Saturday, May 7, 2011

Photoshop වලදී සරල ක්‍රම කිහිපයක් භාවිතාකර පින්තූරයක් පසුබිම ඉවත් කිරීම සහ ඉවත් කල පසුබිම වෙනුවට කැමති වර්ණයකින් පුරවාගැනීම...

Photoshop වලදී image එකක background එක ඉවත් කරගන්න සරල වගේම සංකීර්ණ ක්‍රම රාශියක් තියෙනවා. අද එයින් සරල ක්‍රම කිහිපයක් භාවතා කරල පින්තූරේ පසුබිම ඉවත් කර ගන්නවා වගේම ඒ වෙනුවට අපි කැමති වර්ණයකින් පුරවා ගැනීමත් කරගන්නා ආකාරය බලමු. මුලින්ම මෙම ක්‍රියාවලිය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය පෙන්වන්නම්. ඒ සදහා මෙයට යොදා ගත්ත පින්තූරයත් ඔබ සත් සමුදුරේම මීට පෙර පලවූ ලිපියක් වන ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතා වූ හෙලිකොප්ටර් ලිපියේ තිබුන AH-1 Cobra කියන හෙලිකොප්ටරයේ පින්තූරයයි.

මෙන්න තියෙනවා මුල් පින්තූරය :

මුලින්ම අපිට Layer from Background ලේයරය සාදා ගන්න අවශ්‍යයි. ඒ සදහා File Menu එකේදී Layer  New  Layer from Background යෑමෙන් හෝ Background Layer මත Double Click කිරීමෙන් හැකියි. 

එවිට මේ Windows එක ලැබෙන් අතර එය  Ok කර ඉදිරියට යන්න.

දැන් Background ලෙස නම් වී තිබූ ලේයරය Layer 0 ලෙස නම්වී තිබෙන ඔබට දැක ගත හැකියි.

මීලගට හෙලිකොප්ටරය පමණක් ඉතිරිවන සේ පසුබිම ඉවත් කර ගැනීමට Magic Eraser Tool එක භාවිතා කරන්න අවශ්‍යවෙනවා. එය Photoshop Tool box එකේ Eraser Tool එකට යටින් සැඟවිලා ති‍යෙන්නේ. ඒක නිසා Eraser tool එක මතට Mouse Pointer එක ගෙනැල්ලා click කරගෙන සිටීමෙන් හෝ keyboard එකේ අකුර press කිරීමෙන් මෙම  Magic Eraser Tool එක ගන්න පුළුවන්. ඉන්පස්සේ image එකේ පසුබිම ඉවත් කර ගන්න අවශ්‍ය ස්ථාන වලට මෙම Tool එක Click කිරීමෙන් පහසුවෙන් පසුබිම එකම වර්ණය ඇති ස්ථාන ඉවත් කරගත හැකියි.

මේ තිබෙන්නේ එක් කොටසක් පමණක් ඉවත් කර ගත් පින්තූරය.

පින්තූරයේ පසුබිමේ ඉතිරි කොටසුත් අපට ඉතිරි ‍කර ගන්න අවශ්‍ය‍ කොටස් වලට හානි නොවන ලෙස මෙම Magic Eraser Tool එකෙන්ම ඉවත් කර ගන්න. මෙම Tool එකෙන් ඉවත් කර ගන්න නොහැකි කොටස් සාමාන්‍ය Eraser Tool එකෙන් ඉවත් කර ගන්න. එය පහසුවෙන් කර ගන්න පින්තූරය අවශ්‍ය ආකාරයට විශාලනය කර ගැනීමෙන් සිදුකරගත හැකි නිසා පින්තූරය විශාලනය කර ගැනීමට යතුරු පුව‍රුවේ  Ctrl සහ +භාවිතයෙන්ද නැවත කුඩා කර ගැනීමට අවශ්‍ය නම්  Ctrl සහ - යොදා ගෙනද සිදුකල හැකි අතර එයට අමතරව Navigator හරහා වුවද එය කර ගත හැකියි.

එසේම විශාලනය කල පින්තූ‍රය එහා මෙහා කිරීමට Hand Tool එක අවශ්‍ය වෙනවා. 

එය Keyboard එකේ භාවිතයෙන් හෝ Toolbar එකෙන්ම Select කර ගැනීම හෝ bar එක අවශ්‍ය අවස්ථාවේ Press කිරීමෙන් ලබා ගත හැකිය.

එසේම මෙම Eraser Tool දෙකම භාවිතයේදී ඔබට අවශ්‍ය පහසු ආකාරයේ Brush size එකක් තෝරාගන්නත් අමතක නොකරන්න.

මෙන්න මුළුමනින්ම පසුබිම ඉවත් කරගත් පින්තූරය :
දැන් මෙම අවශ්‍ය කොටස් පමණක් ලේයරකට ගැනීමට මුලින්ම  Lasso Tool එක තොරාගෙන අවශ්‍ය කොටස සලකුණු කර ගතයුතුයි. 

එම Lasso Tool එක keyboard එකේ L Press කිරීමෙන් හෝ Toolbar එකෙන්ම Select කර ගැනීම මගින් ලබා ගත හැකියි. 

මේ එලෙස Lasso tool එකෙන් සලකුණු කරගත් පින්තූරයයි.

දැන් මෙම සලකුනු කර ගත් කොටස ලේයරයකට ගැනීම කල යුතු අතර මෙවිට එය සිදු කරන්නේ Layer via cut ක්‍රමයටයි. එය සිදුකර ගැනීමට keyboard එකෙන්  Ctrl   Shift   J හෝ File Menu එකේදී Layer  New   Layer via cut  යෑමෙන් සිදුකර ගත හැකි අතර එවිට Layer 1 ලේයරය සෑදී ඇති බව දැක ගත හැකි අතර දැන් මුලින් අප තනා ගත්  Layer 0 ලේයරය පමණක් ඉවත් කරන්න. එය එම ලේයරය මතට ගොස් එය පහළින් දක්වා ඇති waste bucket එක වෙතට drag කර ගැනීමෙන් සිදුකර ගත හැකියි.

දැන් අවසානයට තිබෙන්නේ Create New fill වෙත ගොස් අවශ්‍ය වර්ණයෙන් පසුබිම Fill කර ගෑනීමයි.

දැන් ඔබට පෙනෙනු ඇත්තේ Fill කර ගත් වර්ණය පමණයි. හෙලිකොප්ටරය නොපෙනෙනු ඇත. එවිට ලේයර් පිහිටා ඇත්තේද මෙලෙසයි.

ඒ නිසා දැන් හෙලිකොප්ටරය මතුකර ඉහලට ගැනීමට මෙම රවුම් කර ඇති ‍ලේයරය Layer 1 ට පහළට Drag කරන්න.

එවිට ඔබට අවසාන ප්‍රතිළුලය ලැබේ.

9 comments:

  1. මේ ෆොටෝ ෂොප් පාඩම් ටික නම් මට මාර වටිනවා. පුලුවන් නම් සතියකට එක පෝස්ට් එක ගානෙවත් දාන්න.

    ReplyDelete
  2. @උදාර - ස්තූතියි! ඔව් ඔබගේ ඉල්ලීම ඉදිරියේදී ඉටුකරන්නම්...

    ReplyDelete
  3. ඉගෙන ගන්න අයට ඉතාම ප්‍රයෝජනවත්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම comment box එකේ ලියන සමහර කොටස් කොටු වැටෙනවා. අද තමයි මෙහෙම වුනේ. [මගේ බ්ලොග් එකේ.] මම google transliteration තමයි පාවිච්චි කරන්නේ [.විජේසේකර හෙම පාවිච්චි කරන්න නම් කියන්න එපෝ.]

    ReplyDelete
  4. @Bindi - ස්තූතියි! ඔබ නැවත පරිගණතය Restart කරන්න. ඊට අමතරව Google Chrome භාවිතා කරල බලල වෙනසක් නැතොත් ආපසු කියන්න...

    ReplyDelete
  5. thank you Dinesh . I think today its fine.

    ReplyDelete
  6. ෆොටෝෂොප් පිළිබඳ පෝස්ට් එක ඉතාම වටිනවා.ලෝගෝ එකක් නිර්මාණය කරගන්නා විදිහ ඉදිරියේදී කියලා දෙයි කියලා හිතෙනවා.මොකද එහෙම ඒවා දන්නවා නම් ජාලයේම රැකියාවක් වුණත් හොයා ගන්න බැරි නැහැ. හැබැයි අපි ඒ ගැන හොඳටම දැන ගන්න ඕනේ. ඉතිං සත්සමුදුරෙන් ඒ කාර්ය ඉටු කර දීම ගැන අපේ සතුට පළ කරනවා.

    ReplyDelete
  7. @kandyangate - ස්තූතියි! මෙම මාතෘකාවෙන් එතරම් ලිපි තවම පලකරන්න බැරිවුනත් ඉදිරියේදී හැකිපමණින් මෙම වර්ගයේ ලිපිද පල කරනවා...

    ReplyDelete
  8. well done, keep writing

    ReplyDelete
  9. නියමයි! මම මේක කරා.සතුටුයි.ලියල තියෙන විදිය නියමෙට තෙරෙනවා.
    ඉදිරියටත් අපිට මේ වගේ පාඩම් කියල දෙන්න.ගොඩක් ස්තුතියි.බුදු සරණයි!

    ReplyDelete