිබරල් ලියන-මහත්තුරු ඵවා නෑසූකන්ව ඉන්නවා.
    චීනයේ මිනිස්සු හදටත් යනකොට අපි ඉන්දියන් කරයගේ ලේලන්ඩ් බස්කබලේ ගාටනවා.
    පරම පිවිතුරු දනවාදියෝ ලතින් ඈමරිකවම ඔයවගේ කතන්දර කියලා හූරන්කෑවා අද ඵ් රටවල මිනිස්සු අවදිවෙලා හතුරා පන්නලා තියනවා.දෑන් ඔන්න නව ගොදුරුබිම් සොයනවා.ඊලග පියවර තාමත් 100%ක් හූරන් නොකෑපු අපේ රටවල් හූරන්කන ඵක තමයි.
    ඵ්වාට ලිබරල් ලියන-මහත්තුරු මත සකස්කරනවා වගෙයි පේන්නේ.බලාගෙන!!!!!!!!!!!
    ඔගස්ටෝ ෆිනෝචේලා,ඩින්ඩියම්ලා,පාක්ලා මොබුටුලා වගේ මිනීමරු ඵ්කාදිපතියෝ තමා ලිබරල්වාදය බිහිකලේ.
    ඵ්හෙම කරන ගමන් තමන්ගේ වෑරදිවහගන්න සමාජවාදී බිල්ලා බිහිකලේ.

    ඵ්වා ඵ්ඵ් කලෙට ආපු හෑටි බලන්න.
    ඵකදාස්නවසිය පනස්ගනන්වල සමජවදියෝ යනු මහල්ලන් මරන ප0සල් කඩන අයබව ප්‍රචාරය කලා.බුදුසසුන සමසාමාජ කාරයන්ගෙන් බේරගනිමු කියලා පෝස්ටර් ගෑහුවා.අන්තීමට ඵහෙමකියපු JR ගෑටබේ ප0සලට කටුකම්බි ගෑහුවා.ප්‍රේමදාස බුදුපුතුන් ටයර් උඩ,දර්මචක්‍රයේ යෑව්වා.
    මෙයාලා කියනකොට ඵහෙමයි කරනකොට මෙහෙමයි.
    දෑන් ඵ්න්නේ මේවගෙයි දෑනුම තුලා හ0ග.
    වියට්නාමයේ ගම් පිටින් දූශනය කරපු ඈමරිකන් කාරයාගෑන,ඉරාක ඈෆ්ගන් ගෑහෑනුන් ගනිකාවන් සේ යොදාගන්නා සල්ලාල USA ARMY ගෑන නොලියවෙව්යි.
    මුන්නෑහේලා අපිට කියන්නේ රතුසෙබලුන් ද ඵහේ කලබෑවින් යුද්දයේ ඵවා සාමන්ය දේවල් බවයි.
    නමුත් ඈමරිකවේ බීශනය ගෑන කිලි0 ෆීල්ඩ්නොහෑදෙයි .අපේ රටේ ඵ්වා නොවූබව දිනේශ් පිලිගනීයි.අපේ රටේ ස0ස්කෘතිය නිසා ඵ්ය නොවූබව ඔහු කියයි.
    ඵකනම් ඈත්ත අපේරටේ ඵ් සන්ස්කෘතිය වගේම වාමා0ශිකයන් සතුවුන සහොදරත්වය නිසාම රතුහමුදාවද ඵ්වා කලේ නෑත.
    රතුහමුදාවට අන්සත් දේ ඈල්ලිම,අපචාර සපුරා තහනම් විය.දඩුවම මරනයයි.

    නමුත් මේහේ නොකල මිනීමෑරුම්,නිරුවත් කාන්තා මලසිරුරු ශ්‍රි ල0කා කිලි0 ෆීල්ඩ් හි පෙන්වයි.
    ඵ් කොහොමද?ඵ්වා ඈමරිකන් මවා පෑම්ය.කාරය හදට ගියා යෑයි බොරුවට මවාපෑ ජාතියකි )
    ඉතින් මට කියන්නට ඈත්තේ රතු හමුදවට විරුද්ද මඩ ප්‍රහාරද ශ්‍රි ල0කා කිලි0 ෆීල්ඩ් වලට සමාන බවයි.

    අනික 1990 බෝල්කන් අර්බුදයේද්යී ඵ්ඵ් රටවල ජාතිවාදයේ නාමයෙන් මිනීමෑරුම් සිදූනා මිස ඵ්තන සමාජවාදයක් තිබ්බේ නෑත.කොටිද,පොල්පොට්ද කිව්වෙ ඔවුන් මාක්ස්වාදීන් බවය.ඵ් වගේ තමයි.

    ඈමරිකවට විනයක් නෑත හික්මීමක් නෑත උන්ට ස්ල්ලි හා බලය පමනි අවශය.නමුත් සමාජවාදය යටත් ඵ් රටවල් ලබාදුන් විනය හා පන්නරය නිසා රතු හමුදාව ඈමරිකන් ගොන්ටන් සේ පිස්සුනෑටුවේ නෑත.

    ඈත්තටම අද අපේ රටටද විනය නෑතිවේගෙන යන බෑවින් අපට ඵ්සේ හික්මීමක් ඈති අය ගෑන හිතගෑනීමට අපහසු බව පෙනේ.

    බොහොදෙනා ඵ්වන් විනයක් සහිත හමුදාවක් ගෑන හිතාගෑනීමට බෑරුව සිටින්නේ ඵ් නිසාය.
    නමුත් අපේ හමුදවේ විනය දෙස බලන්න.රතු හමුදවද ඵ්ලෙසමයි.
    හෑමෝම තමන් ලොකුවට හිතගෙන සිටින ඈමරිකන් ලිබරල් පප්පලා වගේ යයි සිතන්න ඵපා.

    තව ලියන්න තියනවා හිමින්සෑරේ උදාහරණ සහිතව ලියන්නම්.

    ReplyDelete
  22. දැනුමෙන් සපිරි ඔබේ බ්ලොගයට මා පැමිණියේ බොහෝ ප්‍රමාදවයි.. එහෙත් කල් නොයවා හැම ලිපියක්ම ඉඩ ලැබෙන හැටියට කියවීමට සටහන් කර ගත්තා මගේ අඩවියෙත්. කෙටියෙන් කිවුවොත් බටහිරට බුරන බොහොමයක් අපේ ඇත්තන් ඉගෙනගෙන තියෙන්නේ බටහිර නැත්නම් ඒ භාෂාවකින්. එයාලගේ ළමයි ඉගෙනගන්නේ ඉන්නේ බටහිර රටවල. එයාල GREEN CARD තියෙන අය නැත්නම් පුර්ණ පුරවැසියෝ එහෙම රටවල් වල.. එයාල බොහොමයකගේ බැංකු ගිණුම් ආයෝජන නිවාස ඉඩකඩම් තියෙන්නෙත් එහෙ.. හැම බටහිර තනපහ්ටි කාර්යාලයකම බල නැටුම් වලටත් යනවා නොවැරදීම.. එහෙම තියන් නුගත් මිනිස්සුන්ව මුලා කරමින් තමුන්ගේ සියලු ජඩ වැඩ මේවාට මුවාවී වසා ගැනීමටයි වෑයම.. අසත්‍යය බොහොම මිහිරියි සත්‍යය තිත්තයි.. සත්‍යය කතා කරන්නාට එය බාදාවක් නෙවෙයි..

    ReplyDelete
  23. මේ ලිපිය ගැන මට කියන්න තියනදේ එල නොහොත් පට්ට කියල තමයි . අපේ පරම්පරාවේ අගය කිරීමේ වචන වලින් එහෙම කිව්වාම විස්තර අවශ්‍ය නැහැනේ . කලින් ලිපියේ එක කමෙන්ටුවක් විතරක් දැම්මත් මුලු කමෙන්ටු ප්‍රමානයම කියෙව්වා . ඉතිහාසය කියන්නේ සම්පූර්න සත්‍යය නොවේය , එකිනෙකාගෙ විග්‍රහයන්ය කියල මූලික සිද්ධාන්තයවත් නොදැන ඔබව එක එක දේශපාලන කඳවුරුවලට දාන්න කථා කරපු අය ගැන බොහොම කණගාටුයි . දැනුමට පමණක් ඉතිහාසය ගැන කියවන කෙනෙක් නිසා ඉතිහාසය කබල් ගාමින් වර්ථමාන ලෝක දේශපාලනයට අර්ථකතන දෙන පිස්සන්ට උත්තර බඳින්න ඔඅබ වෙනුවෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් නොලැබුනාට සමාවෙන්නෙ . ඔය පිස්සන් ඔබේ බ්ලොගයට ආව මූලාශ්‍රය මම වගේම ඔබත් අනුමාන කරනවා ඇති . ඔබට නොගැලපෙන ආසුචි වලක ඔබේ ලිපි වලට සබැඳි දාන්න එපාය කියන්න මට කිහිප වරක්ම හිතිලා තිබුනත් ඒක ඔබේ අයිතිය නිසා මම නිහඬව සිටියා . ඔය ඇයින්ගේ කථා ගැන වෙහෙස නොවී අපි නොදන්න තවත් බොහෝ දේ අප වෙත අරන් එන්න ඔබට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව

    ප.ලි - ඔබ දීලතියන පොත මම කියවල නැති නිසා ඒකේ අන්තර්ගතය දන්නෙ නැ හැබැයි , ඕක ලියල තියෙන්නෙත් බටහිර ගැති මහා චාර්ය වරයෙක් කියල කමෙන්ටුවක් වැටුණත් මම පුදුම වෙන්නෙ නැ

    ReplyDelete
  24. පෙර කමෙන්ටුවටම සම්බන්ධයි (2) - kosala sooriya bandara හා සුගා මෙවැනි පිළිතුරු සැපයීමේ ලිපියකට කාලය යොදවනවාට වඩා වෙනත් දෙයක් පිළිබදව ලියන මෙන කියා සිටි අතර ඇත්තේනම් මමද කිසාදා මෙවැනි තර්ක හා වාදවිවාද වලට පිළිතුරු දෙන ලිපියක් ලිවීමට අදහස් කරගෙන නොසිටියෙමි. ඒ වගේම 3rd ඇනෝ පවසන පරිදි අ‍වේගශීලීවීමකට හෝ පුද්ගලික එදිරිවාදිකමක් විදිහට හිතා තර්ක කිරීමක් නම් දැනුවත්ව සිදුනොකලද මෙවැනි ලිපියක් ලියන ප්‍රථම අවස්ථාව නිසා වේගයෙන් එක දිගට සාක්‍ෂි ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කිරීම සමහර විටෙක කෝපයෙන් සිට පිළිතුරු දීමක් ලෙස දුටුවාද දන්නෙත් නැහැ. මමද මනුෂ්‍ය හැගීම් ඇති අයෙතු නිසා එවැන්නක් සිදුවී ඇතැයි ඔබට හැගේ නම් එය පිළිබදව ඔබ කාරුණික සිතින් ඉවසා සිටිනු ඇතැයිද අපේක්‍ෂා කරමි. ඒ වගේම අපගේ ඇතැම් මිතුරන් මෙවැනි ලිපිවලට අකමැති වීමට දේශපාලනික කරුණු අරඹයා කෙරෙන වාද විවාද දැන් රූපවාහිනියේ කොතෙකුත් දකින නිසා මෙතැනැද එවැන්නක් සිදුවීම එතරම් ප්‍රියමනාප නොවෙන්නට හේතුවක් වන්නට ඇති. කොහොමවුනත් ඒ ලිපියටත් කිසියම් අධ්‍යාපනික වටිනාකමක් දෙන්නට බොහෝ මූලාශ්‍ර පිළිබදව මෙන්ම කරුණු අතින් පොහොසත් කරන්නටද වෑයමක යෙදුනෙමි. ඒ වගේම Great Purge ගැන සටහනක් යෙදූ 5th Anonymous මිතුරාටද මම ස්තූතිවන්ත වන අතර ඔහු මෙම ලිපියට තවත් වැදගත් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට වගේම මා නොදත් කරුණුද රැසක් හා පොත් කිහිපයක් ගැන මෙන්ම ලිපිය තවත් පෝශනය කල හැකි දේවල් රැසක් ඉදිරිපත් කිරීමට හවුල්විය. හැබැයි ඔහුටද මම පොඩි චෝදනාවක් කරන්නේ නිර්නාමිකව නොව කිසියම් හදුනාගැනීමේ සාධකයක් සමග කමෙන්ටුව ඉදිරිපත් කලා නම් එය තවත් ආලෝකමත් වන බැවිනි. ඒ වගේම mynil බ්ලොග් අඩවිය ඇති සහෘදයාට මම වඩාත්ම ස්තුතිවන්ත වන්නේ සත් සමුදුරට වර්ණනා කිරීමට වඩා තමන් කැමති නායකයන් අතින් සිදුවූ අඩුපාඩු ඇති ලිපියකටද මධ්‍යස්ථව ප්‍රතිචාර දක්වන්නට තරම් පරිණතභාවයක් ඇති හෙයිනි. එවන් දැක්මක් ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකුට බවද මේ මොහොතේ ප්‍රශංසනීයව මතක් කරනු කැමැත්තෙමි. (තාක්‍ෂනික හේතු නිසා මේ කමෙන්ටුව තවත් කොටසකට යන්න වෙනවා... (1))

    ReplyDelete
  25. පෙර කමෙන්ටුවටම සම්බන්ධයි (3)- 3rd ඇනෝ මිතුරා පවසන පරිද //සයිබර් අවකාශයෙ තොරතුරු සම්පූර්නම වගේ නඩත්තු කරන්නෙ බටහිර රටවල් කියලයි මම නම් හිතන්නෙ.// කියන කොටසට යම් සංශෝදනයක් ඉදිරිපත් කිරීමට කැමතියි. සයිබර් අවකාශයේ බොහෝ තොරතුරු තිබෙන්නේ ඉංග්‍රිසි බසින් සමහර විට අපි දෙවන භාෂාව ලෙස දන්නේ ඉංග්‍රිසි නිසා එම බස ඇතුලත් වෙබ් අඩවිවලට පමනක් පිවිසෙනවාත් ඇති. ඒ වගේම ඔවුන්ට හිතවාදී කරුණු බොහෝමයක් අන්තර්ගත වීමටත් අපට බොහෝ තර්කද ඉදිරිපත් කරන්නටද පුළුවන්. එහෙත් සෑම දෙයක්ම බටහිර හිතවාදී විය හැකිද? හොදම උදාහරණය දැනට මාස කිහිපයකට පෙර නවතා දැමුන වසර 160 ගණනක් පැරණී බ්‍රිතාන්‍ය news of the world ටැබ්ලොයිඩ් පුවත්පතයි. ඒ පුවත් පතින් එ‍රට සිදුවූ විවිද ක්‍රියා සදාචාරයට පිටතින් සිට හෝ වාර්තා කල අතර ඒවා හෙලිවීමෙන් පසු තමන්ගේ ගරුත්වය රැ‍කගෙන එය නවතා දැමීම ගැන ධනාත්මකව සිතිය යුතුය. මෙම කරුණ මුද්‍රිත මාධ්‍යයක් සම්බන්ධයෙන් වූවත් බටහිර සිදුවන දේ දෝශදර්ශනයට ලක්කරන බටහිර රටවලම වෙබ් අඩවියද ඕනෑතරම් ඇත. ඉතින් ඒ නිසා සියළුම දේ බටහිර හිතවාදීව සිදුවනවා යන්න 100% ක්ම නිවැරදිද නොවේ.
    [තව මෙම පිළිතුරටම අදාල කොටස් තිබෙන අතර එය ඊලඟ කොටසේ (3)]

    ReplyDelete
  26. මන්දපෝශනයෙන් පෙලුනු දරුවා බලන්න දුකයි
    ඵ් වගේම දනේශ්වරයන් විසින් රිසිසේ සූරාකන අප්‍රිකානු ලතින් ඈමරිකනු රටවල මේ මොහොතේත් කුසගින්නේ මියයන ගෑන ලිබරල් හාමුලාට කතාකලොත් වටී.

    ලිබරල් හාමුලා මේකත් දෑනගන්න ලොවපුරා දිනකට මිනිසුන් 24000ක් හාමතේ මියයයි.

    අද ලෝකයේ සමාජවාදයක් නෑත ඈත්තේ දනවාදයයි.
    ඵ්සේනම් සියලු ප්‍රශ්න විසදෙන ලිබරල් ලෝකයේ මෙසේ හාමතේ පමනක් අපවෑනි මිනිසුන් 24000ක් මියයන්නේ ඈයි?????

    දනවාදී නරිවාදම රෙද්දපල්ලන් බේරෙන්නේ මෙහෙමය.

    ReplyDelete
  27. (පෙර කමෙන්ටුවටම සම්බන්ධය) - චීනයේ මිනිසුන් දෙදෙනාගේ මීටරේ ගැන කතා කරන 6th Anonymous මිතුරාට මෙම කරුණු පැහැදිලි කල යුතුය. අවංකවම සිත් රිදීම‍ කෙසේවෙතත් කෝපයක් නම් හිතට නැගුනි එයට හේතුව නම් කොතෙක් කිව්වද ඔබ තමන්ගේ මතය පිළිබදව විශ්වාස නම් තමන්ගේ සැබෑ අනන්යතතාවයෙන් පෙනී නොසිටීම හා තර්කයන්ට අදාලව පිළිගත හැකි සාක්ෂිශයක් ඉදිරිපත් කර අප දරනා මතයේ ‍සදොස් බවක් වේ නම් එයද යාවත්කාලීන කර ගැනීමට අවස්ථාවක් නොදී හිතට නැගෙන හෝ කවුරුන් හෝ කියන ලද කතා පවසන නිසාය. ඔබ මා බටහිර හිතවාදී හා සෝවියට්-චීන විරෝධියකු ලෙස හංවඩු ගසන්නට නැඹුරු වී ඇත්තේ ඇයි? ඔබ මෙම ලිපියේද පවසා ඇති http://sathsamudura.blogspot.com/2011/08/nato.html ලිපිය කියෙව්වාද? නැත්නම් කරුණාකර එයද කියවා එයටද ‍ඔබේ අදහස් එකතු කරන්න. යම් අයෙකු අපිට උදව් කලා නම් එයට කෘතගුණ සැලකිය යුතුමය. නමුත් එය අල්ලසක් කරගෙන එම අය වැරදි කරන්නේ නම් එය නොදැක්සේ සිටීම හෝ පෙර වැරදි සිදුවූයේ නැහැ කියා යට ගැසීම නම් අරුමයකි. දේශහිතෛශී අදහස්ද ඔබගේ කමෙන්ටුවලට ඇතුලත් කර ඇති නිසා මට අසන්නට තිබෙන්නේ අල්ලස දූෂනය එසේ නම් රටක ආකල්ප දියුණුවට මහෝපකාරීවන දෙයක් කියාද?

    චීනයේ මිනිසුන් සැබැවින්ම දක්‍ෂ‍යෝය. එය මේ ඔබ කියනා සමාජවාදය එහි බිහිවීමටත් පෙර තිබූ දෙයක්. වෙඩි බෙහෙත්, කඩදාසි මෙන්ම නූතන රොකට් තාක්‍ෂනයේ මූලධර්ම වලට අදාල අහස්කූරු වැනි අහසට විදින ගිනිකෙලි නිපදවූ ඔවුන් ලෝකයම තවමත් මවිත කරවන චීන මහා ප්‍රාකාරය පවා තැනුවේ රජාණ්ඩුසමයකයි. එසේම ලෝකයේ ඕනෑම ස්ථානයකද එම පරිසරයට අනුගත වීමේ හැකියාව ඇති චීන ජාතිකයන් ඔවුන් වාසය කරන්නේ චීනයෙන් පිටත වුවත් තව අනන්‍යතා ලක්‍ෂනද ආරක්‍සා කර ගනිමින් එම රටේ වෙසෙන අය හා සුහදව විසීමට දක්‍ෂ‍යෝය. ඔබට අවශය නම් මා සියැසින් දුටු දෙයක්ද පවසන්නනම්. මා සේවය කරන සරසවියේ ක්‍රීඩා පිටියේ මෙහි ඉගැනුම ලබන චීන ජාතික සිසුන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි අකර ඔවුන්ගේ ක්‍රීඩා විලාශය කුඩා කල සිටම ක්‍රීඩාවේ නියැලී නිපුනත්වය ලබා ගත් පිරිසකගේ මෙන් විය. වේගයෙන් නියමාකාරයෙන් පන්දු යැවීමට මෙන්ම වේගයෙන් පැමිනෙන පන්දුවට දැවැන්ත පහර එල්ල කරනු දැකීම ඉතා ප්‍රිය ජනක දසුනක් විය. මට ඔබට අවසාන වශයෙන් කිව හැක්කේ ඔබ නම් මේ කියන ඇමරිකන් අසූචි කෑමේ ත්‍රිල් එක ලබා ඇත්දැයි නොදනිමි. හැබැයි මා නම් තුන්සිතකින්වත් කිසිදා එම ත්‍රිල් එක විදීමට බලාපොරොත්තු නොවෙන අතර සත් සමුදුර කියවන්නට එන මධ්‍යස්ථ පාඨකයන් පවා එයට කවදාවත් කැමති නොවෙන බවද දනිමි. එනිසා එම තර්කය නැවත ‍සත් සමුදුරේදී ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටින්නේ මෙම බ්ලොග් අඩවියට පැමිනෙන කිසිවෙකුට එම ත්‍රිල් එක විදීමේ අවශ්‍යතාවක් නැති නිසාය. දේශියව සිදුවූ දේවල් ගැන නම් මා කිසිදු අදහස් පල කිරීමට කැමැත්තක් නැත්තෙමි.මෙම කමෙන්ටුවේ තවත් කොටසක් ඇත (4)

    ReplyDelete
  28. සමාවෙන්න ඕනේ මං මේ පැත්තේ එන්න ටිකක් පරක්කු වුණා. ඔබ ඉදිරිපත් කරල තියෙන පොත නම් හුඟක් වටිනවා කියල හිතෙනවා. හොයාගෙන කියවන්න ඕනේ. කලින් ලිපියේ දි මං ඉදිරිපත් කරපු කරුණක් බොහොම දුර දිග ගිහිල්ලා තියෙන බවත් පේන්න තියෙනවා. ඒ කියන්නේ සෝවියට් හමුදාව සිදු කළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වූ කාරණය. ඒ හින්දා ඒ ගැනත් වචනය කියන්න කැමතියි. මේ සම්බන්ධයෙන් මං තොරතුරු උපුටාගත් මූලාශ්‍රය ගැන කිව්වොත් ඒක හුදු රුසියානු විරෝධි මූලාශ්‍රයක් නොවන බව මුලින්ම කියන්න කැමතියි. අමෙරිකානු යුධ අපරාධ ගැනත් එහි සඳහන් වෙනවා. වෙනත් හමුදාවන් කළ අපරාධයන් ගැනත් එහි කරුණු මෙන්ම ඒවාට අදාළ ඡායාරූප සහ වීඩියෝ පටත් අන්තර්ගතයි. කොහොමවුණත් යුද්ධයක දී හෝ ඉන්පසුව සිදුවන මහා පරිමාණ ස්ත්‍රී දූෂණය වූ කලී තවත් එක් අවියකි. එය සැලසුම් සහගතව සිදුවන්නකි. එය හැමවිටම හමුදාවක විනය සමඟින් ගැලපීමට නොහැකි වන්නේද එබැවිනි.

    ReplyDelete
  29. පෙර කමෙන්ටුවෙන් - ඇත්තෙන්ම sameera එම ජපාන Unit 731 ගැන සදහන් කරන්නට සිතුනේ මීට පෙර අවස්ථාවක පවා නැගෙහිර ආසියාතික යුදපිටියේ ජපාන ක්‍රියාකාරීත්වය මිනිසුන් හරිහැටි අධ්‍යයනය නොකර සුදුහම ඇති ජර්මානුවන් මඟහැර ආසියාතික රටක් වූ ජපානයට පරමානු බෝම්බ දැමූ බවට පල වෙන මතයයි. එහෙක් මෙම ජපාන යුද අපරාධ ඔවුන්ට එම කුරිරු දඩුවම දීමට කිසිදු අවස්ථාවක සාධාරන‍ හේතුවක් වූ බවට අදහස් නොකරන අතර ඇමරිකානු භූමිකාව සුභවාදී යයි කියන්නටද එහි අදහසක් නොවීය. චමිලා (Bindi, බොහෝ අය මා ඇමරිකානු හිකවාදී කණ්ඩායමේ සිටී යයි පොළවේ පස් කමින් පැවසුවද මීට වසර 20 කට පමණ පෙර පාසල් සිසුවෙකු ලෙස හා ඉන් අනතුරුවද සෑහෙන්න කාලයක් සමාජවාදී සෝවියට් ‍දේශය, චීනය, කියුබාව, උතුරු කො‍රියාව ආදී රටවල් කෙරේ දේවභතියකින් සිතන අයෙකුවීමි. එයට බොහෝ විට බලපෑවේ අපගේ පාසලේ එක් සිසුවෙකු ලග තිබූ සෝවියට් දේශයෙන් සම්පාදනය වූ එහි සිංහල පරිවර්ථනය ඇති සඟරා දැකීමෙන් මෙන්ම මැක්සිම් ගෝර්කි හා අනෙකුත් සෝවියට් ලේඛකයන්ගේ පොක පක මෙන්ම කාහටත් සමානාත්මතාව මෙන්ම කවුරුත් එකම මට්ටමේ ධනයකට හිමිකම්පානවා යැයි කියන සමාජවාදය ගැන සොදුරු සිතුවිලිද සහිතව සිටි බැවිනි. එසේම ඇමරිකාව වියට්නාමයේ මෙන්ම අනෙකුත් රටවල ගෙනගිය යුද්ද මෙන්ම කූඨ ලෙස බලය පෙරලීමට CIA සංවිධානය ඔස්සේ ගෙන ගිය ව්‍යාපාර ගැනද පිළිකුලක් ඇතිව තිබූ නිසාය. එහෙත් කාල‍යාගේ ඇවෑමෙන් වයසින් වැඩි වෙත්ම අවබෝදකරගැනීමේ ශක්තියද වැඩිවෙනවාත් එක්කම කියවන්නට ලැබුනාවූ පක්‍ෂග්‍රාහී මෙන්ම මධ්‍යස්ථ මූලාශ්‍ර කියවන්නට ලැබීමෙන් තමන් හා විප්ලව වලට එක්වූ ජනතාවටම බලයට පත්වු පසු තමන් ඇදහූ නායකයන්ගෙන්ම ලැබුන වධවේදනා දැකගැනීමට ලැබුනි. ඉතින් එයින් පසු මෙම ධනවාදී-සමාජවාදී ක්‍රම දෙකම ගැන මධ්‍යස්ථව සිතන්නට පෙළඹුනා මිස එක් අන්තයටක කොටුවීමක් නොවූ අතර ලෝකයේ සමතුලිත බව ඇතිකරන්නට මෙම ක්‍රම දෙකේම ලෝක මට්ටමේ බලවතුන්ගේ අවශ්‍යතාව ඇති බව දු‍ටිමි. එසේම සමාජවාදය යුගයට සරිලන පරිදි යාවත්කාලීන නොවූ නිසා සෝවියට් දේශයේ එය වසර 71 ක් පමණ ඉක්ම ගිය තැන අහෝසි වී ගිය අතරම එම දැවැන්ත රාජ්‍යයේ අන්තිම පාලකයා වූ ගෝර්බචෝව් 80 දශකයේදී පෙරස්ත්‍රොයිකා ව්‍යාපාරය ඔස්සේ එය වෙනත් මාවතකට ගෙන යන්නට සැරසුනත් ඔහු සියල්ලටම තීරණ ගන්නාවිට ප්‍රමාද වී ඇත්තා සේ සමූහාණ්ඩු 15 ගැලවී ගොස් සෝවියට් දේශය බිදවැටීම නවතා ලන්නට ඔහුට නොහැකි විය. එහෙත් චීනයේ මාවෝ ගෙන් පසු බලයට පත්වූ ඩෙන් ශියා ඕ පෙන් ගෙන ගිය වෙලද පොල ආර්ථික ක්‍රමය බිහිකිරීමේ වැඩ පිළිවෙල නිසා චීනයේ සමාජවාදයද රැකගෙන ලෝකයේ බලවතෙකු දක්වාත් ඇතැම් විට ඉදිරියේ සුපිරි බලවතෙකු වීමේ හැකියාවද උදාකරගන්නට හැකිවිය. එහෙත් සෝවියට් දේශය මත යැපුන කියුබාවට හුදකලා වීමටත්, සෝවියට් ස්ටාලින්වාදයම අනුගමනය කල උතුරු කොරියාව ආදි කල්පිත ඩයිනෝසරයෙකුගේ තත්වටයත් පත්විය. ඒක එහෙම වුනා යැයි පැවසෙද්දී මමද මෙසේ තේරුමක් නැති තර්කවලට එළඹීමේ කැමත්තක් නැති නමුත් අන්තගාමී ඉතිහාස විකෘති කිරීමේ මත නිසා යම් අදහසක් සාක්‍ෂි සමග ඉදිරිපත් කිරීමට සිතුවෙමි. ඔබ කියනා පරිදිම මෙම සෑම මූලාශ්‍රයකම සියළුම කරුණු නිවැරදි නොවන බව මමද පිළිගන්නා අතර ඇතැමි විට කතුවරයා ලියන දේ පමණක් නොව මුද්‍රණ දෝශ නිසා ඇතැම් කරුණු වල අන්තර්ගතය මුළුමනින්ම වෙනස් වීමෙන් පරස්පර අදහස් මතුවන බවද බොහෝ පොත්පත් වල දැක ඇත.(මෙතනින් මෙම කමෙන්ටුව නිමාවේ).

    ReplyDelete
  30. @ Anonymous September 9, 2011 1:36 AM

    ශ්‍රී ලංකාවට ආයුධ ලබා දුන්නේ චීනය සහ රුසියාව පමණක් නොවේ. අමෙරිකානු හිතවාදී ඊශ්‍රායලයත් ශ්‍රී ලංකාවේ හමුදාවට බොහෝවිට ආයුධ සපයා තියෙනවා. චීනය සහ රුසියාව පමණක් මෙරට යුද්ධයට උපකාර කළා යැයි යන මිත්‍යාව මෙරට වපුරන ලද්දේ ITN,SLBC,SLRC,Lake House වැනි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතන විසින් බව ද කියනු කැමැත්තෙමි.

    ReplyDelete
  31. @buwa - ස්තූතියි! ඇත්තෙන්ම මිනිසුන් සමහරෙකු කැමති මධ්‍යස්ථ මතයක් ‍කියවීමට හෝ පිළිගැනීමට නොව එක්කෝ තමන් අකමැති අයට මොනවා හරි කියමින් බනිනවා දකින්නට කැමතිය. එහෙමත් නැත්නම් අකමැති අයට හොද කියනවා දැක එය ලියන අයට බනිනන්ට කැමතිය. මට පෙනෙන විදියට එම අයට උවමනා කෙසේ හෝ දැනට සත් සමුදර සිටිනා මධ්‍යස්ථ ස්ථානයෙන් ඉවත් කර එක්කෝ ඔවුන්ට හෙවනැල්ලත් ඇද තමන් මවා ගෙන සිටිනා සතුරන්ට උදේ හවස මෙහි බනිනවා දකින්නටය. නැතහොත් කෙසේ හෝ ඔවුන්ගේ සතුරු පාර්ශ්වය ගැන පක්‍ෂග්‍රාහීව ලියන්නට සලස්වා ලියන කෙනාට මෙන්ම තමන්ගේ සතුරන්ටත් අවලාද නැගීමටයි. මටද පුදුම තවම මෙම පොතේ කතුවරයාද බටහිර කුමන්ත්‍රණකාරයෙකු ලෙස හංවඩු නොගැසීම පිළිබදවයි...

    ReplyDelete
  32. @උදාර
    සතර වන ඊළාම් යුද්දයට මහා පරිමාණයෙන් උදව් දුන්නේ (අවි ආයුධ වශයෙන්) චීනයෙනි. එය කාලතුවක්කු උණ්ඩ, මෝටාර්, පතුරම්, RPG ලෙසය...පකිස්තානයෙන්ද මේ දේවල් ලබා ගන්න ලදී. මහා පරිමාණයෙන් යුද්දයට බාවිතා වූ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මේවාය.
    එයට අමතරව ස්නයිපර් අවි එංගලන්තයෙන්, ඊශ්‍රායලයත් නාවික යාත්‍රා, නියමුවන් රහිත යානා ලබා ගන්න ලදී. ඇමරිකාව, STF බලකායට ආයුධ ලබාගැනීමත් වලක්වන ලදී.
    රුසියාව, ඉන්දියාව සහය වුයේ යුද්දය නවත්වන්නට ඇමරිකාව, එංගලන්තය හා යුරෝපීය රටවල්වල තැත වළක්වන්නටය.
    ඊශ්‍රායලය ඇමරිකන් හිතවාදී බව කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග දිගටම ආයුධ වෙළදාම කරගෙන එන ලදී.

    ස්නයිපර් අවි, නියමුවන් රහිත යානා ආදිය නොමැතිව යුද්දයට බරපතල බාධා ඇතිවන්නට ඉඩ තිබුණි.
    නමුත් චීනයේ, රුසියාවේ උදව් නොමැතිව යුද්දය කරන්නට ඉඩක් නැත.

    ReplyDelete
  33. චීනය සහ රුසියාව ශ්‍රී ලංකාවට කරන උදව් කිරීම සම්බන්ධයෙන් විවාදයක් නැහැ.ඒක හැමෝම පිළිගන්න දෙයක්. ඒත් යුද්ධයට ආයුධ සැපයුවේ චීනය සහ රුසියාව විතරයි කියල කියන එක වැරදි නිසයි මම ඉහත සඳහන් අන්දමේ කමෙන්ටුවක් දැම්මේ.

    ReplyDelete
  34. kawru monawa kiwwath sath amudura kiyanne,mama dakapu supirima blog akak...okkoma lipi tika aasawen read kala..a wagemai comments kiyawalath godak dawal egana ganna puluwan.godak saaarthaka blog akak...dinesh aiyata wish karanawa wadi wdiyen lipe liya waaaaawa kiyala...aiye mamath adahasak kiyannam...ethehasaya ganama lipe liyanne nathewa puluwannam aluth aluth daawal ganath(science,cinama,nawa soyaa ganeem,UFO) liyanna...thanx

    ReplyDelete
  35. මම ඔබේ බ්ලොග් එකේ නිතරම කොමෙන්ට් කරන්නෙ නම් නැහැ. ඒත් හැමදාම කියවනවා. මුලික ලිපිය හා පක්ෂ විපක්ෂ කොමෙන්ට් තුලින් සත්සමුදුර බෙදන දැනුම් සම්භාරයේ වටිනාකම නම් අති විශාලයි.

    පහුගිය බ්ලොග් අවකාශයේ තිබුන ගොඩක් ලිපි නිසා කාලයක් තිස්සෙ මම අත හැරලා දාලා තිබුන ලෝක ඉතිහාසය, ජාත්‍යන්තර දේශපාලනය වගේ කරුණු ගැන ආයෙත් කියවීම සඳහා මගේ උනන්දුව වැඩි වුනා. එහිදි ඔබගේ ලිපි හා සපයා ඇති මූලාශ්‍ර ඉතා වැදගත් වුනා. ඇත්තටම මේ ප්‍රතිවිරුද්ධ මත දරන අයත් නිකම්ම ලියන්නන් වාලේ නොලියා, එහෙම නැත්නම් තමන්ට මතක විදියට නොලියා තමන් ලියන දේට නියම මූලාශ්‍ර සපයමින් කොමෙන්ටු ඉදිරිපත් කරනවානම් හොඳයි.
    ඇත්තටම මේ කිසිම දෙයක් අපි සියැසින් දුටු දේ නෙවෙයි. සෑම දෙනාම කරන්නෙ යම් කිසි ආකාරයක උපුටා ගෑනීමක්. ඒ නිසා මූලික අදහසට වෙනස් වන විදියේ කොමෙන්ටු ඉදිරිපත් කරන විට ඒ තුල තවත් ඉදිරියට යාමට අනික් අයට මග පෙන්වීම ඒ අයගේ යුතුකමක් . එසේ නොමැතිව උප්පැන්නක් නැති තොරතුරු ටිකක් නමක් ලියන්නෙ නැතිව කොටනවනම් ඒවායෙ විශ්වාසනීයත්වය ගැටළු සහගතයි.

    සත් සමුදුරට සුභ පැතුම්..

    ReplyDelete
  36. @සරත් ලංකාප්‍රිය - ස්තූතියි! ඒක තමයි දීර්ඝ කාලයක් තිස්සේ සිටම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ස්වභාවය. අතීතයේ නම් සැබෑ අවශ්‍යතාවයක් තියෙන වාමාංශික නායකයන් කිහිපදෙනෙකු හෝ සිටියා බහුතරය බටහිරින් ලබපු අධ්‍යාපනයත් සමග ‍අපේ වගේ රටවල පීඩිත මිනිස්සුන්ට දැනෙන්න නතා කරන්න හොදම තේමාව සමාජවාදය බව තේරුම් අරගෙන දුප්පත් මිනිසුන් රැවටීම තමයි කලේ. බටහිරට දොස් පවරන බොහෝ නායකයන්ගේ දරුවන් පවා අධ්‍යාපනය ලබන්නේ බටහිර රටවල බව එක්කෝ සමාජවාදය 100% ක් හොදයි. බටහිර 200% ක් නරකයි යනුවෙන් කෑගසන්නන් දන්නවා. නැත්නම් දැනගත්තත් නොදන්නවා වගේ සිටිනවා...

    ReplyDelete
  37. @උදාර - ස්තූතියි! මීට වසර 70 කට පමණ පෙර ලෝක තත්වයත් අද හා සසදා මත ඉදිරිපත් කරන්නන්ට අප කොතරම් මධ්‍යස්ථව සොයා බලා කරුණු දක්වන්නට කිව්වද එය සිදුරු කල කලයකට වතුර පුරවනවා වැනියි. ඉතින් ඔවුන් මර නින්දේ වැටී බටහිර බටහිර යයි ‍මන්ත්‍රයක් සේ ජපකරමින් සමාජවාදය පිළිබදව කෙසේවෙතත් එය ක්‍රියාවට නංවන ලද පුද්ගලයන් කෙරේ අන්ධභක්තියකින් සුන්දර ස්වප්නයක ගිලී සිටින කල එයින් මුදවාලීම වෙනුවට එහිම ගිලී සිටීමට ඉඩ හැර හැගීමට වඩා බුද්ධියට මුල්තැන දෙන සමාජයකට ආමන්ත්‍රණය කිරීම යහපත්ය...

    ReplyDelete
  38. @Anonymous (September 9, 2011 10:39 PM) - ස්තූතියි! හැබැයි ඔබ නම සදහන් නොකර සිටීම ගැන නම් මගේ එතරම් මනාපයක් නැහැ. මොකද දැන් නිර්නාමිකයන් වැහිවැහැලා නිසා. ඉදිරියේදීද විවිද ලිපි ලියනවා. ඒක ඉතිහාසයටම කොටුවීමක් සිදුවන්නේ නැහැ. science,cinama,නව සොයා ගැනීම්,UFO වගේම තව විවිද කරුණු අරඹයා ලිපි ඔබට දැකගන්නට ලැබේවි. ඉදිරියේදිත් සත් සමුදුරට එන්න, ඔබේ අදහස් දෙන්න හැබැයි යම් අනන්‍යතාවයන් සහිතව එය දෙනවානම් එහි වටිනාකම තවත් වැඩිවී තියේවි...

    ReplyDelete
  39. @Luckey - ස්තූතියි! මම කියන්නෙත් මේ දෙයම තමයි. තමන් යම් මතයක් යම් කිසි තමන් උපුටා ගන්නා කරුණක් සම්බන්ධයෙන් දරනවා නම් එහි මුල් මූලාශ්‍රය දෙන්නට බැරිකමක් නැහැනේ. ඉතින් මේ දෙය මේ තර්ක කරන අයට නොතේරෙන්නේ මන්දැයි නොසිතේ...

    ReplyDelete
  40. චීනයේ සියදිවි නසා ගැනීමේ වැඩි රටක් මිස වැඩිම රට නොවේ. මේ ගැන හේතු කීමට බ්ලොග් කරුවෙක්ට නොහැකි අතර පුළුල් සමාජ විද්‍යා පර්යේෂණයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් සිය දිවි නසා ගැන්මේ ප්‍රවනතාව වැඩිම රටවල් මෙයින් බලා ගත හැක.

    http://chartsbin.com/view/prm
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate

    ReplyDelete
  41. ඇනෝ මිතුර, මෙම ලිපියට අදාල ‍රටේ මිනිසුන් සියදිවි නසා ගැනීමට හේතුවන සියළුම සාධක හෝ එය තහවරු කිරීමට ඇවසි පර්යේෂන නම් කිරීමට මෙම ලිපියේ හෝ බ්ලෝග්කරුවෙකු ලෙස මා හට නොහැකි බව සැ‍බෑවන්නට පුළුවන්විය හැක. එහෙත් එම දේ කර ගැනීමට හේතුවන එක් සාධකයක් හෝ මෙහි අන්තර්ගත නොවේ කියන්නට හැකියාවක් ඔබටද නැත. මන්ද නිදහස අසීමිත ලෙස සීමා වී මිනිසුන් මානසික ලෙස බෙලහීන වූ කල මෙවැනි දේ කර ගැනීමට පෙළඹෙන බැවිනි. ඒ කෙසේවෙතත් මා ඔබට ස්තූති කරනුලබන අතර ඒ මෙම සිද්ධිය ගැන වෙනස් කෝණයකින් බැලීමට උදව් වන්නාවූ යම් මූලාශ්‍රයක් සටහන් කිරීම තමන්ගේ හිතට එන අදහස් කීමට වඩා කිහිපගුනයකින් වටිනා නිසාය...

    ReplyDelete
  42. පර්යේෂණ ඔබ කල යුතු යයි මම අදහස් නොකරමි.එය අපිට එහා ගිය දෙයකි. නමුත් චීනයේ සියදිවි නසා ගැනීම් වැඩි වීමට හේතු ඇසුවේ ඔබය.

    ඔබ කියන නිදහස සීමා වීම ගැන පිළිතුර නම් සිය දිවි නසා ගැනීම් ලයිස්තුවේ මුලින් ඇති රටවල් 50 හෝ 10 හෝ 20 ගත් විට ඒවා අතර බහුතරය ප්‍රජාතන්ත්‍ර වාදී රටවල් බවය. අපේ රටද මේ ලයිස්තුවේ 10 වෙනියට තිබේ. සමහර බටහිර මාධ්‍ය වාර්තා කියවා බැලු විට මේ කියන්නේ අපේ රටේ ගැනයි සිතේ. ඒවාට අනුව ලංකාවද ජීවත් වීමට ඉතා අහිතකර තැනකි.
    නමුත් ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීම් වැඩිමනක් සිදුවන්නේ මිනිසුන්ගේ නිදහස සීමාවීම්දැයි සැක සහිතය.
    මා අසා ඇති සිය දිවි නසා ගැනීම් සියල්ල පාහේ ප්‍රේම සම්බන්දතා, සමීපමතයෙකුගේ වියෝවක්, ආර්ථික ගැටළු ආදිය නිසා වීමය.
    තමන්ට ජනාධිපතිට බනින්න බෑ කියා හෝ මාර්ග බාදක ඇති නිසා එල්ලුණු එකදු අයෙක් ගැන හෝ මම අසා නැත්තෙමි. ශ්‍රී ලංකාවේ ඇති මිනිසුන්ට ඇති ගැටළු චීනයේ මිනිසුන්ටද ඇතැයි මම සිතමි. එසේම ඉහලම ඇස්තමේන්තු (චීන රජයේ වාර්තා විශ්වාස කල නොහැකි යයි කියන අයගේ වාර්තා අනුව) ගත්තත් චීනය සිටින්නේ 13 වන ස්ථානයේය. මේ ගැන පර්යේෂණ කර ඇත්තන්ට අනුව සුපුරුදු පරිදි ආර්ථික ගැටළු, නුගත්කම, රැකියා ස්ථනයේ ගැටළු මෙයට හේතු වී ඇත.
    චීනයට මුලින් දකුණු කොරියාව, ජපානය, ෆින්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ස්වීඩන් (නිල වාර්තා අනුව) සිටි. මේවායේ වාසින්ටද ජීවිතය එපා වන්නට ඇත්තේ නිදහස සීමා වීම නිසා විය නොහැක.

    ReplyDelete
  43. @Anonymous (September 10, 2011 7:23 PM) - ස්තූතියි! ඔබ මෙම ලිපියේ ඇතැම් නිර්නාමික කමෙන්ටුවලට වඩා මධ්‍යස්ථ හා යම් කිසි සංවාදයකට ආකර්ශනය විය හැකි ආකාරයෙන් අදහස් පල කිරීම ගැන ඔබට තුති පුදකල යුතුය. එසේම මෙම කරුණ සම්බන්ධයෙන් ඔබගේ දැනුවත් භාවය මට වඩා ඉදිරියෙන් තිබීම. සියදිවි නසා ගැනීම වැනි කරුණු අධ්‍යයනයට අවශ්‍ය සමාජ විද්‍යා මෙන්ම මානෝවිද්‍යාත්මක හැදෑරීමක් මම කිසිදා නොකල අයෙක් වීම හේතුකොට ගෙන මෙවැනි සංවේදී මාතෘකාවක් සම්බන්ධයෙන් තර්ක කිරීම කෙසේ වෙතත් අදහස් පල කිරීමද වටිනාකමෙන් තොරදෙයක් විය හැක. එසේම අඩුම තරමෙන් මාහට මෙය ගැන ඉදිරිපත් කල හැකි කෙබදු ආකාරයක හෝ මූලාශ්‍රයක්ද සතුව නොමැත. ඒ නිසා මේ ගැන මම තර්කයකට එළඹීමට අදහස් නොකරන අතර මාහට ‍හැගෙන කරුණු කිහිපයක් මෙහි සටහන් කරන්නම්. හැබැයි එය ඉදුරා පිළිගන්නට හෝ එය තමයි එකම සත්‍යයයි පැවසීමටද නොයනබව නිහතමානීව හා අවංකව සදහන් කරමි.

    මම නම් හිතන ආකාරයට බහුතරයක් සියදිවි නසා ගන්නේ මානසික වශයෙන් ඔවුන් පහලම ස්ථානයට වැටීම හා අපේක්‍ෂා භංගත්වය නිසයි. සමහර විට තව ‍ගරුත්වය රැක ගැනීම, දිළිදු බව, සමාජයට මුහුණදීමට නොහැකිවීම, ආදරය වැනි සබදතා වල බිදීයාම්, පවුල් ගැටළු මෙන්ම ඇතැම් විට ආගමික වශයෙන් උන්මාදයට ලක්වීමද හේතුවිය හැක. මෙවැනි තත්ව ඇමරිකාවේ පවා ඇතිවී තිබෙන බව අසා කියවා ඇත්තෙමි. එසේම සංස්කෘතිකමය ලක්‍ෂනයද සියදිවි නසා ගැනීමට ඇතැම් විට හේතුවන්නට ඇතිය යන්න මගේ අදහසයි.

    කෙසේවෙතත් ලෝකයේ කිසිම තැනක මේ වන තෙක් පූර්ණ සමාජවාදය හෝ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඇති රටක් බිහිවී ඇතියයි නොසිතන අතරම ඒ දර්ශනයේ වැඩි ලක්‍ෂන ඇති රටක් මේ දර්ශනය අනුගමනය රටක් ලෙස නම්කරා යයි පැවසිය හැක. එසේම එහිදී සමාජවාදය වැඩි බරකින් අනුගමනය කරන්නට ගිය රටක් දීර්ඝ කාලයක් පැවතීමද යථාර්තයක් නොවූ අතර දැනට ඉතිරිව ඒ කාණ්ඩයට ඇතුලත් කර ඇති කියුබාව හා උතුරු කොරියාව ලෝකයෙන් සෑහෙන්න දුරකට හුදකලා වී විවිද භාදක ඔස්සේ ඉදිරියට යන බවක්ද පෙනෙන කරුණකි. එසේම කියුබානු විප්ලවය සිදුවන අවස්ථාවේ එයට සමාජවාදී මුහුණවරක් නොතිබු බව මේවන තෙක් අසා සහ කියවා ඇති මූලාශ්‍ර වලින් පෙනෙන අතර පසුකාලීනව ඔවුන් සෝවියට් හිතවාදී වීම තුල එම කදවුරට අයත් වීමක් සිදුව ඇති සෙයක්ද පෙනේ. චීනයේ නම් දැන් ඇත්තේ පූර්ණ සමාජවාදයක් යයි කිව නොහැකි අතර වෙලද පොල මත පදනම් වූ දර්ශනයක් එහි තිබෙන බව පැවසිය හැකි අතර සමාජවාදයෙන් ඔබ්බට ගිය ඉහල ධනවත් පැලැන්තියක් එහි ඇතිවී තිබේ.

    ඒ නිසා මෙම සංඛ්‍යාත්මක අගයන් පදනම් කරගෙන එය සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවායද මත සියදිවි නසා ගැනීමක් ලෙස මා නම් අදහස් නොකල අතර මා එතනදී ඉඟි කලේ දීර්ඝකාලයක් යම් ක්‍රමයක් පවත්වාගැනීමට හා එහි චිරස්තතිය උදෙසා විවිද සීමා කිරීම් තුල මෙන්ම ඒවාට යම් සහනයක් බලාපොරොත්තුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට (තියෙන්මාන් සිදුවීම වැනි) නොහැකි මර්ධනකාරී ස්වභාවය තුල හා එම රටින් බැහැරවීමට නොහැකියාව ඇති අය අතරින් පීඩාව දරාගත නොහැකි යම් අයෙක් මෙවැනි තත්වයකට පත්වීමටද ඉඩ ඇති බවයි. හැබැයි එය සියදිවි නසා ගැනීමට පූර්ණ හා ප්‍රධානම සාධකය නොවන බවද තරයේ හා පුන පුනා ප්‍රකාශ කරමි.

    ධනවාදී රටවල ඒ ක්‍රමය තුලද ඇති නැති පරතරයේ දැඩි විශමතාවයද වරින්වර එම රටවල හටගන්නා ආර්ථික අවපාත නිසා රැකියා අහිමිවීම, සමාජ මට්‍ටම පහලට වැටීම, මත් දුව්‍ය හා අනෙකුත් දුරාචාර නිසා පිරිහීමට ලක්වී මානසිකව ඇදවැටීමද තම ජීවිතය අහිමිකරගන්නට හේතුවිය හැක. තවත් හේතු රැසක් මෙයට තිබිය හැක.

    කෙසේවෙතත් අපේ රටේ මාර්ග භාදක ගැන ඔබ කියා ඇති සිද්ධිය නම් පිළිගත නොහැක්කේ එය මේ කියන ආකාරයේ නිදහස සීමා කිරීමක් නොව ලංකාව දීර්ඝකාලයක් මුහුණ පා සිටි තත්වය කුඩා දරුවෙකු පවා වටහාගෙන ඇති නිසා එය නිදහස සීමා කිරීමට වඩා ආරක්‍ෂාව වෙනුවෙන් ගතයුතුම මෙන්ම යම් කැපකිරීමක් සිදුකල යුතුම අවස්ථාවක් නිසාය. එයට වඩා කැපකිරීම් කර කිසිවක් නොලද්දන් හා පීඩාවට පත්වූ අයද සියදිවි නසා ගැනීමක් මමද අසා නැත්තෙමි.

    කෙසේවෙතත් ඔබ හා මම මොනමතයක සිටියද ඔබ මේ කරුණ අරඹයා අදහස් ප්‍රකාශකල ආකාරයට මම නැවත වරක් ප්‍රශංසා කරමි. ඒ ගුණාත්මකභාවය නිසාම තමයි ඔබ නිර්ණාමික වුවද මා පිළිතුරු ලබා දුන්නේ. මන්ද ඔබටම පෙනෙන්නට ඇති මේ ලිපියේ සහ පසුගිය ලිපි කිහිපයකම කිසිදු මුලාශ්‍රයක්, පිළිගත හැකි සාක්‍ෂියක් නොමැතිව හාස්‍ය උපදවන ආකාරයෙන් නිර්ණාමිකව අදහස් දක්වා ඇති ආකාරය. සත් සමුදුරේ කවදත් ප්‍රතිපත්තියක් වන මධ්‍යස්ථභාවය මෙන්ම මෙයට පැමිනෙන මධ්‍යස්ථ පාඨකයන‍්ගේ බලාපොරොත්තුවද එයම නිසා නිර්ණාමික කමෙන්ටු වුවද මෙයට ඇතුලත් කිරීමට බාධාවක් පැනවීමට අපෙක්‍ෂා නොකරන අතර එවැනි කමෙන්ටු වලට පිළිතුර දීමට කාලය මිඩංගුකිරීමද අර්ථවිරහිත නිසා දැන් එවැනි කමෙන්ටු අවශ්‍ය කෙනෙකුට කියවා තමන් කැමති තිරණයකට එළඹීමට පමනක් ඉතිරිකර ඇත්තෙමි. සාධනීය අදහස් ඇති නිර්ණාමික කමෙන්ටුවලට පමණක් පිළිතුරු සපයන්නෙමි...

    ReplyDelete
  44. ඉහත ඇනෝ කමෙන්ටුවටම සම්බන්ධයි - ඔබට හැකියාවක් ඇතොත් 2011 සැප්. 11 දින ඉරිදා ලක්බිම පත්‍රයේ චීනයේ ආර්ථික හා හමුදාමය දියුණුව ගැන ලියූ ලිපියක් ඇත. එය මේ සියදිවි නසා ගැනීම කෙසේවෙතත් චීනයේ වර්තමානය ගැන අධ්‍යයනකරන අයට හොද ලිපියක් බව සිතේ...

    ReplyDelete
  45. මේ සංවාදය මෙතරම් ඇද ගෙන යාම පිලිබඳ ස්තුති කරමි. නිර්නාමික වීමෙන් නොයෙක් ගැටළු පැන නගින නිසා (සැහෙන කලක පටන් සිතා සිටි පරිදි) බ්ලොගයක් ආරම්භ ක්‍රම පිළිතුරු දීම වැඩ යහපත් යයි සිතමි.

    ReplyDelete
  46. @මගේ කතාව - බ්ලොගයක් ආරම්භ කිරීම වඩාත් හොදයි. ඒ නැතත් අඩුම තරමෙන් අනෝනිමස් ලෙස පැමිණියත් මුලට හෝ අගට තමන්ගේ අනන්‍යතාවයක් සටහන් කල හැකියි. එවැනි කමෙන්ටු සත් සමුදුරේ ඕනෑතරම් තිබෙනවා. ඒ වගේම මේ කමෙන්ටු ඇතුලත් කරන කොටුවට පහලින් Comment as : යටතේ විවිද තෝරාගැනීම් තිබෙනවා එයින් තමන්ට සුදුසුයයි හැගෙන ක්‍රමයක් තෝරාගැනීම වඩාත් හොදයි..

    ReplyDelete
  47. /චීනයේ මිනිසුන් සැබැවින්ම දක්‍ෂ‍යෝය. එය මේ ඔබ කියනා සමාජවාදය එහි බිහිවීමටත් පෙර තිබූ දෙයක්. වෙඩි බෙහෙත්, කඩදාසි මෙන්ම නූතන රොකට් තාක්‍ෂනයේ මූලධර්ම වලට අදාල අහස්කූරු වැනි අහසට විදින ගිනිකෙලි නිපදවූ ඔවුන් ලෝකයම තවමත් මවිත කරවන චීන මහා ප්‍රාකාරය පවා තැනුවේ රජාණ්ඩුසමයකයි/

    චීනය රාජන්ඩු සමයේ හොදට තිබූ බව සෑබෑය.
    නමුත් අදිරාජ්යවාදීන්(ඉ0ග්‍රීසි,ජපාන )ඵය පරාදීන ජාතියක්කොට සම්පත් ම0කොල්ලකෑවේය.හරියට ල0කාව වගේය.
    ල0කවත් රාජන්ඩු සමයේ සුපිරි රටකි.අපේ වෑවු තක්ශනය,වෙදකම,ගෘහනිර්මාන කටත් නොදෙවනිය.
    නමුත් මෙහි පෑමිනි අදිරාජ්යවාදීහූ අප යටහ්විජිතයක් කොට සූරාකා රට විනශකර සම්පත් ගෙනගියෝය.
    චීනයත් පරාදීන ජාතියක් කොට ඵයම සිදුකලේය.
    පසුව අදීරාජ්ය හිතෑති දේශීය පාලනයක් බිහිකොට නව යටත් විජිතවාදය(කෙලින්ම නෙවෙයි ගිවිසුම් හරහා හූරාකෑම ) සිදුකලේය.
    ඵ් චියන්කායිශේක් ලා හරහාය.

    නමුත් මවෝ ලා ඵම පාලනය පෙරලාදමා ජනතවගෙ පාලනයක් බිහිකලේය.
    විප්ලවයට පෙර සාම්ප්‍රදයික අදයාපනය බිදදමා නූගත් කරතිබූ චීනය අද සාක්ශරතවය අතින් ඉදිරියට පෑමින් ඈති ආකාරය බලන්න.
    http://en.wikipedia.org/wiki/Education_in_the_People%27s_Republic_of_Chin

    අතීතයේ සියල්සපිරි චීනය අදිරජ්යවාදීන් බිදදෑමූහ.නමුත් චීන ජනතාව ඵ් වහල්බෑම්ම බිදදමා අද ගොස්ඈති දුර බලන්න.
    අපේ රටද අතීතයේ සුපිරි රටකි.
    නමුත් අද???
    අද තෙල් ඉන්දියාව අරන්යයි,මාලු ටිකත් අල්ලන් යයි.
    ඊට හේතුව කුමක්ද?

    ස්වාදීනව ලබාගත් විද්‍යා,ආර්තික බලය තාක්ශන දෑනුම හමුදා බලය කොපමනද?
    1950දශකයේ චීන විප්ලවය සිදුවන කාලයේ චීන රටේ තත්වය හා අ948 ල0කවට නිදහසට පෙර තිබූ තත්වය සමාන විය.නමුත් අද වසර 60ක ඈවෑමෙන් රටවල් දෙකේ වෙනස කොහොමද?
    චීනය පමනක් නොව කුඩා කියුබාව,වියට්නාමය උ.කොරියව අද නිදහස් රටවල්ය.
    නමුත් දනවාදී මගේ ගිය අප්‍රිකාන්,ලතින් ඈමරිකානු රටවල් වලට ගියකල!!!
    නමට නිදහස්ය (ල0කවේ වියවස්තවේද මෙරට ප්‍රාජාත්‍රන්තික සමාජවාදී රටක් සේ දක්වාඈත )
    ඵ් නිදහස රට හූරගෙන යන කොම්පෑනිවලටය.
    ජනතාව ඵවායේ කුලීකරුවන් සේ කබුරමින් සිටී.

    /ඒක තමයි දීර්ඝ කාලයක් තිස්සේ සිටම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ස්වභාවය. අතීතයේ නම් සැබෑ අවශ්‍යතාවයක් තියෙන වාමාංශික නායකයන් කිහිපදෙනෙකු හෝ සිටියා බහුතරය බටහිරින් ලබපු අධ්‍යාපනයත් සමග ‍අපේ වගේ රටවල පීඩිත මිනිස්සුන්ට දැනෙන්න නතා කරන්න හොදම තේමාව සමාජවාදය බව තේරුම් අරගෙන දුප්පත් මිනිසුන් රැවටීම තමයි කලේ/

    දනවාදයේ නරිවදම රෙද්දපල්ලෙන් බේරෙන්නේ කරනකොටය.
    සාමන්යෙන් දනවදීහූ කුහකයෝය.මේරට සෑම වියසනයකදීම පෙරට ආවේ කම්කරුපක්ශබව වාම0ශික පක්ශවලට ගරහන් උදවිය මතකතබගතයුතුය.

    මෙරට අතීතයේ මෑලෙරියා වස0ගත සමයේ පෙරට අවේ සමසමාජයයි.
    ඵ්වකට DB ජයතිලක කියාතිබුනේ උන් මෑරෙන්නේ උන්ගේ කරුමයට බවයි.මෙය ඵකල ආන්දෝලනත්මක කරුනක් විය.
    මෑතකදී සුනමි වියසනයේදී ජවිපේ කල සේවය හා සටන්විරාම සමයේ ඊට ඵරෙහීව නෑගීසිටිනවිට ලිබරල් පක්ශ සිටියේ නිදිවෑදී නොවේද?

    ReplyDelete
  48. මා පලකල කමෙන්ට් දක්නට නෑ.
    ඵයට කනගාටුවෙමි.!!!!!!!!!!!!!!!!!!!!!!!!

    -ඈනෝ කෙනෙක්

    ReplyDelete
  49. මම සත්සමුදරට අලුතෙන් එක උනේ වටිනා ලිපි ගොඩක් තියෙනවා.ඔලුව රිදෙනකම් කිවෙව්වා.මොකක්ද මේ උනිට් 731 කියන එක අද තමඊ එක ගැන දැන ගත්තේ.ඉදිරියේදී හැකිනම් ඒ ගැන ලිපියක් සිංහලෙන් ලියන්න.ඔබට ගොඩක් ස්තුති.තවත් ලිපි ගොඩක් ලිවීමට ශක්තිය ලැබේව.

    ReplyDelete
  50. @sampath silva - ඔබව බොහොම ආදරණීය ලෙස පිළිගන්නා අතරම Unit 731 ගැන දැනට කෙ‍ටියෙන් කියන්නම්, පසුව ඒ ගැන සවිස්තරාත්මකව ලියන්නම්. මේක දෙවන ලෝක යුද්ද කාලේ තිබුන ජපන් සේනාංකයක්. මෙහි ක්‍රියාකාරකම් වැඩිපුරම සිදුවෙලා තියෙන්නේ චීනය තුලයි. ඒකාලේ චීනය, ජපානය විසින් යටත් කරගෙන තමයි ඉදලා තියෙන්නේ. මට හැබැයි හරියටම මතක නැහැ මුළු චීනයම ඔවුන් යටත් කරගෙන සිටියාද කියන එක නම්. කොහොමවුනත් මෙම සේනාංකය විසින් තමන්ගේ සිරභාරයේ සිටිය සිරකරුවන්ව යොදාගෙන බිහිසුන පරීක්‍ෂන සිදුකරල තියෙනවා. ඒවා බොහෝමයක්ම පාහේ සිදුකරල තියෙන්නේ අදාල පුද්ගලයා සිහිසුන් කිරීමකින් තොරව පියවි තත්වය යටතේදීමයි. ඉතින් මේ ගැන තව විස්තර පසුව කියන්නම්...

    ReplyDelete
  51. සටහන කියෙව්වා. ස්තූතියි කාලයක් වැය කර මෙවැනි අනගි සටහනක් දැම්මාට.

    මුල් කොටසේ අකුරු පැහැදිලියි. අනතුරුව එන කොටස්වල අකුරු වෙනත් font නිසා මගේ ලැප් එකේ කියැවීම දුෂ්කරයි. හදන්න පුළුවන් නම් හදන්න. අනාගතයේ දවසක තොරතුරු හොයන අයෙකුට පහසුවෙන් කියැවීමට එය වැදගත් වේවි.

    ඩබ්ලිව්. එම්. කරුණදාස මහාචාර්යවරයාගේ පොත කර්තෘ ප්‍රකාශණයක් බව දැක්කාම හිතුනේ සිංහලෙන් කියවන අයට බහුතර මතයට වෙනස් වූවක් පිළිගන්වන්න තියෙනා වූ බාධක කොතරම් දැයි කියා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඒවගේම අකුරු ගැන කියුව එකත් හොදයි. මම අත්හදා බැලීමක් විදියට මලිති (Malithi) කියන Font එක තමයි භාවිතා කළේ. සමහර විට රතු පැහැයෙන් තියෙන අකුරුද දන්නෙත් නැහැ කියවන්නට බැරි. ඔබට කරදරයක් නොවේ නම් කොයි ස්ථානයේ සිටද කියවන්න බැරි තත්ත්වය තියෙන්නේ කියල කියන්න පුළුවන්ද?

      Delete
  52. දිනේශ්,

    මුල පරිච්ඡේදය විතරයි පැහැදිලිව තියෙන්නෙ.

    //දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් දරන මතය හා වපුරන විහිළු බොරු මතයන්ගෙන් ඈත් වීමටත් හොද පොතක් (International Politics) සහ සත් සමුදුරේ තවත් කඩඉමක් සමග පසුගියදා පල කල හිට්ලර් ගැන ලිපියේ ඇතැම් ඇනෝනිමසයන්ට පිළිතුරු..//

    අනතුරුව එන සියල්ල කියැවීම අපහසුයි.

    ReplyDelete
  53. I am regular visitor, how are you everybody? This paragraph posted at
    this site is in fact pleasant.

    Also visit my webpage ... click here

    ReplyDelete
  54. මේක කියවලා මනුෂය ලොකේත් එපා උනා.

    ReplyDelete
  55. Bosnian war eka gena oya liyala thiyenawada

    ReplyDelete