Thursday, December 2, 2021

ඇස නොගැටුන කර්මාන්ත පුරවරය

මේ ලිිපියේ මාතෘකාවේ හැටියට නම් පුරවරය කියුවාම හිතෙන්නේ නගරයක් වගේ තැනක් පිළිබදව. ඒත් ඇත්තටම ගත්තොත් රටක් හැටියටම විවිද කර්මාන්ත කරගෙන යන දේශයන් පිළිබදව තමයි කාලෙකට පස්සේ මෙම ලියන ලිපියෙන් කියන්නට ලියා තබන්නට සිතුවේ. 

මෙම රට ඔබ අප කවුරුත් දන්න අපේ අසල්වැසි රාජ්‍යයක් පිළිබදයයි. ඒ පකිස්ථානයයි. ඇත්තටම කාර්මික ක්‍ෂෙත්‍රය පිළිබදව කාගෙත් සිහියට නැගෙන්නේ යුරෝපය, ඇමරිකාව එහෙමත් නැත්නම් ආසියාවේ දැවැන්තයන් වන ජපානය හෝ චීනය පිළිබදවයි. ඒත් බොහෝ දෙනෙක් නොදන්න. මා පවා අන්තර්ජාලයෙන් දැකගත්තාට පසු දැනගත් විවිදාකාරයේ කර්මාන්ත, විවිද මට්ටමෙන් කරගෙන යන රටක් තමයි පකිස්ථානය.

අප බොහෝවිට පකිස්ථානය පිළිබදව දන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයන්, එහෙමත් නැත්නම් ඉන්දියවේ ප්‍රතිවාදී, යුද තත්ත්වයන් ඇති කරගන්නා රටක්, නිරතුර බෝම්බ පිපිරෙන සහ කර්කශ රටක් විදියටයි. ඒත් මෙම රටේ නොකෙරෙන කර්මාන්තය කුමක්දැයි යන ගැටළුව තමයි පකිස්ථානය පිළිබදව ටිකක් සොයා බැළුවත් දැක ගන්නට, දැන ගන්නට ලැබෙන්නේ.

ඇත්තටම කර්මාන්ත කියුවාම හිතට නැගෙනවා ඇති විශාල කර්මාන්ත ශාලා, විවිද විශාල යන්ත්‍ර සූත්‍ර, විශාල සේවක සංඛ්‍යාවක් තිබෙන කර්මාන්ත වෙන්නට ඇති මේ කියනවා ඇත්තේ කියලා. ඒවගේ විශාල කර්මාන්ත හා කර්මාන්ත ශාලා පකිස්ථානයේ සුලබයි තමයි. ඒත් අපූරුම කාරණය නම් සිතා ගන්නට බැරි තරම් නිෂ්පාදන, ඉතා සුළු සේවක පිරිසක් සමග සුළු ඉඩපාඩුවක් ඇති තැනක යන්ත්‍ර කිහිපයක් හෝ සාමාන්‍ය මෙවලම් පවා උපයෝගී කරගෙන ඔවුන් මෙම නිෂ්පාදන සිදුකරනවා දැක ගන්නට පුළුවන්. ඔය කියුව යන්ත්‍ර පවා සමහර වෙලාවට මහා විශාල ඒවා නොවෙයි.

මට මේ ලිපියෙන් මෙහෙම දෙයක් තමයි සත්‍ය වශයෙන්ම කියන්නට ඕනෑවුනේ. දැන් අපේ රටේ ආයෝජකයෝ හිඟකම වගේම, ප්‍රාග්ධනය සහ තව නොයෙකුත් බාධා තිබෙනවානේ විවිද කර්මාන්ත ආරම්භ කරන්න. දැන් පකිස්ථානය වගේ මෙහෙම නිපැයුම් බිහිකරන  රටකින් ඉල්ලීමක් කරල අපේ මිනිස්සුන්ටත් දෙවල් නිපදවන්න ඉගනගන්න බැරි කමක් නැතිවෙයි නේද? මම දැක්ක විදියට නම් ඔවුන්ට අවශ්‍ය සියළුම දේ නිෂ්පාදනය කරගන්නවා විතරක් නෙවෙයි. තිබෙන දේවල් අබලන් වුනාම ඒවා නැවත යථා තත්ත්වයට පත්කරගන්නට ඔවුන් සිටින නිපුනත්වය ඇති මිනිසුන් බොහෝමයි. තමන්ගේ දේ තමන් නිපදවා ගන්නවා වගේම විදේශයන්ට අපනයනයෙන් විදේශ විනිමය සොයාගැනීමට සහ ඉතිරි කරගැනීමට ඔවුන්ට ඇති හැකියාව සුවිශේෂයි.

මෙම කෙටි ලිපියේ අවසානයට පැමිණෙමින් මේ දේත් පවසන්නම්. පකිස්ථානුවන්ගේ වැඩ කිරීමේද පරිස්සම නම් අඩු බවක් පෙනෙනවා. ආරක්‍ෂිත මෙවලම් (අත්වැසුම්, මුව ආවරණ, ඇස් ආරක්‍ෂක කණ්නාඩි යනාදී දෑ) පලදන්නේ එහෙමත් කෙනෙක්. විවිද රසායණික දේවල් වලට නිරාවරණය වීමත් බොහෝවිට සිදුවන බව දැක්කා. පිරිසිදුකමත් ටිකක් අඩුයි වගේ තමයි. ඒ හැම එකටම වඩා කියන්න ඕන ළමා ශ්‍රමිකයන් රැසක් මෙම කර්මාන්ත වැඩ බිම් වල වැඩෙහි නිරත වෙමින් සිටිනවා. සමහර විට ඒවායේ සිටින වැඩිහිටියන් පවා අතීතයේ මෙලෙස ළමා ශ්‍රමිකයන් ලෙස වැඩට ආ අය වෙන්නටත් පුළුවන්. නමුත් හොද දේ පමණක් රැගෙන අපේ රටෙත් මේ ආකාරයේ වැඩබිමක් නිර්මාණය කරගන්න එක එතරම් අමාරුවෙන එකක් නැහැ. මම ඔබගේ දැන ගැනීම පිණිස එලෙස සිදුකෙරෙන කර්මාන්ත කිහිපයක වීඩියෝ දිගුවන් කිහිපයක් දමන්නම්. ඒවා මගින් ඔබටත් තව විවිද ක්‍ෂෙත්‍රයන්ට අදාල නිෂ්පාදන පිළිබදව දැනගැනීමට හැකියාව ලැබේවි...

https://www.youtube.com/watch?v=tYtPm02kueY
https://www.youtube.com/watch?v=cgyruHskTvc
https://www.youtube.com/watch?v=Hm-BHybpaO4
https://www.youtube.com/watch?v=g-hYf6NUDZM
https://www.youtube.com/watch?v=v8E_JCNZeYk
https://www.youtube.com/watch?v=9Hl0E12eKu0










1 comment:

  1. මාර කෝ ඉන්සිඩන්ස් එකක්. ඒ කර්මාන්ත පුරේදි ප්රියන්ත ඝාතනය වෙච්ච එක.මං සිංහල බ්ලොග් ගැන දැනගත්තෙ සත්සමුදුරෙන්. යාලුවෙක් දුන්න ලින්ක් එකෙන්. අවුරුදු බරගානක් කලින්. ස්තුති. දිගටම ලියන්න.

    ReplyDelete