ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියක එම චරිතය නිරූපනය වූ ආකාරය |
අද අපි සිනමාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවන්නේත් මෙවැනි සූක්‍ෂම විදියට අපරාධ විසදන නූතන කාලයේ කණ්ඩායමක් පිළිබදව නිර්මාණයවුන රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක් පිළිබදවයි. මෙම ටෙලි නාට්‍ය මාලාව තිරගත වෙන්නේ නම් ඇමරිකාවේ වුනත් අද අපේ රටෙත් විවිද සන්නිවේදන ආයතන මගින් ලබා දෙන බටහිර රූපවාහිනි චැනල ඔස්සේ අපේ රටේදිත් මෙම කතා මාලාව දැක බලා ගන්න හැකියාව තියෙනවා. මෙම ටෙලි නාට්‍ය රහස්පරීක්‍ෂක කතා මාලාවන් තමයි CSI Miami සහ CSI New York.
මෙම නම් වල හැටියටම ඒ රටේ ජනපදයන් වල ප්‍රධාන නගරවන මියාමි හා නිව් යෝර්ක් පොලිසි සේවයේ මිනීමැරුම් වගේ අපරාධ හා සම්බණ්ධව ක්‍රියාකරන කණ්ඩායම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වටා ගෙතුන එක්වරකට කොටස් 24-25 ක් වගේ තියෙන ටෙලි නාට්‍ය මාලාවක් වන අතර එයට පෙර නිර්මාණය වූ තවත් නගරයක මෙවැනිම කණ්ඩායමක් වටා ගෙතුන කතා මාලාවකුත් තියෙනවා. එය තමයි CSI Las Vegas. හැබැයි එය ගැන මෙම ලිපියේදී සදහන් කරන්නට බලාපොරොත්තුනොවෙන්නේ එය මෙම අපගේ මාතෘකාවට අදාල කතා මාලාවන් දෙක තරම් සිත් ඇදගන්නා සුළු බවක් නොතිබුන නිසායි. ඒත් ඒ මගේ හැගීම වුනාට සමහර විට එයත් ඔබට සිත් ගන්න ඉඩ තිබිය හැකි නිසා තමයි එය ගැනත් සුළුවෙන් හෝ සදහනක් කරනු ලැබුවේ.
කෙසේ වෙතත් මෙම කතා මාලාවන් සියල්ලේම යම් සමාන බවක්, ඒ කියන්නේ ඒ ඒ කණ්ඩායම් වල තනතුරු හා ක්‍රියාකාරකම්වල තියෙනවා වගේම ඔවුන් සිය තර්කානුකූලබාවය මෙන්ම රසායණ විද්‍යාව, භෞතික විද්‍යාව වගේම නවීන අවිආයුද සම්බන්ධ විමර්ශනයන් හා පරිගණකගත අතිනවීන තාක්‍ෂන ක්‍රමවේදයන් අපරාධ විසදීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා ආකාරය බොහොම සිත් ඇද ගන්න සුළු ලෙස ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඒ ඒ චරිතවලට මුහුණ පාන්නට සිදුවන සිදුවීම්ද විටින් විට කතා මාලාවේ අන්තර්ගතයට හානියක් නොවන ලෙස දක්වා තියෙන අයුරුද දැක ගන්නට හැකියි. හැබැයි සමහර අවස්ථාවල අපේ මෙගා ටෙලිනාට්‍ය වල මෙන් කතාව දිග්ගස්සා ගැනීමේ අරමුණින් අපරාධකරුවන් හසුකර ගැනීමට ඇති තරම් හේතු සාක්‍ෂි තිබියදී දුර්වල ලෙස එම දවසට අදාල කතාව තවත් දිගට ගෙනියන අවස්ථාද නැතුවා නොවේ. ඒවගේම විශේෂයෙන් CSI New York කතාවේදී ජීව අපරාධකරුවන් සම්බන්ධයෙන් වගේම සමහර දිනවල විකාශනය වූ ටෙලිනාට්‍යයේ අජීව අපරාධකරුවන් ඒ කියන්නේ පරිගණක ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය වන අපරාධකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති අතාත්වික කතා තේමාවන්ද කලාතුරකින් දැක ගැනීමට හැකිවූ තවත් කිව යුතුයි.
කොහොමවුනත් ලිපිය අවසාන් කරමින් කිවයුතු දෙයක් තියෙනවා. ඒ තමයි යම් යම් දුර්වලතා තිබුනත් සමස්ථයක් විදියට හොද බටහිර ටෙලි නාට්‍ය මාලාවක්. මීට පෙර දකින්නට නොලැබුන තාක්‍ෂනික දේවල් වගේම, ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තරම් නැතත් තර්කානුකූල ගැටළු නිරාකරණයක්ද නිරූපනය වන බවද ඔබට කිවයුතුයි.