Saturday, September 29, 2012

පසුබිම සදහා Textures කැමති වෙලාවට කැමති අයුරින් යොදගන්නා අයුරු

අදනම් මොනවත් ලියන්න හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් පසුගිය දිනවල බ්ලොග් ඉඟි යටතේ HTML සහ CSS වගේ දේවල් එක දිගට ලියපු හින්දා ඒකාකාරි බවක් ඔබට දැ‍නේවි කියලා ඒ ගැන ගොඩක් දේවල් ලියන්න තිබුනත් අද නොලියන්නත් ඉදලා පස්සේ හිතුනා කවදා හරි මේවා ලියන එකේ අද ලිව්වොත් කාටහරි ප්‍රයෝජනවත් නම් බලල යොදා ගනී කියලා. අද කියන්න හදන්නේ ඉතාම පහසු ආකාරකට කැමති කැමති background Textures Post area එකට යොදා ගන්නේ කොහොමද කියලයි. ඔබට දැනටමත් පේනවා ඇතිනේ වෙනදාට වඩා වෙනස් කියලා මේ ලිපිය ලියල තියෙන තැන පසුබිම. මේ පසුබිම කැමති නම් Texture එකකින් වගේම කැමති නම් කැමති වර්ණයකින් (පසුගිය දිනක පළ කළ ස්වභාවික වර්ණ ලැයිස්තුවෙන් එකක් හරි යොදා ගන්න පුළුවන්) පසුබිම වෙන් වෙන් ලිපියට කැමති විදියට අලංකාර කර ගැනීමට පුළුවන්. මෙන්න මෙහෙමයි ලේසියෙන්ම ඒ දේවල් කරන්නේ.

මුලින්ම ඔබ කැමති Mode එකක අවශ්‍ය ලිපිය ලියන්න. හැබැයි මම දෙන උපදෙසක් තමයි මොනව හරි වෙනස් කමක් HTML mode එකේ කරනවා නම් ඉන්පසුව දිගටම ඒ mode එකේ ඉන්න. එහෙම නැත්නම් සියල්ල සාමාන්‍ය ආකාරයට ලියල අවසානයේ HTML mode එකේදි ඒ ඒ දේවල් කරන Preview එකෙන් බලල වෙනසක් තිබේ නම් කරල Publish කරන්න.

දැන් ඔබට යම් Texture එකක් යොදා ගන්න ඕන නම් ඔබ සතුව තිබෙන Texture එකක් හෝ අන්තර්ජාලයෙන් අලංකාර Texture එකක් ලබා ගන්න. ඔබට ඕනෑතරම් Textures අන්තර්ජාලයෙන් ලබා ගන්න වෙබ් අඩවි load කරගන්න පුළුවන් Google වලදී textures for html background කියන සෙවුම් වදන් ටයිප් කර සැනින්ම. ඔබ කැමති texture එකක් ලබා ගත්තයි කියල හිතමු. හැබැයි ඒ texture එක ගොඩක් විශාල නම් අදාල පෝස්ටුව සමග ඒකත් load වෙන්න කාලය යන නිසා ටිකක් කුඩාවට Texture එක සකස් කර ගන්න එක හොදයි. ඒ සදහා Photoshop හෝ වෙනයම් ඔබ සතුව ඇති මෙවලමකින් Texture එකේ width සහ height යන දෙකම 100px වගේ වෙන්න Crop කර ගෙන high quality එකෙන්ම save කර ගෙන picassa හෝ වෙනයම් ඔබ කැමති image upload කරන්න යොදා ගන්නා අඩවියකට upload කරගෙන ඉන්පසුව ලැබෙන අදාල link එක ලබා ගන්න.

දැන් ඔබගේ ලිපියේ මුලටම මේ කේතය අලවා ගන්න.

<div style="background-image:url(අදාල Texture එක upload කළ පසුව ලැබෙන එහි link එක)">


මෙහිදී ඉහත කේතයේ දක්වා ඇති පරිදිම "අදාල Texture එක upload කළ පසුව ලැබෙන එහි link එක" ඔබ Texture එක Upload කරනා ලද අඩවියෙන් ලබා ගත යුතු අතර එය සිදු කරගන්නා අයුරු පසුගිය බ්ලොග් ඉඟි ලිපි කිහිපයකම සටහන් කර ඇත.

දැන් ලිපියේ අවසානයටම
</div>
යනුවෙන් යොදන්න.
මෙන්න ඔබගේ තවදුරටත් පහසුවට ආරම්භයට මම කේතය යොදා තිබෙන අයුරු.
කැමති නම් අත්හදා බලන්න. ගැටළුවක් තිබුනොත් අහන්න...

8 comments:

  1. හරි මමත් මේක කරලා බලනවා.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  2. ගොඩක් වදගත් ලිපියක්.අත්හදා බලන්න ඕනි...
    ස්තුතියි

    ReplyDelete
  3. මේ දවස් ටිකේ බ්ලාග් එකට අලුතින් ඇදුමක් අන්දන්න ට්‍රයි කරන එකේ මේක නම් කරලා බැලුවොත් හොදයි කියලා හිතෙනවා....

    ReplyDelete
  4. http://sathsamudereneaha.blogspot.kr/matah liyanna oyala

    ReplyDelete
  5. ලිපියනම් හරිම වැදගත්... මම නම් පෝස්ට් එකට දාන ස්ටයිල් ඔක්කොම දාන්නේ පෝස්ට් එක එක පාරක් පබ්ලිෂ් කලාට පස්සේ... කියලා තියෙනවා වගේ පෝස්ට් එක ලියන ගමන් මෝඩ් එක මාරු කර කර ස්ටයිල් දාන්න ගියොත් වැඩේ දෙල්... ආයෙමත් එන්නම්කෝ මේ පැත්තේ...

    ReplyDelete
  6. Yours is a very useful blog. I like your suggestions but scared that they will go wrong when I try . Anyway I bookmarked it for future reference.

    ReplyDelete
  7. එහෙනම් හැමෝටම කියන්නේ මේ උපක්‍රමයත් කැමති වෙලාවක භාවිතා කරන්න. අවශ්‍ය දෙයක් තිබුනොත් අහන්න...

    ReplyDelete