Saturday, September 29, 2012

පසුබිම සදහා Textures කැමති වෙලාවට කැමති අයුරින් යොදගන්නා අයුරු

අදනම් මොනවත් ලියන්න හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් පසුගිය දිනවල බ්ලොග් ඉඟි යටතේ HTML සහ CSS වගේ දේවල් එක දිගට ලියපු හින්දා ඒකාකාරි බවක් ඔබට දැ‍නේවි කියලා ඒ ගැන ගොඩක් දේවල් ලියන්න තිබුනත් අද නොලියන්නත් ඉදලා පස්සේ හිතුනා කවදා හරි මේවා ලියන එකේ අද ලිව්වොත් කාටහරි ප්‍රයෝජනවත් නම් බලල යොදා ගනී කියලා. අද කියන්න හදන්නේ ඉතාම පහසු ආකාරකට කැමති කැමති background Textures Post area එකට යොදා ගන්නේ කොහොමද කියලයි. ඔබට දැනටමත් පේනවා ඇතිනේ වෙනදාට වඩා වෙනස් කියලා මේ ලිපිය ලියල තියෙන තැන පසුබිම. මේ පසුබිම කැමති නම් Texture එකකින් වගේම කැමති නම් කැමති වර්ණයකින් (පසුගිය දිනක පළ කළ ස්වභාවික වර්ණ ලැයිස්තුවෙන් එකක් හරි යොදා ගන්න පුළුවන්) පසුබිම වෙන් වෙන් ලිපියට කැමති විදියට අලංකාර කර ගැනීමට පුළුවන්. මෙන්න මෙහෙමයි ලේසියෙන්ම ඒ දේවල් කරන්නේ.

මුලින්ම ඔබ කැමති Mode එකක අවශ්‍ය ලිපිය ලියන්න. හැබැයි මම දෙන උපදෙසක් තමයි මොනව හරි වෙනස් කමක් HTML mode එකේ කරනවා නම් ඉන්පසුව දිගටම ඒ mode එකේ ඉන්න. එහෙම නැත්නම් සියල්ල සාමාන්‍ය ආකාරයට ලියල අවසානයේ HTML mode එකේදි ඒ ඒ දේවල් කරන Preview එකෙන් බලල වෙනසක් තිබේ නම් කරල Publish කරන්න.

දැන් ඔබට යම් Texture එකක් යොදා ගන්න ඕන නම් ඔබ සතුව තිබෙන Texture එකක් හෝ අන්තර්ජාලයෙන් අලංකාර Texture එකක් ලබා ගන්න. ඔබට ඕනෑතරම් Textures අන්තර්ජාලයෙන් ලබා ගන්න වෙබ් අඩවි load කරගන්න පුළුවන් Google වලදී textures for html background කියන සෙවුම් වදන් ටයිප් කර සැනින්ම. ඔබ කැමති texture එකක් ලබා ගත්තයි කියල හිතමු. හැබැයි ඒ texture එක ගොඩක් විශාල නම් අදාල පෝස්ටුව සමග ඒකත් load වෙන්න කාලය යන නිසා ටිකක් කුඩාවට Texture එක සකස් කර ගන්න එක හොදයි. ඒ සදහා Photoshop හෝ වෙනයම් ඔබ සතුව ඇති මෙවලමකින් Texture එකේ width සහ height යන දෙකම 100px වගේ වෙන්න Crop කර ගෙන high quality එකෙන්ම save කර ගෙන picassa හෝ වෙනයම් ඔබ කැමති image upload කරන්න යොදා ගන්නා අඩවියකට upload කරගෙන ඉන්පසුව ලැබෙන අදාල link එක ලබා ගන්න.

දැන් ඔබගේ ලිපියේ මුලටම මේ කේතය අලවා ගන්න.

<div style="background-image:url(අදාල Texture එක upload කළ පසුව ලැබෙන එහි link එක)">


මෙහිදී ඉහත කේතයේ දක්වා ඇති පරිදිම "අදාල Texture එක upload කළ පසුව ලැබෙන එහි link එක" ඔබ Texture එක Upload කරනා ලද අඩවියෙන් ලබා ගත යුතු අතර එය සිදු කරගන්නා අයුරු පසුගිය බ්ලොග් ඉඟි ලිපි කිහිපයකම සටහන් කර ඇත.

දැන් ලිපියේ අවසානයටම
</div>
යනුවෙන් යොදන්න.
මෙන්න ඔබගේ තවදුරටත් පහසුවට ආරම්භයට මම කේතය යොදා තිබෙන අයුරු.
කැමති නම් අත්හදා බලන්න. ගැටළුවක් තිබුනොත් අහන්න...

Friday, September 28, 2012

දිග ඒවා ලේසියෙන් බැලීමට සකස් කිරීම

මේ ලිපියදී මුලින්ම වෙනදාට වඩා වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි. මුලින්ම ඔබට ඒ වෙනස දැකගැනීමට උදාහරණයක් ලෙස පසුගිය දිනක පළ කළ අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම ලිපි‍ය සැකසීමට යොදා ගත් මුල් ඉංග්‍රීසි ඡේදයන් කිහිපයක් දක්වා තිබෙනවා. බලන්න ඔබට වෙනසක් දැනුනද තියා.

The Brutal Execution Methods in the History

Garrote
The garrote very common once, is no longer sanctioned by law in any country though training in its use is still carried out in the French Foreign Legion. The garrote is a device that strangles a person to death. It can also be used to break a person’s neck. The device was used in Spain until it was outlawed in 1978 with the abolition of the death penalty. It normally consisted of a seat in which the prisoner was restrained while the executioner tightened a metal band around his neck until he died. Some versions of the garrote incorporated a metal bolt which pressed in to the spinal chord, breaking the neck. The victim may pass into a state of severe and painful convulsions and then pass into death. This spiked version is known as the Catalan garrote. The last execution by garrote was José Luis Cerveto in October 1977. Andorra was the last country in the world to outlaw its use, doing so in 1990. However garroting is still common in India according Indian author and forensic expert Parikh.

Top


Scaphism
Scaphism, also known as the boats was an ancient Persian method of execution designed to inflict torturous death. The naked person was firmly fastened within a back-to-back pair of narrow rowing boats (or a hollowed-out tree trunk), with the head, hands, and feet protruding. The condemned was forced to ingest milk and honey to the point of developing severe diarrhea, and more honey would be rubbed on his body in order to attract insects to the exposed appendages. He or she would then be left to float on a stagnant pond or be exposed to the sun. The defenseless individual’s feces accumulated within the container, attracting more insects, which would eat and breed within his or her exposed and increasingly gangrenous flesh. The feeding would be repeated each day in some cases to prolong the torture, so that dehydration or starvation did not provide him or her with the release of death. Death, when it eventually occurred, was probably due to a combination of dehydration, starvation and septic shock. Delirium would typically set in after a few days. Death by scaphism was painful, humiliating, and protracted.

Top


Lingchi
Also known as slow slicing, Lingchi was reserved for crimes viewed as especially severe, such as treason and killing one’s parents. Also translated as slow process, lingering death or death by a thousand cuts, was a form of execution used in China from roughly AD 900 until its abolition in 1905. The process involved tying the person to be executed to a wooden frame, usually in a public place. The flesh was then cut from the body in multiple slices in a process that was not specified in detail in Chinese law and therefore most likely varied. In later times, opium was sometimes administered either as an act of mercy or as a way of preventing fainting. The punishment worked on three levels: as a form of public humiliation, as a slow and lingering death, and as a punishment after death. In variable forms, it also involved dismemberment i.e cutting, tearing, pulling, wrenching or otherwise removing, the limbs of the condemned.

Top


Breaking Wheel
Breaking wheel or the Catherine wheel was a torture device used for capital punishment in the Middle Ages and early modern times for public execution by cudgelling to death. It was used during the Middle Ages and was still in use into the 19th century. Breaking on the wheel was a form of torturous execution formerly in use in France, Germany, Denmark, Sweden, Romania, Russia, the US, and other countries. The wheel was typically a large wooden wagon wheel with many radial spokes, but a wheel was not always used. In some cases the condemned were lashed to the wheel and beaten with a club or iron cudgel, with the gaps in the wheel allowing the cudgel to break through. Alternatively, the condemned were spreadeagled and broken on a St Andrew’s cross consisting of two wooden beams nailed in an “X” shape, after which the victim’s mangled body might be displayed on the wheel.

Top

ඔබට දැන් පෙනුනද මොකක්ද කරල තිබෙන්නේ කියලා. මේ ලිපියේ මුලදීම අවශ්‍ය කොටසක් වෙත යාමට හා නැවත ලිපිය ආරම්භ කරන තැනට යාමට පහසු ක්‍රමයක් සතස් කර තිබෙන බව දකින්නට ඇති. මම ඔබටත් කියලා දෙන්නම් එය කොහොමද කරන්නේ කියලා. මේ ක්‍රමය නිසා දීර්ඝ ලිපි වලදී මුළු ලිපියම කියවන්නට අවශ්‍ය නැත්නම අවශ්‍ය තැනට පමණක් යන්න සහ නැවත ලිපියේ අන්තර්ගතය පිළිබදව දක්වා ඇති උපමාතාකා ඔස්සේ කැමති තැනකට යන්න ලිපියේ මුලටත් යාමට පහසුවක් වේවි කියා සිතනවා‍.

මුලින්ම සුපුරුදු පරිදි කැමති මාතෘකාවකට ඔබට අවශ්‍ය ලිපිය ‍සකස් කර ගන්න. එය ඔබ කැමති නම් Compose mode හෝ HTML mode යන කැමති ස්ථානයක සිට කර ගත්තාට දැනට ගැටළුවක් නැහැ. ඉන්පසුව අවශ්‍ය වෙනස් කිරීම්, රූප එකතු කිරීම් හෝ ඔබට අවශ්‍ය සියල්ල කර ගත්තට පස්සේ HTML mode එකට යන්න. හැබැයි මේ කියල දෙන උපක්‍රමය යෙදීමට HTML කේත දැම්මට පස්සේ නම් මේ ලිපියේ වෙනස් කම් කිරීමට Compose mode එකට යන්න එපා. එහෙමවුනොත් මේ දේවල් හරියට කරගන්න බැරි වෙනවා.

දැන් ලිපියේ ආරම්භයේදී මාතෘකාව හෝ වෙනයම් රූපයක් සදහා හෝ පළමු ඡේදයේ මුලට Top id එක දැමීමෙන් ලිපියේ මුලට අවශ්‍ය විටක පැමිණිමේ ක්‍රමය සකස් කර ගත යුතුයි. මම උදහරණයක් ලෙස මෙම ලිපියට යොදලා තියෙන මාතෘකාවට Top id එක එන විදියට සකස් කරනවා.

<h1 id="top">The Brutal Execution Methods in the History</h1>

දැන් ලිපියේ ඒ ඒ උපකොටස් සදහා යාමට Index එකක් ලෙස සකස් කරන්නේ මෙහෙමයි.
මෙම කේතය මෙම ලිපියේ උදාහරණය ලෙස Navigation Hyperlink හතරකට වුනාට ඔබට කැමති සංඛ්‍යාවකට ලබා දිය හැකි අතර කහ පාටින් highlight කර ඇති id name එක සදහා ඔබ කැමති, භාවිතා කිරීමට පහසු නමක් දෙන්න. යම් හෙයකින් වචන එකකට වඩා ඇති නමක් දෙනවා නම් වචන අතරට "_" සමග භාවිතා කරන්න. කොළ පාටින් දක්වා ඇත්තේ අදාල ඡේදයට වඩාත් ගැලපෙන උපමාතෘකාවලත් යොදන නාමයයි. එය එම ඡේදය අසලදී මෙන්ම මෙහිදීද එලෙසම භාවිතා කරන්න.
දැන් අදාල ඡේදයේදී මෙම index එක සමග සම්බන්ධතාවයන් සකස් කරන්නේ මෙසේමයි. අදාල ඡේදය ආරම්භයේදී මේ කේතය උචිත අයුරින් භාවිතා කරන්න.
<b id="garrote">Garrote</b>
ඔබට වඩාත් හොදින් වටහා ගනු පිණිස කලින් කහ සහ කොළ වලින් වර්ණ කරන ලද කේතය හා සසදා අවශ්‍ය ආකාරයට හැසිරවීමට මෙම රූප සටහනද ඉදිරිපත් කරමි.
දැන් ඒ ඒ ඡේදයේ අවසානයට මුලට (Top) යාමට සකස් කර ගත යුතුයි. ඒ සදහා මෙම කේතය අවශ්‍ය ස්ථානයන් හිදී භාවිතා කරන්න.
<p><a href="#Top">Top</a></p>
සමහර විට මේ ලිපියේදී සිදුකරන දේවල් අමතර වෙහෙසක් දැරිය යුතු දේවල් ලෙස පෙනුනත් මනාපයක් තිබේ නම් මෙම ක්‍රමයත් යොදා ගැනීමෙන් ලිපියට හොද පිළිවෙලක් සහ කියවන්නාට පහසුවක් ගෙන දෙනු ඇතැයි සිතමි. ඔබට මෙම ලිපියේදී පැවසූ කරුණු තවදුරටත් පැහැදිලි වනු පිණිස මා මෙය යොදා ගත් අයුරු මේ රූපසටහනේ දක්වා තිබේ...

Thursday, September 27, 2012

වසර දෙදහස් ගණනකින් මෙපිට ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවී ඇත්තේ ඇයි?

සන්සන්දනාත්මක ලිපියක් ලියන්නට සිතුනා ආගමික කරුණු සම්බන්ධයෙන්‍. මාතෘකාවේ දැක්වූ අයුරින්ම ගතවූ වසර දෙදහස් ගණනක් ඇතුලත අවිහිංසාව, මිනිසුන්ගේ සිතට ශාන්තිය, සැනසුම ගෙන දෙන්නට පුළුවන් ආගමික ශාස්තෘවරයෙකු බිහිනොවූයේ මන්ද? යන්න මෙම ලිපියේ කතුවර අදහසක් හැටියට පළකරන බව පැවසීමට කැමැත්තෙමි. මෙම ලිපිය සදහා සන්සන්දනාත්මකව විග්‍රහ කිරීම යොදා ගන්නේ මීට වසර 2600 කට පමණ පෙරාතුව වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේ සහ ලෝකයේ වැඩිම දෙනෙකු දැනට අදහන ආගම හා බුදු දහම හා යම් ආකාරයකට ගැලපෙන අදහස් කිහිපයක් හෝ තිබෙන කිතු දහම ලෝකයට ගෙන දුන් වසර 2012 කට පෙර වැඩ විසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවයි. (වෙනත් ආගම් මේ ‍සදහා යොදා නොගන්තේ, මූලාරම්භයේ පටන් භිෂණනයෙන්, රුධිර‍යෙන් විමුක්තිය සොයන්නාවූ ආගම් පිළිබදව කතා කිරීමත් අනවශ්‍ය ගැටළු උත්පාදනයට හේතුවිය හැකි බැවිනි)

බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේ මෙලොව ජීවත්වන කාලයේ සමාජ වටපිටාව විවිද හැලහැප්පීම් වලට ලක්වෙමින් තිබූ බව අප දන්නා කරුණකි. බුදුන් වහන්සේ වැඩ වාසය කළ භාරතය කොටස් ගණනකට බෙදී සොලොස් මහා ජනපද ලෙස හැදින්වුන අතර ඒ අතරින් රාජ්‍ය කිහිපයක් හැරුන ‍‍කොට අනෙක් ඒවා කුඩා රාජ්‍ය බව සදහන්ය. එම රාජ්‍යයන්ගේ පැවතුනේ එකකට එකක් වෙනස් පාලන ක්‍රමයන් වන්නට ඇති අතර විවිද ආගම් අද මෙන්ම එදා, අදටත් වැඩියෙන් ඉන්දියාව තුල ති‍බුන බව නොරහසකි. ‍ජේසුස් වහන්සේ වාසය කළ පාලාත් ප්‍රධාන වශයෙන් රෝමන්වරු පාලනය කළ අතර පසු කලෙක එනම් ක්‍රි.ව. 306 - 337 අතර කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ආධිරාජ්‍යා විසින් රෝම අධිරාජ්‍යයේ එකම ආගම බවට කිතු දහම පත්කරන තුරු විවිදාකාර දෙවිවරුන් විවිද කරුණු අරඹයා අදහන්නට ඇත. ඒ අනුව බැළු කල උන්වහන්සේලා දෙදෙනාම වාසය කල රාජ්‍යයන් ආගමික අතින් ව්‍යාකූලත්වයක් තිබෙන්නට ඇති බව පෙනේ.

පුරාණ භාරතයේ මෙන්ම අද පවා කුළ ‍භේදය ඉතා දැඩිව ඉන්දියාව තුල ක්‍රියාත්මක බව පැවසෙන අතර එදා තත්ත්වය අදටත් වඩා වැඩි වූවා මිස අඩුවන්නට නම් ඉඩක් නොමැති බවද පිළිගන්නට සිදුවේ. බමුණන් විශ්වාස කළා මෙන්ම සමාජය පිළිගත් ආකාරයෙන්ද බමුණන් එකළ සිටි ශ්‍රේෂ්ඨතමයන් විය. එය හිට්ලර්ගේ ආර්ය සංකල්පය මෙන් යයි පැවසුවාට වරදක් නැත. ඔවුන් පහළම කුල පාගාගෙන සිටි අතර, පහළම කුල වල ජනයා මෙන්ම කාන්තාවන්ටද අත්ව තිබුනේ ඉතාම දුඛිත ඉරණමකි.
(ජාතිවාදය සහ සමාජ ස්තරායණ - http://www.buddhistculture.net/buddhist-social-philosophypart5.html)

ජේසුස් වහන්සේ වාසය කළ පළාතද කුල භේදය කෙසේවෙතත් ඇතිනැති පරතරය, වහල් වෙළදාම ආදිය පැවතුන අතර උන් වහන්සේගේ උපත ගැන සැලකීමේදීද එතුමා ගවලෙනක් තුළ උත්පත්කිය ලැබීම තුලින්ම එතුමා පවා පීඩිත පන්තියට අයත් අයෙකු ලෙස සැලකිය හැකිය. බුදුන් වහනසේගේ ජීවිතය ඊට වඩා වෙනස් එකක් විය. එතුමා එකළ භාරතයේ කුඩා රාජ්‍යයක රජෙකුගේ පුත් කුමරු විය. එතුමාගේ මව කුඩා කලදීම මිය ගියත් රාජ සම්පත් වලින් එතුමාට අඩුවක් නොවූ බව බුද්ධ චරිතය පිළිබදව කරුණු හැදෑරීමේදී පෙනීයන්නකි. තවද තරුණ ව‍යසේ සෑහෙන්න කලයක් යන තුරු එතුමා දුක පිළිබදව නොදැන සිටියහ. සතර පෙර නිමිත වලින් මහල්ලෙක්, ලෙඩෙක්, මළකදක් යනාදිය දැකිමෙන් එතුමාට සංසාරය ගැන කළකිරුන අතර ගිහි ජීවිතයේදී දුක් නොවිද සිටි නිසා සහ සසරින් එතරවීමට හැකියාවක් දුකෙන් පුළුවන්ද යන්න සොයා බැලීමට සය වසරක්ම අනන්ත දුක් විද අත්හදා බැලීමටද සිදුවිය.

ජේසුස් වහන්සේ කිතු දහම ලොවට හදුන්වාදුන්නද එතුමා වැඩ විසූ කෙටි කාලය  තුල රාජ්‍ය අනුග්‍රහය සහිත ගරු බුහුමන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න නොවූවත් එතුමාගේ ආගම පසුකළෙක භාරගත් අයට නම් ආගමේ නාමයෙන් සැප සම්පත්, ගරුබුහුමන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේය. 

උන්වහන්සේලා දෙදෙනාටම පොදුවූ කරුණක් නම් ආගම ප්‍රචාරයට විරුද්ධව සතුරන් සිටීමයි. තීර්තකයන්, විවිදාකර බමුණන්, කාන්තාවන් පමණක් නොව දෙව්දත් තෙරුන් වැනි බුදු දහම තුලම මහණදම් පිරූ අයගෙන්ද සතුරු උපද්‍රව ඇතිවිය. ජේසුස් වහන්සේටද විවිදාකර සතුරන් වූ අතර ඔවුන් බොහෝමයක් අන්‍යාගමික නායකයන් වූ අතර කිතු දහම ව්‍යාප්තව වනු දැකීම ඔවුන්ට නොරිසි විය. එසේම එතුමා පාවා දීමට මුල් වූ ජුදාස්ද එතුමාගේ අනුගාමිකයෙකු විය.

මෙම උතුම් ශාස්තෘන්වහන්සේලා දෙදෙනාගේම තවත් පොදු කාරණයක් වූයේ අන්‍යයන්නට මෛත්‍රී කිරීමට නැතහොත් ප්‍රේම කිරීමට දේශනා කිරීමයි. එකළ මානව හිමිකම්, උතුම් මනුශ්‍ය ගුණාංගයන් පිළිබදව බහුතරයකට වගේවගක් නොවීය.ප්‍රභූන් හැරුන කොට සාමාන්‍ය මිනිසුන් සහ සතුන් අතර වෙනසක් සමාජයට නොවීය. යමෙකු වරදකරුවෙකු ලෙස සැක කිරීමත් අතීතයේ අභාග්‍ය සම්පන්නවිය. මිනිසුන්ට ප්‍රසිද්ධියේ අමානුශික ආකාරයෙන් දැඩි දඩුවම් දුන් ඒ සමයේ බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ වැනි අය සැබැවින්ම වෙනස් මිනිසුන් වූහ. එකළ ප්‍රසිද්ධියේ මරණ දඩුවම නැරඹීමත් මිනිසුන්ට විනෝද ජනකවිය. වරදකරුවාට උපරිම වේදනාව දැනෙන අයුරින් දිය හැකි ලොකුම දඩුවම් ලබා දීම කාගේත් අභිලාශය විය.
අතිබිහිසුණු, තෲර මරණීය දණ්ඩන ක්‍රම 

එවන් වූ සමාජයක මිනිසුන්ට මෛත්‍රී කළ, ප්‍රේම කළ මෙවන් මිනිසුන් අනෙක් මිනිසුන්ට වඩා වෙනස් වූ බව එකල මිනිසුන්ද විශ්වාස කළහ.ඔවුන්ව පූජනීයත්වයෙන් සැලකූහ.

කාන්තාවන් සම්බන්ධයෙන්ද මෙම ශාස්තෘවරුන් වාසය කළ කාලයේ තිබුනේ යහපත්  ආකල්පයක් නොවේ. ඉන්දියාවේ එකළ කාන්තාවක් උදෑසන දැකීමත් අසුභ ලෙස සැලකූ බව සදහන් වන අතර ඉහල ප්‍රභූන් හැරුන කොට අනෙක් කාන්තාවන්ට උරුමව තිබුනේ දුකයි. ඔවුන් කුඩා වියේ පියාගේ රුකවරණයේ වාසය කළ යුතු අතර තරුණ වියේදී තම සැමියාගේ අනසක යටතේ විසිය යුතු විය. යම් හෙයකින් තම සැමියා තමන්ට පෙර මියගියහොත් සිය පිරිමි දරුවන් යටතේ සිටිය යුතුවිය. එසේම ඇතැම් කාන්තාවන්ට සිය ස්වාමියා තමන්ට පෙර මිය ගිය විට ඔහු සමග දරසෑයේ දැවී අළු වෙන්නටත් සිදුවිය. මෙම "සතිපූජාව" ගරු ගාම්භීරත්වයෙන් සදහන්වුවද කාන්තාව කැමැත්තෙන් මෙයට ඉදිරිපත් වනවාට වඩා බලහත්කාරයෙන් දරසෑයට නංවා ඇය වේදනාවෙන් විලාප දෙමින් සිටියදී එයින් පැනයන්නට නොහැකි ලෙස ආදාහනය සිදුකරන "දිව්‍ය පුත්‍රයන්" දිගු උණබට වැනි දෑ යොදාගෙන තද කරගෙන සිටිමින් පණ පිටින් ආදාහන වී ගෞරවනීය තත්ත්වයකට බලහත්කාරකමින්ම පත් කරන ලදි.

ජේසුස් වහන්සේ විසූ රටේදිත් තත්ත්වය වෙනස් මුහුණුවරකින් සමාන බවක් ගත්තේය. වැරදීමකින් හෝ කාන්තාවක් වැරදි කළේ නම් ගල් ගසා මරා දැමීම අමානුශික අයුරින් සිදුවිය.
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්

උන්වහන්සේලා මෙලොවින් සමුගත් පසුවද ලෝකය මුළුමනින්ම යහපත් ස්ථානයක් නොවූවත් අඩුම තරමින් විවිද ආගම් අදහමින් ඇතැම් විට සත්ත්ව බිලිපූජා ආදිය සිදුකරමින් සිදුකල අකුසල කර්මයන්වත් මෙම ආගම් දෙකේ ඉගැන්වෙන අන්‍යයන්ට මෛත්‍රිය හා ප්‍රේමය ත්‍යාග කිරීම මුල් කරගනිමින් අඩුවිය. මේ අයුරින් එදා පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් උදා කළ නිසා සහ එම ආගම් ඇතිවූ රටවල කෙසේවෙතත් පසුකළෙක වෙනත් රටක හෝ ශක්තිමත්ව ස්ථාපිතවූ නිසා අළුත් ආගමකට හෝ අළුත් ශාස්තෘවරයෙකුට ලැබෙන ඉඩකඩ අවම විය. ඉන්පසුව එම ආගම් වල සෙවනේ විවිද හැකියාවන් ඇති යයි පවසමින් විවිද සමයන්හිදී විවිද පුද්ගලයන් ඉස්මතුවූවත් එම ආගමින් ලැබූ ආභෂය නිසා නිවැරදි දැක්මක් අවබෝදයක් ඇති මිනිසුන් කිහිපදෙනෙකු හෝ සිටි නිසා ව්‍යාජ ශාන්තුවරයන්ට, සෝවාන්, සංකෘදාගාමී හා කල්පගණන් පෙරුම් නොපුරා බුදු බව ලැබූවන්ට වැඩි දුරක් යාමට නොහැකිවිය.

Wednesday, September 26, 2012

නොමිලේ ලබාදෙන ප්‍රයෝජනවත් මෘදුකාංග රැසක් එකම තැනකින් ලබා ගත හැකි තැනක් ගැන දැනගන්න කැමතිද?

මේ ලිපිය ඉතාම කුඩා වුනාට මෙයින් ලබා ගත හැකි ප්‍රයෝජන නම් සෑහෙන්න තියේවි. අද ගොඩක් දෙනෙක් Pirated software භාවිතයට වඩා නොමිලේ ලබා ගත හැකි Open Source software වලට කැමැත්තක් දක්වනවා. සමහර විට අපි Crack/Patch කරල මෘදුකාංග රැසක් භාවිතා කළත් එයින් අපේ පරිගණකයේ දත්ත වලට හෝ පාලක මෘදුකාංගයට කරන හානි කර තත්ත්වයන් ඇතැම් විට අපි බලාපොරොත්තු නොවන අවස්ථාවල සිදුවන්නට පුළුවන්. ඒ නිසා අවශ්‍යම දෙයක් හැරුන කොට නොමිලේ ලබා දෙන Open Source software කෙරේ නැඹුරුවූවාට වරදක් නැහැ. මේ කියන්න යන්නේ එසේ නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග රැසක් ලබා ගත හැකි ස්ථානයක් පිළිබදවයි. ඔබත් ‍සමහර විට මෙම ස්ථානය දැන සිටින්නට පුළුවන්. ඒත් නොදන්න කෙනෙක් වෙත් නම් මෙම ලිපිය ඒ පිළිබදව දැනුවත් කරාවි. එසේ නම් වැඩි වැල් වටාරම් නැතුව එම වෙබ් අඩවිය ගැන කියන්නම්. ඒ http://www.filehippo.com/ වෙබ් අඩවියයි. 


අන්තර්ජාලයේ මෙසේ නොමිලේ ලබා දෙන මෘදුකාංග පිළිබදව වෙබ් අඩවි රැසක් තිබුනත් මෙහි ඒවාට වඩා ලේසියෙන් මාදූකාංග සොයාගැනීමේ පහසුකම වගේම අළුතින් මොන මොන මෘදුකාංගද යාවත්කාලීන වෙලා තිබෙන්නේ කියන එකත් කැපී පෙනෙන ලෙස පෙන්වන නිසා එයත් අමතර වාසියක් ලෙස පවසන්නට පුළුවන්. විවිද විවිද කාර්යයන් සදහා වූ නොමිලේ ලබාදෙන මෘදුකාංග රැසක් ඇති මෙම වෙබ් අඩවියටත් ගියාට ඔබට පාඩුවක් සිදුවන ‍එකක් නැහැ.

Tuesday, September 25, 2012

සත් සමුදුරේ 300 වන ලිපිය සමග බ්ලොග්කරණයට පිවිසෙන්නට බලාපොරොත්තුවන අයට උපදෙස් කිහිපයක්...


මාතෘකාවේ විදයට මේ සත් සමුදුර බ්ලොග් අඩවියේ 300 වන ලිපියයි. හැමදාම කඩයිමක් පහුකරන අවස්ථාවකම කියනවා වගේම ඔබගේ වටිනා සහයෙන් ඉදිරියට යාමෙන් ලබන්න පුළුවන් වූ සතුටක් තමයි මෙය. 

කොහොමවුනත් මේ වගේ කඩයිමක් ගැන කියන හෝ සත් සමුදුර බ්ලොග් අඩවිය ගැන යමක් කියන කොට ලබන අමිහිරි අත්දැකීම ලැබුවත් කමක් නැහැ කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. ඒ අමිහිරි අත්දැකීම මොකක්ද කියනවා නම්, මොකක් හරි විශයක් ගැන, විශේෂයෙන් යම් පින්තූරයක් පළ කළොත් වැල නොකැඩී එන පිරිස මේ අඩවිය ගැනම කියන ලිපියකට නොඑන එක ගැන නම් කණගාටුවක් තිබෙනවා. ඒත් බ්ලොග් අවකාශයේ මේ වගේ සැතපුම් කනුවක් පහුකරපු බ්ලොග් අඩවි තිබෙන්නේ අත‍ලොස්සක් සහ සාමාන්‍යයෙන් අධ්‍යාපනික පැත්තට නැඹුරු බ්ලොග් අඩවි අතුරින් සාපේක්‍ෂව වැඩි පාඨක පිරිසක් පැමිණෙන බ්ලොග් අඩවියක් නිසාත් බ්ලොග්කරණයට යම් වැදගත් තොරතුරු කිහිපයක්ද සමගින් මෙවන් ලිපියක් ලියන්නට සිතුනා.

හැමදාම කියනවා වගේ බ්ලොග් ලියන්නවත්, බ්ලොග් ලියල මෙතරම් දුරක් එන්නවත් කවදාවත් හිතුවේ නැහැ. මේ කියන්නේ අවංකවමයි. කොහොමවුනත් අපි වැඩිය හිතන්නේ නැතුව අතගහන සමහර දේවල් අපි බලාපොරොත්තුවුනාටත් වඩා සාර්ථකව සිදුකරගෙන යන්න පුළුවන් කියන එක මම නම් ජීවිතයේ කිහිප අවස්ථාවකම ලබපු අත්දැකීමක්. සාමාන්‍යයෙන්ම නම් යමක් කරනකොට ඉලක්කයක්, අරමුණක්, සැලැස්මක් තිබීම හොදයි කියලා කියනවා. ඒකත් සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි සමහර ‍‍දේවල් වලට ඒ සිද්ධාන්තයට පටහැනිව සාර්ථක වෙන්න හැකියාව ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ. සමහරවිට සැලසුම් හදලා, ඉලක්ක අටවලා සිතෙන් චිත්තරූප මවාගෙන ඒ දේවල් කරන එක සිහින ලෝකයේ සිට බැළුවට ප්‍රායෝගිකව වෙලත් නැහැ. ඒවගේම හිත හිත ඉන්න කාලය වැයකරනකොට මානසිකවම වෙහෙසට පත්වෙලා ඉලක්කය ලගාවීම කෙසේවෙතත් සමහර වෙලාවට වැඩේ ආරම්භ කරන්නෙත් නැතුව පැත්තකට දාන එක තමයි වෙන්නේ. ඒකනේ කතාවක් තිබෙන‍්නේ වැඩක් කරන එක නෙමෙයි අමාරු ඒක පටන් ගන්න එකයි අමාරු කියන එක. ඒක නම් මමත් අත්විදල තිබෙන දෙයක්. උදාහරණයක් විදියට සමහර ලිපි ලියන්න පස්මහ බැළුම් බල බල හිත හිත ඉදල ලියන්න ගියාම අර තිබුන බැරෑරුම් බව මොනවත් නැහැ. ඒවගේම සමහර ලිපි මොනවත් හිතන්නේ නැතුව හිතුන ගමන්ම ලියලා තිබෙනවා. ඒ වගේම සාර්ථක ප්‍රතිචාරත් ලබලා තිබෙනවා.

ඒ වගේම තමන් ලියන දේ ගැන විශ්වාසයක් තබන්න. ඒවගේම එයට පසුව ලැබෙන ප්‍රතිචාරයට තමන්ට පිළිතුරු දෙන්න හැකියාවත් තියෙන එක හොදයි. ඒ එක්කම තමන්ගේ අඩවියේ ලිපි වැඩි දෙනෙකු බලන එක හොදයි කියන එක බලාපොරොත්තුවේ ඉන්න. තමන් යමක් පළ කරල ඒක බැළුවත් එකයි නැතත් එකයි කියල ඉන්න එක තේරුමක් නැති දෙයක්. මොකද අපි බ්ලොග් ලියන්නේ බහුතරයකට ඒක කියවන්න ලබා දෙන්න බව බොරුවක් නෙමෙයිනේ. තමන්ට විතරක් බලාගන්න ඕන නම් දිනපොතක ලියල තියා ගන්න එක හරි යාළුවන්නට තමන්ගේ හිතමිතුරන්ට විතරක් බලන්න දෙන්න නම් කොල කෑල්ලක ලියල මෙන්න මේක කැමති නම් බලන්න කියන එකයි බ්ලොග් ලියන එකයි දෙකක්. තමන් සාර්ථකව ලිපියක් ලියන එක, ඒකට ගැලපෙන ආකර්ශනය දිනාගන්න මාතෘකාවක් ලබාදෙන එක, ලිපිය පළ කරාට පසුව තමන්ට පුළුවන් අවස්ථාවල එයට යම් පබ්ලිසිටියක් ලබා ගැනීමටත් නැඹුරුවෙන ‍එකේ පාඩුවක් නැහැ. 

විශේෂයෙන් මාතෘකාව ගැන සැලකිලිමත් වෙන්න. මමත් ගොඩක් මහන්සිවෙලා ලියපු ලිපි කිහිපයකටම යොදපු මාතෘකාව එතරම් "ශක්තිමත්" හා "කැපී පෙනුන" නැති නිසා ලැබුන ප්‍රතිචාරය අඩුබව අත්දැකීමෙන්ම දන්නා කෙනෙක්. මම ඕනනම් උදාහරණයක් විදියට එහෙම ලිපි දෙකක් ගැන කියන්නම්. එකක් තමයි මොහොමඩ් අලි ගැන ලියපු ලිපිය. ඒකට මම යෙදුවේ මොහොමඩ් අලි පිළිබදව නිරතුරුවම කියවෙන  "Float like a Butterfly, Sting like a Bee" කියන පාඨය නමුත් ඒක එතරම් සාර්ථක මාතාකාවක් වුනේ නැහැ. ඒ වගේම ලියනාඩෝ සම්බන්ධයෙන් ලියපු අති දීර්ඝතම ලිපියක් වන ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? කියන මාතෘකාවත් එතරම් සාර්ථකත්වයක් ලිපිය පළ කළාට පසුව ලැබුන ප්‍රතිඵලයෙන් දුටුවේ නැහැ. ඒනිසා මාතෘකාව ගැලපෙන හොද එකක් වීම වැදගත්.

තවදෙයක් තමයි බ්ලොග්කරණයට ආව ගමන්ම සාර්ථකව ප්‍රතිචාර ලබන පිරිස අඩුයි. ටික කාලයක් ගියාම මේ ක්‍ෂෙත්‍රයේ රැදී සිටින්නටත් පුළුවන් නම් ධනාත්මක ප්‍රතිඵල කරා ලගා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ලගා වුනායින් පසුව ඒක දිගටම තබාගන්න නම් හැකි සෑම වෙලාවකම ලිපි පළ කරන්න ඕන. මමත් අත්දැකීමෙන් දන්නා නිසයි කියන්නේ. ටික කාලයක් හොදට කරල අතහැරල දාල ආපසු මේවා ලියන්න එන කොට යම් පාඨකයන් පිරිසක් අපෙන් ගිලිහිලා ගිහින් තිබෙන්න පුළුවන්. අපේ රටේ තියෙන තත්ත්වය උඩු තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, ගෙදරදොර කටයුතු එක්ක කම්පියුටරේ ඉස්සරහට වෙලා බ්ලොග් ලිය ලිය ඉන්නව කියන එක යථාර්ථයක් නෙමෙයි. හැබැයි අඩුම තරමින් සතියට ලිපි දෙකක් හෝ තුනක්වත් පළ කරන්න හැකියාවක් තිබෙනවා නම් හොදයි. මොකද බ්ලොග්කරණය කියන්නේ නිරතුරුවම ලිවිය යුතු දෙයක් සාමාන්‍ය වෙබ් අඩවියක් වගේ එකම තොරතුර දීර්ඝ කාලයක් පැවතීම ගැලපෙන දෙයක් නෙමෙයි.

තව දෙයක් තමයි අවශ්‍ය අවස්ථාවල පින්තූර භාවිතයත් ලිපියේ වටිනාකම තවත් වැඩි කරාවි.

ඒ වගේම දීර්ඝ ලිපි ඇතැම් විට කොටස් වශයෙන් ලියන්න වෙනවා. හැබැයි පුළුවන් නම් ලිපිය එක කොටසකට හෝ අවම කොටස් ගණනකට සීමා කරගන්න. එහෙම කොටස් වශයෙන් පළ කරනවා නම් එක් දිනයක එක් කොටස වශයෙන් පළ කරන්න. හැම කොටසම එක දවසේ පළ කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය ඍනාත්මකයි. මම අත්දැකීමෙන් එය විදලා තිබෙන නිසයි කියනනේ. මෙහි පළ කළ ගුලාග් කදවුරු ගැන ලිපියේදී එය අත්වින්දා.

බ්ලොග්කරණය ගැන නම් කියන්න තිබෙන කරුණු එමටයි. ඒ හැම එකක්ම කියන්න අසීරුවුනත් මට නම් බ්ලොග්කරණය නිසා දන්නා දේවල් ක්‍රමානුකූලව පෙලගස්වා ගැනීමට, අමතකව තිබූ කුඩා කරුණු මතකයට නගා ගැනීමට හා ඒවා තවත් දියුණු කරගැනීමට, දැනුම යාවත්කාලීන කරගැනීමට, නොදන්‍නා දේවල් දැනගැනීමට, යම් යම් දේවල් පිළිබදව තර්කානුකූලබව වැඩිකරගැනීමටත් ඉවහල්වුනා. ඔබටත් මෙම ලිපියේ කරුණු ඇතැම්විට ප්‍රයෝජනවත් වේවි. ඒවගේම බ්ලොග්කරණයේ යෙදෙන, යෙදීමට බලාපොරොත්තුවෙන අයටත් මෙන්න මේ වෙබ් අඩවියේ තිබෙන කරුණුත් ප්‍රයෝජනයක් වේවි කියන එකත් පවසමින් ලිපිය අවසන් කරන්නම්. ඉදිරියේදිත් ඉඩක් ලැබෙන අවස්ථාවක බ්ලොග්කරණයේ අත්දැකීම් තුලින් ඔබටත් යමක් ලබාදීමට අමතක කරන්නේ නැහැ...

105 Tips To Make Your Blog Rock



ස්තූතියි!

Monday, September 24, 2012

අපිට අවශ්‍ය වර්ණ අපි දන්නා සාමාන්‍ය නමින්ම භාවිතා කිරීම

මේ ලිපිය ඔබට වැදගත් වේවි  වෙබ් අඩවි නිර්මාණයේදී හෝ බ්ලොග් ඉඟි වලදී ඇතැම් අවස්ථාවල වර්ණ සම්බන්ධයෙන් ඇති කරුණු වලදී.  වෙබ් අඩවි නිර්මාණයකදී වර්ණ භාවිතයේදී 147 ක් වූ වර්ණ ප්‍රමාණයක් සාමාන්‍ය නමින්ම භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපිට හුරුපුරුදු රතු (red), නිල් (blue), කහ (yellow) වගේ වර්ණ විතරක් නෙමෙයි හිම වල වර්ණය(snow)  එහෙමත් නැන්තම් අල ගෙඩියක තිබෙන වර්ණය (Tomato) වුනත් ඒ නමින්ම භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ කේතය බලන්න.

මෙහි රවුම් කර තිබෙන්නේ Hexadecimal ආකාරයෙන් වර්ණ යොදා ඇති ආකාරයයි. ඒත් ඔබට අවශ්‍ය නම් මේ සංකීර්ණ ක්‍රමය වෙනුවට ඔබ කැමති ඔබට හුරු වර්ණ ඔබ දන්නා නමින්ම දෙන්න පුළුවන්. 
Example : #cc66cc වෙනුවට පහත වගුවේ දැක්වෙන වර්ණයක් වන Gainsboro කියන වර්ණයේ නම ඒ සැටියෙන්ම භාවිතා කරන්න පුළුවන්.

මෙන්න මේ කේතයේ ඒ සම්පූර්ණ වර්ණ සමූහය සහ ඒවාට අදාල නම, එහි නියම වර්ණය සහ Hexadecimal ‍කේතය අඩංගුයි. අන්තර්ජාලයේ මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් තොරතුරු තිබුනත් මෙම වගුව ක්‍ෂනිකවම ඔබට පහසු ආකාරයෙන් භාවිතා කිරීමට ඉඩ සලසා දේවි.






https://developer.mozilla.org/en-US/docs/CSS/color_value
http://www.had2know.com/computers/html-css-color-names-chart.html
http://www.w3schools.com/tags/ref_colornames.asp

ඒ වගේම Visual Color Picker කියන මෙම කුඩා මෘදුකාංගය ආධාරයෙනුත් ඔබට කැමති ආකාර‍යේ වර්ණ තනා ගැනීමට හා එයට අදාල Hexadecimal සහ RGB කේතයන් ලබා ගැනීමට හැකියි.  මෙන්න මේ සබැඳි වලින් ඔබට එය download කර ගැනීමට පුළුවන්.

http://www.linxexplorer.com/colorpicker.html
http://visual-color-picker.en.softonic.com/

Sunday, September 23, 2012

මෙන්න ඔබට වැදගත් පණිවිඩයක්...

මේ කියන්න යන්නේ සත් සමුදුර තැබූ තවත් පියවරක් සම්බන්ධයෙනුයි. සත් සමුදුර පවත්වාගෙන යන්නේ Google ආයතනයේ Blogger කියන සේවාව ඔස්සේ ලබා දෙන Blog පහසුකමයි. ඒ පිළිබදව ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. ඒ වගේම සත් සමුදුර‍ මෙම සේවාව ඔස්සේ ආරම්භ කළ අවධියේම Wordpress මගින් ලබා දෙන බ්ලොග් පහසුකමටත් Register වෙලා සිටියත් මේ වන තෙක් එය ප්‍රායෝගිකව භාවිතා කළේ නැහැ. ඒත් දැන් එම පහසුකම ඔස්සේත් එයට අදාල බ්ලොග් සම්බන්ධ ගැටළු විසදීම සදහා http://sathsamudura.wordpress.com යනුවෙන් එම අඩවියත් දැන් සක්‍රීයව පවත්වාගෙන යන බව ඔබට දැන්වීමට කැමැත්තෙමි.

කෙසේවෙතත් සුපුරුදු පරිදි මෙහි බ්ලොග් ලිපි පළ කරනවා සේම එම වර්ඩ්ප්‍රෙස් සත් සමුදුර අඩවිය ඔස්සේ එයට අදාල වන බ්ලොග් ඉඟි හා ගැටළු පිළිබදව ලිපි පළ කිරීමට අදහසක් කරනවා. ඒ වගේම ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරණය පිළිබදව යම් ගැටළු තිබෙනවා නම් ඉදිරිපත් කළහොත් එහි ඊට අදාල විසදුම් ලබා දීමටත් හැකි බව දැන්වීමට තමයි මේ ලිපිය පළ කළේ.

ඒ නිසා එම අඩවියටත් ඔබට අවශ්‍ය මොහොතක පිවිසී අවශ්‍ය ප්‍රයෝජනයක් වෙතොත් ලබා ගන්නා ලෙස කියන ගමන්ම එහි පළ කළ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් බැකප් කර ගන්නා ආකාරය පියවරෙන් පියවර සටහන් කළ ලිපියත් උදාහරණයක් ලෙස පළ කරමි.


මෙන්න මෙහෙමයි ඔබටත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් තිබෙනවා නම් බැකප් කර ගන්නේ. මුලින්ම Admin panel එක‍ වෙතට යන්න.

එහිදී Dashboard හරහා Tools හිදී Export තෝරන්න.

මෙහිදී All Contents යන්න තෝරා Download Export Files තෝරන්න.

දැන් ඔබට XML ගොනුවක් ලෙස ඔබගේ සම්පූර්ණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය ලබා ගත හැකි අතර අවශ්‍ය විටක Tools හරහා Import කිරීමටද පුළුවන...

Friday, September 21, 2012

ලබ්බට තියපු අත පුහුලටත් තියන්නට යාම හෙවත් සිරියාව සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත්වීම ලිබියාව හා සමාන වේද?

මීට වසරකට පමණ පෙර ලිබියාවේ ගඩාෆි පාලනය මුලිනුපුටා දැමීමට ඇමරිකාව ප්‍රමුඛ නේටෝව දියත් කළ යුද ක්‍රියාමාර්ග කිසිදු සැකයකින් තොරව ජයග්‍රහණය ලැබූවද දැන් එයද ඊට පෙර ඇමරිකාව අත දැමූ ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයේ තත්ත්වයට වඩා වෙනස් නොවන බවක් පෙනේ. එය පසුගියදා ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනයට ලක්වීමෙන්ද පෙනීයයි. දැවැන්ත ඇමරිකානු යුද යාන්ත්‍රණය හමුවේ රුසියාව හැරුන කොට ලෝකයේ අනෙක් කිසිදු රටකට ඇමරිකාව හා පොර බැදීමට නොහැකිවුවද යුද්ධයෙන් පසුව ආක්‍රමණයට ලක්වූ රටවල ජනතාවගේ හිත් දිනා ගැනීම හා සන්සුන් වාතාවරණයක් ඇතිකරලීම සම්බන්ධයෙන් නම් ඇමරිකාවට ඇත්තේ අඩු හැකියාවක් බව මේ රටවල් කිහිපයේම යුද්ධයෙන් අනතුරුව සිදුවූ ක්‍රියාදාම ඔස්සේ පැහැදිලිව පෙනී යන කරුණකි.
ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර... http://sathsamudura.blogspot.com/2011/08/nato.html

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ලෝකයේ බහුතර රටවල අනුමත කිරීම, ආශිර්වාදය සහ විවිද දායකත්වයන්ද සහිතව තලෙයිබාන් පාලනය හා ඔවුන්ගේ සෙවනැල්ලේ සිටි අල්කයිඩාව මර්ධනයට ලක්කෙරුණත් අවසානයේ දැන් සිදුව ඇත්තේ නැවත තලෙයිබාන් සංවිධානය පණගසා නැගිටීම පමණක් නොව තමන් හා දීර්ඝ කාලයක් මිතුරුව සිටි පකිස්ථානයත් පසමිතුරන්ගේ ගොඩට ඇද දමා ගැනීමයි. එහි උච්චතම අවස්ථාව වූයේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ව, පකිස්ථානයටත් නොදන්වා පකිස්ථාන භූමිය තුලදීම ඝාතනය කිරීමත්, ඇෆ්ගන්-පකිස්ථාන දේශ සීමා අසල තිබෙන ගම්මාන වලටත් තලෙයිබාන් සහ අල්කයිඩාවන් දඩයම් කිරීමට ගුවන් ප්‍රහාර නොනවත්වා එල්ල කිරීම තුලින් අහිංසක සිවිල් වැසියන් පවා මරණයට පත් කිරීම තුලිනි.
ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ලොව වටා කාටුන් ශිල්පීන් දුටු ආකාරය - How Cartoon Artists See Osama Bin Laden, America & Pakistan...

ඔබාමාට පෙර එරට පාලකයා වූ ජෝජ්.W.බුෂ් හට නම් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට පහර දීමට හේතු තිබුනි. ඒ ඇෆ්ගනිස්ථානය ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්කයිඩාවන්ට රැකවරණය සැලසීම මෙන්ම තමන්ගේ පියාට අහවරයක් කිරීම නොහැකි වූ සදාම් හුසේන්ව CIA සංවිධානයේ සාවද්‍ය වාර්තා මත හෝ ඉවරයක් කිරීමට ඔහුට අවශ්‍ය වූ හෙයිනි. එහෙත් බැරැක් ඔබාමා ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ පැටලී සිටි පඹ ගාලෙන් ගැලවෙනවා වෙනුවට අරාබිකරය ඔස්සේ හමා යමින් පැවති අරාබි වසන්තයේ කොටස්කාර‍යකු වීමට ලිබියාවේ "පිළිලය" ලෙස සැලකූ ග‍ඩාෆි පාලනය බිද දැමීමෙන් ආසන්න වශයෙන් ඔහු සිදුකරගත්තේ තමන්ගේ රට නියෝජනය කිරීමට ලිබියාවට යවා සිටි ඇමරිකානු තානාපතිවරයාගේ ජීවිතය අහිමි කර ගැනීමය.

එහෙත් ඇමරිකාවේද ආශිර්වාදය ඇතිව සිරියාවේ කැරලිකරුවන් විසින් ආරම්භ කර ඇති කලකෝලාහල වලද අවසානයක් තවම නොපෙනෙන අතර යම් හෙයකින් දැන් එහි පාලකයා වන බෂාර්-අල්-අසාද් ගේ පාලනය බිද වැටුනත් මෙම කැරලිකරුවන් අතර සිටින්නට බොහෝවිට ඉඩකඩ ඇති අල්කයිඩා සාමාජිකයන්ගේ බලපෑමත් ඉන් අනතුරුව බිහිවන රජයටද එල්ල වීමෙන් තවදුරටත් සිදුවන්නේ අරාබිකරය තුළ තවත් අස්ථාවර හා අවුල්වියවුල් ගහණ රාජ්‍යයක් බිහිවීම පමණක් වන්නට ඉ‍ඩ ඇත.

Global Fire Power වෙබ් අඩවියට අනුව සිරියාව ලෝකයේ 35 වන යුද බලවතා වන අතර ඇමරිකාව ප්‍රමුඛ නේටෝව සමග ගැටෙන්නට යාම පවා සිරියාවට අත් කරන්නේ අහිතකර ප්‍රතිඵලයක් බව පැහැදිලි කාරණයකි.

 
ප්‍රජාතාන්ත්‍රිකව මැතිවරණයකින් බලය වෙනස්වීමකදී සිදුවන සුමට වෙනස්වීම වලට වඩා බලහත්කාරයෙන් අවිබලය යොදවා ලේ හෙලවීම්ද සහිතව ගොරෝසු ලෙස වෙනස්වන පාලන‍යකදී ඉහළ පුටු මෙන්ම එයට සහායක පරිපාළන තනතුරුද විශාල වෙනස්කම් වලට භාජනයවීමෙන් අරාබි වසන්තයේ මූලිකයා වූ ටියුනීසියාවට එය බලපාන ආකාරයට වඩා වෙනස් අත්දැකීම් එම අඩිපාරේ යන අනෙකුත් අරාබි රටවලට අත්වීම වැලකිය නොහැක්කකි. මෙයින් දැන් එම රටවල පවතින මර්ධනකාරී පාලන තන්ත්‍රයට සුභවාදී සහතිකයක් දීමට අදහස් නොකරන අතර ලෝකයම පිළිගන්නා හා අරාබිකරයේ ගැටළුවලට ගැලපෙන හා මූලධර්මවාදී ඉස්ලාමීය පාලනයකට ‍ක්‍ෂේමභූමි සැපයීමක් නොකරන පාලනයක් බිහිවීම එරටට පමණක් නොව සමස්ථා ලෝකයටම සැනසුම ගෙන දෙන කාරණයකි. 

ඇෆ්ගනිස්ථානයේ කෙසේවෙතත් ඉරාකයේදී නම් මුලින්ම ඇමරිකානු හමුදා පිළිගත්තේ මල්මාලා දමාය.එහෙත් එම සෙනෙහේ පැවතුනේ ඉතා කෙටි කලක් පමණක් වූ අතර ඉන් අනතුරුව ඇමරිකානු හමුදාවට ඉරාකය යනු එක්තරා අතකින් තවත් වියට්නාමයක් බදුවිය. ලිබියාවේද දැන් දැන් අත්වීගෙන එන්නේ එවන් තත්ත්වයක් බව පැහැදිලි කාරණයකි. සියවස් කිහපයක පටන් පවතින කතෝලික - ඉස්ලාමීය ඇනකොටා ගැනීම් විවිද කාලවලදී යටපත්ව  පැවතුනත් එය අළුයට ගිණි පුපුරු මෙන් කාලෙන් කාලයට එය ඉස්මතුවෙන බව නොරහසකි. අඩුම තරමින් යුද්ධයක් නැති කාල වකවානුවලදී පවා  මෙම ආගම්දෙකේම සිටින්නාවූ අන්තවාදීන් ඇතැම්විට ඒවායේ ශාස්තෘවරුන්ව ‍ඉලක්ක කරගෙන තනන්නාවූ වීඩියෝ. යම් යම ප්‍රකාශ, විවිද නිර්මාණ වලින් පවා මෙම ආගම් දෙකේ මිනිසුන් ගැටුමට පෙළඹවීමද කණගාටුවට කාරණයක් වන්නේ මෙම ගැටුම් වලදී මිනිස් ජීවිත කිහිපයක්වුවද නැතිවීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

තවත් පැත්තකින් අරාබිකරයේ සිදුවන මෙවන් යුද ගැටුම් වලදී පීඩාවට පත්වන්නේ ගිණියම් මැදපෙරදිග සිටිනා ජනතාව පමණක් නොවේ. කොතරම් විද්‍යාව දියුණු යයි පැවසුනත් තවමත් පොසිල ඉන්ධන වලින් තොරව බලශක්ති අවශ්‍යතාව සපුරා ගත නොහැකි හෙයින් මෙවන් යුද තත්ත්වයන්ද දඩමීමා කරගනිමින් ඔපෙක් සංවිධානය කරනා බොරතෙල් මිල වැඩි කිරීම් වලින් අවසානයේ පහර වදින්නේ අප වැනි තෙවන ලෝකයේ සිටිනා ජනතාවට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එමෙන්ම ලෝකය නැවතත් මහා පරිමාණයේ යුද්ධයකට යාමට සැරසෙන්නේදෝයි සිතෙන්නේ. සෝවියට දේශය බිද වැටීමෙන් පසු රුසියාව නැවතත් ක්‍රමයෙන් ලෝකයේ සිදුවන කාරණා වලදී ඉදිරිපත් වීම තරමක් දුරට පෙනී යාමත් ජපානය වැනි පැරණි රණකාමී රටවල් ටිකෙන් ටික අළුගසා දමා පැරණි හපන්කම්වලට නැවත පණදෙන්නට යන්නේ දැයි සැකසංකාද මතුවීම තුලිනි. ඒ ඔවුන් දකුණු කොරියාව සමග මෙන්ම චීනය සමගද දූපත් කිහිපයකට අයිතිය පවසන්නට යාම තුලිනි.

රුසියාවේ අවම මට්මෙන් හෝ මැදිහත් වීමක් නොවන්නට මේ වන විටත් ඇමරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිතුරු රටවල් හා සිරියානු කැරලිකරුවන් අල් - අසාද් ගේ පාලනය බිද දැමීමට ‍මීට වඩා පියවර ගණනක් ඉදිරියට තබනු ඇති අතර ඉරානය හා ඊශ්‍රායල-ඇමරිකානු මිතුරු හවුලේ වාග් සංග්‍රාමයද අවසන්ව එය අවි ආයුද වලින් කරන ගැටුමක් බවට මේ වනවිටත් පත්ව තිබෙන්නට ඉඩ තිබින.

ලංකාව වැනි පුංචි රටක සිටිනා මිනිසුන් වන අපට මෙම මහා දේශයන් ගන්නා තීරණ සම්බන්ධයෙන් උපේක්‍ෂා සහගතව බලනු විනා කරන්නට වෙන යමක් තිබේද?

Thursday, September 20, 2012

අකුරු ඇතුලේ රූප සැගවීම

ඔබට මතකද මීට වසරකට පමණ පෙර සත් සමුදුරේ පළවූවා Post එකේ කැමති වචන වලට CSS Tooltip එකක් දෙන ආකාරය කියන ලිපිය. මෙම ලිපියත් එයට ටිකක් සමානයි. ඒත් වෙනසක් තියෙනවා, ඒ තමයි එතනදී වචනය මතට mouse cursor එක ‍‍ගෙන ගියවට දකින්නට ලැබෙන්නේ තවත් වදන් කිහිපයක් වුනාට මෙහිදී ඒ වචනයට හෝ ඡේදයට නෑකම් කියන සේයාරූ එකක් හෝ කිහිපයක් වුනත් දර්ශනය වෙන්න සලස්වන්න පුළුවන්.


මෙන්න මීට කලින් පළ කළ හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර ලිපියේ ඡේයක් එම ආකාරයට සකස් කළවිට.

ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව "One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත් .

මෙන්න ඊට අදාල පියවරයන්.

මුලින්ම සුපුරුදු පරිදි Template Designer වල තියෙන Add CSS වලට මේ කේතය ඇතුළු කරන්න. ඊට අදාල පියවර පසුගිය බ්ලොග් ඉඟි ලිපි වල තිබේ.

<style>
.pictip
{
    position:relative;
    /*background:#eaeaea;*/
    display: inline-block;
    text-decoration:none;
    color:black;
    outline:none;
}
.pictip span
{
    visibility:hidden;
    position:absolute;
    top:30px;
    left:5%;
    z-index:999;
    margin-left:20px;
    padding:5px;
    border:2px solid #000;
    opacity:.9;
    background-color:#000;
    box-shadow:#666 1px 1px 1px;
    -moz-box-shadow:#666 2px 2px 2px;
    -webkit-box-shadow:#666 2px 2px 2px;
    -o-box-shadow:#666 2px 2px 2px;
    border-radius:8px;
    -moz- transition:all .5s ease-in;
          color:#fff;
}
.pictip:hover
{   
    border:0;
}
.pictip:hover span
{
    visibility:visible;
}
</style>

ඊට පසුව ඔබට කැමති බ්ලොග් ලිපියකට මෙය යොදා ගන්නා ආකාරය කියන්නම්.
ඔබට අවශ්‍ය ලිපියේදී සාමාන්‍ය ආකාරයට ලිපිය ටයිප් කර ගෙන යන්න. එහිදී යම් තැනකදී මේ ආකාරයෙන් පින්තූරය සඟව හෝ එම ලියූ දෙය වඩාත් තහවුරු වීම පිණිස පින්තූරයක් යෙදීමට අවශ්‍ය නම් HTML mode එක වෙතට යන්න.

(ඒ එක්කම යමක් කියන්න ඕන. මේ කේතයන් යෙදීම ආරම්භ කලාට පසුව ඔබ නැවත Compose mode එකට යන්නේ නැතුව HTML mode එකේ සිටම අදාල ලිපිය සුපුරුදු පරිදි ටයිප් කරන්න. මොකද ඔබ යම් හෙයකින් compose mode එකට ගියවිට ඇතැම් විට blogger වලදී එම html කේතයේ අප යෙදූ විනඥාසයන්ට වඩා වෙනස් දේවල් එකතු වීම හා සමහර කොටස් ඉවත් වීම සිදුවෙනවා. මෙය blogger වල විතරක් නෙ‍මෙයි Wordpress වලටත් පොදු කාරණයක්. ඒ නිසා wordpress වලදී Visual editor ඉවත් කර Text editor පමණක් භාවිතා කරන්න කියන එකත් කිව යුතුයි. එහෙම නැත්නම් සම්පූර්ණ ලිපිය අවශ්‍ය ආකාරයට Compose mode එකේදී ටයිප් කරාට පසුව අවසානයේ මෙවන් effect යොදන්න.)


ඉන්පසු එම වචනයට පෙර මේ කේතය paste කරන්න.

<a class="pictip" href="#">

මෙහිදී ඔබට එම රූපය කිසියම් වෙබ් පිටුවකට අදාල හා වෙබ් පිටුවකට එම වදන ඔස්සේ පිවිසීමටත් අවශ්‍ය නම් මෙහි දක්වා ඇති "#" වෙනුවට අදාල සබැඳිය දෙන්න.
<span> <img src="පින්තූරය සදහා සබැඳිය" width="525" /></span></a>.


width="525" දී ඔබට අවශ්‍ය අගය සටහන් කරන්න.

ඔබගේ වැඩිදුරටත් පහසුව පිණිස මෙහදී යොදාගත් සම්පූර්ණ කේතය නැවත සටහන් කරන්නම්.
<a class="pictip" #"> මෙම effect යෙදිය යුතු වචනය හෝ ඡේදය <span> <img src="http://4.bp.blogspot.com/-lnBSQJh-UPE/TmIFH3erojI/AAAAAAAADEQ/xPRsB7vzMp8/s1600/9-3-2011+3-51-29+PM.jpg" width="525" /></span></a>.

මීට කලින් ලියූ රූප තුළ අකුරු සැඟවීම හෙවත් "ඩාවින්ච් ‍කෝඩ්" අළුත් විදියකට - How to hide texts on image ... ලිපියේදී එහි සදහන් ක්‍රමයට අමතරව image එකක link එක ගැනීම පිළිබදව විමසා තිබුනා. එහිදී ලිපියේ සදහන් ක්‍රමයට අමතරව තවත් ක්‍රමයක් කමෙන්ටුවටද ඇතුලත් කරනු ලැබූ බවත් සදහන් කළ යුතුයි.

වෙනස් විදියේ අත්හදා බැලීම් වලට කැමති නම් ඔබ මෙම ක්‍රමයත් අනුගමනය කරල බලන්න. ගැටළු තිබුනොත් එයත් කියන්න...

Tuesday, September 18, 2012

අප දකිනා ඇතැම් දේ විද්වතෙකුගේ පර්යේෂනාත්මක දෑසින්...

මෙම ලිපිය වටිනා පොතක් සම්බන්ධයෙන් පොතේ නම තමයි සන්නිවේදනය හා සිංහල සාහිත්‍ය. පොත් කතෘවරයාවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාලිය කුලරත්න මහත්මයායි.

එම මහත්මයා විසින් කළ පර්යේෂනාත්මක ලිපි, දේශන හා පුවත්පත් වලට සැපයූ ලිපි වලින් මෙම පොත සැකසී ඇත. අප දකිනා දේට වඩා වෙනස් කෝණයකින් ගැඹුරට කරුණු සාකච්ඡා කළ අවස්ථාවක් ලෙස මෙම පොත හැදින්විය හැකියි. 

පොතේ මිළත් අද දවසේ පොතක මිළට වඩා බොහොම අඩුයි. එනම් රු.175/= ක් පමණයි. ආරිය ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කළ මෙම පො‍තේ ISBN අංකය -  ISBN 955 -553-603-7.

මෙම පොත පිළිබදව තවදුරටත් වටහා ගැනුම පිණිස එහි පටුන සහ පිටු අංක 56-57 නිදර්ශනයක් ලෙස ඉදිරිපත් කරන්නම්.





CFL විදුලි බුබුළු භාවිතය ගැන නැවත සිතා බැලීම පිළිබදව ලියවුන වටිනා ලිපියක් සම්බන්ධයෙන් මෙම සටහන තබමි...

මෙය මහාමේඝ පුවත් සඟරාවේ පළ වූ ලිපියක්. මෙම ලිපියේ පූර්ණ අයිතිය මහාමේඝ සතුයි.එම අඩවියේ ලිපිනය වන http://mahamegha.lk/featured-articles/andura-duralanna-seelime-ellagath-kala-bombaya/ පිවිසීමෙන් මුල් ලිපිය ඔබට කියවිය හැකිය).

මෙම ලිපිය මා පළ කිරීමට අදහස් කළේ මෙම ලිපිය කියවූ පසු ඇත්තෙන්ම යම් මුදලක් ඉතිරි කර ගැනීමේ අරමුනින් මෙම මෙවලම භාවිතයෙන් ඉතිරිවන මුදලට වඩා දීර්ඝ කාලීනව අපි ලඟා කරගන්නා විනාශය පිළිබදව ඔබ මේ වනවිටත් දැනුවත්ව නොමැති නම් දැනුවත් කිරීමටයි.

මෙම ලිපිය ඇත්තෙන්ම මා විසින් ලියන ලද්දක් නොවේ.මෙම ලිපිය ලියා තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියෙකු වන ගැමුණූ සාලිය පෙරේරා මහතා විසින්. මුලින්ම මෙම ලිපිය දකින්නට ලැබුනේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර යන මාතෘකාව යටතේ.ඔවුන් එම ලිපිය ලබා ගත් බවට සබැඳිය ලබා දී තිබුනේ මහාමේඝ වෙබ් අඩවියෙන්. ඒ අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය යන මාතෘකාව යටතේ‍‍. කෙසේවෙතත් එම වෙබ් අඩවි වල මෙම ලිපිය පළ වූ බව ඔබ නොදන්නේ නම් මෙම වටිනා කරුණ පිළිබදව දැනුවත් කිරීම සදහා සත් සමුදුරේද පළ කිරීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.


නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි. එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.

කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ. අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.

බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප‍්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති රෙගුලාසි පණවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අළෙවි කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නො කියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.

ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.

* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප‍්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප‍්‍රමාණවත් වනු ඇත.

මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.

‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප‍්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප‍්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත.

බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර
මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප‍්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප‍්‍රමාණයක් බව සොයා ගෙන ඇත.

රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත.

මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය.

01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය)

02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න.

04. කාමරයේ විදුලිපංකා ක‍්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න.

05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප‍්‍රවේශමෙන් ඉවත් කරන්න.
කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.

06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න.

07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.)

CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද?

CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත‍්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග‍්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ‍්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්ටේ‍්‍රට් ග‍්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ‍්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ‍්‍රහම් හෙයිම්’ මහතා විසින් ප‍්‍රකාශ කර ඇත. කවර හෝ ආලෝක ප‍්‍රභවයක් තුළ රාත‍්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව‍්‍රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත.

අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර සිටී. මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද?

බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත.
(මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.)

‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ.

මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප‍්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්,
(උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත.

ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී.
CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය.

කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත.

* නවසීලන්ත රජය සාම්ප‍්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත.

* ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත.

* ඇමරිකාවේ කැරොලිනා ප‍්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත.

* සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත.

CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද?

CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප‍්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය.

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප‍්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත.

මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග‍්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය.

එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය.


කාල බෝම්බයේ සටහන
ගැමුණූ සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරික්ෂක – ඇල්ල 



මෙවන් වටිනා කාලීන තොරතුරක් සිංහල පාඨකයන් හට ලබා දීම සම්බන්ධයෙන් මෙම ලිපිය ලියූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගැමුණු සාලිය පෙරේරා මහතාටත්, මෙම ලිපිය පළ කළ මහාමේඝ වෙබ් අඩවියට සහ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටත් ස්තූතිය පිරිනමමි.

Monday, September 17, 2012

Windows 7/ Vista Update කරන්න ගියාම මේ ගැටළුවට ඔබත් ලක්වුනාද? මෙන්න විසදුම්‍...

මේ ගැටළුව මටත් පැන නැගුන එකක්. ඒ තමයි. Windows Vista  (Windows 7 වලටත් මේ ගැටළුව පොදුයි) update කරන්න ගියාම මෙන්න මේ Error Message එක ලැබුනා.


"Windows Update cannot currently check for updates, because the service is not running. You may need to restart your computer"


මේ පණිවිඩයේ තිබෙන විදියට Services නිසියාකාරව Run වෙනවද කියලත් බැළුවා. එත් විශේෂ වරදක් සොයාගන්නට නොලැබුනා වගේම කියන විදියට පරිගණකය නැවත පණ ගැන්වූවත් ලැබෙන ප්‍රතිඵලය මෙම Message එකම තමයි.

ඊට පස්සේ මේක විසද ගන්න මෙහෙමයි කළේ - Notepade විවෘත කරගන්න.
(Press Start, press All programs, press Accessories and clickNotepad Copy and paste the following text into the document:)

ඊට පසුව මෙන්න මේ පහත දැක්වෙන කේතය එහි අලවා ගන්න.

net stop wuauserv
net stop bits
net stop cryptsvc
net stop trustedinstaller
sc config cryptsvc start= auto obj= "NT Authority\NetworkService" password= a
sc config wuauserv start= auto obj= LocalSystem
sc config bits start= delayed-auto obj= LocalSystem
Sc config trustedinstaller start= demand obj= LocalSystem
Sc config eventlog start= auto
reg add HKLM\SYSTEM\CurrentControlSet\Services\wuauserv\Parameters /v ServiceDll /t REG_EXPAND_SZ /d "%systemroot%\system32\wuaueng.dll" /f
reg add HKLM\SYSTEM\CurrentControlSet\Services\bits\Parameters /v ServiceDll /t REG_EXPAND_SZ /d "%systemroot%\system32\qmgr.dll" /f
reg delete HKLM\SOFTWARE\Policies\Microsoft\Windows\WindowsUpdate /f
reg delete HKLM\COMPONENTS\PendingXmlIdentifier /f
reg delete HKLM\COMPONENTS\NextQueueEntryIndex /f
reg delete HKLM\COMPONENTS\AdvancedInstallersNeedResolving /f
sc sdset wuauserv D:(A;;CCLCSWRPLORC;;;AU)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)S:(AU;FA;CCDCLCSWRPWPDTLOSDRCWDWO;;;WD)
sc sdset bits D:(A;CI;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;SAFA;WDWO;;;BA)
sc sdset cryptsvc D:(A;;CCLCSWRPWPDTLOCRRC;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;FA;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;WD)
sc sdset trustedinstaller D:(A;CI;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRRC;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;SAFA;WDWO;;;BA)
sc sdset eventlog D:(A;;CCLCSWLOCRRC;;;AU)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWRPWPDTLOCRRC;;;SY)S:(AU;SA;DCRPWPDTCRSDWDWO;;;WD)(AU;FA;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;WD)
takeown /f %systemroot%\winsxs\pending.xml
icacls %systemroot%\winsxs\pending.xml /grant Administrators:(F)
icacls %systemroot%\winsxs\pending.xml /grant Administratörer:(F)
del /q %systemroot%\winsxs\pending.xml
ren %systemroot%\System32\Catroot2 oldcatroot2
ren %systemroot%\SoftwareDistribution SoftwareDistribution.old
rename \ProgramData\Microsoft\Network\Downloader Downloader.old
cd /d %windir%\system32
regsvr32.exe atl.dll /s
regsvr32.exe urlmon.dll /s
regsvr32.exe jscript.dll /s
regsvr32.exe vbscript.dll /s
regsvr32.exe scrrun.dll /s
regsvr32.exe msxml3.dll /s
regsvr32.exe msxml6.dll /s
regsvr32.exe actxprxy.dll /s
regsvr32.exe softpub.dll /s
regsvr32.exe wintrust.dll /s
regsvr32.exe dssenh.dll /s
regsvr32.exe rsaenh.dll /s
regsvr32.exe cryptdlg.dll /s
regsvr32.exe oleaut32.dll /s
regsvr32.exe ole32.dll /s
regsvr32.exe shell32.dll /s
regsvr32.exe wuapi.dll /s
regsvr32.exe wuaueng.dll /s
regsvr32.exe wups.dll /s
regsvr32.exe wups2.dll /s
regsvr32.exe qmgrprxy.dll /s
regsvr32.exe wucltux.dll /s
regsvr32.exe wuwebv.dll /s
net start eventlog
net start cryptsvc
net start bits
net start wuauserv
fsutil resource setautoreset true c:\
netsh winhttp reset proxy
bitsadmin /reset /allusers
wuauclt.exe /resetauthorization /detectnow
:MESSAGE
echo+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo===========================================================
echo     The commands has been succesfully executed. Hit enter to continue
echo===========================================================
echo+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Pause > Null
:end

දැන් ඔබ File වලට ගිහිල්ල එහිදී Save As ගිහිල්ල File name එකට reset.bat විදියටත් save as type විදියට All files (*.*) ආකාරයටත් ලබා දෙන්න.

(Press File and click Save as. Navigate to the desktop, in the field File name you write reset.bat and in the field save as type you chooseAll files (*.*).  Now hit Save.)

දැන් ඔබ මේ file එක තිබෙන ස්ථානයට ගිහිල්ල Run as administrator ආකාරයට Run කරන්න.


බලන්න ඔබට දැන් windows update කරන්න පුළුවන්ද කියලා.  හැබැයි මට ඊ‍ට පසුව මෙන්න මේ Error code  එක දර්ශනය වුනා.

WINDOWS update 80072EFE error


මේ ගැන සොයල බැළුවම මේ Error එක එන්න හේතුව තමයි Registry එකේ දෝෂ සහගත තත්ත්වයක් හෝ Virus එකකින් කර තිබෙන බලපෑම බව. මෙයට විසදුම ලෙස දක්වා තිබුනේ Registry cleaning Software එකක් භාවිතා කිරීම හෝ Virus Guard එක Update කරල එමගින් නැවත සම්පූර්ණ පරිගණකය scan කිරීම. මම මේ දෙවන පියවර අනුගමනය කළ පසුව එනම් Virus Guard එක Update කරල එමගින් නැවත සම්පූර්ණ පරිගණකය scan කිරීම කළාට පසුව Windows update කර ගැනීමට බාධා ඇතිවුනේ නැහැ. ඔබටත් යම් අවස්ථාවක මෙයට සමාන ගැටළුවක් පැන නැගුනහොත් මෙම පියවර අනුගමනය කරල එය නිරාකරණය කර ගත හැකිදැයි බලන්න...

එදා Photo Enlarge කළේ මෙහෙමයි...

ඔබට මතක ඇතිනේ මීට දින කිහිපයකට කලින් ඉතාලියේ සිටින මිතුරෙකු එවූ පින්තූර අවශ්‍ය වෙලාවට ලොකු කරළ බලන්න හදලා තිබුන හැටි.
මෙන්න ඒ පෝස්ටුව බලල නැත්නම් එයට මඟ  - http://sathsamudura.blogspot.com/2012/09/italy-newzealnd.html

මේ ලිපියෙන් කියන්න යන්නේ එම Effects කැමති නම් ඔබගේ බ්ලොග් අඩවියටත් යොදා ගැනීමට අවශ්‍ය ආකාරයයි.

මුලින්ම සුපුරුදු පරිදි Blogger Template Designer වලට ගිහිල්ල මේ කේතය එතන අලවා ගන්න. (ඒ සදහා අවශ්‍ය පියවර පසුගිය බ්ලොග් ඉඟි ලිපි වල ඇත).


<style> #theArt img { margin-top:20px; margin-left:20px; margin-right:20px; /*width:225px;*/ -moz-transition:all ease 1s; transition:all ease 1s; -o-transition:all ease 1s; -webkit-transition:all ease 1s; -ms-transition:all ease 1s; } #theArt img:hover{ transform: scale(2.75); -moz-transform:scale(2.75); -o-transform:scale(2.75); -webkit-transform:scale(2.75); -ms-transform:scale(2.75); -o-box-shadow: 3px 3px 5px #000000; -webkit-box-shadow: 3px 3px 5px #000000; -ms-box-shadow: 3px 3px 5px #000000; -moz-box-shadow:3px 3px 5px #000; box-shadow: 3px 3px 5px #000000; zoom: 150%; z-index:1; } </style>


දැන් ඔබට අවශ්‍ය ලිපියකදී, අවශ්‍ය පින්තූරයට මෙම පින්තූර ලොකු කර ගැනීමේ පහසුකම යොදා ගන්නා ආකාරය කියන්නම්. මෙහිදීත් සුපුරුදු පරිදි ලිපිය ලියන Compose mode සිට HTML mode ට මාරු වී පින්තූරය තිබිය යුතු තැන මෙම කේතය අලවන්න.


<div id="theArt"><img src="අදාල පින්තූරයේ සබැඳිය" width="මේ සදහා පින්තූරයේ නියම ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ ඊට අඩුවෙන් විශාලත්වයක් යොදන්න " /></div>


මෙහි අදාල පින්තූරය සදහා සබැඳිය ලබා ගන්නා ආකාරය රූප තුළ අකුරු සැඟවීම හෙවත් "ඩාවින්ච් ‍කෝඩ්" අළුත් විදියකට - How to hide texts on image ... ලිපිය නැවත පරිශීලනයෙන් දැන ගත හැකිය. 

එසේම මෙහි නිල් පැහැයෙන් සදහන් කළ "‍මේ සදහා පින්තූරයේ නියම ප්‍රමාණයට වඩා දෙගුණයක් හෝ ඊට අඩුවෙන් " යන්නට පින්තූරයේ නියම පළලට වඩා කුඩා අගයක් යොදන්න. (උදා: පින්තූරයේ නියම පළල 720px  නම් 250px වැනි අගයක් යොදාගන්න.

එසේම මෙසේ කුඩා කළ පින්තූර කිහිපයක්ම එකම පේලියට යොදාගැනීමට <div id="theArt> හි </div> ‍ට පෙර තවත් image link එකක් ලබා 

මෙන්න මේ ආකාරයට 
<img src="https://lh5.googleusercontent.com/-zvPF0zA0p5A/UBJvL99LmgI/AAAAAAAAHBE/mDjj4QDjRUE/s800/7.jpg" width="200" /> <img src="https://lh4.googleusercontent.com/-nuQkX_hBphA/UBJvMCnV-HI/AAAAAAAAHBA/-Nw1trV44Ug/s800/9.jpg" width="200" />


 
දෙන්න. ඔබට මෙය පේලි දෙකකට ‍එසේත් නැත්නම් එක පින්තූරයකට පහළින් අනෙක් ලබා ගැනීම image link එකට පෙර
ලබා දෙන්න.

මෙන්න මේ ආකාරයට

<img src="https://lh4.googleusercontent.com/-nuQkX_hBphA/UBJvMCnV-HI/AAAAAAAAHBA/-Nw1trV44Ug/s800/9.jpg" width="200" />
<br />
<img src="https://lh6.googleusercontent.com/-Zx16Hi5ekYI/UBJvHZvG64I/AAAAAAAAHAQ/Yg4IqfHm5RA/s800/12.jpg" width="200" />

ඔබට සමහර විට ගැටළු තිබෙන්නට පුළුවන්. ඒවා විමසන ලෙසද ඉල්ලමින් ලිපිය අවසන් කරමි...

Sunday, September 16, 2012

ප්‍රයෝජනවත් කුඩා මෘදුකාංගයක් පිළිබදව කුඩා ලිපියක්

මේ ලිපිය නම් බොහොම කුඩා එකක්. හැබැයි එකෙන් පැවසෙන දෙය නම් ඔබට ඇතැම්විට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩතියෙනවා. මෙම මෘදුකාංගය පරිවර්ථක මෘදුකාංගයක්. නියමාකාරයෙන්ම කියනවා නම් මෙයින් Flv ‍එහෙමත් නැත්නම් Flash Video files අපි කැමති ආකෘති කිහිපයකටම පරිවර්ථනය කර ගන්නට හැකියාව ලබා දෙනවා. MPEG 4, DivX, XVid, MP3, WMV, 3GP වගේ ‍Format කිහිපයකටම පරිවර්ථනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

දැන් ඔබට හිතෙන්න පුළුවන් අද අන්තර්ජාලයෙන් බාගත කරගන්න තිබෙන මෙම කාර්යය කර ගන්න පුළුවන් මෘදුකාංග තො‍ගය හැටියට මේක මහා දෙයක්ද කියලත්. හැබැයි මේකයි කාරණේ මෙහි ප්‍රමාණය 5 MB තරම් කුඩායි. ඒ‍වගේම නොමිලේ ලබා ගන්න පුළුවන් මෙම අඩවියෙන් http://www.flvtoavi.com/.

ඒවගේම අවසාන වශයෙන් කියන්න ඕන මෙයින් covert කරල දෙන video එකත් හොද quality එකකින් බලන්නත් පුළුවන් කම ලැබෙනවා.

Thursday, September 13, 2012

වසර 45 කට පෙර සීගිරි ලඳුන්ට කළ "අතවර" ගැන ඔබ දැන සිටියාද? මෙන්න ඒ ගැන පුවත්පත් තුනක වාර්තාකර තිබූ අන්දම...

මෙම ලිපියත් ටිකක් වෙනස් එකක්. මට ඊයේ දිනයේදී වෙනත් කාරණයක් ගැන ලිපියක් බලන අවස්ථාවක දැක ගන්නට ලැබුන 1967 දී සීගිර අප්සරාවන්ගේ සිතුවම් කිහිපයකට සාහසිකයකු හෝ සාහසිකයන් පිරිසක් විසින් කළ විනාශය පිළිබදව මෑත කාලයේ පුවත් පත් තුනක් වාර්තා කර තිබූ ආකාරය පිළිබදව වටිනා තොරතුරු ගෙන ඒමට සිතුනා. ඇත්තටම දිවයින, ලංකාදීපය හා විදුසර යන පුවත්පත් වල තිබූ එම වැදගත් තොරතුරු මෙහිදී ඉදිරිපත් කරන අතර එම පුවත්පත් වලට මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් ස්තූතියද පළ කරමි.

අදාල ලිපිය, එයට ඈදුන සබැඳිය හා එම ලිපිය ලියූ ලේඛකයාද මෙහිදී සදහන් කරමි.

මේ 2010 අගෝස්තු 29 වැනිදා දිවයින පත්‍රයේ තිබූ වාර්තාවයි. මෙහිදී ලිපියේ මුල් කොටස මෙම මාතෘකාවට අදාල නොවන නිසා එම කොටස හැරෙන්නට අනෙක් කොටස ඉදිරිපත් කරමි.
http://www.divaina.com/2010/08/29/feature09.html


සීගිරි ලාලනියන් නොඑන ගමන් යයිද.....!

මීට වසර 43 ඉහතදී සීගිරි ළඳුන් රෝගී වූ අවස්‌ථාවක්‌ ගැන විමසා බැලීමටද මේ කදිම අවස්‌ථාවකි.

ඒ ඉතා බිහිසුණු රාත්‍රියකි. සීගිරි මහා කැලෑව පැත්තෙන් උළලේනුන්ගේ හඬක්‌ ද බස්‌සන්ගේ සහ බකමූණන්ගේ භයානක හඬක්‌ ද ඇසෙන්නට වූ ඒ මූසල රාත්‍රිය 1967 ඔක්‌තෝබර් 14 වැනිදා සීගිරි බෙයඳේ ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේ උපත ලද සීගිරි ලාලනියන් විනාශ කිරීමට කුරිරු හස්‌තයන් අවතාර ලෙසින් ආහ. එදා සීගිරි ලාලනියන් මියෑදෙන්නට නොදී රැක ගත්තේ එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටි ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතාගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්‌ (රසායන සංරක්‍ෂණ) වරයකු වූද ආචාර්ය රාජාද සිල්වා මහතා සහ ඉතාලියේ මේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ සිටි ලුසියානෝ මරාන්සි මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි පිරිස විසිනි. ඔවුන්ට පින් සිදුවන්නට යළිත් සීගිරි බෙයඳේ සීගිරි ලාලනියෝ සුවපත් වූහ. යළිත් වරක්‌ සීගිරි බෙයඳේ සිටින සීගිරි ලාලනියන් 22 ගෙන් කීපදෙනෙක්‌ රෝගී වූ බැව් අපි දැනගතිමු. ඒ ගැන අප පමණක්‌ නොව ඈත එපිට පිටිසර ගම් දනව්වල සිටින අප රටේ ජනතාව බොහෝ දුකට පත් වී සිටින බවද අපි දනිමු. කෙසේ හෝ එම සීගිරි ලාලනියන් ඉතා ඉක්‌මනින් සුවපත් වේවායි අපි දු ප්‍රාර්ථනා කරමු.

අප මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ හරියටම මීට වසර 43 පමණ ඉහතදී ඒ සීගිරි ලාලනියන් විනාශ කළ පසුව ඔවුන් යළිත් සුවපත් කළ ආකාරය හා එහි පසුබිම පිළිබඳ විමසා බැලීමටය. පළමුව සඳහන් කළ යුතු ඉතා සංවේදී කරුණක්‌ද ඇත. එනම් සිය සේවා කාලයෙන් ඉතා වැඩි වසර ගණනාවක්‌ සීගිරි කැටපත් පවුර අසල සිට සීගිරි කුරුටු ගී 685 ක්‌ පිටපත් කර (Estampaqes හස්‌පිටපත්) Sigiri Graffit නමින් මහා ග්‍රන්ථ 2 ක්‌ ලියූ ඒ මහා ප්‍රාඥයා මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා එදා සීගිරි ලාලනියන්ගේ මුහුණුවල පමණක්‌ නොව සිරුර ද නිල් සායමින් වැසූ ඒ හතිබ්‍රෂ්ටයින් යින් කළ කුරිරු ක්‍රියාව නිසා කඳුළු සැළුවේය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෙනෙතට එදා කඳුළු නැඟුණේ ඒ මහා විනාශයෙන් සිදුවූ ජාතික ව්‍යසනය දරාගත නොහැකි වූ නිසාය.

මෙවර දුර්වර්ණ වෙමින් තිබෙන සීගිරි ලාලන රූපවලට වහාම පිළියමක්‌ යෙදීමට ජනාධිපතිතුමාගේ උපදෙස්‌ අනුව දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කිරීම අපට ඇති එකම අස්‌වැසිල්ලකි.

එදා සීගිරි ලාලනියන් ඝාතනය කිරීමේ ඒ මහා පාපකර්මය පිළිබඳව 2003 වර්ෂයේදී අප විසින් ලියන ලද සීගිරි කාශ්‍යප" නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කරන ලදී.

ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේදී අපේ උදාර මුතුන් මිත්තන්ගෙන් පැවත එන චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද සීගිරි චිත්‍ර 1967 ඔක්‌. 14 වැනිදා රාත්‍රි කිසියම් පිරිසක්‌ විසින් සායම් ගා විනාශ කරන ලදී. මේ විනාශය ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නෙතඟට කඳුළු නැඟුණු බවද ඉතා ප්‍රකට කරුණකි. මන්ඩෝදක කුටි ලෙසින් මෙම සීගිරි චිත්‍ර සිතුවම් කළ ලෙන් පෙදෙස හැඳින්වේ. එහි තිබූ සිතුවම් දහනවයෙන් දහ හතකට වඩා කොළ සායම් තවරා තිබුණි . (A කුටියේ 5 ක්‌ හා B කුටියේ 14 කි.) තවද විකෘති කර ඇති සිතුවම් දෙකකින් එකක (B කුටිය අංක 3) හිසත් ඊළඟ සිතුවමේ (B කුටිය අංක 4) ඉඟෙන් උඩ කොටසක්‌ සූරා දැමීමෙන් එම රූප දෙක අලුත්වැඩියා කළ නොහැකි අයුරින් විනාශ කර තිබුණි. ඊළඟ සිතුවම් (B කුටිය අංක 5) උල් ආයුධයකින් ඇන තිබුණි.

ඉතාලියේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි චිත්‍ර සංරක්‍ෂකයෙක්‌ වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක්‌ ලංකාවේ නැවතී සිට සීගිරි චිත්‍රවලට සිදුවූ හානිය ඉවත් කළේ. මේ පිළිබඳව එවක උනන්දුවකින් කටයුතු කළේ පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු ද වූද ආචාර්ය රාජා ද සිල්වා මහතා ය. මේ සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහායද නොබඳව ලැබුණි.

සීගිරි කාශ්‍යප -2003 - සිරිසමන් විඡේතුංග පි. 32.) මෙම විනාශය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙසේ සඳහන් වේ.

"කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිෆොaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා (ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමක්‌ කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වනවිට ඒ පළාතම වර්ෂා කාලය එළැඹ තිබුණෝය. එහි ගිය අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. (එහි ඡායාරූප දෙකක්‌ මේ සමඟ ඉදිරිපත් කරන ලදී.) පෙරදින පරීක්‍ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‍ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අඟුලු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967 - 68 ආචාර්ය ආර්. එච්. ද සිල්වා පි. ඨ23)

එම අවස්‌ථාව සැබැවින්ම කඩා බිඳ දමා තිබුණු කොටස්‌වල ගලේද තින්ත උලා තිබීම නිසා චිත්‍ර පළමුව කඩා බිඳ දමා දෙවනුව තීන්ත උලා ඇති බව ද ඉහත සඳහන් වාර්තාවේ දැක්‌වේ. ඒ කාලයේ තිබුණු එකම විද්යුත් මාධ්‍යය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පමණි. පුවත්පත්වලින්ද මේ විනාශය පිළිබඳ වාර්තා කර තිබුණි.

ආචාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රමුඛ රසායන සංරක්‍ෂකයන් විසින් තීන්ත ඉවත් කිරීමේ කටයුතු කරන ලදී. එම පුරාවිද්‍යා වාර්තාවේ මෙසේද සඳහන් වේ.

මේ වැඩය 1967 ඔක්‌තෝබර් මස 21 වැනි දින අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම් ඇම්. ඡේ. පෙරේරා මහතා විසින් පරීක්‍ෂා කරන ලදී. සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට දැනගන්නට ලැබුණු වහාම ඇමැති තැම්පත් අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විශේෂඥයාගේ සේවය ලබාදෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්‌කෘතික වස්‌තූන් හැදැරීමේ සහ සංරක්‍ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්‌ථානය විසින් තහවුරු කිරීම පිළිබඳ විශේෂඥයෙකු වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක වැඩ සඳහා ලංකාවට පැමිණීමට සූදානම් විය. 1967 ඔක්‌තෝබර් මස 22 දා මරාන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්‌ඩායම සමග වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

පසු දිනම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතාට තමා විසින් ගෙනෙන ලද ද්‍රව්‍යයන් හා ලංකාවේ ලබාගත හැකි ද්‍රව්‍යයන් යොදා අප විසින් යොදාගෙන තිබුණාට වඩා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ තෝරා ගැනීමට සමත් විය. සමහර චිත්‍ර කොටස්‌ වටේ වැඩුqණු දිලීරත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරැණි සකස්‌ කිරීමත් යන දෙකම අස්‌කරන ලදී. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. ඨ25)

කෙසේ හෝ සීගිරි බිතු සිතුවම් විනාශ කර දින 8 ක්‌ ඇතුළත ලුසියානෝ මරාන්සි මහතා මෙරටට ගෙන්වාගෙන තීන්ත ගෑ බිතු සිතුවම්වල එම තීන්ත ඉවත් කර ඒවා නැවත සංරක්‍ෂණය කිරීමේ කටයුතු සති දෙකක්‌ පුරා ඉටු කළ බව වාර්තා වී ඇත.

වසර 43 ඉහතදී කරන ලද සංරක්‍ෂණ ක්‍රියාදාමය 1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාවල ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර තිබේ.

එහිදී අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ මෙසේද සඳහන් වේ.

"ක්‌ෂාරය භාවිතා කිරීමෙන් මේ වර්ණ ද්‍රව්‍යයේ පාට නැති කළ හැක. එහෙත් සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් වැනි වූ ඉතා තනුක කාබනික ක්‍ෂාරයන් වුවද පාවිච්චියෙන් අතිරික්‌තය සෝඩියම් කාර්බොනේට්‌වලට පෙරළීම නිසා පසුව නොයෙක්‌ පැටලිලි ඇතිවන්නට පුළුවන. මේ සඳහා වාෂ්පශීලී කාබයින මූලස්‌ථ සමග බුට්‌ල් ඇමින් පාවිච්චි කිරීම රෝම මධ්‍යස්‌ථානය විසින් යෝජනා කරන ලදී. මෙය අවශ්‍යතාවට සෑහෙන බව පෙනී ගියේය. ඇමිනයද යොදන ලද්දේ කෙළවරේ කපු පුළුන් ඔතා වීදුරු කූරකිනි.

(පුරාවිද්‍යා වාර්තාව 1967-68 පි. 25)

ලුසියානෝ මරාන්සි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු සීගිරි බිතු සිතුවම්වල එම සාපරාධී නරුමයන් විසින් ගාන ලද තීන්ත ඉවත් කිරීමේ කාර්ය කොතරම් සාර්ථකව ඉටු කළේද යත් සකස්‌ කරන ලද්දේ කුමන කොටස්‌ද යන්න නරඹන්නාට තේරුම් ගත හැකි පරිදි කළ බවද වාර්තාවේ සඳහන් වී ඇති අතර එහි තවදුරටත් මෙසේ සඳහන් වේ.

බෙල් මහතා (ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල්) සීගිරි බිතු සිතුවම් වල දුටු කඩතොලු වුණු බොහෝ තැන් පුරවා නූතන පාටවල් යොදා ඒ කාලයේදීම කරන ලද සකස්‌ කිරීම් අප විසින් තහවුරු කළ යුතුව තිබුණු කොටස්‌වලට පිටට විහිදී තිබුණේය. 1889 දී චිත්‍ර පිටපත් කිරීම සඳහා මරේ මහතා (ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඒ. මරේ මහතා) විසින් ඒවා මත එලන ලද ටිසියු කඩදාසි අස්‌කර ගනිද්දී එම චිත්‍ර කොටස්‌ අවටින් තිබුණු වර්ණ තට්‌ටුව ගැලවී ඇත. මේ සුදට තිබුණු කොටස ඒ කාලයේදී සකස්‌ කළ නමුත් ඒ යොදන ලද වර්ණයන් සමග ගැලපුනේ නැත. මේ කොටස්‌වල මරුන්සි මහතා විසින් කළේ දිය කළ සායම් (රිවස්‌ පොලිටර් පාටවල් සහ අක්‌වාටෙක්‌ ඇරිලික්‌, පොලිටර් ඉමල්ෂන් බොකුර් කොලොම්බි නිව්යෝක්‌) යොදා අවශ්‍ය වූ ඉතාම අඩු ප්‍රමාණයේ සකස්‌ කිරීම් කරන ලදී. මේ කටයුතුවලදී එකල සැලසුම්කරු ඇස්‌. ඇම්. සෙනෙවිරත්න පසුව (සහකාර කොමසාරිස්‌) හා ඡායාරූප ශිල්පී ඇම්. ඩබ්. ඊ. කරුණාරත්න (පසුව සහකාර අධ්‍යක්‍ෂ) යන මහත්වරුන් විසින් මේ වැඩ කොටස සඳහා මරුන්සි මහතාට දක්‍ෂ ලෙස සහාය දුන්හ.

(පුරාවිද්‍යාව පි. 26)

බිතු සිතුවම්වල විනාශ කිරීමට ගෑ තීන්ත ඉවත් කිරීමෙන් හා ප්‍රතිසංස්‌කරණවලින් පසුව ටි්‍රලින් හි දිය කළ ඇරලොයිඩ් නම් රෙසිනයක්‌ චිත්‍ර මත තවරන ලදි. මෙය චිත්‍රවල ආරක්‍ෂාව සඳහා පමණක්‌ නොව. පැහැදිලි බව වැඩි කිරීමටද හේතු වූ බව එම වාර්තාවේ සඳහන් වේ. (ඉහතින් වරහන් තුළ සඳහන් කරන ලද්දේ මේ ලියුම්කරු විසිනි.)

මේ වැඩ කොටස අවසන් කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 නොවැම්බර් මස 4 වැනිදා ආපසු ගියේය. ඉන්පසු දෙවැනි වතාවටත් ඒ මහතා 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සීගිරි බිතු සිතුවම් සංරක්‍ෂණයේ කටයුතු ඒ වසරේ අප්‍රේල් මස 11 දින දක්‌වා සිදු කළ යළි සිය රට බලා ගියේය. මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ළඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‍ෂණයට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‍ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය" යනුවෙන් 67-68 පුරාවිද්‍යා පාලන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද 1968 මැයි මාසයේ 9 වැනිදා සීගිරි ළඳුන් නැවත සුවපත් කිරීමෙන් පසුව සිදුවූ සිදුවීමක්‌ පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ සඳහන් කර ඇත.

1968 මැයි මස 9 වැනි දින සම්භාවනීය අමුත්තනුත් දහස්‌ ගණන් රටවැසියනුත් ඉදිරියේදී සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරැණි රාජ සභා ශාලාවෙහි පවත්වනු ලැබූ ඉතිහාසගත විය යුතු රැස්‌ වීමකදී අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමා (අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා) විසින් සීගිරි බිතු සිතුවම් ගුහාව උත්සවාකාරයෙන් යළිත් විවෘත කරන ලදී. එහි මෙසේද සඳහන් වී ඇත. මෙම උත්සවය සාර්ථක කර ගැනීමෙහිලා මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විශේෂ කොට සහකාර කොමසාරිස්‌ මාකස්‌ ප්‍රනාන්දු සහ ප්‍රකාශන සහකාර (පසුව නියෝජ්‍ය කොමසාරිස්‌ හා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ව සිට අභාවප්‍රාප්ත (1993) වූ) ඇම්. එච්. සිරිසෝම යන මහත්වරු බොහෝ වෙහෙස ගෙන වැඩ කළෝය.

මෙහිදී ලුසියානෝ මරාන්සි මහතාගේ සංරක්‍ෂණ කටයුතු වාර්තා කිරීම සඳහා ගුවන් විදුලි සංස්‌ථාවේ නියෝජිතයා ලෙස ගිය ප්‍රවීණ මාධ්‍යවේදී අප හිතවත් පාලිත පෙරේරා මහතාගේ අත්දැකීමක්‌ මේ ලේඛකයා සමග පැවැසුවේය. එය මේ අවස්‌ථාවේදී මේ ලිපියේ සඳහන් කිරීම මැනවැයි සිතුවෙමි. අප හිතවත් පාලිත පෙරේරා මහතා එදා ලුසියානෝ මරාන්සි සමග කළ සාකච්ඡාවේදී ඒ මහතා පාලිත පෙරේරා මහතාගෙන් අප සිත් කම්පා කරවන ප්‍රශ්නයක්‌ ඇසුවේය.

"වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන ආ මේ ඉතාම ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරයකට අයත් වූ සංවේදී මිනිසුන් ජීවත් වූ ඔබේ රටේ මිනිසුන් ඇයි මෙවැනි මහ පොළව නුහුලන අපරාධයක්‌ කළේ."

අදත් අපට අසන්නට ඇත්තේ ඒ ප්‍රශ්නයමය. සංවේදී චිත්‍ර ශිල්පීන් පමණක්‌ නොව සංවේදී පුරවැසියන්ද ගම්වැසියන්ද අප රටේ සිටි බවට සීගිරි කැටපත් පවුරේ ක්‍රි.ව. 6 සියවසේ සිට ක්‍රි.ව. 15 වැනි සියවස තෙක්‌ ලියූ කුරුටු ගී (ගීත නොවේ) ඒ රසිකයන්ට පමණක්‌ නොව අනාගත පරපුරට ඉතිරි කර ඇති මෙහි සිදු කළ ඒ මහා විනාශය සැබවින්ම 20 වැනි සියවසේ දකුණු ආසියාවේ පමණක්‌ නොව ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් වාසය කරන මේ ලෝකයේ සිදු වූ 20 වැනි සියවසේ මහා සංස්‌කෘතික ෙ€දවාචකය ලෙසින් මෙහි සටහන් කළ යුතුව ඇත.

සිරිසමන් විඡේතුංග
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සහ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හිටපු ජනමාධ්‍ය උපදේශක 

මේ විදුසර 2012 සැප්තැම්බර් 08 වැනිදා මෙම අපරාධය හා සීගිරිය ගැන තවත් කොරතුරු පළ කර තිබූ ආකාරයයි - http://www.vidusara.com/2010/09/08/feature1.html

(පින්තූරය මතට mouse pointer ගෙන ගිය විට විශාලනය වේ).
සීගිරි සිතුවම්

ක්‍රි.ව. 459 සිට ක්‍රි.ව 477 දක්‌වා අනුරාධපුරයේ රජ කළ ධාතුසේන මහ රජුට දා ව යකඩ දෝලියක හෙවත් දෙවැනි පෙළ බිසවක ගේ කුසින් කාශ්‍යප උපන් බැව් ඉතිහාසයේ සඳහන් වෙයි. පරිසරයේ සුන්දරත්වය, තාක්‌ෂණය, කලා කෞශල්‍යය එක්‌ කළ රමණීය ස්‌මාරකයක්‌ වන සීගිරිය රට දැයට දායාද වූයේ කාශ්‍යප රජු ගේ සහ දේශීය කලා ශිල්පීන් රැසක ගේ දැඩි අධිෂ්ඨානයක ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ඉතිහාසය දක්‌වන පරිදි ක්‍රි.ව. 477 සිට මහා කාශ්‍යප රජු සිය අගනුවර කරගත් තැන් සිට අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්‌ වෙයි.

සීගිරිය අද අපට හිමි ලෝක උරුමයකි. ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමට හේතු වූ කරුණු කාරණා අතර සීගිරි චිත්‍ර සුවිශේෂී තැනක්‌ ගනී. එසේ ම සීගිරි චිත්‍ර පිළිබඳව කියවෙන කුරුටු ගී ද ලෝ පතළ වෙයි. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුළට නෙරුණු නැම්මට ඉහළින් කරවන ලද මේ බිතු සිතුවම් එකල කරවන ලද්දේ අව් වැසි උවදුරුවලින් ආරක්‌ෂා වන පරිදි ය. මුල් යුගයේ දී සීගිරියේ බටහිර පෙදෙස පුරා ම විහිදී තිබුණු මේ රමණීය සිතුවම්වලින් අද ආරක්‌ෂා වී ඇත්තේ චිත්‍ර 21ක්‌ පමණි. මෙයින් චිත්‍ර කිහිපයක්‌ 60 දශකයේ අග භාගයේ දී සිත් පිත් නැති අයකුගේ ගල් උල් පහරකින් හා තාර ගෑමකින් විනාශ විය. මේ විනාශය දුටු එකල ජීවත් ව සිටි ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයකු මෙන්ම ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ දෑසින් උණු කඳුළු කැට කඩා වැටුණේ ඔහුට ද නො දැනී ය. ඒ තරමට ම එතුමා සීගිරි චිත්‍රවලටත් චිත්‍ර ගැන කියවෙන කැටපත් පවුරටත් ආදරය කළේ ය.

මේ සිතුවම්වලට වස්‌තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් යෑයි මතයක්‌ පවතින අතර රජතුමා ගේ මෙහෙසියන් ය යන්න ද මතයකි. මහාචාර්ය මංගල ඉලංගසිංහ විද්වතුන්ට අනුව අප්සරාවන් යනු දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු වස්‌තු විෂයයකි. කසුප් රජු ගේ අන්තපුර ස්‌ත්‍රීන් යනුවෙන් ද හැඳින්වෙන මේ ලලනාවෝ සීගිරි චිත්‍ර ශිල්පීන් ගේ නිරූපිකාවන් වූවාට ද සැක නැත.

සීගිරි චිත්‍ර පිළිබඳව මේ වන විට විද්වතුන් 13 දෙනකු විවිධ අදහස්‌ පළ කර ඇත. වර්ෂ 1898 ද ලෝ පතළ ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ඉදිරිපත් කරන ලද මතය කිසියම් පිළිගැනීමකට ලක්‌ වී ඇත. එතුමා ගේ අදහසට අනුව චිත්‍රවල දකින්නට ලැබෙන රතු පැහැය සවස බටහිරින් හිරු බසින විට නැඟෙනහිර අහස රත් පැහැ වීමක්‌ දක්‌වයි. චිත්‍රවල ඉනෙන් පහළ කොටස වැසී ඇතත් ලලනාවන් ගමන් කරන විලාසයක්‌ පෙන්නුම් කරයි. සැම ලලනාවක ගේ ම අතේ මල් වට්‌ටියක්‌ හෝ මල් පොකුරකි.

මේ කරුණු අනුව බෙල් මහතා පෙන්වා දෙන්නේ හිරු බැස යන සැන්දෑවේ දෝතින් මල් ගෙන පිදුරංගල විහාරය වඳින්නට යන රජතුමා ගේ බිසෝවරුන් හා පිරිවර කාන්තාවන් චිත්‍රවලින් පෙන්නුම් කරන බව ය. මේ මතය සනාථ කිරීමට තිබෙන එක ම ප්‍රධාන සාධකය වන්නේ පිදුරංගල විහාරය දෙසට හැරී සිටින ලෙස මේ ලලනා චිත්‍ර නිර්මාණය කර තිබීම ය.

වර්ෂ 1902 දී ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන් මේ සිගීරි ලලනාවන් අර්ථ දැක්‌වූයේ වලාකුළුවල පා වන දිව්‍ය අප්සරාවන් ලෙසිනි. වර්ෂ 1968 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වූ රාජා ද සිල්වා විද්වතුන් ඉදිරිපත් කළ මතය වූයේ රජතුමා ගේ අග මෙහෙසිය හා සේවිකාවන් ආගමික උත්සවයකට සහභාගී වන අවස්‌ථාවක්‌ මින් නිරූපණය වන බව ය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් ද සීගිරි ලලනාවන් පිළිබඳව මතයක්‌ පළ කළ විද්වතෙකි. ඔහු ගේ මතය රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් සීගිරි ලලනාවන් පිළිබඳව සම්භාව්‍ය මතයක්‌ ඉදිරිපත් කළ විද්වතා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් හැඳින්විය හැකි ය. මෙතුමා සීගිරි ලලනාවන් වලාකුළු හා විදුලි කෙටීම් සංකේතවත් කරන බැවින් මේඝලතා සහ විජ්ජුලතා යනුවෙන් හැඳින්වී ය. ගල මත ගොඩනැඟූ මාළිගාවේ කුවේර ලීලාවෙන් කාශ්‍යප ජීවත් වූ බැව් අදහස්‌ කෙරෙයි. එහෙයින් මෙය කුවේරයා ගේ හෙවත් වෙසමුනි ගේ ආලකමන්දාව යනුවෙන් ද හැඳින්විණි. සෙනරත් පරණවිතාන මහාචාර්යතුමන්ට සංස්‌කෘත සාහිත්‍යය පිළිබඳව හසළ දැනුමත් තීබීම මෙවන් සම්භාව්‍ය අදහසක්‌ ඉදිරිපත් කිරීමට හේතුවක්‌ වූවා නිසැක ය.

මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක විද්වතුන්ට අනුව දුරාතීතයේ සිට සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට මෙන්ම අපට ද මේ චිත්‍ර සුන්දර වනිතාවන් පෙළක ගේ ආහ්ලාදජනක සිතුවම් කිහිපයකට වැඩි දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් කුරුටු ගීවලට අනුව සීගිරියේ ලලනා රූප 500ක්‌ තිබී ඇත. මේ රූප අතරින් අද ඉතිරි ව ඇත්තේ රූප 21ක්‌ පමණි. මේ ලෙනේ හැරුණු කොට සීගිරි පර්වතය ප්‍රදේශයේත් අනෙකුත් ගල් ගුහාවලත් සිතුවම් තිබුණු බවට සාක්‌ෂි ඇත. සීගිරිය නරඹන්නකුට චිත්‍ර දක්‌නට නැතත් චිත්‍ර ඇඳි බදාම කැබැලි අදත් ගල් ගුහාවල වහල පෙදෙසේ දැකගත හැකි ය.

දැනට ඉතිරි ව ඇති චිත්‍රවලින් පැරැණි ම චිත්‍ර ලෙස පිළිගැනෙන සීගිරි චිත්‍ර දේශීයත්වයක්‌ පෙන්නුම් කරන බැව් පැහැදිලි ය. ශිලා උද්‍යානයේ ගුහාවල ඉතිරි ව ඇති බොහෝ චිත්‍ර කොටස්‌ ප්‍රධාන චිත්‍ර ගුහාවේ චිත්‍ර තරම් ප්‍රකට නැත. එහෙත් කාල පරිච්ඡේදය සමාන වෙයි. ඉතා සියුම් ලෙස අදින ලද මල් හා සත්ත්ව රූපවලින් පිරි වියන් සිතුවම් ප්‍රධාන චිත්‍ර ගුහාවේ ඇති ලලනා රූපවලට නොදෙවැනි අන්දමින් නිර්මාණය කර තිබේ.

වර්ෂ 1899 දී එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවා ද වූ මරේ නමැති අයකු බිතු සිතුවම් ගුහාවලට නැඟ එම සිතුවම් පිටපත් කළ මුල් ම තැනැත්තා ලෙස ඉතිහාසගත වී ඇත. ඉන්පසු 1894 දී පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා සමග වැඩ කළ මුහන්දිරම් පෙරේරා නම් අයකු මේ චිත්‍ර පිටපත් කර ඇත. මේ සිතුවම් අද ජාතික කෞතුකාගාරයේ දක්‌නට ලැබේ. විදෙස්‌ සිත්තරුන් ගේ අවධානය සීගිරි චිත්‍ර කෙරෙහි යොමු වී ඇති බවක්‌ ද දක්‌නට ලැබේ. වර්ෂ 1935 දී ජපන් චිත්‍ර ශිල්පියකු මෙහි පැමිණ චිත්‍ර ගුහාවට ගොස්‌ ඒ අයුරින් ම පිටපත් කළ චිත්‍ර අදත් ජපානයේ ටෝකියෝ නුවර ජාතික කෞතුකාගාරයේ ආරක්‌ෂා සහිතව තිබෙන බැව් එය දුටු අය සාක්‍ෂි දරති. මේ චිත්‍රවල ඇති සුවිශේෂී ලක්‌ෂණය වන්නේ වර්ෂ 1935 දී චිත්‍රවල තිබුණු වර්ණ පැහැය ඒ අයුරින් ම එම පිටපත් චිත්‍රවල ඇතුළත් වීම ය. මෙහි දී කිවයුතු දෙයක්‌ ඇත. එදා සීගිරි චිත්‍රවල වර්ණ ස්‌වභාවය අධ්‍යයන කරන්නකුට අද එම වර්ණ පැහැය අධ්‍යයන කිරීම වඩාත් ප්‍රයෝජනවත් වන බව කිව යුතු වෙයි. හේතුව අද චිත්‍රවල එදා වූ වර්ණ පැහැය දක්‌නට නොමැති වීම ය. අද මේ චිත්‍ර නැරඹීමේ දීත් කාශ්‍යප රජු දවස චිත්‍ර නැරඹීමේ දීත් දක්‌නට ඇත්තේ පැහැදිලි වෙනසකි. අද පහළ සිට ඉහළ චිත්‍ර ගුහාව දක්‌වා ඉදි කළ පඩි පෙළක නැඟී ගොස්‌ චිත්‍ර අසල ම සිට නැරඹීමට හැකියාවක්‌ ඇත. එහෙත් කාශ්‍යප රජු දවස ජල උද්‍යානයේ සිට චිත්‍ර නැරඹූ බවට සාක්‌ෂි ඇත. මෙහි දී ලෙනේ වූ චිත්‍ර ජල උද්‍යානයේ පොකුණු තුළ ප්‍රතිබිම්බයක්‌ ලෙසින් දිස්‌ වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බහුතර ජනකායක්‌ සීගිරි චිත්‍ර දුර තියා නැරඹූ බවයි. සමහර විට ජල උද්‍යානයට ඉහළින් කිසියම් ස්‌ථානයක චිත්‍ර නැරඹීම සඳහා වේදිකාවක්‌ හෝ ඒ සඳහා වෙන ම ස්‌ථානයක්‌ හෝ ස්‌ථාපිත කර තිබෙන්නට ඇත.

සීගිරි පර්වතයේ බටහිර පෘෂ්ඨය බැස යන හිරු රැසින් මෙන්ම දහවල දී දැඩි හිරු රැසින් ද රත් වීමෙන් සිදු වන හානිය අවම කර සිතුවම් රැක දුන්නේ සීගිරි පර්වතය වටා පිහිටි දිය අගල ඇතුළත් ජල උද්‍යානයේ දිය පිරි පොකුණු සමූහය යෑයි කිව හොත් නිවැරැදි ය. මෙයට අමතරව සීගිරියට නිරිත දිගින් හා දකුණින් පිහිටි වැව් නැඟෙනහිර දෙසින් පිහිටි, තම්මන වැව, නාලන්දාගම වැව, මහ වැව, කළු ගල් වැව, ගලහිටියාව වැව, කිඹිස්‌ස වැව, බටහිරින් පිහිටි පොතාන වැව, ඊසාන දෙසින් පිහිටි හාගල වැව, කිටිය කොළ වැව, රඹවල වැව, උතුරු දෙසින් පිහිටි පහළ වැව, ඉලුක්‌ වැව, ඉහළ වැව, උඩගොල්ල වැව, පහළ නිකොට වැව යන වැව් හරහා හමා ආ සිසිල් සුළං සිතුවම් සහිත සීගිරි පර්වතයට සිසිලස ලබා දෙන්නට ඇත.

ජල උද්‍යානයේත් ඒ අවට පරිසරයේත් කිසියම් සැලැස්‌මකට අනුව උද්‍යාන විද්‍යානුකූලව විවිධ ශාක විශේෂ වගා කර තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ භූමියේ ස්‌වාභාවික පිහිටීමේ විකෘති කිරීමක්‌ නො කළ බැව් අදත් දක්‌නට ලැබෙන බැවිනි.

එහෙයින් දිය අගල්, ජල උද්‍යානයේ දිය පිරි පොකුණු හරහාත් තුරු වදුළු පිසිමිනුත් සීගිරි පර්වතය දෙසට හමා ගිය සුළඟ පර්වතය සිසිල් කළා පමණක්‌ නො ව බාහිර පරිසරයට නිරාවරණය වුණු සිතුවම් සමූහය ද සිසිල් කර, වැඩි වන උණුසුමින් සිදු විය හැකි හානි අවම කළා විය හැකිය.

සාමාන්‍යයෙන් ගස්‌ සෙවණක හෝ බඩවැටි සමූහයක්‌ ඇති ප්‍රදේශයක්‌ අසල වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය අවම මට්‌ටමක පවතී. එමෙන්ම ජල වාෂ්ප ප්‍රමාණය ද යම් මට්‌ටමක පවතී. දහවල දී හමන සුළඟින් වැඩි වන ජල වාෂ්ප ප්‍රමාණය විසිරී යන අතර හිරු එළියෙන් තෙතමනය යම් පමණකට අඩු කරයි. මේ නිසා අවට පරිසරය නිතර ම සිසිල් ස්‌වාභාවයකින් යුක්‌ත වෙයි. එහෙයින් පරිසර උෂ්ණත්වය සමබරව පවතී. මෙවන් ස්‌වාභාවික සංරක්‌ෂණ ක්‍රමවේද සීගිරි සිතුවම් සංරක්‌ෂණය වීමට හේතු වූවා නිසැක ය.

කල් යැමේ දී එම පරිසර තත්ත්ව වෙනස්‌ වීම සමස්‌ත සීගිරි සිතුවම්වලට විවිධ හානි සිදු කිරීමට හේතු වූවා විය හැකි ය. අදින් දශක 4කට පමණ පෙර තිබූ තත්ත්වයත් අද තත්ත්වයත් අතර තිබෙන වෙනස, අධ්‍යයනය කරන්නකුට අවබෝධ කර ගැනීමට අපහසු වන්නේ නැත. අදින් දශක කිහිපයකට පෙර සිතුවම් ලෙනට පහළින් පිහිටි කුඩා ලෙන්වල කළ සිතුවම් සුළු වශයෙන් හෝ දක්‌නට ලැබුණත් සංරක්‍ෂණයක්‌ නො කළ බැවින් එම සිතුවම් ගුහාවල බදාම කැබැලි පමණක්‌ අද දක්‌නට ලැබේ.

බිතු සිතුවම්

අතීතයේ දී සිතුවම් 500ක්‌ පමණ දක්‌නට ලැබුණු නමුත් අද දක්‌නට ලැබෙන්නේ චිත්‍ර 22ක්‌ වැනි ප්‍රමාණයකි. මෙයින් අංග සම්පූර්ණ ලෙස ඉතිරි වූ චිත්‍ර ඇත්තේ 12 ක්‌ පමණි. මෙයින් තනි කාන්තා රූප 6ක්‌ හා යුගල කාන්තා රූප 3ක්‌ ද වන අතර අනෙක්‌ කාන්තා රූපවල විවිධ කොටස්‌ මැකී ගොසිනි. සමහර තැන්වල බදාම ගැලවී ගොස්‌ ඇත. වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ සිතුවම් ලෙනට රහසේ ඇතුළු වූ සාහසිකයන් පිරිසක්‌ මේ සිතුවම් මත කොළ පැහැති සායම් තවරා උල් තියුණු ආයුධයකින් ඇන විනාශ කර තිබිණි. මේ සිදුවීමත් සමග අද අපට දක්‌නට ලැබෙන්නේ සිතුවම් කිහිපයකි.

කැටපත් පවුරට අඩි 44ක්‌ පමණ ඉහළින් පිහිටි සිතුවම් ලෙනේ දිග අඩි 60ක්‌ පමණ වෙයි. සිතුවම් ඇඳීමේ තාක්‌ෂණය පිළිබඳව විමසීමේ දී ගලේ රළු බිත්තියේ මතුපිට සුමට කිරීම පිණිස සුවිශේෂී බදාමයක්‌ භාවිත කර ඇත. බදාම සෑදීමේ දී මී පැණි, දිවුල් ලාටු, මකුළු මැටි හුණු යනාදිය භාවිත කළ අතර මේ බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ශාක යුෂ වර්ග උපයෝගි කරගෙන ඇත. චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර ඇත.

මේ සුමට බදාමය මත රතු හෝ දුඹුරු රේඛා අඳිමින් චිත්‍රය ඇඳි බවක්‌ දක්‌නට ලැබේ. මෙහි දී සිතුවමේ කිසියම් අංගයක්‌ වෙනස්‌ වූයේ නම් එනම් වැරැදි ආකාරයට සටහන් වූයේ නම් හෝ වෙනස්‌ කර සටහන් කළේ නම් වැරදුණු තැන් මකා දැමීමට චිත්‍ර ශිල්පියා උත්සාහ කර නැති බවක්‌ දක්‌නට ලැබේ. සමහර විට එම වරද තෙත බදාමය නිසා මකා දැමීමට අපහසු වන නිසාත්, මැකීමේ දී බදාමය පලුදු වන නිසාත් වරද නිවැරැදි කිරීමට සිත්තරා උත්සාහ කර නැත. එසේ අපහසුතා ඇති ව වුවත් සිත්තරා තෙත බදාමය භාවිත කළේ සිතුවම් දිගු කලක්‌ පැවතීමට හේතුවක්‌ වන බැවිනි. තෙත බදාමයේ අඳින ලද බැවින් මේ චිත්‍ර ඉංග්‍රීසියෙන් ෆ්රෙස්‌කෝ (Fresco) යනුවෙන් හැඳින්වෙයි.

ක්‍රි. ව. 5 වැනි සියවසේ විසූ කලාකරුවා ගේ කලා රසිකත්වය හා නිර්මාණ කුසලතාව මෙන්ම ඉවසීම හා සංයමය ද මේ චිත්‍රවලින් පිළිබිඹු කරයි.

ඉන්දියාවේ අජන්තා බිතුසිතුවම් සමග සීගිරි බිතුසිතුවම් සසඳන විට අජන්තා චිත්‍ර සම්ප්‍රදායට වඩා සීගිරි චිත්‍ර සම්ප්‍රදායේ වෙනසක්‌ දක්‌නට ලැබේ. අජන්තා ගුහා සිතුවම් ආගමික මුහුණුවරක්‌ ගනු ලැබුව ද සීගිරි සිතුවම් ලෞකික සෞන්දර්යය පිළිබිඹු කරන බවක්‌ පෙන්වයි. හේතුව සීගිරිය කාශ්‍යප රජු ගේ රාජධානියක්‌ වූ බැවිනි.

ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන්ට අනුව සීගිරි චිත්‍රවලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා සම්ප්‍රදායක්‌ පැවැති බැව් පෙන්වා දෙයි. එසේaම චිත්‍ර නිර්මාණය කළ ශිල්පීන් ඉන්දියානුවන් හෝ වෙනත් අය නො ව ශ්‍රී ලාංකිකයන් ම වන බැව් පෙන්වා දෙන්නේ මේ ලලනා රූපවලින් සිංහල කතුන් ගේ රුව පිළිබිඹු වන බැවිනි.

සිතුවම් විනාශය

වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ දී අනවසරයෙන් සීගිරි සිතුවම් ගුහාවට පැමිණි සාහසිකයන් පිරිසක්‌ සිතුවම් මත කොළ පැහැති වර්ණයක්‌ තවරා තියුණු උල් අයුධයකින් ඇන කඩා දමා විකෘති කර තිබිණි. මේ සිදුවීමට පෙර මේ චිත්‍ර සියල්ල ම පිටපත් කර තිබුණු අතර අද එම චිත්‍රයේ ස්‌වභාවය දැක ගැනීමට හැකියාවක්‌ නැත. එවකට මෙරට පාලනය කළ අගමැති ඩඩ්ලි සේනානායක මහතාත් සංස්‌කෘතික ඇමැති ලෙස කටයුතු කළ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාත් වහාම ක්‍රියාත්මක වී එවකට බිතු සිතුවම් කලාව පිළිබඳව ලෝ පතල විද්වතකු වූ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි ඔක්‌තෝබර් 22 දින ශ්‍රීලංකාවට ගෙන්වා ප්‍රතිසංස්‌කරණ කටයුතු එතුමාට බාර දී ඇත. ඊට පසු දින සීගිරිය බලා යන විට එවකට පුරාවිද්‍යාඥ කොමසාරිස්‌ වූ රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත් කිරීමේ කාර්යයේ යෙදී සිට ඇත. මෙහි දී ආචාර්ය ලුසියානෝ මරන්සි විසින් ගෙනෙන ලද ඩෙකාපෙක්‌ස්‌ නමැති රසායන ද්‍රව්‍යයක්‌ කපු පුළුන්වලින් පොඟවා ඇතිල්ලීමෙන් තීන්ත ඉවත් කර ඇත. ඉන්පසු පැතලියට සාදාගත් කපු පුළුන් කැබැල්ලක්‌ ට්‍රීලෙන් නමැති රසායන ද්‍රව්‍යයෙන් පොඟවා ඩෙකා පෙක්‌ස්‌ ආලේප කළ මතුපිට නැවත පිරිමැද ඇත. නැවත නැවත මෙය කිරීමෙන් පසු කොළ පැහැති තීන්ත හා කහ පැහැය ද ඉවත් විය. එහි දී චිත්‍ර මතුපිට තිබුණු දිලීර මෙන්ම බෙල් මහතා පලුදු වැසීම සඳහා භාවිත කළ තීන්ත ද ඉවත් විය. මෙයින් සිදු වූයේ මුල් ම සිතුවම නැවත මතු වීම ය. එහෙයින් අද අපට කාශ්‍යප රජ දවස අඳින ලද මුල් ම සිතුවම් දක්‌නට ඉතිරි වී ඇත.

එතැන් සිට අද දක්‌වා ම සීගිරි සිතුවම් මහජනයාට නිදහසේ නැරඹීමට අවස්‌ථාව උදා වී ඇතත් සිතුවම් සංරක්‌ෂණයකට කිසිදු මුලපිරීමක්‌ හෝ මේ වන තෙක්‌ කර නැත. මහජනයා, නිදහසේ වැල නො කැඩී සිතුවම් නරඹති. ආරක්‌ෂාවට කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් සිටිය ද ඔවුන් ගෙන් සිදු වන එක ම සේවාව සංචාරකයන් ගේ අවසර පත් පරීක්‍ෂා කිරීමත් සිතුවම් විදුලි ආලෝක භාවිතයෙන් ඡායාරූප ගන්නේ ද යන්න සොයා බැලීමත් ය. ඔවුන්ට මේ සිතුවම් පිළිබඳව හැඟිමක්‌ නැති බව මේ ලිපිය සකස්‌ කිරීම සඳහාත්, ඊට පෙරත් විටින් විට සීගිරියේ කළ ගවේශන චාරිකාවල දී මේ ලියුම්කරුට දක්‌නට ලැබිණි. මහජනයා වැල නො කැඩී එන සිතුවම් ලෙන් බිත්තියත් මඟී පාලමේ කෙළවරත් අතර ඇත්තේ කුඩා ඉඩකි. එය එසේ විය යුතු ය. එම ඉඩකඩ ප්‍රමාණයට දැරිය නොහැකි ප්‍රමාණයක්‌ සංචාරකයෝ එහි රැඳී සිටිති. තිබෙන කුඩා ඉඩකඩේ උණුසුම ඉහළ යන්නේ ප්‍රශ්වාස වාතයෙන් පිට වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩි වීම හා පිටතින් පිරිසිදු වාතාශ්‍රයක්‌ සිතුවම් ලෙනට නො ලැබීම නිසා ය. දිගු කලෙක සිට මෙය සිදු වන බැවින් සිතුවම් ලෙනේ සිතුවම් අව පැහැගැන්වීම කලක සිට ඉතා සෙමින් සිදු වන්නට ඇත.

එහෙත් පහුගිය දා අප කාගේත් සිත් සතන් මහත් සංවේගයකට පත් කරමින් පැතිරී ගිය ආරංචියෙන් කියවුණේ සීගිරි බිතු සිතුවම් අවපැහැගැන්වී ඇති බව ය. (මේ සම්බන්ධව ලිපියක්‌ පසුගිය සතියේ මේ සතියේ පළවිය)

මේ ආන්දෝලනය පැතිරීමත් සමග මේ ලියුම්කරු සීගිරිය බලා ගියේ ඇති තතු ඒ සැටියෙන් ම දැන ගැනීමේ අටියෙනි. උත්සාහය සාර්ථක විය. අවශ්‍ය ඡායාරූප ගැනීමට ද හැකි විය. ඉකුත් වසරේ දී එනම් වසර 2009 සැප්තැම්බර් මස මුල් සතියේ සීගිරියේ කළ සංචාරයේ දී බිතු සිතුවම් ලෙන ආවරණය කර තිබුණු කාකි ඝන කපු රෙද්දකින් සාදන ලද තිරය ඉවත් කර කළු පැහැති කෘත්‍රීම රෙද්දකින් සාදන ලද තිරයකින් සීගිරි බිතු සිතුවම් ආවරණය කර තිබිණි. කපු කාකි ඝන තිරය ඉවත් කර කෘත්‍රීම රෙද්දකින් සාදන ලද සුමට කළු තිරය සිතුවම් ආවරණය කිරීමට යෙදීම සිතුවම් අවපැහැ ගැන්වීමට හේතුවක්‌ වූවා විය හැකි ය.

කෙසේ වෙතත් පවතින තත්වය යටතේ සිතුවම් ආරක්‌ෂා කර ගැනීමට සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ යෙදිය යුතු වන්නේ මේ අවපැහැ ගැන්වීම වඩාත් වේගවත්ව සිදු විය හැකි බැවිනි. වගකිවයුතු අමාත්‍යංශයත් ඊට අදාළ නිලධාරීනුත් මේ පිළිබඳව අවබෝධයෙන් තොර මන්දගාමී පිළිවෙතක්‌ අනුගමනය කිරීම අභාග්‍යයකි.

සීගිරි සිතුවම් සංරක්‍ෂණය කිරීමට විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය අවශ්‍ය නැත. මෙරට සිටින විද්‍යාඥයන් ගේ දැනුම හා අවබෝධය ප්‍රමාණවත් වන්නේ ය. එහෙත් වැඩි අවබෝධයක්‌ හා නව ක්‍රමවේදයක්‌ යටතේ සිතුවම් සංරක්‌ෂණය කිරීම උදෙසා විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය ලබා ගත්තාට වරදක්‌ නැත. ප්‍රමාද වුවත් තිබෙන තත්ත්ව යටතේ සිතුවම් සංරක්‍ෂණය කිරීමට පෙලඹීම අනාගත පරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙයක්‌ වනු ඇත. සොබා දහම මගින් වසර 1500කට වඩා වැඩි කාලයක්‌ රැක දුන් සීගිරි සිතුවම්වලට සොබාදහමට වින කටින්නට යැමෙන් සිදු වී ඇති හානිය බලධාරීන් අවබෝධ කරගත යුතු ව ඇත.

මහජනතාව තවදුරටත් සිතුවම් අසල ගැවසී ඒවා ඡායාරූප ගනිමින් නැරඹීමට තිබෙන අවසරය ඉවත් කළ යුතු ය. සංචාරකයන් ගෙන් බහුතරයක්‌ සීගිරි පැමිණෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා ම ය. එහෙත් විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගවේශනයක යෙදෙන්නකුට සැබෑ සීගිරි චිත්‍ර නරඹා අධ්‍යයනය කිරීමට අවසර තිබිය යුතු වෙයි. එසේ නො වුණ හොත් තවත් දශකයක්‌ වැනි සුළු කාලයෙක දී සීගිරි සිතුවම්වල විනාශය වඩාත් වර්ධනය වීම වැළැක්‌විය නොහැකි දෙයක්‌ වෙයි.

අද සතියේ විමසුම
අමල් උඩවත්ත

තොරතුරු මූලාශ්‍ර එදා සහ අද සීගිරිය -
ආචාර්ය ඊ. ඇම්. රත්නපාල

සීගිරි පවත -
මහාචාර්ය මංගල ඉලංගසිංහ


http://www.elakiri.com/forum/showthread.php?t=659167&page=6 වෙබ් අඩවියේ සීගිරි සිතුවම් විනාශ කර තිබූ ආකාරය දැක්වෙන සේයාරූ තිබේ.

මේ 2011 සැප්තැම්බර් 22 ලංකාදීප පුවත්පතේ මෙම ව්‍යවසනය දැක්වූ ආකාරයයි. 
http://www.lankadeepa.lk/index.php/articles/5266

සීගිරියේ බිතු සිතුවම් විනාශය

කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා ඉතිහාසයට පමණක් සීමා වූවක් නොවේ. විදේශිකයන්ද සීගිරිය පිළිබඳව දක්වන්නේ අසීමිත ආදරයකි. මෙම බලකොටුව ගොඩ නගා ඇති ආකාරය අපේ පැරණි සිංහලයන් තුළ පැවති ශිල්පීය ඥාණය ලොවටම කියා පාන සංකේතයක් බඳුය. සීගිරියේ උද්‍යාන අලංකාරය, බලකොටුවේ ආරක්ෂාව, ජල නළ පද්ධතිය ඇතුළු සෑම ඉදිකිරීමක්ම ලෝකයා ඉදිරියේ තබන්නේ ප‍්‍රශ්නාර්තයකි. සීගිරියට පැමිණෙන දස දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් වශීකරන සීගිරි බිතු සිතුවම් ලෝක ඉතිහාසයේද ලාංකීය ඉතිහාසයේද අමරණීයත්වයට පත්ව තිබේ. මෙවන් නිර්මාණ ලෝක උරුමයන් බවට පත්ව තිබෙන්නේ එහි ගැබ්වී ඇති සුන්දරත්වය හා ආකර්ශණීයත්වය නිසාමය.

සීගිරි ලඳුන්ගේ රූපශ‍්‍රියාවට වෛර බැඳගත් පිරිස්ද නැත්තේ නොවේ. එවැනි පිරිසක් සිදුකළ අමානුෂික ක‍්‍රියාවක් නිසා අපේ ඉතිහාසය ඉරිතලා ගියේය. කලාකාමී හදවත් ශෝකයෙන් මුසපත් කළ සීගිරි බලකොටුවේ ශෝක ජනක සිදුවීම 1967 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින සවස් යාමයේදී සිදුවිය. එය නූතන ඉතිහාසයේ සඳහන් වන කඳුළු කතාවකි. ශත වර්ෂ ගණනාවක් ස්වභාව ධර්මයේ උවදුරකට පවා පත් නොවූ සීගිරි ළඳුන් මිනිස් උවදුරකට ගොදුරු වූ බව ලක්වැසියන්ට දැනගන්නට ලැබුණේ 14 වෙනි දින හිරු උදාවීමත් සමගය.

හොර රහසේම සීගිරි බලකොටුවට ඇතුළු වූ කිහිප දෙනෙකු ශත වර්ෂ ගණනාවක් ලෝකයේ කලාකාමී රසවතුන්ගේ දෑස් පිනවූ බිතු සිතුවම් දහ අටක තාර වැනි ඝණ තීන්ත වර්ගයක් අතුල්ලා එම සිතුවම් විනාශයට පත් කළ අතර උල් ආයුධයකින් ඇන සිතුවම් දෙකක ළැම ප‍්‍රදේශයට තුවාල සිදු කර තිබුණි. මෙම ශෝකජනක සිදුවීම 14 වන දින පෙරවරු කාලයේදී දුරකථන පණිවුඩයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනගන්නට ලැබුණේය. අදහාගත නොහැකි එම පණිවුඩය ලද වහාම ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසඥ ආචාර්ය රාජා ද සිල්වා යන මහතුන් සීගිරියට ගොස් සිදුවී තිබෙන තත්ත්වය එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාට දන්වා සිටි අතර අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. ඔක්තෝබර් 14 වන දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. රජයේ උපදෙස් පරිදි සීගිරි ළඳුන් ප‍්‍රකෘති ස්වභාවයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනු ලැබීය. සීගිරි බිතු සිතුවම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතා එවකට ඇමරිකානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්.ඒ. සයිමන් මහතා සමගද සාකච්ඡුා පවත්වා තිබේ. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය බී.බී. ලාල් මහතාගෙන් උපදෙස් ලබා ගැනීමටත් ඉතාලියේ සිටින අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා ලංකාවට ගෙන්වා ගැනීමටත් රජය තීරණය කළේය. ඉතාලි විශේෂඥවරයා ගෙන්වා ගැනීම සඳහා එවකට ඉතාලියේ ලංකා තානාපතිව සිටි එච්.ඩබ්ලිව්. විජේකෝන් මහතා දැනුම්වත් කරමින් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 19 වෙනි දින ඉතාලියේ ලංකා තානාපති කාර්යාලයට විදුලි පුවත්පතක් යවන ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතාලියේ අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා වූ ආචාර්ය ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණීමයි. මේ වන විටත් රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ. විදේශීය විශේෂඥ පිරිස් පැමිණෙන තෙක් විනාශයට පත් කළ සීගිරි සිතුවම් මත රසායනික ද්‍රව්‍ය ආලේප නොකරන ලෙසටත් තීන්ත පාරවල් ඉවත් නොකරන ලෙසටත් සේවයේ යෙදී සිටි පිරිසගෙන් අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලීමක් කරන ලද්දේ එතුමාද සීගිරියේ බිතු සිතුවම් කෙරෙහි දැක්වූ ආදරය නිසාමය. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදවා ගැනීමට අගමැති තුමා ඇතුළු සියළුම පිරිස්වලට තිබූ අවශ්‍යතාවය එදා පැහැදිලිව දකින්නට ලැබුණේය. අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්ද කළේය.

ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි, රාජා ද සිල්වා සහ ගොඩකුඹුරේ යන මහතුන් ඇතුළු පිරිසක් ඔක්තෝබර් මස 24 වෙනි දින සීගිරියට ගොස් විකෘති කළ බිතු සිතුවම්වලට නව පණක් ලබා දීමේ ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළෝය. තමන්ට සිදුවූ විපතක් සේ සලකමින් එම මෙහෙයුමට දායක වූ සියල්ලන්ම එකාවන්ව කටයුතු කිරීම ජාතියේ වාසනාවක් විය. මරාන්සි මහතා ඇතුළු පිරිස එසේ කටයුතු කරද්දී සාහිත්‍යධරයකු මෙන්ම කලාකාමියෙකු වූ එවකට මාතලේ දිසාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා (වර්තමාන අමාත්‍ය* දිනපතාම සීගිරියට පැමිණ සේවයේ යෙදී සිටි පිරිස සමග එක්වී සිටීම සුපුරුදු දසුනක් විය. කැඩපත් පවුරේ සටහන්ව ඇති කුරුටු ගී පිළිබඳව මරාන්සි මහතාට පැහැදිලි කරමින් සරත් අමුණුගම දිසාපති වරයා ඔවුන්ට කුරුටු ගී වල ඇති රසවත් භාවය කියා දෙමින් සේවයේ යෙදී සිටි පිරිසගේ වෙහෙස නිවීමට ගත් උත්සාහය සීගිරියේ කඳුළු කථාවේ අමතක නොවන සිහිවටනයකි. ලූසියානෝ මරාන්සි මහතා ඉතාලියෙන් රැුගෙන ආ ඩෙකා පෙක්ස් නමැති රසායන ද්‍රව්‍යය භාවිතා කරමින් ඔහුගේ අත්දැකීම් ඒ හා මුසු කරමින් සීගිරි ලඳුන් ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූ අතර ආචාර්ය රාජා ද සිල්වා මහතා ප‍්‍රමුඛ දේශීය සේවක පිරිස දැක්වූ කැපවීම සීගිරි ඉතිහාසයේ නොමැකෙන සටහනක් විය. අපේ ඉතිහාසය විකෘති කිරීමට තැත් කෙරූ සීගිරියේ බිතු සිතුවම් විනාශය පරදවමින් නැවතත් සීගිරි ලඳුන් දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් පින් කර තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රුදුරු ඛේදවාචකයක් නිමා කරමින් නැවතත් සීගිරි ලඳුන් පෙර සේම තම රූප ශෝභාවන් අපේ හදවත් තුළට සමීප කරමින් කියා සිටින්නේ සීගිරි රජ දහනෙන් මෙපිට ආලකමන්දාවක් ලෝකයේ වෙනත් කිසිම තැනක නොමැති බවය. සියලූ වැඩ කටයුතු සාර්ථකව නිමකර ලංකාවෙන් පිටත් වීමට පෙර ලූසියානෝ මරාන්සි මහතා මෙම ප‍්‍රකාශය කළේය. ”මෙතරම් කලාත්මක අගයක් ඇති චිත‍්‍ර මා ලෝකයේ කිසිම රටකදී දැක නැත.”

ගාමිණී පරණයාපා 
මෙම වටිනා තොරතුරු ගෙන ඒම පිළිබදව මෙම පුවත් පත් වලට හා එම ලිපි ලියූ ලේඛකයන්නට ස්තූතිය නැවත වරක් පුද කරමින් ලිපිය අවසන් කරමි...